600. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
601. ‘අභිජ්ඣාය චිත්තං පරිසෝධෙති’ යනු: එහි අභිධ්‍යා කවර යත්: යම් රාගයෙක්, සංරාගයෙක් ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත මේ අභිධ්‍යාව කෙරෙන් ශෝධනය කෙරෙයි. විශෝධනය කෙරෙයි, පරිශෝධනය කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘අභිජ්ඣාය චිත්තං පරිසෝධෙති’ යි.
602. ‘ව්‍යාපාදපදෝසං පහාය’ යනු: ව්‍යාපාදයෙක් ඇත, ප්‍රද්වේෂයෙක් ඇති. එහි ව්‍යාපාදය කවරෙ යත්: චිත්තයාගේ යම් ආඝාතයෙක්, ප්‍රතිඝාතයෙක්, ප්‍රතිඝයෙක්, ප්‍රතිවිරෝධයෙක්, කොපයෙක්, ප්‍රකෝපයෙක්, සම්ප්‍රකෝපයෙක්, ද්වේෂයෙක්, ප්‍රද්වේෂයෙක්, සම්ප්‍රද්වේෂයෙක්, චිත්තයාගේ ව්‍යාපත්තියෙක්, මනඃප්‍රද්වේෂයෙක්, ක්‍රෝධයෙක්, ක්‍රෝධාකාරයෙක්, කිපුණු බවෙක්, ද්වේෂයෙක්, දූෂ්‍යාකාරයෙක්, දූෂිත බවෙක්, ව්‍යාපතියෙක්, ව්‍යාපාද අයුරෙක්, ව්‍යාපන්න බවෙක්, විරෝධයෙක්, ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක්, නො පිරිපුන් වචන ඇති බවෙක්, චිත්තයාගේ නො සතුටු බවෙක් වේද, මේ ‘ව්‍යාපාද’ යි කියනු ලැබේ.
එහි ප්‍රද්වේෂය කවරෙ යත්: යම් ව්‍යාපාදයෙක් වේ ද, හේ ප්‍රද්වේෂ යි, යම් ප්‍රද්වේෂයෙක් වේද, හේ ව්‍යාපාද යි. මෙසේ මේ ව්‍යාපාදයත් මේ ප්‍රද්වේෂයත් ශාන්ත වෙයි, ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යාන්තිකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ව්‍යාපාදපදෝසං පහාය’ යි.
603. ‘අව්‍යාපන්න චිත්තෝ’ යනු: එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත අව්‍යාපන්න වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අව්‍යාපන්න චිත්තෝ’ යි. ‘විහරති’ යනු ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
604. ‘ව්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධෙති’ යනු: ව්‍යාපාදයෙක් ඇත, ප්‍රද්වේෂයෙක් ඇති. එහි ව්‍යාපාදය කවරෙ යත්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ... සැඬ බවෙක්, නො පිරිපුන් වචන ඇති බවෙක්, චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘ව්‍යාපාද’ යි කියනු ලැබේ. එහි ප්‍රද්වේෂය කවරෙ යත්: යමෙක් ව්‍යාපාද නම් හේ ප්‍රද්වේෂ ය. යමෙක් ප්‍රද්වේෂ නම් හේ ව්‍යාපාද යි. එහි චිත්තය කවරෙ යත්: යම් සිතෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය කෙරෙන් ශෝධනය කෙරෙයි, විශෝධනය කෙරෙයි, පරිශෝධනය කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘ව්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධෙති’ යි.
