Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT5. සත්තිමානි භික්ඛවෙ, ධනානි. කතමානි සත්ත:
Sinhala BJT5. මහණෙනි, මේ ධන සතෙකි. කවර සතෙක යත්:
Pali BJTසද්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත්තප්පධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං.
Sinhala BJTසද්ධාධන සීලධන හිරිධන ඔත්තප්පධන සුතධන චාගධන පඤ්ඤාධන යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, සත්ත ධනානී’ති.
Sinhala BJTමහණෙනි, මෙ ධන සත යි.
Pali BJT5. සද්ධාධනං සීලධනං හිරි ඔත්තප්පියං ධනං සුතධනං ච චාගො ච පඤ්ඤා වෙ සත්තමං ධනං.
Sinhala BJT5. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන ය යි (ධන) සතෙකි.
Pali BJT6. යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJT6. යම් ස්ත්‍රියකට වේවයි පුරුෂයකුට වේවයි මෙ ධන ඇති නම් හේ ‘නො දිළිඳු ය’යි ද ඔහුගේ ජීවිතය නො සිස් ය යි ද කීහු.
Pali BJT7. තස්මා සද්ධඤ්ච සීලඤ්ච, පසාදං ධම්මදස්සනං අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධාන සාසනං’ති.
Sinhala BJT7. එහෙයින් ප්‍රඥා ඇතියේ බුද්ධශාසනය මෙනෙහි කරමින් ශ්‍රද්ධා ද, ශිල ද, ප්‍රසාදය ද, ධර්‍මදර්‍ශනය ද යන මෙහි පුනපුනා යෙදෙන්නේ යී.
Pali BJT7. 1. 1. 6.
Sinhala BJT7. 1. 1. 6.
Pali BJT[විත්ථතධන සුත්තං]
Sinhala BJT[විත්‍ථතධන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT6. සත්තිමානි භික්ඛවෙ, ධනානි, කතමානි සත්ත:
Sinhala BJT6. මහණෙනි, මෙ ධන සතෙකි. කවර සතෙක යත්:
Pali BJTසද්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත්තප්පධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං.
Sinhala BJTසද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, පඤ්ඤාධන ය යි.
Pali BJT(1) කතමඤ්ච භික්ඛවෙ, සද්ධාධනං:
Sinhala BJT(1) මහණෙනි, සද්ධාධන කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති. සද්දහති තථාගතස්ස බොධිං: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- බුද්ධො භගවාති ඉදං වුච්චති භික්ඛවෙ, සද්ධාධනං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සැදැහැතියේ වෙයි. “මේ කරුණිනුදු එ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් වන සේක, සම්‍යක් සම්බුද්ධ වන සේක ... බුද්ධවන සේක, භගවත් වන සේකැ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය හදහයි. මහණෙනි, මෙ සද්ධාධන යී කියනු ලැබේ.
Pali BJT(2) කතමඤ්ච භික්ඛවෙ, සීලධනං:
Sinhala BJT(2) මහණෙනි, සීලධන කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, සීලධනං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරීසවු පණිවායෙන් වැළැකියේ වෙයි ... මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකියේ වෙයි. මහණෙනි මෙ සීලධන යි කියනු ලැබේ.
Pali BJT(3) කතමඤ්ච භික්ඛවෙ, හිරිධනං:
Sinhala BJT(3) මහණෙනි, හිරිධන කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො හිරිමා හොති. හිරීයති කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති භික්ඛවෙ, හිරිධනං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුශලධර්‍මසමාපත්තියෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, මෙ හිරිධන යි කියනු ලැබේ.
