Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10701-10800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං තස්ස{1} අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසිස්සන්ති, යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තස්සෙව අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙය්යුං.
Sinhala BJTස්වාමීනි, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ වේ ද, දහම් දෙසන රහත්හු කවර හෙයින් ඔහුට පළමු දම් දෙසත් ද, ස්වාමීනි, සැදැහැති දානපති වූ අනුප්‍රදානයෙහි ඇලුනු යම් පුරුෂයෙක් වේ නම්, දහම් දෙසන රහත්හු ඔහට මැ පළමු කොට දහම් දෙසත්.
Pali BJT(5) තං කිං මඤ්ඤසි සීහ, කස්ස නු ඛො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡෙය්ය යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
Sinhala BJT(5) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ වේ ද, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලුනේ වේ ද, (ඔවුනතුරින්) කවරක්හුගේ කලණ කිත් ගොස උස් ව නැගේ ද?
Pali BJTයො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො කිං තස්ස{1} කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡිස්සති, යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තස්සෙව කල්යාණො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡෙය්ය.
Sinhala BJTස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ නම්, කවර හෙයින් ඔහුගේ කලණ කිත් ගොස උස්ව නැගේ ද? ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ නම්, ඔහුගේ ම කලණ කිත් ගොස උස් ව නැගෙයි.
Pali BJT(6) තං කිං මඤ්ඤසි සීහ, කො නු ඛො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමෙය්ය යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමෙය්ය අමඞ්කුභූතො, යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
Sinhala BJT(6) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වේ ද, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ ද, (ඔවුනතුරෙහි) කැත් පිරිසකට වේවයි බමුණු පිරිසකට වේවයි ගැහැවි පිරිසකට වේවයි මහණ පිරිසකට වේවයි යම් මැ පිරිසකට එළැඹේ නම් කවරෙක් අමඞ්කු වූයේ විශාරද ව එළඹේ ද?
Pali BJTයො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං සො යඤ්ඤදෙව{1} පරිසං උපසඞ්කමිස්සති, යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, සො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමෙය්ය යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො.
Sinhala BJTස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදෑ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභව බණන්නේ නම්, කැත් පිරිසට වේවයි බමුණු පිරිසට වේවයි ගැහැවි පිරිසට වේවයි මහණ පිරිසට වේවයි කිම හේ යම් මැ පිරිසක් වෙත මඞ්කු වූයේ විශාරද නො වූයේ එළැඹෙන්නේ ද, ස්වාමීනි, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ ද, හේ කැත් පිරිසට වේවයි බමුණු පිරිසට වේවයි ගැහැවි පිරිසට වේවයි මහණ පිරිසට වේවයි යම් මැ පිරිසකට එළැඹේ නම් අමඞ්කු වූයේ විශාරද වූයේ මැ එළඹෙයි.
Pali BJT(7) තං කිං මඤ්ඤසි සීහ, කො නු ඛො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති, යො ච ඛො සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
Sinhala BJT(7) සීහය, එ කිමෙකැ යි හඟනාව, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වූයේ නම්, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ නම්, (ඔවුන්ගෙන්) කවරෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණේ ද?
Pali BJTයො සො භන්තෙ පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති, යො ච ඛො සො භන්තෙ, පුරිසො දානපති අනුප්පදානරතො, සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය.
Sinhala BJTස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදෑ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වූයේ නම්, හේ කවර හෙයෙකින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළැඹේ ද, ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, හේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළැඹෙයි.
Pali BJTයානිමානි භන්තෙ, භගවතා ඡ සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි. අහම්පෙතානි ජානාමි.
Sinhala BJTස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම්බඳු මේ සාංදෘෂ්ටික වූ දානඵලයෝ සදෙනෙක් වදාරණලදහු නම්, එහි ලා මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැදැහැයෙන් නො එළඹෙමි. මම ද තෙල (දන්පල) දනිමි.
Pali BJTඅහං භන්තෙ, දායකො දානපති. මං අරහන්තො පඨමං අනුකම්පන්තා අනුකම්පන්ති. අහං භන්තෙ, දායකො දානපති. මං අරහන්තො පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමන්ති අහං භන්තෙ, දායකො දානපති. මය්හං අරහන්තො පඨමං පතිගණ්හන්තා පතිගණ්හන්ති. අහං භන්තෙ, දායකො දානපති. මය්හං අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙන්ති. අහං භන්තෙ, දායකො දානපති. මය්හං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: “සීහො සෙනාපති දායකො කාරකො සඞ්ඝුපට්ඨාකො’ති. අහං භන්තෙ, දායකො දානපති. යඤ්ඤදෙව පරිසං උපසඞ්කමාමි යදි ඛත්තියපරිසං, යදි බ්රාහ්මණපරිසං, යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ්කමාමි අමඞ්කුභූතො.
Sinhala BJTස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. අනුකම්පා කරණ රහත්හු මට ම පළමු අනුකම්පා කරති. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. වෙත එළඹෙන රහත්හු මා වෙත ම පළමු එති. ස්වාමීනි, මම දානපති දායකයෙක්මි. (දන්) පිළිගන්නා රහත්හු මාගේ ම (දන්) පළමු පිළිගණිත්. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. දහම් දෙසන්නාවූ රහත්හු මට ම පළමු දහම් දෙසති. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. මාගේ කලණ කිත්ගොස උස්ව නැඟුනේ වෙයි: ‘සීහසෙනෙවි දායකයෙක, කාරකයෙක, සඞ්ඝෝපස්ථායකයෙකැ’ (කියා) යි. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. කැත් පිරිසට වේවයි, බමුණු පිරිසට වේවයි, ගැහැවි පිරිසට වේවයි, මහණ පිරිසට වේවයි, යම් මැ පිරිසකට එළැඹෙම් නම්, මම අමඞ්කුවූ (දීන නොවූ) යෙම්, විශාරද (නිර්භීත) වූයෙම් එළැඹෙමි.
Pali BJTයානිමානි භන්තෙ, භගවතා ඡ සන්දිට්ඨිකානි දානඵලානි, අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි. අහම්පෙතානි ජානාමි.
Sinhala BJTස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම්බඳු වූ මේ සාංදෘෂ්ටික දානඵල සදෙනෙක් දෙසනලදහු නම් මම එහි ලා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැදැහැයෙන් නො යමි. මම ද තෙල (දන්පල) දනිමි.
Pali BJTයං ච ඛො මං භන්තෙ, භගවා එවමාහ: ‘දායකො සීහ, දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’ති. එතාහං න ජානාමි. එත්ථ ච පනාහං භගවතො සද්ධාය ගච්ඡාමි.
Sinhala BJTස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ “සීහය, දානපති වූ දායකයා කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළැඹෙයි” යන යමක් දෙසූසේක් නම් තෙල (කරුණ) මම නො දනිමි. එහි ලා මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැදැහැයෙන් යමි. (බුද්ධි ප්‍රත්‍යයෙන් නො එළැඹෙමි)
Pali BJTඑවමෙතං සීහ, එවමෙතං සීහ, දායකො සීහ, දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJTසීහය, තෙල (කරුණ) එසේ මැ යි. සීහය, දානපති වූ දායක තෙමේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණේ යයි.
