Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10301-10400 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT33. හිරොත්තප්පසම්පන්නො සප්පතිස්සො සගාරවො, අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙ”ති.
Sinhala BJT33. හ්‍රීයෙන් හා ඔතප් ගුණෙන් සමන්‍වාගත වූයේ ප්‍රතිශ්‍රය ඇතියේ ගෞරව සහිත වූයේ පරිහානියට අභව්‍ය වූයේ නිවන් හමුයෙහි ම වේ ය යි.
Pali BJT7. 1. 4. 3.
Sinhala BJT7. 1. 4. 3.
Pali BJT[පඨම සොවචස්සතා සුත්තං]
Sinhala BJT[පළමුවන සෝවචස්සතා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT34. ඉමං භික්ඛවෙ, රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, සා දෙවතා මං එතදවොච:
Sinhala BJT34. මහණෙනි, ඒ රෑහි අභිකාන්තවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් බෙහෙවින් ඉක්මගිය රාත්‍රියෙහි මුළු ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි හිඳ ඒ දෙවි මට තෙල කරුණ පැවැසී ය:
Pali BJTසත්තිමෙ භන්තෙ, ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත:
Sinhala BJTවහන්ස, මෙ සත් කාරණයෝ භික්‍ෂුහුගේ නො පිරිහීම සඳහා වැටෙති. කවර සතෙක යත්:
Pali BJTසත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, සොවචස්සතා, කල්යාණමිත්තතා. ඉමෙ ඛො භන්තෙ, සත්ත ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.
Sinhala BJTසත්‍ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා සමාධිගාරවතා හා සෝවචස්සතා හා කල්‍යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
Pali BJTඉදමවොච භික්ඛවෙ, සා දෙවතා ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා කත්ථෙවන්තරධායීති.
Sinhala BJTමහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
Pali BJT34. සත්ථුගරු ධම්මගරු සඞ්ඝෙ ච තිබ්බගාරවො, සමාධිගරු ආතාපි සික්ඛාය තිබ්බගාරවො.
Sinhala BJT34. ශාස්තෘගෞරව ඇතියේ ධර්‍මගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දූ දෘඪගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ ආතාප ඇතියේ ශික්‍ෂාහි දෘඪගෞරව ඇතියේ,
Pali BJT35. කල්යාණමිත්තො සුවචො සප්පතිස්සො සගාරවො, අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙති.
Sinhala BJT35. කලණ මිතුරන් ඇතියේ අවවාදක්‍ෂම වූයේ ප්‍රතිශය (ගුරුගෞරව) ඇති ගෞරව සහිත වූයේ පරිහානියට අභව්‍ය වෙයි. නිර්‍වාණ සමීපයෙහි ම වේ යයි.
Pali BJT7. 1. 4. 4.
Sinhala BJT7. 1. 4. 4.
Pali BJT[දුතිය සොවචස්සතා සුත්තං]
Sinhala BJT[දෙවෙනි සෝවචස්සතා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT35. ඉමං භික්ඛවෙ, රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, සා දෙවතා මං එතදවොච:
Sinhala BJT35. මහණෙනි, මේ රාත්‍රියෙහි අභිකාන්ත වර්‍ණයෙන් යුත් අන්‍යතර දෙවියෙක් මුළු දෙව්රම් වෙහෙර මැදියම් රෑහි එකලු කොට මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:
Pali BJTසත්තිමෙ භන්තෙ, ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත:
Sinhala BJTවහන්ස, භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා මෙ කරුණු සතක් වැටේ. කවර සතෙක යත්:
Pali BJTසත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, සොවචස්සතා, කල්යාණමිත්තතා. ඉමෙ ඛො භන්තෙ, සත්ත ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.
Sinhala BJTසත්‍ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, සෝවචස්සතා, කල්‍යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති යි.
Pali BJTඉදමවො ච භික්ඛවෙ, සා දෙවතා. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTමහණෙනි, ඒ දෙවි මේ කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ඉමස්ස ඛො අහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි:
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළ හ. වහන්ස, භාග්‍යවතුන් විසින් සැකෙවින් වදාරණ ලද විස්තාරයෙන් විභාග නො කළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මම මෙසේ දන්මි:
Pali BJTඉධ භන්තෙ, භික්ඛු අත්තනා ච සත්ථුගාරවො හොති සත්ථුගාරවතාය ච වණ්ණවාදී. යෙ චඤ්ඤෙ භික්ඛූ න සත්ථුගාරවා, තෙ ච සත්ථුගාරවතාය සමාදපෙති. යෙ චඤ්ඤෙ භික්ඛූ සත්ථුගාරවා තෙසං ච වණ්ණං භණති භූතං තච්ඡං කාලෙන. අත්තනා ච ධම්මගාරවො හොති -පෙ- සඞ්ඝගාරවො හොති -පෙ- සික්ඛාගාරවො හොති -පෙ- සමාධිගාරවො හොති -පෙ- කල්යාණමිත්තො හොති කල්යාණමිත්තතාය ච වණ්ණවාදී. යෙ චඤ්ඤෙ භික්ඛූ න කල්යාණමිත්තා, තෙ ච කල්යාණමිත්තතාය සමාදපෙති. යෙ චඤ්ඤෙ භික්ඛූ කල්යාණමිත්තා, තෙසඤ්ච වණ්ණං භණති භූතං තච්ඡං කාලෙනා’ති.