605. ‘ථීනමිද්ධං පහාය’ යනු: ථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති. එහි ථීනය කවරෙ යත්: චිත්තයාගේ යම් ගිලන් බවෙක් අකර්‍මණ්‍ය බවෙක් හැකිළෙන අයුරෙක්, හැකිළෙන බවෙක්, ලීනයෙක්, ලීනාකාරයෙක්, හැකුළුණු බවෙක්, චිත්තයාගේ නො පැතිරීමෙක්, නො පැතිරෙන අයුරෙක්, නො පැතිරුණු බවෙක් වේ ද, මේ ‘ථීන’ යි කියනු ලැබේ. එහි මිද්ධය කවරෙ යත්: නාමකායයාගේ යම් ගිලන් බවෙක්, අකර්‍මණ්‍ය බවෙක්, බැඳීමෙක්, හාත්පසින් බැඳීමෙක්, ඇතුළත ඇවිරීමෙක්, පෙළීමෙක්, නිදීමෙක්, කපිනිද්‍රාවක්, ශයනයෙක්, ශයනාකාරයෙක්, ශයනය කළ බවෙක් වේ ද, මේ ‘මිද්ධ’ යි කියනු ලැබේ. මෙසේ මේ ථීනයත්, මේ මිද්ධයත් ශාන්ත වෙයි. ශමිත - ව්‍යුපශාන්ත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ථීනමිද්ධං පහාය’ යි.
606. ‘විගතථීනමිද්ධො’ යනු: ඒ ථීනමිද්ධය හළ බැවින්, වමනය කළ බැවින්, මිදු බැවින්, පුහුන් බැවින්, බැහැර කළ බැවින්, පැහීමෙන්, බැහැර කළ බැවින්, එහෙයින් කියනු ලැබෙයි ‘විගතථීනමිද්ධො’ යි. ‘විහරති’ යනු: ඉරියවු පවත්ව යි ... වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
607. ‘ආලෝකසඤ්ඤී’ යනු: එහි සංඥා කවර යත්: යම් හැඳිනීමෙක් හඳුනන අයුරෙක්, හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘සංඥා’ යි කියනු ලැබේ. මේ සංඥාව සප්‍රභ - විවෘත - පරිශුද්ධ - පර්‍ය්‍යවදාත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ආලෝකසඤ්ඤී’ යි.
608. ‘සතෝ සම්පජානෝ’ යනු: එහි සති කවර යත්: යම් ස්මෘතියෙක්, අනුස්මෘතියෙක් ... සම්‍යක් ස්මෘතියෙක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. එහි සම්පජඤ්ඤ කවරෙ යත්: යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මෙසේ මේ සතියෙන් ද, මේ සම්පජඤ්ඤයෙන් ද යුක්ත වෙයි ... සමන්‍වාගත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සතෝ සම්පජානෝ’ යි.
609. ‘ථීනමිද්ධා චිත්තං පරිසෝධෙති’ යනු: ථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති. එහි ථීනය කවරෙ යත්: චිත්තයාගේ යම් ගිලන් බවෙක් ... චිත්තයාගේ නො පැතුරුණු බවෙක් වේ ද, මේ ‘ථීන’ යි කියනු ලැබේ. එහි මිද්ධය කවරෙ යත්: නාමකායයාගේ යම් ගිලන් බවෙක් ... සුප්ත බවෙක් වේ ද, මේ ‘මිද්ධ’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ ථීනමිද්ධය කෙරෙන් ශුද්ධ කෙරෙයි, විශුද්ධ කෙරෙයි, පරිශුද්ධ කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘ථීනමිද්ධා චිත්තං පරිසෝධෙති’ යි.
610. ‘උද්ධච්චකුක්කුච්චං පහාය’ යනු: උද්ධච්චයෙක් ඇත. කුක්කුච්චයෙක් ඇති. එහි උද්ධච්චය කවරෙ යත්: චිත්තයාගේ යම් ඖදධතයෙක්, අව්‍යුපශමයෙක්, චිත්තයාගේ වික්‍ෂේපයෙක්, චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘උද්ධච්ච’ යි කියනු ලැබේ. එහි කුක්කුච්චය කවරෙ යත්: අකැපයෙහි කැපය යන සංඥා ඇති බව ය, කැපයෙහි අකැපය යන සංඥා ඇති බව ය, නිවරදෙහි වරදය යන සංඥා ඇති බව ය, වරදෙහි නිවරදය යන සංඥා ඇති බව යි. මෙබඳු යම් කුකුසෙක්, කුකුස්නා අයුරෙක්, කුකුස් කළ බවෙක්, චිත්තයාගේ විපිළිසරයෙක්, සිත ඉරිතැළීමෙක් වේ ද, මේ ‘කුක්කුච්ච’ යි කියනු ලැබේ. මෙසේ මේ උද්ධච්චය ද, මේ කුක්කුච්චය ද ශාන්ත වෙයි. ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උද්ධච්චකුක්කුච්චං පහාය’ යි.
