Pali BJT(3) යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අප්පඤ්ඤත්තං න පඤ්ඤාපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථා පඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(3) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අප්‍රඥප්තයක් නො පනවත් ද, ප්‍රඥප්තය නො සිඳපියන්නාහු ද, යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් කොට ගෙණ වැටෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJT(4) යාවකීවඤ්ච භික්ඛවෙ භික්ඛූ යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤුචිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා{2}, තෙ සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(4) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු පැවිදියෙන් බොහෝ කල් ඇති සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ චිරරාත්‍රඥ වූ යම් බඳු ස්ථවිර භික්‍ෂූහු වෙත් ද, ඔවුනට සත්කාර කරත් ද, ගරු කරත් ද, බුහුමන් කරත් ද, පුදත් ද, ඔවුන්ගේ කථා ඇසියයුතු කොට හඟිත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJT(5) යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ උප්පන්නාය තණ්හාය පොනොභවිකාය න වසං ගච්ඡිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJT(5) මහණෙනි, යම් තාක් භික්‍ෂූහු පුනර්‍භවය සඳහා වැටෙන උපන් තෘෂ්ණාවගේ වශයට නොයෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
Pali BJT(6) යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤෙසු{1} සෙනාසනෙසු සාපෙක්ඛා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(6) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අරන් සෙනසුන්හි අපේක්‍ෂා සහිත වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
Pali BJT(7) යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ පච්චත්තංයෙව සතිං උපට්ඨපෙස්සන්ති: කින්ති අනාගතා ච පෙසලා සබ්රහ්මචාරී ආගච්ඡෙය්යුං, ආගතා ච පෙසලා සබ්රහ්මචාරී ඵාසුං විහරෙය්යුන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(7) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු ‘කිම, නො පැමිණි ප්‍රියශීල සබ්‍රම්සරහු පැමිණෙන්නාහු ද, පැමිණි ප්‍රියශීල සබ්‍රම්සරහු පහසුයෙන් වසන්නාහු දැ යි’ තමා කෙරෙහි ම සිහි එළවන්නාහු නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ ඉමෙ සත්ත අපරිහානීයා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානීයෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානීති.
Sinhala BJTමහණෙනි, යම්තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටිත් නම්, මෙ සප්ත අපරිහානිය ධර්‍මයන්හි භික්‍ෂූහු පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති යුතු යයි.
Pali BJT7. 1. 3. 4.
Sinhala BJT7. 1. 3. 4.
Pali BJT[දුතියභික්ඛු අපරිහානීය සුත්තං]
Sinhala BJT[දෙවැනි භික්ඛු අපරහානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT24. සත්ත වො භික්ඛවෙ, අපරිහානීයෙ ධම්මෙ දෙසිස්සාමි. තං සුණාථ -පෙ- කතමෙ ච භික්ඛවෙ, සත්ත අපරිහානීයා ධම්මා:
Sinhala BJT24. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍ම දෙසමි. එය අසවු ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න කම්මාරාමා භවිස්සන්ති, න කම්මාරාමතං අනුයුත්තා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම්තාක් භික්‍ෂූහු කර්‍මාරාම නො වෙත් ද, කර්‍මාරාමතායෙහි අනුයුක්ත නො වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති වියයුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න භස්සාරාමා භවිස්සන්ති -පෙ- න නිද්දාරාමා භවිස්සන්ති -පෙ- න සඞ්ගණිකාරාමා භවිස්සන්ති -පෙ- න පාපිච්ඡා භවිස්සන්ති න පාපිකානං ඉච්ඡානං වසං ගතා -පෙ- න පාපමිත්තා භවිස්සන්ති න පාපසහායා න පාපසම්පවඞ්කා -පෙ- න ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරාවොසානං ආපජ්ජිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් තාක් භික්‍ෂූහු භාෂ්‍යාරාම නො වෙත් ද, භාෂ්‍යාරාමතායෙහි අනුයුක්ත නො වෙත් ද ... නිද්‍රාරාම නො වෙත් ද ... සඞ්ගණිකාරම නො වෙත් ද ... පාපේච්ඡ නො වෙත් ද, ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො යෙත් ද ... පාපමිත්‍ර නො වෙත් ද, පාපසහාය පාපසම්ප්‍රවඞ්ක නො වෙත් ද ... ස්වල්පමාත්‍ර විශේෂාධිගමයෙන් අතුරෙහි පරිනිෂ්ඨිත භාවයට නො පැමිණෙත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති වියයුතු යි.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානීයා ධම්මා භික්ඛූසු ඨස්සන්තී, ඉමෙසු ච සත්තසු අපරිහානීයෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානීති.
