Pali BJT[කොධන සුත්තං]
Sinhala BJT[කොධන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. සත්තිමෙ භික්ඛවෙ, ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා. කතමෙ සත්ත:
Sinhala BJT11. මහණෙනි, වෛරීන්ට කාන්ත වූ වෛරීන්ට අර්‍ත්‍ථකරණ මෙ සත් දහම් කෙනෙක් කිපෙනසුලු මාගම කරා හෝ පුරුෂයා කරා හෝ පෙරළා එති. කවර සතෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං දුබ්බණ්ණො අස්සාති. තං කිස්ස හෙතු: න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්දති. කොධනොයං භික්ඛවෙ පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. කිඤ්චාපි සො හොති සුනහාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඔදාතවත්ථවසනො, අථ ඛො සො දුබ්බණ්ණොව හොති කොධාභිභූතො. අයං භික්ඛවෙ, පඨමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
Sinhala BJT(1) මහණෙනි, මෙ ලොව්හි සතුරා (තමාගේ) සතුරාහට මෙසේ කැමැති වෙයි: ‘මේ තෙම දුර්වර්‍ණ වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරා සතුරාගේ වර්‍ණවද්භාවයෙන් සතුටු නො වෙයි. මහණෙනි, මේ පුරුෂ කිපෙනසුලු ක්‍රෝධයෙන් මඩනාලද ක්‍රෝධානුගත වූයේ වෙයි. හේ මැනැවින් ස්නාන කෙළේ මැනැවින් ගැල්වූ අලෙව් ඇතියේ අන්දම් තැබූ කෙහෙමස් ඇතියේ හඳනා ලද හෙළපිළී ඇතියේ වී නමුදු, වැලි හේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ දුර්වර්‍ණ මැ වෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ පළමු කරුණ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙයි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං දුක්ඛං සයෙය්යාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස සුඛසෙය්යාය නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. කිඤ්චාපි සො පල්ලඞ්කෙ සෙති ගොණකත්ථතෙ පටිකත්ථතෙ පටලිකත්ථතෙ කාදලිමිගපවරපච්චත්ථරණෙ සඋත්තරච්ඡදෙ උභතො ලොහිතකූපධානෙ, අථ ඛො සො දුක්ඛංයෙව සෙති කොධාභිභූතො. අයං භික්ඛවෙ දුතියො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
Sinhala BJT(2) තවද මහණෙනි, සතුරෙක් (සිය) සතුරුහට මෙසේ කැමැති වෙයි. ‘මෙ තෙම දුකසේ හෝනේ වේ නම් මැනැවැ’ යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරු සතුරාගේ සුඛශය්‍යායෙන් සතුටු නො වෙයි. මේ පුරුෂ තෙම කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ වෙයි. හෙ වැලිත් කොඳුපලස් අතුළ මොළොක් සුදුඑළුලොම් ඇතිරි අතුළ ඝනපුප්ලොම් ඇතිරි අතුළ උතුම් කෙසෙල්මුවසමින් ඇතිරි අතුළ උඩුවියන් සහිත දෙපස්හි තැබූ රත්කන්වයින් ඇති පලනෙක්හි හෝනේ නමුදු හෙ ක්‍රෝධයෙන් මැඩුනේ දුකසේ ම හෝනේ වෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ දෙවන කරුණ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙයි.
Pali BJT(3) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං න පචුරත්ථො අස්සාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස පචුරත්ථතාය නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. අනත්ථම්පි ගහෙත්වා අත්ථො මෙ ගහිතොති මඤ්ඤති. අත්ථම්පි ගහෙත්වා අනත්ථො මෙ ගහිතොති මඤ්ඤති. තස්සිමෙ ධම්මා අඤ්ඤමඤ්ඤං විපච්චනීකා ගහිතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති කොධාභිභූතස්ස. අයං ඛො භික්ඛවෙ, තතියො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
Sinhala BJT(3) තවද මහණෙනි, සතුරා සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම බොහෝ ධන ඇතියේ නො වේ නම් මැනැවැ’ යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරා සතුරකුගේ ප්‍රචුරාර්‍ත්‍ථභාවයෙන් සතුටු නො වෙයි. මහණෙනි, මේ පුරුෂපුද්ගල ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ අනර්‍ත්‍ථය ද ගෙණ ‘මා විසින් අර්‍ත්‍ථය ගන්නා ලදැ’යි හඟනේ ය. අර්‍ත්‍ථය ද ගෙණ ‘මා විසින් අනර්‍ත්‍ථය ගන්නා ලදැ’යි හඟනේ ය. ක්‍රෝධාභිභූත වූ ඔහු විසින් පරස්පර ප්‍රත්‍යනීක වූ ගන්නාලද මෙ ධර්‍මයෝ දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටෙන්නාහ. මහණෙනි, සතුරාට කාන්ත වූ සතුරුකරණ වූ මෙ තෙවන කරුණ කිපෙනසුලු ස්ත්‍රියට වේවයි පුරුෂයාට වේවයි පැමිණෙයි.
Pali BJT(4) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං න භොගවා අස්සාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස භොගවතාය නන්දති. කොධනස්ස භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස කොධාභිභූතස්ස කොධපරෙතස්ස යෙපිස්ස තෙ හොන්ති භොගා උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා, තෙපිරාජානො රාජකොසං පවෙසෙන්ති කොධාභිභූතස්ස. අයං භික්ඛවෙ, චතුත්ථො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
Sinhala BJT(4) තවද මහණෙනි, සතුරෙක් සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම භෝග ඇතියේ නො වේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරුතෙම සතුරාගේ භෝගවත්භාවයෙන් නො සතුටු වෙයි. මහණෙනි, කිපෙනසුලු ක්‍රෝධයෙන් මැඩුනු ක්‍රෝධවශයට ගිය පුරුෂපුද්ගලයාගේ යම් එ භෝගයෝ වෙත් නම් උත්‍ථානවීර්‍ය්‍යයෙන් අධිගත වූවාහු බාහුබලයෙන් රැස් කරණ ලද්දාහු ඩහවගුරුවා උපයාලූවාහු දැහැමි වූවාහු දැහැමින් ලද්දාහු වෙත් නම්, ක්‍රෝධාභිභූත වූ ඔහුගේ එයද රජහු රාජභාණ්ඩාගාරයට පමුණුවත්. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සතරවන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට හෝ පුරුෂයාට හෝ පැමිණේ.
Pali BJT(5) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං න යසවා අස්සාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස යසවතාය නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. යොපිස්ස සො හොති යසො අප්පමාදාධිගතො තම්හාපි ධංසති කොධාභිභූතො. අයං භික්ඛවෙ, පඤ්චමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
Sinhala BJT(5) තවද මහණෙනි, සතුරෙක් සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම යශස් ඇතියේ නො වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ යශෝවද්භාවයෙන් නො සතුටු වෙයි. මහණෙනි, මේ පුරුෂපුද්ගල කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ වෙයි. අප්‍රමාදයෙන් ඔහු විසින් ලැබගත් යම් යශසෙක් වේ නම් ක්‍රෝධාභිභූත වූ හෙ එයිනුදු පිරිහෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ පස්වන කරුණ ක්‍රෝධයෙන් යුත් ස්ත්‍රියට වේවයි පුරුෂයාට වේවයි පැමිණේ.
Pali BJT(6) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං න මිත්තවා අස්සාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස මිත්තවතාය නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. යෙපිස්ස තෙ හොන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා, තෙපි ආරකා තං පරිවජ්ජෙන්තී කොධාභිභූතං. අයං භික්ඛවෙ, ඡට්ඨො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
Sinhala BJT(6) තවද මහණෙනි, සතුරෙක් සතුරකුට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම මිතුරන් ඇතියේ නො වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ මිත්‍රවද්භාවයෙන් සතුටු නො වේ. මහණෙනි, මේ පුරුෂපුද්ගල කිපෙනසුල්ලේ ක්‍රෝධයෙන් මැඩුනේ ක්‍රෝධවශයට ගියේ වෙයි. ඔහුට යම් ඒ මිත්‍රාමාත්‍ය කෙනෙක් සාලේ නෑ කෙනෙක් වෙත් නම් ඔහු ද, ක්‍රෝධයෙන් මැඩුනු ඔහු දුරින් ම හැරලත්. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සවන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට වේවයි පුරුෂයකුට වේවයි පැමිණේ.