611. ‘අනුද්ධතො’ යනු: ඒ උද්ධච්චකුක්කුච්චය හළ බැවින්, වමනය කළ බැවින්, මිදූ බැවින්, ප්‍රහීණ බැවින්, ප්‍රතිනිසෘෂ්ට බැවින්, ප්‍රහාණයෙන් බැහැර කළ බැවින්, එහෙයින් කියනු ලැබෙයි ‘අනුද්ධතො’ යි. ‘විහරති’ යනු ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
612. ‘අජ්ඣත්තං’ යනු: යම් අධ්‍යාත්මයෙක්, ප්‍රත්‍යාත්මයෙක් වේ ද, එය යි. ‘වූපසන්තචිත්තෝ’ යනු: එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත අධ්‍යාත්මයෙහි ශාන්ත වෙයි, ශමිත - ව්‍යුපශාන්ත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අජ්ඣත්තං වූපසන්තචිත්තෝ’ යි.
613. ‘උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධෙති’ යනු: ඖද්ධත්‍යයෙක් ඇත, කෞකෘත්‍යයෙක් ඇති. එහි ඖද්ධත්‍යය කවරෙ යත්: චිත්තයාගේ යම් නො සන්හුන් බවෙක් අව්‍යුපශමයෙක්, චිත්තයාගේ විසිරීමෙක්, චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ. එහි කෞකෘත්‍ය කවරෙ යත්: අකැපයෙහි කැපය යන සංඥා ඇති බව ය ... වරදෙහි නිවරද ය යන සංඥා ඇති බව යි. මෙ බඳු යම් කෞකෘත්‍යයෙක්, කුකුස් අයුරෙක්, කුකුස් කළ බවෙක්, චිත්තයාගේ විපිළිසරයෙක්, සිත හිරිගැසීමෙක් වේ ද, මේ ‘කෞකෘත්‍ය’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: ... මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත මේ ඖද්ධත්‍යකෞකෘත්‍යය කෙරෙන් ශුද්ධ කෙරෙයි, විශුද්ධ කෙරෙයි, පරිශුද්ධ කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධෙති’ යි.
614. ‘විචිකිච්ඡං පහාය’ යනු: එහි විචිකිත්සා කවර යත්: යම් සැකයෙක්, සැක අයුරෙක්, සැක කළ බවෙක්, විමතියෙක්, විචිකිත්සායෙක්, ද්වෙළ්හකයෙක්, ද්විධාපථයෙක්, ශංසයෙක්, අනෛකාන්තග්‍රාහයෙක්, පැකිළීමෙක්, හාත්පසින් පැකිළීමෙක්, නො බැස ගැන්මෙක්, චිත්තයාගේ තද බවෙක්, සිත හිරිගැසීමෙක් වේ ද, මේ ‘විචිකිත්සා’ යි කියනු ලැබේ. මේ විචිකිත්සාව ශාන්ත වෙයි, ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘විචිකිච්ඡං පහාය’ යි.
615. ‘තිණ්ණවිචිකිච්ඡො’ යනු: මේ චිකිත්සාව තරණය කළේ වෙයි. එතෙර වූයේ උවදුරු මැඩගෙන තරණය කෙළේ, පරතෙරට ගියේ, පරතෙරට පැමිණියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘තිණ්ණවිචිකිච්ඡො’ යි. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
616. ‘අකථංකථී කුසලෙසු ධම්මේසු’ යනු: මේ විචිකිත්සායෙන් නිරවද්‍ය ධර්‍මයන්හි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, සැක නැත්තේ වෙයි, නික්මගිය කථංකථා (සැක) ඇත්තේ, පහව ගිය කථංකථා ඇත්තේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අකථංකථී කුසලෙසු ධම්මේසු’ යි.