Sinhala BJTමහණෙනි, යම්තාක් මෙ සප්තඅපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටිත් නම්, මෙ සප්ත අපරිහානිය ධර්‍මයන්හි භික්‍ෂූහු පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූහු වෘද්ධියම විනා පරිහානියෙක් නො කැමැති විය යුතුයයි.
Pali BJT7. 1. 3. 5.
Sinhala BJT7. 1. 3. 5.
Pali BJT[තතියභික්ඛු අපරිහානීය සුත්තං]
Sinhala BJT[තෙවැනි භික්ඛූ අපරහානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. සත්ත වො භික්ඛවෙ, අපරිහානීයෙ ධම්මෙ දෙසිස්සාමි, තං සුණාථ -පෙ- කතමෙ ච භික්ඛවෙ, සත්ත අපරිහානීයා ධම්මා.
Sinhala BJT25. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ සද්ධා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් තාක් භික්‍ෂූහු ශ්‍රද්ධා ඇතියාහු වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ හිරිමා{1} භවිස්සන්ති -පෙ- ඔත්තාපිනො භවිස්සන්ති -පෙ- බහුස්සුතා භවිස්සන්ති -පෙ- ආරද්ධවිරියා භවිස්සන්ති -පෙ- සතිමා{2} භවිස්සන්ති -පෙ- පඤ්ඤාවන්තො භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් තාක් භික්‍ෂූහු හිරි ඇතියාහු වෙත් ද ... ඔතප් ඇතියාහු වෙත් ද, බහුශ්‍රුත වෙත් ද ... රුකුළුවැර ඇති වෙත් ද ... ස්මෘතිමත් වෙත් ද ... ප්‍රඥාවත් වෙත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානීයා ධම්මා භික්ඛූසු ඨස්සන්ති. ඉමෙසු ච සත්තසු අපරිහානීයෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානීති.
Sinhala BJTමහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටුනාහු ද, භික්‍ෂූහු දු මෙ සප්තාපරිහානීය ධර්‍මයන්හි පැණෙත් ද, මහණෙනි, භික්‍ෂූන්හට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යි.
Pali BJT7. 1. 3. 6.
Sinhala BJT7. 1. 3. 6.
Pali BJT[චතුත්ථභික්ඛු අපරිහානීය සුත්තං]
Sinhala BJT[සිවුවැනි භික්ඛු අපරහානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT26. සත්ත වො භික්ඛවෙ, අපරිහානීයෙ ධම්මෙ දෙසිස්සාමි. තං සුණාථ -පෙ- කතමෙ ච භික්ඛවෙ, සත්ත අපරිහානීයා ධම්මා:
Sinhala BJT26. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි. ඒ අසවු ... මහණෙනි, සප්ත අපරිහානිය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් තාක් භික්‍ෂූහු සතිසම්බොජ්ඣඞ්ගය වඩත් ද, මහණෙනි, භික්‍ෂුන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමති විය යුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති -පෙ- සමාධි සම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් තාක් භික්‍ෂූහු ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... විරිය සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩත් ද ... පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩත් ද ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමති වියයුතු යයි.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානීයා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානීයෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානීති.
Sinhala BJTමහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පවත්නාහු නම්, භික්‍ෂුහු ද මෙ සප්ත අපරිහානීය ධර්‍මයන් කෙරෙහි පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යයි.
Pali BJT7. 1. 3. 7.
Sinhala BJT7. 1. 3. 7.
Pali BJT[පඤ්චම භික්ඛු අපරිහානීය සුත්තං]
Sinhala BJT[පස්වැනි භික්ඛූ අපරහානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. සත්ත වො භික්ඛවෙ, අපරිහානීයෙ ධම්මෙ දෙසිස්සාමි. තං සුණාථ -පෙ- කතමෙ ච භික්ඛවෙ, සත්ත අපරිහානීයා ධම්මා:
Sinhala BJT27. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි, ඒ අසව ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අනිච්චසඤ්ඤං භාවෙස්සන්තී, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානීති.
