Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTයමකප්පකරණං
Sinhala BJTයමකප්‍රකරණ
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. මූලයමකං
Sinhala BJT1. මූලයමකය
Pali BJT1. පඤ්ඤත්ති උද්දෙසවාරො
Sinhala BJT1. ප්‍රඥප්ති උද්දේශවාර
Pali BJT1. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලා, යෙ වා පන කුසලමූලා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT1. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල වෙත් ද, යළි යම් කුශලමූල කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT2. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන එකමූලා, යෙ වා පන කුසලමූලෙන එකමූලා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT2. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි කුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT3. යෙ කෙචි කුසලමූලෙන එකමූලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලා, යෙ වා පන කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT3. කුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT4. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලමූලා, යෙ වා පන කුසලමූලමූලා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT4. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශලමූල සඞ්ඛ්‍යාත මූල (ධර්‍ම) වෙත් ද, යළි කුශලමූල මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT5. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන එකමූලමූලා, යෙ වා පන කුසලමූලෙන එකමූලමූලා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT5. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල වෙත් ද, යළි කුශල මූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT6. යෙ කෙචි කුසලමූලෙන එකමූලමූලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා, යෙ වා පන කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT6. කුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT7. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලකා, යෙ වා පන කුසලමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT7. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT8. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන එකමූලකා, යෙ වා පන කුසලමූලෙන එකමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT8. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇත්තාහු වෙත් ද, යළි කුශල මූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT9. යෙ කෙචි කුසලමූලෙන එකමූලකා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා, යෙ වා පන කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT9. කුශලමූල විසින් ඒකමූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT10. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලකා, යෙ වා පන කුසලමූලමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT10. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල සංඛ්‍යාත මූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල සහිත මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT11. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන එකමූලමූලකා, යෙ වා පන කුසලමූලෙන එකමූලමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT11. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJT12. යෙ කෙචි කුසලමූලෙන එකමූලමූලකා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා, යෙ වා පන කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා{1} සබ්බෙ තෙ ධම්මා කුසලා.
Sinhala BJT12. කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍ය මූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍ය මූල වු මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
Pali BJTකුසලපදනයචතුක්කං.
Sinhala BJTකුශලපද නය චතුෂ්ක යි.
Pali BJT13. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලා, යෙ වා පන අකුසලමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT13. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වෙත් ද, යළි අකුශලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT14. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන එකමූලා, යෙ වා පන අකුසලමූලෙන එකමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT14. අකුශල ස්වභාව වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි අකුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT15. යෙ කෙචි අකුසලමූලෙන එකමූලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලා, යෙ වා පන අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT15. අකුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT16. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලමූලා, යෙ වා පන අකුසලමූලමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT16. අකුශල ස්වභාව වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වූ මූල වෙත් ද, යළි අකුශලමූල සඞ්ඛ්‍යාත මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT17. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන එකමූලමූලා, යෙ වා පන අකුසලමූලෙන එකමූලමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT17. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද, යළි අකුශල මූල විසින් ඒකමූල සඞ්ඛ්‍යාත මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT18. යෙ කෙචි අකුසලමූලෙන එකමූලමූලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා, යෙ වා පන අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT18. අකුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT19. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලකා, යෙ වා පන අකුසල මූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT19. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT20. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන එකමූලකා, යෙ වා පන අකුසලමූලෙන එකමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT20. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT21. යෙ කෙචි අකුසලමූලෙන එකමූලකා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා. යෙ වා පන අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT21. අකුශලමූල විසින් ඒකමූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT22. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලමූලකා, යෙ වා පන අකුසලමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT22. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අකුශලමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT23. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන එකමූලමූලකා, යෙ වා පන අකුසලමූලෙන එකමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT23. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJT24. යෙ කෙචි අකුසලමූලෙන එකමූලමූලකා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා, යෙ වා පන අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලා.
Sinhala BJT24. අකුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇත්තාවූ ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල මූල ඇති ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
Pali BJTඅකුසලපදනයචතුක්කං.