Sinhala BJTවහන්ස, මේ සස්නෙහි මහණ තෙමේ ද ශාස්තෘගෞරව ඇතියේ ශාස්තෘගෞරවතායෙහි ගුණ වණනුයේ ද වෙයි. ශාස්තෘගෞරව නැති යම්බඳු අන්‍ය මහණහු වෙත් නම්, ඔවුනුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව ඇති අන්‍ය යම් බඳු මහණහු වෙත් නම් භූත විසින් යාථාවයෙන් නිසි කල්හි ඔවුන්ගේ ද ගුණ බෙණෙයි. තෙමේ ද ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇතියේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇතියේ වෙයි ... සමාධිගෞරව ඇතියේ වෙයි ... අවවාදක්‍ෂම වෙයි ... තෙමේද කලණ මිතුරන් ඇතියේ කල්‍යාණමිත්‍රතායෙහි වර්‍ණවාදී ද වෙයි. යම්බඳු අන්‍ය වූ ද කල්‍යාණ මිත්‍රයන් නැති භික්‍ෂූහු වෙත් නම්, ඔවුනුදු කල්‍යාණ මිත්‍රතායෙහි සමාදන් කරවයි. යම්බඳු අන්‍ය වූ ද කල්‍යාණ මිත්‍රයන් ඇති භික්‍ෂූහු වෙත් නම්, ඔවුන්ගේ ද භූත වූ ගුණ තථ්‍ය කොට නිසි කල්හි කියන්නේ ය.
Pali BJTඉදමස්ස{1} ඛො අහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දන්මි යි.
Pali BJTසාධු සාධු සාරිපුත්ත, සාධු ඛො ත්වං සාරිපුත්ත, ඉමස්ස මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං අජානාසි.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මැනැව, මැනැව, ශාරීපුත්‍රයෙනි, තෝ මා විසින් සැකෙවින් දෙසනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙ පරිද්දෙන් විතර විසින් දන්හි නම් මැනැව.
Pali BJTඉධ සාරිපුත්ත භික්ඛු අත්තනා ච සත්ථුගාරවො හොති සත්ථුගාරවතාය ච වණ්ණාවාදී. යෙ චඤ්ඤෙ භික්ඛූ න සත්ථුගාරවා, තෙ ච සත්ථුගාරවතාය සමාදපෙති. යෙ චඤ්ඤෙ භික්ඛූ සත්ථුගාරවා තෙසඤ්ච වණ්ණං භණති භූතං තච්ඡං කාලෙන. අත්තනා ච ධම්මගාරවො හොති -පෙ- සඞ්ඝගාරවො හොති -පෙ- සික්ඛාගාරවො හොති -පෙ- සමාධිගාරවො හොති -පෙ- සුවචො හොති -පෙ- කල්යාණමිත්තො හොති කල්යාණමිත්තතාය ච වණ්ණවාදී. යෙ චඤ්ඤෙ භික්ඛූ න කල්යාණමිත්තා, තෙ ච කල්යාණමිත්තතාය සමාදපෙති. යෙ චඤ්ඤෙ භික්ඛූ කල්යාණමිත්තා, තෙසංච වණ්ණං භණති භූතං තච්ඡං කාලෙනා’ති.
Sinhala BJTශාරිපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් ශාස්තෘගෞරව ඇතියේ ශාස්තෘගෞරව ඇති බව්හි ගුණ කියනසුලුයේත් වෙයි. යම් අන්‍ය භික්‍ෂූහු ද ශාස්තෘගෞරව ඇත්තාහු නො වෙත් නම් ඔවුනුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. යම් බඳු අන්‍යභික්‍ෂූහු ශාස්තෘගෞරව ඇතියාහු වෙත් නම්, ඔවුන්ගේ ගුණ භූත කොට තථභාවයෙන් නිසි කල්හි බෙණෙයි. තෙමෙ ද ධර්‍මයෙහි ගෞරව ඇතියේ වෙයි .... සඟුන් කෙරෙයි ගෞරව ඇතියේ වෙයි … ශික්‍ෂායෙහි ගෞරව ඇතියේ වෙයි ... සමාධියෙහි ගෞරව ඇතියේ වෙයි ... සුවච වෙයි ... තෙමේ ද කල්‍යාණමිත්‍රයන් ඇතියේ කල්‍යාණමිත්‍රතායෙහි වර්‍ණවාදීත් වෙයි. යම්බඳු අන්‍ය භික්‍ෂුහු කල්‍යාණමිත්‍රයන් ඇතියාහු නො වෙත් නම් ඔවුනුදු කල්‍යාණමිත්‍රතායෙහි සමාදන් කරවයි. යම් බඳු අන්‍ය කල්‍යාණමිත්‍ර භික්‍ෂුහු වෙත් නම් ඔවුන්ගේ ද ගුණය භූත කොට තථ්‍ය කොට නිසි කල්හි කියයි.