617. ‘විචිකිච්ඡාය චිත්තං පරිසෝධෙති’ යනු: එහි විචිකිත්සා කවර යත්: යම් සැකයෙක්, සැක අයුරෙක්, සැක කළ බවෙක් ... චිත්තයාගේ තද බවෙක්, සිත හිරිගැසීමෙක් වේ ද, මේ ‘විචිකිත්සා’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ විචිකිත්සාව කෙරෙන් ශුද්ධ කෙරෙයි, විශුද්ධ කෙරෙයි, පරිශුද්ධ කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘විචිකිච්ඡාය චිත්තං පරිසෝධෙති’ යි.
618. ‘ඉමෙ පඤ්චනීවරණෙ පහාය’ යනු: මේ පඤ්චනීවරණයෝ සන්හිඳුනාහු වෙති. ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘ඉමෙ පඤ්චනීවරණෙ පහාය’ යි.
619. ‘චෙතසො උපක්කිලේසෙ’ යනු: මේ පඤ්චනීවරණයෝ චිත්තයට උපක්ලේශයෝ යි.
620. ‘පඤ්ඤාය දුබ්බලීකරණෙ’ යනු: මේ පඤ්චනීවරණයන් කරණකොට ගෙන නූපන්නා වූ ද ප්‍රඥාව නූපදියි. උපන්නාවූද ප්‍රඥාව නිරුද්ධ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පඤ්ඤාය දුබ්බලීකරණෙ’ යි.
621. ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේහි’ යනු: එහි කාම කවරෙ යත්: ඡන්‍දය කාම ය, රාගය කාම ය, ඡන්‍දරාගය කාම ය, සංකල්පය කාම ය, රාගය කාම ය, සංකල්පරාගය කාම යි. මොහු ‘කාමයෝ’ යි කියනු ලැබෙත්. එහි අකුශලධර්‍මයෝ කවරහ යත්: කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ස්ත්‍යානමිද්ධ ය, ඖද්ධත්‍ය ය, කෞකෘත්‍ය ය, විචිකිත්සා යි. මොහු ‘අකුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ කාමයන් කෙරෙන් ද, මේ අකුශලධර්‍මයන් කෙරෙන් ද, වෙන් වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේහි’ යි.
622. ‘සවිතක්කං සවිචාරං’ යනු: විතර්‍කයෙක් ඇත, විචාරයෙක් ඇති. එහි විතර්‍ක කවරෙ යත්: යම් තර්‍කයෙක්, විතර්‍කයෙක්, සංකල්පයෙක්, අර්‍පණයෙක්, ව්‍යර්‍පණයෙක්, සිත අරමුණට නැගීමෙක්, සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘විතර්‍ක’ යි කියනු ලැබේ. එහි විචාරය කවරෙ යත්: යම් චාරයෙක්, විචාරයෙක්, අනුවිචාරයෙක්, උපවිචාරයෙක්, සිත අරමුණෙහි ගළපන බවෙක්, අනුව බලන බවෙක් වේ ද, මේ ‘විචාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විතර්‍කයෙන් ද, මේ විචාරයෙන් ද, යුක්ත වූයේ වෙයි ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සවිතක්කං සවිචාරං’ යි.
623. ‘විවේකජං’ යනු: විතර්‍කය, විචාරය, ප්‍රීතිය, සුඛය, චිත්තයාගේ ඒකාග්‍රතා යි. ඔහු මේ විවේකයෙහි හටගත්තාහු වෙති. ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, පහළ වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘විවේකජං’ යි.
