Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10501-10600 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසචෙ පන භික්ඛවෙ, භික්ඛුනො අනිච්චෙ දුක්ඛසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ආලස්යෙ කොසජ්ජෙ විස්සට්ඨියෙ පමාදෙ අනනුයොගෙ අපච්චවෙක්ඛනාය තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා සුභාවිතා මෙ අනිච්චෙ දුක්ඛසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුඃඛසංඥායෙන් පරිචිත චිත්තයෙන් බහුල වශයෙන් වසන භික්‍ෂුහුගේ අලසබව්හි කුසීතභාවයෙහි වුහුටුබව්හි පමායෙහි කුශලධර්‍මයෙහි නො යෙදීමෙහි ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙහි තීව්‍ර භයසංඥා අමෝරාගත් කඩු ඇති වධකයකු කෙරෙහි මෙන් එළඹ සිටියා වෙයි ද, මහණෙනි, භික්‍ෂුහු විසින් “අනිත්‍යයෙහි දුඃඛසංඥා මා විසින් වඩනාලදු, පෙරට වැඩි වෙසෙසෙක් පසුකාලයෙහි මට ඇත, මා විසින් භාවනාඵලය ලබන ලදැයි” යන තෙල කරුණ දතයුතු ය. මෙසේ මෙ කරුණෙහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
Pali BJTඅනිච්චෙ දුක්ඛසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, අනිත්‍යයෙහි දුඃඛසංඥා වඩනාලද්දී බහුල කරණලද්දී මහත්ඵල වෙයි. මහානෘශංස වෙයි. අමෘතය පිහිට කොට ඇත්තී අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ මෙ පිණිස කියනලදී.
Pali BJT(7) දුක්ඛෙ අනත්තසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(7) මහණෙනි, දුඃඛයෙහි අනාත්ම සංඥා වඩනාලද්දී බහුලකරණලද්දී මහත්ඵල වෙයි, මහානිශංසවෙයි. අමෘතය පිහිට කොට ඇත්තී අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
Pali BJTදුක්ඛෙ අනත්තසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති විධා සමතික්කන්තං සන්තං සුවිමුත්තං.
Sinhala BJTමහණෙනි, දුඃඛයෙහි අනාත්මසංඥායෙන් පරිචිත සිතින් බහුල වශයෙන් වසන මහණහුට මෙ සවිඥානක කරජකායයෙහි ද බාහිර සියලු නිමිති කෙරෙහි ද පහවගිය අහිංකාරමමිංකාරමාන (මම යන දෘෂ්ටි, මාගේ යන තෘෂ්ණාව) ඇති ඉක්ම වූ ත්‍රිවිධ විධා (මාන) ඇති, ශාන්ත වූ මොනොවට මිදුනු සිත වෙයි.
Pali BJTසචෙ භික්ඛවෙ, භික්ඛුනො දුක්ඛෙ අනත්තසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං න හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තං, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා අභාවිතා මෙ දුක්ඛෙ අනත්තසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් දුඃඛයෙහි අනාත්මසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වසන මහණහුට මෙ සවිඥානකකායයෙහි ද බාහිර හැම නිමිති කෙරෙහි ද අහිංකාරමමිංකාර මානානුසයෙන් පහවූ, ඉක්ම වූ ත්‍රිවිධ විධා ඇති, ශාන්ත වූ මොනොවට මිදුනු සිත නො වේ නම්, මහණෙනි, “මා විසින් දුකෙහි අනාත්මසංඥා නො වඩනාලදු, මට පෙරට වැඩි වෙසෙසෙක් නැත, මා විසින් භාවනාඵලය නො ලදැයි” මහණහු විසින් දතයුතු ය. මෙසේ එහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, භික්ඛුනො දුක්ඛෙ අනත්තසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තං, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා සුභාවිතා මෙ දුක්ඛෙ අනත්තසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් දුඃඛයෙහි අනාත්ම සංඥායෙන් පරිචිත වූ සිතින් බහුල කොට වෙසෙන මහණහුට මෙ සවිඥානක කායයෙහි ද බාහිර සර්‍වනිමිත්තයන්හි ද අහිංකාරමමිංකාරමානයෙන් පහ වූ, විධාසමතික්‍රමණය කළ, ශාන්ත වූ සුවිමුක්ත වූ චිත්තය වේ නම්, මහණෙනි, “මා විසින් දුඃඛයෙහි අනාත්ම සංඥාව මොනොවට වඩනලදු, මට පෙරට වැඩි වෙසෙසෙක් ඇත. මා විසින් භාවනාඵලය ලබනලදැයි” යන තෙල කරුණ මහණහු විසින් දතයුතු ය. මෙසේ මෙ කරුණෙහි ලා සම්‍යක්ප්‍රඥා ඇති වෙයි.
Pali BJTදුක්ඛෙ අනත්තසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, දුඃඛයෙහි අනාත්මසංඥා වඩන ලද්දී බහුල කරණලද්දී මහත්ඵල හා මහානෘශංස වූවා අමෘතය පිහිට කොට ඇත්තී අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ මෙ සඳහා කියනලදී.
Pali BJTඉමා ඛො භික්ඛවෙ සත්ත සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
Sinhala BJTමහණෙනි, මෙ සප්තසංඥා භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානෘශංස ඇත්තාහු අමෘතය පිහිට කොට ඇත්තාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙත් ය යි.
Pali BJT7. 1. 5. 7.
Sinhala BJT7. 1. 5. 7.
Pali BJT[මෙථුන සුත්තං]
Sinhala BJT[සත්තමෙථුන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT50. අථ ඛො ජාණුස්සොණී බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි -පෙ- [භගවන්තං] එතදවොච:
Sinhala BJT50. එකල්හි ජානුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය ... භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී ය:
Pali BJTභවමිපි නො සමණො ගොතමො බ්රහ්මචාරී පටිජානාතීති.
Sinhala BJTශ්‍රමණ භවද් ගෞතමයන් වහන්සේත් ‘බ්‍රහ්මචාරියෙක්මි’යි ප්‍රතිඥා කරන්නාහු දැ?යි.
Pali BJT”යං හි තං බ්රාහ්මණ, සම්මා වදමානො වදෙය්ය: අඛණ්ඩං අච්ඡිද්දං අසබලං අකම්මාසං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරතීති, මමෙවෙතං බ්රාහ්මණ, සම්මා වදමානො වදෙය්ය” අහං හි බ්රාහ්මණ, අඛණ්ඩං අච්ඡිද්දං අසබලං අකම්මාසං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරාමීති.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් මැ පුඟුලකු ගෙණ මනාකොට කියනුයෙක් “අඛණ්ඩ වු අච්ඡිද්‍රවූ අශබල වූ අකල්මාෂ වූ පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නේ ය”යි කියන්නේ නම් බ්‍රාහ්මණය, මනාකොට කියනුයේ තෙල කාරණය මා ගෙණ ම කියන්නේ ය. බ්‍රාහ්මණය මම මැ නොකඩ වූ නො සිදුරු වූ අශබල වූ අකල්මාෂ වූ පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරමි යි.
Pali BJTකිම්පන භො ගොතම, බ්රහ්මචරියස්ස ඛණ්ඩම්පි ඡිද්දම්පි සබලම්පි කම්මාසම්පීති.
Sinhala BJTභවද් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ඡිද්‍ර ශබල (කබර) කල්මාෂ (පුල්ලි) කවරේ දැ යි?
Pali BJT(1) ඉධ බ්රාහ්මණ, එකච්චො සමණො වා බ්රාහ්මණො වා සම්මා බ්රහ්මචාරී පටිජානමානො න හෙව ඛො මාතුගාමෙන සද්ධිං ද්වයංද්වයසමාපත්තිං සමාපජ්ජති, අපි ච ඛො මාතුගාමස්ස උච්ඡාදනපරිමද්දනනහාපනසම්බාහනං සාදියති, සො තදස්සාදෙති, තං නිකාමෙති. තෙන ච විත්තිං ආපජ්ජති. ඉදම්පි ඛො බ්රාහ්මණ, බ්රහ්මචරියයස්ස ඛණ්ඩම්පි ඡිද්දම්පි සබලම්පි කම්මාසම්පි.
