Pali BJT[තපුස්ස සුත්තං]
Sinhala BJT[තපුස්ස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT16. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො තපුස්සො,{1} ගහපති තථාගතෙ නිට්ඨංගතො අමතද්දසො අමතං සච්ඡිකත්වා ඉරීයති. කතමෙහි ඡහි:
Sinhala BJT16. මහණෙනි, ධර්‍ම සයෙකින් සමන්‍වාගත තපුස්ස (ද්වේවාචික උපාසක) ගහපති තථාගතයන් වහන්සේ කෙරෙහි නිෂ්ඨඞ්ගත (බුදුගුණෙහි නිසැක) වූයේ පහන් සිතැත්තේ අමෘත (නිර්‍වාණ) දර්‍ශන ඇතියේ අමෘතය ප්‍රත්‍යක්‍ෂ කොට වෙසෙයි. කවර සයෙකින යත්:
Pali BJTබුද්ධෙ අවෙච්චප්පසාදෙන, ධම්මෙ අවෙච්චප්පසාදෙන, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන, අරියෙන සීලෙන, අරියෙන ඤාණෙන, අරියාය විමුත්තියා.
Sinhala BJTබුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් (ගුණ දැන පැහැදීමෙන්), (නවලෝකොත්තර) ධර්‍මයෙහි අවෙත්‍යප්‍රසාදයෙන්, අෂ්ටාර්‍ය්‍යපුද්ගලසඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන්, ආර්‍ය්‍යශීලයෙන්, ආර්‍ය්‍ය (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානයෙන්, ආර්‍ය්‍ය (ශෛක්‍ෂඵල) විමුක්තියෙන් යන සයෙනි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො තපුස්සො ගහපති තථාගතෙ නිට්ඨං ගතො අමතද්දසො අමතං සච්ඡිකත්වා ඉරීයතීති.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍ම සයෙන් සමන්‍වාගත තපුස්සගහපති තථාගතයන් කෙරෙහි නිෂ්ඨාගත වූයේ අමෘත දර්‍ශන ඇතියේ අමෘතය සාක්‍ෂාත් කොට වෙසේ යයි.
Pali BJT6. 2. 17-36.
Sinhala BJT6. 2. 17-36.
Pali BJT[භල්ලිකාදි වීසති සුත්තානි]
Sinhala BJT[භල්ලිකාදිවිංශති සූත්‍ර]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT17-36. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භල්ලිකො ගහපති -පෙ- සුදත්තො ගහපති අනාථපිණ්ඩිකො -පෙ- චිත්තො ගහපති මච්ඡිකාසණ්ඩිකො -පෙ- හත්ථකො ආළවකො -පෙ- මහානාමො සක්කො -පෙ- උග්ගො ගහපති වෙසාලිකො -පෙ- උග්ගතො ගහපති -පෙ- සූරො අම්බට්ඨො -පෙ- ජීවකො කොමාරභච්චො -පෙ- නකුලපිතා ගහපති -පෙ- තවකණ්ණිකො ගහපති -පෙ- පූරණො ගහපති -පෙ- ඉසිදත්තො ගහපති -පෙ- සන්ධානො ගහපති -පෙ- විජයො ගහපති{2} -පෙ- වජ්ජියමහිතො ගහපති{3} -පෙ- මෙණ්ඩකො ගහපති -පෙ- වාසෙට්ඨො උපාසකො -පෙ- අරිට්ඨො උපාසකො -පෙ- සාරග්ගො{4} උපාසකො තථාගතෙ නිට්ඨංගතො අමතද්දසො අමතං සච්ඡිකත්වා ඉරීයති. කතමෙහි ඡහි.
Sinhala BJT17-36. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත භල්ලික (ද්වේවාචික) ගෘහපති ... අනාථපිණ්ඩික සුදත්ත ගෘහපති ... මච්ඡිකාසණ්ඩිකචිත්ත ගෘහපති ... හත්‍ථක ආළවක ... මහානාම ශාක්‍ය ... වෛශාලික උග්ග ගෘහපති ... උග්ගත ගෘහපති ... සූරඅම්බට්ඨ ... ජීවකකෝමාරභච්ච ... නකුලපිතු ගෘහපති ... තවකණ්ණික ගෘහපති ... පූරණ ගෘහපති ... ඉසිදත්ත ගෘහපති ... සන්‍ධාන ගෘහපති ... විජය ගෘහපති ... වජ්ජීයමහිත ගෘහපති ... මෙණ්ඩක ගෘහපති ... වාසෙට්ඨ උපාසක ... අරිට්ඨ උපාසක ... සාරග්ග උපාසක ... තථාගතයන් කෙරෙහි නිෂ්ඨාවට ගියේ අමෘතදර්‍ශන ඇතියේ අමෘතය සාක්‍ෂාත් කොට වෙසේ ය යි. කවර සයෙකින යත්:
Pali BJTබුද්ධෙ අවෙච්චප්පසාදෙන, ධම්මෙ අවෙච්චප්පසාදෙන, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන, අරියෙන සීලෙන, අරියෙන ඤාණෙන. අරියාය විමුත්තියා.
Sinhala BJTබුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන, ධර්‍මය කෙරෙහි අවේත්‍ය ප්‍රසාදයෙන, සඞ්ඝයා කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන, ආර්‍ය්‍යශීලයෙන, ආර්‍ය්‍යඥානයෙන, ආර්‍ය්‍යවිමුක්තියෙනැයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සාරග්ගො උපාසකො තථාගතෙ නිට්ඨං ගතො අමතද්දසො අමතං සච්ඡිකත්වා ඉරීයතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත සාරග්ග උපාසක තථාගතයන් කෙරෙහි සැදැහැයෙන් නිෂ්ඨාවට ගියේ දුටු නිවන් ඇතියේ අමෘතය සාක්‍ෂාත් කොට වෙසේ යයි.
Pali BJTසාමඤ්ඤ වග්ගො.
Sinhala BJTසාමඤ්ඤ වර්‍ගය.
Pali BJTඡක්කනිපාතෙ රාගාදිපෙය්යාල සුත්තානි.
Sinhala BJTඡක්කනිපාතයෙහි රාගාදිපෙය්‍යාල සූත්‍ර
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඡ ධම්මා භාවෙතබ්බා. කතමෙ ඡ:
Sinhala BJT1. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:
Pali BJTදස්සනානුත්තරියං, සවනානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියං.
Sinhala BJTදර්‍ශනානුත්තරිය යැ, ශ්‍රවණානුත්තරිය යැ, ලාභානුත්තරිය යැ, ශික්‍ෂානූත්තරිය යැ, පරිචර්‍ය්‍යානුත්තරිය යැ, අනුස්මෘත්‍යානුත්තරිය යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ ඡ ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඡ ධම්මා භාවෙතබ්බා. කතමෙ ඡ:
Sinhala BJT2. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:
Pali BJTබුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති.
Sinhala BJTබුද්ධානුස්මෘති යැ, ධර්‍මානුස්මෘති යැ, සඞ්ඝානුස්මෘති යැ, ශීලානුස්මෘති යැ, ත්‍යාගානුස්මෘති යැ, දේවතානුස්මෘති ය යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ ඡ ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩියයුතු යයි.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඡ ධම්මා භාවෙතබ්බා. කතමෙ ඡ:
Sinhala BJT3. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු යි. කවර සයෙක යත්:
Pali BJTඅනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා.
Sinhala BJTඅනිත්‍යසංඥා යැ, අනිත්‍යයෙහි දුඃඛසංඥා යැ, දුඃඛයෙහි අනාත්මසංඥා යැ, ප්‍රහාණ සංඥා යැ, විරාගසංඥා යැ, නිරෝධ සංඥා යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ ඡ ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT4-30 රාගස්ස භික්ඛවෙ පරිඤ්ඤාය [ඡ ධම්මා භාවෙතබ්බා -පෙ- රාගස්ස භික්ඛවෙ] පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය ඉමෙ ඡ ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJT4-30. මහණෙනි, රාගයාගේ පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා මේ කරුණු සය වැඩිය යුතු ය.
Pali BJT31-60 දොසස්ස [භික්ඛවෙ අභිඤ්ඤාය ඡ ධම්මා භාවෙතබ්බා -පෙ- දොසස්ස භික්ඛවෙ] පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය ඉමෙ ඡ ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJT31-60. මහණෙනි, ද්වේෂයාගේ අභිඥාන යැ සදහමෙක් වැඩියයුතු යැ ... මහණෙනි, ද්වේෂයාගේ පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා මෙ සදහම් වැඩිය යුතු ය යි.
Pali BJT61-90. මොහස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT61-90. මහණෙනි, මෝහයාගේ ...
Pali BJT91-120. කොධස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT91-120. මහණෙනි, ක්‍රෝධයාගේ ...
Pali BJT121-150. උපනාහස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT121-150. මහණෙනි, උපනාහයාගේ ...
Pali BJT151-180. මක්ඛස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT151-180. මහණෙනි, මක්ඛයාගේ ...
Pali BJT181-210. පලාසස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT181-210. මහණෙනි, පලාසයාගේ ...
Pali BJT211-240. ඉස්සාය භික්ඛවෙ -පෙ-
Sinhala BJT211-240. මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ ...
Pali BJT241-270. මච්ඡරියස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT241-270. මහණෙනි, මාත්සර්‍ය්‍යයාගේ ...
Pali BJT271-300. මායාය භික්ඛවෙ -පෙ-
Sinhala BJT271-300. මහණෙනි, මායාවගේ ...
Pali BJT301-330. සාඨෙය්යස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT301-330. මහණෙනි, සාඨෙය්‍යයාගේ ...
Pali BJT331-360. ථම්භස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT331-360. මහණෙනි, ථම්භයාගේ ...
Pali BJT361-390. සාරම්භස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT361-390. මහණෙනි, සාරම්භයාගේ ...
Pali BJT391-420. මානස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT391-420. මහණෙනි, මානයාගේ ...
Pali BJT421-450. අතිමානස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT421-450. මහණෙනි, අතිමානයාගේ ...
Pali BJT451-480. මදස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJT451-480. මහණෙනි, මදයාගේ ...
Pali BJT481-510. පමාදස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය ඡ ධම්මා භාවෙතබ්බා කතමෙ ඡ: දස්සනානුත්තරියං -පෙ- අනුස්සතානුත්තරියං -පෙ- කතමෙ ඡ බුද්ධානුස්සති -පෙ- කතමෙ ඡ අනිච්චසඤ්ඤා -පෙ- පමාදස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය ඉමෙ ඡ ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJT481-510. මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥානය සඳහා ... පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා කරුණු සයක් වැඩිය යුතු ය ... කවර සයෙක යත්: දර්‍ශනානුත්තරියැ ... අනුස්මෘත්‍යානුත්තරිය යි ... කවර සයෙක යත්: බුද්ධානුස්මෘතියැ ... කවර සයෙක යත්: අනිත්‍යසංඥා යැ ... මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥානය සඳහා ... පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ වදාළසේක. ආප්තමන එ භික්‍ෂූහු භාග්‍යවතුන්ගේ භාෂිතය සතුටින් පිළිගත්හයි.
Pali BJTරාගාදිපෙය්යාලො{*} නිට්ඨිතො.
Sinhala BJTරාගාදිපෙය්‍යාලය{*} නිමි.
Pali BJTඡක්කනිපාතො සමත්තො.
Sinhala BJTඡක්කනිපාතය සමාප්ත යි.
Pali BJTඅඞ්ගුත්තරනිකායො
Sinhala BJTඅඞ්ගුත්තරනිකාය
Pali BJT7. සත්තකනිපාතො
Sinhala BJT7. සත්තකනිපාතය
Pali BJT1. පඨමො පණ්ණාසකො
Sinhala BJT1. ප්‍රථම පණ්ණාසකය
Pali BJT1. ධන වග්ගො
Sinhala BJT1. ධන වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT7. 1. 1. 1.
Sinhala BJT7. 1. 1. 1.
Pali BJT[පඨම පියභික්ඛු සුත්තං]
Sinhala BJT[පළමුවන පියභික්ඛු සූත්‍රය]
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTසත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි සත්තහි:
Sinhala BJTමහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය අමනාප අගරු අභාවනීය වෙයි. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ලාභකාමො ච හොති, සක්කාරකාමො ච,{1} අනවඤ්ඤත්තිකාමො ච, අහිරිකො ච, අනොත්තප්පී ච, පාපිච්ඡො ච, මිච්ඡාදිට්ඨි ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේ ද, සත්කාර කැමතියේ ද, යශස් කැමතියේ ද, හිරි නැතියේ ද, ඔතප් නැතියේ ද, ලමු ඉච්ඡා ඇතියේ ද, මිසදිටු ඇතියේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.
Sinhala BJTමහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය අමනාප අගරු අභාවනීය වෙයි.
Pali BJTසත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි සත්තහි:
Sinhala BJTමහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය මනාප ගරු භාවනීය වෙයි. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු න ලාභකාමො ච හොති, න සක්කාරකාමො ච, න අනවඤ්ඤත්තිකාමො ච, හිරිමා ච, ඔත්තප්පී ච, අප්පිච්ඡො ච, සම්මාදිට්ඨි ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේත් නො වෙයි, සත්කාර කැමතියේත් නො වෙයි, යශස් කැමතියේත් නො වෙයි, හිරි ඇතියේත් වෙයි, ඔතප් ඇතියේත් වෙයි, අල්පෙච්ඡ ද වෙයි, සම්දිටු ඇතියේත් වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
Sinhala BJTමහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ.
Pali BJT7. 1. 1. 2.
Sinhala BJT7. 1. 1. 2.
Pali BJT[දුතිය පියභික්ඛු සුත්තං]
Sinhala BJT[දෙවැනි පියභික්ඛු සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි සත්තහි:
Sinhala BJT2. මහණෙනි, සත් කරුණෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය හා අමනාප හා අගරු හා අභාවනීය හා වෙයි. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ලාභකාමො ච හොති, සක්කාරකාමො ච, අනවඤ්ඤත්තිකාමො ච, අහිරිකො ච, අනොත්තප්පී ච, ඉස්සුකී ච, මච්ඡරී ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේ ද, සත්කාර කැමතියේ ද, ප්‍රසිද්ධිය කැමතියේ ද, හිරි නැතියේ ද, ඔතප් නැතියේ ද, ඊර්‍ෂ්‍යා ඇතියේ ද, මසුරු වූයේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.
Sinhala BJTමහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය හා අමනාප හා අගරු හා අභාවනීය හා වෙයි.
Pali BJTසත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි සත්තහි?
Sinhala BJTමහණෙනි, දහම් සතෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු න ලාභකාමො ච හොති, න සක්කාරකාමො ච, න අනවඤ්ඤත්තිකාමො ච, හිරිමා ච, ඔත්තප්පී ච, අනුස්සුකී ච, අමච්ඡරී ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමැත්තේ නො වෙයි, සත්කාර කැමැත්තේ ද නො වෙයි, යශස් කැමැත්තේ ද නො වෙයි, හිරි ඇත්තේ ද, ඔතප් ඇත්තේ ද, ඊර්‍ෂ්‍යා නැත්තේ ද, මසුරු නො වූයේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සතින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
Pali BJT7. 1. 1. 3.
Sinhala BJT7. 1. 1. 3.
Pali BJT[සඞ්ඛිත්ත සත්තබල සුත්තං]
Sinhala BJT[සඞ්ඛිත්තසත්තබල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. සත්තිමානි භික්ඛවෙ, බලානි. කතමානි සත්ත:
Sinhala BJT3. මහණෙනි, මෙ බලසතෙකි. කවර සතෙක යත්:
Pali BJTසද්ධාබලං, විරියබලං, හිරිබලං, ඔත්තප්පබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ සත්තබලානි.
Sinhala BJTසද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මෙ සත් බල යි.
Pali BJT1. සද්ධාබලං විරියබලං හිරිඔත්තප්පියං බලං{1} සතිබලං සමාධී ච පඤ්ඤා වෙ සත්තමං බලං. එතෙහි බලවා භික්ඛු සුඛං ජීවති පණ්ඩිතො.
Sinhala BJT1. සද්ධාබල විරියබල හිරිබල ඔතප්බල සතිබල සමාධිබල හා සත් වැනි වූ ම පඤ්ඤාබලය යි බල සතෙකි. මෙ බල සතින් යුත් පණ්ඩිත මහණ සුවසේ වෙසේ.
Pali BJT2. යොනිසො විචිනෙ ධම්මං පඤ්ඤායත්ථං විපස්සති. පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො හොති චෙතසො’ති.
Sinhala BJT2. හේ උපායමනස්කාරයෙන් සිවුසස් දහම් විමසන්නේ ය. විවසුන් සහගිය මග නැණින් එහි අරුත් දක්නේ ය. පහන නිවුනු සෙයින් (චරිමක) චිත්තයාගේ විමෝක්‍ෂය (වස්තු ආලම්බනයන්ගෙන් මිදීම) වන්නේ යි.
Pali BJT7. 1. 1. 4.
Sinhala BJT7. 1. 1. 4.
Pali BJT[විත්ථතසත්තබල සුත්තං]
Sinhala BJT[විත්‍ථතසත්තබල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT4. සත්තිමානි භික්ඛවෙ, බලානි. කතමානි සත්ත:
Sinhala BJT4. මහණෙනි, මෙ බල සතෙකි. කවර සතෙක යත්:
Pali BJTසද්ධාබලං, විරියබලං, හිරිබලං, ඔත්තප්පබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.
Sinhala BJTසද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබල, පඤ්ඤාබල යි.
Pali BJT(1) කතමඤ්ච භික්ඛවෙ, සද්ධාබලං:
Sinhala BJT(1) මහණෙනි, සද්ධාබල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ අරියසාවකො සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ඉදං වුච්චති භික්ඛවෙ සද්ධාබලං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරීසවු සැදැහැතියේ වෙයි: “මෙ කරුණෙන් එ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යායෙන් හා චරණයෙන් සම්පන්නහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය (බුදුගුණ) හදහයි. මහණෙනි, මෙ සද්ධාබල යී කියනු ලැබේ.
Pali BJT(2) කතමඤ්ච භික්ඛවෙ, විරියබලං:
Sinhala BJT(2) මහණෙනි, විරියබල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො ආරද්ධවිරියො විහරති: අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. ඉදං වුච්චති භික්ඛවෙ, විරියබලං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභය සඳහා වීර්‍ය්‍ය ඇතියේ දළ පැරැකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො හළ වීර්‍ය්‍යධුර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙ විරිය බල යි කියනු ලැබේ.
Pali BJT(3) කතමඤ්ච භික්ඛවෙ, හිරිබලං:
Sinhala BJT(3) මහණෙනි, හිරිබල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො හිරිමා හොති, හිරීයති කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති භික්ඛවෙ, හිරිබලං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුශලධර්‍මසමාපත්තියෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, මෙ හිරිබල යි කියනු ලැබේ.
Pali BJT(4) කතමඤ්ච භික්ඛවෙ, ඔත්තප්පබලං:
Sinhala BJT(4) මහණෙනි, ඔත්තප්පබල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො ඔත්තප්පී හොති, ඔත්තපති කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, ඔත්තපති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති භික්ඛවෙ, ඔත්තප්පබලං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ඔතප් ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් බානේ වෙයි. ලාමක අකුශල ධර්‍මසමාපත්තියෙන් බියපත් වෙයි. මහණෙනි, මෙ ඔත්තප්පබල යි කියනු ලැබේ.
Pali BJT(5) කතමඤ්ච භික්ඛවෙ, සතිබලං:
Sinhala BJT(5) මහණෙනි, සතිබල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ඉදං වුච්චති භික්ඛවෙ, සතිබලං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරී සවූ සිහි ඇතියේ වෙයි, පරම සතියෙන් හා නිපක භාවයෙන් (නුවණින්) සමන්‍වාගත වූයේ කළ විරූ දෑ හා බිණු විරූ දෑ සිහිපත් කරණුයේ පුනපුනා සිහිපත් කරණුයේ වෙයි. මහණෙනි, මෙ සතිබල යි කියනු ලැබේ.
Pali BJT(6) කතමඤ්ච භික්ඛවෙ, සමාධිබලං:
Sinhala BJT(6) මහණෙනි, සමාධිබල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථංඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති භික්ඛවෙ, සමාධිබලං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරීසවු කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙ සමාධිබල යි කියනු ලැබේ.
Pali BJT(7) කතමඤ්ච භික්ඛවෙ, පඤ්ඤාබලං:
Sinhala BJT(7) මහණෙනි, පඤ්ඤාබල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති භික්ඛවෙ, පඤ්ඤාබලං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරීසවු මොනොවට දුක් ක්‍ෂයවීමට යන, නිර්වේදය (කෙලෙස් විදලීම) ඇසුරු කොට පවත්නා ස්කන්‍ධයන්ගේ උදාවිය පිළිවිදීමට සමත් ආර්‍ය්‍යප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මෙ පඤ්ඤාබල යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, සත්තබලානි.
Sinhala BJTමහණෙනි, මෙ බල සත යි.
Pali BJT3. සද්ධාබලං විරියබලං{1} හිරිඔත්තප්පියං බලං සතිබලං සමාධී ච පඤ්ඤා වෙ සත්තමං බලං. එතෙහි බලවා භික්ඛු සුඛං ජීවති පණ්ඩිතො.
Sinhala BJT3. සද්ධාබල විරියබල හිරිබල ඔත්තප්පියබල සතිබල සමාධිබල සත්වැනි පඤ්ඤාබල යි. මෙ බල සතින් යුත් නැණැති මහණ සුවසේ වෙසේ.
Pali BJT4. යොනිසො විචිනෙ ධම්මං පඤ්ඤායත්ථං විපස්සති පජ්ජොතස්සෙව නිබ්බානං විමොඛො හොති චෙතසො’ති.
Sinhala BJT4. හේ යෝනිසෝමනසිකාරයෙන් චතුස්සත්‍යධර්‍මය විමසනේ ය. විදර්‍ශනාමාර්‍ගප්‍රඥායෙන් අර්‍ත්‍ථය වෙසෙසා දන්නේ ය. පහනක් නිවෙනු සෙයින් ඔහුගේ චිත්තයාගේ විමෝක්‍ෂය වේ ය යි.
Pali BJT7. 1. 1. 5.
Sinhala BJT7. 1. 1. 5.
Pali BJT[සඞ්ඛිත්ත ධනසුත්තං]
Sinhala BJT[සඞ්ඛිත්තධන සූත්‍රය]