624. ‘පීතිසුඛං’ යනු: ප්‍රීතියක් ඇත, සුඛයෙක් ඇති. එහි ප්‍රීතිය කවර යත්: යම් ප්‍රීතියක්, තරුණප්‍රීතියක්, ආමොදනයෙක්, ප්‍රමෝදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක්, සතුටක්, ඔදවැඩි බවෙක්, චිත්තයාගේ සියමනබවෙක් වේ ද, මේ ‘ප්‍රීති’ යි කියනු ලැබේ. එහි සුඛය කවරෙ යත්: යම් චෛතසික වූ මිහිරෙක්, චෛතසික වූ සුඛයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘සුඛය’ යි කියනු ලැබේ. මේ සුඛය, මේ ප්‍රීතිය සහගියේ වෙයි, සහජාත වූයේ, සංසෘෂ්ට වූයේ, සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පීතිසුඛං’ යි.
625. ‘පඨමං’ යනු: ගණනානුපූර්‍වතායෙන් පඨම ය, මේ ධ්‍යානයට පළමුකොට සමවදී නු යි පඨම යි.
626. ‘ඣානං’ යනු: විතර්‍කය, විචාරය, ප්‍රීතිය, සුඛය, චිත්තෛකාග්‍රතා යි.
627. ‘උපසම්පජ්ජ’ යනු: ප්‍රථමධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත් කිරීමෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
628. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
629. ‘විතක්කවිචාරානං වූපසමා’ යනු: විතර්‍කයෙක් ඇත, විචාරයෙක් ඇති. එහි විතර්‍ක කවරෙ යත්: යම් තර්‍කයෙක්, විතර්‍කයෙක් ... සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘විතර්‍ක’ යි කියනු ලැබේ. එහි විචාර කවරෙ යත්: යම් චාරයෙක්, විචාරයෙක්, අනුවිචාරයෙක්, උපවිචාරයෙක්, සිත අරමුණෙහි ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ ‘විචාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විතර්‍කය ද, මේ විචාරය ද සන්හිඳුනාහු වෙති. සන්හිඳුවන ලද්දාහු, වෙසෙසින් සන්හිඳිනාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, වෙසෙසින් අර්පිත වූවාහු, වියලන ලද්දාහු, වෙසෙසින් වියලන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘විතක්කවිචාරානං වූපසමා’ යි.
630. ‘අජ්ඣත්තං’ යනු: යම් අධ්‍යාත්මයෙක්, ප්‍රත්‍යාත්මයෙක් වේ ද, එය යි.
631. ‘සම්පසාදනං’ යනු: යම් හැදැහීමෙක්, හදහන අයුරෙක්, අරමුණෙහි බැසගැන්මෙක්, අභිප්‍රසාදයෙක් වේ ද, එය යි.
632. ‘චෙතසො ඒකෝදිභාවං’ යනු: චිත්තයාගේ යම් සිටීමෙක් ... සම්‍යක් සමාධියෙක් වේ ද, එයයි.
633. ‘අවිතක්කං අවිචාරං’ යනු: විතර්‍කයෙක් ඇත, විචාරයෙක් ඇති. එහි විතර්‍ක කවරෙ යත්: යම් තර්‍කයෙක්, විතර්‍කයෙක් ... සම්‍යක්සඞ්කල්පයෙක් වේ ද, මේ ‘විතර්‍ක’ යි කියනු ලැබේ. එහි විචාර කවරෙ යත්: යම් චාරයෙක් ... අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ ‘විචාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විතර්‍කය ද, මේ විචාරය ද ශාන්ත වූවාහු වෙති, ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘අවිතක්කං අවිචාරං’ යි.
634. ‘සමාධිජං’ යනු: සම්ප්‍රසාද ය, ප්‍රීතිය හා සුඛය (යන) ඒ ධර්‍මයෝ මේ සමාධියෙහි හටගත්තාහු වෙති, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘සමාධිජං’ යි.
635. ‘පීතිසුඛං’ යනු: ප්‍රීතියක් ඇත, සුඛයෙක් ඇති. එහි ප්‍රීති කවර යත් ... මේ ‘ප්‍රීති’ යි කියනු ලැබේ. එහි සුඛ කවර යත් ... මේ ‘සුඛ’ යි කියනු ලැබේ. මේ සුඛය මේ ප්‍රීතිය සහගියා වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ප්‍රීතිසුඛං’ යි.