Sinhala BJTමහණෙනි, යම් තාක් භික්‍ෂූහු අනිත්‍ය සංඥාව වඩත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අනත්තසඤ්ඤං භාවෙස්සන්ති, -පෙ- අසුභසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- ආදීනවසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- පහානසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- විරාගසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- නිරොධසඤ්ඤං භාවෙස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් තාක් භික්‍ෂූහු අනාත්මසංඥාව වඩත් නම් ... අශුභසංඥාව වඩත් නම් ... ආදීනව සංඥාව වඩත් නම් ... ප්‍රහාණසංඥා වඩත් නම් ... විරාග සංඥා වඩත් නම් ... නිරෝධසංඥා වඩත් නම් ... මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති වියයුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානීයා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානීයෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානීති.
Sinhala BJTමහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි වැටෙත් ද, භික්‍ෂූහු ද මෙ සප්ත අපරිහානීය ධර්‍මයන්හි පැණෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යි.
Pali BJT7. 1. 3. 8.
Sinhala BJT7. 1. 3. 8.
Pali BJT[සෙඛ අපරිහානීය සුත්තං]
Sinhala BJT[සේඛ අපරහානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT28. සත්තිමෙ භික්ඛවෙ, ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත:
Sinhala BJT28. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පරිහානිය සඳහා මෙ සප්තධර්‍ම කෙනෙක් වැටෙත්. කවර සතෙක යත්:
Pali BJTකම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා, භොජනෙ අමත්තඤ්ඤුතා, - සන්ති ඛො පන සඞ්ඝෙ සඞ්ඝකරණීයානි, තත්ර සෙඛො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති. “සන්ති ඛො පන සඞ්ඝෙ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා භාරවාහිනො තෙ තෙන පඤ්ඤායිස්සන්තී”ති අත්තනා වොයොගං{1} ආපජ්ජති.
Sinhala BJTකම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතාය, භොනයෙහි අමාත්‍රඥතාය, - සඞ්ඝයා කෙරෙහි සඞ්ඝකරණීයයෝ විද්‍යාමාන වෙත් ද, එහි ලා ශෛක්‍ෂ භික්‍ෂු මෙසේ සලකයි: “සඞ්ඝයා කෙරෙහි චිරරාත්‍රඥ වූ චිරප්‍රව්‍රජිත වූ සඞ්ඝකෘත්‍ය භාරවහනය කරණ තෙර මහණහු ඇත් මැ යි. ඔහු එයින් පැණෙති”යි (මෙසේ සිතා) තෙමේ (එ කිසෙහි) වියෝගයට පැමිණෙයි. නො යෙදෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සප්ත ධර්‍මයෝ ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පරිහානියට වැටෙතියි.
Pali BJTසත්තිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත:
Sinhala BJTමහණෙනි, මෙ සප්තධර්‍ම කෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර සතෙක යත්:
Pali BJTන කම්මාරාමතා, න නිද්දාරාමතා, න භස්සාරාමතා, න සඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, - සන්ති ඛො පන සඞ්ඝෙ සඞ්ඝකරණීයානි, තත්ර සෙඛො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: “සන්ති ඛො පන සඞ්ඝෙ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා භාරවාහිනො තෙ තෙන පඤ්ඤායිස්සන්තී”ති අත්තනා න වොයොගං ආපජ්ජති.
Sinhala BJTකර්‍මයන්හි නො ඇලෙන බව, භාෂ්‍යයෙහි නො ඇලෙන බව, නිද්‍රායෙහි නො ඇලෙනබව, ගණයෙහි නො ඇලෙන බව, ඉඳුරන්හි ගුප්තද්‍වාරතාව, භෝජනයෙහි මාත්‍රඥතාව, සඟුන් අතුරෙහි සඞ්ඝකරණීයයෝ ඇද් ද, එහි ලා ශෛක්‍ෂ මහණ මෙසේ සිතයි. “සඞ්ඝයා අතුරෙහි චිරප්‍රව්‍රජිත වූ චිරරාත්‍රඥ වූ සඞ්ඝකෘත්‍ය භාරවාහී වූ ස්ථිවිර භික්‍ෂුහු ඇත් මැ යි, උහු එ කිසෙන් පළට වන්නාහ”යි (මෙසේ සිතා) තෙමේ (එහි) වියෝගයට නො පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂූහුගේ අපරිහානිය සඳහා මෙ සප්ත ධර්‍මයෝ වැටෙති යි.
