Pali BJTවග්ගො සත්තමො
Sinhala BJTසත්වැනි සුවවග යි.
Pali BJT[8. සනිමිත්තවග්ගො]
Sinhala BJT[8. සනිමිත්ත වර්‍ගය]
Pali BJT2. 2. 8. 1.
Sinhala BJT2. 2. 8. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. සනිමිත්තා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අනිමිත්තා. තස්සෙව නිමිත්තස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.{1}
Sinhala BJT27. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිමිත්ත ව උපදිත්. අනිමිත්ත ව නූපදිත්. ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
Pali BJT2. 2. 8. 2.
Sinhala BJT2. 2. 8. 2.
Pali BJT28. සනිදානා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නො අනිදානා. තස්සෙව නිදානස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT28. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිදාන ව උපදිත්. අනිදාන ව නූපදිත්. ඒ නිදානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
Pali BJT2. 2. 8. 3.
Sinhala BJT2. 2. 8. 3.
Pali BJT29. සහෙතුකා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අහෙතුකා. තස්සෙව හෙතුස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT29. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සහේතුක ව උපදිත්. අහේතුක ව නූපදිත්. ඒ හේතුහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
Pali BJT2. 2. 8. 4.
Sinhala BJT2. 2. 8. 4.
Pali BJT30. සප්පච්චයා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අප්පච්චයා. තස්සෙව පච්චයස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT30. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංස්කාර සහිත ව උපදිත්. සංස්කාර රහිත ව නූපදිත්. ඒ සංස්කාරයන්ගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
Pali BJT2. 2. 8. 5.
Sinhala BJT2. 2. 8. 5.
Pali BJT31. සරූපා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අරූපා. තස්සෙව රූපස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT31. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ ප්‍රත්‍යය සහිත ව උපදිත්. ප්‍රත්‍යය රහිත ව නූපදිත්. ඒ ප්‍රත්‍යයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශල ධර්‍මයෝ නො වෙත් ය යි.
Pali BJT2. 2. 8. 6.
Sinhala BJT2. 2. 8. 6.
Pali BJT32. සවෙදනා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අවෙදනා. තස්සායෙව වෙදනාය පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT32. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ රූපසහිත ව උපදනාහ. රූප රහිත ව නූපදනාහ. ඒ රූපයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
Pali BJT2. 2. 8. 7.
Sinhala BJT2. 2. 8. 7.
Pali BJT33. සසඤ්ඤා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අසඤ්ඤා. තස්සායෙව සඤ්ඤාය පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT33. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ වේදනා සහිත ව උපදනා හ. වේදනා රහිත ව නූපදනා හ. ඒ වේදනාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
Pali BJT2. 2. 8. 8.
Sinhala BJT2. 2. 8. 8.
Pali BJT34. සසඞ්ඛාරා, භික්ඛවෙ, උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අසඞ්ඛාරා. තෙසංයෙව සඞ්ඛාරානං පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT34. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංඥා සහිත ව උපදනාහ. සංඥා රහිත ව නූපදනාහ. ඒ සංඥාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නොවන්නා හයි.
Pali BJT2. 2. 8. 9.
Sinhala BJT2. 2. 8. 9.
Pali BJT35. සවිඤ්ඤාණා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අවිඤ්ඤාණා. තස්සෙව විඤ්ඤාණස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT35. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ විඥාන සහිත ව උපදනාහ. විඥාන රහිත ව නූපදනාහ. ඒ විඥානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
Pali BJT2. 2. 8. 10.
Sinhala BJT2. 2. 8. 10.
Pali BJT36. සඞ්ඛතාරම්මණා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අසඞ්ඛතාරම්මණා. තස්සෙව සඞ්ඛතස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.
Sinhala BJT36. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ (හේතුප්‍රත්‍යයෙන් උපන්) සංස්කෘතය අරමුණු කොට උපදනාහ. (හේතුප්‍රත්‍යයෙන් නූපන්) අසංස්කෘතය අරමුණු කොට නූපදනාහ. ඒ සඞ්ඛතයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
Pali BJTවග්ගො අට්ඨමො
Sinhala BJTඅටවන වග යි.
Pali BJT[9. ධම්මවග්ගො]
Sinhala BJT[9. ධර්‍ම වර්‍ගය]
Pali BJT2. 2. 9. 1.
Sinhala BJT2. 2. 9. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT37. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: චෙතොවිමුත්ති ච පඤ්ඤාවිමුත්ති ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT37. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලසමාධි සඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තිය හා (ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
Pali BJT2. 2. 9. 2.
Sinhala BJT2. 2. 9. 2.
Pali BJT38. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: පග්ගහො ච අවික්ඛෙපො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT38. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (වීර්‍ය්‍යසඞ්ඛ්‍යාත) ප්‍රග්‍රාහය හා (චිතෛතකාග්‍රතා සඞ්ඛ්‍යාත) අවික්‍ෂේපය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
Pali BJT2. 2. 9. 3.