Sinhala BJTඅකුශලපද නය චතුෂ්ක යි.
Pali BJT25. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලා, යෙ වා පන අබ්යාකතමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT25. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘක වෙත් ද,
Pali BJT26. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන එකමූලා, යෙ වා පන අබ්යාකතමූලෙන එකමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT26. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් එක් මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJT27. යෙ කෙචි අබ්යාකතමූලෙන එකමූලා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලා, යෙ වා පන අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT27. අව්‍යායකෘතමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJT28. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලමූලා, යෙ වා පන අබ්යාකතමූලමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT28. අව්‍යායකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වූ මූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල සඞ්ඛ්‍යාත මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJT29. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන එකමූලමූලා, යෙ වා පන අබ්යාකතමූලෙන එකමූලමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT29. අව්‍යයාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJT30. යෙ කෙචි අබ්යාකතමූලෙන එකමූලමූලා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා, යෙ වා පන අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT30. අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJT31. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලකා, යෙ වා පන අබ්යාකතමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT31. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJT32. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන එකමූලකා, යෙ වා පන අබ්යාකතමූලෙන එකමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT32. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJT33. යෙ කෙචි අබ්යාකතමූලෙන එකමූලකා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා, යෙ වා පන අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT33. අව්‍යාකෘතමූල විසින් ඒකමූල (සමානමූල) ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJT34. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලමූලකා, යෙ වා පන අබ්යාකතමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT34. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද,
Pali BJT35. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන එකමූලමූලකා, යෙ වා පන අබ්යාකතමූලෙන එකමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT35. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJT36. යෙ කෙචි අබ්යාකතමූලෙන එකමූලමූලකා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා, යෙ වා පන අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතා.
Sinhala BJT36. අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යෝන්‍යමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යෝන්‍යමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
Pali BJTඅබ්යාකතපදනයචතුක්කං.
Sinhala BJTඅව්‍යාකෘතපද නයචතුෂ්ක යි.
Pali BJT37. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලා, යෙ වා පන නාමමූලා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT37. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල වෙත් ද, යළි නාමමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT38. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන එකමූලා, යෙ වා පන නාමමූලෙන එකමූලා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT38. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාම මූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT39. යෙ කෙචි නාමමූලෙන එකමූලා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලා, යෙ වා පන නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT39. නාමමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT40. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලමූලා, යෙ වා පන නාමමූලමූලා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT40. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද, යළි නාමමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT41. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන එකමූලමූලා, යෙ වා පන නාමමූලෙන එකමූලමූලා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT41. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT42. යෙ කෙචි නාමමූලෙන එකමූලමූලා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා, යෙ වා පන නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT42. නාමමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අනෝ’න්‍යමූල වූ මූල වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT43. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලකා, යෙ වා පන නාමමූලකා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT43. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT44. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන එකමූලකා, යෙ වා පන නාමමූලෙන එකමූලකා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT44. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT45. යෙ කෙචි නාමමූලෙන එකමූලකා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා, යෙ වා පන නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT45. නාමමූල විසින් ඒකමූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යෝන්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද,
Pali BJT46. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලමූලකා, යෙ වා පන නාමමූලමූලකා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT46. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT47. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන එකමූලමූලකා, යෙ වා පන නාමමූලෙන එකමූලමූලකා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT47. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJT48. යෙ කෙචි නාමමූලෙන එකමූලමූලකා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා, යෙ වා පන නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා සබ්බෙ තෙ ධම්මා නාමා.
Sinhala BJT48. නාමමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
Pali BJTනාමපදනයචතුක්කං.
Sinhala BJTනාමපද නයචතුෂ්ක යි.
Pali BJTමූලවාර උද්දෙසො.
Sinhala BJTමූලවාර උද්දේශ යි.
Pali BJT49. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලහෙතු -පෙ- කුසලනිදානා -පෙ- කුසලසම්භවා -පෙ- කුසලප්පභවා -පෙ- කුසලසමුට්ඨානා -පෙ- කුසලාහාරා -පෙ- කුසලාරම්මණා -පෙ- කුසලපච්චයා -පෙ- කුසලසමුදයා -පෙ-.