Pali BJT7. 2. 1. 5.
Sinhala BJT7. 2. 1. 5.
Pali BJT[අරක්ඛෙය්ය සුත්තං]
Sinhala BJT[අරක්ඛෙය්‍ය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT5. චත්තාරිමානි භික්ඛවෙ, තථාගතස්ස අරක්ඛෙය්යානි. තීහි ච අනුපවජ්ජො.
Sinhala BJT5. මහණෙනි, තථාගතයන් වහන්සේගේ මෙ අරක්‍ෂණීය (නොරැක්කයුතු) ධර්‍ම සතරෙකි. තුන් කරුණෙකිනුදු තථාගතයෝ අනුපවද්‍යයෝ (වැරදි නො කියයුත්තෝ) වෙත්.
Pali BJTකතමානි චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්යානි:
Sinhala BJTතථාගතයන් වහන්සේගේ අරක්‍ෂණීය කරුණු සතර කවරේ ය යත්:
Pali BJT(1) පරිසුද්ධකායසමාචාරො භික්ඛවෙ, තථාගතො නත්ථි තථාගතස්ස කායදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය “මා මෙ ඉදං පරො අඤ්ඤාසී” ති. (2) පරිසුද්ධවචීසමාචාරො භික්ඛවෙ, තථාගතො. නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය “මා මෙ ඉදං පරො අඤ්ඤාසී”ති. (3) පරිසුද්ධමනොසමාචාරො භික්ඛවෙ, තථාගතො. නත්ථි තථාගතස්ස මනොදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය “මා මෙ ඉදං පරො අඤ්ඤාසී”ති. (4) පරිසුද්ධාජීවො භික්ඛවෙ, තථාගතො. නත්ථි තථාගතස්ස මිච්ඡාජිවො.{1} යං තථාගතො රක්ඛෙය්ය “මා මෙ ඉදං පරො අඤ්ඤාසී”ති.
Sinhala BJT(1) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ කාය සමාචාර ඇතියහ. “මාගේ මේ කාදුසිරිත අන්‍යයා නො දනීවා” යි යම් කාදුසිරිතක් තථාගතයෝ රක්නාහු නම් එබඳු කායදුශ්චරිතයෙක් තථාගතයනට නැත. (2) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ වාක්සමාචාර ඇතියහ. “මාගේ මේ (වාග්දුශ්චරිතය) අන්‍යයා නහමක් දනීව” යි යම් වාග්දුශ්චරිතයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු වාග්දුශ්චරිතයෙක් තථාගතයනට නැත. (3) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ මනෝසමාචාර ඇතියහ. “මාගේ මේ මනෝදුශ්චරිතය අන්‍යයා නහමක් දනීව” යි යම් මනෝදුශ්චරිතයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු මනෝදුශ්චරිතයෙක් තථාගතයනට නැත. (4) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධාජීව ඇතියහ. “මාගේ මේ මිථ්‍යාජීවය අන්‍යයා නහමක් දනීවා” යි යම් මිථ්‍යාජීවයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු මිථ්‍යාජීවයෙක් තථාගතයනට නැත.
Pali BJTඉමානි චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්යානි
Sinhala BJTමේ තථාගතයන් වහන්සේගේ අරක්‍ෂණීය කරුණු සතර වෙත්.
Pali BJTකතමෙහි තීහි අනුපවජ්ජො
Sinhala BJTකවර කරුණු තුණෙකින් අනුපවද්‍යයෝ වෙති යත්:
Pali BJT(1) ස්වාක්ඛාතධම්මො භික්ඛවෙ, තථාගතො. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සති “ඉතිපි ත්වං න{2} ස්වාක්ඛාතධම්මො”ති. නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං{3} භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJT(1) මහණෙනි, තථාගතයෝ ස්වාඛ්‍යාතධර්‍ම ඇත්තෝ වෙති. මහණෙනි, එහි ලා “මෙකරුණිනුදු මුඹ ස්වාඛ්‍යාතධර්‍ම ඇතියහු නො වෙති” යි ශ්‍රමණයෙක් වේව යි බ්‍රාහ්මණයෙක් වේව යි දෙවියෙක් වේව යි මාරයෙක් වේව යි බ්‍රහ්මයෙක් වේව යි ලොව්හි අන් කිසිවෙක් වේව යි සකාරණ ව එකැතින් පෙරළා මට චෝදනා කරන්නේ ය යන තෙල නිමිත්ත (කරුණ), මහණෙනි, මම බුදුඇසින් නො දක්මි. මහණෙනි, තෙල නිමිත්ත නො දක්නෙම් ක්‍ෂේමප්‍රාප්තයෙම් අභයප්‍රාප්තයෙම් විශාරදභාවයට පැමිණියෙම් වෙසෙමි.
Pali BJT(2) සුපඤ්ඤත්තා ඛො පන මෙ භික්ඛවෙ, සාවකානං නිබ්බානගාමිනීපටිපදා යථාපටිපන්නා මම සාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සති “ඉතිපි තෙ න සුපඤ්ඤත්තා සාවකානං නිබ්බානගාමිනී පටිපදා යථා පටිපන්නා තථාගතසාවකා{4} ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී”ති. නිමිත්තමෙතං භික්ඛවෙ න සමනුපස්සාමි. එතම්පහං{3} භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJT(2) මහණෙනි, යම් පරිදි පිළිපන් මාගේ සව්වෝ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙත් නම්, මා විසින් සව්වනට නිර්‍වණගාමිනීප්‍රතිපද් එබඳු මැනැවින් පණවනලදු. එහි ලා එකැතින් මහණෙක් වේව යි, බමුණෙක් වේව යි, දෙවියෙක් වේව යි, මරෙක් වේව යි, බඹෙක් වේව යි, ලොව්හි අන් කිසිවෙක් වේව යි මට සහධාර්මික කොට පෙරළා චෝදනා කරන්නේ “යම් පරිද්දෙකින් පිළිපන් තථාගතශ්‍රාවකයෝ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙත් නම්, එපරිදි මුඹ විසින් ශ්‍රාවකයනට නිර්‍වණගාමිනීප්‍රතිපද් මෙ කරුණින් ද මනාකොට නො පණවන ලදු ය”යි කියන්නේ නම්, මහණෙනි, තෙල නිමිත්ත මම බුදු ඇසින් නො දක්මි. මහණෙනි, මෙ නිමිත්ත ද නො දක්නෙම් මම ක්‍ෂේමප්‍රාප්තයෙම් අභයප්‍රාප්තයෙම් වෛශාරද්‍යප්‍රාප්තයෙම් වෙසෙමි.
