Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTවිභඞ්ගප්පකරණං
Sinhala BJTවිභඞ්ග පෙළ
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
Pali BJT1. ඛන්ධවිභඞ්ගො
Sinhala BJT1. ස්කන්‍ධ විභඞ්ගය
Pali BJT1. පඤ්චක්ඛන්ධා: රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො
Sinhala BJT1. ස්කන්‍ධ පසෙකි: රූපස්කන්‍ධ යැ, වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි.
Pali BJT2. තත්ථ කතමො රූපක්ඛන්ධො:
Sinhala BJT2. එහි රූපස්කන්‍ධය කවරේ යත්:
Pali BJTයං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසඞ්ඛිපිත්වා, අයං වුච්චති රූපක්ඛන්ධො.
Sinhala BJTආධ්‍යාත්මික වේවයි බාහිර වේවායි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුර වේවයි ළඟ වේවයි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් වේ ද, ඒ හැම රූපය එක්පරිද්දෙකින් කැටි කොට හකුළුවා ගෙන මේ රූපස්කන්‍ධ යයි කියනු ලැබේ.
Pali BJT3. තත්ථ කතමං රූපං අතීතං:
Sinhala BJT3. එහි අතීතරූපය කවරේ යත්:
Pali BJTයං රූපං අතීතං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථංගතං උප්පජ්ජිත්වා විගතං අතීතං අතීතංසෙන සඞ්ගහීතං චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං, ඉදං වුච්චති රූපං අතීතං.
Sinhala BJT(භව වශයෙන් හෝ ක්‍ෂණ වශයෙන් හෝ) ඉක්ම ගිය නිරුද්ධ වූ වෙන් වැ ගියා වූ පෙරළීමට ගියා වූ අස්තයට ගියා වූ වෙසෙසින් අස්තයට ගියා වූ ඉපද වෙන් වැ ගියා වූ ඉක්ම ගියා වූ අතීතාංශයෙන් සඞ්ග්‍රහයට ගියා වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘අතීතරූප’ යි කියනු ලැබේ.
Pali BJT4. තත්ථ කතමං රූපං අනාගතං:
Sinhala BJT4. එහි අනාගතරූපය කවරේ යත්:
Pali BJTයං රූපං අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතං අනුප්පන්නං අසමුප්පන්නං අනුට්ඨිතං අසමුට්ඨිතං අනාගතං අනාගතංසෙන සඞ්ගහීතං චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං, ඉදං වුච්චති රූපං අනාගතං.
Sinhala BJT(භව වශයෙන් හෝ ක්‍ෂණ වශයෙන් හෝ) නො හටගත් නො වූ ප්‍රත්‍යයසමවායයෙන් නූපන් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍යයසමවායයෙන් නූපන් නො නැඟුණු ප්‍රත්‍යයසමවායයෙන් නො නැඟුණු අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘අනාගතරූප’ යි කියනු ලැබේ.
Pali BJT5. තත්ථ කතමං රූපං පච්චුප්පන්නං:
Sinhala BJT5. එහි ප්‍රත්‍යුත්පන්න රූපය කවරේ යත්:
Pali BJTයං රූපං ජාතං භූතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං උප්පන්නං සමුප්පන්නං උට්ඨිතං සමුට්ඨිතං පච්චුප්පන්නං පච්චුප්පන්නංසෙන සඞ්ගහිතං චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං, ඉදං වුච්චති රූපං පච්චුප්පන්නං.
Sinhala BJTහටගත් උපන් ප්‍රත්‍යය සමවායයෙහි උපන් නිපන් වෙසෙසින් නිපන් පහළ වූ උපන් ප්‍රත්‍යයසමවායයෙහි උපන් නැඟුණු ප්‍රත්‍යය සමවායයෙන් නැඟුණු වර්‍තමාන වූ වර්‍තමානාංශයෙන් සඞ්ගෘහීත වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘ප්‍රත්‍යුත්පන්න රූප’යි කියනු ලැබේ.
Pali BJT6. තත්ථ කතමං රූපං අජ්ඣත්තං:
Sinhala BJT6. එහි ආධ්‍යාත්මිකරූපය කවරේ යත්:
Pali BJTයං රූපං තෙසං තෙසං සත්තානං අජ්ඣත්තං පච්චත්තං නියකං{1} පාටිපුග්ගලිකං උපාදින්නං{2} චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං, ඉදං වුච්චති රූපං අජ්ඣත්තං.
Sinhala BJTඒ ඒ සත්ත්‍වයන්ගේ තමතමන් අයත්, තමතමන් කෙරෙහි වූ, ස්වකීය වූ පුද්ගලයකු පාසා පවත්නා වූ උපාදින්න වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘ආධ්‍යාත්මිකරූප’ යි කියනු ලැබේ.
Pali BJT7. තත්ථ කතමං රූපං බහිද්ධා:
Sinhala BJT7. එහි බාහිරරූපය කවරේ යත්:
Pali BJTයං රූපං තෙසං තෙසං පරසත්තානං පරපුග්ගලානං අජ්ඣත්තං පච්චත්තං නියකං පාටිපුග්ගලිකං උපාදින්නං චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං, ඉදං වුච්චති රූපං බහිද්ධා.
Sinhala BJTඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ තමතමන් කෙරෙහි වූ ස්වකීය වූ පුඟුලකු පාසා පවත්නා වූ උපාදින්න වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘බාහිර රූප’යි කියනු ලැබේ
Pali BJT8. තත්ථ කතමං රූපං ඔළාරිකං:
Sinhala BJT8. එහි ඖදාරිකරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං රූපායතනං සොතායතනං සද්දායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං වුච්චති රූපං ඔළාරිකං.
Sinhala BJTචක්‍ෂුරායතන යැ, රූපායතන යැ, ශ්‍රෝත්‍රායතන යැ, ශබ්දායතන යැ, ඝ්‍රාණායතන යැ, ගන්‍ධායතන යැ, ජිව්හායතන යැ, රසායතන යැ, කායායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ යන මේ ‘ඖදාරිකරූප’යි කියනු ලැබේ.
Pali BJT9. තත්ථ කතමං රූපං සුඛුමං:
Sinhala BJT9. එහි සූක්‍ෂ්මරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති ආකාසධාතු ආපොධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස උපචයො රූපස්ස සන්තති රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා කබළිඞ්කාරො{1} ආහාරො, ඉදං වුච්චති රූපං සුඛුමං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය යැ, පුරුෂේන්‍ද්‍රිය යැ, ජීවිතේන්‍ද්‍රිය යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, ආකාශධාතු යැ, අබ්ධාතු යැ රූපයාගේ ලඝුත්‍ව යැ, රූපයාගේ මෘදුත්‍ව යැ, රූපයාගේ කර්‍මණ්‍යත්‍ව යැ රූපයාගේ උපචය යැ, රූපයාගේ සන්තති යැ රූපයාගේ ජරතා යැ, රූපයාගේ අනිත්‍යතා යැ, කවලීකාරාහාර යැ යන මේ ‘සූක්‍ෂ්මරූප’ යි කියනු ලැබේ.
Pali BJT10. තත්ථ කතමං රූපං හීනං:
Sinhala BJT10. එහි හීනරූපය කවරේ යත්:
Pali BJTයං රූපං තෙසං තෙසං සත්තානං උඤ්ඤාතං අවඤ්ඤාතං හීළිතං පරිභූතං අචිත්තීකතං හීනං හීනමතං හීනසම්මතං අනිට්ඨං අකන්තං අමනාපං රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා, ඉදං වුච්චති රූපං හීනං.
Sinhala BJTඒ ඒ සත්ත්‍වයන් විසින් අවමන් කරන ලද ලාමක වශයෙන් සලකන ලද බැහැර කළ පරිභව කළ නො ගරු කළ හීන වූ හීන යයි සලකන ලද හීන යයි සම්මත වූ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ යම් රූපයෙක් වේ ද, එබඳු වූ රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මේ ‘හීනරූප’ යි කියනු ලැබේ.
