‘ඵරිත්‍වා’ යනු: (අරමුණු කිරීම් වශයෙන්) ස්පර්‍ශ කොට වෙසෙසින් බැසගෙන.
‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, පවතියි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද, දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘මෙත්තාසහගතෙන චේතසා’ යනු: එහි ‘මෙත්තා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මෛත්‍රිය සහගියේ වෙයි සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මෙත්තාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙන’ යනු: යමෙක් (යම් සිතෙක්) විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අබ්‍යාපජ්ඣ (නිදුක්) යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ (අරමුණු) කොට වෙසෙසින් බැසගෙන.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
724. කිසෙයින් මහණ කරුණාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් දුගී වූ කායදුශ්චරිතාදියෙන් යුක්ත වූ එක් පුද්ගලයකු දැක කුළුණුසිත් උපදවන්නේ ද, එසෙයින් ම සියලු සත්ත්‍වයන් කරුණායෙන් ස්පර්‍ශ කෙරෙයි.
එහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.
‘ඒකං දිසං’ යනු: පැදුම් දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘කරුණාසහගතෙන චේතසා’ යනු: එහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කුළුණු කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි. සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අබ්‍යාපජ්ඣ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
725. කිසෙයින් මහණ මුදිතාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් ප්‍රිය වූ මනාප වූ එක් පුද්ගලයකු දැක ප්‍රමුදිත වූයේ වන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් මුදිතායෙන් ස්පර්‍ශ කෙරෙයි.
එහි ‘මුදිතා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මුදිතායෙක් ප්‍රමෝද අයුරෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මුදිතාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මුදිතාසහගතෙන චේතසා’ යි.
‘ඒකං දිසං’ යනු: පැදුම්දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි. තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘මුදිතාසහගතෙන චේතසා’ යනු: එහි ‘මුදිතා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් ප්‍රමෝදයෙක් ප්‍රමෝදාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මුදිතාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මුදිතාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අව්‍යාබාධ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
726. කිසෙයින් මහණ උපේක්‍ෂාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් නො ම මනාප වූ අමනාප නො වූ එක් පුද්ගලයකු දැක උපේක්‍ෂා ඇත්තේ වන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් උපේක්‍ෂායෙන් ස්පර්‍ශ කෙරෙයි. එහි ‘උපේක්‍ෂා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් උපේක්‍ෂායෙක් මැදහත් අයුරෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ උපේක්‍ෂාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛාසහගතෙන චේතසා’ යි.
‘ඒකං දිසං’ යනු: පැදුම්දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද, දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි. තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘උපෙක්ඛාසහගතෙන චේතසා’ යනු: එහි ‘උපේක්‍ෂා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් උපේක්‍ෂායෙක් මැදහත් අයුරෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ උපේක්‍ෂාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙකක්ඛාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අව්‍යාබාධ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අධිමුක්ත කොට යනු යි.
‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, පවති, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
සූත්‍රාන්තභාජනිය යි.
727. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපේක්‍ෂා යි.
728. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රී චිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රී චිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
729. මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රී කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රීආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රීආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රී ආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
730. එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණාවක් කරුණාආකාරයෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... කරුණාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණාවක් කරුණාආකාරයෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්ත විමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
731. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති කරුණාසහගත වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... කරුණාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
732. එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් ප්‍රමෝදයෙක් ප්‍රමෝදන ආකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් ප්‍රමෝදයෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මුදිතාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතා චේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
733. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මුදිතාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතාවක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මුදිතාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
734. එහි ‘උපේක්‍ෂා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් උපේක්‍ෂායෙක් මැදහත් අයුරෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝ යි.
735. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපෙක්ඛා යි.
736. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෙත්තාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... මෙත්තාසහගත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෙත්තාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෙත්තාසහගත වූ විපාක වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෙත්තාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
737. එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරණ අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත වූ විපාක ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
738. එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත වූ විපාක වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
739. එහි ‘උපේක්‍ෂා’ කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ විපාක චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝ යි.
740. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපේක්‍ෂා යි.
741. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති රූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
742. එහි ‘කරුණා’ කවර යත්: ... එහි ‘මුදිතා’ කවර යත්: ... එහි ‘උපේක්‍ෂා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් උපේක්‍ෂායෙක් උපේක්‍ෂාකාරයෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝ යි.
අභිධර්‍මභාජනීය යි.
743. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙ සස්නෙහි මහණ මෛත්‍රීසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ (අරමුණු) කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි එසෙයින් තුන් වැනි දිශායෙහි එසෙයින් සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෛත්‍රීසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ. කරුණාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි එසෙයින් තුන් වැනි දිශායෙහි එසෙයින් සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ කරුණාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ. මුදිතාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි තුන් වැනි සතර වැනි දිශායෙහි සත්ත්‍වයන්, මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මුදිතාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ. උපේක්‍ෂාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි - තුන් වැනි - සතර වැනි දිශායෙහි සත්ත්‍වයන්, මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ උපේක්‍ෂාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ.
744. සතර අප්‍රාමාණ්‍යයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
745. (සතර අප්‍රාමාණ්‍යයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
අප්‍රාමාණ්‍යයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ ය. උපේක්‍ෂාව උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි.
(සතර අප්‍රාමාණ්‍යයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහ, නො ම විපාක වූ නො ද විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
අප්‍රාමාණ්‍යයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහ, උපේක්‍ෂාව අවිතර්‍කඅවිචාර යි.
අප්‍රාමාණ්‍යයෝ තිදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො වන්නාහ, ප්‍රීතිසහගතහ යි නො කියයුතු ද වන්නාහ, උපේක්‍ෂාව උපේක්‍ෂා සහගත යි.
(සතර අප්‍රාමාණ්‍යයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.
(සතර අප්‍රාමාණ්‍යයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) ආචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වන්නාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) මහද්ගතයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කියයුත්තාහ.
(සතර අප්‍රාමාණ්‍යයෝ) මධ්‍යමයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අනියතයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුත්තාහ.
(සතර අප්‍රාමාණ්‍යයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) බාහිරාලම්බනයෝ ය.