Pali BJT(3) අනෙකසතා ඛො පන මෙ භික්ඛවෙ, සාවකපරිසා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සති “ඉතිපි තෙ න අනෙකසතා සාවකපරිසා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී”ති. නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJTමහණෙනි, මාගේ අනේකශතශ්‍රාවක පිරිස්හු ඉහාත්මයෙහි ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙත්. එහි ලා “මෙ කරුණෙනුදු මුඹගේ අනේකශත ශ්‍රාවක පිරිස්හු ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති තුමූ ඉහාත්මයෙහි ම විහිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ නො වෙසෙත්” යයි ඒකාන්තයෙන් මට මහණෙක් වේව යි, බමුණෙක් වේව යි, දෙවියෙක් වේව යි, මරෙක් වේව යි, බඹෙක් වේව යි, ලොව්හි අන් කිසිවෙක් වේව යි කරුණු සහිතව ප්‍රතිචෝදනා කරන්නේ ය යන තෙල නිමිත්ත මම නො දක්මි. මහණෙනි, තෙල නිමිත්ත නො දක්නෙම් මම ක්‍ෂේමප්‍රාප්තයෙම් අභයප්‍රාප්තයෙම් වෛශාරද්‍යප්‍රාප්තයෙම් වාසය කරමි.
Pali BJTඉමෙහි තීහි අනුපවජ්ජො.
Sinhala BJTමෙ කරුණු තුණෙන් තථාගතයෝ අනුපවද්‍යයෝ වෙත්.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්යානි. ඉමෙහි තීහි අනුපවජ්ජොති.
Sinhala BJTමහණෙනි, තථාගතයන්ගේ මේ අරක්‍ෂණීය කරුණු සතර යි. මෙ කරුණු තුණෙන් තථාගතයෝ අනුපවද්‍ය වෙති යි.
Pali BJT7. 2. 1. 6.
Sinhala BJT7. 2. 1. 6.
Pali BJT[කිම්බිල සුත්තං]
Sinhala BJT[කිම්බිල සූත්‍රය]
Pali BJT6. එවං මෙ සුතං: එකං සමයං භගවා කිම්බිලායං විහරති වෙළුවනෙ.{1} අථ ඛො ආයස්මා කිම්බිලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කිම්බිලො භගවන්තං එතදවොච:
Sinhala BJT6. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගරාසන්නයෙහි වේළුවනයෙහි වැඩ වසනසේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
Pali BJT“කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොතී”ති.
Sinhala BJTවහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම්, ඒ හේතු කවරේ ද, එ ප්‍රත්‍යය කවරේදැ? යි.
Pali BJTඉධ කිම්බිල, තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා, ධම්මෙ අගාරවා විහරන්තී අප්පතිස්සා, සඞ්ඝෙ අගාරවා විහරන්තී අප්පතිස්සා, සික්ඛාය අගාරවා විහරන්ති අප්පතිස්සා, සමාධිස්මිං අගාරවා විහරන්ති අප්පතිස්සා, අප්පමාදෙ අගාරවා විහරන්තී අප්පතිස්සා, පටිසන්ථාරෙ අගාරවා විහරන්ති අප්පතිස්සා.
Sinhala BJTකිම්බිලයෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය (ගුරු කොට සැලකුම්) නැත්තාහු වාස කරති. ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරත්. සඟුන් කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය රහිත වූවාහු වෙසෙත්. ශික්‍ෂායෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වසත්. සමාධියෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරති. අප්‍රමාදයෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරත්. පිළිසඳරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරති.
Pali BJTඅයං ඛො කිම්බිල හෙතු අයං පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොතීති.
Sinhala BJTකිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථික නො වේ නම්, මෙ එයට හේතු ය, මෙ එයට ප්‍රත්‍යය යි.
Pali BJTකො පන භන්තෙ, හෙතු, කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො, හොතී, ති.
Sinhala BJTවහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම්, ඒ හේතු කවරේ දැයි.
Pali BJTඉධ කිම්බිල තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි සගාරවා විහරන්ති සප්පතිස්සා, ධම්මෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සඞ්ඝෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සික්ඛාය සගාරවා විහරන්ති සප්පතිස්සා, සමාධිස්මිං සගාරවා විහරන්ති සප්පතිස්සා, අප්පමාදෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, පටිසන්ථාරෙ සගාරවා විහරන්ති සප්පතිස්සා.
Sinhala BJTකිම්බිලයෙනි, තථාගතයන් පිරිනිවි කල්හි මෙ සස්නෙහි මහණ මෙහෙණ උවසු උවැසියෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ධර්‍මයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. සඟුන් කෙරෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ශික්‍ෂායෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. සමාධියෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. අප්‍රමාදයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ප්‍රතිසන්‍ථාරයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ.
Pali BJTඅයං ඛො කිම්බිල හෙතු, අයං පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී’ති.
Sinhala BJTකිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථික වේ නම්, මෙ එ හේතු යි, මෙ එ ප්‍රත්‍යය යි.
Pali BJT7. 2. 1. 7.
Sinhala BJT7. 2. 1. 7.
Pali BJT[සත්තධම්ම සුත්තං]
Sinhala BJT[සත්තධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT7. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය. කතමෙහි සත්තහි:
Sinhala BJT7. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ නො බෝ කලෙකින් ම ඉහාත්මයෙහි ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වු චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වෙසෙන්නේ ය. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධො හොති. සීලවා හොති. බහුස්සුතො හොති පටිසල්ලීනො හොති. ආරද්ධවිරියො හොති. සතිමා හොති. පඤ්ඤවා හොති.
Sinhala BJTමහණෙනි. මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල්වත් වෙයි, බහුශ්‍රුත වෙයි, ප්‍රතිසංලීන වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ස්මෘතිමත් වෙයි, ප්‍රඥාවත් වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ නො බෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වු චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වාසය කරන්නේ යයි.
Pali BJT7. 1. 2. 8.
Sinhala BJT7. 2. 1. 8.
Pali BJT[පචලායන සුත්තං]
Sinhala BJT[පචලායන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT8. එවං මෙ සුතං: එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො මගධෙසු කල්ලවාලමුත්තගාමෙ{1} පචලායමානො නිසින්නො හොති. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන ආයස්මන්තං මහාමොග්ගල්ලානං මගධෙසු කල්ලවාලමුත්තගාමෙ පචලායමානං නිසින්නං. දිස්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං{2} වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව භග්ගෙසු සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ අන්තරහිතො මගධෙසු කල්ලවාලමුත්තගාමෙ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පමුඛෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච.
Sinhala BJT8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ මෘගදාව නම් භේසකලාවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැස්නැණින් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුටුසේක් ම ය. දැක බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නේ හෝ දික්කළ අතක් වක්කරන්නේ යම්සේ නම්, එසෙයින් ම භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ භෙසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන්වූසේක් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් හමුයෙහි පැණීගියසේක. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කරුණ වදාළ සේක:
Pali BJTපචලායසි නො ත්වං මොග්ගල්ලාන, පචලායසි නො ත්වං මොග්ගල්ලානාති. එවං භන්තෙති.
Sinhala BJTමුගලන, තෝ නිදිබරින් සැලෙයි නොයි. මුගලන, තෝ නිදන්නෙහි නො යි. වහන්ස, එසේ ය යි.