Pali BJT11. තත්ථ කතමං රූපං පණීතං:
Sinhala BJT11. එහි ප්‍රණීතරූපය කවරේ යත්:
Pali BJTයං රූපං තෙසං තෙසං සත්තානං අනුඤ්ඤාතං අනවඤ්ඤාතං අහීළිතං අපරිභූතං චිත්තීකතං පණීතං පණීතමතං පණීතසම්මතං ඉට්ඨං කන්තං මනාපං රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා, ඉදං වුච්චති රූපං පණීතං, තං තං වා පන රූපං උපාදායුපාදාය රූපං හීනං පණීතං දට්ඨබ්බං.
Sinhala BJTඒ ඒ සත්ත්‍වයන් විසින් අවමන් නො කරන ලද ලාමක වශයෙන් නො සිතන ලද බැහැර නො කළ පරිභව නො කළ ගරු කළ ප්‍රණීත වූ ප්‍රණීත යයි සලකන ලද ප්‍රණීත යයි සම්මත වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන යම් රූපයෙක් වේ ද, එබඳු වූ රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මේ ‘ප්‍රණීතරූප’යි කියනු ලැබේ. තවද ඒ ඒ රූපය නිසා හීනප්‍රණීතරූපය දත යුතු යි.
Pali BJT12. තත්ථ කතමං රූපං දූරෙ:
Sinhala BJT12. එහි දූරේරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබළිඞ්කාරො{1} ආහාරො: යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං අනාසන්නෙ අනුපකට්ඨෙ දූරෙ අසන්තිකෙ, ඉදං වුච්චති රූපං දූරෙ.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය යැ ... කවලීකාරාහාර යැ, තවද අනාසන්නයෙහි බැහැර දුරැ නො ළඟ වූ අන්‍ය වූ ද යම් රූපයෙක් ඇද්ද, මේ ‘දූරේරූප’යි කියනු ලැබේ.
Pali BJT13. තත්ථ කතමං රූපං සන්තිකෙ:
Sinhala BJT13. එහි සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං ආසන්නෙ උපකට්ඨෙ අවිදූරෙ සන්තිකෙ, ඉදං වුච්චති රූපං සන්තිකෙ. තං තං වා පන රූපං උපාදායුපාදාය රූපං දූරෙ සන්තිකෙ දට්ඨබ්බං.
Sinhala BJTචක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, තවද ආසන්නයෙහි සමීපයෙහි නුදුරෙහි ළඟ වූ අන්‍ය වූත් යම් රූපයෙක් ඇද්ද, මේ ‘සන්තිකේ රූප’යි කියනු ලැබේ. තවද ඒ ඒ රූපය නිසා දූරේ සන්තිකේ රූපය දත යුතු.
Pali BJT14. තත්ථ කතමො වෙදනාක්ඛන්ධො:
Sinhala BJT14. එහි වේදනාස්කන්‍ධය කවරේ යත්:
Pali BJTයා කාචි වෙදනා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ සන්තිකෙ වා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසඞ්ඛිපිත්වා, අයං වුච්චති වෙදනාක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්ම වේව යි බාහිර වේව යි ඖදාරික වේව යි සූක්‍ෂ්ම වේව යි හීන වේව යි ප්‍රණීත වේව යි අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ යම්කිසි වේදනාවක් වේ ද, දුරැ වූ හෝ ළඟැ වූ හෝ යම් වේදනාවකුත් වේ ද, ඒ සියල්ල එක් අයුරකින් කැටි කොට හකුළුවා මේ ‘වේදනාස්කන්‍ධ’යි කියනු ලැබේ.
Pali BJT15. තත්ථ කතමා වෙදනා අතීතා:
Sinhala BJT15. එහි අතීත වේදනා කවර යත්:
Pali BJTයා වෙදනා අතීතා නිරුද්ධා විගතා විපරිණතා අත්ථඞ්ගතා අබ්භත්ථංගතා උප්පජ්ජිත්වා විගතා අතීතා අතීතංසෙන සඞ්ගහිතා සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති වෙදනා අතීතා.
Sinhala BJTඉක්ම ගියා වූ නිරුද්ධ වූ පහ වැ ගියා වූ විපරිණත වූ අස්තයට ගියා වූ වෙසෙසින් අස්තයට ගියා වූ ඉපිද පහ වැ ගියා වූ අතීතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් වේදනාවක් වේ ද, එබඳු වූ සුඛ වේදනා යැ, දුඃඛ වේදනා යැ, උපේක්‍ෂා වේදනා යැ යන මේ ‘අතීත වේදනා’යි කියනු ලැබේ.
Pali BJT16. තත්ථ කතමා වෙදනා අනාගතා:
Sinhala BJT16. එහි අනාගත වේදනා කවර යත්:
Pali BJTයා වෙදනා අජාතා අභූතා අසඤ්ජාතා අනිබ්බත්තා අනභිනිබ්බත්තා අපාතුභුතා අනුප්පන්නා අසමුප්පන්නා අනුට්ඨිතා අසමුට්ඨිතා අනාගතා අනාගතංසෙන සඞ්ගහිතා සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති වෙදනා අනාගතා.
Sinhala BJTනො හට ගත් නො වූ ප්‍රත්‍යයසමවායයෙන් නූපන් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍යයසමවායයෙන් නූපන් අනුත්‍ථිත වූ අසමුත්‍ථිත වූ අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් වේදනාවක් වේ ද, එබඳු වූ සුඛ වේදනා යැ, දුඃඛ වේදනා යැ, උපේක්‍ෂා වේදනා යැ යන මේ ‘අනාගත වේදනා’යි කියනු ලැබේ.
Pali BJT17. තත්ථ කතමා වෙදනා පච්චුප්පන්නා:
Sinhala BJT17. එහි ප්‍රත්‍යුත්පන්න වේදනා කවර යත්:
Pali BJTයා වෙදනා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා උප්පන්නා සමුප්පන්නා උට්ඨිතා සමුට්ඨිතා පච්චුප්පන්නා පච්චුප්පන්නංසෙන සඞ්ගහිතා සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති වෙදනා පච්චුප්පන්නා.
Sinhala BJTහටගත් උපන් ප්‍රත්‍යයසමවායයෙන් උපන් නිපන් වෙසෙසින් නිපන් පහළ වූ උත්පන්න වූ සමුත්පන්න වූ උත්‍ථිත වූ සමුත්‍ථිත වූ ප්‍රත්‍යුත්පන්න වූ ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූ යම් වේදනාවක් වේ ද එබඳු වූ සුඛ වේදනා යැ, දුඃඛ වේදනා යැ, උපේක්‍ෂා වේදනා යැ යන මේ ‘ප්‍රත්‍යුත්පන්න වේදනා’යි කියනු ලැබේ.
Pali BJT18. තත්ථ කතමා වෙදනා අජ්ඣත්තා:
Sinhala BJT18. එහි අධ්‍යාත්ම වේදනා කවර යත්:
Pali BJTයා වෙදනා තෙසං තෙසං සත්තානං අජ්ඣත්තං පච්චත්තං නියකා පාටිපුග්ගලිකා උපාදින්නා සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති වෙදනා අජ්ඣත්තා.
Sinhala BJTඒ ඒ සත්ත්‍වයන්ගේ තමතමන් අයත් වූ තමතමන් කෙරෙහි වූ ස්වකීය වූ එක් එක් පුද්ගලයා සතු වූ ශරීරස්ථ වූ යම් වේදනාවක් වේ ද, එබඳු වූ සුව වේදනා යැ, දුක් වේදනා යැ, නො දුක් නො සුව වේදනා යැ යන මේ ‘අධ්‍යාත්ම වේදනා’යි කියනු ලැබේ.
Pali BJT19. තත්ථ කතමා වෙදනා බහිද්ධා:
Sinhala BJT19. එහි බාහිර වේදනා කවර යත්:
Pali BJTයා වෙදනා තෙසං තෙසං පරසත්තානං පරපුග්ගලානං අජ්ඣත්තං පච්චත්තං නියකා පාටිපුග්ගලිකා උපාදින්නා සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති වෙදනා බහිද්ධා.
Sinhala BJTඒ ඒ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික (වෙන වෙන පුඟුලන් සතු) වූ උපාදින්න වූ යම් වේදනාවක් වේ ද, එබඳු වූ සුඛ වේදනා යැ, දුඃඛ වේදනා යැ, උපේක්‍ෂා වේදනාය යන මේ ‘බාහිර වේදනා’යි කියනු ලැබේ.