Sinhala BJT(1) බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මනාකොට බ්‍රහ්මචාරීයෙමි’යි පිළිණ කරන්නේ මාගමක් හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම පැමිණෙන්නේ ය. වැලිදු මාගමක විසින් ඇඟඉළුම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන ඉවසන්නේ ය. හේ එය ආස්වාද කරන්නේ ය. එය කැමැති වන්නේ ය. එයින් සතුටට පත් වන්නේ ය.
Pali BJTඅයං වුච්චති බ්රාහ්මණ, අපරිසුද්ධං බ්රහ්මචරියං චරති සංයුත්තො මෙථුනෙන සංයොගෙන, න පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ ද බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ඡින්‍ද්‍ර ශබල කල්මාෂ වෙයි. බ්‍රාහ්මණය, මෙ තෙම මෛථුනසංයෝගයෙන් සංයුක්ත වූයේ අපිරිසිදු බඹසර පුරන්නේ යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ ය යි ද සසරදුකින් නො මිදේ යයි ද කියනු ලැබේ.
Pali BJT(2) පුන චපරං බ්රාහ්මණ, ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා සම්මා බ්රහ්මචාරී පටිජානමානො න හෙව ඛො මාතුගාමෙන සද්ධිං ද්වයං ද්වයසමාපත්තිං සමාපජ්ජති, නපි මාතුගාමස්ස උච්ඡාදනපරිමද්දනනහාපනසම්බාහනං සාදියති. අපි ච ඛො මාතුගාමෙන සද්ධිං සඤ්ජග්ඝති සඞ්කීළති සඞ්කෙලායති -පෙ-
Sinhala BJT(2) තව ද බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි ‘මනාකොට බ්‍රහ්මචාරීමි’යි ප්‍රතිඥා කරන්නේ මාගමක හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම සමවදනේ ය. මාගමක විසින් සිරිරු ඉලීම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන නො ද ඉවසන්නේ ය. වැලිදු මාගමක හා සමග සිනා කථායෙන් සෙයි, ක්‍රීඩා කෙරෙයි. මහසිනා කෙරෙයි ...
Pali BJT(3) නපි මාතුගාමෙන සද්ධිං සඤ්ජග්ඝති සඞ්කිළති සඞ්කෙලායති, අපි ච ඛො මාතුගාමස්ස චක්ඛුනා චක්ඛුං උපනිජ්ඣායති පෙක්ඛති. -පෙ-
Sinhala BJT(3) මාගමක හා සමග නො ද සිනාබසින් සෙයි, ක්‍රීඩා නො කෙරෙයි, මහ හසිතයෙන් නො සෙයි. වැලිදු සියැසින් මාගම්හුගේ ඇස පිළිවිද දක්නේ ය, බලන්නේ ය ...
Pali BJT(4) නපි මාතුගාමස්ස චක්ඛුනා චක්ඛුං උපනිජ්ඣායති පෙක්ඛති, අපි ච ඛො මාතුගාමස්ස සද්දං සුණාති, තිරොකුඩ්ඩං වා තිරොපාකාරං වා හසන්තියා වා භණන්තියා වා ගායන්තියා වා රොදන්තියා වා -පෙ-
Sinhala BJT(4) මාගම්හුගේ ඇස තම ඇසින් නො ද පිළිවිද දක්නේ ය. නො බලන්නේ ය. වැලිත් බිතින් පිටත්හි වේවයි පවුරින් පිටත්හි වේවයි සෙන්නා වූ හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය අසයි ...
Pali BJT(5) නපි මාතුගාමස්ස සද්දං සුණාති, තිරොකුඩ්ඩං වා තිරොපාකාරං වා හසන්තියා වා භණන්තියා වා ගායන්තියා වා රොදන්තියා වා, අපි ච ඛො යානිස්ස තානි පුබ්බෙ මාතුගාමෙන සද්ධිං හසිතලපිතකීළිතානි තානි අනුස්සරති -
Sinhala BJT(5) බිතින් මුවායෙහි වේවයි පවුරින් මුවායෙහි වේවයි සෙන්නා වු හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය නො ද අසයි. වැලිත් මාගමක හා සමඟ ඔහු විසින් පෙර කළ යම් හසිත ලපිත කීළිතයෝ වෙත් නම් එ හැම අනුස්මරණ කෙරෙයි ...
Pali BJT(6) නපි යානිස්ස තානි පුබ්බෙ මාතුගාමෙන සද්ධිං හසිතලපිතකීළිතානි තානි අනුස්සරති. අපි ච ඛො පස්සති ගහපතිං වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතං සමඞ්ගිභූතං පරිචාරියමානං.{1} -පෙ-
Sinhala BJT(6) ඔහු විසින් පෙර මාගමක හා සමඟ කළ යම් හසිත - ලපිත - කීළිතයෝ වෙත් නම් ඔවුන් නො ද අනුස්මරණය කෙරෙයි. වැලිත් පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්‍වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දක්නේ ය ...
Pali BJT(7) නපි පස්සති ගහපතිං වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතං සමඞ්ගිභූතං පරිචාරියමානං. අපි ච ඛො අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. සො කදස්සාදෙති,{2} තන්නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති.
Sinhala BJT(7) පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්‍වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ නො දක්නේ ය. නො ලබන්නේ ය. වැලිත් “මම් මෙ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තවුස්දමින් හෝ බඹසරින් ප්‍රකට දෙවියෙකිම් හෝ අප්‍රකට දෙවියෙකිම් හෝ වෙමි”යි අන්‍යතර දේවනිකායක් පතා බ්‍රහ්මචර්‍ය්‍ය පුරයි. හෙ එය ආස්වාද විසින් විඳියි. එය පතයි. එයින් ම සෑහීමට පැමිණෙයි.
Pali BJTඉදම්පි ඛො බ්රාහ්මණ, බ්රහ්මචරියස්ස ඛණ්ඩම්පි ඡිද්දම්පි සබලම්පි කම්මාසම්පි.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ ද බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ද, ඡිද්‍ර ද, ශබල ද, කල්මාෂ ද වෙයි.
Pali BJTඅයං වුච්චති බ්රාහ්මණ, අපරිසුද්ධං බ්රහ්මචරියං චරති, සංයුත්තො මෙථුනෙන සංයොගෙන න පරිමුච්චති, ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙතෙම අපරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නේ යයි ද මෛථුනසංයෝගයෙන් සංයුක්ත යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ යයි කියනු ලැබේ. වර්ත්තදුක්ඛයෙන් නො මිදේ යයි කියමි.
Pali BJTයාවකීවඤ්චාහං බ්රාහ්මණ ඉමෙසං සත්තන්නං මෙථුනසංයොගානං අඤ්ඤතරඤ්ඤතරං{3} මෙථුනසංයොගං අත්තනි අප්පහීනං සමනුපස්සිං, නෙව තාවාහං බ්රාහ්මණ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං.
Sinhala BJTබ්‍රාහ්මණය, මම යම් තාක් මෙ සප්ත මෛථුන සංයෝගයන් කෙරෙහි තමන් තුළ අප්‍රහීණ යම් ම මෛථුන සංයෝගයන් නුවණින් දිටිම් ද, බ්‍රාහ්මණය, ඒතාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙහි “අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි”යි ප්‍රතිඥා නො ම කෙළෙමි.
Pali BJTයතො ච ඛො අහං බ්රාහ්මණ, ඉමෙසං සත්තන්නං මෙථුනසංයොගානං න අඤ්ඤතරඤ්ඤතරං මෙථුනසංයොගං අත්තනි අප්පහීනං සමනුපස්සිං, අථාහං බ්රාහ්මණ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, පච්චඤ්ඤාසිං.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් කලෙක මම මේ සප්තමෛථුනසංයෝගයන් කෙරෙහි තමන් තුළ අප්‍රහීණ යම් මැ මෛථුනසංයෝගයක් නො ම දිටිම් ද, බ්‍රාහ්මණය, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙහි “අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි”යි පිළිණ කෙළෙමි.
Pali BJTඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJTමාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය, මෙ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ යි මට ඥානදර්‍ශනය ද උපනැ යි.