Pali BJT(1) තස්මාතිහ ත්වං මොග්ගල්ලාන යථා සඤ්ඤිනො{1} තෙ විහරතො තං මිද්ධං ඔක්කමති, තං සඤ්ඤං මා මනසාකාසි.{2} තං සඤ්ඤං මා බහුලමකාසි.{3} ඨානං ඛො පනෙතං මොග්ගල්ලාන විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
Sinhala BJT(1) එහෙයින් මුගලන, තෝ මෙහි ලා යම් යම් සංඥා ඇතිව වසන තොපට ඒ මිද්ධය බැසගනී නම්, ඒ සංඥාව නහමක් මෙනෙහි කරව, ඒ සංඥාව නහමක් බහුල කරව. මුගලන, මෙසේ වාසය කරණ තොපට ඒ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන මේ කරුණ විද්‍යමාන වෙයි.
Pali BJT(2) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ. තතො ත්වං මොග්ගල්ලාන යථා සුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙය්යාසි, අනූවිචාරෙය්යාසි, මනසානුපෙක්ඛෙය්යාසි.{4} ඨානං ඛො පනෙතං විජ්ජති, යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
Sinhala BJT(2) ඉදින් මෙසේ වසන තොපගේ ඒ මිද්ධය ප්‍රහීණ නොවේ නම්, මුගලන, තෝ ඉක්බිති යථාශ්‍රැත වූ යථාපර්‍ය්‍යාප්ත වූ ධර්‍මය සිතින් අනුවිතර්‍කණය කරව, අනුවිචාරණය කරව, මනසින් අනුප්‍රේක්‍ෂණ කරව. මෙසේ වසන තොපගේ ඒ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
Pali BJT(3) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
Sinhala BJT(3) ඉදින් මෙසේ වසන තොපගේ එ මිද්ධය ප්‍රහීණ නොවේ නම්, මුගලන, එක්බිති තෝ යථාශ්‍රැත වූ යථාපර්‍ය්‍යාප්ත වූ ධර්‍මය විස්තර විසින් ස්වාධ්‍යාය (මැනවින් ශබ්ද) කරව. මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ ඇත.
Pali BJT(4) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, උභො කණ්ණසොතානි ආවිඤ්ජෙය්යාසි{5} පාණිනා ගත්තානි අනුමජ්ජෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
Sinhala BJT(4) මෙසේ වාසය කරණ තාගේ ඒ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, මෞද්ගල්‍යායනයෙනි, එක්බිති තෝ දෙකන් සිදුරු හා ගාත්‍ර අත්ලෙන් පිරිමදුව. මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන මෙ කරුණ ඇත.
Pali BJT(5) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, උට්ඨායාසනා උදකෙන අක්ඛීනි අනුමජ්ජිත්වා{6} දිසා අනුවිලොකෙය්යාසි. නක්ඛත්තානි තාරකරූපානි උල්ලොකෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
Sinhala BJT(5) මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, මෞද්ගල්‍යායනයෙනි, එක්බිති තෝ හුනස්නෙන් නැඟී දියෙන් දෙයැස් පිරිමැද දිගුන් අනුවිලෝකන කරව, නැකැත් හා තාරුකරූපයන් බලව. මෙසේ වාසය කරණ තාගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
Pali BJT(6) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, ආලොකසඤ්ඤං මනසිකරෙය්යාසි, දිවාසඤ්ඤං අධිට්ඨෙය්යාසි. යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා ඉති විවටෙන{7} චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
Sinhala BJT(6) මෙසේ වාසය කරණ තාගේ එ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, මෞද්ගල්‍යායනයෙනි, එක්බිති තෝ ආලෝකසංඥාව මෙනෙහි කරව, දිවාසංඥාව ඉටව, දහවල යම්පරිදි වේ ද, රාත්‍රිය ද එපරිදි ය, රාත්‍රිය යම් පරිදි වේ නම් දහවල ද එපරිදි වේ යයි මෙසේ විවෘත වූ කෙලෙසුන්ගෙන් නො වෙළුනු සිතින් සප්‍රභාෂ චිත්තය වඩව. මෙ ලෙසින් වාසය කරණ තොපගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
Pali BJT(7) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, පච්ඡාපුරෙසඤ්ඤී චඞ්කමං අධිට්ඨෙය්යාසි අන්තොගතෙහි ඉන්ද්රියෙහි අබහිගතෙන මානසෙන. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
Sinhala BJT(7) මුගලන, මෙසේ වසන තොපගේ එ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, තෝ පෙර පසු හැඟුම් ඇතියෙහි අභ්‍යන්තර ඉන්‍ද්‍රියයන්ගෙන් උපලක්‍ෂිත වූයෙහි බැහැර නොගිය සිතින් චංක්‍රමණය ඉටන්නෙහි ය. යම් හෙයෙකින් මෙසේ වසන තොපගේ එ මිද්ධය ප්‍රහීණ වේ නම් එ කරුණ විද්‍යමාන ය.
Pali BJTනො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙය්යාසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. පටිබුද්ධෙනෙව{8} තෙ මොග්ගල්ලාන, ඛිප්පංයෙව පච්චුට්ඨාතබ්බං: න සෙය්යසුඛං න ඵස්සසුඛං න මිද්ධසුඛං අනුයුත්තො විහරිස්සාමීති. එවං හි තෙ මොග්ගල්ලාන, සික්ඛිතබ්බං.
Sinhala BJTඉදින් මෙසේ වසන තොපට එ මිද්ධය ප්‍රහීණ නො වේ නම්, මුගලන, ඉක්බිති තෝ දකුණු පාදයෙහි වම් පය මඳක් හැද තබා ස්මෘතිමත් ව සම්ප්‍රජන්‍ය ඇත්තෙහි උත්තානසංඥා මෙනෙහි කොට දකුණැළයෙන් ශය්‍යා කරව. මුගලන, ප්‍රබුද්ධ වු ද තා විසින් වහා නැගීසිටිය යුතු: ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, මිද්ධසුඛයෙහි, අනුයුක්තයෙම් නො වෙසෙමි’ යි. මෞද්ගල්‍යායනයෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු යි.
Pali BJTතස්මාතිහ මොග්ගල්ලාන එවං සික්ඛිතබ්බං: න උච්චාසොණ්ඩං පග්ගහෙත්වා කුලානි උපසඞ්කමිස්සාමීති. එවං හි තෙ මොග්ගල්ලාන, සික්ඛිතබ්බං.
Sinhala BJTමුගලන, එකරුණින් මෙහි ලා මාන නමැති සොඬ දැඩිව ගෙණ කුලයන් කරා නො එළඹෙමි’ යි මෙසේ තොප විසින් ම හික්මිය යුතු යි. තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJTසචෙ මොග්ගල්ලාන, භික්ඛු උච්චාසොණ්ඩං පග්ගහෙත්වා කුලානි උපසඞ්කමති, සන්ති හි මොග්ගල්ලාන, කුලෙසු කිච්චකරණීයානි යෙන{1} මනුස්සා ආගතං භික්ඛුං න මනසිකරොන්ති. තත්ර භික්ඛුස්ස එවං හොති: කොසුදානි{2} මං ඉමස්මිං කුලෙ පරිභින්දි. විරත්තරූපාදානි මෙ මනුස්සාති.{3} ඉතිස්ස අලාභෙන මඞ්කුභාවො. මඞ්කුභූතස්ස උද්ධච්චං. උද්ධතස්ස අසංවරො. අසංවුතස්ස ආරා චිත්තං සමාධිම්හා.
