Aṅguttara Nikāya

Numerical Discourses

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 901-1000 න් 16006

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
an-2:156.15
Pali BJTවග්ගො සත්තමො
Sinhala BJTසත්වැනි සුවවග යි.
an-2:158.1
Pali BJT[8. සනිමිත්තවග්ගො]
Sinhala BJT[8. සනිමිත්ත වර්‍ගය]
an-2:158.2
Pali BJT2. 2. 8. 1.
Sinhala BJT2. 2. 8. 1.
an-2:158.3
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
an-2:158.4
Pali BJT27. සනිමිත්තා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අනිමිත්තා. තස්සෙව නිමිත්තස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.{1}
Sinhala BJT27. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිමිත්ත ව උපදිත්. අනිමිත්ත ව නූපදිත්. ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.5
Pali BJT2. 2. 8. 2.
Sinhala BJT2. 2. 8. 2.
an-2:158.6
Pali BJT28. සනිදානා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නො අනිදානා. තස්සෙව නිදානස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT28. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිදාන ව උපදිත්. අනිදාන ව නූපදිත්. ඒ නිදානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.7
Pali BJT2. 2. 8. 3.
Sinhala BJT2. 2. 8. 3.
an-2:158.8
Pali BJT29. සහෙතුකා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අහෙතුකා. තස්සෙව හෙතුස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT29. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සහේතුක ව උපදිත්. අහේතුක ව නූපදිත්. ඒ හේතුහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.9
Pali BJT2. 2. 8. 4.
Sinhala BJT2. 2. 8. 4.
an-2:158.10
Pali BJT30. සප්පච්චයා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අප්පච්චයා. තස්සෙව පච්චයස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT30. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංස්කාර සහිත ව උපදිත්. සංස්කාර රහිත ව නූපදිත්. ඒ සංස්කාරයන්ගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.11
Pali BJT2. 2. 8. 5.
Sinhala BJT2. 2. 8. 5.
an-2:158.12
Pali BJT31. සරූපා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අරූපා. තස්සෙව රූපස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT31. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ ප්‍රත්‍යය සහිත ව උපදිත්. ප්‍රත්‍යය රහිත ව නූපදිත්. ඒ ප්‍රත්‍යයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශල ධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.13
Pali BJT2. 2. 8. 6.
Sinhala BJT2. 2. 8. 6.
an-2:158.14
Pali BJT32. සවෙදනා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අවෙදනා. තස්සායෙව වෙදනාය පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT32. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ රූපසහිත ව උපදනාහ. රූප රහිත ව නූපදනාහ. ඒ රූපයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
an-2:158.15
Pali BJT2. 2. 8. 7.
Sinhala BJT2. 2. 8. 7.
an-2:158.16
Pali BJT33. සසඤ්ඤා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අසඤ්ඤා. තස්සායෙව සඤ්ඤාය පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT33. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ වේදනා සහිත ව උපදනා හ. වේදනා රහිත ව නූපදනා හ. ඒ වේදනාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
an-2:158.17
Pali BJT2. 2. 8. 8.
Sinhala BJT2. 2. 8. 8.
an-2:158.18
Pali BJT34. සසඞ්ඛාරා, භික්ඛවෙ, උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අසඞ්ඛාරා. තෙසංයෙව සඞ්ඛාරානං පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT34. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංඥා සහිත ව උපදනාහ. සංඥා රහිත ව නූපදනාහ. ඒ සංඥාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නොවන්නා හයි.
an-2:160.1
Pali BJT2. 2. 8. 9.
Sinhala BJT2. 2. 8. 9.
an-2:160.2
Pali BJT35. සවිඤ්ඤාණා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අවිඤ්ඤාණා. තස්සෙව විඤ්ඤාණස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්ති.
Sinhala BJT35. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ විඥාන සහිත ව උපදනාහ. විඥාන රහිත ව නූපදනාහ. ඒ විඥානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
an-2:160.3
Pali BJT2. 2. 8. 10.
Sinhala BJT2. 2. 8. 10.
an-2:160.4
Pali BJT36. සඞ්ඛතාරම්මණා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අසඞ්ඛතාරම්මණා. තස්සෙව සඞ්ඛතස්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.