Pali BJT(4) කතමඤ්ච භික්ඛවෙ, ඔත්තප්පධනං:
Sinhala BJT(4) මහණෙනි, ඔත්තප්පධන කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො ඔත්තප්පී හොති. ඔත්තපති කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, ඔත්තපති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති භික්ඛවෙ, ඔත්තප්පධනං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ඔත්තප්ප ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ඔතප් ඇති වෙයි. ලමු අකුසල්දහම් කිරීමෙහි ඔතප් ඇතියේ වෙයි. මහණෙනි, මෙ ඔත්තප්පධන ය යි කියනු ලැබේ.
Pali BJT(5) කතමඤ්ච භික්ඛවෙ, සුතධනං:
Sinhala BJT(5) මහණෙනි, සුතධන කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, ඉදං වුච්චති භික්ඛවෙ, සුතධනං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යාවසාන කල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ යම් ඒ ධර්‍මකෙනෙක් මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය පාළ කරත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද වෙත්, ධරණ ලද වෙත්, වචනයෙන් පරිචිත වෙත්, සිතින් විමසන ලද වෙත්, ප්‍රඥාදෘෂ්ටියෛන් මොනොවට පිළිවිදියාහු වෙත්. මහණෙනි, මෙ සුතධන යයි කියනු ලැබේ.
Pali BJT(6) කතමඤ්ච භික්ඛවෙ, චාගධනං:
Sinhala BJT(6) මහණෙනි, චාගධනය කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. ඉදං වුච්චති භික්ඛවෙ, චාගධනං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරීසවු දුරු වූ මසුරුමල ඇති සිතින් මිදු ත්‍යාග ඇත්තේ, දෙනුවට දෙවි අත් ඇතියේ, පිදීමෙහි ඇලුනේ, යදනට නිසි වූයේ, දානයෙහිත් සංවිභාගයෙහිත් ඇලුනේ ගිහිගෙහි වෙසෙයි. මහණෙනි, මෙ චාගධන යි කියනු ලැබේ.
Pali BJT(7) කතමඤ්ච භික්ඛවෙ, පඤ්ඤාධනං:
Sinhala BJT(7) මහණෙනි, පඤ්ඤාධන කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති -පෙ- සම්මා දුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති භික්ඛවෙ, පඤ්ඤාධනං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ... මැනැවින් දුක් ගෙවීමට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මෙ පඤ්ඤාධන යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, සත්ත ධනානී’ති.
Sinhala BJTමහණෙනි, මෙ ධන සතයි.
Pali BJT8. සද්ධාධනං සීලධනං හිරි ඔත්තප්පියං ධනං සුතධනං ච චාගො ච පඤ්ඤා වෙ සත්තමං ධනං.
Sinhala BJT8. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන යයි.
Pali BJT9. යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJT9. යම් ස්ත්‍රියකට වේවයි පුරුෂයකුට වේවයි තෙල ධන ඇත් නම් හෙ නොදිළිඳුය යි ද ඔහුගේ දිවි නො සිස් යයි ද කීහු.
Pali BJT10. තස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධාන සාසනන්ති.
Sinhala BJT10. එහෙයින් නුවණැතියේ බුදුසස්න සමරමින් ශ්‍රද්ධා හා ශීල හා ප්‍රසාද හා ධර්‍මදර්‍ශනය යන මෙහි පුනපුනා යෙදෙන්නේ යයි.
Pali BJT7. 1. 1. 7.
Sinhala BJT7. 1. 1. 7.
Pali BJT[උග්ගමහාමත්තසුත්තං]
Sinhala BJT[උග්ග මහාමත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT7. අථ ඛො උග්ගො රාජමහාමත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගො රාජමහාමත්තො භගවන්තං එතදවොච:
Sinhala BJT7. එකල්හි උග්ග නම් රාජමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් උග්ග රාජමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව අඩ්ඪො චායං භන්තෙ, මිගාරො රොහණෙය්යො යාව මහද්ධනො යාව මහාභොගොති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස, අද්භූත ය. වහන්ස, මෙ රෝහණ සිටුහුගේ මුනුපුරු මිගාර සිටු ආඪ්‍ය වූයේ ම, මහාධන ඇතියේ ම, මහාභෝග ඇතියේ ම වේ යයි.