Sinhala BJT49. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශල හේතු වෙත් ද ... කුශල නිදාන වෙත් ද ... කුශලසම්හව වෙත් ද ... කුශලප්‍රභව වෙත් ද ... කුශලසමුත්‍ථාන වෙත් ද ... කුශල ආහාර වෙත් ද ... කුශල ආලම්බන වෙත් ද ... කුශල ප්‍රත්‍යය වෙත් ද ... කුශලසමුදය වෙත් ද ...
Pali BJTහෙතුවාරාදි උද්දෙසො.
Sinhala BJTහේතුවාරාදි උද්දේශ යි.
Pali BJTමූලං හෙතු නිදානඤ්ච සම්භවො පභවෙන ච, සමුට්ඨානාහාරාරම්මණා පච්චයො සමුදයෙන චාති.
Sinhala BJTමූල යැ හේතු යැ නිදාන යැ සම්භව යැ ප්‍රභව යැ සමුත්‍ථාන යැ ආහාර යැ ආලම්බන යැ ප්‍රත්‍යය යැ සමුදය යැ යි වාර දසයෙකි.
Pali BJTඋද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTඋද්දේශවාර නිමි.
Pali BJT2. නිද්දෙසවාරො
Sinhala BJT2. නිර්දේශවාර
Pali BJT1. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලාති: තීණෙව කුසලමූලානි, අවසෙසා කුසලා ධම්මා න කුසලමූලා, යෙ වා පන කුසලමූලා සබ්බෙ තෙ ධම්මා කුසලාති: ආමන්තා.
Sinhala BJT1. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල වෙති යත්: (අලෝභාදි) කුශලමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ (ස්පර්‍ශාදි) කුශලධර්‍මයෝ කුශලමූල නො වෙති. යළි කුශලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: එසේ යැ.
Pali BJT2. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන එකමූලාති: ආමන්තා. යෙ වා පන කුසලමූලෙන එකමූලා සබ්බෙ තෙ ධම්මා කුසලාති: කුසලසමුට්ඨානං රූපං කුසලමූලෙන එකමූලං, න කුසලං. කුසලං කුසලමූලෙන එකමූලඤ්චෙව කුසලඤ්ච.
Sinhala BJT2. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙති යත්: එසේ යැ. (ස්පර්‍ශයට මූල වූ අලෝභාදිය වේදනාදියට ද මූල වන හෙයිනි) යළි කුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශල (චිත්ත) සමුත්‍ථාන වූ රූපය (අලෝභාදි) කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙයි. (කුශල ලක්‍ෂණ නැති හෙයින් එ) කුශල නො වෙයි. කුශල තෙම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) ද කුශල ද වේ.
Pali BJT3. යෙ කෙචි කුසලමූලෙන එකමූලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති කුසලමූලානි එකමූලානි චෙව අඤ්ඤමඤ්ඤමූලානි ච, අවසෙසා කුසලමූලසහජාතා ධම්මා කුසලමූලෙන එකමූලා න ච අඤ්ඤමඤ්ඤමූලා. යෙ වා පන කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලා සබ්බෙ තෙ ධම්මා කුසලාති: ආමන්තා.
Sinhala BJT3. කුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙති යුත් : කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවිට උපදිත් ද (ඔහු) ඒකමූල ද (ඔවුනොවුනට හේතුප්‍රත්‍යය විසින්) අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ කුශලමූලසහජාත වූ (ස්පර්‍ශාදි) ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල වෙති. අන්‍යො’න්‍යමූල නොද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: එසේ යැ.
Pali BJT4. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලමූලාති: තීණෙව කුසලමූලමූලානි, අවසෙසා කුසලා ධම්මා න කුසලමූලමූලා. යෙ වා පන කුසලමූලමූලා, සබ්බෙ තෙ ධම්මා කුසලාති: ආමන්තා.
Sinhala BJT4. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල වූ මූල වෙති යත්: (අලෝභාදි) කුශලමූල වූ මූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ (ස්පර්‍ශාදි) කුශලධර්‍මයෝ කුශලමූල වූ මූල නො වෙති. යළි කුශලමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යැ.