Sinhala BJTමුගලන, ඉදින් මහණ, උස් වූ මාන නැමැති සොඬ දැඩිව ගෙණ කුලයන් වෙත එළැඹේ නම්, මෞද්ගල්‍යායනයෙනි, යම්හෙයෙකින් මනුෂ්‍යයෝ පැමිණි මහණ මෙනෙහි නො කෙරෙත් නම්, කුලයන්හි එබඳු කුදුමහත් කරණී වෙති. එහි ලා මහණහට මෙබඳු සිතෙක් වෙයි: “කවරෙක් නම් මා මෙකුලෙහි දැන් බිඳුවා ද, දැන් මෙ මිනිස්සු මා කෙරෙහි නො ඇලෙන සැහැවි ඇත්තාහ” යි මෙසේ ඔහට අලාභයෙන් මකුබව වෙයි. මකු වූවහුට නො සන්හුන්බව වෙයි. නොසන්සුන් සිත් ඇතියාහට අසංවර වෙයි. අසංවෘතයාගේ චිත්තය සමාධියෙන් දුරු වෙයි.
Pali BJTතස්මාතිහ මොග්ගල්ලාන, එවං සික්ඛිතබ්බං: න විග්ගාහිකකථං කථෙස්සාමීති. එවං හි තෙ මොග්ගල්ලාන, සික්ඛිතබ්බං. විග්ගාහිකාය මොග්ගල්ලාන කථාය සති කථාබාහුල්ලං පාටිකඞ්ඛං. කථාබාහුල්ලෙ සති උද්ධච්චං. උද්ධතස්ස අසංවරො. අසංවුතස්ස ආරා චිත්තං සමාධිම්හා.
Sinhala BJTමෞද්ගල්‍යායනයෙනි, මෙහි ලා මෙසේ හික්මිය යුතු යි: විග්‍රාහික කථා (කලහයට හේතුකථා) නො කරන්නෙමි යි. මුගලන, තොප විසින් මෙසේ ම හික්මියයුතු යි. මුගලන, විග්‍රාහික කථා ඇති වත් ම කථා බාහුල්‍යය කැමැති වියයුතු. කථා බාහුල්‍යය ඇතිවත් ම උද්ධතභාවය වෙයි. උද්ධතයාහට අසංවරය වෙයි. අසංවෘත වූවහුගේ චිත්තය සමාධියෙන් දුරු වේ.
Pali BJTනාහං මොග්ගල්ලාන, සබ්බෙහෙව සංසග්ගං වණ්ණයාමි. න පනාහං මොග්ගල්ලාන සබ්බෙහෙව සංසග්ගං න වණ්ණයාමි. සගහට්ඨපබ්බජිතෙහි ඛො අහං මොග්ගල්ලාන සංසග්ගං න වණ්ණයාමි. යානි ච ඛො තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි, තථාරූපෙහි සෙනාසනෙහි සංසග්ගං වණ්ණයාමීති.
Sinhala BJTමෞද්ගල්‍යායනයෙනි, මම හැම කෙනකුන් හා සමගම සංසර්‍ගය නො පසසමි. මෞද්ගල්‍යායනයෙනි, මම හැම දෙනෙකුන් හා සමගම සසඟ නො පසසන්නෙම් නො වෙමි. මෞද්ගල්‍යායනයෙනි, ගැහැවියන් හා පැවිද්දන් හා ම සංසර්‍ගය නො වණමි. අල්පශබ්ද ඇති, ඝෝෂා රහිත, ජනවාතයෙන් තොර වූ මිනිසුන්ගේ රහස්‍ය ක්‍රියාවට යෝග්‍ය වූ පිළිසනට සරුප් වූ යම් සෙනසුන් වෙත් නම්, එබඳු සෙනසුන් හා සසඟ මම පසසමියි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: කිත්තාවතා නු ඛො භන්තෙ, භික්ඛු සඞ්ඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: වහන්ස, මහණ කෙතෙක් කරුණින් අත්‍යන්තනිෂ්ඨා ඇතියේ, අත්‍යන්තයෝගක්‍ෂේමී වූයේ, අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ, අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ, දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූයේ සැකෙවින් තෘෂ්ණාසංක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි මිදුනේ වේ දැයි.
Pali BJTඉධ මොග්ගල්ලාන, භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවං චෙතං මොග්ගල්ලාන, භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති.
Sinhala BJTමුගලන, මෙ සස්නෙහි මහණහු විසින් පඤ්චස්කන්‍ධාදී සර්‍වධර්‍මයෝ තෘෂ්ණාදෘෂ්ට්‍යාදී විසින් අභිනිවේශයට නො නිස්සහ’යි අසනලද වෙයි. මුගලන, මෙසේත් සර්‍වධර්‍මයෝ අභිනිවේශයට නො නිස්සහ යන තෙල කරුණ භික්‍ෂූ විසින් අසනලද වෙයි.
Pali BJTසො සබ්බං ධම්මං අභිජානාති. සො සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො, විරාගානුපස්සී විහරන්තො, නිරොධානුපස්සී විහරන්තො, පටිනිස්සාග්ගානුපස්සී විහරන්තො න ච කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තංයෙව පරිනිබ්බායති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTහෙ හැම ධර්‍ම (අනිත්‍යාදි විසින් ඥාතපරිඥානයෙන්) මොනොවට දනියි. හෙ හැම ධර්‍ම (අනිත්‍යාදි විසින් විශිෂ්ටඥානයෙන්) දැන හැම ධර්‍මය (තීරණපරිඥානයෙන්) පරිජානනය කෙරෙයි. හැම ධර්‍ම පරිජානනය කොට සුඛ වේදනා වේවයි, දුඃඛවේදනා වේවයි, අදුඃඛ අසුඛවේදනා (උපේක්‍ෂාවේදනා) වේවයි, යම් කිසි වේදනාවක් විඳී නම්, එ වේදනාවන්හි අනිත්‍යානුදර්ශී ව වාසය කරයි. (ද්විවිධ) විරාගානුදර්ශී ව වාසය කරයි. නිරෝධානුදර්ශී ව වාසය කරයි. (ද්විවිධ) ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී ව වාසය කෙරෙයි. හේ එ වේදනාවන්හි අනිත්‍යානුදර්ශී ව වසන්නේ, විරාගානුදර්ශී ව වසන්නේ, නිරෝධානුදර්ශී ව වසන්නේ, ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී ව වසන්නේ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) දැඩි ව නො ගන්නේ ය. දැඩි කොට නො ගන්නේ නො තැවෙයි. නො තැවෙනුයේ ප්‍රත්‍යාත්මයෙහි ම ක්ලේශ පරිනිර්‍වාණයකරයි. “ජාතිය ක්‍ෂීණ විය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවනලදී, සිවුමඟ කරණී කරණ ලදී. මෙ බව පිණිස කටයුතු අනෙකෙක් නැතැ”යි දනී.
Pali BJTඑත්තාවතා ඛො මොග්ගල්ලාන, භික්ඛු සඞ්ඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො. සෙට්ඨො දෙවමනුස්සානන්ති.
Sinhala BJTමුගලන, මෙ තෙක් කරුණින් මහණ සැකෙවින් අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයෝගක්‍ෂේමී වූයේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ තෘෂ්ණාසංක්‍ෂය විමුක්ත වූයේ දෙවිවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වේ ය යි.
Pali BJT7. 2. 1. 9.
Sinhala BJT7. 2. 1. 9.
Pali BJT[මාපුඤ්ඤභායි සුත්තං]
Sinhala BJT[මාපුඤ්ඤභායි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT9. මා භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සෙතං භික්ඛවෙ, අධිවචනං යදිදං පුඤ්ඤන්ති.{1}
Sinhala BJT9. මහණෙනි, පුණ්‍යයනට නහමක් බිය වවු. මහණෙනි, යම් මේ ‘පුණ්‍ය’ යන ශබ්දයෙක් වේ නම් තෙල සුඛයට නමෙකි.
Pali BJTඅභිජානාමි ඛො පනාහං භික්ඛවෙ, දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්තං ඉට්ඨං කන්තං මනාපං විපාකං පච්චනුභූතං. සත්තවස්සානි මෙත්තං චිත්තං{2} භාවෙසිං. සත්තවස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්තසංවට්ටවිවට්ටකප්පෙ{3} නයිමං ලොකං පුනරාගමාසිං. සංවට්ටමානස්සුදාහං{4} භික්ඛවෙ, ලොකෙ ආභස්සරූපගො හොමි. විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්රහ්මවිමානං උපපජ්ජාමි. තත්ර සුදං භික්ඛවෙ, (සත්තක්ඛත්තුං) බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං භික්ඛවෙ සක්කො අහොසිං දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්ස මය්හං භික්ඛවෙ, ඉමානි සත්තරතනානි අහෙසුං. සෙය්යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පන මෙ භික්ඛවෙ, පුත්තා අහෙසුං සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සොහං ඉමං පඨවිං{5} සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසින්ති.{6}
Sinhala BJTමහණෙනි. මම දීර්‍ඝරාත්‍රයෙහි කරණලද පුණ්‍යකර්‍මයන්ගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දීර්‍ඝරාත්‍රයෙහි පුනපුනා විඳුනාලද විපාක මොනොවට දන්මි. සත්වසක් (ධ්‍යානගත) මෙත්සිත් වැඩීමි. සත්වසක් මෙත්සිත් වඩා නස්නා වූ ද වැඩෙන්නා වූ ද කප්සතක් යළි මෙ ලොවට උපත් විසින් නො පැමිණියෙමි. මහණෙනි, ලොව නස්නා කල්හි මම ආභාස්වර බඹලොවට පැමිණියෙමි. ලොව වඩනා කල්පයෙහි ශූන්‍ය බ්‍රහ්මවිමානයෙහි උපදිමි. මහණෙනි, එහි දු මම බ්‍රහ්ම වූයෙම් සෙසු බඹුන් මඩනාසුල්ලෙම්, අභිභූත නො වූයෙම්, ඒකාන්තයෙන් දක්නා සුලුයෙම්, මෙරමා වශයෙහි පවත්වනසුල්ලෙම් වෙමි. මහණෙනි, මම සතිස්වරක් දෙවියනට ඉන්‍ද්‍ර වූයෙම් ශක්‍ර වීමි. නොයෙක්වර ධාර්මික වූ ධර්‍මරාජ වූයෙම් සිවුසයුර හිම් කොට ඇති මිහිපල් වූයෙම් දිනූ සඞ්ග්‍රාම ඇතියෙම්, ජනපදයන්හි ස්ථාවරභාවයට පැමිණියෙම් සත්රුවනින් සමන්‍වාගත වූයෙම් සක්විතිරජවීමි. මහණෙනි, සත්රුවනින් නම්: සක්රුවන, ඇත්රුවන, අස්රුවන, මිණිරුවන. ඉතිරිරුවන. ගැහැවිරුවන, සෙනෙවිරද්රුවන යි. මහණෙනි, එබඳු මට සත්රුවනින්හූ වූහ. මහණෙනි, මට සූර වූ විරාඞ්ගස්වරූප වූ සතුරුසෙන් මඩනා දහසකට වැඩි පුත්‍රයෝ වූහ. එබඳු මම සයුරු හිම් කොට ඇති පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්‍මයෙන් දිනාගෙණ විසීමි යි.
Pali BJT41. පස්ස පුඤ්ඤානං විපාකං කුසලානං සුඛෙසිනො{7} මෙත්තං චිත්තං විභාවෙත්වා සත්තවස්සානි භික්ඛවෙ, සත්ත සංවට්ට-විවට්ටකප්පෙ නයිමං ලොකං පුනාගමං.
Sinhala BJT41. සුවකැමැතියෙනි, කුශල සඞ්ඛ්‍යාත පුණ්‍යයන්ගේ විපාකය නහමවු. මහණෙනි, සත්වසක් මෙත්සිත් වඩා මම සප්තසංවර්‍ත විවර්‍තකල්පයක් මෙ මිනිස්ලොවට පෙරළා නො පැමිණියෙමි.
Pali BJT42. සංවට්ටමානෙ ලොකම්හි හොමි ආභස්සරූපගො, විවට්ටමානෙ ලොකම්හි සුඤ්ඤං බ්රහ්මූපගො{8} අහුං.
Sinhala BJT42. ලෝකය නස්නා කල්හි මම ආභාස්වරෝපග වෙමි. ලෝකය වැඩෙන කල්හි ශුන්‍ය වු බ්‍රහ්මවිමානෝපගවීමි.
Pali BJT43. සත්තක්ඛත්තුං මහාබ්රහ්මා වසවත්තී තදා අහුං. ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT43. එකල්හි මම සත් වරක් වසවත් මහබඹ වීමි. සතිස් වරක් දේවේන්‍ද්‍ර වූයෙම් දෙව්රජය කරවීමි.
Pali BJT44. චක්කවත්තී අහුං රාජා ජම්බුදීපස්ස ඉස්සරො මුද්ධාවසිත්තො ඛත්තියො මනුස්සාධිපතී අහුං.
Sinhala BJT44. මම ජම්බුදීපේශ්වර වූයෙම් සක්විති රජ වීමි. මූර්‍ධාභිෂික්තව ක්‍ෂත්‍රිය මනුෂ්‍යයනට අධිපති වීමි.
Pali BJT45. අදණ්ඩෙන අසත්ථෙන විජෙය්ය පඨවිං ඉමං අසාහසෙන ධම්මෙන සමෙන අනුසාසියං.{9}
Sinhala BJT45. අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් මෙ පොළොව දිනා නො සැහැසිකමින් දැහැමින් සෙමෙන් රාජ්‍යානුශාසන කෙළෙමි.