Pali BJTඑවං වුත්තෙ ජාණුස්සොණී බ්රාහ්මණො භගවන්තං එතදවොච -පෙ- (උපාසකං මං භවං ගොතමො ධාරෙතු) අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය. මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උවසු කොට ධරණසේක්වා යි.
Pali BJT7. 1. 5. 8.
Sinhala BJT7. 1. 5. 8.
Pali BJT[සංයොගවිසංයොග ධම්මපරියාය සුත්තං]
Sinhala BJT[සංයෝගවිසංයෝග ධම්මපරියාය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT51. සංයොගවිසංයොගං වො භික්ඛවෙ, ධම්මපරියායං දෙසිස්සාමි. තං සුණාථ -පෙ-
Sinhala BJT51. මහණෙනි, තොපට සංයෝගවිසංයෝග සාධක වූ ධම්මපර්‍ය්‍යාය දෙසන්නෙමි. එය අසවු ...
Pali BJTකතමො ච සො භික්ඛවෙ සංයොගවිසංයොගො ධම්මපරියායො:
Sinhala BJTමහණෙනි, එ සංයෝගවිසංයෝගධර්‍මපර්‍ය්‍යාය කවරේ ය යත්:
Pali BJTඉත්ථි භික්ඛවෙ අජ්ඣත්තං ඉත්ථින්ද්රියං මනසිකරොති ඉත්ථිකුත්තං ඉත්ථාකප්පං ඉත්ථිවිධං ඉත්ථිච්ඡන්දං ඉත්ථිස්සරං ඉත්ථාලඞ්කාරං සා තත්ථ රජ්ජති, තත්රාභිරමති. සා තත්ථ රත්තා තත්රාභිරතා බහිද්ධා පුරිසින්ද්රියං මනසිකරොති පුරිසකුත්තං පුරිසාකප්පං පුරිසවිධං පුරිසච්ඡන්දං පුරිසස්සරං පුරිසාලඞ්කාරං. සා තත්ථ රජ්ජති, තත්රාභිරමති. සා තත්ථ රත්තා තත්රාභිරතා බහිද්ධා සංයොගං ආකඞ්ඛති. යඤ්චස්සා සංයොගපච්චයා උප්පජ්ජති සුඛං සොමනස්සං, තඤ්ච ආකඞ්ඛති. ඉත්ථත්තෙ භික්ඛවෙ, අභිරතා සත්තා පුරිසෙසු සංයොගං ගතා. එවං ඛො භික්ඛවෙ, ඉත්ථි ඉත්ථත්තං නාතිවත්තති.
Sinhala BJTමහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියාව ස්ත්‍රිය පිළිබඳ ආකල්පය ස්ත්‍රියගේ මානවිධාව ස්ත්‍රියගේ ඡන්‍දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්ප පුරුෂවිධා පුරුෂ ඡන්‍ද පුරුෂස්වර පුරුෂාලඞ්කාර මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පිරිමි සංයොග කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙකුත් වේ නම්, එය ද කැමැති වෙයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අභිරත වූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නො ඉක්මවයි.
Pali BJTපුරිසො භික්ඛවෙ, අජ්ඣත්තං පුරිසින්ද්රියං මනසිකරොති පුරිසකුත්තං පුරිසාකප්පං පුරිසවිධං පුරිසච්ඡන්දං පුරිසස්සරං පුරිසාලඞ්කාරං. සො තත්ථ රජ්ජති තත්රාභිරමති. සො තත්ථ රත්තො තත්රාභිරතො බහිද්ධා ඉත්ථින්ද්රියං මනසිකරොති ඉත්ථිකුත්තං ඉත්ථාකප්පං ඉත්ථිවිධං ඉත්ථිච්ඡන්දං ඉත්ථිස්සරං ඉත්ථාලඞ්කාරං. සො තත්ථ රජ්ජති, තත්රාභිරමති. සො තත්ථ රත්තො තත්රාභිරතො බහිද්ධා සංයොගං ආකඞ්ඛති. යඤ්චස්ස සංයොගපච්චයා උප්පජ්ජති සුඛං සොමනස්සං, තඤ්ච ආකඞ්ඛති. පුරිසත්තෙ භික්ඛවෙ, අභිරතා සත්තා ඉත්ථිසු සංයොගං ගතා. එවං ඛො භික්ඛවෙ, පුරිසෙ පුරිසත්තං නාතිවත්තති.
Sinhala BJTමහණෙනි, පුරුෂයා ආධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය, පුරුෂක්‍රියාව, පුරුෂාකල්පය, පුරුෂමානවිධාව, පූරුෂාධ්‍යාශයච්ඡන්‍දය, පුරුෂස්වරය (ශබ්දය), පුරුෂාලඞ්කාරය මෙනෙහි කරයි. හේ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. හේ එහි රැඳුනේ එහි අභිරත වූයේ බාහිර ස්ත්‍රීඉන්‍ද්‍රිය, ස්ත්‍රීක්‍රියා, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රීවිධාව, ස්ත්‍රීච්ඡන්‍දය, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. හේ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. හේ එහි රක්ත වූයේ එහි අභිරත වූයේ බාහිර (ස්ත්‍රී සංයෝගය කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයෙන් ඔහට යම්බඳු සුවසොම්නසෙක් වේ නම්, එ ද කැමැති වෙයි. මහණෙනි, පුරුෂත්‍වයෙහි අභිරත වු, සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙත්. මහණෙනි, මෙසේ පුරුෂ පුරුෂභාවයට නො ඉක්මවයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, සංයොගො හොති.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් සංයෝගය වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, විසංයොගො හොති:
Sinhala BJTමහණෙනි, කෙසේ නම් විසංයෝගය වේ ය යත්:
Pali BJTඉත්ථි භික්ඛවෙ, අජ්ඣත්තං ඉත්ථින්ද්රියං න මනසිකරොති ඉත්ථිකුත්තං ඉත්ථාකප්පං ඉත්ථිවිධං ඉත්ථිච්ඡන්දං ඉත්ථිස්සරං ඉත්ථාලඞ්කාරං. සා තත්ථ න රජ්ජති. තත්ථ නාභිරමති. සා තත්ථ අරත්තා තත්ර අනභිරතා බහිද්ධා පුරිසින්ද්රියං න මනසිකරොති පුරිසකුත්තං පුරිසාකප්පං පුරිසවිධං පුරිසච්ඡන්දං පුරිසස්සරං පුරිසාලඞ්කාරං. සා තත්ථ න රජ්ජති, තත්ථ නාභිරමති. සා තත්ථ අරත්තා තත්ර අනභිරතා බහිද්ධා සංයොගං නාකඞ්ඛති. යං චස්සා සංයොගපච්චයා උප්පජ්ජති සුඛං සොමනස්සං, තඤ්ච නාකඞ්ඛති. ඉත්ථත්තෙ ඛො භික්ඛවෙ, අනභිරතා සත්තා පුරිසෙසු විසංයොගං ගතා. එවං ඛො භික්ඛවෙ, ඉත්ථි ඉත්ථත්තං අතිවත්තති.
Sinhala BJTමහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියා, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රී විධාව, ස්ත්‍රීච්ඡන්‍දය, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලඞ්කාර මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණ නො කරයි. ඕ එහි රක්ත නො වූවා එහි අභිරත නො වූවා බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂවිධාව, පුරුෂච්ඡන්‍දය, පුරුෂශබ්දය, පුරුෂාලඞ්කාරය මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණය නො කරයි. ඕ එහි නො රැඳුනී. එහි අනභිරත වූවා බාහිර සංයෝගය නො කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙක් වේ නම් එය ද නො පතයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අනභිරත වු සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි විසංයෝගයට ගියහ. මහණෙනි, මෙ සෙයින් ස්ත්‍රී ස්ත්‍රී භාවයට ඉක්මවයි.