Pali BJT7. 1. 3. 9.
Sinhala BJT7. 1. 3. 9.
Pali BJT[උපාසක අපරිහානීය සුත්තං]
Sinhala BJT[උපාසකපරිහානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT29. සත්තිමෙ භික්ඛවෙ, ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත:
Sinhala BJT29. මහණෙනි, මෙ සප්ත ධර්‍ම කෙනෙක් උපාසකයාගේ පරිහානියට වැටෙති. කවර සතෙක යත්:
Pali BJTභික්ඛු දස්සනං හාපෙති, සද්ධම්මසවණං පමජ්ජති, අධිසීලෙ න සික්ඛති, අප්පසාදබහුලො හොති භික්ඛූසු ථෙරෙසු චෙව නවෙසු ච මජ්ඣිමෙසු ච, උපාරම්භචිත්තො ධම්මං සුණාති රන්ධගවෙසී, ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති, තත්ථ ච පුබ්බකාරං කරොති.
Sinhala BJTසඟුන්ගේ දර්‍ශනය පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණය පමා කෙරෙයි. අධිශීලයෙහි නො හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක යන භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වෙයි. දොස් දක්නා සිතින් සිදුරු සොයන සුලුයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැරි සස්නෙහි දු දක්‍ෂිණාර්‍හයන් සොයයි. එහි දු පූර්‍වාකාර කෙරෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, මේ සත් කරුණුහු උපාසකයාගේ පරිහානියට වැටෙති.
Pali BJTසත්තිමෙ භික්ඛවෙ, ධම්මා උපාසකස්ස අපරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත:
Sinhala BJTමහණෙනි, මෙ සප්ත ධර්‍ම කෙනෙක් උපාසකයාගේ අපරිහානියට වැටෙති. කවර සතෙක යත්:
Pali BJTභික්ඛුදස්සනං න හාපෙති. සද්ධම්මසවණං නප්පමජ්ජති. අධිසීලෙ සික්ඛති. පසාදබහුලො හොති භික්ඛූසු ථෙරෙසු චෙව නවෙසු ච මජ්ඣිමෙසු ච. අනුපාරම්භචිත්තො ධම්මං සුණාති න රන්ධගවෙසී. න ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති. ඉධ ච පුබ්බකාරං කරොති.
Sinhala BJTභික්‍ෂූන්ගේ දර්‍ශනය නො පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණය පමා නො කෙරෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක යන භික්‍ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල වෙයි. දොස් නො දක්නා සිත් ඇතියේ රන්ධ්‍රගවේෂී නො වූයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයන් නො සොයයි. එහි දු පූර්‍වාකාර නො කෙරෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත ධම්මා උපාසකස්ස අපරිහානාය සංවත්තන්තීති.{1}
Sinhala BJTමහණෙනි, මෙ සප්ත ධර්‍මයෝ උවසුහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
Pali BJT14. දස්සනං භාවිතත්තානං යො හාපෙති උපාසකො, සවණං ච අරියධම්මානං අධිසීලෙ න සික්ඛති.
Sinhala BJT14. යම් උපාසකයෙක් භාවිතාත්ම භික්‍ෂූන්ගේ දර්‍ශනය හා ආර්‍ය්‍යධර්‍මයන්ගේ ශ්‍රවණය පිරිහෙළා ද, අධිශීලයෙහි නො හික්මේ ද,
Pali BJT15. අප්පසාදො ච භික්ඛූසු භිය්යො භිය්යො පවඩ්ඪති, උපාරම්භචිත්තො ච සද්ධම්මං සොතු මිච්ඡති.
Sinhala BJT15. සඟුන් කෙරෙහි අප්‍රසාදය වැඩි වැඩියෙන් වඩා ද, දොස් සොයන සිතැති ව සදහම් ඇසීමට කැමැති වේ ද,
Pali BJT16. ඉතො ච බහිද්ධා අඤ්ඤං දක්ඛිණෙය්යං ගවෙසති, තත්ථෙව ච පුබ්බකාරං යො කරොති උපාසකො,
Sinhala BJT16. මෙ සස්නෙන් බැහැරෙහි දු අන්‍යදක්‍ෂිණාර්‍හයකු සොයා ද, යම් උවසුයෙක් එ බැහැරි සස්නෙහි ම පූර්‍වාකාර (ආගමික ක්‍රියා) කෙරේ ද,
Pali BJT17. එතෙ ඛො පරිහානීයෙ සත්ත ධම්මෙ සුදෙසිතෙ, උපාසකො සෙවමානො සද්ධම්මා පරිහායති.