Pali BJT5. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන එකමූලමූලාති: ආමන්තා. යෙ වා පන කුසලමූලෙන එකමූලමූලා සබ්බෙ තෙ ධම්මා කුසලාති: කුසලසමුට්ඨානං රූපං කුසලමූලෙන එකමූලමූලං, න කුසලං. කුසලං කුසලමූලෙන එකමූල මූලඤ්චෙව කුසලඤ්ච.
Sinhala BJT5. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූලමූල වෙති යත් : එසේ යැ. යළි කුශලමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: කුශලසමුත්‍ථාන රූපය කුශලමූල විසින් ඒකමූල වෙයි, කුශල නො වෙයි. කුශලය කුශලමූල විසින් ඒකමූලමූල ද කුශල ද වේ.
Pali BJT6. යෙ කෙචි කුසලමූලෙන එකමූලමූලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති කුසලමූලානි එකමූලමූලානි චෙව අඤ්ඤමඤ්ඤමූලමූලානි ච, අවසෙසා කුසලමූලසහජාතා ධම්මා කුසලමූලෙන එකමූලමූලා, න ච අඤ්ඤමඤ්ඤමූලා. යෙ වා පන කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා සබ්බෙ තෙ ධම්මා කුසලාති: ආමන්තා.
Sinhala BJT6. කුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල වෙති යත්: කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදිත් ද (ඔහු) ඒකමූල වූ මූල ද අන්‍යො’න්‍යමූල වූ මූල ද වෙති, අවශේෂ වූ (ස්පර්‍ශාදි) කුශලමූලසහජාත ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල වෙති, අන්‍යො’න්‍යමූල වූ මූල නොද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යැ.
Pali BJT7. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලකාති: ආමන්තා. යෙ වා පන කුසලමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලාති: කුසලසමුට්ඨානං රූපං කුසලමූලකං, න කුසලං. කුසලං කුසලමූලකඤ්චෙව කුසලඤ්ච.
Sinhala BJT7. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල ඇත්තාහු වෙති යත් : එසේ යැ. යළි කුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශල (චිත්ත) සමුත්‍ථාන රූපය කුශලමූල ඇත්තේ වෙයි, කුශල නො වෙයි. කුශල (චිත්ත) තෙම කුශලමූල ඇත්තේ ද කුශල ද වේ.
Pali BJT8. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන එකමූලකාති: ආමන්තා. යෙ වා පන කුසලමූලෙන එකමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලාති: කුසලසමුට්ඨානං රූපං කුසලමූලෙන එකමූලකං, න කුසලං. කුසලං කුසලමූලෙන එකමූලකඤ්චෙව කුසලඤ්ච.
Sinhala BJT8. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇත්තාහු වෙති යත් : එසේ යැ. යළි කුශලමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශලසමුත්‍ථාන රූප තෙම කුශලමූල විසින් ඒකමූල ඇත්තේ වෙයි. කුශල නො වෙයි. කුශල තෙම කුශලමූල විසින් ඒකමූලක ද කුශල ද වේ.
Pali BJT9. යෙ කෙචි කුසලමූලෙන එකමූලකා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලකාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති කුසලමූලානි එකමූලාකානි චෙව අඤ්ඤමඤ්ඤමූලකානි ච, අවසෙසා කුසලමූලසහජාතා ධම්මා කුසලමූලෙන එකමූලකා, න ච අඤ්ඤමඤ්ඤමූලකා. යෙ වා පන කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලාති: ආමන්තා.
Sinhala BJT9. කුශලමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙති යත් : කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදිත් ද (ඔහු) ඒකමූලක ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ කුශලමූල සහජාත ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල ඇත්තාහු වෙති, අන්‍යො’න්‍යමූලක නො ද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යි.
Pali BJT10. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලමූලකාති: ආමන්තා. යෙ වා පන කුසලමූලමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලාති: කුසලසමුට්ඨානං රූපං කුසලමූලමූලකං, න කුසලං. කුසලං කුසලමූලමූලකඤ්චෙව කුසලඤ්ච.