Pali BJT20. තත්ථ කතමා වෙදනා ඔළාරිකා සුඛුමා:
Sinhala BJT20. එහි ඖදාරික - සූක්‍ෂ්ම වේදනා කවර යත්:
Pali BJTඅකුසලා වෙදනා ඔළාරිකා, කුසලාබ්යාකතා වෙදනා සුඛුමා, කුසලාකුසලා වෙදනා ඔළාරිකා, අබ්යාකතා වෙදනා සුඛුමා, දුක්ඛා වෙදනා ඔළාරිකා, සුඛා ච අදුක්ඛමසුඛා ච වෙදනා සුඛුමා, සුඛදුක්ඛා වෙදනා ඔළාරිකා, අදුක්ඛමසුඛා වෙදනා සුඛුමා, අසමාපන්නස්ස වෙදනා ඔළාරිකා, සමාපන්නස්ස වෙදනා සුඛුමා, සාසවා වෙදනා ඔළාරිකා, අනාසවා වෙදනා සුඛුමා, තං තං වා පන වෙදනං උපාදායුපාදාය වෙදනා ඔළාරිකා සුඛුමා දට්ඨබ්බා.
Sinhala BJTඅකුශල වේදනාව ඖදාරික යැ, කුශල - අව්‍යාකෘත වේදනා සූක්‍ෂ්ම යි. කුශල - අකුශල වේදනා ඖදාරික යැ අව්‍යාකෘත වේදනාව සූක්‍ෂ්ම යි. දුඃඛ වේදනාව ඖදාරික යැ, සුඛ වූ ද අදුඃඛමසුඛ වූ ද වේදනා සුක්‍ෂ්ම යි. සුඛ - දුඃඛ වේදනා ඖදාරික යැ, අදුඃඛමසුඛ වේදනාව සූක්‍ෂ්ම යි. සමවත් නො සමවන්හුගේ වේදනා ඖදාරික යැ, සමවත් සමවන්හුගේ වේදනාව සූක්‍ෂ්ම යි. ආස්‍රව සහිත වේදනාව ඖදාරික යැ, ආස්‍රව රහිත වේදනාව සූක්‍ෂ්ම යි. තවද ඒ ඒ වේදනාව නිසා වේදනාව ඖදාරික සූක්‍ෂ්ම යයි දත යුතු.
Pali BJT21. තත්ථ කතමා වෙදනා හීනා පණීතා:
Sinhala BJT21. එහි හීන - ප්‍රණීත වේදනා කවර යත්:
Pali BJTඅකුසලා වෙදනා හීනා, කුසලාබ්යාකතා වෙදනා පණීතා, කුසලාකුසලා වෙදනා හීනා, අබ්යාකතා වෙදනා පණීතා, දුක්ඛා වෙදනා හීනා, සුඛා ච අදුක්ඛමසුඛා ච වෙදනා පණීතා, සුඛදුක්ඛා වෙදනා හීනා, අදුක්ඛමසුඛා වෙදනා පණීතා, අසමාපන්නස්ස වෙදනා හීනා, සමාපන්නස්ස වෙදනා පණීතා, සාසවා වෙදනා හීනා, අනාසවා වෙදනා පණීතා, තං තං වා පන වෙදනං උපාදායුපාදාය වෙදනා හීනා පණීතා දට්ඨබ්බා.
Sinhala BJTඅකුශල වේදනාව හීන යැ, කුශල - අව්‍යාකෘත වේදනා ප්‍රණීත යි. කුශල - අකුශල වේදනා හීන යැ, අව්‍යාකෘත වේදනාව ප්‍රණීත යි. දුඃඛ වේදනාව හීන යැ සුඛ වූ ද අදුඃඛමසුඛ වූ ද වේදනා ප්‍රණීත යි. සුඛ - දුඃඛ වේදනා හීන යැ, අදුඃඛමසුඛ වේදනාව ප්‍රණීත යි. සමවත් නො සමවන්හුගේ වේදනාව හීන යැ, සමවත් සමවන්හුගේ වේදනාව ප්‍රණීත යි. ආස්‍රව සහිත වේදනාව හීන යැ, ආස්‍රව රහිත වේදනාව ප්‍රණීත යි. තවද ඒ ඒ වේදනාව නිසා හීන - ප්‍රණීත වේදනා දත යුතු.
Pali BJT22. තත්ථ කතමා වෙදනා දූරෙ:
Sinhala BJT22. එහි දූරේ වේදනා කවර යත්:
Pali BJTඅකුසලා වෙදනා කුසලාබ්යාකතාහි වෙදනාහි දූරෙ, කුසලාබ්යාකතා වෙදනා අකුසලාය වෙදනාය දූරෙ, කුසලා වෙදනා අකුසලාබ්යාකතාහි වෙදනාහි දූරෙ, අකුසලාබ්යාකතා වෙදනා කුසලාය වෙදනාය දූරෙ, අබ්යාකතා වෙදනා කුසලාකුසලාහි වෙදනාහි දූරෙ, කුසලාකුසලා වෙදනා අබ්යාකතාය වෙදනාය දූරෙ, දුක්ඛා වෙදනා සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි දූරෙ, සුඛා ච අදුක්ඛමසුඛා ච වෙදනා දුක්ඛාය වෙදනාය දූරෙ, සුඛා වෙදනා දුක්ඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි දූරෙ, දුක්ඛා ච අදුක්ඛමසුඛා ච වෙදනා සුඛාය වෙදනාය දූරෙ, අදුක්ඛමසුඛා වෙදනා සුඛදුක්ඛාහි වෙදනාහි දූරෙ, සුඛදුක්ඛා වෙදනා අදුක්ඛමසුඛාය වෙදනාය දූරෙ, අසමාපන්නස්ස වෙදනා සමාපන්නස්ස වෙදනාය දූරෙ, සමාපන්නස්ස වෙදනා අසමාපන්නස්ස වෙදනාය දූරෙ, සාසවා වෙදනා අනාසවාය වෙදනාය දූරෙ, අනාසවා වෙදනා සාසවාය වෙදනාය දූරෙ, අයං වුච්චති වෙදනා දූරෙ.
Sinhala BJTඅකුශල වේදනාව කුශලාව්‍යාකෘත වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. කුශලාව්‍යාකෘත වේදනා අකුශල වේදනායෙන් දුරැ වෙයි. කුශල වේදනාව අකුශල - අව්‍යාකෘත වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. අකුශල - අව්‍යාකෘත වේදනා කුශල වේදනායෙන් දුරැ වෙයි. අව්‍යාකෘත වේදනාව කුශලාකුශල වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. කුශලාකුශල වේදනා අව්‍යාකෘත වේදනායෙන් දුරැ වෙයි. දුඃඛ වේදනාව සුඛ - උපේක්‍ෂා වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. සුඛ වේදනාව ද උපේක්‍ෂා වේදනාව ද දුඃඛ වේදනාව කෙරෙන් දුරැ වෙයි. සුඛ වේදනාව දුඃඛෝපේක්‍ෂා වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. දුඃඛෝපේක්‍ෂා වේදනා සුඛ වේදනාව කෙරෙන් දුරැ වෙයි. උපේක්‍ෂා වේදනාව සුඛ දුඃඛ වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. සුඛ දුඃඛ වේදනා උපේක්‍ෂා වේදනායෙන් දුරැ වෙයි. සමවතට නො සමවුන්හුගේ වේදනාව සමවතට සමවන්හුගේ වේදනායෙන් දුරැ වෙයි. සමවතට සමවන්හුගේ වේදනාව සමවතට නො සමවන්හුගේ වේදනායෙන් දුරැ වෙයි. සාස්‍රව වේදනාව අනාස්‍රව වේදනායෙන් දුරැ වෙයි. අනාස්‍රව වේදනාව සාස්‍රව වේදනායෙන් දුරැ වේ. මේ ‘දූරේ වේදනා’යි කියනු ලැබේ.