Sinhala BJT17. මනාකොට දෙසනලද මෙ සප්ත පරිහානීය ධර්‍මයන් සේවනය කරණ උවසු තෙමේ සද්ධර්‍මයෙන් පිරිහෙයි.
Pali BJT18. දස්සනං භාවිතත්තානං යො න හාපෙති උපාසකො, සවණං ච අරියධම්මානං අධිසීලෙ ච සික්ඛති.
Sinhala BJT18. යම් උපාසකයෙක් භාවිතාත්ම භික්‍ෂූන්ගේ දර්‍ශනය නො පිරිහෙළා ද, ආර්‍ය්‍ය ධර්‍මයන්ගේ ශ්‍රවණය නො පිරිහෙළා ද, අධිශීලයෙහි හික්මේ ද,
Pali BJT19. පසාදො චස්ස භික්ඛූසු භිය්යො භිය්යො පවඩ්ඪති, අනුපාරම්භචිත්තො ච සද්ධම්මං සොතුමිච්ඡති.
Sinhala BJT19. භික්‍ෂූන් කෙරෙහි ඔහුගේ ප්‍රසාදය වැඩි වැඩියෙන් වඩා ද, උපාරම්භසිත් නැති ව සදහම් අසන්නට කැමැති වේ ද,
Pali BJT20. නයිතො බහිද්ධා අඤ්ඤං දක්ඛිණෙය්යං ගවෙසති, ඉධෙව ච පුබ්බකාරං යො කරොති උපාසකො.
Sinhala BJT20. මෙ සස්නෙන් බැහැර අන්‍ය දක්‍ෂිණාර්‍හයන් නො සොයන්නේ ද, යම් උවසුයෙක් මේ සස්නෙහි ම පූර්‍වාකාර කෙරේ ද,
Pali BJT21. එතෙ ඛො අපරිහානීයෙ සත්ත ධම්මෙ සුදෙසිතෙ, උපාසකො සෙවමානො සද්ධම්මා න පරිහායති.
Sinhala BJT21. මොනොවට දෙසනලද මේ සප්ත අපරිහානීය ධර්‍මයන් සෙවුනා උපාසක සද්ධර්‍මයෙන් නො පිරිහේ.
Pali BJT7. 1. 3. 10.
Sinhala BJT7. 1. 3. 10.
Pali BJT[උපාසක විපත්ති සුත්තං]
Sinhala BJT[උපාසක විපත්ති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT30. සත්තිමා භික්ඛවෙ, උපාසකස්ස විපත්තියො -පෙ- සත්තිමා භික්ඛවෙ, උපාසකස්ස සම්පත්තියො -පෙ-
Sinhala BJT30. මහණෙනි, උපාසකහට මේ විපත් සතෙකි ... මහණෙනි, උපාසකහට මේ සම්පත් සතෙකි ...
Pali BJT7. 1. 3. 11.
Sinhala BJT7. 1. 3. 11.
Pali BJT[උපාසක පරාභව සුත්තං]
Sinhala BJT[උපාසක පරාභව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. සත්තිමෙ භික්ඛවෙ, උපාසකස්ස පරාභවා -පෙ-
Sinhala BJT31. මහණෙනි, උපාසකහට මෙ පරාභව සතෙකි ...
Pali BJTසත්තිමෙ භික්ඛවෙ, උපාසකස්ස සම්භවා{1}. කතමෙ සත්ත:
Sinhala BJTමහණෙනි, උපාසකහට මේ සම්භව සතකි. කවර සතෙක යත්:
Pali BJTභික්ඛුදස්සනං න හාපෙති. සද්ධම්මසවණං නප්පමජ්ජති. අධිසීලෙ සික්ඛති. පසාදබහුලො හොති භික්ඛූසු ථෙරෙසු ච නවෙසු ච මජ්ඣිමෙසු ච. අනුපාරම්භචිත්තො ධම්මං සුණාති න රන්ධගවෙසී. න ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති. ඉධ ච පුබ්බකාරං කරොති.
