Pali BJT2. 3. 11. 3.
Sinhala BJT2. 3. 11. 3.
Pali BJT3. ද්වෙමෙ භික්ඛවෙ පුග්ගලා දුල්ලභා ලොකස්මිං. කතමෙ ද්වෙ: තිත්තො ච, තප්පෙතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පුග්ගලා දුල්ලභා ලොකස්මින්ති.{2}
Sinhala BJT3. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: තෘප්ත වූයේ ද, තෘප්තියට පමුණුවන්නේ ද යන දෙදෙන වෙති. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි දුලබ වෙත් ය යි.
Pali BJT2. 3. 11. 4.
Sinhala BJT2. 3. 11. 4.
Pali BJT4. ද්වෙමෙ භික්ඛවෙ පුග්ගලා දුත්තප්පයා. කතමෙ ද්වෙ: යො ච ලද්ධං ලද්ධං නික්ඛිපති, යො ච ලද්ධං ලද්ධං විස්සජ්ජෙති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පුග්ගලා දුත්තප්පයාති.
Sinhala BJT4. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) තෘප්තිමත් කළ නො හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් කෙරේ නම්, යමෙකුත් ලද ලද දෑ වියදම් කෙරේ නම්, යන මොහු දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි තෘප්තිමත් කළ නො හැක්කාහු වෙත් ය යි.
Pali BJT2. 3. 11. 5.
Sinhala BJT2. 3. 11. 5.
Pali BJT5. ද්වෙමෙ භික්ඛවෙ පුග්ගලා සුතප්පයා. කතමෙ ද්වෙ: යො ච ලද්ධං ලද්ධං න නික්ඛිපති, යො ච ලද්ධං ලද්ධං න විස්සජ්ජෙති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පුග්ගලා සුතප්පයාති.
Sinhala BJT5. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) පහසුවෙන් තර්‍පණය කළ හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් නො කෙරේ ද, යමෙකුත් ලද ලද දෑ වියදම් නො කෙරේ ද යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි තර්‍පණය කළ හැක්කාහු වෙත් ය යි.
Pali BJT2. 3. 11. 6.
Sinhala BJT2. 3. 11. 6.
Pali BJT6. ද්වෙමෙ භික්ඛවෙ පච්චයා රාගස්ස උප්පාදාය. කතමෙ ද්වෙ: සුභනිමිත්තඤ්ච, අයොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පච්චයා රාගස්ස උප්පාදාය.
Sinhala BJT6. මහණෙනි, රාගයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සුභනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙකයි. මහණෙනි, මොහු වනාහි රාගයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
Pali BJT2. 3. 11. 7.
Sinhala BJT2. 3. 11. 7.
Pali BJT7. ද්වෙමෙ භික්ඛවෙ පච්චයා දොසස්ස උප්පාදාය. කතමෙ ද්වෙ: පටිඝනිමිත්තඤ්ච, අයොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පච්චයා දොසස්ස උප්පාදාය.
Sinhala BJT7. මහණෙනි, ද්වේෂයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ප්‍රතිඝනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි ද්වේෂයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
Pali BJT2. 3. 11. 8.
Sinhala BJT2. 3. 11. 8.
Pali BJT8. ද්වෙමෙ භික්ඛවෙ පච්චයා මිච්ඡාදිට්ඨියා උප්පාදාය. කතමෙ ද්වෙ: පරතො ච ඝොසො, අයොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පච්චයා මිච්ඡාදිට්ඨියා උප්පාදාය.
Sinhala BJT8. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් (අසද්ධර්‍මය) ඇසීම හා නුනුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
Pali BJT2. 3. 11. 9.
Sinhala BJT2. 3. 11. 9.
Pali BJT9. ද්වෙමෙ භික්ඛවෙ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය. කතමෙ ද්වෙ: පරතො ච ඝොසො, යොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය.{1}
Sinhala BJT9. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් සද්ධර්‍මය ඇසීම හා නුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන යි. මහණෙනි, මොහු වනාහි සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
Pali BJT2. 3. 11. 10.
Sinhala BJT2. 3. 11. 10.