Pali BJTඉමස්ස ඛො සාරිපුත්ත, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙ පරිද්දෙන් විතර විසින් දතයුතු වේ ය යි.
Pali BJT7. 1. 4. 5.
Sinhala BJT7. 1. 4. 5.
Pali BJT[මිත්ත සුත්තං]
Sinhala BJT[මිත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. සත්තහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො, කතමෙහි සත්තහි:
Sinhala BJT36. මහණෙනි, සත් කරුණෙකින් සමන්‍වාගත මිත්‍ර සේවන කටයුත්තේ ය. කවර සතෙකින යත්:
Pali BJTදුද්දදං දදාති, දුක්කරං කරොති, දුක්ඛමං ඛමති, ගුය්හමස්ස ආවිකරොති, ගුය්හං අස්ස පරිගූහති, ආපදාසු න ජහති, ඛීණෙන නාතිමඤ්ඤති. ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහඞ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බොති.
Sinhala BJTදෙනුවට දුෂ්කර වූ දෑ දෙයි. දුෂ්කර දෑ කෙරෙයි. නො ඉවසිය හැකි දැ ඉවසයි. තමාගේ රහස් මිතුරුහට පාළ කරයි. ඒ මිතුරුහුගේ රහස් සඟවයි. ආපද්හි මිතුරා නො හරියි. ධනක්‍ෂීණයෙන් ඔහට අවමන් නො කෙරෙයි. මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මිත්‍ර සෙවිය යුත්තේ යි.
Pali BJT36. දුද්දදං දදාති විත්තං{1} දුක්කරං චාපි කුබ්බති, අථොපිස්ස දුරුත්තානි ඛමති දුක්ඛමානිපි.
Sinhala BJT36. දීමට දුෂ්කර ධනය ද දෙයි. දුෂ්කර දෙය මිතුරුහට කෙරෙයි. වැලිත් ඔහුගේ දුරුක්ත වූ ඉවසිය නො හෙන බසුත් ඉවසයි.
Pali BJT37. ගුය්හං චස්ස{2} අක්ඛාති ගුය්හස්ස පරිගූහති, ආපදාසු න ජහාති ඛීණෙන නාතිමඤ්ඤති,
Sinhala BJT37. ඔහට සිය රහස් ද කියයි. ඔහුගේ රහස් සඟවයි. විපත්හි දී නො හරියි. ක්‍ෂීණ (පිරිහිනු) හෙයින් අවමන් නො කෙරෙයි.
Pali BJT38. යස්මිං එතානි ඨානානි සංවිජ්ජන්තීධ පුග්ගලෙ, සො මිත්තො මිත්තකාමෙන භජිතබ්බො තථාවිධොති.
Sinhala BJT38. මෙ ලොව්හි යම් පුඟුලකු කෙරෙහි මෙ කරුණු විද්‍යාමාන වෙත් ද, මිතුරන් පතනහු විසින් එබඳු එ මිතු තෙමේ භජනය කටයුතු වේ ය යි.
Pali BJT7. 1. 4. 6.
Sinhala BJT7. 1. 4. 6.
Pali BJT[භික්ඛුමිත්ත සුත්තං]
Sinhala BJT[භික්ඛුමිත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT37. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛුමිත්තො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො අපි පනුජ්ජමානෙනපි. කතමෙහි සත්තහි:
Sinhala BJT37. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍රයා නෙරණුලබන්නහු විසිනුදු සෙවිය යුත්තේ ය, භජනය කළයුත්තේ ය, පර්‍ය්‍යුපාසන කටයුත්තේ ය. කවර සතෙකින යත්:
Pali BJTපියො ච හොති මනාපො ච, ගරු ච, භාවනීයො ච, වත්තා ච, වචනක්ඛමො ච, ගම්භීරඤ්ච කථං කත්තා හොති, නො ච අට්ඨානෙ නියොජෙති.
Sinhala BJTප්‍රිය ද මනාප ද වෙයි. ගුරු ද වෙයි. බුහුමනට නිසි ද වෙයි. වක්තෘ ද වෙයි. වචනක්‍ෂම (ඇදැහිය හැකි වචන ඇත්තේ) ද වෙයි. ගම්භීරකථා කරන්නේ ද වෙයි. අස්ථානයෙහි (නොමඟ) ද නො යොදවයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛුමිත්තො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො අපි පනුජ්ජමානෙනපීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත භික්‍ෂූමිත්‍ර නෙරණුලබන්නහු විසිනුදු සෙවියයුත්තේ ය, භජනය කටයුත්තේ ය, පර්‍ය්‍යුපාසනා කටයුත්තේ ය.