Sinhala BJTභික්‍ෂුදර්‍ශනය නො පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණයට පමා නො වෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක භික්‍ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල වෙයි. උපාරම්භ සිත් නැති ව රන්‍ධ්‍රවෙෂි නො ව ධර්‍මය අසයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයන් නො සොයයි. මෙහි ම පූර්‍වාකාර කෙරෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත උපාසකස්ස සම්භවාති.
Sinhala BJTමහණෙනි, උවසුහුගේ මේ සම්භව සත යි.
Pali BJT22. දස්සනං භාවිතත්තානං යො හාපෙති උපාසකො, සවණඤ්ච අරියධම්මානං අධිසීලෙ න සික්ඛති.
Sinhala BJT22. යම් උවසුවෙක් භාවිත සිත් ඇති මහණුන්ගේ දර්‍ශනය හා ආර්‍ය්‍යධර්‍මයන්ගේ ශ්‍රවණය පිරිහෙළා ද, අධිශීලයෙහි නො හික්මේ ද,
Pali BJT-පෙ- [උපාසකො සෙවමානො] සද්ධම්මා පරිහායතී”ති [-පෙ-]
Sinhala BJTපරිහානීයධර්‍ම සේවන කරණ උපාසක තෙමේ සද්ධර්‍මයෙන් පිරිහේ ය යි ...
Pali BJT[29. එතෙ ඛො අපරිහානීයෙ සත්තධම්මෙ සුදෙසිතෙ, උපාසකො සෙවමානො සද්ධම්මා න පරිහායතී’ති.]
Sinhala BJT[29. මේ ස්වාඛ්‍යාත වූ සත් අපරිහානීය ධර්‍ම සේවනය කරණ උපාසක තෙම සද්ධර්‍මයෙන් නො පිරිහේ යයි.]
Pali BJTවජ්ජිසත්තකවග්ගො තතියො{*}
Sinhala BJTවජ්ජිසත්තක වර්‍ගය තුන්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසාරන්දදො වස්සකාරො අපරිහානීය පඤ්චකං{2} සෙඛො ච පරිහානි ච විපත්ති ච පරාභවො චාති.
Sinhala BJTසාරන්‍දද සූත්‍රය, වස්සකාර සූත්‍ර ය, භික්‍ෂු අපරිහානීය සූත්‍ර පස ය, සේඛ පරිහානි සූත්‍රය, උපාසක පරිහානි සූත්‍රය, විපත්ති සූත්‍රය, පරාභව සූත්‍රය දැයි එකොළොසෙකි.
Pali BJT4 දෙවතා වග්ගො.
Sinhala BJT4. දේවතා වර්‍ගය
Pali BJT7. 1. 4. 1.
Sinhala BJT7. 1. 4. 1.
Pali BJT[අප්පමාදගාරව සුත්තං]
Sinhala BJT[අප්පමාදගාරව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT32. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච:
Sinhala BJT32. එකල එක්තරා දෙවියෙක් රෑ පළමු යම ඉක්මගිය කල්හි මනා වර්‍ණයෙන් යුක්තව මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා ය:
Pali BJTසත්තිමෙ භන්තෙ, ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත:
Sinhala BJTවහන්ස, මෙ ධර්‍මයෝ සත් දෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්. කවර සතෙක යත්:
Pali BJTසත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, අප්පමාදගාරවතා, පටිසන්ථාරගාරවතා. ඉමෙ ඛො භන්තෙ, සත්ත ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තී’ති.
Sinhala BJTශාස්තෘහු කෙරෙහි ගෞරව ඇති බව, දහම්හි ගෞරව ඇති බව, සඟුන් කෙරෙහි ගෞරව ඇති බව, ශික්‍ෂාහි ගෞරව ඇති බව, සමාධියෙහි ගෞරව ඇති බව, අප්‍රමාදයෙහි ගෞරව ඇති බව, පටිසන්‍ථාරයෙහි ගෞරව ඇති බව ය. වහන්ස, මෙ සත් දහම්හු මහණහුගේ නො පිරිහීම පිණිස පවත්නාහ යී.
Pali BJTඉදමවොච සා දෙවතා, සමනුඤ්ඤො අහොසි සත්ථා.
Sinhala BJTඒ දේවතාවා මෙය කිවු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ අනුදත් සේක.