Pali BJT23. තත්ථ කතමා වෙදනා සන්තිකෙ:
Sinhala BJT23. එහි සන්තිකේ වේදනා කවර යත්:
Pali BJTඅකුසලා වෙදනා අකුසලාය වෙදනාය සන්තිකෙ, කුසලා වෙදනා කුසලාය වෙදනාය සන්තිකෙ, අබ්යාකතා වෙදනා අබ්යාකතාය වෙදනාය සන්තිකෙ, දුක්ඛා වෙදනා දුක්ඛාය වෙදනාය සන්තිකෙ, සුඛා වෙදනා සුඛාය වෙදනාය සන්තිකෙ, අදුක්ඛමසුඛා වෙදනා අදුක්ඛමසුඛාය වෙදනාය සන්තිකෙ, අසමාපන්නස්ස වෙදනා අසමාපන්නස්ස වෙදනාය සන්තිකෙ, සමාපන්නස්ස වෙදනා සමාපන්නස්ස වෙදනාය සන්තිකෙ, සාසවා වෙදනා සාසවාය වෙදනාය සන්තිකෙ, අනාසවා වෙදනා අනාසවාය වෙදනාය සන්තිකෙ, අයං වුච්චති වෙදනා සන්තිකෙ. තං තං වා පන වෙදනං උපාදායුපාදාය වෙදනා දූරෙ සන්තිකෙ දට්ඨබ්බා.
Sinhala BJTඅකුශල වේදනාව අකුශල වේදනාවට ළඟ වෙයි. කුශල වේදනාව කුශල වේදනාවට ළඟ වෙයි. අව්‍යාකෘත වේදනාව අව්‍යාකෘත වේදනාවට ළඟ වෙයි. දුඃඛ වේදනාව දුඃඛ වේදනාවට ළඟ වෙයි. සුඛ වේදනාව සුඛ වේදනාවට ළඟ වෙයි. උපේක්‍ෂා වේදනාව උපේක්‍ෂා වේදනාවට ළඟ වෙයි. අසමාපන්නයාගේ වේදනාව අසමාපන්නයාගේ වේදනාවට ළඟ වෙයි. සමාපන්නයාගේ වේදනාව සමාපන්නයාගේ වේදනාවට ළඟ වෙයි. සාස්‍රව වේදනාව සාස්‍රව වේදනාවට ළඟ වෙයි. අනාස්‍රව වේදනාව අනාස්‍රව වේදනාවට ළඟ වේ. මේ ‘සන්තිකේ වේදනා’යි කියනු ලැබේ. ඒ ඒ වේදනාව නිසා ‘දූරේ සන්තිකේ වේදනා’ දත යුතු.
Pali BJT24. තත්ථ කතමො සඤ්ඤාක්ඛන්ධො:
Sinhala BJT24. එහි සංඥාස්කන්‍ධය කවරේ යත්:
Pali BJTයා කාචි සඤ්ඤා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ සන්තිකෙ වා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසඞ්ඛිපිත්වා, අයං වුච්චති සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි සංඥාවක් වේ ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා මේ ‘සංඥාස්කන්‍ධ’යි කියනු ලැබේ.
Pali BJT25. තත්ථ කතමා සඤ්ඤා අතීතා:
Sinhala BJT25. එහි අතීත සංඥා කවර යත්:
Pali BJTයා සඤ්ඤා අතීතා නිරුද්ධා විගතා විපරිණතා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා උප්පජ්ජිත්වා විගතා අතීතා අතීතංසෙන සඞ්ගහිතා චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා සොතසම්ඵස්සජා සඤ්ඤා ඝානසම්ඵස්සජා සඤ්ඤා ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා කායසම්ඵස්සජා සඤ්ඤා මනොසම්ඵස්සජා සඤ්ඤා, අයං වුච්චති සඤ්ඤා අතීතා.
Sinhala BJTඉක්ම ගියා වූ නිරුද්ධ වූ පහවැ ගියා වූ විපරිණත වූ අස්තයට ගියා වූ වෙසෙසින් අස්තයට ගියා වූ ඉපිද පහවැ ගියා වූ අතීත වූ අතීතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංඥාවක් වේ ද, එබඳු වූ චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘අතීත සංඥා’යි කියනු ලැබේ.
Pali BJT26. තත්ථ කතමා සඤ්ඤා අනාගතා:
Sinhala BJT26. එහි අනාගත සංඥා කවර යත්:
Pali BJTයා සඤ්ඤා අජාතා අභූතා අසඤ්ජාතා අනිබ්බත්තා අනභිනිබ්බත්තා අපාතුභුතා අනුප්පන්නා අසමුප්පන්නා අනුට්ඨිතා අසමුට්ඨිතා අනාගතා අනාගතංසෙන සඞ්ගහිතා චක්ඛුසම්ඵසස්ජා සඤ්ඤා සොතසම්ඵස්සජා සඤ්ඤා ඝානසම්ඵස්සජා සඤ්ඤා ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා කායසම්ඵස්සජා සඤ්ඤා මනොසම්ඵස්සජා සඤ්ඤා, අයං වුච්චති සඤ්ඤා අනාගතා.
Sinhala BJTනො හටගත් නො වූ ප්‍රත්‍යයසමවායෙන් නො හටගත් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍යයසමවායෙන් නූපන් නො නැඟුණු ප්‍රත්‍යයසමවායෙන් නො නැඟුණු අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංඥාවක් වේ ද, එබඳු වූ චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘අනාගත සංඥා’යි කියනු ලැබේ.
Pali BJT27. තත්ථ කතමා සඤ්ඤා පච්චුප්පන්නා:
Sinhala BJT27. එහි ප්‍රත්‍යුත්පන්න සංඥා කවර යත්:
Pali BJTයා සඤ්ඤා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා උප්පන්නා සමුප්පන්නා උට්ඨිතා සමුට්ඨිතා පච්චුප්පන්නා පච්චුප්පන්නංසෙන සඞ්ගහිතා චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා සොතසම්ඵස්සජා සඤ්ඤා ඝානසම්ඵස්සජා සඤ්ඤා ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා කායසම්ඵස්සජා සඤ්ඤා මනොසම්ඵස්සජා සඤ්ඤා, අයං වුච්චති සඤ්ඤා පච්චුප්පන්නා.
Sinhala BJTහටගත් උපන් ප්‍රත්‍යය සමවායෙන් හටගත් නිපන් වෙසෙසින් නිපන් පහළ වූ උපන් ප්‍රත්‍යය සමවායෙන් උපන් නැඟුණු ප්‍රත්‍යය සමවායෙන් නැඟුණු ප්‍රත්‍යුත්පන්න වූ ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංඥාවක් වේ ද, (එබඳු වූ) චක්ඛු ස්මඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘ප්‍රත්‍යුත්පන්න සංඥා’යි කියනු ලැබේ.
Pali BJT28. තත්ථ කතමා සඤ්ඤා අජ්ඣත්තා:
Sinhala BJT28. එහි අධ්‍යාත්ම සංඥා කවර යත්:
Pali BJTයා සඤ්ඤා තෙසං තෙසං සත්තානං අජ්ඣත්තං පච්චත්තං නියකා පාටිපුග්ගලිකා උපාදින්නා චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා සොතසම්ඵස්සජා සඤ්ඤා ඝානසම්ඵස්සජා සඤ්ඤා ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා කායසම්ඵස්සජා සඤ්ඤා මනොසම්ඵස්සජා සඤ්ඤා, අයං වුච්චති සඤ්ඤා අජ්ඣත්තා.
Sinhala BJTඒ ඒ සත්ත්‍වයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික වූ උපාදින්න වූ යම් සංඥාවක් වේ ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘අධ්‍යාත්ම සංඥා’යි කියනු ලැබේ.
Pali BJT29. තත්ථ කතමා සඤ්ඤා බහිද්ධා:
Sinhala BJT29. එහි බාහිර සංඥා කවර යත්:
Pali BJTයා සඤ්ඤා තෙසං තෙසං පරසත්තානං පරපුග්ගලානං අජ්ඣත්තං පච්චත්තං නියකා පාටිපුග්ගලිකා උපාදින්නා චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා සොතසම්ඵස්සජා සඤ්ඤා ඝානසම්ඵස්සජා සඤ්ඤා ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා කායසම්ඵස්සජා සඤ්ඤා මනොසම්ඵස්සජා සඤ්ඤා, අයං වුච්චති සඤ්ඤා බහිද්ධා.