Sinhala BJT36. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ (හේතුප්‍රත්‍යයෙන් උපන්) සංස්කෘතය අරමුණු කොට උපදනාහ. (හේතුප්‍රත්‍යයෙන් නූපන්) අසංස්කෘතය අරමුණු කොට නූපදනාහ. ඒ සඞ්ඛතයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
an-2:160.5
Pali BJTවග්ගො අට්ඨමො
Sinhala BJTඅටවන වග යි.
an-2:160.6
Pali BJT[9. ධම්මවග්ගො]
Sinhala BJT[9. ධර්‍ම වර්‍ගය]
an-2:160.7
Pali BJT2. 2. 9. 1.
Sinhala BJT2. 2. 9. 1.
an-2:160.8
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
an-2:160.9
Pali BJT37. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: චෙතොවිමුත්ති ච පඤ්ඤාවිමුත්ති ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT37. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලසමාධි සඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තිය හා (ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
an-2:160.10
Pali BJT2. 2. 9. 2.
Sinhala BJT2. 2. 9. 2.
an-2:160.11
Pali BJT38. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: පග්ගහො ච අවික්ඛෙපො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT38. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (වීර්‍ය්‍යසඞ්ඛ්‍යාත) ප්‍රග්‍රාහය හා (චිතෛතකාග්‍රතා සඞ්ඛ්‍යාත) අවික්‍ෂේපය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
an-2:160.12
Pali BJT2. 2. 9. 3.
Sinhala BJT2. 2. 9. 3.
an-2:160.13
Pali BJT39. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: නාමඤ්ච, රූපඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT39. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අරූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) නාමය හා රූප (ස්කන්‍ධ) ය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
an-2:160.14
Pali BJT2. 2. 9. 4.
Sinhala BJT2. 2. 9. 4.
an-2:160.15
Pali BJT40. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: විජ්ජා ච විමුත්ති ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT40. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව හා (ඵලඥාන සම්ප්‍රයුක්ත සෙසු ධර්‍ම සඞ්ඛ්‍යාත) විමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
an-2:160.16
Pali BJT2. 2. 9. 5.
Sinhala BJT2. 2. 9. 5.
an-2:160.17
Pali BJT41. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: භවදිට්ඨි ච විභවදිට්ඨි ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT41. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ශාශ්වත සඞ්ඛ්‍යාත) භවදෘෂ්ටිය හා (උච්ඡේද සඞ්ඛ්‍යාත) විභවදෘෂටිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
an-2:162.1
Pali BJT2. 2. 9. 6.
Sinhala BJT2. 2. 9. 6.
an-2:162.2
Pali BJT42. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: අහිරිකඤ්ච අනොත්තප්පඤ්ච . ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT42. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා නැති බව වූ) අහ්‍රිකය හා (පවට නො බානා බව වූ) අනපත්‍රපාව හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
an-2:162.3
Pali BJT2. 2. 9. 7.
Sinhala BJT2. 2. 9. 7.
an-2:162.4
Pali BJT43. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: හිරි ච ඔත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT43. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා ඇති බව වූ) හ්‍රීය හා (පවට බානා බව වූ) අපත්‍රපාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
an-2:162.5
Pali BJT2. 2. 9. 8.
Sinhala BJT2. 2. 9. 8.
an-2:162.6
Pali BJT44. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: දොවචස්සතා ච පාපමිත්තතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT44. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා නොපිළිගන්නා බව වූ) දෝවචස්සතාව හා (පවිටු මිතුරන් සෙවුනා බව වූ) පාපමිත්තතාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
an-2:162.7
Pali BJT2. 2. 9. 9.
Sinhala BJT2. 2. 9. 9.
an-2:162.8
Pali BJT45. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සොවචස්සතා ච කල්යාණමිත්තතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT45. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා පිළිගන්නා බව වූ) සොවචස්සතාව හා (කලණමිතුරන් සෙවුනා බව වූ) කල්‍යාණමිත්තතාව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
an-2:162.9
Pali BJT2. 2. 9. 10.
Sinhala BJT2. 2. 9. 10.
an-2:162.10
Pali BJT46. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: ධාතුකුසලතා ච මනසිකාරකුසලතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT46. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂටාදශ) ධාතුන් දැනීමෙහි දක්‍ෂ බව හා (ඒ) ධාතුන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීමෙහි දක්‍ෂ බව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
an-2:162.11
Pali BJT2. 2. 9. 11.
Sinhala BJT2. 2. 9. 11.
an-2:162.12
Pali BJT47. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: ආපත්තිකුසලතා ච ආපත්තිඋට්ඨානකුසලතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT47. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: සප්තාපත්තිස්කන්‍ධයන් දැනීමෙහි දක්‍ෂ බව හා ඇවැතින් නැගීසිටීමෙහි දක්‍ෂ බව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
an-2:162.13
Pali BJTවග්ගො නවමො
Sinhala BJTනවවන වග යි.
an-2:162.14
Pali BJT[10. බාලවග්ගො]
Sinhala BJT[10. බාල වර්‍ගය]
an-2:162.15
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
an-2:162.16
Pali BJT2. 2. 10. 1.
Sinhala BJT2. 2. 10. 1.
an-2:162.17
Pali BJT48. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අනාගතං භාරං වහති, යො ච ආගතං භාරං න වහති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT48. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙක් නො පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් පැමිණි බර නො උසුලනුයේ නම් හේය යන මේ දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:162.18
Pali BJT2. 2. 10. 2.
Sinhala BJT2. 2. 10. 2.
an-2:162.19
Pali BJT49. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච ආගතං භාරං වහති, යො ච අනාගතං භාරං න වහති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT49. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් නො පැමිණි බර නො උසුලනුයේ ද යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:164.1
Pali BJT2. 2. 10. 3.
Sinhala BJT2. 2. 10. 3.
an-2:164.2
Pali BJT50. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අකප්පියෙ කප්පියසඤ්ඤී, යො ච කප්පියෙ අකප්පියසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT50. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:164.3
Pali BJT2. 2. 10. 4.
Sinhala BJT2. 2. 10. 4.
an-2:164.4
Pali BJT51. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච අකප්පියෙ අකප්පියසඤ්ඤී, යො ච කප්පියෙ කප්පියසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT51. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:164.5
Pali BJT2. 2. 10. 5.
Sinhala BJT2. 2. 10. 5.
an-2:164.6
Pali BJT52. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අනාපත්තියා ආපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT52. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:164.7
Pali BJT2. 2. 10. 6.
Sinhala BJT2. 2. 10. 6.
an-2:164.8
Pali BJT53. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා ආපත්තිසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT53. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි අනාපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:164.9
Pali BJT2. 2. 10. 7.
Sinhala BJT2. 2. 10. 7.
an-2:164.10
Pali BJT54. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අධම්මෙ ධම්මසඤ්ඤී, යො ච ධම්මෙ අධම්මසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT54. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:164.11
Pali BJT2. 2. 10. 8.
Sinhala BJT2. 2. 10. 8.
an-2:164.12
Pali BJT55. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච අධම්මෙ අධම්මසඤ්ඤී, යො ච ධම්මෙ ධම්මසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT55. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:164.13
Pali BJT2. 2. 10. 9.
Sinhala BJT2. 2. 10. 9.
an-2:164.14
Pali BJT56. ද්වෙමෙ භික්ඛවෙ බාලා. කතමෙ ද්වෙ: යො ච අවිනයෙ විනයසඤ්ඤී, යො ච විනයෙ අවිනයසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බාලාති.
Sinhala BJT56. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනය සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:164.15
Pali BJT2. 2. 10. 10.
Sinhala BJT2. 2. 10. 10.
an-2:164.16
Pali BJT57. ද්වෙමෙ භික්ඛවෙ පණ්ඩිතා. කතමෙ ද්වෙ: යො ච අවිනයෙ අවිනයසඤ්ඤී, යො ච විනයෙ විනයසඤ්ඤී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතාති.
Sinhala BJT57. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: අවිනයෙහි අවිනයසංඥා ඇති යමෙකුත් වේ ද, විනයෙහි විනයසංඥා ඇති යමෙකුත් වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:166.1
Pali BJT2. 2. 10. 11.
Sinhala BJT2. 2. 10. 11.
an-2:166.2
Pali BJT58. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති, යො ච කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.
Sinhala BJT58. මහණෙනි, දෙදෙනකුන්ට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ටය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනහට ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:166.3
Pali BJT2. 2. 10. 12.
Sinhala BJT2. 2. 10. 12.
an-2:166.4
Pali BJT59. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච න කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති, යො ච කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT59. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:166.5
Pali BJT2. 2. 10. 13.
Sinhala BJT2. 2. 10. 13.
an-2:166.6
Pali BJT60. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අකප්පියෙ කප්පියසඤ්ඤී, යො ච කප්පියෙ අකප්පියසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.
Sinhala BJT60. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි නො කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:166.7
Pali BJT2. 2. 10. 14.
Sinhala BJT2. 2. 10. 14.
an-2:166.8
Pali BJT61. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අකප්පියෙ අකප්පියසඤ්ඤී, යො ච කප්පියෙ කප්පියසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT61. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:166.9
Pali BJT2. 2. 10. 15.
Sinhala BJT2. 2. 10. 15.
an-2:166.10
Pali BJT62. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අනාපත්තියා ආපත්තිසඤ්ඤීඅ, යො ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.
Sinhala BJT62. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:166.11
Pali BJT2. 2. 10. 16.
Sinhala BJT2. 2. 10. 16.
an-2:166.12
Pali BJT63. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා ආපත්තිසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT63. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් අනාපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:166.13
Pali BJT2. 2. 10. 17.
Sinhala BJT2. 2. 10. 17.
an-2:166.14
Pali BJT64. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අධම්මෙ ධම්මසඤ්ඤී, යො ච ධම්මෙ අධම්මසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.
Sinhala BJT64. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:166.15
Pali BJT2. 2. 10. 18.
Sinhala BJT2. 2. 10. 18.
an-2:166.16
Pali BJT65. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අධම්මෙ අධම්මසඤ්ඤී, යො ච ධම්මෙ ධම්මසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT65. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:168.1
Pali BJT2. 2. 10. 19.
Sinhala BJT2. 2. 10. 19.
an-2:168.2
Pali BJT66. ද්වින්නං භික්ඛවෙ ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අවිනයෙ විනයසඤ්ඤී, යො ච විනයෙ අවිනයසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.{1}
Sinhala BJT66. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:168.3
Pali BJT2. 2. 10. 20.
Sinhala BJT2. 2. 10. 20.
an-2:168.4
Pali BJT67. ද්වින්නං භික්ඛවෙ ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං: යො ච අවිනයෙ අවිනයසඤ්ඤී, යො ච විනයෙ විනයසඤ්ඤී. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.
Sinhala BJT67. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:168.5
Pali BJTවග්ගො දසමො.
Sinhala BJTදසවන වගයි.
an-2:168.6
Pali BJTදුතියො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTදෙවන පණ්ණාසකය සමාප්තයි.
an-2:168.7
Pali BJTතතියො පණ්ණාසකො
Sinhala BJTතෙවන පණ්ණාසකය
an-2:168.8
Pali BJT[11. ආසාවග්ගො]
Sinhala BJT[11. ආසා වර්‍ගය]
an-2:168.9
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
an-2:168.10
Pali BJT2. 3. 11. 1.
Sinhala BJT2. 3. 11. 1.
an-2:168.11
Pali BJT1. ද්වෙමා භික්ඛවෙ ආසා දුප්පජහා. කතමා ද්වෙ: ලාභාසා ච, ජීවිතාසා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ ආසා දුප්පජහාති.
Sinhala BJT1. මහණෙනි, මේ ආශාවෝ දෙදෙනෙක් හැරැලීමට දුෂ්කර වෙත්. කවර දෙදෙනෙක යත්: ලාභාශාව හා ජීවිතාශාව යන දෙකය. මහණෙනි, මේ ආශාවෝ දෙදෙන හැරැලීමට දුෂ්කර වෙත් ය යි.
an-2:168.12
Pali BJT2. 3. 11. 2.
Sinhala BJT2. 3. 11. 2.
an-2:168.13
Pali BJT2. ද්වෙමෙ භික්ඛවෙ පුග්ගලා දුල්ලභා ලොකස්මිං. කතමෙ ද්වෙ : යො ච පුබ්බකාරී, යො ච කතඤ්ඤූ කතවෙදී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පුග්ගලා දුල්ලභා ලොකස්මින්ති.{2}
Sinhala BJT2. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පළමු ම උපකාර කරන්නේ වේ ද, යමෙකුත් කෘතඥ වූයේ කෘතවේදී වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි දුලබ වෙත් ය යි.