Pali BJTකීව අඩ්ඪො පනුග්ග, මිගාරො රොහණෙය්යො කීව මහද්ධනො කීව මහාභොගොති.
Sinhala BJTඋග්ගයෙනි, රෝහණෙය්‍ය මිගාර සිටු කෙතෙක් ආඪ්‍ය වේ ද? කෙතෙක් මහද්ධන වේ ද, කෙතෙක් මහාභෝග වේ දැ යි.
Pali BJTසතං භන්තෙ, සහස්සානං හිරඤ්ඤස්ස, කො පන වාදො රූපියස්සාති?
Sinhala BJTවහන්ස, හිරණ්‍ය පිළිබඳ ශතසහස්‍රයෙකි. රජත පිළිබඳ කවර කථායෙක් දැ යි.
Pali BJTඅත්ථි ඛො{1} එතං උග්ග ධනං, නෙතං නත්ථීති වදාමි. තඤ්ච ඛො එතං උග්ග, ධනං සාධාරණං අග්ගිනා උදකෙන රාජූහි චොරෙහි අප්පියෙහි දායාදෙහි.
Sinhala BJTඋග්ගයෙනි, තෙල ධනය ඇත් මැයි, තෙල ධන නැතැයි නො කියමි. උග්ගයෙනි, තෙල ධනය ගිනි හා දිය හා රජුන් හා සොරුන් හා අප්‍රිය දායාදයන් හා සාධාරණ මැයි.
Pali BJTසත්ත ඛො ඉමානි උග්ග, ධනානි අසාධාරණානි අග්ගිනා උදකෙන රාජූහි චොරෙහි අප්පියෙහි දායාදෙහි. කතමානි සත්ත:
Sinhala BJTඋග්ගයෙනි, ගින්න හා දිය හා රජුන් හා සොරුන් හා අප්‍රිය දායාදයන් හා අසාධාරණ වූ මෙ ධන සතෙකි. කවර සතෙක යත්:
Pali BJTසද්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත්තප්පධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං. ඉමානි ඛො උග්ග, සත්ත ධනානි අසාධාරණානි අග්ගිනා උදකෙන රාජූහි චොරෙහි අප්පියෙහි දායාදෙහි’ති.
Sinhala BJTසද්ධාධන, සීලධන, හිරිධන, ඔත්තප්පධන, සුතධන, චාගධන, පඤ්ඤාධන යි. උග්ගයෙනි, ගින්න හා දිය හා රජුන් හා සොරුන් හා අප්‍රිය දායාදයන් හා අසාධාරණ වූ මෙ ධන සත යි.
Pali BJT11. සද්ධාධනං සීලධනං හිරි ඔත්තප්පියං ධනං සුතධනං ච චාගො ච පඤ්ඤා වෙ සත්තමං ධනං.
Sinhala BJT11. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන ය යි ධන සතෙකි.
Pali BJT12. යස්ස එතෙ ධනා අත්ථී ඉත්ථියා පුරිසස්ස වා සවෙ මහද්ධනො ලොකෙ අජෙය්යො දෙවමානුසෙ.
Sinhala BJT12. යම් ස්ත්‍රියකට වේවයි පුරුෂයකුට වේවයි මෙ ධන ඇත් නම් හෙ එකැතින් දෙවිමිනිසුන්ගෙන් යුත් ලෙව්හි මහද්ධන වෙයි.
Pali BJT13. තස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධාන සාසනන්ති.
Sinhala BJT13. එහෙයින් මේධාවී තෙම බුද්ධශාසනය සිහිකරමින් ශ්‍රද්ධා ශීල ප්‍රසාද ධර්‍මදර්‍ශන යන මෙහි යෙදෙන්නේ යි.
Pali BJT7. 1. 1. 8.
Sinhala BJT7. 1. 1. 8.