Sinhala BJTඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගල වූ උපාදින්න වූ යම් සංඥාවක් වේ ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘බාහිර සංඥා’යි කියනු ලැබේ.
Pali BJT30. තත්ථ කතමා සඤ්ඤා ඔළාරිකා සුඛුමා:
Sinhala BJT30. එහි ඖදාරික සූක්‍ෂ්ම සංඥා කවර යත්:
Pali BJTපටිඝසම්ඵස්සජා සඤ්ඤා ඔළාරිකා, අධිවචනසම්ඵස්සජා සඤ්ඤා සුඛුමා, අකුසලා සඤ්ඤා ඔළාරිකා, කුසලාබ්යාකතා සඤ්ඤා සුඛුමා, කුසලාකුසලා සඤ්ඤා ඔළාරිකා, අබ්යාකතා සඤ්ඤා සුඛුමා, දුක්ඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා ඔළාරිකා, සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා සඤ්ඤා සුඛුමා, සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තා සඤ්ඤා ඔළාරිකා, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා සුඛුමා, අසමාපන්නස්ස සඤ්ඤා ඔළාරිකා, සමාපන්නස්ස සඤ්ඤා සුඛුමා, සාසවා සඤ්ඤා ඔළාරිකා, අනාසවා සඤ්ඤා සුඛුමා, තං තං වා පන සඤ්ඤං උපාදායුපාදාය සඤ්ඤා ඔළාරිකා සුඛුමා දට්ඨබ්බා.
Sinhala BJTප්‍රතිඝ සංස්පර්‍ශයෙන් (ද්වාරාලම්බන ඝට්ටනයෙන්) උපන් සංඥාව ඖදාරික යැ, අධිවචන සම්ඵස්ස (මනෝ සම්ඵස්ස)යෙන් උපන් සංඥාව සූක්‍ෂ්ම යැ, අකුශල සංඥාව ඖදාරික යැ, කුශල අව්‍යාකෘත සංඥාව සූක්‍ෂ්ම යැ, කුශලාකුශල සංඥාව ඖදාරික යැ, අව්‍යාකෘත සංඥාව සූක්‍ෂ්ම යැ, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව ඖදාරික යැ, සුඛ උපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාව සූක්‍ෂ්ම යැ, සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාව ඖදාරික යැ උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව සූක්‍ෂ්ම යැ, අසමාපන්නයාගේ සංඥාව ඖදාරික යැ, සමාපන්නයාගේ සංඥාව සුක්‍ෂ්ම යැ, සාස්‍රව සංඥාව ඖදාරික යැ, අනාස්‍රව සංඥාව සූක්‍ෂ්ම යි. තවද, ඒ ඒ සංඥාව නිසා ඖදාරික සූක්‍ෂ්ම සංඥා දත යුතු.
Pali BJT31. තත්ථ කතමා සඤ්ඤා හීනා පණීතා:
Sinhala BJT31. එහි හීන ප්‍රණීත සංඥා කවර යත්:
Pali BJTඅකුසලා සඤ්ඤා හීනා, කුසලාබ්යාකතා සඤ්ඤා පණීතා, කුසලාකුසලා සඤ්ඤා හීනා, අබ්යාකතා සඤ්ඤා පණීතා. දුක්ඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා හීනා, සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා සඤ්ඤා පණීතා, සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තා සඤ්ඤා හීනා, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා පණීතා, අසමාපන්නස්ස සඤ්ඤා හීනා, සමාපන්නස්ස සඤ්ඤා පණීතා, සාසවා සඤ්ඤා හීනා, අනාසවා සඤ්ඤා පණීතා, තං තං වා පන සඤ්ඤං උපාදායුපාදාය සඤ්ඤා හීනා පණීතා දට්ඨබ්බං.
Sinhala BJTඅකුශල සංඥාව හීන යැ, කුශලාව්‍යාකෘත සංඥා ප්‍රණීත යැ, කුශලාකුශල සංඥා හීන යැ, අව්‍යාකෘත සංඥාව ප්‍රණීත යැ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව හීන යැ, සුඛ උපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාව ප්‍රණීත යැ. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාව හීන යැ, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව ප්‍රණීත යැ. අසමාපන්නයාගේ සංඥාව හීන යැ, සමාපන්නයාගේ සංඥාව ප්‍රණීත යැ. සාස්‍රව සංඥාව හීන යැ, අනාස්‍රව සංඥාව ප්‍රණීත යි. තවද, ඒ ඒ සංඥාව නිසා හීන ප්‍රණීත සංඥා දත යුතු යි.
Pali BJT32. තත්ථ කතමා සඤ්ඤා දූරෙ:
Sinhala BJT32. එහි දූරේ සංඥා කවර යත්:
Pali BJTඅකුසලා සඤ්ඤා කුසලාබ්යාකතාහි සඤ්ඤාහි දූරෙ, කුසලාබ්යාකතා සඤ්ඤා අකුසලාය සඤ්ඤාය දූරෙ, කුසලා සඤ්ඤා අකුසලාබ්යාකතාහි සඤ්ඤාහි දූරෙ, අකුසලාබ්යාකතා සඤ්ඤා කුසලාය සඤ්ඤාය දූරෙ. අබ්යාකතා සඤ්ඤා කුසලාකුසලාහි සඤ්ඤාහි දූරෙ, කුසලාකුසලා සඤ්ඤා අබ්යාකතාය සඤ්ඤාය දූරෙ, දුක්ඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තාහි සඤ්ඤාහි දූරෙ, සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා සඤ්ඤා දුක්ඛාය වෙදනාය සම්පයුත්තාය සඤ්ඤාය දූරෙ, සුඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා දුක්ඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තාහි සඤ්ඤාහි දූරෙ, දුක්ඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා සඤ්ඤා සුඛාය වෙදනාය සම්පයුත්තාය සඤ්ඤාය දූරෙ, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තාහි සඤ්ඤාහි දූරෙ, සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තා සඤ්ඤා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාය සඤ්ඤාය දූරෙ, අසමාපන්නස්ස සඤ්ඤා සමාපන්නස්ස සඤ්ඤාය දූරෙ, සමාපන්නස්ස සඤ්ඤා අසමාපන්නස්ස සඤ්ඤාය දූරෙ, සාසවා සඤ්ඤා අනාසවාය සඤ්ඤාය දූරෙ, අනාසවා සඤ්ඤා සාසවාය සඤ්ඤාය දූරෙ. අයං වුච්චති සඤ්ඤා දූරෙ.
Sinhala BJTඅකුශල සංඥාව කුශලාව්‍යාකෘත සංඥාවන් කෙරෙන් දුරැ යැ. කුශලාව්‍යාකෘත සංඥා අකුශල සංඥායෙන් දුරැ යැ. කුශල සංඥාව අකුශලාව්‍යාකෘත සංඥාවන් කෙරෙන් දුරැ යැ, අකුශලාව්‍යාකෘත සංඥා කුශල සංඥායෙන් දුරැ යැ. අව්‍යාකෘත සංඥාව කුශලාකුශල සංඥාවන් කෙරෙන් දුරැ යැ. කුශලාකුශල සංඥා අව්‍යාකෘත සංඥායෙන් දුරැ යැ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව සුඛ උපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාවන් කෙරෙන් දුරැ යැ. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥා දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥායෙන් දුරැ යැ. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාවන් කෙරෙන් දුරැ යැ. දුඃඛ උපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥා සුඛ වේදනාව හා සමුප්‍රයුක්ත සංඥායෙන් දුරැ යැ. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාවන් කෙරෙන් දුරැ යැ. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥා උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥායෙන් දුරැ යැ. අසමාපන්නයාගේ සංඥාව සමාපන්නයාගේ සංඥායෙන් දුරැ යැ. සමාපන්නයාගේ සංඥාව අසමාපන්නයාගේ සංඥායෙන් දුරැ යැ. සාස්‍රව සංඥාව අනාස්‍රව සංඥායෙන් දුරැ යැ. අනාස්‍රව සංඥාව සාස්‍රව සංඥායෙන් දුරැ යි. මේ ‘දූරේ සංඥා’යි කියනු ලැබේ.