636. ‘දුතියං’ යනු: ගණනානුපූර්‍වතායෙන් ද්විතීය ය. මේ ධ්‍යානයට දෙ වැනිව සමවදී නු යි ද්විතීය යි.
637. ‘ඣානං’ යනු: සම්ප්‍රසාද ය, ප්‍රීතිය හා සුඛය, චිත්තෛකාග්‍රතා යි.
638. ‘උපසම්පජ්ජ’ යනු: ද්විතීයධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියාවක්, පැමිණීමෙක් වේ ද, එයයි.
639. ‘විහරති’ යනු ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
640. ‘පීතියා ච විරාගා’ යනු: එහි ප්‍රීති කවර යත්: යම් ප්‍රීතියක්, ප්‍රමෝද බවෙක්, ආමොදනයෙක්, ප්‍රමෝදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක්, සන්තෝෂයෙක්, ඔදවැඩි බවෙක්, චිත්තයාගේ සියමනබවෙක් වේ ද, මේ ‘ප්‍රීති’ යි කියනු ලැබේ. මේ ප්‍රීතිය ශාන්ත - ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘පීතියා ව විරාගා’ යි.
641. ‘උපෙක්ඛකො’ යනු: එහි උපේක්‍ෂා කවර යත්: යම් උපේක්‍ෂාවක්, උපේක්‍ෂා අයුරෙක්, අධ්‍යුපේක්‍ෂණයෙක්, චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. මේ උපේක්‍ෂායෙන් යුක්ත වූයේ වෙයි ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛකො’ යි.
642. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
643. ‘සතෝ ච සම්පජානෝ’ යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. එහි සම්පජඤ්ඤ කවරෙ යත්: යම් ප්‍රඥාවක් දන්නා අයුරෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයයෙක්, සම්‍යග්දෘෂ්ටියක්, වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මෙසේ මේ සතියෙන් ද, මේ සම්පජඤ්ඤයෙන් ද යුක්ත වූයේ වෙයි ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සතෝ ච සම්පජානෝ’ යි.
644. ‘සුඛං ච කායේන පටිසංවේදේති’ යනු: එහි ‘සුඛ’ කවරෙ යත්: යම් චෛතසික වු මිහිරෙක්, චෛතසික වූ සුවයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන් මිහිරි වූ සුව වූ වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘සුඛ’ යි කියනු ලැබේ. එහි කාය කවරෙ යත්: සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘කාය’ යි කියනු ලැබේ. මේ සුඛය මේ කයින් විඳියි. එහෙයින් කියනු ලැබෙයි ‘සුඛං ච කායේන පටිසංවේදේති’ යි.
645. ‘යං තං අරියා ආචික්ඛන්ති’ යනු: එහි ආර්‍ය්‍යයෝ කවරහ යත්: බුදුවරු ද, බුද්ධශ්‍රාවකයෝ ද, ‘ආර්‍ය්‍යයෝ’ යි කියනු ලැබෙත්. ඔහු මේ පුද්ගලයා උදෙසති, දෙසති, පනවති, පිහිටුවති, ප්‍රකට කෙරෙති, විභාග කෙරෙති, නො ගැඹුරු කෙරෙති, ප්‍රකාශ කෙරෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘යං තං අරියා ආචික්ඛන්ති’ යි.
646. ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ යනු: එහි උපේක්‍ෂා කවර යත්: යම් උපේක්‍ෂායෙක්, උපේක්‍ෂාකාරයෙක්, අධ්‍යුපේක්‍ෂණයෙක්, චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි සති කවර යත්: යම් ස්මෘතියෙක්, අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. එහි සුඛය කවරෙ යත්: යම් චෛතසික වූ සාතයෙක් ... මේ ‘සුඛ’ යි කියනු ලැබේ. මෙසේ මේ උපේක්‍ෂායෙන් ද, මේ ස්මෘතියෙන් ද, මේ සුඛයෙන් ද, සමන්‍වාගත වූයේ, ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ යි.
647. ‘තතියං’ යනු: ගණනානුපූර්‍වතායෙන් තෘතීය යි. මේ ධ්‍යානයට තුන්වැනි ව සමවදී නු යි තෘතීය යි.