Pali BJT[සත්තසඤ්ඤොජන සුත්තං]
Sinhala BJT[සත්තසඤ්ඤෝජන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT8. සත්තිමානි භික්ඛවෙ, සඤ්ඤොජනානි. කතමානි සත්ත:
Sinhala BJT8. මහණෙනි, මෙ සංයෝජන සතෙකි. කවර සතෙක යත්:
Pali BJTඅනුනයසඤ්ඤොජනං, පටිඝසඤ්ඤොජනං, දිට්ඨිසඤ්ඤොජනං, විචිකිච්ඡාසඤ්ඤොජනං, මානසඤ්ඤොජනං, භවරාගසඤ්ඤොජනං, අවිජ්ජාසඤ්ඤොජනං.
Sinhala BJTඅනුනය (කාමරාග) සංයෝජන, පටිඝසංයෝජන, දිට්ඨි සංයෝජන, විචිකිච්ඡාසංයෝජන, මානසංයෝජන, භවරාගසංයෝජන, අවිජ්ජාසංයෝජන යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ සත්ත සඤ්ඤොජනානීති.
Sinhala BJTමහණෙනි, මෙ සංයෝජන සත යි.
Pali BJT7. 1. 1. 9.
Sinhala BJT7. 1. 1. 9.
Pali BJT[සඤ්ඤොජනප්පහාන සුත්තං]
Sinhala BJT[සඤ්ඤෝජනප්පහාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT9. සත්තන්නං භික්ඛවෙ, සඤ්ඤොජනානං පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. කතමෙසං සත්තන්නං:
Sinhala BJT9. මහණෙනි, සංයෝජන සතක්හුගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේ ය යත්:
Pali BJTඅනුනයසඤ්ඤොජනස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. පටිඝසඤ්ඤොජනස්ස -පෙ- දිට්ඨිසඤ්ඤොජනස්ස -පෙ- විචිකිච්ඡාසඤ්ඤොජනස්ස -පෙ- මානසඤ්ඤොජනස්ස -පෙ- භවරාගසඤ්ඤොජනස්ස -පෙ- අවිජ්ජාසඤ්ඤොජනස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති.
Sinhala BJTඅනුනය සංයෝජනයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. ප්‍රතිඝසංයෝජනයාගේ ප්‍රහාණය සඳහා ... දෘෂ්ටිසංයෝජනයාගේ ... විචිකිච්ඡාසංයෝජනයාගේ … මානසංයෝජනයාගේ … භවරාගසංයෝජනයාගේ ... අවිද්‍යාසංයෝජනයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රම්සර වැසේ.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ, සත්තන්නං සඤ්ඤොජනානං පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති.
Sinhala BJTමහණෙනි, මෙ සංයෝජන සත ප්‍රහාණය කරණු සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො අනුනය සඤ්ඤොජනං පහීනං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං -පෙ- පටිඝසඤ්ඤොජනං -පෙ- දිට්ඨිසඤ්ඤොජනං -පෙ- චිකිච්ඡාසඤ්ඤොජනං -පෙ- මානසඤ්ඤොජනං -පෙ- භවරාගසඤ්ඤොජනං -පෙ- අවිජ්ජාසඤ්ඤොජනං පහීනං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයි සඤ්ඤොජනං, සම්මා මානාභි සමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJTමහණෙනි, යම්හෙයකින් භික්‍ෂුහුගේ අනුනය සංයෝජනය ප්‍රහීණ වේ ද, උසුන්මුල් ඇතියේ වේ ද, තාලාවස්තුකෘත ද, අන්‍වභාවකෘත ද, මත්තෙහි නූපදනා සැහැවි ඇතියේ ද ... ප්‍රතිඝසංයෝජනය ... දෘෂ්ටිසංයෝජනය ... විචිකිත්සාසංයෝජනය ... මානසංයෝජනය ... භවරාගසංයෝජනය ... අවිද්‍යාසංයෝජන ය ප්‍රහීණ ද උසුන්මුල් ඇතියේ ද, තාලාවස්තුකෘත ද, අන්‍වභාවකෘත ද, මත්තෙහි නූපදනා සැහැවි ඇතියේ ද, මහණෙනි, එහෙයින් මේ මහණ තෘෂ්ණාව සිඳලී යයි ද, සංයෝජන පෙරළාලී යයි ද, මොනොවට මානප්‍රහාණයෙන් සසරදුක් අවසන් කෙළේ ය යි ද කියනු ලැබේ.