Sinhala BJT10. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූලමූලක වෙති යත්: එසේ යැ. යළි කුශලමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: කුශලසමුත්‍ථාන රූප තෙම කුශලමූලමූලක වෙයි. කුශල නො වෙයි. කුශල (චිත්ත) තෙම කුශලමූලමූලක ද කුශල ද වේ.
Pali BJT11. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන එකමූලමූලකාති: ආමන්තා. යෙ වා පන කුසලමූලෙන එකමූලමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලාති: කුසලසමුට්ඨානං රූපං කුසලමූලෙන එකමූලමූලකං, න කුසලං. කුසලං කුසලමූලෙන එකමූලමූලකඤ්චෙව කුසලඤ්ච.
Sinhala BJT11. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙති යත් : එසේ යැ. යළි කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශලසමුත්‍ථාන රූප තෙම කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තේ යැ. කුශල නො වෙයි. කුශල තෙම කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තේ ද කුශල ද වේ.
Pali BJT12. යෙ කෙචි කුසලමූලෙන එකමූලමූලකා ධම්මා සබ්බෙ තෙ කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති කුසලමූලානි එකමූලමූලකානි චෙව අඤ්ඤමඤ්ඤමූලමූලකානි ච, අවසෙසා කුසලමූලසහජාතා ධම්මා කුසලමූලෙන එකමූලමූලකා, න ච අඤ්ඤමඤ්ඤමූලමූලකා. යෙ වා පන කුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා සබ්බෙ තෙ ධම්මා කුසලාති: ආමන්තා.
Sinhala BJT12. කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇත්තාහු වෙති යත් : කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද ඔහු ඒකමූල මූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ කුශලමූලසහජාත ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල මූලක වෙති. අන්‍යො’න්‍යමූලමූලක නොද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යි.
Pali BJTකුසලපදනයචතුක්කං.
Sinhala BJTකුශලපද නයචතුෂ්ක යි.
Pali BJT13. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලාති: තීණෙව අකුසලමූලානි, අවසෙසා අකුසලා ධම්මා න අකුසලමූලා. යෙ වා පන අකුසලමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: ආමන්තා.
Sinhala BJT13. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වෙති යත්: (ලෝභාදි) අකුශලමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ (ස්පර්‍ශාදි) අකුශලධර්‍මයෝ අකුශලමූල නො වෙති. යළි යම් අකුශලමූල කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
Pali BJT14. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන එකමූලාති: අහෙතුකං අකුසලං අකුසලමූලෙන න එකමූලං, සහෙතුකං අකුසලං අකුසලමූලෙන එකමූලං. යෙ වා පන අකුසලමූලෙන එකමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: අකුසලසමුට්ඨානං රූපං අකුසලමූලෙන එකමූලං, න අකුසලං. අකුසලං අකුසලමූලෙන එකමූලඤ්චෙව අකුසලඤ්ච.
Sinhala BJT14. අකුශල ස්වභාව වූ , යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වෙති. යත්: (විචිකිත්සා ඖද්ධත්‍ය සම්ප්‍රයුක්ත මෝහ සඞ්ඛ්‍යාත) අහේතුක අකුශල තෙම අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූල වෙයි. යළි අකුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත්: අකුශල (චිත්ත) සමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූල වෙයි. අකුශල නො වෙයි. අකුශලය අකුශලමූල විසින් ඒකමූල ද අකුශල ද වේ.
Pali BJT15. යෙ කෙචි අකුසලමූලෙන එකමූලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති අකුසලමූලානි එකමූලානි චෙව අඤ්ඤමඤ්ඤමූලානි ච, අවසෙසා අකුසලමූලසහජාතා ධම්මා අකුසලමූලෙන එකමූලා, න ච අඤ්ඤමඤ්ඤමූලා. යෙ වා පන අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: ආමන්තා.