Pali BJT33. තත්ථ කතමා සඤ්ඤා සන්තිකෙ:
Sinhala BJT33. එහි සන්තිකේ සංඥා කවර යත්:
Pali BJTඅකුසලා සඤ්ඤා අකුසලාය සඤ්ඤාය සන්තිකෙ, කුසලා සඤ්ඤා කුසලාය සඤ්ඤාය සන්තිකෙ, අබ්යාකතා සඤ්ඤා අබ්යාකතාය සඤ්ඤාය සන්තිකෙ, දුක්ඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා දුක්ඛාය වෙදනාය සම්පයුත්තාය සඤ්ඤාය සන්තිකෙ, සුඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා සුඛාය වෙදනාය සම්පයුත්තාය සඤ්ඤාය සන්තිකෙ, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා සඤ්ඤා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාය සඤ්ඤාය සන්තිකෙ, අසමාපන්නස්ස සඤ්ඤා අසමාපන්නස්ස සඤ්ඤාය සන්තිකෙ, සමාපන්නස්ස සඤ්ඤා සමාපන්නස්ස සඤ්ඤාය සන්තිකෙ, සාසවා සඤ්ඤා සාසවාය සඤ්ඤාය සන්තිකෙ, අනාසවා සඤ්ඤා අනාසවාය සඤ්ඤාය සන්තිකෙ අයං වුච්චති සඤ්ඤා සන්තිකෙ. තං තං වා පන සඤ්ඤං උපාදායුපාදාය සඤ්ඤා දූරෙ සන්තිකෙ දට්ඨබ්බා.
Sinhala BJTඅකුශල සංඥාව අකුශල සංඥාවට ආසන්නයෙහි යැ, කුශල සංඥාව කුශල සංඥාවට ආසන්නයෙහි යැ, අව්‍යාකෘත සංඥාව අව්‍යාකෘත සංඥාවට ආසන්නයෙහි යැ, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාවට ආසන්නයෙහි යැ, සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාවට ආසන්නයෙහි යැ, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාවට ආසන්නයෙහි යැ, අසමාපන්නයාගේ සංඥාව අසමාපන්නයාගේ සංඥාවට ආසන්නයෙහි යැ, සමාපන්නයාගේ සංඥාව සමාපන්නයාගේ සංඥාවට ආසන්නයෙහි යැ, සාස්‍රව සංඥාව සාස්‍රව සංඥාවට ආසන්නයෙහි යැ, අනාස්‍රව සංඥාව අනාස්‍රව සංඥාවට ආසන්නයෙහි යි. මේ ‘සන්තිකේ සංඥා’යි කියනු ලැබේ. තවද, ඒ ඒ සංඥාව නිසා දූරේ සන්තිකේ සංඥා දත යුතු යි.
Pali BJT34. තත්ථ කතමො සඞ්ඛාරක්ඛන්ධො
Sinhala BJT34. එහි සංස්කාරස්කන්‍ධය කවරේ යත්:
Pali BJTයෙ කෙචි සඞ්ඛාරා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යෙ දූරෙ සන්තිකෙ වා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසඞ්ඛිපිත්වා, අයං වුච්චති සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්ම වේව යි බාහිර වේව යි ඖදාරික වේව යි සූක්‍ෂ්ම වේව යි හීන වේව යි ප්‍රණීත වේව යි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි සංස්කාර කෙනෙක් වෙත් ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා මේ ‘සංස්කාරස්කන්‍ධ’යි කියනු ලැබේ.
Pali BJT35. තත්ථ කතමෙ සඞ්ඛාරා අතීතා:
Sinhala BJT35. එහි අතීත සංස්කාරයෝ කවරහ යත්:
Pali BJTයෙ සඞ්ඛාරා අතීතා නිරුද්ධා විගතා විපරිණතා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා උප්පජ්ජිත්වා විගතා අතීතා අතීතංසෙන සඞ්ගහිතා චක්ඛුසම්ඵස්සජා චෙතනා සොතසම්ඵස්සජා චෙතනා ඝානසම්ඵස්සජා චෙතනා ජිව්හාසම්ඵස්සජා චෙතනා කායසම්ඵස්සජා චෙතනා මනොසම්ඵස්සජා චෙතනා, ඉමෙ වුච්චන්ති සඞ්ඛාරා අතීතා.
Sinhala BJTඅතීත වූ නිරුද්ධ වූ පහවැ ගියා වූ විපරිණත වූ අස්තඞ්ගත වූ වෙසෙසින් අස්තඞ්ගත වූ ඉපිද පහවැ ගියා වූ අතීත වූ අතීතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු ‘අතීත සංස්කාරහ’යි කියනු ලැබෙත්.
Pali BJT36. තත්ථ කතමෙ සඞ්ඛාරා අනාගතා:
Sinhala BJT36. එහි අනාගත සංස්කාරයෝ කවරහ යත්:
Pali BJTයෙ සඞ්ඛාරා අජාතා අභූතා අසඤ්ජාතා අනිබ්බත්තා අනභිනිබ්බත්තා අපාතුභුතා අනුප්පන්නා අසමුප්පන්නා අනුට්ඨිතා අසමුට්ඨිතා අනාගතා අනාගතංසෙන සඞ්ගහිතා, චක්ඛුසම්ඵස්සජා චෙතනා සොතාසම්ඵස්සජා චෙතනා ඝානසම්ඵස්සජා චෙතනා ජිව්හාසම්ඵස්සජා චෙතනා කායසම්ඵස්සජා චෙතනා මනොසම්ඵස්සජා චෙතනා, ඉමෙ වුච්චන්ති සඞ්ඛාරා අනාගතා.
Sinhala BJTනො හටගත් නො වූ ප්‍රත්‍යය සමවායෙන් නො හටගත් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍ය සමවායෙන් නූපන් නො නැඟුණු ප්‍රත්‍යය සමවායෙන් නො නැඟුණු අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු ‘අනාගත සංස්කාරහ’යි කියනු ලැබෙත්.
Pali BJT37. තත්ථ කතමෙ සඞ්ඛාරා පච්චුප්පන්නා:
Sinhala BJT37. එහි ප්‍රත්‍යුත්පන්න සංස්කාරයෝ කවරහ යත්:
Pali BJTයෙ සඞ්ඛාරා ජාතා භූතා සඤ්ජාතා{1} නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා උප්පන්නා සමුප්පන්නා උට්ඨිතා සමුට්ඨිතා පච්චුප්පන්නා පච්චුප්පන්නංසෙන සඞ්ගහිතා චක්ඛුසම්ඵස්සජා චෙතනා සොතසම්ඵස්සජා චෙතනා ඝානසම්ඵස්සජා චෙතනා ජිව්හාසම්ඵස්සජා චෙතනා කායසම්ඵස්සජා චෙතනා මනොසම්ඵස්සජා චෙතනා, ඉමෙ වුච්චන්ති සඞ්ඛාරා පච්චුප්පන්නා.
Sinhala BJTහටගත් උපන් ප්‍රත්‍යය සමවායෙන් හටගත් නිපන් වෙසෙසින් නිපන් ප්‍රාදුර්භූත වූ උත්පන්න වූ සමුත්පන්න වූ උත්‍ථිත වූ සමුත්‍ථිත වූ ප්‍රත්‍යුත්පන්න වූ ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු) චක්ඛු සම්ඵස්සජ චේතනා යැ, සෝත සම්ඵස්සජ චේතනා යැ, ඝාන සම්ඵස්සජ චේතනා යැ, ජිව්හා සම්ඵස්සජ චේතනා යැ, කාය සම්ඵස්සජ චේතනා යැ, මනෝ සම්ඵස්සජ චේතනා යි. මොහු ‘ප්‍රත්‍යුත්පන්න සංස්කාරහ’යි කියනු ලැබෙත්.
Pali BJT38. තත්ථ කතමෙ සඞ්ඛාරා අජ්ඣත්තා:
Sinhala BJT38. එහි අධ්‍යාත්ම සංස්කාරයෝ කවරහ යත්:
Pali BJTයෙ සඞ්ඛාරා තෙසං තෙසං සත්තානං අජ්ඣත්තං පච්චත්තං නියකා පාටිපුග්ගලිකා උපාදින්නා චක්ඛුසම්ඵස්සජා චෙතනා සොතසම්ඵස්සජා චෙතනා ඝානසම්ඵස්සජා චෙතනා ජිව්හාසම්ඵස්සජා චෙතනා කායසම්ඵස්සජා චෙතනා මනොසම්ඵස්සජා චෙතනා, ඉමෙ වුච්චන්ති සඞ්ඛාරා අජ්ඣත්තා.