Pali BJT7. 1. 1. 10.
Sinhala BJT7. 1. 1. 10.
Pali BJT[මච්ඡරියසංයොජන සුත්තං]
Sinhala BJT[මච්ඡරියසංයෝජන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT10. සත්තිමානි භික්ඛවෙ, සඤ්ඤොජනානි: කතමානි සත්ත:
Sinhala BJT10. මහණෙනි, මෙ සංයෝජන සතෙකි. කවර සතෙක යත්:
Pali BJTඅනුනයසඤ්ඤොජනං, පටිඝසඤ්ඤොජනං, දිට්ඨිසඤ්ඤොජනං, විචිකිච්ඡාසඤ්ඤොජනං, මානසඤ්ඤොජනං, ඉස්සාසඤ්ඤොජනං, මච්ඡරියසඤ්ඤොජනං
Sinhala BJTඅනුනයසංයෝජන ය, පටිඝසංයෝජන ය, දිට්ඨිසංයොජන ය, විචිකිච්ඡාසංයෝජන ය, මානසංයෝජන ය, ඉස්සාසංයොජන ය, මච්ඡරියසංයෝජන යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, සත්ත සඤ්ඤොජනානීති.
Sinhala BJTමහණෙනි, මෙ සත් සංයෝජන යි.
Pali BJTධනවග්ගො පඨමො.
Sinhala BJTධන වර්‍ගය පළමු වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙපියානි බලංධනං, සඞ්ඛිත්තංචෙව විත්ථතං උග්ගංසඤ්ඤොජනංචෙව පහානං මච්ඡරියෙනචා’ති.{1}
Sinhala BJTපිය සූත්‍ර දෙක ය, බල සූත්‍ර දෙක ය, සඞ්ඛිත්තධන සූත්‍රය, විත්‍ථතධන සූත්‍රය, උග්ග සූත්‍ර ය, සඤ්ඤෝජන සූත්‍ර ය, සඤ්ඤොජනප්පහාණ සූත්‍ර ය, මච්ඡරියසඤ්ඤෝජන සූත්‍ර ය දැයි දසයෙකි.
Pali BJT2. අනුසයවග්ගො
Sinhala BJT2. අනුසය වර්‍ගය
Pali BJT7. 1. 2. 1.
Sinhala BJT7. 1. 2. 1.
Pali BJT[අනුසය සුත්තං]
Sinhala BJT[අනුසය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. සත්තිමෙ භික්ඛවෙ, අනුසයා. කතමෙ සත්ත:
Sinhala BJT11. මහණෙනි, මෙ අනුශය සතෙකි. කවර සතෙක යත්:
Pali BJTකාමාරාගානුසයො, පටිඝානුසයො, දිට්ඨානුසයො, විචිකිච්ඡානුසයො, මානානුසයො, භවරාගානුසයො, අවිජ්ජානුසයො.
Sinhala BJTකාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත අනුසයාති.
Sinhala BJTමහණෙනි, මෙ අනුසය සත යි.
Pali BJT7. 1. 2. 2.
Sinhala BJT7. 1. 2. 2.