Sinhala BJT15. අකුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් (අන්‍යො’න්‍යමූල) වෙති යත් : අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදිත් ද (ඔහු) ඒකමූල ද අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ අකුශලමූල සහජාත වූ ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූල වෙති, අන්‍යො’න්‍යමූල නොද වෙති. යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
Pali BJT16. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලමූලාති: තීණෙව අකුසලමූලමූලානි, අවසෙසා අකුසලා ධම්මා න අකුසලමූලමූලා. යෙ වා පන අකුසලමූලමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: ආමන්තා.
Sinhala BJT16. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වූ මූල වෙති යත්: අකුශලමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ අකුශල ධර්‍මයෝ අකුශලමූල වූ මූල නො වෙති. යළි යම් අකුශලමූල වූ මූල කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
Pali BJT17. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන එකමූලමූලාති: අහෙතුකං අකුසලං අකුසලමූලෙන න එකමූලමූලං, සහෙතුකං අකුසලං අකුසලමූලෙන එකමූලමූලං. යෙ වා පන අකුසලමූලෙන එකමූලමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: අකුසලසමුට්ඨානං රූපං අකුසලමූලෙන එකමූලමූලං, න අකුසලං. අකුසලං අකුසලමූලෙන එකමූලමූලඤ්චෙව අකුසලඤ්ච.
Sinhala BJT17. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වූ මූල වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූල නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූල වෙයි. යළි අකුශලමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශල (චිත්ත) සමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූල මූල වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශල මූල විසින් ඒකමූල මූල ද අකුශල ද වේ.
Pali BJT18. යෙ කෙචි අකුසලමූලෙන එකමූලමූලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති අකුසලමූලානි එකමූලමූලානි චෙව අඤ්ඤමඤ්ඤමූලමූලානි ච, අවසෙසා අකුසලමූලසහජාතා ධම්මා අකුසලමූලෙන එකමූලමූලා, න ච අඤ්ඤමඤ්ඤමූලමූලා. යෙ වා පන අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: ආමන්තා.
Sinhala BJT18. අකුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල වෙති යත් : අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද (ඔහු) එක් ඒකමූලමූල ද අන්‍යො’න්‍යමූලමූල ද වෙති. අවශේෂ වූ අකුශල මූලසහජාත ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූලමූල වෙති. නොද අන්‍යො’න්‍යමූලමූල වෙති. යළි අකුශලමූල වී අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
Pali BJT19. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලකාති: අහෙතුකං අකුසලං න අකුසලමූලකං, සහෙතුකං අකුසලං අකුසලමූලකං. යෙ වා පන අකුසලමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: අකුසලසමුට්ඨානං රූපං අකුසලමූලකං, න අකුසලං. අකුසලං අකුසලමූලකඤ්චෙව අකුසලඤ්ච.
Sinhala BJT19. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල ඇත්තාහු වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූල ඇත්තේ නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල ඇත්තේ වෙයි. යළි අකුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශල සමුත්‍ථාන රූපය අකුශලමූල ඇත්තේ වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශල මූල ඇත්තේ ද අකුශල ද වේ.
Pali BJT20. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන එකමූලකාති: අහෙතුකං අකුසලං අකුසලමූලෙන න එකමූලකං, සහෙතුකං අකුසලං අකුසලමූලෙන එකමූලකං. යෙ වා පන අකුසලමූලෙන එකමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: අකුසලසමුට්ඨානං රූපං අකුසලමූලෙන එකමූලකං, න අකුසලං. අකුසලං අකුසලමූලෙන එකමූලඤ්චෙව අකුසලඤ්ච.
Sinhala BJT20. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල ඇත්තාහු වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූල විසින් එක් මූල ඇත්තේ නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූල ඇත්තේ යැ. යළි අකුශලමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශලසමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූල ඇත්තේ වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුලශමූල විසින් ඒකමූල ඇත්තේ ද අකුශල ද වේ.
Pali BJT21. යෙ කෙචි අකුසලමූලෙන එකමූලකා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලකාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති අකුසලමූලානි එකමූලකානි චෙව අඤ්ඤමඤ්ඤමූලකාති ච. අවසෙසා අකුසලමූලසජාතා ධම්මා අකුසලමූලෙන එකමූලකා, න ච අඤ්ඤමඤ්ඤමූලකා. යෙ වා පන අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: ආමන්තා.
Sinhala BJT21. අකුශලමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලක වෙති යත් : අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද (ඔහු) ඒකමූලක ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ අකුශලමූල සහජාත ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත්: එසේ යි.
Pali BJT22. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලමූලකාති: අහෙතුකං අකුසලං න අකුසලමූලමූලකං, සහෙතුකං අකුසලං අකුසලමූලමූලකං. යෙ වා පන අකුසලමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: අකුසලසමුට්ඨානං රූපං අකුසලමූලමූලකං, න අකුසලං. අකුසලං අකුසලමූලමූලකඤ්චෙව අකුසලඤ්ච.
Sinhala BJT22. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූලමූලක වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූලමූලක නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූලමූලක වෙයි. යළි අකුශලමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත්: අකුශල සමුත්‍ථාන රූපය අකුශලමූලමූලක වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශලමූලමූලක ද අකුශල ද වේ.
Pali BJT23. යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අතුසලමූලෙන එකමූලමූලකාති: අහෙතුකං අකුසලං අකුසලමූලෙන න එකමූලමූලකං, සහෙතුකං අකුසලං අකුසලමූලෙන එකමූලමූලකං. යෙ වා පන අකුසලමූලෙන එකමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: අකුසලසමුට්ඨානං රූපං අකුසලමූලෙන එකමූලමූලකං, න අකුසලං. අකුසලං අකුසලමූලෙන එකමූලමූලකඤ්චෙව අකුසලඤ්ච.
Sinhala BJT23. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූලමූලක වෙති යත්: අහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූලක නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූලක වෙයි. යළි අකුශලමූල විසින් ඒකමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශල සමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූලමූලක වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූලක ද අකුශල ද වේ.
Pali BJT24. යෙ කෙචි අකුසලමූලෙන එකමූලමූලකා ධම්මා සබ්බෙ තෙ අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති අකුසලමූලානි එකමූලමූලකානි චෙව අඤ්ඤමඤ්ඤමූලමූලකානි ච. අවසෙසා අකුසලමූලසහජාතා ධම්මා අකුසලමූලෙන එකමූලමූලකා, න ච අඤ්ඤමඤ්ඤමූලමූලකා. යෙ වා පන අකුසලමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අකුසලාති: ආමන්තා.
Sinhala BJT24. අකුශලමූල විසින් ඒකමූලමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වෙති යත්: අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද ඔහු ඒකමූලමූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ අකුශලමූල සහජාත ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූලමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල මූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
Pali BJTඅකුසලපදනයචතුක්කං.
Sinhala BJTඅකුශලපද නයචතුෂ්ක යි.
Pali BJT25. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලාති: තීණෙව අබ්යාකතමූලානි, අවසෙසා අබ්යාකතා ධම්මා න අබ්යාකතමූලා. යෙ වා පන අබ්යාකතමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT25. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වෙති යත් : අව්‍යාකෘතමූලයෝ (කුශලවිපාක යැ ක්‍රියා යැ යන මෙහි අලෝභ අදෝස අමෝහ විසින්) තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ අව්‍යකාත ධර්‍මයෝ අව්‍යාකෘතමූල නො වෙති. යළි අව්‍යාකෘතමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි.
Pali BJT26. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන එකමූලාති: අහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලෙන න එකමූලං, සහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලෙන එකමූලං. යෙ වා පන අබ්යාකතමූලෙන එකමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT26. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල වෙති යත් : අහේතුක වූ අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූල නො වෙයි. සහේතුක වූ අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූල වෙයි. යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
Pali BJT27. යෙ කෙචි අබ්යාකතමූලෙන එකමූලා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති අබ්යාකතමූලානි එකමූලානි චෙව අඤ්ඤමඤ්ඤමූලානි ච. අවසෙසා අබ්යාකතමූලසහජාතා ධම්මා අබ්යාකතමූලෙන එකමූලා, න ච අඤ්ඤමඤ්ඤමූලා. යෙ වා පන අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT27. අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වෙති යත් : අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද (ඔහු) ඒකමූල ද අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ අව්‍යාකෘත මූලසහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූල වෙති. නොද අන්‍යො’න්‍යමූල වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
Pali BJT28. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලමූලාති: තීණෙව අබ්යාකතමූලමූලානි, අවසෙසා අබ්යාකතා ධම්මා න අබ්යාකතමූලමූලා. යෙ වා පන අබ්යාකතමූලමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT28. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූලමූල වෙති යත් : අව්‍යාකෘතමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ අව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘතමූලමූල නො වෙති. යළි අව්‍යාකෘතමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
Pali BJT29. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන එකමූලමූලාති: අහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලෙන න එකමූලමූලං, සහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලෙන එකමූලමූලං. යෙ වා පන අබ්යාකතමූලෙන එකමූලමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT29. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘත මූල විසින් ඒකමූලමූල වෙති යත් : අහේතුක අව්‍යාකෘතය අව්‍යයකෘතමූල විසින් ඒකමූලමූල නො වෙයි. සහේතුක අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වෙයි. යළි අව්‍යාකෘතමූල විසින් ඒක මූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි.
Pali BJT30. යෙ කෙචි අබ්යාකතමූලෙන එකමූලමූලා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති අබ්යාකතමූලානි එකමූලමූලානි චෙව අඤ්ඤමඤ්ඤමූලමූලානි ච, අවසෙසා අබ්යාකතමූලසහජාතා ධම්මා අබ්යාකතමූලෙන එකමූලමූලා, න ච අඤ්ඤමඤ්ඤමූලමූලා. යෙ වා පන අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT30. අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකතමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වෙති යත්: අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවිට උපදනාහු වෙත් ද (ඔහු) ඒකමූලමූල ද අන්‍යො’න්‍යමූලමූල ද වෙති. අවශේෂ වූ අව්‍යකෘතමූලසහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වෙති, නොද අන්‍යො’න්‍යමූලමූල වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
Pali BJT31. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලකාති: අහෙතුකං අබ්යාකතං න අබ්යාකකමූලකං, සහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලකං. යෙ වා පන අබ්යාකතමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT31. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූලක වෙති යත් : අහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල ඇත්තේ නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල ඇත්තේ වෙයි. යළි අව්‍යාකෘතමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යතාකෘත වෙති යත් : එසේ යි.
Pali BJT32. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන එකමූලකාති: අහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලෙන න එකමූලකං, සහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලෙන එකමූලකං. යෙ වා පන අබ්යාකතමූලෙන එකමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT32. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙති යත්: අහේතුක අව්‍යාකෘතය අව්‍යාකතමූල විසින් ඒකමූලක නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙයි. යළි අව්‍යාකෘත මූල විසින් ඒකමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
Pali BJT33. යෙ කෙචි අබ්යාකතමූලෙන එකමූලකා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලකාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති අබ්යාකතමූලානි එකමූලකානි චෙව අඤ්ඤමඤ්ඤමූලකානි ච, අවසෙසා අබ්යාකතමූලසහජාතා ධම්මා අබ්යාකතමූලෙන එකමූලකා, න ච අඤ්ඤමඤ්ඤමූලකා. යෙ වා පන අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT33. අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලක වෙති යත්: අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලක ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ අව්‍යාකෘතමූල සහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
Pali BJT34. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලමූලකාති: අහෙතුකං අබ්යාකතං න අබ්යාකතමූලමූලකං, සහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලමූලකං. යෙ වා පන අබ්යාකතමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT34. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූලමූලක වෙති යත් : අහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල මූලක නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල මූලක වෙයි. යළි අව්‍යාකෘතමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි.
Pali BJT35. යෙ කෙචි අබ්යාකතා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන එකමූලමූලකාති: අහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලෙන න එකමූලමූලකං, සහෙතුකං අබ්යාකතං අබ්යාකතමූලෙන එකමූලමූලකං. යෙ වා පන අබ්යාකතමූලෙන එකමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT35. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක වෙති යත්: අහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙයි. යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.