Sinhala BJTඒ ඒ සත්ත්‍වයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික වූ උපාදින්න වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු) චක්ඛු සම්ඵස්සජ චේතනා යැ, සෝත සම්ඵස්සජ චේතනා යැ, ඝාන සම්ඵස්සජ චේතනා යැ, ජිව්හා සම්ඵස්සජ චේතනා යැ, කාය සම්ඵස්සජ චේතනා යැ, මනෝ සම්ඵස්සජ චේතනා යි. මොහු ‘අධ්‍යාත්ම සංස්කාරහ’යි කියනු ලැබෙත්.
Pali BJT39. තත්ථ කතමෙ සඞ්ඛාරා බහිද්ධා:
Sinhala BJT39. එහි බාහිර සංස්කාරයෝ කවරහ යත්:
Pali BJTයෙ සඞ්ඛාරා තෙසං තෙසං පරසත්තානං පරපුග්ගලානං අජ්ඣාත්තං පච්චත්තං නියකා පාටිපුග්ගලිකා උපාදින්නා චක්ඛුසම්ඵස්සජා චෙතනා සොතසම්ඵස්සජා චෙතනා ඝානසම්ඵස්සජා චෙතනා ජිව්හාසම්ඵස්සජා චෙතනා කායසම්ඵස්සජා චෙතනා මනොසම්ඵස්සජා චෙතනා, ඉමෙ වුච්චන්ති සඞ්ඛාරා බහිද්ධා.
Sinhala BJTඒ ඒ පර සත්ත්‍වයන්ගේ පර පුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාති පුද්ගලික වූ උපාදින්න වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු) චක්ඛු සම්ඵස්සජ චේතනා යැ, සෝත සම්ඵස්සජ චේතනා යැ, ඝාන සම්ඵස්සජ චේතනා යැ, ජිව්හා සම්ඵස්සජ චේතනා යැ, කාය සම්ඵස්සජ චේතනා යැ, මනෝ සම්ඵස්සජ චේතනා යි. මොහු ‘බාහිර සංස්කාරහ’යි කියනු ලැබෙත්.
Pali BJT40. තත්ථ කතමෙ සඞ්ඛාරා ඔළාරිකා සුඛුමා:
Sinhala BJT40. එහි ඖදාරික සූක්‍ෂ්ම සංස්කාරයෝ කවරහ යත්:
Pali BJTඅකුසලා සඞ්ඛාරා ඔළාරිකා, කුසලාබ්යාකතා සඞ්ඛාරා සුඛුමා. කුසලාකුසලා සඞ්ඛාරා ඔළාරිකා, අබ්යාකතා සඞ්ඛාරා සුඛුමා. දුක්ඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා ඔළාරිකා, සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා සඞ්ඛාරා සුඛුමා. සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තා සඞ්ඛාරා ඔළාරිකා, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා සුඛුමා. අසමාපන්නස්ස සඞ්ඛාරා ඔළාරිකා, සමාපන්නස්ස සඞ්ඛාරා සුඛුමා. සාසවා සඞ්ඛාරා ඔළාරිකා, අනාසවා සඞ්ඛාරා සුඛුමා. තෙ තෙ වා පන සඞ්ඛාරෙ උපාදායුපාදාය සඞ්ඛාරා ඔළාරිකා සුඛුමා දට්ඨබ්බා.
Sinhala BJTඅකුශල සංස්කාරයෝ ඖදාරිකයහ, කුශලාව්‍යාකෘත සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. කුශලාව්‍යාකෘත සංස්කාරයෝ ඖදාරිකයහ, අව්‍යාකෘත සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ඖදාරිකයහ, සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. සුඛදුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ඖදාරිකයහ, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. අසමාපන්නයාගේ සංස්කාරයෝ ඖදාරිකයහ, සමාපන්නයාගේ සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. සාස්‍රව සංස්කාරයෝ ඖදාරිකයහ, අනාස්‍රව සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. ඒ ඒ සංස්කාරයන් නිසා ඖදාරික සූක්‍ෂ්ම සංස්කාරයෝ දත යුත්තාහ.
Pali BJT41. තත්ථ කතමෙ සඞ්ඛාරා හීනා පණීතා:
Sinhala BJT41. එහි හීන ප්‍රණීත සංස්කාරයෝ කවරයහ යත්:
Pali BJTඅකුසලා සඞ්ඛාරා හීනා, කුසලාබ්යාකතා සඞ්ඛාරා පණීතා. කුසලාකුසලා සඞ්ඛාරා හීනා, අබ්යාකතා සඞ්ඛාරා පණීතා. දුක්ඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා හීනා, සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා සඞ්ඛාරා පණීතා. සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තා සඞ්ඛාරා හීනා, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා පණීතා. අසමාපන්නස්ස සඞ්ඛාරා හීනා, සමාපන්නස්ස සඞ්ඛාරා පණීතා. සාසවා සඞ්ඛාරා හීනා, අනාසවා සඞ්ඛාරා පණීතා. තෙ තෙ වා පන සඞ්ඛාරෙ උපාදායුපාදාය සඞ්ඛාරා හීනා පණීතා දට්ඨබ්බා.
Sinhala BJTඅකුශල සංස්කාරයෝ හීනයහ, කුශලාව්‍යාකෘත සංස්කාරයෝ ප්‍රණීතයහ. කුශලාකුශල සංස්කාරයෝ හීනයහ, අව්‍යාකෘත සංස්කාරයෝ ප්‍රණීතයහ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ හීනයහ, සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ප්‍රණීතයහ. සුඛදුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ හීනයහ, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ප්‍රණීතයහ. අසමාපන්නයාගේ සංස්කාරයෝ හීනයහ, සමාපන්නයාගේ සංස්කාරයෝ ප්‍රණීතයහ. සාස්‍රව සංස්කාරයෝ හීනයහ, අනාස්‍රව සංස්කාරයෝ ප්‍රණීතයහ. ඒ ඒ සංස්කාරයන් නිසා හීන ප්‍රණීත සංස්කාරයෝ දත යුත්තාහ.
Pali BJT42. තත්ථ කතමෙ සඞ්ඛාරා දූරෙ:
Sinhala BJT42. එහි දූරේ සංස්කාරයෝ කවරහ යත්:
Pali BJTඅකුසලා සඞ්ඛාරා කුසලාබ්යාකතෙහි සඞ්ඛාරෙහි දූරෙ, කුසලාබ්යාකතා සඞ්ඛාරා අකුසලෙහි සඞ්ඛාරෙහි දූරෙ, කුසලා සඞ්ඛාරා අකුසලාබ්යාකතෙහි සඞ්ඛාරෙහි දූරෙ, අකුසලාබ්යාකතා සඞ්ඛාරා කුසලෙහි සඞ්ඛාරෙහි දූරෙ, අබ්යාකතා සඞ්ඛාරා කුසලාකුසලෙහි සඞ්ඛාරෙහි දූරෙ. කුසලාකුසලා සඞ්ඛාරා අබ්යාකතෙහි සඞ්ඛාරෙහි දූරෙ, දුක්ඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තෙහි සඞ්ඛාරෙහි දූරෙ, සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා සඞ්ඛාරා දුක්ඛාය වෙදනාය සම්පයුත්තෙහි සඞ්ඛාරෙහි දූරෙ, සුඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා දුක්ඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තෙහි සඞ්ඛාරෙහි දූරෙ. දුක්ඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා සඞ්ඛාරා සුඛාය වෙදනාය සම්පයුත්තෙහි සඞ්ඛාරෙහි දූරෙ, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තෙහි සඞ්ඛාරෙහි දූරෙ, සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තා සඞ්ඛාරා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙහි සඞ්ඛාරෙහි දූරෙ, අසමාපන්නස්ස සඞ්ඛාරා සමාපන්නස්ස සඞ්ඛාරෙහි දූරෙ, සමාපන්නස්ස සඞ්ඛාරා අසමාපන්නස්ස සඞ්ඛාරෙහි දූරෙ, සාසවා සඞ්ඛාරා අනාසවෙහි සඞ්ඛාරෙහි දූරෙ, අනාසවා සඞ්ඛාරා සාසවෙහි සඞ්ඛාරෙහි දූරෙ, ඉමෙ වුච්චන්ති සඞ්ඛාරා දූරෙ.