648. ‘ඣානං’ යනු: උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිසම්ප්‍රජන්‍ය ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි.
649. ‘උපසම්පජ්ජ’ යනු: තෘතීයධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
650. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
651. ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ යනු: සුඛයෙක් ඇත, දුඃඛයෙක් ඇති. එහි ‘සුඛ’ කවරෙ යත්: යම් කායික වූ මිහිරෙක්, කායික වූ සුවයෙක්, කායසම්ඵස්සයෙන් උපන් මිහිරි වූ, සුව වූ වේදයිතයෙක්, කායසම්ඵස්සයෙන් උපන් මිහිරි වූ, සුව වූ වේදනාවක් වේ ද, මේ ‘සුඛ’ යි කියනු ලැබේ. එහි දුඃඛ කවරෙ යත්: යම් කායික වූ අමිහිරෙක්, කායික වූ දුකෙක්, කායසම්ඵස්සයෙන් උපන් අමිහිරි වූ, දුක් වූ වේදයිතයෙක්, කායසම්ඵස්සයෙන් උපන් අමිහිරි වූ, දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ. මෙසේ මේ සුඛය ද, මේ දුඃඛය ද සන්හිඳුනාහු වෙති. ශමිත වූවාහු, ව්‍යුපශාන්ත වූවාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, වෙසෙසින් අර්පිත වූවාහු, වියළන ලද්දාහු, වෙසෙසින් වියළන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ යි.
652. ‘පුබ්බේව සෝමනස්ස දොමනස්සානං අත්‍ථඞ්ගමා’ යනු: සෝමනස්සයෙක් ඇත, දොමනස්සයෙක් ඇති. එහි සෝමනස්ස කවරෙ යත්: යම් චෛතසික වූ මිහිරෙක්, චෛතසික වූ සුවයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, මිහිරි වු, සුව වූ, වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, මිහිරි වු, සුව වූ, වේදනායෙක් වේ ද, මේ ‘සෝමනස්ස’ යි කියනු ලැබේ. එහි දෝමනස්ස කවරෙ යත්: යම් චෛතසික වූ අමිහිරෙක්, චෛතසික වූ දුකෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, අමිහිරි වු, දුක් වූ, වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, අමිහිරි වු, දුක් වූ, වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ සෝමනස්සය ද, මේ දෝමනස්සය ද, පෙර ම සන්හිඳුනාහු වෙති. ශමිත වූවාහු, ව්‍යුපශාන්ත වූවාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, වෙසෙසින් අර්පිත වූවාහු, වියළන ලද්දාහු, වෙසෙසින් වියළන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්‍ථඞ්ගමා’ යි.
653. ‘අදුක්ඛමසුඛං’ යනු: යම් චෛතසික වූ, නො ම සාත වූ, අසාත නො වූ, චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක්, නො සුව වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක්, නො සුව වේදනායෙක් වේ ද, එය යි. එහෙයින් කියනු ලැබෙයි ‘අදුක්ඛමසුඛං’ යි.
654. ‘උපෙක්ඛාසතිපාරිසුද්ධිං’ යනු: එහි උපේක්‍ෂා කවර යත්: යම් උපේක්‍ෂායෙක්, උපේක්‍ෂාකාරයෙක්, අධ්‍යුපේක්‍ෂණයෙක්, චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියෙක්, අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ ස්මෘතිය මේ උපේක්‍ෂායෙක් විවෘත වූවා පරිශුද්ධ වූවා පර්‍ය්‍යවදාත වූවා වෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛා සති පාරිසුද්ධිං’ යි.
655. ‘චතුත්‍ථං’ යනු: ගණනානුපූර්‍වතායෙන් චතුර්‍ත්‍ථ ය. මේ ධ්‍යානයට සතරවැනි ව සමවදී නු යි චතුර්‍ත්‍ථ යි.
656. ‘ඣානං’ යනු: උපේක්‍ෂායෙන් උපන් ස්මෘති ය, චිත්තයාගේ ඒකාග්‍රතා යි.