Pali BJT46. ධම්මෙන රජ්ජං කාරෙත්වා අස්මිං පඨවිමණ්ඩලෙ{10} මහද්ධනෙ මහාභොගෙ අඩ්ඪෙ අජායිසං{11} කුලෙ
Sinhala BJT46. මේ පොළෝමඬුලුයෙහි දැහැමින් රජය කොට මහද්ධන ඇති මහා භෝග ඇති ආඪ්‍ය වූ කුලයෙහි උපන්මි.
Pali BJT47. සබ්බකාමෙහි සම්පන්නො රතනෙහි ච සත්තහි, බුද්ධා සඞ්ගාහකා ලොකෙ තෙහි එතං{1} සුදෙසිතං.
Sinhala BJT47. හැම කාමවස්තුයෙන් හා සප්තරත්නයෙන් සපන් වීමි. ලොව්හි බුදුවරු සංග්‍රාහක වෙති. උන්වහන්සේ විසින් තෙල කරුණ මොනොවට දෙසනලදී.
Pali BJT48. එස{2} හෙතුමහන්තස්ස පථව්යො{3} යෙන වුච්චති. පහූතවිත්තූපකරණො රාජා හොමි{4} පතාපවා
Sinhala BJT48. යම් හෙයෙකින් පෘථිවීශ්වරයෙම් බොහෝ සම්පත් හා උපකරණ ඇතියෙම් ප්‍රතාපවත් රජ වෙමි’ යි කියනුලැබේ නම් මහත්‍වයට තෙල හේතු වෙයි.
Pali BJT49. ඉද්ධිමා යසවා හොමි ජම්බුසණ්ඩස්ස ඉස්සරො. කො සුත්වා නප්පසීදෙය්ය අපි කණ්හාභිජාතියො.
Sinhala BJT49. ජම්බුද්වීපේශ්වර වූයෙම් ඍද්ධිමත් ද යශස්වී ද වෙමි. කෘෂ්ණාභිජාතික වූ ද (පාපකර්‍ම විපාකයෙන් උපන්නා වූ ද) කවරෙක් නම් එය අසා නො පහදනේ ද?
Pali BJT50. තස්මා හි අත්ථකාමෙන{5} මහත්තමභිකඞ්ඛතා{6} සද්ධම්මො ගරුකාතබ්බො සරං බුද්ධාන සාසනං.
Sinhala BJT50. එහෙයින් ම අර්‍ත්‍ථය කැමැති මහත්ත්‍වය පතන්නහු විසින් බුදුන්ගේ ශාසනය සිහි කරමින් සද්ධර්‍මය ගුරු කටයුත්තේ ය යි.
Pali BJT7. 2. 1. 10.
Sinhala BJT7. 2. 1. 10.
Pali BJT[සත්තභරියා සුත්තං]
Sinhala BJT[සත්තභරියා සූත්‍රය]
Pali BJT10. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ.{*} අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT10. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වු අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පූර්‍වහ්න සමයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ නිවෙස්නට වැඩිසේක. වැඩ පැන වූ අස්නෙහි වැඩහුන්සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනෙ මනුස්සා උච්චාසද්දා මහාසද්දා හොන්ති. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJTඑ වෙලායෙහි අනේපිඬුසිටුහුගේ නිවෙස්හි මිනිස්සු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙති. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පස්හි හුන් අනේපිඬුගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTකින්නු තෙ ගහපති නිවෙසනෙ මනුස්සා උච්චාසද්දා මහාසද්දා, කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙති?
Sinhala BJTගෘහපතියෙනි, කවරහෙයින් තාගේ ගෙහි මිනිස්සු කෙවුලන් මසුන් පැස තැබූ තැන් සෙයින් උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙත් දැයි.
Pali BJTඅයං භන්තෙ, සුජාතා ඝරසුණ්හා අඩ්ඪා අඩ්ඪකුලා ආනීතා. සා නෙව සස්සුං ආදියති. න සසුරං ආදියති. න සාමිකං ආදියති. භගවන්තම්පි න සක්කරොති, න ගරුකරොති න මානෙති, න පූජෙතීති.
Sinhala BJTවහන්ස, සුජාතා නම් වු මෙ ආඪ්‍ය වූ කුල දුවක් කුලයෙකින් ගෙණෙනලදු. (මෝ මාගේ) නැදි යයි කියා හෝ නො ම ගන්නී ය. (මෙ මාගේ) මයිල් යයි කියා හෝ නො ගණී. (මෙ මා) හිමි යි හෝ නො ගන්නී ය. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර නො කරයි. ගුරුකාර නෙකරයි. බුහුමන් නොකරයි. නො පුදයි.
Pali BJTඅථ ඛො භගවා සුජාතං ඝරසුණ්හං ආමන්තෙසි එහි සුජාතෙති. එවම්භන්තෙති ඛො සුජාතා ඝරසුණ්හා භගවතො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සුජාතං ඝරසුණ්හං භගවා එතදවොච:
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ සුජාතා කුලදුව ඇමතූසේක. සුජාතාවෙනි, මෙහි එව’යි. වහන්ස, එසේ ය යි සුජාතාකුලදූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුනු. එකත්පස්හි හුන් සුජාතා කුලදුවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
Pali BJTසත්ත ඛො ඉමා සුජාතෙ, පුරිසස්ස භරියායො. කතමා සත්ත:
Sinhala BJTසුජාතාවෙනි, පුරුෂයෙකුට මේ භාර්‍ය්‍යා සත් දෙනෙක් වෙති. කවර සත් දෙනෙක යත්:
Pali BJTවධකසමා, චොරිසමා, අය්යසමා, මාතුසමා, භගිනිසමා, සඛීසමා, දාසීසමා, ඉමා ඛො සුජාතෙ, සත්ත පුරිසස්ස භරියායො
Sinhala BJTවධකසමා ය, චෝරීසමා ය, ආර්‍ය්‍යසමා ය, මාතුසමා ය, භගිනීසමා ය, සඛීසමා ය, දාසිසමා ය යි. සුජාතාවෙනි, පුරුෂයාට මේ සත් බිරියෝ වෙත්.
Pali BJTතාසං ත්වං කතමාති.
Sinhala BJTඔවුනතුරෙන් තී කවරක් වෙහි දැයි?
Pali BJTන ඛො අහං භන්තෙ, ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය විතර විසින් මම නො දනිම් මැයි.
Pali BJTසාධු මෙ භන්තෙ, භගවා තථා ධම්මං දෙසෙතු, යථා අහං ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යන්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය යම් පරිද්දෙකින් විතර විසින් දැනගන්නෙම් නම් මට එපරිද්දෙන් ධර්‍මය දෙසන සේක්වා යි.