Sinhala BJTඅකුශල සංස්කාරයෝ කුශලාව්‍යාකෘත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. කුශලාව්‍යාකෘත සංස්කාරයෝ අකුශල සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. කුශල සංස්කාරයෝ අකුශලාව්‍යාකෘත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. අකුශලාව්‍යාකෘත සංස්කාරයෝ කුශල සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. අව්‍යාකෘත සංස්කාරයෝ කුශලාකුශල සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. කුශලාකුශල සංස්කාරයෝ අව්‍යාකෘත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක් සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. අසමාපන්නයාගේ සංස්කාරයෝ සමාපන්නයාගේ සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. සමාපන්නයාගේ සංස්කාරයෝ අසමාපන්නයාගේ සංස්කාර කෙරෙන් දුරැ වෙති. සාස්‍රව සංස්කාරයෝ අනාස්‍රව සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. අනාස්‍රව සංස්කාරයෝ සාස්‍රව සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. මොහු ‘දූරේ සංස්කාරහ’යි කියනු ලැබෙත්.
Pali BJT43. තත්ථ කතමෙ සඞ්ඛාරා සන්තිකෙ:
Sinhala BJT43. එහි සන්තිකේ සංස්කාරයෝ කවරහ යත්:
Pali BJTඅකුසලා සඞ්ඛාරා අකුසලානං සඞ්ඛාරානං සන්තිකෙ, කුසලා සඞ්ඛාරා කුසලානං සඞ්ඛාරානං සන්තිකෙ, අබ්යාකතා සඞ්ඛාරා අබ්යාකතානං සඞ්ඛාරානං සන්තිකෙ. දුක්ඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා දුක්ඛාය වෙදනාය සම්පයුත්තානං සඞ්ඛාරානං සන්තිකෙ, සුඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා සුඛාය වෙදනාය සම්පයුත්තානං සඞ්ඛාරානං සන්තිකෙ, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා සඞ්ඛාරා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තානං සඞ්ඛාරානං සන්තිකෙ, අසමාපන්නස්ස සඞ්ඛාරා අසමාපන්නස්ස සඞ්ඛාරානං සන්තිකෙ, සමාපන්නස්ස සඞ්ඛාරා සමාපන්නස්ස සඞ්ඛාරානං සන්තිකෙ, සාසවා සඞ්ඛාරා සාසවානං සඞ්ඛාරානං සන්තිකෙ, අනාසවා සඞ්ඛාරා අනාසවානං සඞ්ඛාරානං සන්තිකෙ, ඉමෙ වුච්චන්ති සඞ්ඛාරා සන්තිකෙ, තෙ තෙ වා පන සඞ්ඛාරෙ උපාදායුපාදාය සඞ්ඛාරා දූරෙ සන්තිකෙ දට්ඨබ්බා.
Sinhala BJTඅකුශල සංස්කාරයෝ අකුශල සංස්කාරයන්ට ආසන්නයෙහි (සන්තිකේ) වෙති. කුශල සංස්කාරයෝ කුශල සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. අව්‍යාකෘත සංස්කාරයෝ අව්‍යාකෘත සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්යෙහි වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. අසමාපන්නයාගේ සංස්කාරයෝ අසමාපන්නයාගේ සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. සමාපන්නයාගේ සංස්කාරයෝ සමාපන්නයාගේ සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. සාස්‍රව සංස්කාරයෝ සාස්‍රව සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. අනාස්‍රව සංස්කාරයෝ අනාස්‍රව සංස්කාරයන්ට ආසන්නයෙහි වෙත්. මොහු ‘සන්තිකේ සංස්කාරහ’යි කියනු ලැබෙත්. තවද ඒ ඒ සංස්කාරයන් හෝ නිසා දූරේ සන්තිකේ සංස්කාරයෝ දත යුත්තාහ.
Pali BJT44. තත්ථ කතමො විඤ්ඤාණක්ඛන්ධො:
Sinhala BJT44. එහි විඥානස්කන්‍ධ කවරේ යත්:
Pali BJTයං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසඞ්ඛිපිත්වා, අයං වුච්චති විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, අතීතානාගත පත්‍යුත්පන්න වූ යම්කිසි විඥානයෙක් වේ ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් වේ ද, ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා ගෙන මේ ‘විඥානස්කන්‍ධ’යි කියනු ලැබේ.
Pali BJT45. තත්ථ කතමං විඤ්ඤාණං අතීතං:
Sinhala BJT45. එහි අතීත විඥානය කවරේ යත්:
Pali BJTයං විඤ්ඤාණං අතීතං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතං උප්පජිත්වා විගතං අතීතං අතීතංසෙන සඞ්ගහිතං චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං, ඉදං වුච්චති විඤ්ඤාණං අතීතං.
Sinhala BJTඅතීත වූ නිරුද්ධ වූ පහව ගියා වූ විපර්‍ය්‍යස්ත වූ අස්තයට ගියා වූ වෙසෙසින් අස්තයට ගියා වූ ඉපැද පහවැ ගියා වූ අතීත වූ අතීතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු) චක්‍ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘අතීත විඥාන’යි කියනු ලැබේ.
Pali BJT46. තත්ථ කතමං විඤ්ඤාණං අනාගතං:
Sinhala BJT46. එහි අනාගත විඥානය කවරේ යත්:
Pali BJTයං විඤ්ඤාණං අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතං අනුප්පන්නං අසමුප්පන්නං අනුට්ඨිතං අසමුට්ඨිතං අනාගතං අනාගතංසෙන සඞ්ගහීතං චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං, ඉදං වුච්චති විඤ්ඤාණං අනාගතං.
Sinhala BJTනූපන් නො වූ ප්‍රත්‍යය සමවායයෙන් නො හටගත් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍යය සමවායෙන් නූපන් නො නැඟුණු ප්‍රත්‍යය සමවායෙන් නො නැඟුණු අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු වූ) චක්‍ෂුර් විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘අනාගත විඥාන’යි කියනු ලැබේ.
Pali BJT47. තත්ථ කතමං විඤ්ඤාණං පච්චුප්පන්නං:
Sinhala BJT47. එහි ප්‍රත්‍යුත්පන්න විඥානය කවරේ යත්:
Pali BJTයං විඤ්ඤාණං ජාතං භූතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං උප්පන්නං සමුප්පන්නං උට්ඨිතං සමුට්ඨිතං පච්චුප්පනං පච්චුප්පන්නංසෙන සංගහිතං චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං, ඉදං වුච්චති විඤ්ඤාණං පච්චුප්පන්නං.
Sinhala BJTහටගත් උපන් ප්‍රත්‍යය සමවායෙන් හටගත් නිපන් වෙසෙසින් නිපන් පහළ වූ උත්පන්න වූ සමුත්පන්න වූ උත්‍ථිත වූ සමුත්‍ථිත වූ ප්‍රත්‍යුත්පන්න වූ ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු වූ) චක්‍ෂුර් විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘ප්‍රත්‍යුත්පන්න විඥාන’යි කියනු ලැබේ.
Pali BJT48. තත්ථ කතමං විඤ්ඤාණං අජ්ඣත්තං:
Sinhala BJT48. එහි අධ්‍යාත්ම විඥානය කවරේ යත්:
Pali BJTයං විඤ්ඤාණං තෙසං තෙසං සත්තානං අජ්ඣත්තං පච්චත්තං නියකං පාටිපුග්ගලිකං උපාදින්නං චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං, ඉදං වුච්චති විඤ්ඤාණං අජ්ඣත්තං.
Sinhala BJTඒ ඒ සත්ත්‍වයන්ගේ ආධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික වූ උපාදින්න වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු වූ) චක්‍ෂුර් විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘අධ්‍යාත්ම විඥාන’යි කියනු ලැබේ.
Pali BJT49. තත්ථ කතමං විඤ්ඤාණං බහිද්ධා:
Sinhala BJT49. එහි බාහිර විඥානය කවරේ යත්: