Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10601-10700 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයානිමානි භන්තෙ, භගවතා දෙසිතානි පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි, නාහං තෙසං කිඤ්චි අත්තනි අප්පහීනං සමනුපස්සාමි.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද යම්බඳු මේ පඤ්චෝරම්භාගිය සංයෝජන කෙනෙක් වෙත් නම්, මම ඔවුන්ගෙන් තමා තුළ අප්‍රහීණ වූ කිසිදු සංයොජනයක් නො දක්මි යී.
Pali BJTඅච්ඡරියං නන්දමාතෙ, අබ්භුතං නන්දමාතෙති.
Sinhala BJTනන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි, නන්‍දමාතාවෙනි, අද්භූත යි.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො නන්දමාතරං උපාසිකං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමීති.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ නන්‍දමාතා උපාසිකාව ධාර්මික කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා මොනොවට පහන් කරවා තෙද ගන්වා මොනොවට පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩියහ යි.
Pali BJTනන්දමාතුසුත්තං දසමං.
Sinhala BJTනන්‍දමාතා සූත්‍රය දසවැනි යි.
Pali BJTමහායඤ්ඤවග්ගො{2} පඤ්චමො.
Sinhala BJTමහායඤ්ඤවර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඨිති පරික්ඛාරමග්ගි{3} යඤ්ඤං සඤ්ඤා පරා දුවෙ{4} මෙථුනා සංයොගො දානං{5} නන්දමාතෙන තෙ දසා’ති.
Sinhala BJTවිඤ්ඤාණට්ඨිති සූත්‍රය, සමාධිපරික්ඛාර සූත්‍රය, අග්ගි සූත්‍රය, මහායඤ්ඤ සූත්‍රය, සඤ්ඤා සූත්‍ර දෙක ය, මෙථූන සූත්‍රය, සංයොග සූත්‍රය, දානමහත්ඵල සූත්‍රය, නන්‍දමාතු සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.
Pali BJTපඨමො පණ්ණාසකො නිට්ඨිතො.{6}
Sinhala BJTප්‍රථම පණ්ණාසකය නිමි.
Pali BJT2. දුතියො පණ්ණාසකො
Sinhala BJT2. දෙවැනි පණ්ණාසකය
Pali BJT1. අබ්යාකත වග්ගො
Sinhala BJT1. අව්‍යාකත වර්‍ගය
Pali BJT7. 2. 1. 1.
Sinhala BJT7. 2. 1. 1.
Pali BJT[අබ්යාකතවත්ථු සුත්තං]
Sinhala BJT[අව්‍යාකතවත්‍ථු සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJT1. එකල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී ය:
Pali BJTකො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙන සුතවතො අරියසාවකස්ස විචිකිච්ඡා නූප්පජ්ජති අව්යාකතවත්ථුසු.{1}
Sinhala BJTවහන්ස, යම් කරුණෙකින් (ඒකාංශව්‍යාකරණාදී විසින්) අව්‍යාකෘත වස්තූන් කෙරෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකහට විචිකිත්සා නූපදනේ නම්, එයට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේ දැයි.
Pali BJTදිට්ඨිනිරොධා ඛො භික්ඛු, සුතවතො අරියසාවකස්ස විචිකිච්ඡා නූප්පජ්ජති අව්යාකතවත්ථුසු.
Sinhala BJTමහණ, දෘෂ්ටිනිරෝධහේතුයෙන් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට අව්‍යාකෘත වස්තූන් කෙරෙහි විචිකිත්සා නූපදනේ ය.
Pali BJT“හොති තථාගතො පරම්මරණා”ති, ඛො භික්ඛු, දිට්ඨිගත මෙතං. “න හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු දිට්ඨිගතමෙතං. “හොති ච න හොති ච තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු, දිට්ඨිගතමෙතං “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු දිට්ඨිගතමෙතං.
Sinhala BJTමහණ, මරණින් මතු තථාගත (සත්ත්‍ව) වන්නේ ය යන තෙල කරුණ මිථ්‍යාදෘෂ්ටිමාත්‍රයක. මහණ, මරණින් මතු තථාගත (සත්ත්‍ව උපත් විසින්) නොවන්නේ යන තෙල කරුණ මිථ්‍යාදෘෂ්ටිමාත්‍රයක. මහණ, මරණින් මතු තථාගත වෙයි, නොවෙයි යන තෙල කරුණ දෘෂ්ටිගතයෙකි. මහණ, මරණින් මතු තථාගත නො මැ වෙයි, නො වන්නේ නො වෙයි යන තෙල කරුණ මිථ්‍යාදෘෂ්ටිමාත්‍රයකි.
Pali BJTඅස්සුතවා භික්ඛු, පුථුජ්ජනො දිට්ඨිං නප්පජානාති, දිට්ඨිසමුදයං නප්පජානාති, දිට්ඨිනිරොධං නප්පජානාති, දිට්ඨිනිරොධගාමිනිං පටිපදං නප්පජානාති. තස්ස සා දිට්ඨි පවඩ්ඪති. සො න පරිමුච්චති ජාතියා ජරාමරණෙන{2} සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණ, අශ්‍රැතවත් පෘථග්ජන දෘෂ්ටිය නො ම දන්නේ ය. දෘෂ්ටිසමුදය නො ම දන්නේ ය. දෘෂ්ටිනිරෝධය නො ම දන්නේ ය. දෘෂ්ටිනිරෝධගාමනී ප්‍රතිපද් නො ම දන්නේ ය. ඔහුගේ එ දෘෂ්ටිය ප්‍රකර්‍ෂයෙන් වැඩෙයි. හෙ ජාතියෙනුදු ජරාමරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු උපායාසයෙනුදු නො මිදෙයි. වෘත්‍තදුඃඛයෙන් නො මිදේ යයි කියමි.
Pali BJTසුතවා ච ඛො භික්ඛු, අරියසාවකො දිට්ඨිං පජානාති, දිට්ඨිසමුදයං පජානාති, දිට්ඨිනිරොධං පජානාති, දිට්ඨිනිරොධගාමිනිං පටිපදං පජානාති. තස්ස සා දිට්ඨි නිරුජ්ඣති. සො පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායායෙහි, පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක දෘෂ්ටිය දන්නේ ය, දෘෂ්ටිසමුදය දන්නේ ය, දෘෂ්ටිනිරෝධය දන්නේ ය, දෘෂ්ටිනිරෝධගාමිනීප්‍රතිපද් දන්නේ ය. ඔහුගේ එ දෘෂ්ටිය නිරුද්ධ වෙයි. හෙ ජාතියෙනුදු ජරාමරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු උපායාසයෙනුදු මිදෙයි. වෘත්‍තදුඃඛයෙන් මිදේ යයි කියමි.