Pali BJT[අනුසයප්පහාන සුත්තං]
Sinhala BJT[අනුසයප්පහාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT12. සත්තන්නං භික්ඛවෙ අනුසයානං පහානාය{1} සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. කතමෙසං සත්තන්නං:
Sinhala BJT12. මහණෙනි, සප්තානුශයන්ගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේය යත්:
Pali BJTකාමරාගානුසයස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. පටිඝානුසයස්ස -පෙ- දිට්ඨානුසයස්ස -පෙ- විචිකිච්ඡානුසයස්ස -පෙ- මානානුසයස්ස -පෙ- භවරාගානුසයස්ස -පෙ- අවිජ්ජානුසයස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති.
Sinhala BJTකාමරාගනුසයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රම්සර වසනු ලැබේ. පටිඝානුසයයාගේ ... දිට්ඨානුසයයාගේ ... විචිකිච්ඡානුසයයාගේ ... මානානුසයයාගේ ... භවරාගානුසයයාගේ ... අවිජ්ජානුසයයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අර්‍ත්‍ථකථාවෙන් හා විශුද්ධිමාර්‍ගයෙන් විස්තර දත යුතු.)
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ, සත්තන්නං අනුසයානං පහානාය සමුච්ඡොදාය බ්රහ්මචරියං වුස්සති.
Sinhala BJTමහණෙනි, මෙ සප්තානුශයයන්ගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, භික්ඛුනො කාමරාගානුසයො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො{2} ආයතිං අනුප්පාදධම්මො, පටිඝානුසයො -පෙ- දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො -පෙ- මානානුසයො -පෙ- භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු නිරනුසයො{3} අච්ඡෙච්ඡි තණ්හං වාවත්තයි{4} සඤ්ඤොජනං සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් භික්‍ෂුහුගේ කාමරාගානුසය ප්‍රහීණ වේ නම් උසුන්මුල් ඇති වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, අන්‍වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නම්, ප්‍රතිඝානුශය ... දෘෂ්ටානුශය ... විචිකිත්සානුශය .. මානානුශය ... භවරාගානුශය ... අවිද්‍යානුශය ප්‍රහීණ වේ නම් උසුන්මුල් ඇතියේ වේ නම් තාලාවස්තුකෘත වේ නම් අන්‍වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, මහණෙනි, අනුශය රහිත මහණ තෘෂ්ණාව සිඳලීය සංයෝජන පෙරළාලී ය මැනැවින් අර්‍හත්ත්‍වාවබෝධයෙන් වර්‍තදුඃඛය අවසන් කෙළේ යයි කියනු ලැබේ.
Pali BJT7. 1. 2. 3.
Sinhala BJT7. 1. 2. 3.
Pali BJT[කුලූපගමන සුත්තං]{*}
Sinhala BJT[කුලූපගමන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT13. සත්තහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං, උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමෙහි සත්තහි:
Sinhala BJT13. මහණෙනි, අඞ්ග සතෙකින් සමන්‍වාගත කුලයට පළමු නො එළැඹ එළඹෙන්නට වේවයි එළැඹ හිඳිනට වේවයි නො නිසි වේ. කවර සතෙකින යත්:
Pali BJTන මනාපෙන පච්චුට්ඨෙන්ති. න මනාපෙන අභිවාදෙන්ති. න මනාපෙන ආසනං දෙන්ති. සන්තමස්ස පරිගූහන්ති. බහුකම්පි ථොකං දෙන්ති. පණීතම්පි ලූඛං දෙන්ති. අසක්කච්චං දෙන්ති නො සක්කච්චං.
Sinhala BJTමනාපාකාරයෙන් දැක හුනස්නෙන් නො නැඟ සිටුනාහ. මනාප අයුරින් අභිවාදන නො කරත්. මනාපයෙන් හිඳිනට ආසන නො දෙන්නාහ. විද්‍යාමාන දේයධර්‍මය ඔහට පිළිසන් කරන්නාහ. බොහෝ ඇත ද ස්වල්ප විසින් දෙත්. ප්‍රණීත දෑ ඇත ද රූක්‍ෂ දෑ දෙන්නාහ. සකසා නො ව නො සකසා ම දෙන්නාහ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං, උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.