Pali BJT(7) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්යාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස සුගතිගමනෙන නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා -පෙ- කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කොධාභි භූතො. අයං භික්ඛවෙ, සත්තමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
Sinhala BJT(7) තවද මහණෙනි, සතුරෙක් සතුරකුට මෙසේ කැමැති වෙයි. ‘මෙතෙම කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණේවා’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ සුගති ගමනින් සතුටු නො වෙයි. මහණෙනි, මෙ පුරුෂපුද්ගල කිපෙනසුල්ලේ ක්‍රෝධයෙන් මැඩුනේ ක්‍රෝධවශයට පැමිණියේ කයින් දුසිරිත් කෙරෙයි, වචනයෙන් දුසිරිත් කෙරෙයි, මනසින් දුසිරිත් කෙරෙයි. හෙ ක්‍රෝධාභිභූත ව කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට මනසින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණේ. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සත්වන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට හෝ පුරුෂයාට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වාති.
Sinhala BJTමහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සප්ත ධර්‍මයෝ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙත් යයි.
Pali BJT60. කොධනො දුබ්බණ්ණො හොති අථො දුක්ඛම්පි සෙති සො අථො අත්ථං ගහෙත්වාන අනත්ථං අධිපජ්ජති.{1}
Sinhala BJT60. කිපෙනසුලු වූයේ දුර්වර්‍ණ වෙයි. වැලි හේ දුකසේත් හෝනේ ය. වැලිදු අර්‍ත්‍ථය ගෙණ (මා විසින් ලබනලදුයේ) අනර්‍ත්‍ථ යයි වරදවා සිතයි.
Pali BJT61. තතො කායෙන වාචාය වධං{2} කත්වාන කොධනො, කොධාභිභූතො පුරිසො ධනජානිං නිගච්ඡති.
Sinhala BJT61. එක්බිති කිපෙනසුලු ක්‍රෝධයෙන් අභිභූත වූ පුරුෂ කයින් වචසින් වධ කොට ධනහානියට යෙයි.
Pali BJT62. කොධසම්මදසම්මත්තො ආයසකය්යං නිගච්ඡති ඤාතිමිත්තා සුහජ්ජා ච පරිවජ්ජෙන්ති කොධනං.
Sinhala BJT62. ක්‍රෝධ මදයෙන් දැඩි ව මත් වූයේ අයශස්කභාවයට (නින්‍දාවට) යෙයි. ඥාති මිත්‍රසුහෘද්හු ද කිපෙනසුලු ඔහු හැරැදමත්.
Pali BJT63. අනත්ථජනනො කොධො කොධො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT63. ක්‍රෝධය අනර්‍ත්‍ථය දනවන්නේ ය. ක්‍රෝධය චිත්තප්‍රකෝප කරන්නේ ය. බිය අභ්‍යන්තරයෙහි උපන්නේ වෙයි. ජනතෙමේ එය නො දන්නේ ය.
Pali BJT64. කුද්ධො අත්ථං න ජානාති කුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං කොධො සහතෙ නරං.
Sinhala BJT64. කිපියේ අර්‍ත්‍ථය (වෘද්ධිය)නො දන්නේ ය. කිපියේ ධර්‍මය (ශමථ විදර්‍ශනා) නො දක්නේ ය. ක්‍රෝධය යම් මිනිසකු මැඩගන්නේ නම් එකල්හි එබඳු ගනඅඳුරුබව කරණ මෝහතමස වෙයි.
Pali BJT65. යං කුද්ධො උපරොධෙති සුකරං විය දුක්කරං, පච්ඡා සො විගතෙ කොධෙ අග්ගිදඩ්ඪොව තප්පති.
Sinhala BJT65. ක්‍රෝධයට පැමිණියේ සූකරයක් සෙයින් යම් දුෂ්කරයක් කෙරේ නම්, පසුව එ ක්‍රෝධය පහව යත් ම හෙතෙම ගින්නෙන් දැවුනකු සෙයින් තැවෙයි.
Pali BJT66. දුම්මඞ්කුයං සදස්සෙති ධූමග්ගි විය පාවකො{3} යතො පතායතී කොධො යෙන කුජ්ඣන්ති මානවා.
Sinhala BJT66. යම් විටෙක ක්‍රෝධය උපදනේ ද යම් ක්‍රෝධයකින් මානවයෝ කිපෙත් නම් එය, ගින්න දුම් හා ගිනි දළු දක්වන්නාසේ, දුර්මුඛ භාවය (නියාළුබව) දක්වන්නේ ය.
Pali BJT67. නාස්ස හිරි න ඔත්තප්පං න වාචො හොති ගාරවො, කොධෙන අභිභූතස්ස න දීපං හොති කිඤ්චනං.
Sinhala BJT67. ඔහට ලජ්ජා නො ද වෙයි. අපත්‍රපා (බිය) ද නො වෙයි. ගෞරවාන්විත වචන ද නැත. ක්‍රෝධයෙන් මැඩුනහුට කිසිදු පිහිටෙක් නො වේ.
Pali BJT68. තපනීයානි කම්මානි යානි ධම්මෙහි ආරකා, තානි ආරොචයිස්සාමි තං සුණාථ යථා තථං:
Sinhala BJT68. දැහැමින් දුරු වූ තැවීමට කරුණු වූ යම් කර්‍ම කෙනෙක් ඇත් නම් (කිපියේ එය කරයි) ඔවුන් ආරෝචනය කරමි. තත් වූ පරිදි එය අසවු:
Pali BJT69. කුද්ධොහි පිතරං හන්ති කුද්ධො හන්ති සමාතරං, කුද්ධො හි බ්රාහ්මණං හන්ති හන්ති කුද්ධො පුථුජ්ජනං.
Sinhala BJT69. කිපියේ පියා නසයි. කිපියේ මව නසයි. කිපියේ රහතුන් නසයි. කිපියේ පුහුදුන්හු නසයි.
Pali BJT70. යාය මාතු භතො පොසො ඉමං ලොකං අවෙක්ඛති, තම්පි පාණදදිං සන්තිං හන්ති කුද්ධො පුථුජ්ජනො.
Sinhala BJT70. යම් මවක විසින් පුස්නාලද පුරුෂ තෙමේ මෙලොව දක්නේ ද, එ කිපී පුහුදුන් තෙමේ (තමාගේ) ප්‍රාණදායිකා වූ ම ඇය ද නසයි.
Pali BJT71. අත්තූපමාය{4} තෙ සත්තා අත්තා හි පරමං{5} පියො, හන්ති කුද්ධො පුථුත්තානං නානාරූපෙසු මුච්ඡිතො.
Sinhala BJT71. එ සත්හු ආත්මෝපමායෙන් යුතු වෙති. තෙමේ ම තමාට අතිශයින් ප්‍රිය වෙයි. නානා රූපයන්හි (අරමුණෙහි) මුසපත් වූ කිපි තැනැත්තේ නන් කරුණින් තමාද නසයි.
Pali BJT72. අසිනා හන්තී අත්තානං විසං ඛාදන්ති මුච්ඡිතා, රජ්ජුයා{6} බජ්ඣ මීයන්ති පබ්බතාමපි කන්දරෙ.
Sinhala BJT72. මුළාවට පත් වූවෝ අසිපතිනුදු තමා නසත්. විස ද කති. ගෙල රැහැනින් බැඳ මියෙත්. ගල්කඳුරෙහි ද පැන මියෙත්.
Pali BJT73. භූතභච්චානි කම්මානි අත්තමාරණියානි ච, කරොන්තා නාවබුජ්ඣන්ති කොධජාතො පරාභවො.
Sinhala BJT73. අභිවෘද්ධිහුගේ නැස්මට කරුණු වු ද ආත්මවධය පිණිස පවත්නා වූ ද කර්‍මයන් කරන්නාහු “හටගත් ක්‍රෝධ ඇතියේ පිරිහේ” යයි නො දනිත්.
Pali BJT74. ඉතා, යං කොධරූපෙන මච්චුපාසො ගුහාසයො{7} තං දමෙන සමුච්ඡින්දෙ පඤ්ඤා විරියෙන දිට්ඨියා.
Sinhala BJT74. මෙසේ මේ මාරපාශය ක්‍රෝධරූපයෙන් හෘදයගුහායෙහි හෝනේ වෙයි. එය ආත්මදමනයෙන් හා ප්‍රඥායෙන් හා (විදර්‍ශනාසහගත) වීර්‍ය්‍යයෙන් හා මාර්‍ගසම්‍යග්දෘෂ්ටියෙන් මැනැවින් සිඳිනේ ය.
Pali BJT75. එකමෙතං අකුසලං සමුච්ඡින්දෙථ පණ්ඩිතො, තථෙව ධම්මෙ සික්ඛෙථ මා නො දුම්මඞ්කුයං අහු.
Sinhala BJT75. නැණැතියේ තෙල එක ම (ක්‍රෝධ) අකුශලය සිඳලන්නේ ය. එසේ ම ධර්‍මයෙහි හික්මෙන්නේ ය. “අපට දුමකුබව නහමක් වේවා” යි.
Pali BJT76. වීතකොධා අනායාසා වීතමොහා අනුස්සුකා, දන්තා කොධං පහත්වාන පරිනිබ්බන්ති අනාසවාති.
Sinhala BJT76. පැහූ ක්‍රෝධ ඇතියාහු දැඩි ආයාස නැතියාහු බැහැරලූ මෝහය ඇතියාහු දුසිරිතෙහි අනුතසූක වූවාහු දැමුනාහු ක්‍රෝධය දුරලා අනාස්‍රව වූවාහු පිරිනිවෙති යි.
Pali BJTඅබ්යාකත වග්ගො නිට්ඨිතො.
Sinhala BJTඅව්‍යාකත වර්‍ගය පළමු වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය :
Pali BJTඅබ්යාකතො පුරිසගති තිස්සසීහාරක්ඛෙය්ය{1} කිම්බිලො සත්තපචලායන මාපුඤ්ඤ - භරියාකොධනෙකාදසා’ති.{2}
Sinhala BJTඅව්‍යාකත සූත්‍රය, පුරිසගති සූත්‍රය, තිස්සබ්‍රහ්ම සූත්‍රය, සීහසේනාපති සූත්‍රය, අරක්ඛෙය්‍ය සූත්‍රය, කිම්බිල සූත්‍රය, සත්තධම්ම සූත්‍රය, පචලායන සූත්‍රය, මාපුඤ්ඤභායී සූත්‍රය, සත්තභරියා සූත්‍රය, කොධන සූත්‍රය දැයි එකොළොසෙක.
Pali BJT2. මහාවග්ගො
Sinhala BJT2. මහා වර්‍ගය
Pali BJT7. 2. 2. 1.
Sinhala BJT7. 2. 2. 1.
Pali BJT[හිරොත්තප්ප සුත්තං]
Sinhala BJT[හිරොත්තප්ප සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT12. හිරොත්තප්පෙ භික්ඛවෙ, අසති හිරොත්තප්පවිපන්නස්ස හතූපනිසො හොති ඉන්ද්රියසංවරො. ඉන්ද්රියසංවරෙ අසති ඉන්ද්රියසංවරවිපන්නස්ස හතූපනිසං හොති සීලං. සීලෙ අසති{1} සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතං ඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJT12. මහණෙනි, හිරිඔතප් නැතිවත් ම නට හිරිඔතප් ඇතියහුගේ ඉන්‍ද්‍රියසංවරය නට උපනිශ්‍රය ඇතියේ වෙයි. ඉන්‍ද්‍රිය සංවරය නැතිවත් ම නට ඉන්‍ද්‍රියසංවර ඇතියහුගේ ශීලය හතොපනිඃශ්‍රය වෙයි. ශීලය නැති වත් ම විපතට පත් සිල් ඇතියහුගේ සම්මා සමාධිය හතොපනිඃශ්‍රය වෙයි. සම්මාසමාධිය නැතිවත් ම විපතට පත් සම්‍යක් සමාධි ඇතියහුගේ යථාභූතඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති වත්ම විපතට පත් යථාභූතඥානදර්‍ශනය ඇතියහුගේ නිබ්බිදාවිරාගය හතොපනිඃශ්‍රය වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥාන දර්‍ශනය (අර්‍හත්ත්‍වය) හතොපනිඃශ්‍රය (ප්‍රත්‍ය රහිත) වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසවිපන්නො, තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති, එවමෙව ඛො භික්ඛවෙ, හිරොත්තප්පෙ අසති, හිරොත්තප්පවිපන්නස්ස හතූපනිසො හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, යම් පරිදි වෘක්‍ෂයෙක් නට ශාඛා පලාස ඇතියේ නම් එහි පිට පොතුදු පිරිපුන් බවට නො යෙයි, සිවි දු බොරු දු හර දු පිරිපුන් බවට නො යෙයි, මහණෙනි, එ පරිදි ම හිරිඔතප් නැතිවත් ම විපන් හිරිඔතප් ඇතියහුගේ ඉන්‍ද්‍රියසංවරය හතොපනිඃශ්‍රය වෙයි ... විමුක්තිඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි.
Pali BJTහිරොත්තප්පෙ භික්ඛවෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති ඉන්ද්රියසංවරො, ඉන්ද්රියසංවරෙ සති ඉන්ද්රියසංවරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සීලං, සීලෙ සති සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි, සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං, යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො, නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, හිරිඔතප් ඇතිවත් ම හිරිඔතප්සපන්හුගේ ඉන්‍ද්‍රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. ඉන්‍ද්‍රියසංවරය ඇතිවත් ම ඉන්‍ද්‍රියසංවරසපන්හුගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම සිල්සපන්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක් සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසසම්පන්නො, තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති, එවමෙව ඛො භික්ඛවෙ, හිරොත්තප්පෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති ඉන්ද්රියසංවරො -පෙ- උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ශාඛා - පලාසසම්පන්නවෘක්‍ෂයෙක් වේ නම් එහි පිට පොතු දු පිරිපුන් බවට යෙයි, සිවි දු බොරු දු හර දු පිරිපුන් බවට යෙයි, මහණෙනි, එපරිදි ම හිරි - ඔතප් ඇතිවත් ම හිරි - ඔතප්සපන්හුගේ ඉන්‍ද්‍රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ යයි.
Pali BJT7. 2. 2. 2.
Sinhala BJT7. 2. 2. 2.
Pali BJT[සත්තසුරියුග්ගමන සුත්තං]
Sinhala BJT[සත්තසුරියුග්ගමන සූත්‍රය]
Pali BJT13. එකං සමයං භගවා වෙසාලියං විහරති අම්බපාලිවනෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT13. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්නුවර අම්බපාලි වනයෙහි වැඩ වෙසෙනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
Pali BJTඅනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා, අද්ධුවා භික්ඛවෙ, සඞ්ඛාරා, අනස්සාසිකා භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අධ්‍රැවයහ (අස්ථිරහ). මහණෙනි, සංස්කාරයෝ අනාශ්වාසිකයහ (අශාස්වතයහ). මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදය දැනැවීමට මෙ කරුණ පමණ වේ මැයි. විරාග දැනැවීමට පමණ වේ මැ යි. මිදුමට පමණ වේ මැ යි.
Pali BJTසිනෙරු භික්ඛවෙ, පබ්බතරාජා චතුරාසීති යොජනසහස්සානි ආයාමෙන, චතුරාසීතියොජනසහස්සානි විත්ථාරෙන, චතුරාසීතියොජනසහස්සානි මහාසමුද්දෙ අජ්ඣොගාළ්හො, චතුරාසීතියොජනසහස්සානි මහාසමුද්දා අච්චුග්ගතො.
Sinhala BJTමහණෙනි, සුනෙරපව්රද අයමින් සුවාසූදහසෙක් යොදුන. විතරින් සුවාසූදහසෙක් යොදුන. සුවාසූදහසෙක් යොදුන් මහසයුරෙහි ගැලී සිටියේ ය. සුවාසූදහසෙක් යොදුන් මහමුහුදින් මතුයෙහි නැඟී සිටියේ ය.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි දෙවො න වස්සති. දෙවෙ ඛො පන භික්ඛවෙ, අවස්සන්තෙ යෙ කෙචිමෙ බීජගාමභූතගාමා ඔසධිතිණවනස්පතයො{1} තෙ උස්සුස්සන්ති විසුස්සන්ති විසුස්සන්ති න භවන්ති.
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් බොහෝ වර්‍ෂයක් බොහෝ වර්‍ෂදහසක් බොහෝ වර්‍ෂ සුවහසක් වර්‍ෂා නො කෙරේ නම් එබඳු සමයෙක් ඇත. මහණෙනි, මේඝය නො වටුත් ම යම්කිසි බීජාගාම භූතාගාම ඖෂධී තෘණ වනස්පතීහු වෙත් නම් උහු වියලෙත්. වෙසෙසින් වියලෙත්. යලි නො වැඩෙත්.
Pali BJTඑවං අනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ, සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බ සඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ ආශ්වාස රහිතයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට (කළකිරීමට) මෙ පමණැ මැ යි විරාගයට (නො ඇලීමට) මෙ පමණ මැ යි. මිදෙන්නට මෙ පමණ මැ යි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන දුතියො සුරියො පාතුභවති. දුතියස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා යා තා කුන්නදියො{2} කුස්සුබ්භා{3} තා උස්සුස්සන්ති, විසුස්සන්ති, න භවන්ති.
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් දිගුකල් ඇවෑමෙන් කිසියම් ම කලෙක දෙවන සූර්‍ය්‍යයෙක් පාළ වන්නේ ය. මහණෙනි, දෙවන හිරුහුගේ පාළ වීමෙන් යම් ඒ කුඩා නදීහු ද කුඩා දියවිල්හු ද වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්.
Pali BJTඑවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ අලමෙව සබ්බ සඞ්ඛාරෙසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං. අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි,මෙසෙයින් සංස්කාරයෝ අනිසයහ. මෙසෙයින් සංස්කාරයෝ නො තිරයහ. මෙසෙයින් සංස්කාරයෝ අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙය ම ප්‍රමාණ වෙයි. විරාගයට මෙ මැ පමණ වෙයි. විමෝක්‍ෂයට මෙ මැ ප්‍රමාණ වෙයි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තතියො සුරියො පාතුභවති. තතියස්ස භික්ඛවෙ සුරියස්ස පාතුභාවා යා කාචි මහානදියො සෙය්යථීදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, තා උස්සුස්සන්ති විසුස්සන්ති න භවන්ති.
Sinhala BJTමහණෙනි, දීර්‍ඝරාත්‍රයක්හුගේ ඇවෑමෙන් කිසියම් ම කලෙක්හි යම් හෙයකින් තෙවන සූර්‍ය්‍යයෙක් පහළ වේ නම් එබඳු සමයෙක් වෙයි. මහණෙනි, තෙවන හිරුහුගේ පාළ වීමෙන් ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය, යන යම් එ මහානදීහු වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්.
Pali BJTඑවං අනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, සංස්කාරයෝ වෙසෙසින් අනිසයහ. මෙසේ සංස්කාරයෝ නො තිරයහ. මෙසෙයින් සංස්කාරයෝ අස්වැසුම් රහිතයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙ මැ පමණ වෙයි. විරාගයට මෙ පමණ වෙයි. විමෝක්‍ෂයට මෙ මැ පමණ වෙයි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන චතුත්ථො සුරියො පාතුභවති. චතුත්ථස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා යෙ තෙ මහාසරා යතො ඉමා මහානදියො සම්භවන්තී{4}, සෙය්යථීදං: අනොතත්තං, සීහපපාතං, රථකාරං, කණ්ණමුණ්ඩං, කුණාලං, ඡද්දන්තං මන්දාකිනී.{5} තා උස්සුස්සන්ති විසුස්සන්ති. න භවන්ති.
Sinhala BJTමහණෙනි, දීර්‍ඝරාත්‍රයක්හුගේ ඇවෑමෙන් කිසිකලෙක්හි යම් හෙයකින් සතරවන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු සමයෙක් වෙයි. මහණෙනි, සතරවන හිරුහුගේ ප්‍රාදූර්‍භාවයෙන් යම් තැනෙකින් මෙ මහානදීහු උපදනාහු නම් එ මහවිල්හු ද, එනම්: අනවතප්ත ය, සිංහප්‍රපාත ය, රථකාර ය, කර්‍ණමුණ්ඩ ය, ෂඩ්දන්ත ය, මන්‍දාකිනී ය යන ඒ මහවිල්හු වියැලෙත් වෙසෙසින් වියැලෙත් නො වැඩෙත්.
Pali BJTඑවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා -පෙ- අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් සංස්කාරයෝ අනිත්‍යයහ ... මිදෙන්නට මෙ පමණ මැ යි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන පඤ්චමො සුරියො පාතුභවති. පඤ්චමස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා යොජනසතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, ද්වියොජනසතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, තියොජනසතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, -පෙ- සත්තයොජන සතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, සත්තතාලම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති, ඡතාලම්පි පඤ්චතාලම්පි චතුතාලම්පි තිතාලම්පි ද්විතාලම්පි තාලමත්තම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති, සත්තපොරිසම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති, ඡපොරිසම්පි -පෙ- පඤ්චපොරිසම්පි -පෙ- චතුපොරිසම්පි -පෙ- තිපොරිසම්පි -පෙ- ද්විපොරිසම්පි -පෙ- පොරිසම්පි -පෙ- අඩ්ඪපොරිසමත්තම්පි -පෙ- කටිමත්තම්පි -පෙ- ජණ්ණුකාමත්තම්පි -පෙ- ගොප්ඵකමත්තම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, දීර්‍ඝරාත්‍රයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක්හි යම් හෙයකින් පස්වන සූර්‍ය්‍යයෙක් ප්‍රාදුර්භූත වේ නම්, එබඳු සමයෙක් ඇත. මහණෙනි, පස්වන හිරුහුගේ පාළවීමෙන් මහා සමුද්‍රයෙහි සියක් යොදුනෙහි වූ දිය දූ පහළ බස්නේ ය. මහා සමුද්‍රයෙහි දෙසියක් යොදුනෙහි දිය දූ පහළ බස්නේ ය. මහසයුරෙහි තුන්සියයක් යොදුනෙහි වූ දිය දූ පහළ බස්නේ ය ... මහසයුරෙහි සත්සියයක් යොදුනෙහි දිය දූ පහළ බස්නේ ය. මහසයුරෙහි සත්තලක් පොහෝනා පමණ වූ ද දිය සිටුනේ ය. සතලක් පොහෝනා වූ ද ... පස්තලක් පොහෝනා වූ ද ... සිවුතලක් පොහෝනා වූ ද ... තුන්තලක් පොහෝනා වූ ද ... දෙතලක් පොහෝනා වූ ද ... තලක් පොහෝනා මතු වූ දිය මහමුහුදෙහි සිටුනේ ය. මහාසමුද්‍රයෙහි සප්ත පුරුෂ ප්‍රමාණ වූ ද දිය (ශේෂව) සිටුනේ ය, ෂඩ්පුරුෂ ප්‍රමාණ වූ ද ... පඤ්චපුරුෂ ප්‍රමාණ වූ ද ... චතුෂ්පුරුෂ ප්‍රමාණ වූ ද ... ත්‍රිපුරුෂ ප්‍රමාණ වූ ද ... ද්විපුරුෂ ප්‍රමාණ වූ ද ... පුරුෂ ප්‍රමාණ වූ ද ... අර්‍ධපුරුෂ ප්‍රමාණ වූ ද ... කටිමාත්‍ර වූ ද ... දණිස් මතු වූ ද .... ගොප් ඇට වූ ද, දිය මහාසමුද්‍රයෙහි ශේෂව සිටුනේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සරදසමයෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තත්ථ තත්ථ ගොපදෙසු උදකානි ඨිතානි හොන්ති, එවමෙව ඛො භික්ඛවෙ, තත්ථ තත්ථ ගොපදමත්තානි මහාසමුද්දෙ උදකානි ඨිතානි හොන්තී. පඤ්චමස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා අඞ්ගුලපබ්බතෙමනමත්තම්පි{1} මහා සමුද්දෙ උදකං න හොති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි සරාකල්හි මහදිය පොද ඇති වැසිවස්නා කල්හි එ එ තන්හි ගෝපදයන්හි දිය සිටියේ වේ නම්, මහණෙනි, එ පරිදි ම එ එ තන්හි ගොපද මාත්‍රවූ දිය මහ සයුරෙහි ශේෂ ව සිටියේ වේ. මහණෙනි, පස්වන හිරුහුගේ පාළ වීමෙන් ඇඟිලිපුරුක් තෙමන මතු වූ ද දිය මහ සයුරෙහි නො වන්නේ ය.
Pali BJTඑවං අනිච්චා භික්ඛවෙ සංඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා, යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනිස වෙත්. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අධ්‍රැව වෙත්. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනාශ්වාසික (අශාශ්වත හෙයින් ආශ්වාද රහිත) වෙත්. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙ ම පමණ වෙයි. විරාගයට මෙ ම පමණ වේ. මිදෙන්නට මෙ ම පමණ වෙයි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන ඡට්ඨො සුරියො පාතුභවති. ඡට්ඨස්ස භික්ඛවෙ සුරියස්ස පාතුභාවා අයඤ්ච මහාපඨවී සිනෙරු ච පබ්බතරාජා ධූපායන්ති සන්ධූපායන්ති සම්පධූපායන්ති. සෙය්යථාපි භික්ඛවෙ, කුම්භකාරපාකො ආලිම්පිතො{2} පඨමං පඨමං ධූපෙති සන්ධූපෙති සම්පධූපෙති.{3} එවමෙව ඛො භික්ඛවෙ, ඡට්ඨස්ස සුරියස්ස පාතුභාවා අයඤ්ච මහාපඨවි සිනෙරු ච පබ්බතරාජා ධූපායන්ති සන්ධූපායන්ති{4} සම්පධූපායන්ති.
Sinhala BJTමහණෙනි, දිගුකල් ඇවෑමෙන් කිසියම් කලෙක්හි යම් හෙයෙකින් සවන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු කලෙක් වෙයි. මහණෙනි, සවන හිරුහුගේ පාළ වීමෙන් මෙ මහපොළෝ හා සුනෙර පවුර ද දුමන්නේ ය. වෙසෙසින් දුමන්නේ ය. අත්‍යුත්කර්‍ෂයෙන් දුමන්නේ ය. මහණෙනි, යම් පරිදි කුඹල්කරු උදුනෙක් ගිනි දල්වනලදුයේ පළමු පළමු යම්සේ දුමා ද, වෙසෙසින් දුමා ද, අත්‍යුත්කර්‍ෂයෙන් දුමා ද, මහණෙනි, එසෙයින් ම මේ මහපොළෝ හා සුනෙරුපර්‍වතරාජයා සවන හිරුහුගේ ප්‍රාදුර්‍භාවයෙන් දුමන්නේ ය. වෙසෙසින් දුමන්නේ ය. අත්‍යුත්කර්‍ෂයෙන් දුමන්නේ ය.
Pali BJTඑවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා, යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙ ම පමණ වෙයි. විරාගයට මෙ ම පමණ වෙයි. මිදෙන්නට මෙ ම පමණ වෙයි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන සත්තමො සුරියො පාතුභවති. සත්තමස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා අයඤ්ච මහාපඨවි සිනෙරු ච පබ්බතරාජා ආදිප්පන්ති, පජ්ජලන්ති, එකජාලා භවන්ති. ඉමිස්සා ච භික්ඛවෙ, මහාපඨවියා සිනෙරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං ඩය්හමානානං අග්ගී වාතෙන ඛිත්තා යාව බ්රහ්මලොකාපි ගච්ඡන්ති.{5}
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් දීර්‍ඝරාත්‍රයක්හුගේ ඇවෑමෙන් කිසි කලෙක්හි සත්වන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු සමයෙක් ඇත. මහණෙනි, සත්වන හිරුහුගේ පාළ වීමෙන් මේ මහපොළොව ද සුනෙරපවුර ද ගිලිගෙන ඇවිලෙයි, දිලිහෙයි, එක ම ගිනිදැල් වෙයි. මහණෙනි, මෙ මහපොළොවත් සුනෙරපවුරදත් දැවෙත් දැවෙත් ම වාතයෙන් ක්‍ෂිප්ත වූ ගිනිහු බඹලෝ හිම් කොට යෙත්.
Pali BJTසිනෙරුස්ස ච භික්ඛවෙ, පබ්බතරාජස්ස ඣායමානස්ස ඩය්හමානස්ස විනස්සමානස්ස මහතා තෙජොඛන්ධෙන අභිභූතස්ස යොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති, ද්වියොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති, තියොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති, චතුයොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති, පඤ්චයොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, ඇවිලගත් දැවෙන වැනැසෙන මහගිනිකඳින් මැඩුනු සිනේරුපර්‍වතරාජයාගේ සියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙත්. දෙසියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙත්. තුන්සියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙත්. සාරසියක් යොදුන් උසැති කුළුහු දු සිඳී වැටෙත්. පන්සියක් යොදුන් උසැති කුළුහු ද සිඳී වැටෙත්.
Pali BJTඉමිස්සා ච භික්ඛවෙ, මහාපඨවියා සිනෙරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං ඩය්හමානානං නෙව ඡාරිකා පඤ්ඤායති{1} න මසි සෙය්යථාපි භික්ඛවෙ, සප්පිස්ස වා තෙලස්ස වා ඣායමානස්ස ඩය්හමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායති න මසි, එවමෙව ඛො භික්ඛවෙ, ඉමිස්සා ච මහා පඨවියා සිනෙරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං ඩය්හමානානං නෙව ඡාරිකා පඤ්ඤායති න මසි.
Sinhala BJTමහණෙනි, ඇවිලගත්, දැවෙන මෙ මහපොළොවෙහි ද සිනේරුපර්‍වතරාජයාගේ ද හළු හා දැලි නො සැණේ ම ය. මහණෙනි, ඇවිලගෙණ දැවෙන සර්පිෂුහුගේ (ගිතෙල්හි) හෝ තෛලයක්හුගේ හළු හෝ දැලි නො මැ පැණෙන්නේ යම්සේ ද, මහණෙනි, එසෙයින් ම ඇවිලැගෙණ දැවෙන මෙ මහපොළොවෙහි හා සිනේරුපර්‍වතරාජයාගේ ද හළු හා දැලි නො පැණෙයි.
Pali BJTඑවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි සංස්කාරයෝ මෙසේ අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට නිසි මැ යි, විරාගයට නිසි මැ යි, මිදෙන්නට නිසි මැයි.
Pali BJTතත්ර භික්ඛවෙ, කො මන්තා, කො සද්ධාතා අයඤ්ච මහාපඨවි සිනෙරු ච පබ්බතරාජා ඩය්හිස්සන්ති, විනස්සිස්සන්ති, න භවිස්සන්තීති අඤ්ඤත්ර දිට්ඨපදෙහි.
Sinhala BJTමහණෙනි, “මෙ මහපොළොව හා මෙ සිනේරුපර්‍වරාජයා ගින්නෙන් දැවෙන්නාහ, වැනසෙන්නාහ, නො පවත්නාහ”යි දෘෂ්ටපදයන් හෙවත් සෝතාපන්නයන් හැර වෙන කවරෙක් මන්ත්‍රණයට සමත් වේ ද? කවරෙක් හදහන්නේ ද?
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, සුනෙත්තො නාම සත්ථා අහොසි තිත්ථකරො කාමෙසු වීතරාගො. සුනෙත්තස්ස ඛො පන භික්ඛවෙ, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. සුනෙත්තො භික්ඛවෙ සත්ථා සාවකානං බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙති. යෙ ඛො පන භික්ඛවෙ, සුනෙත්තස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස සබ්බෙන සබ්බං සාසනං ආජානිංසු, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං බ්රහ්මලොකං උපපජ්ජිංසු.{2} යෙ න සබ්බෙන සබ්බං සාසනං ආජානිංසු. තෙ කායස්ස භෙදා පරම්මරණා අප්පෙකච්චෙ පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජිංසු.{2} අප්පෙකච්චෙ නිම්මානරතීනං දෙවානං සහව්යතං උපපජ්ජිංසු.{2} අප්පෙකච්චෙ තුසිතානං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ යාමානං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ තාවතිංසානං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ ඛත්තියමහාසාලානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ බ්රාහ්මණමහාසාලානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ ගහපතිමහාසාලානං සහව්යතං උපපජ්ජිංසු.
Sinhala BJTමහණෙනි, භූතපූර්‍වයෙකී. තීර්‍ත්‍ථංකර වූ කාමයන්හි (විෂ්කම්භන වශයෙන්) පහ කළ රාගය ඇති සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් වී ය. මහණෙනි, සුනෙත්ත ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. මහණෙනි, සුනෙත්ත ශාස්තෘ තෙම බ්‍රහ්මලෝකසහභාවය සඳහා සව්වවනට දහම් දෙසයි. මහණෙනි, බ්‍රහ්මලෝකසහභාවය සඳහා දහම් දෙසන සුනෙත්ත ශාස්තෘහුගේ අනුශාසනය යම් කෙනෙක් සර්‍වප්‍රකාරයෙන් දැනගත්තාහු ද, ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයට (උපත් විසින්) පැමිණියහ. යමෙක් සර්‍වප්‍රකාරයෙන් අනුශාසනය (පිළිපැදීම්) විසින් නො දත්හු ද, ඔහු ඇතැමෙක් කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. ඇතැම්හු නිර්‍මාණරතී දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. ඇතැම් කෙනෙක් තුසිතදෙවියන්ගේ සහවාසයට පැමිණියහ. ඇතැම්හු යාමදෙවියන්ගේ සහවාසයට (ප්‍රතිසන්‍ධිවශයෙන්) එළැඹියහ. ඇතැම්හු තාවතිංසදේවයන්ගේ සහවාසයට එළැඹියහ. ඇතැම්හු චාතුම්මහාරාජික දේවයන්ගේ සහභාවයට එළැඹියහ. ඇතැම්හු ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ සහවාසයට එළැඹියහ. ඇතැම්හු බ්‍රාහ්මණමහාසාරයන්ගේ සහවාසයට එළැඹියහ. ඇතැම්හු ගෘහපතිමහාසාරයන්ගේ සහවාසයට එළැඹියහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සුනෙත්තස්ස සත්ථුනො එතදහොසි. න ඛො පනෙතං පතිරූපං යොහං සාවකානං සමසමගතියො{3} අස්සං අභිසම්පරායං යන්නූනාහං උත්තරිං මෙත්තං{4} භාවෙය්යන්ති. අථ ඛො භික්ඛවෙ, සුනෙත්තො සත්ථා සත්තවස්සානි මෙත්තං චිත්තං භාවෙසි. සත්තවස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්තසංවට්ටවිවට්ටකප්පෙ නයිමං ලොකං පුනරාගමාසි. සංවට්ටමානෙ සුදං භික්ඛවෙ, ලොකෙ ආභස්සරූපගො හොති, විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්රහ්මවිමානං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, එක්බිති සුනෙත්ත ශාස්තෘහට මෙබඳු සිතෙක් විය. “යම් හෙයකින් මම පරලොව්හි ශ්‍රාවකයනට සමසම ගති ඇතියෙම් වෙම් නම්, තෙල මට අනුරූ නො වේ මැ යි. මම් මතුයෙහි දු මෛත්‍රිධ්‍යානය වඩන්නෙම් නම් මැනැවැ”යි. මහණෙනි, එක්බිති සුනෙත්ත ශාස්තෘ සත්වසක් මෙත්සිත් වැඩී ය. සත්වසක් මෙත් සිත් වඩා සප්ත සංවර්‍ත - විවර්‍ත කල්පයක් පිළිසිඳ විසින් මේ මිනිස් ලොවට නො පැමිණියේ ය. මහණෙනි, ලොව නස්නා කල්හි හේ ආභාස්වරෝපග වෙයි. ලොව විවර්‍ත වන කල්හි ශූන්‍යබ්‍රහ්මවිමානයට (උත්පත්ති විසින්) එළැඹෙයි.
Pali BJTතත්ර සුදං භික්ඛවෙ, බ්රහ්මා හොති මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පන භික්ඛවෙ, සක්කො අහොසි දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසි චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. පරොසහස්සං ඛො පනස්ස පුත්තා අහෙසුං සුරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසි.
Sinhala BJTමහණෙනි, බඹ තෙමේ එහි හැම බඹුන් මැඩ වෙසෙන සුලුයේ (කිසිවෙක් විසිනුදු) නො මඩනාලදුයේ ඒකාන්තයෙන් සියල්ල දක්නේ වශවර්ති වූයේ මහාබ්‍රහ්ම වෙයි. මහණෙනි, සතිස්වරක් ශක්‍ර දේවේන්‍ද්‍ර විය. අනෙක් ශත වාරයක් සක්විති රජ වූයේ ධාර්මික ධර්‍මරාජ වූයේ සිවුසයුරු හිම් කොට ඇති පොළෝ ඇතියේ සතුරන් දිනන සුලුයේ ජනපදයන්හි ස්ථාවරභාවයට පැමිණියේ සත්රුවනින් සපන් විය. ඔහට සූර වූ විරාඞ්ග වූ සතුරුසෙන් මඩනා දහසින් වැඩි පුත්‍රයෝ වූහ. හෙ සයුරු පිරියත් මෙ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දැහැමින් දිනා ඉසුරුමත් ව විසී ය.
Pali BJTසො හි නාම භික්ඛවෙ, සුනෙත්තො සත්ථා එවං දීඝායුකො සමානො එවං චිරට්ඨිතිකො අපරිමුත්තො අහොසි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. අපරිමුත්තො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, එ සුනෙත්ත ශාස්තෘ තෙම මෙසේ දීර්‍ඝායුෂ්ක වූයේ ද මෙසේ චිරස්ථික වූ යේ ම ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදුනේ ම විය. වෘත්තදුඃඛයෙන් අපරිමුක්ත යයි කියමි.
Pali BJTතං කිස්ස හෙතු. චතුන්නං ධම්මානං අනනුබොධා අප්පටිවෙධා. කතමෙසං චතුන්නං: අරියස්ස සීලස්ස අනනුබොධා අප්පටිවෙධා, අරියස්ස සමාධිස්ස, අරියාය පඤ්ඤාය, අරියාය විමුත්තියා අනනුබොධා අප්පටිවෙධා.
Sinhala BJTඑ කවර හෙයින යත්: දහම් සතරක්හුගේ අනනුබෝධයෙන, අප්‍රතිවේධයෙන. කවර සතරක්හුගේ ය යත්: ආර්‍ය්‍යශීලයාගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන. ආර්‍ය්‍යසමාධිහුගේ ... ආර්‍ය්‍යප්‍රඥාවගේ ... ආර්‍ය්‍යවිමක්තිහුගේ අනනුබෝධයෙන් හා අප්‍රතිවේධයෙන.
Pali BJTතයිදං භික්ඛවෙ අරියං සීලං අනුබුද්ධං පටිවිද්ධං, අරියො සමාධි අනුබුද්ධො පටිවිද්ධො, අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්ධා,{1} අරියා විමුත්තී අනුබුද්ධා{2} පටිවිද්ධා, උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති, නත්ථිදානි පුනබ්භවොති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, එ ම ආර්‍ය්‍යශීලය (මා විසින්) අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යසමාධිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යප්‍රඥාව අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යවිමුක්තිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව උසුන් කරණ ලදු. භවරජ්ජුව ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැතැයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ යලි අනෙකක් ද වදාළ සේක:
Pali BJT77. සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා, අනුබුද්ධා ඉමෙ ධම්මා ගොතමෙන යසස්සිනා.
Sinhala BJT77. යශස්වී ගෞතමයන් වහන්සේ විසින් අනුත්තරශීලය, අනුත්තරසමාධිය, අනුත්තරප්‍රඥාව, අනුත්තරවිමුක්තිය යන මේ ධර්‍මයෝ අවබෝධ කරණලදහ.
Pali BJT78. ඉති බුද්ධො අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛූනං, දුක්ඛස්සන්තකරො සත්ථා චක්ඛුමා පරිනිබ්බුතො.
Sinhala BJT78. මෙසේ බුදුහු විශිෂ්ට ඥානයෙන් දැන භික්‍ෂූන්ට දහම් වදාළහ. වෘත්තදුඃඛය අන්ත කරණ පසැස් ඇති ශාස්තෘන් වහන්සේ (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවියහ යි.
Pali BJT7. 2. 2. 3.
Sinhala BJT7. 2. 2. 3.
Pali BJT[නගරූපම සුත්තං]
Sinhala BJT[නගරූපම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT14. යතො ඛො භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමං නගරං සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛතං{3} හොති, චතුන්නඤ්ච ආහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ඉදං වුච්චති භික්ඛවෙ රඤ්ඤො පච්චන්තිමං නගරං අකරණීයං බාහිරෙහි පච්චත්ථිකෙහි පච්චාමිත්තෙහි.
Sinhala BJT14. මහණෙනි, යම් කලෙක රජුගේ පසල් නුවර සප්ත නගරාඞ්කාරයෙන් මොනොවට පිරිකෙවු කරණලද්දේ වේ ද, සතර අහර ද කැමැති සේ ලබනුයේත් නිදුකින් ලබනුයේත් විපුල කොට ලබනුයේත් වේ ද, මහණෙනි, රජහුගේ මෙ ප්‍රත්‍යයන්ත නගරය බැහැරි පසමිතුරු වූ සතුරන් විසින් සාධාගත (දිනාගත) නො හැකැයි කියනු ලැබේ.
Pali BJTකතමෙහි සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛතං හොති:
Sinhala BJTකවර සප්ත නගරාලඞ්කාරයෙකින් මනාකොට පරික්‍ෂිප්ත වේය යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ එසිකා හොති ගම්භීරනෙමා සුනිඛාතා අචලා අසම්පවෙධී. ඉමිනා පඨමෙන නගරපරික්ඛාරෙන සුපරික්ඛතං හොති රඤ්ඤො පච්චන්තිමං නගරං අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(1) මහණෙනි, මෙහි රජුගේ පසල්රට නුවරෙහි ගැඹුරු වළ ඇති මොනොවට කැණ සිටුවනලද, නො සැලෙන නො වෙවුලන ඒෂිකාස්තම්භය වෙයි. මෙ පළමු නගර පරික්‍ෂාරයෙන් රජහුගේ ප්‍රත්‍යන්ත නගරය අභ්‍යන්තරවාසීන්ගේ ගෝපනය සඳහා බාහිර ශත්‍රෑන්ගේ නිවාරණය සඳහා මොනොවට පරික්‍ෂිප්ත වෙයි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ පරිඛා ඛතා හොති ගම්භීරා චෙව විත්ථතා ච. ඉමිනා දුතියෙන නගර පරික්ඛාරෙන සුපරික්ඛතං හොති රඤ්ඤො පච්චන්තිමං නගරං අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(2) තවද මහණෙනි, රජුගේ පසල්නුවරෙහි ගම්භීර වූත් විස්තෘත වූත් පරිඛායෙක් කණනලද වෙයි. මෙ දෙවන නගරපරික්‍ෂකාරයෙන් රජුගේ ප්‍රත්‍යන්ත නගරය ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහා බාහිර ශත්‍රෑන්ගේ නිවාරණය සඳහා මොනොවට පරික්‍ෂිප්ත වෙයි.
Pali BJT(3) පුන චපරං භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ අනුපරියාය පථො හොති උච්චො චෙව විත්ථතො ච. ඉමිනා තතියෙන නගර පරික්ඛාරෙන සුපරික්ඛතං හොති රඤ්ඤො පච්චන්තිමං නගරං අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(3) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි උස් වූ ද පුළුල් වූ ද අනුපරියායපථය (පවුරු ඇතුළත වටා ඇවිදුනා මාවත) වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය අභ්‍යන්තරවාසීන්ගේ ගුප්තිය සඳහා බාහිරයන් වළහනු සඳහා මේ තෙවන නගරපරික්‍ෂ්කාරයෙන් පරික්‍ෂිප්ත වෙයි.
Pali BJT(4) පුන චපරං භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං ආවුධං සන්නිචිතං හොති සලාකං චෙව ජෙවනියඤ්ච{1}. ඉමිනා චතුත්ථෙන නගරපරික්ඛාරෙන සුපරික්ඛතං හොති රඤ්ඤො පච්චන්තිමං නගරං අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(4) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි (සත්ති තෝමරාදී) සලාක නම් වූ ද, (ඒකතොධාරාදී) ජෙවනීය නම් වූ ද බොහෝ අවි රැස් කරණලද වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය මේ සතරවන නගරපරික්‍ෂ්කාරයෙන් ආභ්‍යන්තරයන්ගේ ගෝපනය සඳහා බාහිරයන්ගේ වාරණය සඳහා සුපරිෂ්කෘත වෙයි.
Pali BJT(5) පුන චපරං භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහු බලකායො පටිවසති - සෙය්යථීදං: හත්ථාරොහා අස්සාරොහා රථිකා ධනුග්ගහා චෙලකා චලකා පිණ්ඩදායිකා උග්ගා රාජපුත්තා පක්ඛන්දිනො මහානාගා සූරා පප්ඵාලිකා. චම්මයොධිනො දාසකපුත්තා. ඉමිනා පඤ්චමෙන නගරපරික්ඛාරෙන සුපරික්ඛතං හොති රඤ්ඤො පච්චන්තිමං නගරං අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(5) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි හස්ත්‍යාරෝහ ය, අශ්වාරෝහ ය, රථාරෝහ ය, ධ්වජගෙණයනුවෝ ය, (සේනාව්‍යුහකාරී) චලක ය, (සාහසිකමහායෝධ වූ) පිණ්ඩදායක ය, (සඞ්ග්‍රාමාවචර) උග්‍රරාජපුත්‍රය, (සතුරන් මත කඩාපනනා) ප්‍රස්කන්‍දීහු ය, (මහඇත් සමාන) මහානාග ය, අසහාය සූර ය, (සම්සැට්ට ඇඟුලූ) චර්‍මයෝධි ය, (ගෙහිදාසයන් සමාන) දාසක පුත්‍රය දැ යි බොහෝ බලකාය වෙසෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය මෙ පස්වන නගරපරික්‍ෂ්කාරයෙන් ආභ්‍යන්තරවාසීන්ගේ ගෝපනය සඳහා බාහිරයන්ගේ නිවාරණය සඳහා සුපරිෂ්කෘත වෙයි.
Pali BJT(6) පුන චපරං භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ දොවාරිකො හොති පණ්ඩිතො ව්යත්තො මෙධාවී අඤ්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා. ඉමිනා ඡට්ඨෙන නගරපරික්ඛාරෙන සුපරික්ඛතං හොති රඤ්ඤො පච්චන්තිමං නගරං අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(6) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ මේධාවී වූ නො හඳුනන්නවුන් වළහන, හඳුනන්නවුන් ප්‍රවිෂ්ට කරවන ද්වාරපාලකයෙක් වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහා බාහිරයන්ගේ නිවාරණය සඳහා මෙ සවන නගරපරික්‍ෂ්කාරයෙන් සුපරික්‍ෂිප්ත වෙයි.
Pali BJT(7) පුන චපරං භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ පාකාරො හොති උච්චො චෙව විත්ථතො ච වාසනලෙපනසම්පන්නො ච. ඉමිනා සත්තමෙන නගරපරික්ඛාරෙන සුපරික්ඛතං හොති රඤ්ඤො පච්චන්තිමං නගරං අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(7) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි වාසනයෙන් (සිදුරු වැසීමෙන්) ලේපනයෙන් (සුණුපිරියමින්) සම්පන්න වූ උස් වූ ද පුළුල් වූ ද මහපවුරෙක් වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය මෙ සත්වන නගරපරිෂ්කාරයෙන් ආභ්‍යන්තරයන් රක්නා සඳහා බැහැරියන් වළහනු සඳහා සුපරික්‍ෂිප්ත වෙයි.
Pali BJTඉමෙහි සත්තහි නගර-පරික්ඛාරෙහි සුපරික්ඛතං හොති.
Sinhala BJTමේ සත් අහර පරිස්කාරයෙන් මනා කොට පරික්‍ෂිප්ත වෙයි.
Pali BJTකතමෙසං චතුන්නං ආහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී:
Sinhala BJTකවර අහර සතරක් කැමැති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ විපුල සේ ලබන්නේ වේ ය යත් .
Pali BJT(1) ඉධ භික්ඛවෙ රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං තිණකට්ඨොදකං සන්නිචිතං හොති අබ්භන්තරානං රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය, බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(1) මහණෙනි, මෙලොව්හි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තර ජනයාගේ රතිය සඳහාත් ත්‍රාසයට නො වදනු සඳහාත් පහසු විහරණ සඳහාත් බැහැරියන් නවතනු සඳහාත් බොහෝ තෘණකාෂ්ට හා ජලය රැස් කොට තබනලද වෙයි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං සාලියවකං සන්නිචිතං හොති අබ්භන්තරානං රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(2) තවද මහණෙනි, රජුගේ පසල්නුවරෙහි අභ්‍යන්තරිකයන්ගේ රතිය පිණිස, පරිත්‍රාස නො වනු පිණිස, පහසු විහරණය පිණිස, බැහැරියන් නවතනු පිණිස බොහෝ හාල් හා යව රැස් කොට තබනලද වෙයි.
Pali BJT(3) පුන චපරං භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං තිලමාසමුග්ගාපරන්නං සන්නිචsතං හොති අබ්භන්තරානං රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය, බාහිරානං පටිඝාතා ය.
Sinhala BJT(3) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි අබතුරු දනන්ගේ රතිය පිණිස අපරිත්‍රාසය පිණිස පහසු විහරණය පිණිස බැහැරියන් වළහන පිණිස බොහෝ තල මෑ මුං හා සෙසු අපරාන්ත රැස් කොට තබනලද වෙයි.
Pali BJT(4) පුන චපරං භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං භෙසජ්ජං සන්නිචිතං හොති සෙය්යථීදං: සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං ලොණං අබ්භන්තරානං රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය, බාහිරානං පටිඝාතාය.
Sinhala BJT(4) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි අබතුරු දනන්ගේ අභිරතිය පිණිස අපරිත්‍රාසය පිණිස පහසු විහරණය පිණිස බැහැරියන් වළහනු පිණිස ගී, වෙඬරු, තෙල්, මිහි, සකුරු, ලුණු යන බොහෝ බෙහෙත් රැස්කොට තබනලද වෙයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ආහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTමහණෙනි, මෙ සතර අහර කැමැති සේ ලබන්නේ ද නිදුකින් ද විපුල සේ ලබන්නේ ද වෙයි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමං නගරං ඉමෙහි සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛතං හොති, ඉමෙසං චතුන්නං ආහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ඉදං වුච්චති භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමං නගරං අකරණීයං බාහිරෙහි පච්චත්ථිකෙහි පච්චාමිත්තෙහි.
Sinhala BJTමහණෙනි, යම් කලෙක රජුගේ ප්‍රත්‍යන්ත නගරය මෙ සප්ත නගරපරිෂ්කාරයන් පරික්‍ෂිප්ත වේ ද, මේ සතර අහර ද කැමති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ විපුල සේ ලබන්නේ වේ ද, මහණෙනි, රජුගේ මෙ ප්‍රත්‍යන්ත නගරය බැහැරි පසමිතුරන් සතුරන් විසින් සාධාගත නො හැකැයි කියනු ලැබේ
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යතො අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති, චතුන්නඤ්ච ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො අකරණීයො මාරස්ස අකරණීයො පාපිමතො.
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම යම් කලෙක අරීසවු කරුණු සතෙකින් සමන්‍වාගත වූයේ ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් ද කැමැති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ, විපුල සේ ලබන්නේත් වේ ද, මහණෙනි, මෙ අරීසවු පාපී වූ මාරයා විසින් සාධාගත නො හැක්කේ යයි කියනු ලැබේ.
Pali BJTකතමෙහි සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො:
Sinhala BJTකවර සත් කරුණෙකින් සමන්‍වාගත වේ ය යත්:
Pali BJT(1) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ එසිකා හොති ගම්භීරනෙමා සුනිඛාතා අචලා අසම්පවෙධී අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. සද්ධෙසිකො භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉමිනා පඨමෙන සද්ධම්මෙන සමන්නාගතො හොති.
Sinhala BJT(1) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ගැඹුරුවළ ඇති, මොනොවට සිටුවනලද නො සැලෙන නො වෙවුලන ඒෂිකාස්තම්භය, අභ්‍යන්තරයන්ගේ ගෝපනය සඳහා බැහැරියන් වළහනු සඳහා වේ ද, එපරිද්දෙන් ම මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රද්ධා ඇතියේ වෙයි, තථාගතයන් වහන්සේගේ බෝධිය - මෙ කරුණෙනුදු එ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ’යි හදහයි. මහණෙනි, ශ්‍රද්ධාවත් ආර්‍ය්‍යශ්‍රාවක ම අකුසල් දුරලයි. කුසල් වඩයි. සාවද්‍යය දුරලයි. අනවද්‍ය වඩයි. ශුද්ධාත්මය පරිහරණය කරන්නේ ය. මෙ පළමු සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT(2) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ පරිඛා හොති ගම්භීරා චෙව විත්ථතා ච අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො හිරිමා හොති, හිරීයති කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. හිරිපරිඛො{1} භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉමිනා දුතියෙන සද්ධම්මෙන සමන්නාගතො හොති.
Sinhala BJT(2) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ගැඹුරු වූ ද පුළුල් වූ ද දිය අගල ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහාත් බාහිරයන් වළහනු සඳහාත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම අරීසවු හිරි ඇතියේ වෙයි, කායදුශ්චරිතයෙන්, වාග්දුශ්චරිතයෙන්, මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලමු අකුසල් දහම්හි යෙදීමෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, දිය අගල බඳු හිරියෙන් යුත් අරීසවු අකුසල් දුරලයි, කුසල් වඩයි. සාවද්‍ය දුරලයි, අනවද්‍ය වඩයි. ශුද්ධ ආත්මය පරිහරණය කෙරෙයි. මෙ දෙවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT(3) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ අනුපරියායපථො හොති උච්චො චෙව විත්ථතො ච, අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො ඔත්තප්පී හොති. ඔත්තප්පති කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන, ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ඔත්තප්පපරීයාය පථො භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉමිනා තතියෙන සද්ධම්මෙන සමන්නාගතො හොති.
Sinhala BJT(3) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි උස් වූත් පුළුල් වූත් අනුපරියායපථය අබතුරුදනන් රැක්ම සඳහාත් බැහැරියන් වළහනු සඳහාත් වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම අරීසවු ඔතප් ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන්, වාග්දුශ්චරිතයෙන්, මනෝදුශ්චරිතයෙන් බිය දනවයි. ලාමක අකුශලධර්‍ම සමාපත්තියෙන් බිය දනවයි. මහණෙනි, ඔත්තප්පපරියායපථය ඇති ආර්‍ය්‍යශ්‍රාවක අකුශලය දුරලයි. කුශලය වඩයි. සාවද්‍ය දුරලයි. අනවද්‍යය වඩයි. ශුද්ධ වු ආත්මය පරිහරණ කරයි. මේ තෙවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT(4) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං ආවුධං සන්නිචිතං හොති, සලාකං චෙව ජෙවනියඤ්ච අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණා පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. සුතාවුධො භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉමිනා චතුත්ථෙන සද්ධම්මෙන සමන්නාගතෙ හොති.
Sinhala BJT(4) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි අභ්‍යන්තරජනයා රැක්ම සඳහාත් බැහැරියන් වළහනු සඳහාත් ශලාකා හා ජෙවනීය යයි බොහෝ ආයුධ රැස් කරණලද වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවක බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ වෙයි. යම් එ ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ ඇති සාර්‍ත්‍ථ වූවාහු සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ වූවාහු පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බහුශ්‍රුත වෙත්. ධරණලද වෙත්. වචනයෙන් පුරුදු කරණලද වෙත්. මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්. ප්‍රඥාදෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්. මහණෙනි, ශ්‍රැතය අවි කොට ඇති ආර්‍ය්‍යශ්‍රාවක අකුශලය දුරලයි. කුශලය වඩයි. සාවද්‍යය දුරලයි. අනවද්‍යය වඩයි. පිරිසිදු ආත්මයක් පරිහරණ කරයි. මේ සතරවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT(5) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහු බලකායො පටිවසති, සෙය්යථීදං: හත්ථාරොහා අස්සාරොහා රථිකා ධනුග්ගහා චෙලකා චලකා පිණ්ඩදායිකා උග්ගා රාජපුත්තා පක්ඛන්දිනො මහානාගා සූරා චම්මයොධිනො දාසකපුත්තා අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. විරියබලකායො භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉමිනා පඤ්චමෙන සද්ධම්මෙන සමන්නාගතො හොති.
Sinhala BJT(5) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි හස්ත්‍යරෝහ ය, අශ්වාරෝහ ය, රථික ය, ධනුර්ධර ය, චෙලක ය, චලකය ,පිණ්ඩදායක ය. උග්‍රරාජපුත්‍රය, ප්‍රස්කන්‍දීහු ය, මහානාග ය, සූර අසහාය ය, චර්‍මයෝධි ය, දාසකපුත්‍ර ය යන බලකාය ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහාත් බාහිරයන් නවතනු සඳහාත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා කුශලධර්‍මයන්හි ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ නො හළ වැරධුර ඇතියේ රුකුළුවැර ඇතියේ වෙසෙයි. මහණෙනි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත බලකාය ඇති ආර්‍ය්‍යශ්‍රාවක අකුසල් දුරලයි. කුසල් වඩයි. සාවද්‍ය දුරලයි. අනවද්‍ය වඩයි. ශුද්ධ ආත්මය පරිහරණ කරයි. මෙ පස්වන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT(6) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ දොවාරිකො හොති පණ්ඩිතො වියත්තො මෙධාවී අඤ්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. සති දොවාරිකො භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉමිනා ඡට්ඨෙන සද්ධම්මෙන සමන්නාගතො හොති.
Sinhala BJT(6) මහණෙනි, යම් පරිදි රජුගේ පසල් නුවරෙහි පණ්ඩිත, ව්‍යක්ත, මේධාවී වූ අඥාතයන් වළහන, ඥාතයන් පිවිස්වන ද්වාරපාලයා අභ්‍යන්තර ජනයාගේ රැක්ම සඳහා බාහිර සතුරන් වළහනු සඳහා වේ ද, මහණෙනි, එපරිදි අරීසවු උත්තම ස්මෘතියෙන් හා නිපකභාවයෙන් සමන්‍වාගත වූ, බොහෝ පෙර කළ දෑ හා බොහෝ පෙර බිඳුණු දෑ සිහි කරන්නේ පුනපුනා සිහි කරන්නේ ස්මෘති ඇතියේ වෙයි. මහණෙනි, සිහිය දොරටුපල් කොට ඇති අරීසවු අකුසල් දුරලන්නේ ය, කුසල් වඩන්නේ ය, සාවද්‍ය දුරලන්නේ ය, අනවද්‍ය වඩන්නේ ය. පිරිසිදු ආත්මය පරිහරණය කරන්නේ ය. මෙ සවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT(7) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ පාකාරො හොති උච්චො චෙව විත්ථතො ච වාසනලෙපනසම්පන්නො ච අබ්භන්තරානං ගුත්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. පඤ්ඤාවාසනලෙපනසම්පන්නො භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉමිනා සත්තමෙන සද්ධම්මෙන සමන්නාගතො හොති.
Sinhala BJT(7) මහණෙනි, යම් පරිදි රජුගේ පසල් දනවු නුවර වාසනලේපනයෙන් සම්පූර්‍ණ වූ උස් වූත් පුළුල් වූත් පවුර අභ්‍යන්තරිකයන්ගේ ගෝපනය සඳහාත් බාහිරයන්ගේ නිවාරණය සඳහාත් වන්නේ ද, මහණෙනි, ඒ පරිදි ම ආර්‍ය්‍යශ්‍රාවක උදව්‍යගාමිණී වූ ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කල මනාසේ දුඃඛක්‍ෂයට යන විදර්‍ශනා ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, ප්‍රඥාවාසනලේපනයෙන් සපන් අරිසවු අකුසලය දුරලයි, කුසලය වඩයි, සාවද්‍ය දුරලයි, අනවද්‍ය වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරන්නේ ය. මෙ සත්වන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTඉමෙහි සත්තහි ධම්මෙහි සමන්නාගතො හොති.
Sinhala BJTමෙ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.