Pali BJT39. පියො ච ගරු භාවනීයො වත්තා ච වචනක්ඛමො, ගම්භීරඤ්ච කථං කත්තා නො චට්ඨානෙ නියොජයෙ.
Sinhala BJT39. ප්‍රිය වූයේ වේ ද, ගුරු වූයේ වේ ද, භාවනීය වේ ද, වක්තෘ (කථාවෙහි දක්‍ෂ) වේ ද, වචනක්‍ෂම වේ ද, ගැඹුරුතෙපුල් කියන්නේත් වේ ද, අස්ථානයෙහිත් නො යොදන්නේ ද,
Pali BJT40. යස්මිං එතානි ඨානානි සංවිජ්ජන්තීධ පුග්ගලෙ, සො මිත්තො මිත්තකාමෙන අත්ථකාමානුකම්පකො, අපි නාසියමානෙන භජිතබ්බො තථාවිධොති.
Sinhala BJT40. මො ලොව්හි යම් පුඟුලකු කෙරෙහි තෙල සත් කරුණු විද්‍යාමාන වෙත් නම් අර්‍ත්‍ථකාමයාහට අනුකම්පා කරණ එබඳු මිත්‍රතෙම මිත්‍රයන් පතන්නහු විසින් නෙරණු ලැබූව ද භජනය කටයුත්තේ ය යි.
Pali BJT7. 1. 4. 7.
Sinhala BJT7. 1. 4. 7.
Pali BJT[පඨමපටිසම්භිදා සුත්තං]
Sinhala BJT[ප්‍රථමපටිසම්භිදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT38. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව චතස්සො පටිසම්භිදා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය. කතමෙහි සත්තහි:
Sinhala BJT38. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් ම සිවුපිළිසිඹියා නැණ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේ ය. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛූ ඉදං මෙ චෙතසො ලීනත්තන්ති යථාභූතං පජානාති. අජ්ඣත්තං සඞ්ඛිත්තං වා චිත්තං අජ්ඣත්තං මෙ සඞ්ඛිත්තං චිත්තන්ති යථාභූතං පජානාති. බහිද්ධා වික්ඛිත්තං වා චිත්තං බහිද්ධා මෙ වික්ඛිත්තං චිත්තන්ති යථාභූතං පජානාති. තස්ස විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. සප්පායාසප්පායෙසු ඛො පනස්ස ධම්මෙසු හීනප්පණීතෙසු කණ්හසුක්කසප්පටිභාගෙසු නිමිත්තං සුග්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිදිතං පඤ්ඤාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මාගේ චිත්තයාගේ මෙ ලීනභාවය’යි යාථාවයෙන් (ඇතිසැටියෙන්) දන්නේ ය. (ථීනමිද්ධානුගත වීමෙන්) සංක්‍ෂිප්ත වූ චිත්තය ‘මාගේ අධ්‍යාත්මයෙහි චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නේ ය. බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්ත චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්තය’ යි යාථාවයෙන් දන්නේ ය. ඔහට වේදනාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. සංඥාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. විතර්‍කයෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යෙත්. ඔහු විසින් සත්ප්‍රාය අස්තප්‍රාය වූ ද හීනප්‍රණීත වූ ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ද ධර්‍මයන්හි නිමිත්ත (කාරණ) ය මොනොවට ගන්නාලද වෙයි, මොනොවට මෙනෙහි කරණලද වෙයි, මොනොවට උපධාරණ කරණ ලද වෙයි, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදිනලද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව චතස්සො පටිසම්භිදා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා”ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම සිවුපිළිසිඹියා නුවණ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වසන්නේ ය යි.
Pali BJT7. 1. 4. 8.
Sinhala BJT7. 1. 4. 8.
Pali BJT[දුතිය පටිසම්භිදා සුත්තං]
Sinhala BJT[දෙවෙනි පටිසම්භිදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT39. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සාරිපුත්තො චතස්සො පටිසම්භිදා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. කතමෙහි සත්තහි:
Sinhala BJT39. මහණෙනි, කරුණු සතෙකින සමන්‍වාගත සාරිපුත්තයෝ සිවුපිළිසිඹියා නුවණ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙත්. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, සාරිපුත්තො ඉදං මෙ චෙතසො ලීනත්තන්ති යථාභූතං පජානාති. අජ්ඣත්තං සඞ්ඛිත්තං වා චිත්තං අජ්ඣත්තං මෙ සඞ්ඛිත්තං චිත්තන්ති යථාභූතං පජානාති. බහිද්ධා වික්ඛිත්තං වා චිත්තං බහිද්ධා මෙ වික්ඛිත්තං චිත්තන්ති යථාභූතං පජානාති. තස්ස විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි සැරියුත් තෙරණුවෝ ‘මාගේ මෙ චිත්තයාගේ ලීනභාවය ඇතැ’යි යාථාවයෙන් දන්නාහ. අධ්‍යාත්මයෙහි සංක්‍ෂිප්ත (හැකුළුනා) වූ හෝ සිත ‘අධ්‍යාත්මයෙහි මාගේ චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. බාහ්‍යයෙහි වික්‍ෂිප්ත (විසිරගියා) වූ හෝ චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යයෙහි වික්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. ඔහට වේදනාවෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළැඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ.
Pali BJTවිදිතා සඤ්ඤා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. සප්පායාසප්පායෙසු ඛො පනස්ස ධම්මෙසු හීනප්පණීතෙසු කණ්හසුක්කසප්පටිභාගෙසු නිමිත්තං සුග්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය.
Sinhala BJTසංඥාවෝ විදිත් ව ම උපදනාහ, විදිත ව ම එළඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ. විතර්‍කයෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළැඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ. උපකාරී අනූපකාරී වූ ද හීනප්‍රණීත වූ ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ද ධර්‍මයන්හි නිමිත්ත ඔහු විසින් මොනොවට ගන්නාලද වෙයි. මොනොවට මෙනෙහි කරණලද වෙයි. මොනොවට උපධාරණ කරණලද වෙයි. ප්‍රඥායෙන් මැනැවින් පිළිවිදුනාලද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ සත්තහි ධම්මෙහි සමන්නාගතො සාරිපුත්තො චතස්සො පටිසම්භිදා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත සැරියුත්හු තුමූ සිවුපිළිසිඹියා විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එළඹ වාසය කරන්නාහ යි.
Pali BJT7. 1. 4. 9.
Sinhala BJT7. 1. 4. 9.
Pali BJT[පඨම චිත්තවසවත්තන සුත්තං]
Sinhala BJT[ප්‍රථම චිත්තවසවත්තන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT40. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු චිත්තං වසෙවත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති. කතමෙහි සත්තහි:
Sinhala BJT40. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සිත වසෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටෙයි. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සමාධිකුසලො හොති, සමාධිස්ස සමාපත්තිකුසලො හොති, සමාධිස්ස ඨිතිකුසලො හොති, සමාධිස්ස වුට්ඨානකුසලො හොති, සමාධිස්ස කල්ලිතකුසලො{1} හොති, සමාධිස්ස ගොචරකුසලො හොති, සමාධිස්ස අභිනීහාරකුසලො හොති.
Sinhala BJTමහණෙනි. මෙ සස්නෙහි මහණ සමාධිකුශල වෙයි. සමාධි සමාපත්තියෙහි කුශල වෙයි. සමාධිස්ථිතියෙහි කුශල වෙයි. සමාධිව්‍යුත්‍ථානයෙහි කුශල වෙයි. සමාධිකල්‍යභාවයෙහි කුශල වෙයි. සමාධිගෝචරයෙහි කුශල වෙයි. සමාධිඅභිනීහාරයෙහි කුශල වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු චිත්තං වසෙ වත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ චිත්තය වශයෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටේ යයි.
Pali BJT7. 1. 4. 10.
Sinhala BJT7. 1. 4. 10.
Pali BJT[දුතිය චිත්තවසවත්තන සුත්තං]
Sinhala BJT[දෙවෙනි චිත්තවසවත්තන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සාරිපුත්තො චිත්තං වසෙ වත්තෙති, නො ච සාරිපුත්තො චිත්තස්ස වසෙන වත්තති. කතමෙහි සත්තහි:
Sinhala BJT41. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත සාරිපුත්තයෝ චිත්තය ස්වවශයෙහි පවත්වන්නාහ. සාරිපුත්තයෝ ද චිත්තයාගේ වශයෙන් නො පවත්නාහ. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, සාරිපුත්තො සමාධිකුසලො හොති, සමාධිස්ස සමාපත්තිකුසලො, සමාධිස්ස ඨිතිකුසලො, සමාධිස්ස වුට්ඨානකුසලො, සමාධිස්ස කල්ලිතකුසලො,{1} සමාධිස්ස ගොචරකුසලො, සමාධිස්ස අභිනීහාරකුසලො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි සැරියුත්හු සමාධියෙහි කුශල වෙති. සමාධිසමාපත්ති කුශල වෙති. සමාධිස්ථිති කුශල වෙති. සමාධිව්‍යුත්‍ථාන කුශල වෙති. සමාධිකල්‍ය (දක්‍ෂභාවයෙහි) කුශල වෙත්. සමාධි ගෝචරයෙහි කුශල වෙත්. සමාධි අභිනීහාරයෙහි (එළවා ගැණීමෙහි) කුශල වෙති.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො සාරිපුත්තො චිත්තං වසෙ වත්තෙති, නො ච සාරිපුත්තො චිත්තස්ස වසෙන වත්තතී”ති.