Pali BJTඑවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං “හොති තථාගතො පරම්මරණාති”පි න ව්යාකරොති. “න හොති තථාගතො පරම්මරණාති”පි න ව්යාකරොති. “හොති ච න හොති ච තථාගතො පරම්මරණාති”පි න ව්යාකරොති. “නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති’පි න ව්යාකරොති. එවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං එවං අව්යාකරණධම්මො හොති අව්යාකතවත්ථුසු.
Sinhala BJTමහණ, මෙසෙයින් දන්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ දක්නේ “තථාගත මරණින් මතු උපත් විසින් වන්නේ” ය යි ද නො පවසන්නේ ය. “තථාගත මරණින් මතු නො වන්නේ” ය යි ද නො පවසන්නේ ය. “තථාගත මරණින් මතු වන්නේ ය, නො ද වන්නේ ය” යි ද ප්‍රකාශ නො කෙරෙයි. “තථාගත මරණින් මතු නො මැ වන්නේ ය, නො වන්නේ නො වේ” ය යි ද ප්‍රකාශ නො කෙරෙයි. මහණ, මෙ සෙයින් අරිසවු දන්නේ මෙසේ දක්නේ අව්‍යාකෘත වස්තූන් කෙරෙහි අව්‍යාකරණ ස්වභාව ඇතියේ වෙයි.
Pali BJTඑවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං නච්ඡම්භති, න කම්පති, න චලති, න වෙධති,{3} න සන්තාසං ආපජ්ජති අව්යාකතවත්ථුසු.
Sinhala BJTමහණ, මෙසෙයින් දන්නේ ශ්‍රැතවත් අරීසවු මෙසේ දක්නේ අව්‍යාකෘත වස්තූන්හි නො තැතිගන්නේ ය, කම්පිත නොවන්නේ ය, නො සැලෙන්නේ ය, නො වෙවුලන්නේ ය, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ ය.
Pali BJT”හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු, තණ්හාගතමෙතං,{1} සඤ්ඤාගතමෙතං,{2} මඤ්ඤිතමෙතං,{3} පපඤ්චිතමෙතං,{4} උපාදානගතමෙතං,{5} විප්පටිසාරො එසො.
Sinhala BJTමහණ, තථාගත මරණින් මතු වන්නේ ය යන තෙල දෘෂ්ටි තෘෂ්ණායෙක, තෙල දෘෂ්ටි සංඥායෙක, තෙල දෘෂ්ටි මඤ්ඤිතයෙක, තෙල දෘෂ්ටි ප්‍රපඤ්චිතයෙක, තෙල දෘෂ්ටි උපාදානගතයෙක, තෙල විප්‍රතිසාරයෙකි.
Pali BJT“න හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු -පෙ- විප්පටිසාරො එසො. “හොති ච න හොති ච තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු -පෙ- විප්පටිසාරො එසො. “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු -පෙ- විප්පටිසාරො එසො.
Sinhala BJTමහණ, මරණින් මතු තථාගත නො වෙයි යන ... තෙල විප්‍රතිසාරයෙකි. මහණ, තථාගත මරණින් මතු වෙයි නො ද වෙයි යන ... තෙල විප්‍රතිසාරයෙකි. මහණ, තථාගත මරණින් මතු නො ම වන්නේ ය නො වන්නේ නො වේ ය යන ... තෙල විප්‍රතිසාරයෙකි.
Pali BJTඅස්සුතවා භික්ඛු, පුථුජ්ජනො විප්පටිසාරං නප්පජානාති. විප්පටිසාරසමුදයං නප්පජානාති, විප්පටිසාරනිරොධං නප්පජානාති, විප්පටිසාරනිරොධ ගාමිනිං පටිපදං නප්පජානාති. තස්ස සො විප්පටිසාරො පවඩ්ඪති. සො න පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණ, අශ්‍රැතවත් පෘථග්ජන විප්‍රතිසාරය නො දන්නේ ය. විප්‍රතිසාරසමුදය නො දන්නේ ය. විප්‍රතිසාරනිරෝධය නො දන්නේ ය, විප්‍රතිසාරනිරෝධගාමිනීප්‍රතිපද් නො දන්නේ ය. ඔහුගේ එ විප්‍රතිසාරය වැඩෙයි. හෙ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ, සසරදුකින් නොමිදේ යයි කියමි.
Pali BJTසුතවා ච ඛො භික්ඛු, අරියසාවකො විප්පටිසාරං පජානාති, විප්පටිසාරසමුදයං පජානාති, විප්පටිසාරනිරොධං පජානාති, විප්පටිසාරනිරොධගාමිනිං පටිපදං පජානාති. තස්ස සො විප්පටිසාරො නිරුජ්ඣති. සො පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක විප්‍රතිසාරය දන්නේ ය. විප්‍රතිසාරසමුදය දන්නේ ය. විප්‍රතිසාරනිරෝධය දන්නේ ය, විප්‍රතිසාරනිරෝධගාමිනීප්‍රතිපද් දන්නේ ය. ඔහුගේ එ විප්‍රතිසාරය නිරුද්ධ වෙයි. හෙ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් මිදෙයි, සසරදුකින් මිදේ යයි කියමි.
Pali BJTඑවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං “හොති තථාගතො පරම්මරණා”තිපි න ව්යාකරොති, “න හොති තථාගතො පරම්මරණා”තිපි න ව්යාකරොති, “හොති ච න හොති ච තථාගතො පරම්මරණා”තිපි න ව්යාකරොති, “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”තිපි න ව්යාකරොති.
Sinhala BJTමහණ, මෙසේ දන්නා මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ‘තථාගත මරණින් මතු වන්නේ ය’යිද ප්‍රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු නො වන්නේ ය’යිද ප්‍රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු වන්නේ යයි ද නො වන්නේ ය’යිද ප්‍රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු නො මැ වන්නේ ය, නො ද නො වන්නේ ය’යි ද ප්‍රකාශ නො කරයි.
Pali BJTඑවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං එවං අව්යාකරණධම්මො හොති අව්යාකතවත්ථුසු.
Sinhala BJTමහණ, ශ්‍රැතවත් අරීසවු මෙසේ දන්නේ මෙසේ දක්නේ අව්‍යාකෘත වස්තූන්හි මෙසේ අව්‍යාකරණ ස්වභාව ඇති වෙයි.
Pali BJTඑවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං නච්ඡම්භති, න කම්පතින න චලති, න වෙධති, න සන්තාසං ආපජ්ජති අව්යාකතවත්ථුසු.
Sinhala BJTමහණ, මෙසේ දන්නේ මෙසේ දක්නේ ශ්‍රැතවත් අරීසවු අව්‍යාකෘත වස්තූන්හි නො තැති ගන්නේ ය, කම්පිත නො වන්නේ ය, නො සැලෙන්නේ ය. නො වෙවුලන්නේ ය, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ ය.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො යෙන සුතවතො අරියසාවකස්ස විචිකිච්ඡා නුප්පජ්ජති අව්යාකතවත්ථුසූති.