Pali BJT10. ද්වෙමා භික්ඛවෙ ආපත්තියො. කතමා ද්වෙ: ලහුකා ච ආපත්ති, ගරුකා ච ආපත්ති. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ ආපත්තියො.{2}
Sinhala BJT10. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: ලුහු ඇවැත හා ගුරු ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.
Pali BJT2. 3. 11. 11.
Sinhala BJT2. 3. 11. 11.
Pali BJT11. ද්වෙමා භික්ඛවෙ ආපත්තියො. කතමා ද්වෙ: දුට්ඨුල්ලා ච ආපත්ති, අදුට්ඨුල්ලා ච ආපත්ති. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ ආපත්තියො.{2}
Sinhala BJT11. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: දුළුල් ඇවැත හා නො දුළුල් ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.
Pali BJT2. 3. 11. 12.
Sinhala BJT2. 3. 11. 12.
Pali BJT12. ද්වෙමා භික්ඛවෙ ආපත්තියො. කතමා ද්වෙ: සාවසෙසා ච ආපත්ති, අනවසෙසා ච ආපත්ති. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ ආපත්තියොති.
Sinhala BJT12. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: සාවස්සෝපත්තිය හා අනවස්සොපත්තිය හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.
Pali BJTවග්ගො එකාදසමො{3}
Sinhala BJTඑකොළොස්වන වගයි.
Pali BJT[12. ආයාචනවග්ගො]
Sinhala BJT[12. ආයාචන වර්‍ගය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. 3. 12. 1.
Sinhala BJT2. 3. 12. 1.
Pali BJT13. සද්ධො භික්ඛවෙ භික්ඛු එවං සම්මා ආයාචමානො ආයාචෙය්ය : තාදිසො හොමි, යාදිසා සාරිපුත්තමොග්ගල්ලානාති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවකානං භික්ඛූනං යදිදං සාරිපුත්තමොග්ගල්ලානාති.
Sinhala BJT13. මහණෙනි, සැදැහැති මහණ මෙසේ මොනොවට යදනේ සැරියුත් මුගලන් දෙදෙන යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනේය. (කවර හෙයින යත්:) මහණෙනි, යම් සැරියුත් මුගලන් දෙදෙනෙක් වෙත් නම්, මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ට තෙල තුලාව ය. තෙල ප්‍රමාණ ය යි.
Pali BJT2. 3. 12. 2.
Sinhala BJT2. 3. 12. 2.
Pali BJT14. සද්ධා භික්ඛවෙ භික්ඛුනී එවං සම්මා ආයාචමානා ආයාචෙය්ය : තාදිසා{1} හොමි, යාදිසා{2} ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං භික්ඛුනීනං යදිදං ඛෙමා ච භික්ඛුනී, උප්පලවණ්ණා චාති.
Sinhala BJT14. මහණෙනි, සැදැහැති මෙහෙණ මෙසේ මොනොවට යදනී ඛේමා උප්පලවණ්ණා දෙනම යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනීය. (කවරහෙයින යත්:) මහණෙනි, ඛේමා හා උප්පලවණ්ණා හා යන දෙදෙන යම්සේ වෙත් නම්, මාගේ ශ්‍රාවිකා භික්‍ෂූණීන්ට තෙල තුලාව ය. තෙල ප්‍රමාණ ය යි.
Pali BJT2. 3. 12. 3.
Sinhala BJT2. 3. 12. 3.
Pali BJT15. සද්ධො භික්ඛවෙ උපාසකො එවං සම්මා ආයාචමානො ආයාචෙය්ය : තාදිසො හොමි, යාදිසො චිත්තො ච ගහපති, හත්ථකො ච ආලවකොති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවකානං උපාසකානං යදිදං චිත්තො ච ගහපති, හත්ථකො ච ආලවකොති.
Sinhala BJT15. මහණෙනි, සැදැහැති උපාසක මෙසේ මොනොවට යදනේ චිත්ත ගෘහපති හා හත්‍ථක ආළවක හා යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනේය. (කවරහෙයින යත්:) මහණෙනි, මේ චිත්ත ගෘහපති හා හත්‍ථක ආළවක තෙමේත් යම්සේ වෙත් නම් මාගේ ශ්‍රාවක උපාසකයන්ට තෙල තුලාව වේ, තෙල ප්‍රමාණය යි.
