Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10401-10500 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT7. 1. 5. 1.
Sinhala BJT7. 1. 5. 1.
Pali BJT[විඤ්ඤාණට්ඨිති සුත්තං]
Sinhala BJT[විඤ්ඤාණට්ඨිති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT44. සත්තිමා භික්ඛවෙ විඤ්ඤාණට්ඨිතියො. කතමා සත්ත:
Sinhala BJT44. මහණෙනි, මෙ (ප්‍රතිසන්‍ධි) විඥානස්ථිතිහු (විඥාන පවත්නා තැන්) සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
Pali BJT1. සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො: සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJT1. මහණෙනි, නානාත්‍වකාය නානාත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. ඔහු නම් මනුෂ්‍යයෝ ද, ඇතැම් දෙවියෝ ද, ඇතැම් වෛමානික ප්‍රේතයෝ ද වෙත්. මෙ ප්‍රථම විඥානස්ථිති ය යි.
Pali BJT2. සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො: සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJT2. මහණෙනි, නානාත්‍වකාය හා එකත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. ඔහු නම් ප්‍රථමධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ ය. මෙ ද්විතීය විඥානස්ථිති යි.
Pali BJT3. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො: සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJT3. මහණෙනි, ඒකත්‍වකාය හා නානාත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. ඔහු නම් ආභාස්වර දෙවියන් බන්දහ. මෙ තෘතීය විඥානස්ථිති යි.
Pali BJT4. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො: සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJT4. මහණෙනි, ඒකත්‍වකාය හා ඒකත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. සුභකිණ්ණ බඳු දෙවියෝ ය. මෙ චතුර්‍ත්‍ථ විඥානස්ථිති යි.
Pali BJT5. සන්ති භික්ඛවෙ, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJT5. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් (රූපභය ඉක්මවූ) ප්‍රතිඝ (ගැටීම්) සංඥාවන්ගේ අස්තගමයෙන් (අස්තයට යෑමෙන්) නානාත්‍වසංඥාවන්ගේ (රූපද්ධ්‍යානාරම්මණ) අමනසිකාරයෙන් ‘කසිණුග්ඝාටිතාකාසය (කිසුණුඉගුලු අහස් ‘අනන්තය’යි) ආකාසනාඤ්චායතනූපග සත්ත්‍වයෝ ඇත. මෙ පඤ්චම විඥානස්ථිති යි.
Pali BJT6. සන්ති භික්ඛවෙ, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJT6. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනූපග (දෙවන අරූතෙලෙහි උපන්) සත්ත්‍වයෝ ඇත. මෙ ෂෂ්ඨ විඥානස්ථිති ය යි.
Pali BJT7. සන්ති භික්ඛවෙ, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJT7. මහණෙනි, හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය සමතික්‍රම කොට ‘නත්‍ථි කිඤ්චි’යි අකිඤ්චඤ්ඤායතනූපග (තෙවන අරූතෙලෙහි උපන්) සත්ත්‍වයෝ ඇත. මෙ සත්තම විඥානස්ථිති ය යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, සත්ත විඤ්ඤාණට්ඨිතියොති.
Sinhala BJTමහණෙනි, මොහු සප්තවිඥානස්ථිති යි.
Pali BJT7. 1. 5. 2.
Sinhala BJT7. 1. 5. 2.
Pali BJT[සමාධිපරික්ඛාර සුත්තං]
Sinhala BJT[සමාධිපරික්ඛාර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT45. සත්තිමෙ භික්ඛවෙ, සමාධිපරික්ඛාරා. කතමෙ සත්ත:
Sinhala BJT45. මහණෙනි, සමාධිපරිෂ්කාරයෝ (මාර්‍ගසමාධියට සම්භාරයෝ) සතෙකි. කවර සතෙක යත්:
Pali BJTසම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මා ආජීවො, සම්මාවායාමො, සම්මාසති.
Sinhala BJTසම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති යි.
Pali BJTයා ඛො භික්ඛවෙ, ඉමෙහි සත්තහඞ්ගෙහි චිත්තස්සෙකග්ගතා පරික්ඛතා, අයං වුච්චති භික්ඛවෙ අරියො සම්මාසමාධි “සඋපනිසො” ඉතිපි “සපරික්ඛාරො” ඉතිපී’ති.
Sinhala BJTමහණෙනි, මෙ සත් කරුණින් පරිෂ්කෘත (පෝෂිත වූ) චිත්තයාගේ යම් බඳු ඒකාග්‍රතායෙක් වේ නම්, මහණෙනි, මෙ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය ‘සඋපනිස’ ය යි ද ‘සපරිෂ්කාර’ ය යි ද කියනු ලැබේ යි.
Pali BJT7. 1. 5. 3.
Sinhala BJT7. 1. 5. 3.
Pali BJT[පඨම අග්ගි සුත්තං]
Sinhala BJT[අග්ගි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT46. සත්තිමෙ භික්ඛවෙ, අග්ගී. කතමෙ සත්ත:
Sinhala BJT46. මහණෙනි, මෙ අග්නි සතෙකි. කවර සතෙක යත්:
Pali BJTරාගග්ගි, දොසග්ගි, මොහග්ගි, ආහුනෙය්යග්ගි, ගහපතග්ගි, දක්ඛිණෙය්යග්ගි, කට්ඨග්ගි. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත අග්ගී’ති.
Sinhala BJTරාගාග්නි ය, ද්වේෂාග්නි ය, මෝහාග්නි ය, ආහුනෙයාග්නි (මවුපියාදී සුදුස්සන්ට සත්කාර නොකිරීමෙන් නිරයාදියෙහි වන දුක්දාහ) ය, ගාහපත්‍යග්නි (ගෙහිමි නොතැකීමෙන් ගෙඅඹුවට වන දුක්දාහ) ය, දක්‍ෂිණාර්‍හ (දක්‍ෂිණාර්‍හ භික්‍ෂු සඞ්ඝයාට නින්‍දාපරිභව කිරීමෙන් වන දුක්දාහ) ය, කාෂ්ටාග්නිය (දරගිනි) යි. මහණෙනි, මෙ (දහනාර්‍ත්‍ථ ඇති) අග්නි සත යි.
Pali BJT7. 1. 5. 4.
Sinhala BJT7. 1. 5. 4.