Sinhala BJT2. 2. 9. 3.
Pali BJT39. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: නාමඤ්ච, රූපඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT39. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අරූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) නාමය හා රූප (ස්කන්‍ධ) ය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
Pali BJT2. 2. 9. 4.
Sinhala BJT2. 2. 9. 4.
Pali BJT40. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: විජ්ජා ච විමුත්ති ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT40. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව හා (ඵලඥාන සම්ප්‍රයුක්ත සෙසු ධර්‍ම සඞ්ඛ්‍යාත) විමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
Pali BJT2. 2. 9. 5.
Sinhala BJT2. 2. 9. 5.
Pali BJT41. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: භවදිට්ඨි ච විභවදිට්ඨි ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT41. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ශාශ්වත සඞ්ඛ්‍යාත) භවදෘෂ්ටිය හා (උච්ඡේද සඞ්ඛ්‍යාත) විභවදෘෂටිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
Pali BJT2. 2. 9. 6.
Sinhala BJT2. 2. 9. 6.
Pali BJT42. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: අහිරිකඤ්ච අනොත්තප්පඤ්ච . ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT42. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා නැති බව වූ) අහ්‍රිකය හා (පවට නො බානා බව වූ) අනපත්‍රපාව හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
Pali BJT2. 2. 9. 7.
Sinhala BJT2. 2. 9. 7.
Pali BJT43. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: හිරි ච ඔත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT43. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා ඇති බව වූ) හ්‍රීය හා (පවට බානා බව වූ) අපත්‍රපාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
Pali BJT2. 2. 9. 8.
Sinhala BJT2. 2. 9. 8.
Pali BJT44. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: දොවචස්සතා ච පාපමිත්තතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT44. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා නොපිළිගන්නා බව වූ) දෝවචස්සතාව හා (පවිටු මිතුරන් සෙවුනා බව වූ) පාපමිත්තතාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
Pali BJT2. 2. 9. 9.
Sinhala BJT2. 2. 9. 9.
Pali BJT45. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සොවචස්සතා ච කල්යාණමිත්තතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT45. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා පිළිගන්නා බව වූ) සොවචස්සතාව හා (කලණමිතුරන් සෙවුනා බව වූ) කල්‍යාණමිත්තතාව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
Pali BJT2. 2. 9. 10.
Sinhala BJT2. 2. 9. 10.
Pali BJT46. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: ධාතුකුසලතා ච මනසිකාරකුසලතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT46. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂටාදශ) ධාතුන් දැනීමෙහි දක්‍ෂ බව හා (ඒ) ධාතුන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීමෙහි දක්‍ෂ බව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
Pali BJT2. 2. 9. 11.
Sinhala BJT2. 2. 9. 11.
Pali BJT47. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: ආපත්තිකුසලතා ච ආපත්තිඋට්ඨානකුසලතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT47. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: සප්තාපත්තිස්කන්‍ධයන් දැනීමෙහි දක්‍ෂ බව හා ඇවැතින් නැගීසිටීමෙහි දක්‍ෂ බව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
Pali BJTවග්ගො නවමො
Sinhala BJTනවවන වග යි.
Pali BJT[10. බාලවග්ගො]
Sinhala BJT[10. බාල වර්‍ගය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. 2. 10. 1.
Sinhala BJT2. 2. 10. 1.
Pali BJT48. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අනාගතං භාරං වහති, යො ච ආගතං භාරං න වහති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT48. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙක් නො පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් පැමිණි බර නො උසුලනුයේ නම් හේය යන මේ දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 2.
Sinhala BJT2. 2. 10. 2.
Pali BJT49. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච ආගතං භාරං වහති, යො ච අනාගතං භාරං න වහති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT49. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් නො පැමිණි බර නො උසුලනුයේ ද යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 3.
Sinhala BJT2. 2. 10. 3.
Pali BJT50. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අකප්පියෙ කප්පියසඤ්ඤී, යො ච කප්පියෙ අකප්පියසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT50. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 4.
Sinhala BJT2. 2. 10. 4.
Pali BJT51. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච අකප්පියෙ අකප්පියසඤ්ඤී, යො ච කප්පියෙ කප්පියසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT51. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 5.
Sinhala BJT2. 2. 10. 5.
Pali BJT52. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අනාපත්තියා ආපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT52. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 6.
Sinhala BJT2. 2. 10. 6.
Pali BJT53. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා ආපත්තිසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT53. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි අනාපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 7.
Sinhala BJT2. 2. 10. 7.
Pali BJT54. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අධම්මෙ ධම්මසඤ්ඤී, යො ච ධම්මෙ අධම්මසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT54. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 8.
Sinhala BJT2. 2. 10. 8.
Pali BJT55. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච අධම්මෙ අධම්මසඤ්ඤී, යො ච ධම්මෙ ධම්මසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT55. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 9.
Sinhala BJT2. 2. 10. 9.
Pali BJT56. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අවිනයෙ විනයසඤ්ඤී, යො ච විනයෙ අවිනයසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT56. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනය සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 10.
Sinhala BJT2. 2. 10. 10.
Pali BJT57. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච අවිනයෙ අවිනයසඤ්ඤී, යො ච විනයෙ විනයසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT57. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: අවිනයෙහි අවිනයසංඥා ඇති යමෙකුත් වේ ද, විනයෙහි විනයසංඥා ඇති යමෙකුත් වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
Pali BJT2. 2. 10. 11.
Sinhala BJT2. 2. 10. 11.
Pali BJT58. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති, යො ච කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.
Sinhala BJT58. මහණෙනි, දෙදෙනකුන්ට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ටය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනහට ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
Pali BJT2. 2. 10. 12.
Sinhala BJT2. 2. 10. 12.
Pali BJT59. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච න කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති, යො ච කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT59. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
Pali BJT2. 2. 10. 13.
Sinhala BJT2. 2. 10. 13.
Pali BJT60. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අකප්පියෙ කප්පියසඤ්ඤී, යො ච කප්පියෙ අකප්පියසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.
Sinhala BJT60. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි නො කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
Pali BJT2. 2. 10. 14.
Sinhala BJT2. 2. 10. 14.
Pali BJT61. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අකප්පියෙ අකප්පියසඤ්ඤී, යො ච කප්පියෙ කප්පියසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT61. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
Pali BJT2. 2. 10. 15.
Sinhala BJT2. 2. 10. 15.
Pali BJT62. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අනාපත්තියා ආපත්තිසඤ්ඤීඅ, යො ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.
Sinhala BJT62. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
Pali BJT2. 2. 10. 16.
Sinhala BJT2. 2. 10. 16.
Pali BJT63. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා ආපත්තිසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT63. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් අනාපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
Pali BJT2. 2. 10. 17.
Sinhala BJT2. 2. 10. 17.
Pali BJT64. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අධම්මෙ ධම්මසඤ්ඤී, යො ච ධම්මෙ අධම්මසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.
Sinhala BJT64. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
Pali BJT2. 2. 10. 18.
Sinhala BJT2. 2. 10. 18.
Pali BJT65. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අධම්මෙ අධම්මසඤ්ඤී, යො ච ධම්මෙ ධම්මසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT65. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
Pali BJT2. 2. 10. 19.
Sinhala BJT2. 2. 10. 19.
Pali BJT66. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අවිනයෙ විනයසඤ්ඤී, යො ච විනයෙ අවිනයසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.{1}
Sinhala BJT66. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
Pali BJT2. 2. 10. 20.
Sinhala BJT2. 2. 10. 20.
Pali BJT67. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අවිනයෙ අවිනයසඤ්ඤී, යො ච විනයෙ විනයසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT67. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
Pali BJTවග්ගො දසමො.
Sinhala BJTදසවන වගයි.
Pali BJTදුතියො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTදෙවන පණ්ණාසකය සමාප්තයි.
Pali BJTතතියො පණ්ණාසකො
Sinhala BJTතෙවන පණ්ණාසකය
Pali BJT[11. ආසාවග්ගො]
Sinhala BJT[11. ආසා වර්‍ගය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. 3. 11. 1.
Sinhala BJT2. 3. 11. 1.
Pali BJT1. ද්වෙමා භික්ඛවෙ ආසා දුප්පජහා. කතමා ද්වෙ: ලාභාසා ච, ජීවිතාසා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ ආසා දුප්පජහාති.
Sinhala BJT1. මහණෙනි, මේ ආශාවෝ දෙදෙනෙක් හැරැලීමට දුෂ්කර වෙත්. කවර දෙදෙනෙක යත්: ලාභාශාව හා ජීවිතාශාව යන දෙකය. මහණෙනි, මේ ආශාවෝ දෙදෙන හැරැලීමට දුෂ්කර වෙත් ය යි.
Pali BJT2. 3. 11. 2.
Sinhala BJT2. 3. 11. 2.
Pali BJT2. ද්වෙමෙ භික්ඛවෙ පුග්ගලා දුල්ලභා ලොකස්මිං. කතමෙ ද්වෙ : යො ච පුබ්බකාරී, යො ච කතඤ්ඤූ කතවෙදී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පුග්ගලා දුල්ලභා ලොකස්මින්ති.{2}
Sinhala BJT2. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පළමු ම උපකාර කරන්නේ වේ ද, යමෙකුත් කෘතඥ වූයේ කෘතවේදී වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි දුලබ වෙත් ය යි.