Pali BJTතෙන හි සුජාතෙ, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො සුජාතා ඝරසුණ්හා භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTසුජාතාවෙනි, එකරුණින් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස එසේ යයි සුජාතා කුල දූ තොමෝ භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස්වූ ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJT51. පදුට්ඨචිත්තා අහිතානුකම්පිනී අඤ්ඤෙසු රත්තා අතිමඤ්ඤතෙ පතිං, ධනෙන කීතස්ස වධාය උස්සුකා, යා එවරූපා පුරිසස්ස භරියා වධකා ච භරියාති ච සා පවුච්චති
Sinhala BJT51. යම් බිරියක් ප්‍රදුෂ්ට සිත් ඇත්තී ද, හිතානුකම්පා නැත්තී ද, පරපුරුෂයන් කෙරෙහි ඇලුනී ද, සිය සැමියා ඉක්ම සිතා ද, ධනයෙන් විකොට ගන්නා ලද්දී වධ කිරීමට උත්සුක වේ ද, පුරුෂයකුගේ මෙබඳු යම් බිරියක් වන්නී නම් ඕ වධක වැනි ය යි ද භරියා යි ද කියනු ලබා.
Pali BJT52. යං ඉත්ථියා වින්දති සාමිකො ධනං සිප්පං වණිජ්ජඤ්ච කසිං අධිට්ඨහං, අප්පම්පි තස්මා{1} අපහාතුමිච්ඡති, යා එවරූපා පුරිසස්ස භරියා චොරී ච භරියාති ච සා පවුච්චති.
Sinhala BJT52. ස්ත්‍රියගේ හිමි තෙම වෙණදහම් ගොවිකම් කරමින් යම් ධනයක් ලබා ද, ස්ත්‍රී එ ධනයෙන් අල්පයකුදු පැහැරගණු කැමැති වෙද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඕ සෙර ය යි ද බිරිය යි ද කියනු ලබා.
Pali BJT53. අකම්මකාමා අලසා මහග්ඝසා ඵරුසා චණ්ඩී ච දුරුත්තවාදිනී, උට්ඨායකානං අභිභුය්ය වත්තති, යා එවරූපා පුරිසස්ස භරියා අය්යා ච භරියාති ච සා පවුච්චති.
Sinhala BJT53. (යම් බිරියක්) කටයුතු නො රුස්නී අලස වූවා බොහෝ කොට අනුභව කරන්නී රළු වූවා සැඬ වූවා කැකුළු තෙපුල් කියන්නී හිමිහුගේ උත්‍ථානසම්පදාව මැඩගෙණ වැටෙන්නී වී ද, පුරුෂයාගේ මෙබඳු ඒ බිරිය ආර්‍ය්‍යා ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබයි.
Pali BJT54. යා සබ්බදා හොති හිතානුකම්පිනී මාතාව පුත්තං අනුරක්ඛතෙ පතිං, තතො ධනං සම්භතමස්ස රක්ඛති, යා එවරූපා පුරිසස්ස භරියා මාතා ච භරියාති ච සා පවුච්චති.
Sinhala BJT54. යම් බිරියක් හැම විට හිතානුකම්පා ඇත්තී මවක් පුතකු සෙයින් හිමියා රක්නී ද වැලිදු ඔහු විසින් උපයනලද ධනයත් රක්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ මාතෘ ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබා.
Pali BJT55. යථාපි ජෙට්ඨෙ{2} භගිනී කනිට්ඨා සගාරවා හොති සකම්හි සාමිකෙ, හිරීමනා{3} භත්තුවසානුවත්තීනී, යා එවරූපා පුරිසස්ස භරියා භගිනී ච භරියාති ච සා පවුච්චති.
Sinhala BJT55. දෙටු බෑයා කෙරෙහි කණිටු බුහුන යම්සේ පවත්නී ද, එසෙයින් සිය හිමිහු කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සිත් ඇත්තී ද, හිමිහුගේ වශය අනුව වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ භගිනි ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබා.
Pali BJT56. යා චීධ දිස්වාන පතිං පමොදති සඛී සඛාරංව චිරස්සමාගතං, කොලෙය්යකා සීලවතී පතිබ්බතා, යා එව රූපා පුරිසස්ස භරියා සඛී ච භරියාති ච සා පවුච්චති.
Sinhala BJT56. මෙ ලොව්හි යම් බිරියක් බොහෝ කලෙකින් පැමිණි යහළුවකු දැක තුටු වන යෙහෙළියක සෙයින් සිය හිමිහු දැක ප්‍රමුදිත වී නම්, කුලසපන් වූවා සිල්වත් වූවා පතිව්‍රත ඇත්තී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ යෙහෙලියක් ය යි ද බිරිය ය යි ද කියනු ලබා.
Pali BJT57. අක්කුද්ධසන්තා{4} වධදණ්ඩතජ්ජිතා, අදුට්ඨචිත්තා පතිනො තිතික්ඛති, අක්කොධනා භත්තුවසානුවත්තීනී, යා එවරූපා පුරිසස්ස භරියා දාසී ච භරියාති ච සා පවුච්චති.
Sinhala BJT57. (හිමියා විසින්) දඬු ගෙණ වධයෙන් තර්‍ජනය කරණලද්දී නො කිපුනි ම දුෂ්ට චිත්ත නැත්තී හිමිහට ක්‍ෂමා කරන්නී ද, නො කිපෙනසුලු වූවා හිමියාගේ වශයෙහි වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඕ දාසි ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබා.
Pali BJT58. යා චීධ භරියා වධකාති වුච්චති චොරී ච අය්යාති ච යා පවුච්චති, දුස්සීලරූපා ඵරුසා අනාදරා කායස්ස භෙදා නිරයං වජන්තී තා.
Sinhala BJT58. මෙ ලොව්හි යම් බිරියක් වධකා යයි කියනු ලබා නම්, යම් බිරියක් චෝරී ය යි ද අය්‍යා යි ද කියනු ලබා නම්, දුඃශීලස්වභාව ඇති රළු වූ ආදර නැති ඔහු කාබුන් මරණින් මතු නිරයට පිළිසඳ විහින් යෙති.
Pali BJT59. යා චීධ මාතා භගිනී සඛී ච දාසී ච භරියාති ච යා පවුච්චති, සීලෙ ඨිතත්තා චිරරත්තසංවුතා කායස්ස භෙදා සුගතිං වජන්ති තා.
Sinhala BJT59. මෙ ලොව්හි යම් බිරියක් මාතෘභාර්‍ය්‍යා යයි ද භගිනිභාර්‍ය්‍යා යයි ද සඛීභාර්‍ය්‍යා යයි ද දාසිභාර්‍ය්‍යා යයි ද කියනු ලබා නම්, ශීලයෙහි පිහිටි සිත් ඇති චිරරාත්‍රයෙහි සංවෘත වූ ඔහු කාබුන් මරණින් මතු සුගතියට යෙත්.
Pali BJTඉමා ඛො සුජාතෙ සත්ත පුරිසස්ස භරියායො. තාසං ත්වං කතමාතී? අජ්ජතග්ගෙ මං භන්තෙ, භගවා දාසී සමං සාමිකස්ස භරියං ධාරෙතූති.
Sinhala BJTසුජාතාවෙනි, මොහු සත්දෙන පුරුෂයාහට භාර්‍ය්‍යාවෝ වෙති. උන් අතුරෙහි තෝ කවරෙක් වෙහි දැයි. භාග්‍යවතුන් වහන්ස, අද පටන් කොට මා සැමියාගේ දැසියක සම වූ බිරිය කොට ධරණසේක්වයි.
Pali BJT7. 2. 1. 11.
Sinhala BJT7. 2. 1. 11.