Sinhala BJTමහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ, එළැඹ හිඳිනට හෝ නො නිසි වේ.
Pali BJTසත්තහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා අලං උපගන්තුං, උපගන්ත්වා වා අලං උපනිසීදිතුං. කතමෙහි සත්තහි:
Sinhala BJTමහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ එළැඹ හිඳිනට හෝ නිසි වේ. කවර සත් කරුණෙකින යත්:
Pali BJTමනාපෙන පච්චුට්ඨෙන්ති, මනාපෙන අභිවාදෙන්ති, මනාපෙන ආසනං දෙන්ති, සන්තමස්ස න පරිගූහන්ති, බහුකම්පි බහුකං දෙන්ති, පණීතම්පි පණීතං දෙන්ති, සක්කච්චං දෙන්ති නො අසක්කච්චං.
Sinhala BJTමනාපාකාරයෙන් දැක හුනස්නෙන් නැඟ සිටුනාහ. මනාප අයුරින් වන්‍දනා කරන්නාහ. මැනැවින් හිඳිනට අසුන් දෙන්නාහ. විද්‍යාමාන දේයධර්‍මය ඔහට පිළිසන් නො කරන්නාහ. බොහෝ ඇති වත් ම බොහෝ කොට දෙන්නාහ. ප්‍රණීත වස්තු ප්‍රණීත කොට ම දෙන්නාහ. නො සකස් කොට නො ව, සකස් කොට ම දෙන්නාහ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ සත්තහි අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා අලං උපගන්තුං, උපගන්ත්වා වා අලං උපනිසීදිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ එළැඹ හිඳිනට හෝ නිසි වේ යයි.
Pali BJT7. 1. 2. 4.
Sinhala BJT7. 1. 2. 4.
Pali BJT[ආහුනෙය්යපුග්ගල සුත්තං]
Sinhala BJT[ආහුනෙය්‍ය පුග්ගල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT14. සත්තිමෙ භික්ඛවෙ පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ සත්ත:
Sinhala BJT14. මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
Pali BJTඋභතොභාගවිමුත්තො, පඤ්ඤාවිමුත්තො, කායසක්ඛි, දිට්ඨප්පත්තො, සද්ධාවිමුත්තො, ධම්මානුසාරී, සද්ධානුසාරී.
Sinhala BJTඋභතෝභාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂි ය, දෘෂ්ටප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ සත්ත පුග්ගලා ආහුනෙය්යා, පාහුනෙය්යා, දක්ඛිණෙය්යා, අඤ්ජලිකරණීයා, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණයට නිසි වූ ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත් පුඟුල්හු යි.
Pali BJT7. 2. 9. 5.
Sinhala BJT7. 1. 2. 5.
Pali BJT[උදකූපමපුග්ගල සුත්තං]
Sinhala BJT[උදකූපම පුග්ගල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT15. සත්තිමෙ භික්ඛවෙ උදකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ සත්ත:
Sinhala BJT15. මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන්නා වූ ම මෙ උදකෝපම පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සකිං නිමුග්ගො නිමුග්ගොව හොති. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජිත්වා නිමුජ්ජති. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජිත්වා ඨිතො හොති. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජිත්වා විපස්සති, විලොකෙති. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජිත්වා පතරති. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තො හොති. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජිත්වා තිණ්ණො හොති පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ (කිඳුනේ) නිමග්න (කිඳුනේ) ම වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල සිටියේ (මතුවූයේ) වෙයි. මහණෙනි, මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල වටා බලයි, අනුවිලෝකන කරයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල යායුතු මංබලා තරණය කෙරෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල ප්‍රතිගාධයට (ප්‍රතිෂ්ඨාවට) පැමිණියේ වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල තරණය කෙළේ පරතෙර පැමිණ බ්‍රාහ්මණ වූයේ තලයෙහි (නිවනෙහි) සිටුනේ වෙයි.