Pali BJTපුරිසො භික්ඛවෙ, අජ්ඣත්තං පුරිසින්ද්රියං න මනසිකරොති පුරිස කුත්තං පුරිසාකප්පං පුරිසවිධං පුරිසච්ඡන්දං පුරිසස්සරං පුරිසාලඞ්කාරං. සො තත්ථ න රජ්ජති, තත්ර නාභිරමති. සො තත්ථ අරත්තො තත්ර අනභිරතො{1} බහිද්ධා ඉත්ථින්ද්රියං න මනසිකරොති ඉත්ථිකුත්තං ඉත්ථාකප්පං ඉත්ථිවිධං ඉත්ථිච්ඡන්දං ඉත්ථිස්සරං ඉත්ථාලඞ්කාරං. සො තත්ථ න රජ්ජති, තත්ර නාභිරමති. සො තත්ථ අරත්තො තත්ර අනභිරතො බහිද්ධා සංයොගං නාකඞ්ඛති. යඤ්චස්ස සංයොගපච්චයා උප්පජ්ජති සුඛං සොමනස්සං, තඤ්ච නාකඞ්ඛති. පුරිසත්තෙ භික්ඛවෙ, අනභිරතා සත්තා ඉත්ථිසු විසංයොගං ගතා. එවං ඛො භික්ඛවෙ, පුරිසො පුරිසත්තං අතිවත්තති.
Sinhala BJTමහණෙනි, පුරුෂයා ආධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂවිධාව පුරුෂච්ඡන්‍දය පුරුෂස්වරය පුරුෂාලඞ්කාරය මෙනෙහි නො කරයි. හෙ එහි නො රැඳෙයි. එහි අභිරමණය නො කරයි. හෙ එහි නො රැඳියේ එහි අභිරත නො වූයේ ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියා ස්ත්‍රී ආකල්පය ස්ත්‍රී විධාව ස්ත්‍රීච්ඡන්‍දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි නො කරයි. හෙ එහි නො රැඳෙයි. එහි අභිරමණ නො කෙරෙයි. හෙ එහි නො රැඳියේ එහි අනභිරත වූයේ බාහිර සංයෝගය නො පතයි. මහණෙනි, පුරුෂභාවයෙහි අනභිරත වූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි විසංයෝගයට ගියහ. මහණෙනි, මෙසෙයින් පුරුෂයා පුරුෂත්‍වය ඉක්මයෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, විසංයොගො හොති.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් විසංයෝගය වෙයි.
Pali BJTඅයං ඛො භික්ඛවෙ, සංයොග විසංයොගො ධම්මපරියායොති.
Sinhala BJTමහණෙනි, මෙ සංයෝගවිසංයෝග නම් ධර්‍මපර්‍ය්‍යාය යි.
Pali BJT7. 1. 5. 9.
Sinhala BJT7. 1. 5. 9.
Pali BJT[දානමහප්ඵල සුත්තං]
Sinhala BJT[දානමහප්ඵල සූත්‍රය]
Pali BJT52. එකං සමයං භගවා චම්පායං විහරති ගග්ගාරාය පොක්ඛරණියා තීරෙ. අථ ඛො සම්බහුලා චම්පෙය්යකා උපාසකා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො චම්පෙය්යකා උපාසකා ආයස්මන්තං සාරිපුත්තං එතදවොචුං:
Sinhala BJT52. එක් සමයෙක්හි භාග්‍යයවතුන් වහන්සේ චම්පා නගරයෙහි ගග්ගරා නම් පොකුණු තෙර වාස කරන්නාහ. එකල්හි බොහෝ චම්පා නගර වැසි උපාසකයෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් චම්පා නගරවාසී උපාසකයෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
Pali BJTචිරස්සුතා නො භන්තෙ සාරිපුත්ත, භගවතො සම්මුඛා ධම්මීකථා. සාධු මයං භන්තෙ, ලභෙය්යාම භගවතො සන්තිකා ධම්මිං කථං සවණායාති.
Sinhala BJT“වහන්ස, ශාරීපුත්‍රයෙනි, අප විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් දැහැමි කථායෙක් ඇසූ බොහෝ කලි. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දැහැමි කථාවක් අසන්නට ලබමෝ නම් මැනැවැ”යි.
Pali BJTතෙන හාවුසො තදහුපොසථෙ ආගච්ඡෙය්යාථ අප්පෙවනාම ලභෙය්යාථ භගවතො සම්මුඛා ධම්මිං කථං{1} සවණායාති. එවං භන්තෙති ඛො තෙ චම්පෙය්යකා උපාසකා ආයස්මතො සාරිපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා අයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJTඇවැත්නි, එකරුණෙන් පොහෝලත් එ දවස්හි එව, භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් දැහැමි කථාවක් අසන්නට ලබන්නාහු නම් මැනැවැයි. වහන්ස, එසේ යයි එ චම්පෙය්‍යක උපාසකයෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
Pali BJTඅථ ඛො තෙ චම්පෙය්යකා උපාසකා තදහුපොසථෙ යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු.
Sinhala BJTඑකල්හි එ චම්පා නගරවැසි උපාසකයෝ පොහෝලත් එදවස්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් සකසා වැඳ එකත්පස් ව සිට ගත්හ.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො තෙහි චම්පෙය්යකෙහි උපාසකෙහි සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එ චම්පා නගරවැසි උවසුවන් හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
Pali BJTසියා නු ඛො භන්තෙ, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං{2} න මහානිසංසං. සියා පන භන්තෙ, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං{3} මහානිසංසන්ති.
Sinhala BJTවහන්ස, මෙ ලොව්හි ඇතැමකු විසින් දෙනලද මහත්ඵල නො වන මහානිසංස නො වන එබඳු (එක් සමාන) දානයෙක් වන්නේ ද, වහන්ස, මෙ ලෙව්හි ඇතැමකු විසින් දෙනලද මහත්ඵල වන මහානිසංස වන එබඳු දානයෙක් ඇත් දැයි.
Pali BJTසියා සාරිපුත්ත, ඉධෙකච්චස්ස තාදිසං යෙව දානං දින්නං න මහප්ඵලං{2} න මහානිසංසං. සියා පන සාරිපුත්ත, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං{3} මහානිසංසන්ති.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙනලද මහත්ඵල නොවන මහානිසංස නො වන එබඳු දානයෙක් ඇත. ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි, ඇතැම් පුඟුලකු විසින් දෙනලද මහත්ඵල වන මහානිසංස වන එබඳු දානයෙක් ද ඇතැයි.
Pali BJTකො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙන ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං හොති, න මහානිසංසං. කො පන භන්තෙ{4} හෙතු කො පච්චයො යෙන ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං හොති මහානිසංසන්ති?
Sinhala BJTවහන්ස, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙනලද එබඳු දානයෙක් යම් හෙයකින් මහත්ඵල මහානිසංස නො වන්නේ නම්, ඒ හේතු කවරේ ද, ඒ ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙන ලද එබඳු දානය යම් හෙයෙකින් මහත්ඵල මහානිසංස වේ නම්, ඒ හේතු කවරේ ද, ඒ ප්‍රත්‍යය කවරේ දැ? යි.
Pali BJT(1) ඉධ සාරිපුත්ත, එකච්චො සාපෙඛො{1} දානං දෙති, පටිබද්ධචිත්තො දානං දෙති, සන්නිධිපෙඛො දානං දෙති, ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමීති දානං දෙති. සො තං දානං දෙති සමණස්ස වා බ්රාහ්මණස්ස වා, අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යා සථපදීපෙය්යං.
Sinhala BJT(1) ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සාපේක්‍ෂ (තෘෂ්ණා සහිත) වූයේ දන් දෙයි. විපාකයෙහි පිළිබැඳියේ දන් දෙයි සන්නිධිය පතනුයේ (නිධන් කරණ අදහස් ඇතියේ) දන් දෙයි. ‘මෙය පරලොව්හි දී පරිභෝග කරන්නෙමි’යි දන් දෙයි. හේ ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ අන්න, පාන, වස්ත්‍ර යාන, මාලාගන්‍ධවිලේපන, සයන, ආවාස හා ප්‍රදීපෝපකරණ යන එබඳු දනක් දෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි සාරිපුත්ත, දදෙය්ය ඉධෙකච්චො එවරූපං දානන්ති. එවං භන්තෙ.
Sinhala BJTසාරිපුත්තයෙනි, එ කිමැයි හඟිවු ද, මෙලොව ඇතැම් පුඟුලෙක් මෙ බඳු දන් දෙන්නේ දැ?යි වහන්ස, එසේ යි.
Pali BJTතත්ර සාරිපුත්ත, ය්වායං සාපෙඛො{1} දානං දෙති, පටිබද්ධචිත්තො දානං දෙති, සන්නිධිපෙඛො දානං දෙති, ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමීති දානං දෙති. සො තං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. සො තං කම්මං ඛෙපෙත්වා තං ඉද්ධිං තං යසං තං ආධිපතෙය්යං{2} ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, එහි යම් මෙ පුඟුලෙක් සාපේක්‍ෂ ව දන් දේ නම්, පිළිබඳ සිතැතියේ දන් දේ නම් සන්නිධිය පතනුයේ දන් දේ නම්, ‘මෙය පරලොව්හි පරිභෝග කරමි’යි දන් දේ නම්, හෙ එදන් දී කාබුන් මරණින් මතු සිවුමහරද වැසියන්ගේ සහභාවයට පැමිණෙයි. හෙ එ කර්‍ම (විපාකය) එ ඍද්ධිය එ යශස් ඒ අධිපති බව ගෙවා මේ මිනිසත් බවට එන සුලු වූයේ ආගාමී (හීන) වෙයි.
Pali BJT(2) ඉධ පන සාරිපුත්ත, එකච්චො න හෙව ඛො සාපෙඛො දානං දෙති, න පටිබද්ධචිත්තො දානං දෙති, න සන්නිධිපෙඛො දානං දෙති, න ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමීති දානං දෙති. අපි ච ඛො සාහු දානන්ති දානං දෙති. -පෙ-
Sinhala BJT(2) ශාරීපුත්‍රයෙනි, මෙ ලෙව්හි ඇතැම් පුඟුලෙක් සාපේක්‍ෂ වූයේ දන් නො ම දෙයි. පිළිබඳ සිතැත්තේ දන් නො ම දෙයි. සන්නිධි අපේක්‍ෂා ඇතියේ දන් නො ම දෙයි. ‘මෙය පරලොව්හි දී පරිභෝග කරමි’ දන් නො ම දෙයි. වැලිත් ‘දානය මනා ය’යි දන් දෙයි ...
Pali BJT(3) නපි සාහුදානන්ති දානං දෙති -පෙ- අපි ච ඛො දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙහි, නාරහාමි පොරාණංකුලවංසං හාපෙතුන්ති දානං දෙති -පෙ-
Sinhala BJT(3) “දානය මැනැවයි නො ද දන් දෙයි ... වැලිත් මාතා පිතෲන් විසින් ද පිතාමහයන් විසින් ද දෙන ලද විරූ ය. කරණ ලද විරූ ය, පැරැණි කුලවංශයට අයත් සිරිත පිරිහෙළන්නට නො සුදුස්සෙමි”යි දන් දෙයි ...
Pali BJT(4) නපි දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙහි, නාරහාමි පොරාණං කුලවංසං හාපෙතුන්ති දානං දෙති. අපි ච ඛො අහං පචාමි, න ඉමෙ පචන්ති, නාරහාමි පචන්තො අපචන්තානං අදාතුන්ති දානං දෙති -පෙ-
Sinhala BJT(4) “පිය මුතුන් විසින් දෙනලදවිරූ ය, කළවිරූ ය, කුලවස් බිඳුනට නො නිස්සෙමි” දන් නො ද දෙයි. වැලිත් “මම අහර පිසමි. මොහු අහර නො පිසත්. පිසනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිසියෙමි”යි දන් දෙයි ...
Pali BJT(5) නපි අහං පචාමි ඉමෙ න පචන්ති, නාරහාමි පචන්තො අපචන්තානං දානං අදාතුන්ති දානං දෙති -පෙ- අපි ච ඛො යථා තෙසං පුබ්බකානං ඉසීනං තානි මහායඤ්ඤානි අහෙසුං, සෙය්යථීදං: අට්ටකස්ස වාමකස්ස වාමදෙවස්ස වෙස්සාමිත්තස්ස යමතග්ගිනො අඞ්ගීරසස්ස භාරද්වාජස්ස වාසෙට්ඨස්ස කස්සපස්ස භගුනො, එවං මෙ අයං දානසංවිභාගො භවිස්සතීති දානං දෙති -පෙ-
Sinhala BJT(5) “මම පිසමි, මොහු නො පිසන්නාහ. පිසුනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිස්සෙමි”යි ද දන් නො දෙයි. වැලිත් අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන එ ප්‍රසිද්ධ පූර්‍වකාලීන ඍෂීන්ගේ මහායඥයෝ යම් පරිදි වූහු නම් එ පරිද්දෙන් මාගේ මෙ දානය ද දානසංවිභාගයෙක් වන්නේ ය යි දන් දෙයි ...
Pali BJT(6) නපි යථා තෙසං පුබ්බකානං ඉසීනං තානි මහායඤ්ඤානි අහෙසුං, සෙය්යථීදං: අට්ටකස්ස වාමකස්ස වාමදෙවස්ස වෙස්සාමිත්තස්ස යමතග්ගිනො අඞ්ගීරසස්ස භාරද්වාජස්ස වාසෙට්ඨස්ස කස්සපස්ස භගුනො, එවං මෙ අයං දානසංවිභාගො භවිස්සතීති දානං දෙති. අපි ච ඛො ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති, අත්තමනතා සොමනස්සං උපජායතීති{3} දානං දෙති -පෙ-
Sinhala BJT(6) “යම් පරිදි අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන මෙ බඳු පූර්‍වක වූ එ ප්‍රසිද්ධ ඍෂීන්ගේ මහායඥයෝ වූහු නම්, මාගේ මෙ දානසංවිභාග ද එබඳු වන්නේ ය’යි දන් නො දෙයි. වැලිදු “මෙ දානය දෙන මාගේ චිත්තය ප්‍රසන්න වන්නේ ය, අතත්මනතායෙන් ප්‍රීතිසෞමනස්‍ය ලබන්නේ යයි දන් දෙයි ...
Pali BJT(7) නපි ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති, අත්තමනා සොමනස්සං උපජායතීති දානං දෙති, අපි ච ඛො චිත්තාලංකාරං චිත්තපරික්ඛාරන්ති දානං දෙති. සො තං දානාං දෙති සමණස්ස වා බ්රාහ්මණස්ස වා, අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං.
Sinhala BJT(7) “මෙ දන් දෙන මාගේ චිත්තය පහන් වන්නේ ය, අත්තමනතායෙන් සොම්නස් උපදනේ “යයි දන් නො දෙයි. ‘වැලිත් (සමථ-විපස්සනා චිත්තයට) චිත්තාලඞ්කාරයෙකැයි ද චිත්ත පරිෂ්කාරයෙකැ’යි ද දන් දෙයි. හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්න ය, පාන ය, වස්ත්‍ර ය, යාන ය, මාලාගන්‍ධවිලේපන ය, ශය්‍යාවස්ථ ය ප්‍රදීපෝකරණ යන එ දන් දෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි සාරිපුත්ත, දදෙය්ය ඉධෙකච්චො එවරූපං දානන්ති, එවං භන්තෙ.
Sinhala BJTශාරිපුත්‍රය, එ කිමැයි හඟිවු ද? මෙලොව්හි ඇතැමෙක් මෙබඳු දන් දෙන්නේ දැ?යි. වහන්ස, එසේ ය.
Pali BJTතත්ර සාරිපුත්ත, ය්වායං න හෙව ඛො සාපෙඛො දානං දෙති - න පටිබද්ධචිත්තො දානං දෙති - න සන්නිධිපෙඛො දානං දෙති - න ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමීති දානං දෙති - නපි සාහු දානන්ති දානං දෙති - නපි දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙහි, නාරහාමි පොරාණං කුලවංසං හාපෙතුන්තී දානං දෙති - නපි අහා පචාමි ඉමෙ න පචන්ති නාරහාමි පචන්තො අපචන්තානං දානං අදාතුන්ති දානං දෙති - නපි යථා තෙසං පුබ්බකානං ඉසීනං තානි මහායත්තානි අහෙසුං, සෙය්යථීදං: අට්ටකස්ස වාමකස්ස වාමදෙවස්ස වෙස්සාමිත්තස්ස යමතග්ගිනො අඞ්ගීරසස්ස භාරද්වාජස්ස වාසෙට්ඨස්ස කස්සපස්ස භගුනො, එවං මෙ අයං දානසංවිභාගො භවිස්සතීති දානං දෙති - නපි ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති, අත්තමනතා සොමනස්සං උපජායතීති{1} දානං දෙති -
Sinhala BJTශාරීපුත්‍රයෙනි, ඔවුනතුරෙහි යම් මේ පුඟුලෙක් සාපේක්‍ෂ වූයේ දන් නො ම දේ ද - පිළිබඳ සිත් ඇතියේ දන් නො දේ ද - සන්නිධියෙහි අපේක්‍ෂා ඇතියේ දන් නො දේ ද - මෙය පරලොව්හි පිරිබෝ කරමි’යි දන් නො දේ ද - දානය සාධු යැයි දන් නො දේ ද - පියමුතුන් විසින් දෙනලද විරූ ය, කළවිරූ ය, පැරණි කුලවංශය නසන්නට නො නිස්සෙමියි දන් නො දේ ද, - මම පිසමි මොහු නො පිසත්, පිසනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිස්සෙමියි ද දන් නො දේ ද - අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගිරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන මේ පූර්‍වක ඍෂීන්ගේ යම්බඳු මහායඥයෝ වූහු නම්, මාගේ මෙ දානය ද එබඳු සංවිභාගයෙක් වන්නේ යයි ද දන් නො දේ ද - මෙ දන් දෙන මාගේ චිත්තය ප්‍රසන්න වන්නේ ය, තුටුසිත සොම්නස් උපදනේ යයි ද දන් නො දේ ද -
Pali BJTඅපි ච ඛො චිත්තාලංකාරං චිත්තපරික්ඛාරන්ති{2} දානං දෙති. සො තං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. සො තං කම්මං ඛෙපෙත්වා තං ඉද්ධිං තං යසං තං ආධිපතෙය්යං අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං.
Sinhala BJTඑතෙකුදු වුව (සමථවිපස්සනා) චිත්තයට අලඞ්කාර යයි ද චිත්තපරිෂ්කාරයයි ද කියා දන් දේ ද, හෙ එසේ දන් දී කාබුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට යෙයි. හෙ එ කර්‍ම, එ ඍද්ධි, එ යශස්, එ ආධිපත්‍ය ය ගෙවා මේ මිනිසත් බවට නො එනසුලු වූයේ අනාගාමී වෙයි.
Pali BJTඅයං ඛො සාරිපුත්ත හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං හොති, න මහානිසංසං.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, යම් හෙයකින් මෙලොව්හි ඇතැමකු විසින් දෙනලද එබඳු දානයෙක් මහත්ඵල මහානිසංස නොවේ නම්, මෙ එයට හේතු ය මෙ ප්‍රත්‍යය යි.
Pali BJTඅයං පන සාරිපුත්ත, හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චස්ස තාදිසං - යෙව දානං දින්නං මහප්ඵලං හොති මහානිසංසන්ති.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, යම්හෙයකින් මෙලොව්හි ඇතැමකු විසින් දෙනලද එබඳු දානයෙක් මහත්ඵල වේ නම්, මහානිසංස වේ නම්, මෙ එයට හේතු ය, මෙ ප්‍රත්‍යය යි.
Pali BJT7. 1. 5. 10.
Sinhala BJT7. 1. 5. 10.
Pali BJT[නන්දමාතු සුත්තං]
Sinhala BJT[නන්‍දමාතා සූත්‍රය]
Pali BJT53. එවම්මෙ සුතං: එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො දක්ඛිණාගිරිස්මිං චාරිකං චරන්ති මහතා භික්ඛු සඞ්ඝෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන වෙළුකණ්ටකී නන්දමාතා උපාසිකා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය පාරායණං සරෙන භාසති.
Sinhala BJT53. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද මහ බික්සඟුන් හා සමග දක්‍ෂිණගිරියෙහි සැරිසරන්නාහ. එසමයෙහි වේළුකණ්ටකී නන්‍දමාතා උපාසිකාවෝ රාත්‍රියෙහි පැසිම්යම්හි නැඟී ‘පාරායණධර්‍ම’ය (නිර්‍වාණගාමිමාර්‍ග ධර්‍මය) මධුර ස්වරයෙන් කියන්නාහ.
Pali BJTතෙන ඛො පන සමයෙන වෙස්සවණො මහාරාජා උත්තරාය දිසාය{3} දක්ඛිණං දිසං ගච්ඡති කෙනචිදෙව කරණීයෙන. අස්සොසි ඛො වෙස්සවණො මහාරාජා නන්දමාතාය උපාසිකාය පාරායණං සරෙන භාසන්තියා. සුත්වා කථාපරියොසානං ආගමයමානො අට්ඨාසි. අථ ඛො නන්දමාතා උපාසිකා පාරායණං සරෙන භාසිත්වා තුණ්හී අහොසි.
Sinhala BJTඑසමයෙහි වෙස්සවණ මහරජ කිසියම් කිසෙකින් උතුරුදිගින් දකුණුදිගට යෙයි. වෙස්සවණ මහරජ නන්‍දමාතා උවැසිය විසින් මධුරස්වරයෙන් පාරායණධර්‍මය කියනු ඇසී ය. අසා ධර්‍මකථාපර්‍ය්‍යවසානය බලමින් සිටියේ ය. එක්බිති නන්‍දමාතා උපාසිකාව පාරායණධර්‍මය ස්වරයෙන් කියා තුෂ්ණීම්භූත වූ ය.
Pali BJTඅථ ඛො වෙස්සවණො මහාරාජා නන්දමාතාය උපාසිකාය කථාපරියොසානං විදිත්වා අබ්භනුමොදි: සාධු භගිනි, සාධු භගිනීති.
Sinhala BJTඑකල්හි වෙසවුණු මහරජ නන්‍දමාතා උපාසිකාවගේ කථාපර්‍ය්‍යවසානය දැන ‘මැනැවි බුහුන, මැනැවි බුහුනැ’යි සතුටින් අනුමෝදන් විය.
Pali BJTකො පනෙස භද්රමුඛාති.
Sinhala BJTභද්‍රමුඛයෙනි, තෙලෙ කවරෙක් දැයි?
Pali BJTඅහං තෙ භගිනී භාතා වෙස්සවණො මහාරාජාති.
Sinhala BJT“බුහුන, මම තොප බෑ වෙස්සවණ මහරජ වෙමි’යි.
Pali BJTසාධු භද්රමුඛ, තෙන හි යො මෙ අයං ධම්මපරියායො භණිතො, ඉදන්තෙ හොතු ආතිථෙය්යන්ති.
Sinhala BJT“භද්‍රමුඛයෙනි, එකරුණින් ම මා විසින් යම්බඳු මෙ ධර්‍මපර්‍ය්‍යායෙක් කියනලද නම්, මෙය තොපට අතිථී (අත්තුග) පඬුරක් වේවායි.
Pali BJTසාධු භගිනී, එතං චෙව මෙ හොතු ආතිථෙය්යං: ස්වෙ ච සාරිපුත්ත මොග්ගල්ලානපමුඛො භික්ඛුසඞ්ඝො අකතපාතරාසො වෙළුකණ්ටකං ආගමිස්සති. තඤ්ච භික්ඛුසඞ්ඝං පරිවිසිත්වා මම දක්ඛිණං ආදිසෙය්යාසි. එවඤ්ච මෙ භවිස්සති ආතිථෙය්යන්ති.
Sinhala BJT“බුහුනනියෙනි, මැනැවැ, තෙල පින ද මට අතිථිපඬුර වේවා: සෙට දවස ප්‍රාතරාස නො කළ සැරියුත්මුගලන් පාමොක් බික්සඟහු වේළුකණ්ටකයට වඩනාහ. එ බික්සඟුන් ද වළඳවා මට දක්‍ෂිණා (පින්) දෙව. මෙ සේ ද මට අතිථිපඬුර වන්නේය යි.
Pali BJTඅථ ඛො නන්දමාතා උපාසිකා තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙසි. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානපමුඛො භික්ඛුසඞ්ඝො අකතපාතරාසො යෙන වෙළුකණ්ටකො තදවසරි.
Sinhala BJTඑකල්හි නන්‍දමාතා උපාසිකාවෝ රැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාදනීය හා භෝජනීය පිළියෙළ කරවූ ය. එක්බිති උදෑසන බත නො වැළඳූ සැරියුත්මුගලන්පාමොක් බික්සඟහු වේළුකණ්ටක නගරයට වැඩියහ.
Pali BJTඅථ ඛො නන්දමාතා උපාසිකා අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: එහි ත්වං අම්භො පුරිස, ආරාමං ගන්ත්වා භික්ඛුසඞ්ඝස්ස කාලං ආරොචෙහි: ‘කාලො භන්තෙ, අය්යාය නන්දමාතුයා නිවෙසනෙ නිට්ඨිතං භත්ත’න්ති. එවං අය්යෙ’ති ඛො සො පුරිසො නන්දමාතාය උපාසිකාය පටිස්සුත්වා ආරාමං ගන්ත්වා භික්ඛුසඞ්ඝස්ස කාලං ආරොචෙසි: ‘කාලො භන්තෙ, අය්යාය නන්දමාතුයා නිවෙසනෙ නිට්ඨිතං භත්තන්ති’.
Sinhala BJTඑකල්හි නන්‍දමාතා උවැසි එක්තරා පුරුෂයෙකු ඇමතූ ය: එම්බා පුරුෂය එව, තෝ අරමට ගොස් “වහන්ස, ආර්‍ය්‍යා නන්‍දමාතාවගේ නිවෙස්නෙහි බත් නිමවන ලදැ”යි බික්සඟනට දන්වාල යි. එ පුරිස් “එසේය, ආර්‍ය්‍යාවෙනි” යි නන්‍දමාතා උවැසියට පිළිවදන් අස්වා ආරාමයට ගොස් “වහන්ස, ආර්‍ය්‍යා නන්‍දමාතාවගේ නිවෙස්නෙහි බත් නිමවනලදැ”යි භික්‍ෂුසඞ්ඝයාට කල් දැන්වී ය.
Pali BJTඅථ ඛො සාරිපුත්තමොග්ගල්ලානපමුඛො භික්ඛුසඞ්ඝො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන නන්දමාතුයා උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි.
Sinhala BJTඑකල්හි ශාරීපුත්‍රමෞද්ගල්‍යායන ප්‍රමුඛ බික්සඟහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ නන්‍දමාතා උපාසිකාවගේ නිවෙස්නට වැඩියහ. වැඩ පනවනලද අස්නෙහි හුන්හ.
Pali BJTඅථ ඛො නන්දමාතා උපාසිකා සාරිපුත්තමොග්ගල්ලානපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො නන්දමාතා උපාසිකා ආයස්මන්තං සාරිපුත්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො නන්දමාතරං උපාසිකං ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑකල්හි නන්‍දමාතා උවැසි සැරියුත්මුගලන් පාමොක් බික්සඟුන් ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතැප්වූ ය, පැවරූ ය. එක්බිති නන්‍දමාතා උපාසිකා දන් වැළඳූ පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරුන් වෙත එකත්පස්හි හුනු. එකත්පස්හි හුන් නන්‍දමාතා උවැසියට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
Pali BJTකො පන තෙ නන්දමාතෙ, භික්ඛුසඞ්ඝස්ස අබ්භාගමනං ආරොචෙසීති.
Sinhala BJTනන්‍දමාතාවෙනි, තිට බික්සඟුන්ගේ ආගමනය කවරෙක් දැන් වී දැ යි.
Pali BJTඉධාහං භන්තෙ, රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය පාරායණං සරෙන භාසිත්වා තුණ්හී අහොසිං. අථ ඛො භන්තෙ, වෙස්සවණො මහාරාජා මම කථාපරියොසානං විදිත්වා අබ්භනුමොදි ‘සාධු භගිනී, සාධු භගිනී’ති.
Sinhala BJTවහන්ස, මෙහි මම රෑ පැසිම්යම් යහනින් නැඟී පාරායණසූත්‍රධර්‍මය මධුරස්වරයෙන් කියා තූෂ්ණීම්භූත විමි. වහන්ස, එකල්හි වෙසවුණු මහරජ මාගේ ධර්‍මකථා පර්‍ය්‍යවසානය දැන, බුහුන, මැනැවි, බුහුන මැනැවි’යි සතුටින් අනුමෝදන් විය.
Pali BJTකො පනෙසො භද්රමුඛාති. අහං තෙ භගිනි, භාතා වෙස්සවණො මහාරාජා.
Sinhala BJT‘භද්‍රමුඛයෙනි, තෙලෙ කවරෙක් දැ’යි. ‘බුහුනනියෙනි, මම තීගේ භ්‍රාතෘ වූ වෛශ්‍රණ මහරජ වෙමි.’
Pali BJTසාධු භද්රමුඛ, තෙන හි යො මෙ අයං ධම්මපරියායො භණිතො, ඉදං තෙ හොතු ආතිථෙය්යන්ති. සාධු භගිනි, එතඤ්චෙව මෙ හොතු ආතිථෙය්යං: ස්වෙ ච සාරිපුත්තමොග්ගල්ලානපමුඛො භික්ඛුසඞ්ඝො අකතපාතරාසො වෙළුකණ්ටකං ආගමිස්සති. තඤ්ච භික්ඛුසඞ්ඝං පරිවිසිත්වා මම දක්ඛිණං ආදිසෙය්යාසි. එතඤ්ච මෙ භවිස්සති ආතිථෙය්යන්ති. යදිදං භන්තෙ, දානෙ පුඤ්ඤං හි තං{1} වෙස්සවණස්ස මහාරාජස්ස සුඛාය හොතූති.
Sinhala BJTභද්‍රමුඛයෙනි, මැනැව, එකරුණින් ම මා විසින් යම් මෙ ධර්‍මපර්‍ය්‍යායෙක් කියනලද නම්, මෙය තොපට අතිථිපඬුර වේවයි. බුහුනනියෙනි මැනැව, තෙල ද මට අතිථිපඬුර වේවා: සෙට දවස සැරියුත් මුගලන් පාමොක් බික්සඟහු නො කළ උදෑසන බොජුන් ඇතියාහු වේළුකණ්ටකයට වඩනාහ. එ බික්සඟුනුදු වළඳවා මට දක්‍ෂිණා (පින්) දෙව, තෙල ද මට අතිථිපඬුර වන්නේ ය යි. වහන්ස, “මෙ දන්හි යම් පුණ්‍යයෙක් වේ නම් එ ම වෙසවුණු මහරජුට සුව පිණිස වේවා”යි.
Pali BJT(1) අච්ඡරියං නන්දමාතෙ, අබ්භුතං නන්දමාතෙ, යත්ර හි නාම වෙස්සවණෙන මහාරාජෙන එවං මහිද්ධිකෙන එවං මහෙසක්ඛෙන දෙවපුත්තෙන සම්මුඛා සල්ලපිස්සතීති.
Sinhala BJT(1) නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි. නන්‍දමාතාවෙනි, අද්භූත යි. යම් හෙයෙකින් මෙ බඳු මහත් ඍද්ධි ඇති, මෙ බඳු මහේශාක්‍ය වූ දෙව්පුත්වන වෙසවුණු මහරජ සමහත් හමුයෙහි සංලාප කෙරෙති යන මෙය අද්භූත යි.
Pali BJT(2) න ඛො මෙ භන්තෙ, එසොව අච්ඡරියො අබ්භුතො ධම්මො. අත්ථි මෙ අඤ්ඤොපි අච්ඡරියො අබ්භුතො ධම්මො:
Sinhala BJT(2) වහන්ස, තෙල කරුණ ම මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය ධර්‍මයෙක් ඇත:
Pali BJTඉධ මෙ භන්තෙ නන්දො නාම{2} එකො පුත්තකො පියො මනාපො. තං රාජානො කිස්මිඤ්චිදෙව පකරණෙ ඔක්කස්ස පග්ගය්හ ජීවිතා වොරොපෙසුං. තස්මිං ඛො පනාහං භන්තෙ, දාරකෙ ගහිතෙ වා ගය්හමානෙ වා බද්ධෙ වා වජ්ඣමානෙ වා හතෙ වා හඤ්ඤමානෙ වා නාභිජානාමි චිත්තස්ස අඤ්ඤථත්තන්ති.
Sinhala BJTවහන්ස, මෙහි මට ප්‍රිය වූ මනවඩන්නා වූ නන්‍ද නම් වූ එක ම පුතෙක් විය. රජහු කිසියම් කරුණක් නිමිති කොට ඔහු බලහත්කාරයෙන් හැද මැඩ දිවියෙන් තොර කළහ. වහන්ස, එ දරු අල්ලාගත් කල්හි හෝ අල්ලා ගණුලබන කල්හි හෝ දඟගෙහි බඳනාලද කල්හි හෝ වධයට පත් කරණු ලබන කල්හි හෝ නසනලද කල්හි හෝ නසනුලබන කල්හි මාගේ චිත්තයාගේ අන්‍යථාත්‍වයෙක් (වෙනසක් වූ බවක්) නො ම දනිමි යි.
Pali BJTඅච්ඡරියං නන්දමාතෙ, අබ්භුතං නන්දමාතෙ, යත්ර හි නාම චිත්තුප්පාදම්පි පරිසොධෙස්සතීති.
Sinhala BJTනන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි. නන්‍දමාතාවෙනි, අද්භූත යි. නන්‍දමාතාවෙනි, යම් කරුණෙක්හි වනාහි චිත්තෝත්පාද ය ද පිරිසුදු කරන්නේ ය යන මෙය අද්භූත යි.
Pali BJT(3) න ඛො මෙ භන්තෙ, එසොව අච්ඡරියො අබ්භුතො ධම්මො. අත්ථි මෙ අඤ්ඤොපි අච්ඡරියො අබ්භුතො ධම්මො:
Sinhala BJT(3) වහන්ස, තෙල මතු ම මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො වේ. මගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත.
Pali BJTඉධ මෙ භන්තෙ, සාමිකො කාලකතො අස්ස අඤ්ඤතරං යක්ඛයොනිං උපපන්නො.{1} සො මෙ තෙනෙව පුරිමෙන අත්තභාවෙන උද්දස්සෙති. න ඛො පනාහං භන්තෙ, අභිජානාමි තතො නිදානං චිත්තස්ස අඤ්ඤථත්තන්ති.
Sinhala BJTවහන්ස, මෙහි මාගේ හිමි කලුරිය කෙළේ අන්‍යතර යක්‍ෂයෝනියෙක්හි උපන. හේ එ පළමු අත් බැවින් (ස්වරූපයෙන්) ම මට තමා දක්වන්නේ ය. වහන්ස, එ හේතුයෙන් මම චිත්තයාගේ අන්‍යථාත්‍වයක් නො ම දන්මි යි.
Pali BJTඅච්ඡරියං නන්දමාතෙ, අබ්භුතං නන්දමාතෙ, යත්ර හි නාම චිත්තුප්පාදම්පි පරිසොධෙස්සතීති.
Sinhala BJTනන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි. නන්‍දමාතාවෙනි, අද්භූත යි. නන්‍දමාතාවෙනි, යම් කරුණෙක්හි වනාහි චිත්තෝත්පාද ය ද පිරිසුදු කරන්නේ ය යන මෙය අද්භූත යි.
Pali BJT(4) න ඛො මෙ භන්තෙ, එසොව අච්ඡරියො අබ්භුතො ධම්මො. අත්ථි මෙ අඤ්ඤොපි අච්ඡරියො අබ්භුතො ධම්මො:
Sinhala BJT(4) වහන්ස, මාගේ මෙ මතු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
Pali BJTයතොහං භන්තෙ, සාමිකස්ස දහරස්සෙව දහරා ආනීතා, නාභිජානාමි සාමිකං මනසාපි අතිචරිතා, කුතො පන කායෙනාති.
Sinhala BJTවහන්ස, ලදරු වූ ම හිමිහු විසින් යම් කලෙක ලදරු වූ ම මා ආවාහ වශයෙන් ගෙණ එනලද්දී සිතිනුදු සැමියා ඉක්ම අනෙකකු පැතුවා නො දන්මි, කයින් වනාහි කවර නම් කථායෙක් දැයි.
Pali BJTඅච්ඡරියං නන්දමාතෙ, අබ්භුතං නන්දමාතෙ, යත්ර හි නාම චිත්තුප්පාදමත්තම්පි පරිසොධෙස්සතීති.
Sinhala BJTනන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය ය නන්‍දමාතාවෙනි, අද්භූත ය නන්‍දමාතාවෙනි, යම්කරුණෙක්හි චිත්තෝත්පාදමාත්‍රය පවා පිරිසිදු කරන්නේ ය යන මෙය අද්භූත යි.
Pali BJT(5) න ඛො මෙ භන්තෙ, එසොව අච්ඡරියො අබ්භුතො ධම්මො. අත්ථි මෙ අඤ්ඤොපි අච්ඡරියො අබ්භුතො ධම්මො:
Sinhala BJT(5) වහන්ස, මාගේ තෙල මතු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො ම වෙයි. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
Pali BJTයදාහං භන්තෙ, උපාසිකා පටිදෙසිතා, නාභිජානාමි කිඤ්චි සික්ඛාපදං සඤ්චිච්ච වීතික්කමිතාති.
Sinhala BJTවහන්ස, මම යම්කලෙක පිළින කළ උපාසිකා වූම් නම් කිසිදු සිකපදයක් දැන දැන මැඩුවා නො ම දන්මි යි.
Pali BJTඅච්ඡරියං නන්දමාතෙ, අබ්භුතං නන්දමාතෙති.
Sinhala BJTනන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි නන්‍දමාතාවෙනි, අද්භූත යි.
Pali BJT(6) න ඛො මෙ භන්තෙ, එසොව අච්ඡරියො අබ්භුතො ධම්මො. අත්ථි මෙ අඤ්ඤොපි අච්ඡරියො අබ්භුතො ධම්මො:
Sinhala BJT(6) වහන්ස, මෙ මතු මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො වේ මැ යි. අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
Pali BJTඉධාහං භන්තෙ, යාවදෙව{2} ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං{3} පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. පීතියා ච විරාගා උපෙක්ඛකා ච විහරාමි, සතා ච සම්පජානා සුඛඤ්ච කායෙන පටිසංවෙදෙමි. යං තං අරියා ආචික්ඛන්තී උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි.
Sinhala BJTවහන්ස, මම මේ බුදුසස්නෙහි කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම යම්තාක් කැමැති යෙම් නම් (ඒතාක්) සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙමි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති, චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත විචාර රහිත ප්‍රථමධ්‍යානයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළඹ වෙසෙමි. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇති ව ස්මෘති ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව වෙසෙමි. සුඛය ද නාමකායෙන් විඳිමි. යමකු ගෙණ ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාර ඇතියේ යයි කියත් නම් එ තෘතීය ධ්‍යානයට එළඹ වසමි. සුඛයාගේත් ප්‍රහාණයෙන් දුඃඛයාගේත් ප්‍රහාණයෙන් පූර්‍වයෙහි ම සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් දුක් නො වූ සැප නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථ ධ්‍යානයට එළඹ වෙසෙමි.
Pali BJTඅච්ඡරියං නන්දමාතෙ අබ්භුතං නන්දමාතෙති.
Sinhala BJTනන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි, නන්‍දමාතාවෙනි, අද්භූත යි.
Pali BJT(7) න ඛො මෙ භන්තෙ එසොව{1} අච්ඡරියො අබ්භුතො ධම්මො. අත්ථි මෙ අඤ්ඤොපි අච්ඡරියො අබ්භුතො ධම්මො:
Sinhala BJT(7) වහන්ස, මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය තෙල මතු නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත: