Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 4101-4200 න් 7971

147-148. තව ද යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
149. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
150. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
151. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
තව ද යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
152-153. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණයැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
154. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
155. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. පටිඝානුසය ද අප්‍රහීණ යි.
156-157. යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණයැ, මානානුසය ද අප්‍රහීණ යි.
158. යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය අප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ද අප්‍රහීණයැ. භවරාගානුසය ද අප්‍රහීණ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
159. යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, මානානුසය ද අප්‍රහීණ යි.
160-162. යම් තැනෙක දිට්ඨානුසය අප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
163. යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, භවරාගානුසය ද අප්‍රහීණ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
164. යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
165. යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, භවරාගානුසය ද අප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. (දූකමූලක යි.)
171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණවී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (තිකමූලක යි.)
175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ... (චතුක්‍කමූලක යි.)
178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුත්තාහ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)
ප්‍රතිලෝමාවකාශ යි.
181. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
තව ද යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
182. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ද අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට මානානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය නො ද අප්‍රහීණ යි.
183-184. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය ද අප්‍රහීණයැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
185. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යි.
186. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිහට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
187. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
තව ද යමක්හට යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
188-189. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය ද අප්‍රහීණයැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
190. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
191. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
192-193. යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, මානානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, මානානුසය ද අප්‍රහීණ යි.
194. යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: සිවුවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය ද අප්‍රහීණ යැ, භවරාගානුසය ද අප්‍රහීණ යි.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
195. යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: සිවුවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, මානානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, මානානුසය ද අප්‍රහීණ යි.
196-198. යමකුට යම් තැනෙක දිට්ඨානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. ...
199. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හටම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ද අප්‍රහීණ යි.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි භවරාගානුසය අප්‍රහීණ යැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි භවරාගානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
200. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
201. යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණවී ද යත්: සිවුවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, භවරාගානුසය ද අප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
202. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
203-204. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
205. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
206. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය නො ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි. (දූකමූලක යි.)
207-208. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද ඔහුට එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
209. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
210. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය නො ද අප්‍රහීණ යැ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ.
කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (තිකමූලක යි.)
211-213. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. … (චතුක්‍කමූලක යි.)