Pali BJT2. 3. 12. 4.
Sinhala BJT2. 3. 12. 4.
Pali BJT16. සද්ධා භික්ඛවෙ උපාසිකා එවං සම්මා ආයාචමානා ආයාචෙය්ය : තාදිසා{1} හොමි, යාදිසා{2} ඛුජ්ජුත්තරා ච උපාසිකා, වෙලුකණ්ටකියා ච නන්දමාතාති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං උපාසිකානං යදිදං ඛුජ්ජුත්තරා ච උපාසිකා, වෙළුකණ්ඩකියා ච නන්දමාතාති.
Sinhala BJT16. මහණෙනි, සැදැහැති උපාසිකාව මෙසේ මොනොවට යදනී ඛුජ්ජුත්තරාව උපාසිකාව හා වේළුකණ්ටකියා නන්‍දමාතාව හා යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනීය. (කවරහෙයින යත්:) මහණෙනි, ඛුජ්ජුත්තරා උපාසිකාව ද වෙළුකණ්ටකීය නන්‍දමාතාව ද යන දෙදෙනෙක් වෙත් නම් මාගේ ශ්‍රාවිකා උපාසිකාවනට තෙල තුලාව වේ. තෙල ප්‍රමාණය යි.
Pali BJT2. 3. 12. 5.
Sinhala BJT2. 3. 12. 5.
Pali BJT17. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො{3} විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමෙහි ද්වීහි: අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති. අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති.{4}
Sinhala BJT17. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ සාරා දමන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරයි. සදොස් වූයේ ද නුවණැත්තන් ගේ උපවාදයට යෝග්‍ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරයි. කවර දෙකෙකින යත්: නොදැන නොපිවිස නුගුණ කීමට සුදුස්සාගේ ගුණ කියා නම්, නොදැන නොපිවිස ගුණ කීමට සුදුස්සාගේ අගුණ කියා නම්, මහණෙනි, මේ දහම් දෙකින් යුක්ත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ සාරා දමන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
Pali BJT2. 3. 12. 6.
Sinhala BJT2. 3. 12. 6.
Pali BJT18. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවති. කතමෙහි ද්වීහි: අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති, අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJT18. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙමේ සාරා නො දැමූ ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය නුවූයේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේය. කවර දෙකෙකින යත්: දැන පිවිස නුගුණ කිය යුත්තාගේ නුගුණ කියා නම්, දැන පිවිස ගුණ කීමට සුදුස්සාගේ ගුණ කියා නම්, මහණෙනි, මේ දහම් දෙකින් යුක්ත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම සාරා නො දමන ලද ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය නුවූයේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේ ය යි.
Pali BJT2. 3. 12. 6.
Sinhala BJT2. 3. 12. 7.
Pali BJT19. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමෙහි ද්වීහි: අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති. අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති, සානුවජ්ජො{1} විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති.{2}
Sinhala BJT19. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ කනන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙකෙකින යත්: නොදැන නොපිවිස නොපැහැදිය යුතු තන්හි ප්‍රසාදය දක්වන්නේ ද, නො දැන නොපිවිස පැහැදිය යුතු තන්හි අප්‍රසාදය දක්වන්නේ ද යන දෙකිනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ කනන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
Pali BJT2. 3. 12. 7.
Sinhala BJT2. 3. 12. 8.
Pali BJT20. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවති. කතමෙහි ද්වීහි: අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති, අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති, අනනුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJT20. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙමේ නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තවුන් විසින් උපවාද නොකට යුත්තේ ද වේ. බොහෝ පින් ද රැස් කරයි. කවර දෙකෙකින යත්: දැන පිවිස නො පැහැදිය යුතු තන්හි අප්‍රසාදය දක්වන්නේ ද, දැන පිවිස පැහැදිය යුතු තන්හි ප්‍රසාදය දක්වන්නේ ද යන දෙකිනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නොකට යුත්තේ ද වේ. බොහෝ කුසල් ද රැස් කරණේය යි.
Pali BJT2. 3. 12. 8.
Sinhala BJT2. 3. 12. 9.
Pali BJT21. ද්වීසු භික්ඛවෙ මිච්ඡා පටිපජ්ජමානො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමෙසු ද්වීසු: මාතරි ච පිතරි ච. ඉමෙසු ඛො භික්ඛවෙ ද්වීසු මිච්ඡා පටිපජ්ජමානො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති.{2}
Sinhala BJT21. මහණෙනි, දෙතැනෙක්හි වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි, සදොස් වූයේ ද නුවණැත්තන් විසින් ගැරැහිය යුතු වූයේ ද වෙයි. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: මවු කෙරෙහි ද පියා කෙරෙහි ද යන දෙතැන්හිය. මහණෙනි, මේ දෙතැන්හි වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද කටයුත්තේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේය.
Pali BJT2. 3. 12. 9.
Sinhala BJT2. 3. 12. 9.
Pali BJT22. ද්වීසු භික්ඛවෙ සම්මා පටිපජ්ජමානො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවති. කතමෙසු ද්වීසු: මාතරි ච පිතරි ච. ඉමෙසු ඛො භික්ඛවෙ ද්වීසු සම්මා පටිපජ්ජමානො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති අනනුවජ්ජො ච විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJT22. මහණෙනි, දෙතැනෙක්හි මොනොවට පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කට යුත්තේ ද වෙයි. බොහෝ කුසල් ද රැස් කරණේය. කවර දෙතැනෙක යත්: මවු කෙරෙහි ද පියා කෙරෙහි ද යන දෙතැන්හිය. මහණෙනි, මේ දෙතැන්හි මොනොවට පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේය යි.
Pali BJT2. 3. 12. 10.
Sinhala BJT2. 3. 12. 10.
Pali BJT23. ද්වීසු භික්ඛවෙ මිච්ඡා පටිපජ්ජමානො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමෙසු ද්වීසු: තථාගතෙ ච තථාගතසාවකෙ ච. ඉමෙසු ඛො භික්ඛවෙ මිච්ඡා පටිපජ්ජමානො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති.
Sinhala BJT23. මහණෙනි, දෙතැනෙක වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නටගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූ යේ ද නුවණැත්තන් විසින් උපවාද කළ යුත්තේ ද වෙයි. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: තථාගතයන් වහන්සේ කෙරෙහි ද තථාගතශ්‍රාවකයා කෙරෙහි ද යන දෙතන්හිය. මහණෙනි, මේ දෙතන්හි වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තවුන් විසින් උපවාද කටයුත්තේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
Pali BJT2. 3. 12. 11.
Sinhala BJT2. 3. 12. 12.
Pali BJT24. ද්වීසු භික්ඛවෙ සම්මා පටිපජ්ජමානො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති, අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවති. කතමෙසු ද්වීසු: තථාගතෙ ච තථාගතසාවකෙ ච. ඉමෙසු ඛො භික්ඛවෙ ද්වීසු සම්මා පටිපජ්ජමානො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJT24. මහණෙනි, දෙතැනෙක මනාව පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වෙයි. බොහෝ පින් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: තථාගතයන් වහන්සේ කෙරෙහි ද තථාගතශ්‍රාවකයා කෙරෙහි ද යන දෙතන්හිය. මහණෙනි, මේ දෙතන්හි මනාව පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වෙයි. බොහෝ පින් ද රැස් කරණේ ය යි.
Pali BJT2. 3. 12. 12.
Sinhala BJT2. 3. 12. 12.
Pali BJT25. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සචිත්තවොදානඤ්ච, න ච කිඤ්චි ලොකෙ උපාදියති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT25. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත) සව්චිත්තව්‍යවදානය ද ලොවැ කිසි එක ද ධර්‍මයක් (තෘෂ‍්ණා දෘෂ්ටි මානපරාමර්‍ශයෙන්) නොගන්නේ ද යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.
Pali BJT2. 3. 12. 13.
Sinhala BJT2. 3. 12. 13.
Pali BJT26. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: කොධො ච උපනාහො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT26. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.
Pali BJT2. 3. 12. 14.
Sinhala BJT2. 3. 12. 14.
Pali BJT27. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: කොධවිනයො ච උපනාහවිනයො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT27. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: ක්‍රෝධවිනය හා උපනාහවිනය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.
Pali BJTවග්ගො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වන වග යි.
Pali BJT[13. දානවග්ගො]
Sinhala BJT[13. දාන වර්‍ගය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. 3. 13. 1.
Sinhala BJT2. 3. 13. 1.
Pali BJT28. ද්වෙමානි භික්ඛවෙ දානානි. කතමානි ද්වෙ: ආමිසදානඤ්ච ධම්මදානඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ දානානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානන්ති.
Sinhala BJT28. මහණෙනි, මේ දාන දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂදානය හා ධර්‍මදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි දාන දෙකය. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 13. 2.
Sinhala BJT2. 3. 13. 2.
Pali BJT29. ද්වෙමෙ භික්ඛවෙ යාගා. කතමෙ ද්වෙ: ආමිසයාගො ච ධම්මයාගො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ යාගා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං යාගානං යදිදං ධම්මයාගොති.
Sinhala BJT29. මහණෙනි, මේ යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂයාගය හා ධර්‍මයාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි යාග දෙකය. මහණෙනි, මේ යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මයාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 13. 3.
Sinhala BJT2. 3. 13. 3.
Pali BJT30. ද්වෙමෙ භික්ඛවෙ චාගා. කතමෙ ද්වෙ: ආමිසචාගො ච ධම්මචාගො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ චාගා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං චාගානං යදිදං ධම්මචාගොති.
Sinhala BJT30. මහණෙනි, මේ ත්‍යාග දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂත්‍යාගය හා ධර්‍මත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ත්‍යාග දෙකය. මහණෙනි, මේ ත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම ත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 13. 4.
Sinhala BJT2. 3. 13. 4.
Pali BJT31. ද්වෙමෙ භික්ඛවෙ පරිච්චාගා. කතමෙ ද්වෙ: ආමිසපරිච්චාගො ච ධම්මපරිච්චාගො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පරිච්චාගා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං පරිච්චාගානං යදිදං ධම්මපරිච්චාගොති.
Sinhala BJT31. මහණෙනි, මේ පරිත්‍යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපරිත්‍යාගය හා ධර්‍මපරිත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරිත්‍යාගයෝ දෙදෙනායි. මහණෙනි, මේ පරිත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම පරිත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 13. 5.
Sinhala BJT2. 3. 13. 5.
Pali BJT32. ද්වෙමෙ භික්ඛවෙ භොගා. කතමෙ ද්වෙ: ආමිසභොගො ච ධම්මභොගො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ භොගා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං භොගානං යදිදං ධම්මභොගොති.
Sinhala BJT32. මහණෙනි, මේ භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂභෝගය හා ධර්‍මභෝගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි භෝග දෙක ය. මහණෙනි, මේ භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මභෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 13. 6.
Sinhala BJT2. 3. 13. 6.
Pali BJT33. ද්වෙමෙ භික්ඛවෙ සම්භොගා. කතමෙ ද්වෙ: ආමිසසම්භොගො ච ධම්මසම්භොගො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ සම්භොගා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සම්භොගානං යදිදං ධම්මසම්භොගොති.
Sinhala BJT33. මහණෙනි, මේ සම්භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසම්භෝගය හා ධර්‍මසම්භොගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සම්භෝගයෝ දෙදෙනායි. මහණෙනි, මේ සම්භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසම්භෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 13. 7.
Sinhala BJT2. 3. 13. 7.
Pali BJT34. ද්වෙමෙ භික්ඛවෙ සංවිභාගා. කතමෙ ද්වෙ: ආමිසසංවිභාගො ච ධම්මසංවිභාගො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ සංවිභාගා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සංවිභාගානං යදිදං ධම්මසංවිභාගොති.
Sinhala BJT34. මහණෙනි, මේ සංවිභාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංවිභාගය හා ධර්‍මසංවිභාගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සංවිභාගයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංවිභාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 13. 8.
Sinhala BJT2. 3. 13. 8.
Pali BJT35. ද්වෙමෙ භික්ඛවෙ සඞ්ගහා. කතමෙ ද්වෙ: ආමිසසඞ්ගහො ච ධම්මසඞ්ගහො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ සඞ්ගහා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සඞ්ගහානං යදිදං ධම්මසඞ්ගහොති.
Sinhala BJT35. මහණෙනි, මේ සංග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංග්‍රහය හා ධර්‍මසංග්‍රහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සංග්‍රහයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 13. 9.
Sinhala BJT2. 3. 13. 9.
Pali BJT36. ද්වෙමෙ භික්ඛවෙ අනුග්ගහා. කතමෙ ද්වෙ: ආමිසානුග්ගහො ච ධම්මානුග්ගහො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ අනුග්ගහා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං අනුග්ගහානං යදිදං ධම්මානුග්ගහොති.
Sinhala BJT36. මහණෙනි, මේ අනුග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුග්‍රහය හා ධර්‍මඅනුග්‍රහය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුග්‍රහයෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
Pali BJT2. 3. 13. 10.
Sinhala BJT2. 3. 13. 10.
Pali BJT37. ද්වෙමා භික්ඛවෙ අනුකම්පා. කතමා ද්වෙ: ආමිසානුකම්පා ච ධම්මානුකම්පා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ අනුකම්පා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං අනුකම්පානං යදිදං ධම්මානුකම්පාති.
Sinhala BJT37. මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුකම්පාව හා ධර්‍මානුකම්පාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුකම්පාවෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුකම්පාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුකම්පාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJTවග්ගො තෙරසමො
Sinhala BJTතෙළෙස්වන වගයි.
Pali BJT[14. සන්ථාරවග්ගො]
Sinhala BJT[14. සන්‍ථාර වර්‍ගය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. 3. 14. 1.
Sinhala BJT2. 3. 14. 1.
Pali BJT38. ද්වෙමෙ භික්ඛවෙ සන්ථාරා. කතමෙ ද්වෙ: ආමිසසන්ථාරො ච ධම්මසන්ථාරො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ සන්ථාරා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සන්ථාරානං යදිදං ධම්මසන්ථාරොති.
Sinhala BJT38. මහණෙනි, මේ සන්‍ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්‍ථාරය හා ධර්‍මසන්‍ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සන්‍ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ සන්‍ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසන්‍ථාරයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 14. 2.
Sinhala BJT2. 3. 14. 2.
Pali BJT39. ද්වෙමෙ භික්ඛවෙ පටිසන්ථාරා. කතමෙ ද්වෙ: ආමිසපටිසන්ථාරො ච ධම්මපටිසන්ථාරො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පටිසන්ථාරා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං පටිසන්ථාරානං යදිදං ධම්මපටිසන්ථාරොති.
Sinhala BJT39. මහණෙනි, මේ පටිසන්‍ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපටිසන්‍ථාරය හා ධර්‍මපටිසන්‍ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පටිසන්‍ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ පටිසන්‍ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මපටිසන්‍ථාරයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
Pali BJT2. 3. 14. 3.
Sinhala BJT2. 3. 14. 3.
Pali BJT40. ද්වෙමා භික්ඛවෙ එසනා. කතමා ද්වෙ: ආමිසෙසනා ච ධම්මෙසනා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ එසනා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං එසනානං යදිදං ධම්මෙසනාති.
Sinhala BJT40. මහණෙනි, මේ ඒසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසඒසනාව හා ධම්මඒසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි ඒසනාවෝ දෙදෙනාය. මහණෙනි, මේ ඒසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මඒසනාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
Pali BJT2. 3. 14. 4.
Sinhala BJT2. 3. 14. 4.
Pali BJT41. ද්වෙමා භික්ඛවෙ පරියෙසනා. කතමා ද්වෙ: ආමිසපරියෙසනා ච ධම්මපරියෙසනා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරියෙසනා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරියෙසනානං යදිදං ධම්මපරියෙසනාති.
Sinhala BJT41. මහණෙනි, මේ පරියේසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියේසනාව හා ධම්මපරියේසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පරියේසනා දෙකය. මහණෙනි, මේ පරියේසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියේසනාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
Pali BJT2. 3. 14. 5.
Sinhala BJT2. 3. 14. 5.
Pali BJT42. ද්වෙමා භික්ඛවෙ පරියෙට්ඨියො. කතමා ද්වෙ: ආමිසපරියෙට්ඨි ච ධම්මපරියෙට්ඨි ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරියෙට්ඨියො. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරියෙට්ඨීනං යදිදං ධම්මපරියෙට්ඨීති.
Sinhala BJT42. මහණෙනි, මේ (මුදුන්පත්සෙවීම්) පරියෙට්ඨීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියෙට්ඨීය හා ධම්මපරියෙට්ඨීය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරියෙට්ඨීහු දෙදෙනාය. මහණෙනි, මේ පරියෙට්ඨීන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියෙට්ඨීයෙක් වේ ද, මෙය අග්‍ර වේ යයි.
Pali BJT2. 3. 14. 6.
Sinhala BJT2. 3. 14. 6.
Pali BJT43. ද්වෙමා භික්ඛවෙ පූජා. කතමා ද්වෙ: ආමිසපූජා ච ධම්මපූජා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පූජා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පූජානං යදිදං ධම්මපූජාති.
Sinhala BJT43. මහණෙනි, මේ පූජාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපූජාව හා ධර්‍මපූජාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි පූජාවෝ දෙදෙනාය. මහණෙනි, මේ පූජාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මපූජාවෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
Pali BJT2. 3. 14. 7.
Sinhala BJT2. 3. 14. 7.
Pali BJT44. ද්වෙමානි භික්ඛවෙ ආතිථෙය්යානි. කතමානි ද්වෙ: ආමිසාතිථෙය්යඤ්ච ධම්මාතිථෙය්යඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ ආතිථෙය්යානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං ආතිථෙය්යානං යදිදං ධම්මාතිථෙය්යන්ති.
Sinhala BJT44. මහණෙනි, මේ ආගන්තුකදානයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසයෙන් කරණ ආගන්තුකදානය හා ධර්‍මමයෙන් කරණ ආගන්තුකදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ආගන්තුකදාන දෙකය. මහණෙනි, මේ ආගන්තුකදානයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මයෙන් කරණ ආගන්තුකදානයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
Pali BJT2. 3. 14. 8.
Sinhala BJT2. 3. 14. 8.
Pali BJT45. ද්වෙමා භික්ඛවෙ ඉද්ධියො. කතමා ද්වෙ: ආමිසිද්ධි ච ධම්මිද්ධි ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ ඉද්ධියො. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං ඉද්ධීනං යදිදං ධම්මිද්ධීති.
Sinhala BJT45. මහණෙනි, මේ ඍද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂ ඍද්ධිය හා ධර්‍ම ඍද්ධිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ඍද්ධීහු දෙදෙනාය. මහණෙනි, මේ ඍද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම ඍද්ධියෙක් වේ නම් මෙය අග්‍රවේ යයි.
Pali BJT2. 3. 14. 9.
Sinhala BJT2. 3. 14. 9.
Pali BJT46. ද්වෙමා භික්ඛවෙ වුද්ධියො. කතමා ද්වෙ: ආමිසවුද්ධි ච ධම්මවුද්ධි ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ වුද්ධියො. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං වුද්ධීනං යදිදං ධම්මවුද්ධීති.
Sinhala BJT46. මහණෙනි, මේ වෘද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෘද්ධිය හා ධර්‍මවෘද්ධිය හා යන දෙදෙනා ය. මහණෙනි, මේ වෘද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මවෘද්ධියෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
Pali BJT2. 3. 14. 10.
Sinhala BJT2. 3. 14. 10.
Pali BJT47. ද්වෙමානි භික්ඛවෙ රතනානි. කතමානි ද්වෙ: ආමිසරතනඤ්ච ධම්මරතනඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ රතනානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං රතනානං යදිදං ධම්මරතනන්ති.
Sinhala BJT47. මහණෙනි, මේ රතනයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂරතනය හා ධර්‍මරතනය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි රතනයෝ දෙදෙනාය. මහණෙනි, මේ රත්නයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මරතනයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
Pali BJT2. 3. 14. 11.
Sinhala BJT2. 3. 14. 11.