Pali BJT[මහායඤ්ඤ සුත්තං]
Sinhala BJT[මහායඤ්ඤ සූත්‍රය]
Pali BJT47. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.{*} තෙන ඛො පන සමයෙන උග්ගතසරීරස්ස බ්රාහ්මණස්ස මහායඤ්ඤො උපක්ඛටො{1} හොති. පඤ්ච උසභසතානි ථුණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. පඤ්ච වච්ඡතරසතානි ථුණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. පඤ්ච වච්ඡතරීසතානි ථුණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. පඤ්ච අජසතානි ථුණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. පඤ්ච උරබ්භසතානි ථුණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය.
Sinhala BJT47. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණසේක. එ සමයෙහි උග්ගතසරීර බ්‍රාහ්මණයාගේ මහායඥය (යාගයක්) එළැඹියේ ය. යඥය සඳහා පන්සියයක් වෘෂභයෝ යඥයූපය (යාගස්තම්භය) වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරයෝ (වස්සෝ) යඥයූපය වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරීහු (වැස්සියෝ) යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් එළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් තිරෙළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්.
Pali BJTඅථ ඛො උග්ගතසරීරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගතසරීරො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්හි හින. එකත්පසෙක හුන් උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය:
Pali BJTසුතං මෙතං භො ගොතම, අග්ගිස්ස ආදානං{2} යූපස්ස උස්සාපනං මහප්ඵලං හොති මහානිසංසන්ති.
Sinhala BJT“භවද් ගෞතමයන් වහන්ස, (යඥ සඳහා) මඞ්ගලාග්නිය ගැණුම (මගුල් ගිනි දැල්වීම) ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල වෙයි, මහඅනුසස් ඇති වෙයි යන තෙල කරුණ මා විසින් අසනලදැ” යි.
Pali BJTමයාපි ඛො එතං බ්රාහ්මණ, සුතං අග්ගිස්ස ආදානං යූපස්ස උස්සාපනං මහප්ඵලං හොති මහානිසංසන්ති.
Sinhala BJTබ්‍රාහ්මණය, මා විසිනුදු “යාගාග්නිය ගැණුම ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල ඇතියේ ය, මහඅනුසස් ඇතියේ ය” යන තෙල කරුණ අසන ලදැයි වදාළහ.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො උග්ගතසරීරො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “සුතං මෙතං භො ගොතම, අග්ගිස්ස ආදානං යූපස්ස උස්සාපනං මහප්ඵලං හොති මහානිසංසන්ති. මයාපි ඛො එතං බ්රාහ්මණ, සුතං අග්ගිස්ස ආදානං යූපස්ස උස්සාපනං මහප්ඵලං හොති මහානිසංසන්ති”, තයිදං භො ගොතම, සමෙති භොතො චෙව ගොතමස්ස අම්හාකඤ්ච යදිදං සබ්බෙන සබ්බන්ති.
Sinhala BJTදෙවන වට දු ... තෙවන වටදු උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය: “භවද් ගෞතමයන් වහන්ස, යාගාග්නිය ගැණුම යඥස්තම්භය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් අසන ලදැ යි. “බ්‍රාහ්මණය, යාගාග්නිය ගැණුම යඥයූපය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් ද අසන ලදැ යි වදාළහ. භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද අපගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද මෙ හැමලෙසින් සම වේ යයි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො උග්ගතසරීරං බ්රාහ්මණං එතදවොච: න ඛො බ්රාහ්මණ, තථාගතා එවං පුච්ඡිතබ්බා: සුතම්මෙතං භො ගොතම, අග්ගිස්ස ආදානං යූපස්ස උස්සාපනං මහප්ඵලං හොති මහානිසංසන්ති.
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ උග්ගතසරීර බමුණුහට තෙල කීහ: බ්‍රාහ්මණය, “භවත් ගෞතමයන් වහන්ස, යඥග්නිය ගැණුම ද යඥයූප නැංවීම ද මහත්ඵල වේ, මහානිසංස වේ යන තෙල මා විසින් අසනලදැ”යි මෙසෙයින් තථාගතයන් වහන්සේ පිළිවිසිය යුතු නො වෙති.
Pali BJTඑවඤ්ච ඛො බ්රාහ්මණ, තථාගතා පුච්ඡිතබ්බා: අහං හි භන්තෙ, අග්ගිං ආදාතුකාමො, යූපං උස්සාපෙතුකාමො. ඔවදතු මං භන්තෙ භගවා, අනුසාසතු මං භන්තෙ භගවා, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායාති,
Sinhala BJTබ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ මෙසේ පිළිවිසිය යුතු වෙති: “වහන්ස, මම යඥ පිණිස ගිනි දල්වනු කැමැතියෙමි, යඥස්තම්භ නංවනු කැමැතියෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ඔවදන් කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරණ සේක්වා. යම් හෙයෙකින් එ මට දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එසෙයිනැ”යි.
Pali BJTඅථ ඛො උග්ගතසරීරො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අහං හි භො ගොතම, අග්ගිං ආදාතුකාමො, යූපං උස්සාපෙතුකාමො. ඔවදතු මං භවං ගොතමො, අනුසාසතු මං භවං ගොතමො, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTඑකල්හි උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය: “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි යඥාග්නිය දල්වනු කැමැතියෙමි, යඥස්තම්භ ඔසවනු කැමතියෙමි. භවත් ගෞතමයන් වහන්සේ මට යමක් දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වන්නේ නම් එපරිදි මට අවවාද කරණසේක්වා, භගවත් ගෞතමයන් වහන්සේ මට අනුශාසනා කරණ සේක්වා”යි.
Pali BJTඅග්ගිං බ්රාහ්මණ, ආදෙන්තො{1} යූපං උස්සාපෙන්තො පුබ්බෙව යඤ්ඤා තීණි සත්ථානි උස්සාපෙති අකුසලානි දුක්ඛුද්රයානී{2} දුක්ඛවිපාකානි. කතමානි තීණි:
Sinhala BJTබ්‍රාහ්මණය, යඥ සඳහා අග්නිය දල්වනුයේ යඥ සඳහා ටැම් ඔසවනුයේ යඥයට පළමු ම අකුසල් වූ දුක් උපදවන්නා වූ දුක්විපාක ඇති ශස්ත්‍ර තුණක් ඔසවන්නේ ය. කවර තුණෙක යත්:
Pali BJTකායසත්ථං, වචීසත්ථං, මනොසත්ථං.
Sinhala BJTකායශස්ත්‍රය, වාක්ශස්ත්‍රය, මනඃශස්ත්‍රය යි.
Pali BJTඅග්ගිං බ්රාහ්මණ, ආදෙන්තො යූපං උස්සාපෙන්තො පුබ්බෙව යඤ්ඤා එවං චිත්තං උප්පාදෙති: එත්තකා උසභා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරියො හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා අජා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා උරබ්භා හඤ්ඤන්තු යඤ්ඤත්ථායාති. සො පුඤ්ඤං කරොමීති අපුඤ්ඤං කරොති. කුසලං කරොමීති අකුසලං කරොති. සුගතිමග්ගං{3} පරියෙසාමීති දුග්ගතිමග්ගං{4} පරියෙසති. අග්ගිං බ්රාහ්මණ, ආදෙන්තො යූපං උස්සාපෙන්තො පුබ්බෙව යඤ්ඤා ඉදං පඨමං මනොසත්ථං උස්සාපෙති අකුසලං දුක්ඛුද්රයං දුක්ඛවිපාකං.
Sinhala BJTබ්‍රාහ්මණය, යඥයට අග්නිය දල්වනුයේ යඥයට යූප ඔසවනුයේ යඥයට පළමු ම “යඥ පිණිස මෙතෙක් වෘෂභයෝ නසනු ලබත්වා, යඥ පිණිස මෙතෙක් වත්සතරයෝ නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් වත්සතරීහු නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් එළුවෝ නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් තිරෙළුවෝ නසනු ලබත්වා”යි මෙසේ සිත උපදවන්නේ ය. හෙ ‘පුණ්‍ය කරමැ’යි අපුණ්‍ය කරයි. ‘කුශල් කරමි’යි අකුශල් කරයි. ‘සුගති මාර්‍ගය සොයමි’යි දුර්‍ගති මාර්‍ගය සොයයි. බ්‍රාහ්මණය, යඥයට අග්නි දල්වන්නේ යඥයට ටැම් ඔසවන්නේ යඥයෙන් පූර්‍වයෙහි ම මෙ අකුශල වූ දුක් උපදවන දුඃඛවිපාක ඇති ප්‍රථම මනඃශස්ත්‍රය ඔසවන්නේ ය.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, අග්ගිං ආදෙන්තො යූපං උස්සාපෙන්තො පුබ්බෙව යඤ්ඤා එවං වාචං භාසති: එත්තකා උසභා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරියො හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා අජා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා උරබ්භා හඤ්ඤන්තු යඤ්ඤත්ථායාති. සො පුඤ්ඤං කරොමීති අපුඤ්ඤං කරොති. කුසලං කරොමීති අකුසලං කරොති. සුගතිමග්ගං{3} පරියෙසාමීති දුග්ගතිමග්ගං{4} පරියෙසති. අග්ගිං බ්රාහ්මණ, ආදෙන්තො යූපං උස්සාපෙන්තො පුබ්බෙව යඤ්ඤා ඉදං දුතියං වචීසත්ථං උස්සාපෙති අකුසලං දුක්ඛුද්රයං දුක්ඛවිපාකං.
Sinhala BJTතවද බ්‍රාහ්මණය, යඥයට අග්නි දල්වනුයේ යඥයට ටැම් ඔසවනුයේ යඥයට පූර්‍වයෙහි ම මෙබඳු බස් කියන්නේ ය: “යඥයට මෙතෙක් වෘෂභයෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් වත්සතරයෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් වත්සතරීහු නසනු ලබත්වා. යඥයට මෙතෙක් එළුවෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් තිරෙළුවෝ නසනු ලබත්වා”යි. හෙ ‘පුණ්‍ය කරමි’යි අපුණ්‍ය කරයි. ‘කුසල් කරමි’යි අකුසල් කරයි. ‘සුගතිමග සොයමි’යි දුගතිමග ම සොයයි. බ්‍රාහ්මණය, යාගය සඳහා අග්නි දල්වනුයේ යාගය සඳහා ටැම් ඔසවනුයේ යඥයෙන් පූර්‍වයෙහි ම අකුසල් වූ දුක් උපදවන දුක් උපදවන විපාක ඇති මෙ දෙවන වාක්ශස්ත්‍රය ඔසවන්නේ ය.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, අග්ගිං ආදෙන්තො යූපං උස්සාන්තො පුබ්බෙව යඤ්ඤා සයං පඨමං සමාරම්භති{5} උසභෙ හන්තුං{6} යඤ්ඤත්ථාය. සයං පඨමං සමාරම්භති වච්ඡතරෙ හන්තුං යඤ්ඤත්ථාය. සයං පඨමං සමාරම්භති වච්ඡතරී හන්තුං යඤ්ඤත්ථාය. සයං පඨමං සමාරම්භති වච්ඡතරී හන්තුං යඤ්ඤත්ථාය. සයං පඨමං සමාරම්භති අජෙ හන්තුං යඤ්ඤත්ථාය. සයං පඨමං සමාරම්භති උරබ්භෙ හන්තුං යඤ්ඤත්ථායාති.
Sinhala BJTතවද බමුණ, යාග පිණිස ගිනි එළවනුයේ යාගස්තම්භ නඟනුයේ යාගයට පෙර ම තෙමේ පළමු කොට යාග පිණිස වෘෂභයන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස වස්සන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස වැස්සන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස එළුවන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස තිරෙළුවන් නසන්නට අරඹා යයි.
Pali BJTසො පුඤ්ඤං කරොමීති අපුඤ්ඤං කරොති. කුසලං කරොමීති අකුසලං කරොති. සුගතිමග්ගං පරියෙසාමීති දුග්ගතිමග්ගං පරියෙසති. අග්ගිං බ්රාහ්මණ, ආදෙන්තො යූපං උස්සාපෙන්තො පුබ්බෙව යඤ්ඤා ඉදං තතියං කායසත්ථං උස්සාපෙති අකුසලං දුක්ඛුද්රයං දුක්ඛවිපාකං.
Sinhala BJTහේ ‘පුණ්‍ය කරමැ’යි අපුණ්‍ය කරයි. ‘කුසල් කරමි’යි අකුසල් කරයි. ‘සුගති මාර්‍ගය සොයමි’යි දුගති මාර්‍ගය සොයයි. බමුණ, යඥයට ගිනි එළවන්නේ ටැම් ඔසොවන්නේ යඥයට පූර්‍වයෙහි ම අකුශල වූ දුක් උපදවන දුඃඛ විපාක ඇති මෙ තෙවන කායශස්ත්‍රය ඔසොවයි.
Pali BJTඅග්ගිං බ්රාහ්මණ, ආදෙන්තො යූපං උස්සාපෙන්තො පුබ්බෙව යඤ්ඤා ඉමානි තීණි සත්ථානි උස්සාපෙති අකුසලානි දුක්ඛුද්රයානි දුක්ඛවිපාකානි.
Sinhala BJTබ්‍රාහ්මණය, යඥයට අග්නිය එළවන්නේ, ස්තම්භ ඔසොවනුයේ යඥයට පූර්‍වයෙහි ම අකුසල වූ දුක් උපදවන්නා වූ දුඃඛ විපාක ඇති මෙ තුන් ශස්ත්‍ර ඔසොවයි.
Pali BJTතයො මෙ බ්රාහ්මණ, අග්ගි පහාතබ්බා පරිවජ්ජෙතබ්බා න සෙවිතබ්බා. කතමෙ තයො.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ තුන්ගිනි හළ යුතු ය, දුරලියයුතුය, නො සෙවිය යුතු ය. කවර තුණෙක යත්:
Pali BJTරාගග්ගි, දොසග්ගි, මොහග්ගි.
Sinhala BJTරාගාග්නිය, ද්වේෂාග්නිය, මොහාග්නිය යි.
Pali BJTකස්මා චායං බ්රාහ්මණ, රාගග්ගි පහාතබ්බො පරිවජ්ජෙතබ්බො න සෙවිතබ්බො?
Sinhala BJTබ්‍රාහ්මණය, කවර හෙයින් රාගාග්නිය හළයුතු ය, දුරලියුතු ය, නො සෙවිය යුතු ය යත්:
Pali BJTරත්තො ඛො බ්රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. තස්මායං රාගග්ගි පහාතබ්බො පරිවජ්ජෙතබ්බො න සෙවිතබ්බො.
Sinhala BJTබ්‍රාහ්මණය, රාගයෙන් රක්ත වූයේ මැඩුනේ රාගයෙන් වටා ගන්නාලද සිත් ඇතියේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. හෙ කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට මනසින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට පැමිණෙයි. එ හෙයින් මෙ රාගාග්නිය හළ යුතු, දුරලිය යුතු, නො සෙවිය යුතු.
Pali BJTකස්මා චායං බ්රාහ්මණ, දොසග්ගි -පෙ- මොහග්ගි පහාතබ්බො පරිවජ්ජෙතබ්බො න සෙවිතබ්බො? මූළ්හො ඛො බ්රාහ්මණ, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. තස්මායං මොහග්ගි පහාතබ්බො පරිවජ්ජෙතබ්බො න සෙවිතබ්බො.
Sinhala BJTබ්‍රාහ්මණය, කවර හෙයින් ද්වේෂාග්නිය ... මෝහාග්නිය හළ යුතු ය. දුරලියයුතු ය, නො සෙවිය යුතු ය යත්: බ්‍රාහ්මණය, මෝහයෙන් මුළා වූයේ අභිභූත වූයේ වටා ගණු ලැබූ සිත් ඇතියේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. හෙ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි. එහෙයින් මෙ මොහාග්නිය හළ යුතු ය, දුරලිය යුතු ය, නොසෙවිය යුතු ය.
Pali BJTඉමෙ ඛො බ්රාහ්මණ, තයො අග්ගී පහාතබ්බා, පරිවජ්ජෙතබ්බා න සෙවිතබ්බා.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ තුන් ගිනි පැහිය යුතු, දුරලිය යුතු, නො සෙවිය යුතු යි.
Pali BJTතයො ඛො බ්රාහ්මණ, අග්ගි සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා සම්මා සුඛං පරිහාතබ්බා. කතමෙ තයො:
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ තුන් ගිනි සත්කාර කොට ගුරු කොට, බුහුමන් කොට පූජා කොට මැනැවින් සුවසේ පරිහරණය කට යුතු ය. කවර තුණෙක යත්:
Pali BJTආහුනෙය්යග්ගි, ගහපතග්ගි, දක්ඛිණෙය්යග්ගි.
Sinhala BJTආහුනෙය්‍යග්ගි ය, ගහපතග්ගි ය, දක්ඛිණ්‍යෙග්ගි යි.
Pali BJTකතමො ච බ්රාහ්මණ ආහුනෙය්යග්ගි? ඉධ බ්රාහ්මණ, යස්ස තෙ හොන්ති මාතාති වා පිතාති වා, අයං වුච්චති බ්රාහ්මණ ආහුනෙය්යග්ගි. තං කිස්ස හෙතු: අතොහයං{1} බ්රාහ්මණ, ආහුතො සම්භූතො. තස්මායං ආහුනෙය්යග්ගි සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා සම්මා සුඛං පරිහාතබ්බො.
Sinhala BJTබ්‍රාහ්මණය, ආහුනෙය්‍යග්ගී කවරේ ය යත්: බ්‍රාහ්මණය, මෙ ලොව්හි යමකුට මව යි හෝ පියා යි හෝ යම් එ කෙනෙක් වෙත් නම්, බ්‍රාහ්මණය, මෙ ආහුනෙය්‍යග්ගි ය යි කියනු ලැබේ. ඒ කවර හෙයින් යත්: බ්‍රාහ්මණය, මෙ පුද්ගල මෙ දෙමාපියන් ගෙන් ආයේ ය, උපන්නේ ය. එහෙයින් මෙ ආහුනෙය්‍යග්ගිය සත්කාර කොට, ගුරු කොට, බුහුමන් කොට, පූජා කොට මැනැවින් සුවසේ පරිහරණය කට යුතු යි.
Pali BJTකතමො ච බ්රාහ්මණ, ගහපතග්ගි. ඉධ බ්රාහ්මණ, යස්ස තෙ හොන්ති පුත්තාති වා දාරාති වා දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා. අයං වුච්චති බ්රාහ්මණ, ගහපතග්ගි. තස්මායං ගහපතග්ගි සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා සම්මා සුඛං පරිහාතබ්බො.
Sinhala BJTබ්‍රාහ්මණය, ගෘහපති අග්නිය කවරේ ය යත්: බ්‍රාහ්මණය, මෙ ලොව්හි යම් පුඟුලකුගේ ‘පුත්‍රයහ’යි හෝ ‘අඹුහ’යි හෝ ‘දාසයහ’යි හෝ ‘ප්‍රෙශ්‍යයහ’යි හෝ ‘කර්‍මකරයහ’යි හෝ එබඳු යම් කෙනෙක් වෙත් නම්, බ්‍රාහ්මණය, මෙ ගෘහපති අග්නි යි කියනු ලැබේ. එහෙයින් මෙ ගෘහපතිඅග්නිය සත්කාර කොට ගුරු කොට, බුහුමන් කොට පුදා මැනැවින් සුවයෙන් පරිහරණ කටයුත්තේ ය.
Pali BJTකතමො ච බ්රාහ්මණ, දක්ඛිණෙය්යග්ගි: ඉධ බ්රාහ්මණ, යෙ තෙ සමණබ්රාහ්මණා මදප්පමාදා{1} පටිවිරතා ඛන්තිසොරච්චෙ නිවිට්ඨා එකමත්තානං දමෙන්ති, එකමත්තානං සමෙන්ති, එකමත්තානං පරිනිබ්බාපෙන්ති. අයං වුච්චති බ්රාහ්මණ දක්ඛිණෙය්යග්ගි. තස්මායං දක්ඛිණෙය්යග්ගි සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා සම්මා සුඛං පරිහාතබ්බො.
Sinhala BJTබ්‍රාහ්මණය, දක්‍ෂිණාර්‍හ අග්නි කවරේ ය යත්: බ්‍රාහ්මණය, මෙ ලොව්හි මදපමා දෙකින් ප්‍රතිවිරත වූ ක්‍ෂාන්තියෙහි හා සුරතභාවයෙහි වැදගත් යම් කෙනෙක් ඒකමාත්‍රචිත්තය දමනය කෙරෙත් ද, ඒකමාත්‍රචිත්තය ශමනය කරත් ද, ඒකමාත්‍රචිත්තය පිරිනිවත් ද, බ්‍රාහ්මණය, මෙ දක්‍ෂිණාර්‍හ අග්නි යි කියනු ලැබේ. එහෙයින් මෙ දක්‍ෂිණාර්‍හ අග්නිය සත්කාර කොට ගුරුකාර කොට බුහුමන් කොට පුද කොට මනාසුඛයෙන් පරිහරණ කටයුත්තේ ය.
Pali BJTඉමෙ ඛො බ්රාහ්මණ, තයො අග්ගි සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා සම්මා සුඛං පරිහාතබ්බා.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ අග්නි තුණ සත්කාර කොට, ගුරුකාර කොට, බුහුමන් කොට පුද කොට මනා ලෙස සුවසේ පරිහරණය කටයුතු ය.
Pali BJTඅයං ඛො පන බ්රාහ්මණ, කට්ඨග්ගි කාලෙන කාලං උජ්ජලෙතබ්බො, කාලෙන කාලං අජ්ඣුපෙක්ඛිතබ්බො, කාලෙන කාලං නිබ්බාපෙතබ්බො, කාලෙන කාලං නික්ඛිපිතබ්බොති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ කාෂ්ටාග්නිය කලින් කල දැල්විය යුතු ය. කලින් කල අධ්‍යුපේක්‍ෂා කටයුතු ය. කලින් කල නිර්‍වාපණ කට යුතු ය. කලින් කල නික්‍ෂේප කටයුතු ය යි.
Pali BJTඑවං වුත්තෙ උග්ගතසරීරො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, උපාසකං මං භවං ගොතමො ධාරෙතු, අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං.
Sinhala BJTමෙසේ වදාළ කල්හි උග්ගතශරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: භවද් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි, භවද් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි, භවද් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණගිය උවසුවකු කොට මා ධරණ සේක්වා යි.
Pali BJTඑසාහං භො ගොතම, පඤ්ච උසභසතානි මුඤ්චාමි ජීවිතං විතනොමි,{2} පඤ්ච වච්ඡතරසතානි මුඤ්චාමි ජීවිතං විතනොමි, පඤ්ච වච්ඡතරීසතානි මුඤ්චාමි ජීවිතං විතනොමි, පඤ්ච අජසතානි මුඤ්චාමි ජීවිතං විතනොමි, පඤ්ච උරබ්භසතානි මුඤ්චාමි ජීවිතං විතනොමි, හරිතානි චෙව තිණානි ඛාදන්තු, සීතානි ච පානීයානි පිවන්තු, සීතො ච තෙසං වායො වායතූති.{2}
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මම ඒ තෙල පන්සියක් වෘෂභයන් මුදමි, ජීවිතය දෙමි. පන්සියක් වත්සතරයන් මුදමි, දිවි දෙමි. පන්සියක් එළුවන් මුදමි, දිවි දෙමි. පන්සියක් තිරෙළුවන් මුදමි, දිවිදෙමි. ඔහු නිල් තණ ද කත්‍වා, සිහිල් පැන් ද බොත්වා, ඔවුනට සිහිල් වාතය ද හමාවා යි.
Pali BJT7. 1. 5. 5.
Sinhala BJT7. 1. 5. 5.
Pali BJT[සඞ්ඛිත්තසත්තසඤ්ඤා සුත්තං]
Sinhala BJT[සඞ්ඛිත්තසත්තසඤ්ඤා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT48. සත්තිමා භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා සත්ත:
Sinhala BJT48. මහණෙනි, මෙ සත් සංඥාවෝ භාවිත වූවාහු බහුලීකෘත වූවාහු මහත්ඵල ඇත්තාහු මහානෘශංස ඇත්තාහු වෙති. නිවණට බැසගත්තාහු නිවණ පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර සත් දෙනෙක යත්:
Pali BJTඅසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා.
Sinhala BJTඅසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, සත්තසඤ්ඤා භාවිතා බහුලීකතා මහපප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති.
Sinhala BJTමහණෙනි, භාවිත බහුලීකෘත මෙ සත් සංඥාවෝ මහත්ඵල ඇත්තාහු මහානිසංස ඇත්තාහු අමෘතාවගධ අමෘතපර්‍ය්‍යවසාන වෙත් යි.
Pali BJT7. 1. 5. 6.
Sinhala BJT7. 1. 5. 6.
Pali BJT[විත්ථතසත්තසඤ්ඤා සුත්තං]
Sinhala BJT[විත්‍ථතසත්තසඤ්ඤා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT49. සත්තිමා භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා සත්ත:
Sinhala BJT49. මහණෙනි, මෙ සත් සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතවගාහ වූවාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර සත් දෙනෙක යත්:
Pali BJTඅසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා.
Sinhala BJTඅසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සබ්බලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිච්චයෙහි දුක්ඛසඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, සත්ත සඤ්ඤා, භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති.
Sinhala BJTමහණෙනි, මෙ සප්ත සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු, මහත්ඵල මහානිශංස ඇතියාහු අමෘතවගාහ වූවාහු අමෘතපර්‍ය්‍යවසාන වූවාහු වෙතැයි.
Pali BJT(1) අසුභසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(1) මහණෙනි, ‘අසුභසංඥා භාවිත වූවා, බහුලීකෘත වූවා මහත්ඵල වෙයි, මහානිශංස වෙයි, අමෘතාවගධ (අමෘතයට පිහිට) වෙයි, අමෘතපර්‍ය්‍යාවසාන වෙයි,’ යන යමක් කියනලද නම් තෙලෙ කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
Pali BJTඅසුභසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා{1} වා පටික්කූල්යතා වා{2} සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, අශුභසංඥායෙහි පරිචිත (පුරුදු) චිත්තයෙන් බහුල කොට වෙසෙන භික්‍ෂුහුගේ චිත්තය මෙවුන්දම් සමවතින් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා{3} අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අසුභසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා{2} සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, කුකුළුපියාපතක් හෝ නහරකඩක් හෝ ගින්නෙහි බහාලන ලදුයේ යම් සෙයින් සැඟැවේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඍජුව නො යේ ද, මහණෙනි, එසෙයින් ම අශුභයෙහි පරිචිත වූ චිත්තයෙන් බහුල කොට වාස කරණ මහණහුගේ චිත්තය මෛථුනධර්‍ම සමාපත්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්‍ෂාව හෝ පිළිකුල්බව හෝ පිහිටනේ ය.
Pali BJTසචෙ භික්ඛවෙ, භික්ඛුනො අසුභසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං අනුසන්දති{4} අප්පටිකූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ අසුභසඤ්ඤා’ නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති{5} ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් අශුභ සංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනසමාපත්තියෙහි අනුගතව පවතී නම්, ප්‍රතිකූලතාව හෝ නො සිටුනේ නම්, මහණෙනි, “මා විසින් අශුභසංඥා නො වඩනාලදු, පෙර නොවැඩූ කල්හි සෙයින් අශුභසංඥා වැඩූ පසුකල්හිදු විශේෂ (ලාභ) යෙක් මට නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැ”යි එ භික්‍ෂුහු විසින් තෙල කරුණ දත යුතුයි. මෙසෙයින් එ කරුණෙහි ලා (හේ) මනා පැණැතියේ වන්නේ ය.
Pali BJTසචෙ පන භික්ඛවෙ භික්ඛුනො අසුභසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති{6} න සම්පසාරීයති උපෙක්ඛා වා පටික්කූල්යතා වා{2} සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා භාවිතා{7} මෙ අසුභසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති{5} ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් අශුභසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනධර්‍ම සමාපත්තියෙන් සැඟැවේ නම් හැකිළේ නම්, පෙරළේ නම්, ඉදු ව නො යේ නම්, උපේක්‍ෂාව හෝ පිළිකුල්බව හෝ සිටුනේ නම්, මහණෙනි, “මා විසින් අශුභසංඥා වඩනා ලදු, මට පෙරැට (භාවනා නො වැඩූ කලට) වැඩි විශේෂයෙක් වැඩූ පසුකල්හි ඇත, මට භාවනාවෙහි ඵල ඇතැ”යි එ භික්‍ෂුහු විසින් දත යුතු යි. මෙසේ එ කරුණෙහි ලා මනාකොට දන්නේ වෙයි.
Pali BJTඅසුභසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්චවුත්තං.
Sinhala BJTමහණෙනි, “භාවිත වූ බහුලීකෘත වූ අශුභසංඥා මහත්ඵල වේ, මහානිශංස වේ, අමෘතොගධ අමෘතපර්‍ය්‍යාවසාන වේ” යයි යමක් කියන ලද නම්, තෙල මෙ සඳහා කියන ලදි.
Pali BJT(2) මරණසඤ්ඤා භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(2) මහණෙනි, “භාවිත වූ බහුලීකෘත වූ මරණසංඥා මහත්ඵල මහානිශංස වෙයි, අමෘතොගධ අමෘතපර්‍ය්‍යවසාන වේ”යයි මෙසේ යමක් කියනලද නම්, තෙල කරුණ කවර කරුණක් පිණිස කියනලද ය යත්:
Pali BJTමරණසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති{6} න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා{2} සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, මරණසංඥායෙහි පරචීත සිතින් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ සිටුනේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා{3} අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො මරණසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා{1} පටික්කූල්යතා වා සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, කුකුළු පියාපතක් හෝ නහරකැබැල්ලක් හෝ ගින්නෙහි බහනලදුයේ යම් පරිදි සැඟැවේ ද, හැකිළේ ද, පෙරළී යේ ද, ඉදු ව නො යේ ද, මහණෙනි, එ පරිදි ම මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ සිත ජිවිතනිකාන්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළී යයි, ඉදුව නො යෙයි. උපේක්‍ෂාව හෝ පිළිකුල්බව හො පිහිටනේ ය.
Pali BJTසචෙ භික්ඛවෙ, භික්ඛුනො මරණසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං අනුසන්දති,{1} අප්පටිකූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ මරණසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති’{2} ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙහි (ජීවිතාශාවෙහි) අනුගතව පවත්නේ නම්, අප්‍රතිකූලතාව හො පිහිටනේ නම්, මහණෙනි, “මා විසින් මරණසංඥා නො වඩනලදු, මට පෙරට වැඩි අපරකාලයෙහි වූ විශේෂයෙක් නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැ”යි යන තෙල කරුණ එ මහණහු විසින් දතයුතු මෙසෙයින් එහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, භික්ඛුනො මරණසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා වා{3} පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා ‘භාවිතා මෙ මරණසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති’ ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙන් සැඟවේ නම්, හැකිළේ නම්, පෙරළේ නම්, ඉදු ව නො යේ නම්, උපේක්‍ෂාව හෝ පිළිකුල්බව හෝ පිහිටා නම්, මහණෙනි, “මා විසින් මරණසංඥා වඩනලදු, පෙර අභාවිත කාලයට වැඩි වූ විශේෂයෙක් භාවිත වූ අපරකාලයෙහි මට ඇත. මට භාවනාඵලය ඇතැ”යි යන තෙල කරුණ භික්‍ෂුහු විසින් දත යුතුයි. මෙසෙයින් හෙ මෙ කරුණෙහි ලා මනාකොට දන්නේ වෙයි.
Pali BJTමරණසඤ්ඤා භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, භාවිත බහුලීකෘත මරණසංඥා මහත්ඵල මහානිශංස, අමතෝගධ අමතපරියොසාන වේ යයි යමක් මෙසේ කියනලද නම් තෙල කරුණ මෙ පිණිස කියන ලදි.
Pali BJT(3) ආහාරෙ පටික්කූලසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(3) මහණෙනි, “ආහාරයෙහි ප්‍රතිකූලසංඥා භාවිතා වූවා බහුලීකෘත වූවා මහත්ඵල වෙයි. මහානිශංස වෙයි. අමෘතාවගධ අමෘත පර්‍ය්‍යවසාන කොට ඇතැ”යි මෙසේ යම් කියන ලද නම් තෙල කරුණ කවර හෙයින් කියන ලද ය යත්:
Pali BJTආහාරෙ පටික්කූලසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති -පෙ- උපෙක්ඛා වා{3} පටික්කූල්යතා වා සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, ආහාරයෙහි ප්‍රතිකූලසංඥායෙහි පරිචිත සිතින් බහුලකොට වෙසෙන මහණහුගේ රසතෘෂ්ණායෙන් චිත්තය සැඟැවෙයි ... උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ සිටුනේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා{4} අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො ආහාරෙ පටික්කූලසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති -පෙ- උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, යම්සේ කුකුළුපියාපතෙක් වේවයි නහරකඩෙක් වේවයි, ගින්නෙහි බහන ලදුයේ ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, එපරිදි ම මහණෙනි, ආහාරයෙහි ප්‍රතිකූලසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත රසතෘෂ්ණායෙන් ප්‍රතිලීන වෙයි ... උපේක්‍ෂාව හෝ පිළිකුල්බව පිහිටයි.
Pali BJTසචෙ භික්ඛවෙ, භික්ඛුනො ආහාරෙ පටික්කූලසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං අනුසන්දති, අප්පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනො ‘අභාවිතා මෙ ආහාරෙ පටික්කූලසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති’ ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් ආහාරයෙහි ප්‍රතිකූල සංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත රසතෘෂ්ණායෙහි වැටේ ද, නො පිළිකුල්බව හෝ පිහිටා ද, මහණෙනි, “මා විසින් වඩනා ලද ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව අභාවිත යයි ද, මට පෙරට වැඩි වෙසෙසෙක් පසුව නැතියි ද, මා විසින් භාවනාඵලය නො ලබනලදැයි ද” යන තෙල කරුණ ඒ භික්‍ෂු විසින් දතයුතු යි. මෙසේ එහි ලා හේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, භික්ඛුනො ආහාරෙ පටික්කූලසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති -පෙ- උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා ‘භාවිතා{5} මෙ ආහාරෙ පටික්කූලසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති’ ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් ආහාරයෙහි ප්‍රතිකූලසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල කොට වෙසෙන මහණුගේ සිත රසතෘෂ්ණායෙන් ප්‍රතිලීන වේ ද ... උපේක්‍ෂාව හෝ ප්‍රතිකූල්‍යතාව හෝ පිහිටා ද, මහණෙනි, ඒ භික්‍ෂුහු විසින් “ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව මා විසින් බවනලදැයි ද, මට පෙරට වැඩි වෙසෙසක් දැන් ඇතැයි ද, මා විසින් භාවනාඵලය ලබනලදැයි ද යන තෙල කරුණ දතයුතු යි. මෙසේ එහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
Pali BJTආහාරෙ පටික්කූලසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා භාවිත වූවා බහුලීකෘත වූවා මහත්ඵල වෙයි. මහානිසංස ඇත්තී ය. අමෘතය පිහිට කොට ඇත්තීය, අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියන ලද නම් තෙල කරුණ මේ පිණිස කියන ලදි.
Pali BJT(4) සබ්බලොකෙ අනභිරතසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(4) මහණෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා ව වඩනාලද්දී බහුලවශයෙන් පුරුදු කරණලද්දී මහත්ඵල වෙයි, මහානිසංස වෙයි. නිවන පිහිට කොට ඇත්තී ය. නිවන් අවසන් කොට ඇත්තී යයි, මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියන ලද ද:
Pali BJTසබ්බලොකෙ අනභිරතසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ලොකචිත්තෙසු චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලෝකචිත්තයන්හි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි, උපේක්‍ෂාව හෝ ප්‍රතීකූල්‍යතාව හෝ පිහිටයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරු දද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති. පතිවට්ටති න සම්පසාරීයති, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලොකචිත්තෙසු{1} චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා{2} වා පටික්කූල්යතා වා සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, යම් සේ කුකුළුපියාපතෙක් වේවයි නහරවැලෙක් වේවයි ගින්නෙහි බහන ලදුයේ ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, එ පරිදි ම මහණෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත (තෙධාතුකලෝකසන්නිවාසසඞ්ඛ්‍යාත) ලෞකික චිත්තයන්හි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි, උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, භික්ඛුනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලොකචිත්තෙසු{1} චිත්තං අනුසන්දති, අප්පටික්කූල්යතා{3} වා සණ්ඨාති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා “අභාවිතා මෙ සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති” ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් සර්‍වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත ලෞකික චිත්තයන්හි පවතී ද, නො පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, “මා විසින් වඩනාලද සර්‍වලෝකයෙහි අනභිරතසංඥාව අභාවිතය යි ද, මට පෙරට වැඩි අන් වෙසෙසෙක් නැතැයි ද, මා විසින් භාවනාඵලය නො ලබන ලදැයි ද” යන තෙල කරුණ ඒ භික්‍ෂු විසින් දත යුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, භික්ඛුනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලොකචිත්තෙසු{1} චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා{2} වා පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා “භාවිතා මෙ සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අත්ථි මෙ පුබ්බොනාපරං විසෙසො, පත්තං මෙ භාවනා ඵලන්ති”{4} ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් සර්‍වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලෞකිකචිත්තයන්හි ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, එ මහණ විසින් “සර්‍වලෝකයෙහි අනභිරතසංඥාව මා විසින් වඩන ලදැයි ද, මට පෙරට වැඩි වෙසෙසක් පසුව ඇතැයි ද, මා විසින් භාවනාඵලය ලබන ලදැයි ද” යන තෙල කරුණ දත යුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇතියේ වෙයි.
Pali BJTසබ්බලොකෙ අනභිරතසඤ්ඤා භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා භාවිතා වූවා බහුලීකෘත වූවා මහත්ඵල වෙයි. මහානිසංස ඇත්තී ය. අමෘතය පිහිට කොට ඇත්තී ය. අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී ය යි මෙසේ යමක් කියන ලද නම් තෙල කරුණ මේ පිණිස කියන ලදී.
Pali BJT(5) අනිච්චසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(5) මහණෙනි, අනිත්‍යසංඥා වඩනලද්දී බහුල වශයෙන් පුරුදු කරණ ලද්දී මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. නිවන පිහිට කොට ඇත්තී ය, නිවන අවසන් කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියනලද ද:
Pali BJTඅනිච්චසඤ්ඤාපරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා{2} වා පටික්කූල්යතා වා සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, අනිත්‍යසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාරකීර්තිප්‍රශංසාහි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූල්‍යතාව හෝ පිහිටයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො අනිච්චසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති, පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
Sinhala BJTමහණෙනි, යම්සේ කුකුළුපියාපතෙක් වේවයි නහරවැලෙක් වේවයි ගින්නෙහි බහන ලදුයේ ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, එපරිදිම මහණෙනි, අනිත්‍යසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාරකීර්තිප්‍රශංසාහි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි, උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
Pali BJTසචෙ භික්ඛවෙ, භික්ඛුනො අනිච්චසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං අනුසන්දති, අප්පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා අභාවිතා මෙ අනිච්චසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනා ඵලන්ති ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් අනිත්‍යසංඥා පරිචිත සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාර කීර්තිප්‍රශංසාහි පවතී ද, නො පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, ඒ මහණ “මා විසින් අනිත්‍යසංඥාව නො වඩනා ලද, මට පෙරට වැඩි අන් වෙසෙසෙක් පසුව නැත, මා විසින් භාවනාඵලය නො ලබනලදැයි” යන තෙල කරුණ දත යුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, භික්ඛුනො අනිච්චසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා භාවිතා මෙ අනිච්චසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනා ඵලන්ති, ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් අනිත්‍යසංඥායෙන් පරිචිත සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙහි ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, ඒ මහණ “මා විසින් අනිත්‍යසංඥාව වඩනලද, මට පෙරට වැඩි අන් වෙසෙසක් දැන් ඇත. මා විසින් භාවනාඵල ලබනලදැයි” යන තෙල කරුණ දතයුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.
Pali BJTඅනිච්චසඤ්ඤා භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, අනිත්‍යසංඥා වඩනලද්දී බහුල වශයෙන් පුරුදු කරණලද්දී මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. නිවන පිහිට කොට ඇත්තී ය. නිවන් අවසන් කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ මේ පිණිස කියන ලදි.
Pali BJT(6) අනිච්චෙ දුක්ඛසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(6) මහණෙනි, අනිත්‍යයෙහි දුක ය යන හැඟීම වඩනලද්දී බහුල වශයෙන් කරණලද්දී මහත්ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී නිවනට බැසගත්තී නිවන අවසන් කොට ඇත්තී යයි මෙසේ යමක් වදාරනලද නම් තෙල කරුණ කුමක් සඳහා වදාරණ ලද ද:
Pali BJTඅනිච්චෙ දුක්ඛසඤ්ඤාපරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ආලස්යෙ කොසජ්ජෙ විස්සට්ඨියෙ පමාදෙ අනනුයොගෙ අපච්චවෙක්ඛනාය තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ.
Sinhala BJTමහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛසංඥා පුරුදු කරණලද සිතින් බහුල වශයෙන් වසන මහණහට අලස බවෙහි කුසීත බවෙහි (නිවන්) වුහුටුබැව්හි ප්‍රමාදයෙහි කුශලධර්‍මයන්හි (භාවනාවෙහි) නො යෙදීමෙහි ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙහි තීව්‍රවූ භයසංඥාව එළඹ සිටියා වෙයි. අමෝරාගත් කඩුඇති වධකයකු කෙරෙහි මෙනි.
Pali BJTසචෙ භික්ඛවෙ, භික්ඛුනො අනිච්චෙ දුක්ඛසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ආලස්යෙ කොසජ්ජෙ විස්සට්ඨියෙ පමාදෙ අනනුයොගෙ අපච්චවෙක්ඛනාය තිබ්බා භයසඤ්ඤා න පච්චුපට්ඨිතා හොති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා අභාවිතා මෙ අනිච්චෙ දුක්ඛසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනා ඵලන්ති, ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුක්ඛසංඥාවෙන් පරිචිත වූ සිතින් බහුල කොට වෙසෙන මහණහුගේ අලසබැව්හි කුසීතබවෙහි නිවන් වුහුටු බැව්හි ප්‍රමාදයෙහි කුශලධර්‍මයන්හි නො යෙදීමෙහි ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙහි තීව්‍රභයසංඥාව අමෝරාගත් කඩු ඇති වධකයකු කෙරෙහි මෙන් එළඹ නො සිටියා වෙයි ද, මහණෙනි, එ මහණහු විසින් “මා විසින් අනිත්‍යයෙහි දුඃඛසංඥා නො වඩනලද, මට පෙරට වැඩි විශේෂයෙක් අපරභාගයෙහි (ඇති වී) නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැයි” යන තෙල කරුණ දතයුතු යි. මෙසේ මෙ කරුණෙහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.