Sinhala BJTමහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත සාරිපුත්තයෝ චිත්තය වශයෙහි පවත්වත්, සැරියුත්හු චිත්තයාගේ වශයෙන් නො පවති ත්.
Pali BJT7. 1. 4. 11.
Sinhala BJT7. 1. 4. 11.
Pali BJT[පඨම නිද්දසවත්ථු සුත්තං]
Sinhala BJT[ප්‍රථම නිද්දස වත්‍ථු සූත්‍රය]
Pali BJT42. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි.
Sinhala BJT42. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ සැවැත්හි පිඬු පිණිස පිවිසියහ.
Pali BJTඅථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤාතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට තෙලෙ සිත විය: “තව ම සැවැත්හි පිඬු පිණිස සැරිසරණට බොහෝ අලුයම් වෙයි. මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුවට එළැඹෙම් නම් මැනවැ”යි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරහු අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ එ අන්තොටු පිරිවැජියන් හා සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි වැඩ හුන්හ.
Pali BJTතෙන ඛො පන සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: යො හි කොචි ආවුසො, ද්වාදසවස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, ‘නිද්දසො භික්ඛූ’ති අලං වචනායාති.
Sinhala BJTඑ සමයෙහි රැස් ව හුන් එ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථායෙක් පාළ විය: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස් වසක් පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් හෙ ‘නිද්දස (දසවස්කථා ඉක්ම වූ) මහණ’ යි කීමට නිසි වෙ යි.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දි, න පටික්කොසි. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමි. ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමී’ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරහු එ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො ද පිළිකෙව් කළහ. නො පිළිගෙණ ප්‍රතික්‍ෂේප නො කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දනුම්හ”යි හුනස්නෙන් නැඟ වැඩියහ.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සැවැත්හි පිඬු පිණිස සැරැ පසුබත් වේලෙහි පිඬුවායෙන් පෙරළා පැමිණියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
Pali BJTඉධාහං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසිං. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛ්වාහං භන්තෙ, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. තෙන ඛො පන භන්තෙ, සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: යො හි කොචි ආවුසො, ද්වාදසවස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, ‘නිද්දසො භික්ඛූ’ති අලං වචනායා’ති. අථ ඛ්වාහං භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිං, න පටික්කොසිං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමිං ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමී’ති.
Sinhala BJTවහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු රැගෙණ සැවැත්හි පිඬු සඳහා පිවිසියෙමි. වහන්ස, එ මට තෙලෙ සිත් විය: සැවැත්හි පිඬු සඳහා වදනට තව බොහෝ අලුයම් වෙයි. මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුවට කරා යෙම් නම් මැනවැයි. වහන්ස, ඉක්බිති මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළැඹියෙමි. එළැඹ එ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වීමි. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි හිනිමි. වහන්ස, එ සමයෙහි එ රැස් ව හුන් අන්තොටු පිරිවැජියන් අතුරෙහි මෙ අතුරුකථාව උපන: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස්වසක් පිරිපුන් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය සෙරේ නම්, ‘නිද්දස මහණ’යි කියනට නිසි වේ”ය යි. වහන්ස, එක්බිති මම එ අන්තොටු පිරිවැජ්ජන්ගේ භාෂිතය නො පිළිගතිමි, නො ම ප්‍රතික්‍ෂේප කෙළෙමි. නො පිළිගෙණ නො පිළිකෙව් කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්මි”යි හුනස්නෙන් නැඟී නික්මගියෙමි.
Pali BJTසක්කා නු ඛො භන්තෙ, ඉමස්මිං ධම්මවිනයෙ කෙවලං වස්සගණනමත්තෙන නිද්දසො භික්ඛූති පඤ්ඤාපෙතුන්ති.
Sinhala BJTවහන්ස, මෙ ධර්‍මවිනයෙහි හුදු වස් ගණන් පමණෙකින් ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය හැකි දැ යි.
Pali BJTන ඛො සාරිපුත්ත, සක්කා ඉමස්මිං ධම්මවිනයෙ කෙවලං වස්සගණනමත්තෙන නිද්දසො භික්ඛූති පඤ්ඤාපෙතුං.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, හුදු වස්ගණන් පමණෙකින් මෙ ධර්‍මවිනයෙහි (පුඟුලකු) ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය නො හැක්ක.
Pali BJTසත්ත ඛො ඉමානි සාරිපුත්ත, නිද්දසවත්ථූනි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි සත්ත:
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මෙ නිද්දසවතථු සත්දෙනෙක් මා විසින් තමා ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දන්නා ලදහ. කවර සතෙක යත්:
Pali BJTඉධ සාරිපුත්ත, භික්ඛු සික්ඛාසමාදානෙ තිබ්බච්ඡන්දො හොති ආයතිඤ්ච සික්ඛාසමාදානෙ අවිගතපෙමො. ධම්මනිසන්තියා{1} තිබ්බච්ඡන්දො හොති ආයතිඤ්ච ධම්මනිසන්තියා අවිගතපෙමො. ඉච්ඡාවිනයෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච ඉච්ඡාවිනයෙ අවිගතපෙමො. පටිසල්ලානෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච පටිසල්ලානෙ අවිගතපෙමො. විරියාරම්භෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච විරියාරම්භෙ අවිගතපෙමො. සතිනෙපක්කෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච සතිනෙපක්කෙ අවිගතපෙමො. දිට්ඨිපටිවෙධෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච දිට්ඨිපටිවෙධෙ අවිගතපෙමො.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මේ සස්නෙහි මහණ ශික්‍ෂාසමාදානයෙහි තීව්‍රඡන්‍ද ඇතියේ වෙයි, මත්තෙහි දු ශික්‍ෂාසමාදානයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ධර්‍මොපධාරණයෙහි (විදර්‍ශනාවෙහි) දෘඪඡන්‍දය ඇතියේ වෙයි, මතුයෙහි දු ධර්‍මොපධාරණයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ඉච්ඡා විනයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මත්තෙහි දු ඉච්ඡා විනයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. පිළිසලනෙහි දළසඳ ඇතියේ මතුයෙහි දු පිළිසලනෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. වීර්‍ය්‍යාරම්භයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු වීර්‍ය්‍යාරම්භයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ස්මෘති-නිපකභාවයෙහි (ප්‍රඥායෙහි) තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු ස්මෘති-නිපකභාවයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. දෘෂ්ටි (මාර්‍ග) ප්‍රතිවේධයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි.
Pali BJTඉමානි ඛො සාරිපුත්ත, සත්ත නිද්දසවත්ථූනි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මෙ සත් නිද්දසවත්‍ථුහු මා විසින් තමා ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රවිදිතයහ.
Pali BJTඉමෙහි ඛො සාරිපුත්ත, සත්තහි නිද්දසවත්ථූහි, සමන්නාගතො භික්ඛූ ද්වාදස චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනාය. චතුවීසතිං චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනාය. ඡත්තිංසති චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනාය. අට්ඨචත්තාරීසඤ්චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මෙ නිද්දසවත්‍ථුහු සතින් සමන්‍වාගත මහණ දොළොස් වසකුදු පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය රක්නේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වෙයි. සූවිසිවසක් නමුදු පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වේ. සතිස්වසකුදු පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වෙයි. අට සාළිස්වසකුදු පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වේ යයි.
Pali BJT7. 1. 4. 12.
Sinhala BJT7. 1. 4. 12.
Pali BJT[දුතිය නිද්දසවත්ථු සුත්තං]
Sinhala BJT[දෙවැනි නිද්දසවත්‍ථු සූත්‍රය]
Pali BJT43. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කොසම්බියං පිණ්ඩාය පාවිසි. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: අතිප්පගො ඛො තාව කොසම්බියං පිණ්ඩාය චරිතුං, යන්නූනා’හං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති.
Sinhala BJT43. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කෝසම්බියෙහි පිඬු සඳහා පිවිසියහ. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට තෙලෙ සිත් විය: “තව ම කොසඹෑහි පිණ්ඩපාතය සඳහා වදනට අලුයම බොහෝ වෙයි. මම කෝසම්බියෙහි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා යෙම් නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ.
Pali BJTතෙන ඛො පන සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: යො හි කොචි ආවුසො, ද්වාදසවස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, ‘නිද්දසො භික්ඛූ’ති අලං වචනායාති.
Sinhala BJTඑ සමයෙහි රැස් ව හුන් ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම් ම කිසිවෙක් දොළොස්වසක් පරිපූර්‍ණ කොට පිරිසිදු බ්‍රම්සර සෙරේ නම්, ‘හෙ නිද්දස මහණ’යි කීමට නිසි වේ ය”යි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දි, න පටික්කොසි. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමි ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමි’ති.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට ‘භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දනුම්හ’යි හුනස්නෙන් නැඟ නික්මගියහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො කොසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකතත්පස්හි හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
Pali BJTඉධාහං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කොසම්බියං පිණ්ඩාය පාවිසිං. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: අතිප්පගො ඛො තාව කොසම්බියං පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති.
Sinhala BJTවහන්ස, මම පෙරවරු වේලෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙණ මේ කොසඹෑහි පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස ඒ මට තෙල සිත් විය: කොසඹෑහි පිඬු සඳහා සරනට තව බොහෝ අලුයම වෙයි. මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹෙම් නම් මැනැවැ’යි.
Pali BJTඅථ ඛ්වාහං භන්තෙ, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථංසාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං.
Sinhala BJTවහන්ස, ඉක්බිති මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ ආරාමය කරා එළැඹියෙමි. එළැඹ එ අන්තොටු පිරිවැජියන් හා සමඟ සතුටු වීමි. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්හි හිනිමි.
Pali BJTතෙන ඛො පන භන්තෙ, සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි:
Sinhala BJTවහන්ස, එ සමයෙහි රැස් ව හුන් ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථාව පාළ විය:
Pali BJTයො හි කොචි ආවුසො, ද්වාදසවස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTඇවැත්නි, යම් ම කිසිවෙක් දොළොස්වසක් පිරිපුන් පිරිසුදු බඹසර වෙසේ නම්, ‘නිද්දස මහණෙකැ’යි කියනට නිස්සේ යයි.
Pali BJTඅථ ඛ්වාහං භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිං, න පටික්කොසිං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිං ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමී’ති.
Sinhala BJTවහන්ස, ඉක්බිති මම එ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො පිළිගත්මි, නො බැහැර කෙළෙමි. නො පිළිගෙණ නො බැහැර කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැනගණිමැ”යි හුනස්නෙන් නැඟ නික්ම ගියෙමියි.
Pali BJTසක්කා නු ඛො භන්තෙ, ඉමස්මිං ධම්මවිනයෙ කෙවලං වස්සගණනමත්තෙන නිද්දසො භික්ඛූති{1} පඤ්ඤාපෙතුන්ති.
Sinhala BJTවහන්ස, මෙ ධර්‍මවිනයෙහි හුදෙක් වර්‍ෂගණනාමාත්‍රයෙන් ‘නිද්දස මහණෙකැ’යි පැණවිය හැකි දැ? යි.
Pali BJTන ඛො ආනන්ද සක්කා ඉමස්මිං ධම්මවිනයෙ කෙවලං වස්සගණනමත්තෙන නිද්දසො භික්ඛූති{1} පඤ්ඤාපෙතුන්ති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ ධර්‍මවිනයෙහි හුදෙක් වස්ගිණුම් මතුයෙකින් ‘නිද්දස මහණෙකැ’යි පැණැවිය නො හැකැයි.
Pali BJTසත්ත ඛො ඉමානි ආනන්ද නිද්දසවත්ථූනි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කකමානි සත්ත:
Sinhala BJTආනන්‍දයෙනි, මා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පවසන ලද මෙ නිද්දසවත්‍ථු සතෙක. කවර සතෙක යත්:
Pali BJTඉධානන්ද, භික්ඛු සද්ධො හොති. හිරිමා හොති. ඔත්තප්පී හොති. බහුස්සුතො හොති. ආරද්ධවිරියො හොති. සතිමා හොති. පඤ්ඤවා හොති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැතියේ වෙයි. හිරි ඇතියේ වෙයි. ඔතප් ඇතියේ වෙයි. බොහෝ ඇසූපිරූ තැන් ඇතියේ වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. ස්මෘති ඇතියේ වෙයි. විවසුන් පැණ ඇතියේ වෙයි.
Pali BJTඉමානි ඛො ආනන්ද සත්ත නිද්දසවත්ථූනි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි.
Sinhala BJTආනන්‍දයෙනි, මේ නිද්දසවත්‍ථූහු සත්දෙන මා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පවසන ලදහ.
Pali BJTඉමෙහි ඛො ආනන්ද සත්තහි නිද්දසවත්ථූහි සමන්නාගතො භික්ඛු ද්වාදස චෙපි වස්සානි පරිපුණ්ණං පිරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනායාති. චතුවීසතිඤ්චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනාය. ඡත්තිංසති චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනාය. අට්ඨචත්තාරීසඤ්චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTආනන්‍දයෙනි, මේ නිද්දසවත්‍ථුහු සතින් සමන්‍වාගත මහණ දොළොස්වසක් වේවයි පිරිපුන් පිරිසුදු මඟබඹසර වෙසේ නම්, ‘නිද්දස මහණ’යි කීමට නිසියේ වෙයි. සූවිසිවසක් වේවයි පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වෙයි. සතිස්වසක් වේවයි පිරිපුන් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වෙයි. අටසාළිස්වසක් වේවයි පිරිපුන් පිරිසිදු මඟබඹසර රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වේ යයි.
Pali BJTදෙවතාවග්ගො චතුත්ථො.
Sinhala BJTදේවතා වර්‍ගය සතරවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅප්පමාදො හිරි චෙව ද්වෙ ද්වෙ සුවචා මිත්තා, ද්වෙ පටිසම්භිදා ද්වෙ වසා ද්වෙ නිද්දසවත්ථුනාති.{2}
Sinhala BJTඅප්පමාද සූත්‍රය, හිරි සූත්‍රය, සෝවචස්සතා සූත්‍ර දෙක ය, මිත්ත සූත්‍ර දෙක ය, පටිසම්භිදා සූත්‍ර දෙක ය, චිත්තවස සූත්‍ර දෙක ය, නිද්දස සූත්‍ර දෙක යයි සූත්‍ර දොළොසෙකි.
Pali BJT5. මහායඤ්ඤා වග්ගො
Sinhala BJT5. මහායඤ්ඤ වර්‍ගය