Pali BJTඅථ ඛො සා දෙවතා සමනුඤ්ඤො මෙ සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඑක්බිති ඒ දේවි, මබස ශාස්තෘහු අනුදත්හයි බුදුන් වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ ය.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ, රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ සා දෙවතා මං එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ඇවෑමෙන් මහණුන් ඇමැතූ සේක: මහණෙනි, මෙ රාත්‍රියෙහි අභිකාන්තරාත්‍රියෙහි මනා සිරුරුපැහැයෙන් යුතු අන්‍යතර දෙවියෙක් හැම ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක්හි සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:
Pali BJTසත්තිමෙ භන්තෙ, ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත:
Sinhala BJTවහන්ස, මෙ සත් කරුණුහු භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්. කවර සතෙක යත්:
Pali BJTසත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, අප්පමාදගාරවතා, පටිසන්ථාරගාරවතා. ඉමෙ ඛො භන්තෙ, සත්ත ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තී’ති.
Sinhala BJTසත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සමාධිගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සත්දහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙන්නාහ යි.
Pali BJTඉදමවොච භික්ඛවෙ සා දෙවතා. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි’ති.
Sinhala BJTමහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
Pali BJT30. සත්ථුගරු ධම්මගරු සඞ්ඝෙ ච තිබ්බගාරවො, සමාධිගරු ආතාපි සික්ඛාය තිබ්බගාරවො.
Sinhala BJT30. ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇතියේ ධර්‍මය කෙරෙහි ගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දු තීව්‍රගෞරව ඇතියේ සමාධියෙහි ගෞරව ඇතියේ කෙලෙස් තවන වැර ඇතියේ ශික්‍ෂායෙහි තීව්‍රගෞරව ඇතියේ,
Pali BJT31. අප්පමාදගරූ භික්ඛු පටිසන්ථාරගාරවො, අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙ’ති.
Sinhala BJT31. අප්‍රමාදයෙහි ගෞරව ඇතියේ පිළිසඳරෙහි ගෞරව ඇතියේ පරිහානියට අභව්‍ය වෙයි. එබඳු මහණ නිවන් හමුයෙහි ම වේ ය යි.
Pali BJT7. 1. 4. 2.
Sinhala BJT7. 1. 4. 2.
Pali BJT[හිරිගාරව සුත්තං]
Sinhala BJT[හිරිගාරව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT33. ඉමං භික්ඛවෙ, රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, සා දෙවතා මං එතදවොච:
Sinhala BJT33. මහණෙනි, මේ රාත්‍රියෙහි රැය බෙහෙවින් ඉක්මයත් ම මනා සිරුරු පැහැ ඇති අන්‍යතර දෙවියෙක් මුළු ජේතවනය බබුළුවා මා කරා එළඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක් සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:
Pali BJTසත්තිමෙ භන්තෙ, ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තී. කතමෙ සත්ත:
Sinhala BJTවහන්ස, මෙ සත් කරුණුහු මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර සතෙක යත්:
Pali BJTසත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, හිරිගාරවතා, ඔත්තප්පගාරවතා. ඉමෙ ඛො භන්තෙ, සත්ත ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තී’ති.
Sinhala BJTශාස්තෘගෞරව ඇති බව, ධර්‍මගෞරව ඇති බව, සඞ්ඝගෞරව ඇති බව, ශික්‍ෂාගෞරව ඇති බව, සමාධිගෞරව ඇති බව, හ්‍රීගෞරව ඇති බව, ඔතප්හි ගෞරව ඇති බව යි. වහන්ස, මෙ සත් කරුණුහු භික්‍ෂුහුගේ නො පිරිහීමට වැටෙති යි.
Pali BJTඉදමවොච භික්ඛවෙ, සා දෙවතා. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායී’ති.
Sinhala BJTමහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදැකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
Pali BJT32. සත්ථුගරු ධම්මගරු සඞ්ඝෙ ච තිබ්බගාරවො, සමාධිගරු ආතාපී සික්ඛාය තිබ්බගාරවො.
Sinhala BJT32. මහණ ශාස්තෘගෞරව ඇතියේ ධර්‍මගෞරව ඇතියේ සඞ්ඝයා කෙරෙහි තීව්‍රගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ කෙලෙස් තවන වැර අතියේ ශික්‍ෂාහි ගෞරව ඇතියේ,