Sinhala BJTමහණ, යම් හෙයකින් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට අව්‍යාකෘතවස්තූන්හි විචිකිත්සා නූපදනේ නම්, මේ එයට හේතු වෙයි, මෙ ප්‍රත්‍යය වෙයි.
Pali BJT7. 2. 1. 2.
Sinhala BJT7. 2. 1. 2.
Pali BJT[පුරිසගති සුත්තං]
Sinhala BJT[පුරිසගති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. සත්ත ච භික්ඛවෙ{6} පුරිසගතියො දෙසිස්සාමි අනුපාදා ච පරිනිබ්බානං. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.
Sinhala BJT2. මහණෙනි, සප්ත පුරුෂ (පුරුෂයාගේ ඥාන) ගති හා අප්‍රත්‍යය නිර්‍වාණය හා දෙසන්නෙමි. එ අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’ යි. වහන්ස, එසේ ය යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දේශනාව වදාළහ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සත්ත පුරිසගතියො:
Sinhala BJTමහණෙනි, පුරුෂයාගේ සප්ත ඥානගතීහු කවරහ යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා. න භවිස්සති, න ච මෙ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමීති උපෙක්ඛං පටිලභති. සො භවෙ න රජ්ජති. සම්භවෙ න රජ්ජති. අත්ථුත්තරිං පදං{1} සන්තං සම්මප්පඤ්ඤාය පස්සති. තඤ්ච ඛ්වාස්ස පදං න සබ්බෙන සබ්බං සච්ඡිකතං හොති. තස්ස න සබ්බෙන සබ්බං මානානුසයො පහීනො හොති. න සබ්බෙන සබ්බං භවරාගානුසයො පහීනො හොති. න සබ්බෙන සබ්බං අවිජ්ජානුසයො පහීනො හොති. සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති.
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: ‘මට අතීතභවයෙහි නිර්‍වර්‍තක කර්‍මයෙක් නොවී නම්, මට වර්‍තමානයෙහි මෙ අත්බැව් නො වන්නේ ය. මෙ අත්බැව්හි දු මට අනාගත භවනිර්‍වර්‍තක කර්‍ම නො වන්නේ නම් අනායෙහිදු මට ආත්මභාවයෙක් නො වන්නේ ය. යමෙක් ඇත් ද, යමෙක් පාළ වී ද, එ ප්‍රත්‍යුත‍්පන්නස්කන්‍ධය ‍(ඡන්‍දරාගප්‍රහාණයෙන්) හැරලමි’ යි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීත පඤ්චස්කන්‍ධභවයෙහි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො ඇලෙයි. අනාගත පඤ්චස්කන්‍ධභවයෙහි දු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්‍වාණපදය ඇතැ’ යි විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මනාකොට දක්නේ ය. (ඇතැම් කෙලෙසුන් නො පැහු බැවින්) ඔහුගේ එ හැම නිවන් පිය ද සර්‍වාකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වේ. ඔහුගේ මානානුසය ද සර්‍වාකාරයෙන් ම ප්‍රහීණ නො වේ. සර්‍වාකාරයෙන් ම භවරාගානුසය ප්‍රහීණ නො වේ. සර්‍වාකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ නො වෙයි. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දිවසසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා නිබ්බායෙය්ය, -
Sinhala BJTමහණෙනි, යම්පරිදි දවසක් මුළුල්ලෙහි තැවුනු යකබලක් තළනු ලබත් ම පතුරු උපදවා නිවෙන්නේ යම්සේ ද, -
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා. න භවිස්සති, න මෙ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමීති උපෙක්ඛං පටිලභති. සො භවෙ න රජ්ජති. සම්භවෙ න රජ්ජති. අත්ථුත්තරිං පදං{1} සන්තං සම්මප්පඤ්ඤාය පස්සති. තඤ්ච ඛ්වාස්ස පදං න සබ්බෙන සබ්බං සච්ඡිකතං හොති. තස්ස න සබ්බෙන සබ්බං මානානුසයො පහීනො හොති. න සබ්බෙන සබ්බං භවරාගානුසයො පහීනො හොති. න සබ්බෙන සබ්බං අවිජ්ජානුසයො පහීනො හොති. සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරා- පරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම මෙසෙයින් පිළිපන්නේ වෙයි: අතීත භවයෙහි උපන් කර්‍මයෙක් නොවී නම්, දැන් මාගේ මේ ආත්මභාවය නො වන්නේ ය. මෙකල්හි මාගේ කර්‍මයෙක් නො වේ නම්, අනාගතාත්මභාවයෙක් නො වන්නේ ය. යම් ප්‍රත්‍යුපන්න පඤ්චස්කන්‍ධයෙක් ඇත් නම්, යම් වර්‍තමාන පඤ්චස්කන්‍ධයෙක් පාළවී නම්, එය (ඡන්‍දරාග ප්‍රහාණයෙන්) දුරලමි යි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීත පඤ්චස්කන්‍ධයෙහි නො ඇලෙයි, අනාගත පඤ්චස්කන්‍ධයෙහි දු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්‍වාණපදය ඇතැයි විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මොනොවට දක්නේ ය. ඔහු විසින් එ ශාන්ත නිර්‍වාණපදයත් සර්‍වාකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වෙයි. ඔහුට සර්‍වාකාරයෙන් ම මානානුශය ප්‍රහීණ නො වෙයි. සර්‍වප්‍රකාරයෙන්ම භවරාගානුසය ප්‍රහීණ නො වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ නො වෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා. න භවිස්සති, න මෙ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමීති උපෙක්ඛං පටිලභති. සො භවෙ න රජ්ජති. සම්භවෙ න රජ්ජති. අත්ථුත්තරිං පදං{1} සන්තං සම්මප්පඤ්ඤාය පස්සති. තඤ්ච ඛ්වාස්ස පදං න සබ්බෙන සබ්බං සච්ඡිකතං හොති. තස්ස න සබ්බෙන සබ්බං මානානුසයො පහීනො හොති. න සබ්බෙන සබ්බං භවරාගානුසයො පහීනො හොති. න සබ්බෙන සබ්බං අවිජ්ජානුසයො පහීනො හොති. සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති.
Sinhala BJT(2) තවද මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම් වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය. මෙ කල්හි මට අනාගතකර්‍මභවයෙක් නො වේ නම්, මාගේ අනාගත පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත විපාකභවය නො වන්නේ ය. යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී ද, එය (ඡන්‍දරාගප්‍රහාණයෙන්) දුරලමි යි විදර්‍ශනා උපේක්‍ෂාව ලබයි. හෙ අතීත කර්‍මභවයෙහි නො ඇලෙයි. අනාගත භවයෙහිදු නො ඇලෙයි. මතුයෙහි ශාන්ත වූ නිර්‍වාණපදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. ඔහු විසින් එ ශාන්තනිර්‍වාණපදය සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත් නො කෙළේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය අප්‍රහීණ වෙයි. ඔහුගේ භවරාගානුශය සර්‍වප්‍රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. ඔහුගේ අවිද්‍යානුශය සර්‍වප්‍රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දිවසසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා නිබ්බායෙය්ය, -
Sinhala BJTමහණෙනි, යම්පරිදි දවසක් මුළුල්ලෙහි තැවුනු යකබල තළනු ලබන කල්හි පතුරු ඉපද නැඟී නිවී යේ ද, -
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති.
Sinhala BJTඑපරිදි ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, මට මේ වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
Pali BJT(3) ඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති.
Sinhala BJT(3) මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවයෙක් නො වී නම්, මෙ වර්‍තමාන පස්කඳ නොවන්නේ ය. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දිවසසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා අනුපහච්ච තලං නිබ්බායෙය්ය, -
Sinhala BJTමහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද නැගී පොළෝතලය නො ඇක්ම නිවේ ද, -
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි. එපරිදි ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම්, මෙ පඤ්චස්කන්‍ධ ආත්මභාවය නොවන්නේ ය ... හෙ පඤ්චඕරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
Pali BJT(4) ඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා -පෙ-
Sinhala BJT(4) තවද මහණෙනි. මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්‍තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය ...
Pali BJTසො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා උපහච්චපරිනිබ්බායී හොති.
Sinhala BJTහෙ පඤ්චඕරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දිවසසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා උපහච්ච තලං නිබ්බායෙය්ය, -
Sinhala BJTමහණෙනි, යම්සේ දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද අහසට නැග පොළෝතලය ඇක්ම නිවේ නම්, -
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා උපහච්ච පරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි, එ සෙයින් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්‍තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.
Pali BJT(5) ඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJT(5) තවද මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්‍තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දිවසසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා පරිත්තෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නිපතෙය්ය, සා තත්ථ අග්ගිම්පි ජනෙය්ය, ධූමම්පි ජනෙය්ය, අග්ගිම්පි ජනෙත්වා ධූමම්පි ජනෙත්වා තමෙව පරිත්තං තිණපුඤ්ජං වා කට්ඨපුඤ්ජං වා පරියාදියිත්වා අනාහාරා නිබ්බායෙය්ය, -
Sinhala BJTමහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද අහසට නැගී කුඩා තණපිඩෙක වේවයි, දැවපිඩෙක වේවයි හෙයි. එ එහි ගිනි ද දනවන්නේ ය, දුම් ද දනවන්නේ ය, ගිනිත් දනවා දුමත් දනවා එ මැ කුඩා තණපිඩ හෝ දැවපිඩ ඇවිළගෙණ අනාහාරව නිවීයේ නම්, -
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි. එ සෙයින් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
Pali BJT(6) ඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා සසඞ්ඛාර පරිනිබ්බායී හොති.
Sinhala BJT(6) තවද මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි … හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දිවසසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා විපුලෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නිපතෙය්ය, සා තත්ථ අග්ගිම්පි ජනෙය්ය, ධූමම්පි ජනෙය්ය, අග්ගිම්පි ජනෙත්වා ධූමම්පි ජනෙත්වා තමෙව විපුලං තිණපුඤ්ජං වා කට්ඨපුඤ්ජං වා පරියාදියිත්වා අනාහාරා නිබ්බායෙය්ය, -
Sinhala BJTමහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබලක් තළනුලබත් ම පතුරු ඉපිද අහසට නැගී මහතණරොදෙක හෝ දැවපිඩෙක හෝ හේ නම් ඒ එහි ගිනි ද දනවයි, දුම් ද දනවයි, ගිනිත් දනවා දුමත් දනවා ඒ මහතණපිඩ හෝ දැවපිඩ හෝ දවා අනාහාරව නිවීයෙයි,-
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති; නො චස්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා සසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම මහණ මෙසේ පිළිපදනේ වෙයි: මට අතීත කර්‍මභවය නො වී නම්, වර්‍තමාන පඤ්චස්කන්‍ධය නො වන්නේ ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
Pali BJT(7) ඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා. න භවිස්සති, න මෙ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමීති උපෙක්ඛං පටිලභති. සො භවෙ න රජ්ජති. සම්භවෙ න රජ්ජති. අත්ථුත්තරිං පදං සන්තං සම්මප්පඤ්ඤාය පස්සති. තඤ්ච ඛ්වාස්ස පදං න සබ්බෙන සබ්බං සච්ඡිකතං හොති. තස්ස න සබ්බෙන සබ්බං මානානුසයො පහීනො හොති. න සබ්බෙන සබ්බං භවරාගානුසයො පහීනො හොති. න සබ්බෙන සබ්බං අවිජ්ජානුසයො පහීනො හොති. සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා උද්ධංසොතො හොති අකනිට්ඨගාමී.
Sinhala BJT(7) තවද මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම්, මට වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය. මට දැන් කර්‍මභවයෙක් නො වන්නේ නම්, අනාගත විපාකභවයෙක් නො වන්නේ ය. යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී ද, එ හැරලමියි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීතභවයෙහි නො ඇලෙයි, අනාගතභවයෙහි දු නො ඇලෙයි. මෙයින් මත්තෙහි ශාන්ත නිර්‍වාණ පදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. එ ද ඔහු විසින් සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය ද ප්‍රහීණ නො වෙයි. භවරාගානුශය සර්‍වප්‍රකාරයෙන් ම ප්‍රහීණ නො වේ. අවිද්‍යානුශය සර්‍වප්‍රකාරයෙන් ම ප්‍රහීණ නො වේ. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දිවසසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා මහන්තෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නිපතෙය්ය, සා තත්ථ අග්ගිම්පි ජනෙය්ය, ධූමම්පි ජනෙය්ය, අග්ගිම්පි ජනෙත්වා ධූමම්පි ජනෙත්වා තමෙව මහන්තං තිණපුඤ්ජං වා කට්ඨපුඤ්ජං වා පරියාදියිත්වා කච්ඡම්පි{1} දහෙය්ය, දායම්පි දහෙය්ය, කච්ඡම්පි දහිත්වා දායම්පි දහිත්වා හරිතන්තං වා පත්ථන්තං{2} වා සෙලන්තං වා උදකන්තං වා රමණීයං වා භූමිභාගං ආගම්ම අනාහාරා නිබ්බායෙය්ය, -
Sinhala BJTමහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපිද අහසට නැගී මහතණපිඩෙක හෝ දැවපිඩෙක හේ නම්, එ එහි ගිනි ද උපදවන්නේ ය, දුම් ද උපදවන්නේ ය, ගිනිත් උපදවා දුමත් උපදවා ඒ තණපිඩ හෝ දැවපිඩ හෝ දවා (නො රැකි) වල ද දවන්නේ ය, උයන්ළැව් ද දවන්නේ ය, (නො රැකි) වල ද දවා උයන්ළැව් ද දවා නිල්තණපිටියකට හෝ පත්‍ථාන්තයකට හෝ ශෛලාන්තයකට හෝ උදකාන්තයකට හෝ රමණී බිම්කඩකට හෝ පැමිණ අනාහාරව නිවීයෙයි ද,-
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා උද්ධං සොතො හොති අකනිට්ඨගාමී.
Sinhala BJTමහණෙනි. එපරිද්දෙන් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවය නො වී නම්, වර්‍තමාන විපාකභවය නො වන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උද්ධංසෝත අකනිට්ඨගාමීවෙයි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, සත්ත පුරිසගතියො.
Sinhala BJTමහණෙනි, මෙ පුරිසගති සත යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, අනුපාදාපරිනිබ්බානං:
Sinhala BJTමහණෙනි. අනුපාදාපරිනිබ්බානය කවරේ ය යත්:
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා. න භවිස්සති, න මෙ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමීති උපෙක්ඛං පටිලභති. සො භවෙ න රජ්ජති. සම්භවෙ න රජ්ජති. අත්ථුත්තරිං පදං සන්තං සම්මප්පඤ්ඤාය පස්සති. තඤ්ච ඛ්වාස්ස පදං සබ්බෙන සබ්බං සච්ඡිකතං හොති. තස්ස සබ්බෙන සබ්බං මානානුසයො පහීනො හොති. සබ්බෙන සබ්බං භවරාගානුසයො පහීනො හොති. සබ්බෙන සබ්බං අවිජ්ජානුසයො පහීනො හොති. සො ආසවානං ඛයා -පෙ- (චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං) සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම්, වර්‍තමාන විපාකභවය නොවන්නේ ය. අනාගත කර්‍ම භවය ද නො වන්නේ නම්, අනාගත විපාකභවය ද නො වන්නේ ය. යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී නම්, එ දුරලමි’යි උපේක්‍ෂාව ලබන්නේ ය. හෙ අතීතභවයෙහි නො ඇලෙයි. අනාගත භවයෙහිදු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්‍වාණපදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. එ නිර්‍වාණපදයත් සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත් කරණලදුයේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය ද ප්‍රහීණ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම භවරාගානුසය ද ප්‍රහීණ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ වෙයි. හෙ ආස්‍රවක්‍ෂයෙන් ... (චිත්තවිමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද) සාක්‍ෂාත් කොට එළඹ වෙසෙයි.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ අනුපාදාපරිනිබ්බානං.
Sinhala BJTමහණෙනි, මෙ අනුපාදාපරිනිබ්බාන යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, සත්තපුරිසගතියො අනුපාදා ච පරිනිබ්බානන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සප්ත පුරුෂගති හා අනුපාදාපරිනිර්‍වාණ යි .
Pali BJT7. 2. 1. 3.
Sinhala BJT7. 2. 1. 3.
Pali BJT[තිස්සබ්රහ්ම සුත්තං]
Sinhala BJT[තිස්සබ්‍රහ්ම සූත්‍රය]
Pali BJT3. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො ද්වෙ දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවන්තං එතදවොච:
Sinhala BJT3. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩවසන සේක. එකල්හි දෙවියෝ දෙදෙනෙක් රාත්‍රිය බෙහෙවින් ඉක්මගිය කල්හි හැම ගිජුකුළුපව් පියෙස බබුළුවා මනහර වර්‍ණ ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටගත්හ. එකත්පස්හි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළේය:
Pali BJTඑතා භන්තෙ භික්ඛුනියො විමුත්තාති. අපරා දෙවතා භගවන්තං එතදවොච එතා භන්තෙ භික්ඛුනියො අනුපාදිසෙසා සුවිමුත්තාති. ඉදමවොචුං තා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො තා දෙවතා සමනුඤ්ඤො සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු.
Sinhala BJT“වහන්ස, තෙල (මහාප්‍රජාපතිය ප්‍රමුඛ) භික්‍ෂුණීහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ”යි. අනෙක් දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළේ ය: “වහන්ස, තෙල මෙහෙණහු ශේෂොපාදාන රහිතව මිදුනහ” යි. එ දෙවිහු මෙය කීහ. ශාස්තෘන් වහන්සේ සමනුඥ වූ සේක. එක්බිති එ දෙවියෝ දෙදෙන “භාග්‍යවතුන් වහන්සේ සමනුඥයහ” යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම නො පැණී ගියහ.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ, රත්තිං ද්වෙ දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ එකා දෙවතා මං එතදවොච:
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමැතූ සේක. “මහණෙනි, මෙ ඉකුත් රෑහි මනහර රූ ඇති දේවතාවෝ දෙදෙනෙක් හැම ගිජුකුළුපව් පියෙස එකලුකොට බබුළුවා මා කරා එළැඹියහ. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියහ. මහණෙනි, එකත්පස්හි සිටි එක් දෙවියෙක් මට තෙල කී ය:
Pali BJTඑතා භන්තෙ, භික්ඛුනියො විමුත්තාති. අපරා දෙවතා මං එතදවොච: එතා භන්තෙ, භික්ඛුනියො අනුපාදිසෙසා සුවිමුත්තාති. ඉදමවොචුං භික්ඛවෙ, තා දෙවතා. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු’ති.
Sinhala BJT“වහන්ස, තෙල භික්‍ෂුණීහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ” යි. අනෙක් දෙවි ද මට තෙල සැළකළේ ය: “වහන්ස, තෙල මෙහෙණහු අනුපාදිශේෂ වූවාහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ” යි. මහණෙනි, එ දෙවිහු මෙය සැළකළහ. මෙ සැළකොට මා වැඳ එහි ම අතුරුදන් ව ගියහයි.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො ආයස්මතො මහා මොග්ගල්ලානස්ස එතදහොසි:
Sinhala BJTඑ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරහු භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි හුන්නාහු වෙති. එක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල සිත විය:
Pali BJTකතමෙසානං ඛො දෙවානං එවං ඤාණං හොති සවුපාදිසෙසෙ වා සවුපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJT“කවර නම් දෙවි කෙනකුන්ට සෝපාදිසේස පුඟුල් කෙරෙහි හෝ සෝපාදිසේස පුඟුලැයි ද, අනුපාදිසේස පුඟුල්කෙරෙහි හෝ අනුපාදිසේස පුඟුලැයි ද මෙබඳු ඥානයෙක් වේ දැ” යි.
Pali BJTතෙන ඛො පන සමයෙන තිස්සො නාම භික්ඛු අධුනා කාලකතො අඤ්ඤතරං බ්රහ්මලොකං උපපන්නො හොති. තත්රපි නං එවං ජානන්ති: “තිස්සො බ්රහ්මා මහිද්ධිකො මහානුභාවො”ති.
Sinhala BJTඑසමයෙහි තිස්ස නම් මහණ කලුරිය කළ නොබෝකල් ඇතියේ එක්තරා බ්‍රහ්මකායෙක්හි උපන්නේ වෙයි. එහි දු ඔහු (සෙසු දෙවියෝ) මෙසෙයින් දනිත්: “තිස්ස බ්‍රහ්ම තෙම මහත් ඍද්ධි ඇත්තේ ය. මහානුභාව ඇතියේ ය” යි.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්පිඤ්ජෙය්ය, එවමෙවං ගිජ්ඣකූටෙ පබ්බතෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අද්දසා ඛො තිස්සො බ්රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං දිස්වාන ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච:
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් මැදුම් පිරිමියෙක් හැකුළු අතක් දිගුකරන්නේ හෝ දිගුකළ අතක් හකුළුවන්නේ හෝ නම් එසෙයින් ගිජ්ඣකූටපර්‍වතයෙහි අතුරුදන් වූසේක් එ බඹලොව්හි පැණීගියහ. තිස්ස බ්‍රහ්ම දුරදී මැ එන ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුට. දැක ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කීය:
Pali BJTඑහි ඛො මාරිස මොග්ගල්ලාන, ස්වාගතං මාරිස මොග්ගල්ලාන, චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීද මාරිස මොග්ගල්ලාන, ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පඤ්ඤත්තෙ ආසනෙ. තිස්සොපි ඛො බ්රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තිස්සං බ්රහ්මානං ආයස්මා මහා මොග්ගල්ලානො එතදවොච:
Sinhala BJTමාරිස මෞද්ගල්‍යායනයෙනි, මෙහි වඩිනු මැනවැ, නිදුකානෙනි, මෞද්ගල්‍යායනයයෙනි, (මුඹට) ස්වාගත යැ. නිදුකානෙනි, මෞද්ගල්‍යායනයෙනි, මෙහි වඩිනු සඳහා යම්බඳු ආකාරයෙක් වී නම්, මෙ පර්‍ය්‍යාය බොහෝ කලෙකින් කළහ. මාරිස මෞද්ගල්‍යායනයෙනි, මේ අස්න පනවන ලද, වැඩහිඳිනු මැනවැ’යි. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පනවන ලද අස්නෙහි වැඩහුන්හ. තිස්ස බ්‍රහ්ම ද ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් තිස්ස බ්‍රහ්මහට ආයුෂ්මත් මහමුගලන් තෙරහු තෙල කරුණ වදාළහ:
Pali BJTකතමෙසානං ඛො තිස්ස, දෙවානං එවං ඤාණං හොති සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති?
Sinhala BJTතිස්සයෙනි, කවර නම් දෙවියනට සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා අනුපාදිසේස යයි කියා ද මෙබඳු ඥානය වන්නේ දැ? යි.
Pali BJTබ්රහ්මකායිකානං ඛො මාරිස මොග්ගල්ලාන, දෙවානං එවං ඤාණං හොතී: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJTනිදුක මෞද්ගල්‍යායනයෙනි, බ්‍රහ්මකායික දෙවියන්ට (පඤ්චස්කන්‍ධය තිබියදී කෙලෙසුන් කෙරෙන් පිරිනිවියහු) කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා (ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් පිරිනිවියහු) කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ ය.
Pali BJTසබ්බෙසංයෙව නු ඛො{1} තිස්ස, බ්රහ්මකායිකානං දෙවානං එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJTතිස්සයෙනි, හැම බ්‍රහ්මකායික දෙවියන්ට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ දැ? යි.
Pali BJTන ඛො මාරිස මොග්ගල්ලාන, සබ්බෙසං බ්රහ්මකායිකානං දෙවානං එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති. යෙ ඛො තෙ මාරිස මොග්ගල්ලාන, බ්රහ්මකායිකා දෙවා බ්රහ්මෙන ආයුනා සන්තුට්ඨා, බ්රහ්මෙන වණ්ණෙන බ්රහ්මෙන සුඛෙන බ්රහ්මෙන යසෙන බ්රහ්මෙන ආධිපතෙය්යෙන සන්තුට්ඨා, තස්ස ච උත්තරිං{2} නිස්සරණං යථාභූතං නප්පජානන්තී, තෙසං න එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJTනිදුක මෞද්ගල්‍යායනයෙනි, හැම බ්‍රහ්මකායික දෙවියන්ට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය නො මැ වන්නේ ය. නිදුක මුගලන යම් බ්‍රහ්මකායික දෙවිකෙනෙක් බ්‍රහ්මයන් සතු ආයුසින් සන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මවර්‍ණයෙන් සන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මසුඛයෙන් සන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මයශසින් සතුටු වෙත් නම්, බ්‍රහ්මආධිපත්‍යයෙන් සතුටු වෙත් නම්, මත්තෙහිදු නිඃසරණය යථාභූතයෙන් නො දන්නාහු නම්, ඔවුනට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය නො වන්නේ ය.
Pali BJTයෙ ච ඛො තෙ මාරිස මොග්ගල්ලාන, බ්රහ්මකායිකා දෙවා බ්රහ්මෙන ආයුනා අසන්තුට්ඨා, බ්රහ්මෙන වණ්ණෙන බ්රහ්මෙන සුඛෙන බ්රහ්මෙන යසෙන බ්රහ්මෙන ආධිපතෙය්යෙන අසන්තුට්ඨා, තස්ස ච උත්තරිං{2} නිස්සරණං යථාභූතං පජානන්ති, තෙසං එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJTනිදුක මුගලන, යම් බ්‍රහ්මකායික දෙවිකෙනෙක් බ්‍රහ්මආයුෂයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්ම වර්‍ණයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මසුඛයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මයශසින් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මආධිපත්‍යයෙන් අසන්තුෂ්ට වෙත් නම්, එයට මතුයෙහිදු ඇති නිඃසරණය යථා භූත කොට දන්නාහු ද, එ දෙවියනට සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ යයි.
Pali BJTඉධ මාරිස මොග්ගල්ලාන භික්ඛු උභතොභාගවිමුත්තො හොති තමෙනං දෙවා{1} එවං ජානන්ති: අයං ඛො ආයස්මා උභතොභාගවිමුත්තො, යාවස්ස කායො ඨස්සති තාව නං දක්ඛින්ති දෙවමනුස්සා, කායස්ස භෙදා න නං දක්ඛින්ති දෙවමනුස්සාති එවම්පි ඛො මාරිස මොග්ගල්ලාන, තෙසං දෙවානං එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJTනිදුක මුගලන, මෙ සසුන්හි මහණෙක් උභතොභාගවිමුක්ත වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුනති: “මේ ආයුෂ්මත් උභතොභාගවිමුක්ත වෙයි. යම්තාක් ඔහුගේ කය සිටුනේ ද ඒතාක් දෙව්මිනිස්සු ඔහු දක්නාහ. කායයාගේ භේදයෙන් දෙව්මිනිස්සු ඔහු නො දක්නාහ” යි. නිදුක මුගලන, මෙසේත් සඋපාදිසේස පුඟුල් නිමිතිකොට සඋපාදිසේස පුඟුලැයි ද අනුපාදිසේස පුඟුල් නිමිතිකොට අනුපාදිසේස පුඟුලැයි ද දෙවියනට මෙබඳු ඥානය වෙයි.
Pali BJTඉධ පන මාරිස මොග්ගල්ලාන, භික්ඛු පඤ්ඤාවිමුත්තො හොති තමෙනං තෙ දෙවා එවං ජානන්ති: අයං ඛො ආයස්මා පඤ්ඤාවිමුත්තො, යාවස්ස කායො ඨස්සති තාව නං දක්ඛින්ති දෙවමනුස්සා, කායස්ස භෙදා, න නං දක්ඛින්ති දෙවමනුස්සාති. එවම්පි ඛො මාරිස මොග්ගල්ලාන, තෙසං දෙවානං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJTනිදුක මුගලන මෙහි මහණෙක් ප්‍රඥාවිමුක්ත වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුනති: “මෙ ආයුෂ්මත් ප්‍රඥා විමුක්තයෙකි. යම්තාක් ඔහුගේ කය පවතින්නේ ද, ඒතාක් දේවමනුෂ්‍යයෝ ඔහු දක්නාහ. කාය භේදයෙන් දේවමනුෂ්‍යයෝ ඔහු නො දක්නාහ” යි. නිදුක මුගලන, සඋපාදිසේස පුඟුල් කෙරෙහි සඋපාදිසේස යයි ද අනුපාදිසේස පුඟුල් කෙරෙහි අනුපාදිසේස යයි ද එ දෙවියනට මෙසේත් ඥානය වෙයි.
Pali BJTඉධ පන මාරිස මොග්ගල්ලාන භික්ඛු කායසක්ඛී හොති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති: අයං ඛො ආයස්මා කායසක්ඛි, අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. එවම්පි ඛො මාරිස මොග්ගලාන, තෙසං දෙවානං ඤාණං හොති. සඋපාදිසෙසෙවා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJTනිදුක මුගලන මෙහි මහණෙක් කායසක්ඛි වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුණත්: “මෙ ආයුෂ්මත් කායසක්ඛියෙක. මෙ ආයුෂ්මත් අනුලොම් වු සෙනසුන් සේවන කරන්නේ කලණ මිතුරන් භජනය කරන්නේ සද්ධාදී ඉන්‍ද්‍රියයන් සමත්‍වයෙහි තබන්නේ, යමක් සඳහා කුලපුත්හු මනාසේ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයට පැමිණෙත් නම්, බ්‍රහ්මචර්‍ය්‍යය පර්‍ය්‍යාවසාන කොට ඇති එ අනුත්තර නිර්‍වාණය දිටුදැමියෙහි ම තෙමෙ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළැඹ වෙසෙන්නේය” යි. නිදුක මුගලන, මෙසේත් සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද එ දෙවියනට ඥානය වන්නේ යයි.
Pali BJTඉධ පන මාරිස මොග්ගල්ලාන භික්ඛු දිට්ඨප්පත්තො{1} හොති -පෙ- සද්ධාවිමුත්තො හොති -පෙ- ධම්මානුසාරී හොති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති: අයං ඛො ආයස්මා ධම්මානුසාරී අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. එවම්පි ඛො මාරිස මොග්ගලාන, තෙසං දෙවානං එවං ඤාණං හොති සඋපාදිසෙසෙවා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJTනිදුක මෞද්ගල්‍යායනයෙනි, මෙහි මහණෙක් දිට්ඨප්පත්ත වෙයි ... සද්ධාවිමුක්ත වෙයි ... ධම්මානුසාරී වෙයි. ඒ දෙවියෝ ඔහු මෙසේ හඳුනත්: “මෙ ආයුෂ්මත් වනාහි ධම්මානුසාරී වෙයි, මෙ ආයුෂ්මත් අනුලොම් වූ සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් ඇසුරු කෙරෙමින් ඉන්‍ද්‍රියයන් සමභාවයෙහි තබමින් යම් නිවණක් සඳහා කුලපුත්හු මනාකොට ගිහි ගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට වදනාහු නම්, මග බඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර නිර්‍වාණය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වසන්නේ නම් මැනැවැ”යි. නිදුක මෞද්ගල්‍යායනයෙනි, මෙසේත් සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද දෙවියනට ඥානය වන්නේ යයි.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තිස්සස්ස බ්රහ්මුනො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා සෙය්යාථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො ගිජ්ඣකූටෙ පාතුරහොසි.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන තෙරණුවෝ තිස්ස බ්‍රහ්මයාගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දිගුකරන්නේ හෝ දිගු කළ අතක් වක් කරන්නේ නම්, එසෙයින් බඹලොව්හි අතුරුදන් වූසේක් ගිජ්ඣකූටයෙහි පැණීගියහ.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යාවතකො අහොසි තිස්සෙන බ්රහ්මුනා සද්ධිං කථාසල්ලාපො තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහාමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තිස්ස බ්‍රහ්ම හා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී නම්, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැළැකළහ.
Pali BJTනහි පන තෙ මොග්ගල්ලාන තිස්සො බ්රහ්මා සත්තමං අනිමිත්තවිහාරිං පුග්ගලං දෙසෙසීති.
Sinhala BJTමුගලන, තිස්ස බ්‍රහ්ම තෙමේ සත්වන අනිමිත්තවිහාරී (සද්ධානුසාරී) පුද්ගල නො දෙසී යයි.
Pali BJTඑතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා සත්තමං අනිමිත්තවිහාරිං පුග්ගලං දෙසෙය්ය, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ පිළිබඳ කාලය වෙයි. සුගතයන් වහන්ස, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ සත්වන අනිමිත්තවිහාරී පුද්ගලයා දෙසනසේක් නම්, තෙල කරුණට කාලය වෙයි. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහයි.
Pali BJTතෙන හි මොග්ගල්ලාන සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTමුගලන, එසෙයින් අසව, මැනැවින් මෙනෙහි කරව, කියන්නෙමි’යි, වහන්ස, එ සේ යයි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTඉධ මොග්ගල්ලාන, භික්ඛු සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති: අයං ඛො ආයස්මා සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති.
Sinhala BJTමුගලන, මේ සස්නෙහි මහණ සර්‍වනිමිත්තයන්ගේ අමනසිකාරයෙන් අනිමිත්ත (බලවත් විදර්‍ශනා) චිත්තසමාධියට එළැඹ වෙසෙයි. එ දෙවියෝ ඔහු මෙසේ හඳුනත්: මෙ ආයුෂ්මත් හැම නිමිති මෙනෙහි නො කිරීමෙන් අනිමිත්තචිත්තසමාධියට පැමිණ වෙසෙයි. මෙ ආයුෂ්මත් අනුලොම් වූ සෙනසුන් ඇසුරුකෙරෙමින් කල්‍යාණමිත්‍රයන් භජනය කෙරෙමින් ඉඳුරන් සමත්‍වයට පමුණුවමින් යම් නිවණක් සඳහා කුලපුත්හු මනාකොට ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට වදනාහු නම්, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය පර්‍ය්‍යවසාන කොට ඇති ඒ අනුත්තර නිර්‍වාණය විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැයි.
Pali BJTඑවං ඛො මොග්ගල්ලාන, තෙසං දෙවානං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
Sinhala BJTමුගලන, මෙසේ සඋපාදිසේස පුද්ගල කෙරෙහි හෝ සඋපාදිසේස පුද්ගල යයි ද, අනුපාදිසේස පුද්ගල කෙරෙහි හෝ අනුපාදිසේස පුද්ගල යයි ද, එ දෙවියනට ඥානය වන්නේ යයි.
Pali BJT7. 2. 1. 4.
Sinhala BJT7. 2. 1. 4.
Pali BJT[සීහසෙනාපති සුත්තං]
Sinhala BJT[සීහසේනාපති සූත්‍රය]
Pali BJT4. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො සීහො සෙනාපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සීහො සෙනාපති භගවන්තං එතදවොච:
Sinhala BJT4. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෛශාලි නගර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩවසනසේක. එකල්හි සීහසේනාපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් සීහසේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල කාරණය සැළකෙළේ ය:
Pali BJTසක්කා නු ඛො භන්තෙ සන්දිට්ඨිකං දානඵලං පඤ්ඤාපෙතුන්ති.
Sinhala BJT“වහන්ස, සාන්දෘෂ්ටික වූ (තමන් ම දන්නා) දානඵල පැනැවිය හැකිදැ”යි?
Pali BJTතෙනහි සීහ, තංයෙව තත්ථ{1} පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි.
Sinhala BJT(1) “සීහය, එකරුණින් එහි ලා තා ම පුළුවුස්මි, යම් පරිද්දෙකින් තට වැටහේ නම්. එපරිද්දෙන් එ විසඳුව”යි.
Pali BJT(1) තං කිං මඤ්ඤසි සීහ, ඉධස්සු ද්වෙ පුරිසා{2} එකො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, එකො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො. තං කිං මඤ්ඤසි සීහ කං නු ඛො අරහන්තො පඨමං අනුකම්පන්තා අනුකම්පෙය්යුං. යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
Sinhala BJTසීහය, එ කිමැ’යි හඟිහි ද? මෙ ලෙව්හි පුරුෂයෝ දෙදෙනෙක් වන්නාහ: එක් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරුමල ඇතියේ, තද මසුරුබව ඇතියේ පරිභාෂික (අනුනට ගරහන්නේ) වෙයි. එක් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ දන්දීමෙහි ඇලුනේ වෙයි. සීහය, එ කිමැයි හඟනාව, ශ්‍රද්ධා රහිත වූ මසුරු වූ තදමසුරා වූ පරිභව කොට බෙණෙන යම් පුරුෂයෙක් හෝ වේ ද, ශ්‍රද්ධා ඇති දානපති වූ පුනපුනා දීමෙහි ඇලුනු යම් පුරුෂයෙක් හෝ වේ ද, (සිතින්) අනුකම්පා කරණ රහත්හු (ඔවුනතුරෙන්) කවරක්හට පළමුකොට අනුකම්පා කරන්නාහු දැයි?
Pali BJTයො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කින්තං අරහන්තො පඨමං අනුකම්පන්තා අනුකම්පෙස්සන්තී.{3} යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තංයෙව අරහන්තො පඨමං අනුකම්පන්තා අනුකම්පෙය්යුං.
Sinhala BJTවහන්ස, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරුවූයේ පරිභාෂක වේ නම්, අනුකම්පා කරණ රහත්හු ඔහුට කවර හෙයින් පළමු කොට අනුකම්පා කරන්නාහු ද, වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ පුනපුනා දානයෙහි ඇලුනේ නම්, අනුකම්පා කරණ රහත්හු ඔහුට ම පළමු අනුකම්පා තරක්කාහ යි,
Pali BJT(2) තං කිං මඤ්ඤසි සීහ, කං නු ඛො අරහන්තො පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමෙය්යුං: යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡිරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
Sinhala BJT(2) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, වෙත පැමිණෙන රහත්හු (ඔවුනතුරෙන්) කවරකු වෙත ප්‍රථමයෙන් එළැඹෙන්නාහු දැයි.
Pali BJTයො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං තං අරහන්තො පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමිස්සන්ති යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තංයෙව අරහන්තො පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමෙය්යුං.
Sinhala BJTවහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, පළමු එළඹෙන රහත්හු කවර හෙයින් ඔහු කරා එළැඹෙන්නාහු ද, වහන්ස, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලුනේ වේ නම්, වෙත එළැඹෙන රහත්හු ඔහු කරා ම පළමු එළැඹෙන්නාහ.
Pali BJT(3) තං කිං මඤ්ඤසි සීහ, කස්ස නු ඛො අරහන්තො පඨමං පතිගණ්හන්තා පතිගණ්හෙය්යුං: යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
Sinhala BJT(3) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නොවූයේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක හෝ වේ නම්, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා වූයේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, දන් පිළිගන්නා රහත්හු (ඔවුනතුරෙන්) කවරකුගේ දන් වෙත පළමු පිළිගන්නාහු දැයි.
Pali BJTයො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං තස්ස{1} අරහන්තො පඨමං පතිගණ්හන්තා පතිගණ්හිස්සන්ති. යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තස්සෙව අරහන්තො පඨමං පතිගණ්හන්තා පතිගණ්හෙය්යුං:
Sinhala BJTවහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, දන් පිළිගන්නා රහත්හු කවර හෙයින් ඹහුගේ දන් පළමු පිළිගණිත් ද, වහන්ස, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, දන් පිළිගන්නා රහත්හු පළමු කොට ඹහුගේ ම දන් පිළිගන්නාහ.
Pali BJT(4) තං කිං මඤ්ඤසි සීහ, කස්ස නු ඛො අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙය්යුං, යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
Sinhala BJT(4) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක හෝ වේ නම්, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, ධර්‍මදේශනා කරණ රහත්හු උන්ගෙන් කවරකුහට ප්‍රථමයෙන් ධර්‍මය දෙසන්නාහු දැයි.