657. ‘උපසම්පජ්ජ’ යනු: චතුර්‍ත්‍ථධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
658. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
659. ‘සබ්බසො රූපසඤ්ඤාණං සමතික්කමා’ යනු: එහි ‘රූපසංඥා’ කවර යත්: රූපාවචරසමාපත්තියට සමවන්හුගේ හෝ පැමිණියහුගේ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මොහු ‘රූපසංඥා’ යි කියනු ලැබෙත්. මේ රූපසංඥාවන් ඉක්මගියේ වෙයි, වෙසෙසින් ඉක්මගියේ, මොනවට ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො රූපසඤ්ඤාණං සමතික්කමා’ යි.
660. ‘පටිඝසඤ්ඤාණං අත්‍ථඞ්ගමා’ යනු: එහි ‘ප්‍රතිඝසංඥා’ කවර යත්: රූපසංඥා ය, ශබ්දසංඥා ය, ගන්‍ධසංඥා ය, රසසංඥා ය, ස්පර්‍ශසංඥා යි. මොහු ‘ප්‍රතිඝසංඥා’ යි කියනු ලැබෙත්. මේ ප්‍රතිඝසංඥාවෝ සන්හිඳුණාහු වෙති, සන්හිඳුවන ලද්දාහු වෙසෙසින් සන්හිඳුණාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, ව්‍යර්පිත වූවාහු, වියළන ලද්දාහු, වෙසෙසින් වියළන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘පටිඝසඤ්ඤාණං අත්‍ථඞ්ගමා’ යි.
661. ‘නානත්තසඤ්ඤාණං අමනසිකාරා’ යනු: එහි ‘නානත්‍වසංඥා’ කවර යත්: මනෝධාතුසමඞ්ගී වූ හෝ මනෝවිඥානධාතුසමඞ්ගී වූ හෝ අසමාපන්නයාගේ සංඥායෙක් හඳුනන අයුරෙක්, හැඳිනගත් බවෙක් වේ ද, මොහු ‘නානත්‍වසංඥා’ යි කියනු ලැබෙත්. මේ නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කෙරෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘නානත්තසඤ්ඤාණං අමනසිකාරා’ යි.
662. ‘අනන්තො ආකාසො’ යනු: එහි ආකාශය කවරෙ යත්: යම් ආකාශයෙක්, ආකාශගතයෙක්, (නො ගැටෙන හෙයින්) අඝයෙක්, අඝතයෙක්, විවරයෙක්, විවරගතයෙක්, සතර මහාභූතයන් විසින් නො පහස්නා ලද්දෙක් වේ ද, මේ ‘ආකාශ’ යි කියනු ලැබේ. ඒ ආකාශයෙහි සිත තබයි, මොනොවට තබයි, අනන්ත ව පතුරයි. එහෙයින් කියනු ලැබෙයි ‘අනන්තො ආකාසො’ යි.
663. ‘ආකාසානඤ්චායතනං’ යනු: අකාසානඤ්චායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ ඉහාත්මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛතසික ධර්‍මයෝ යි.
664. ‘උපසම්පජ්ජ’ යනු: ආකාසානඤ්චායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
665. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
666. ‘සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම’ යනු: මේ ආකාසානඤ්චායතනය ඉක්මගියේ වෙයි. වෙසෙසින් ඉක්මගියේ, මොනොවට ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම’ යි.
667. ‘අනන්ත විඤ්ඤාණං’ යනු: විඥානයෙන් පහස්නා ලද එම ආකාශය මෙනෙහි කෙරෙයි. අනන්ත යි පතුරයි. එහෙයින් කියනු ලැබෙයි ‘අනන්ත විඤ්ඤාණං’ යි.
668. ‘විඤ්ඤාණඤ්චායතනං’ යනු: විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛසිකධර්‍මයෝ යි.
669. ‘උපසම්පජ්ජ’ යනු: විඤ්ඤාණඤ්චායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, පැහැස්මෙක්, පසක්කිරීමෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
670. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
671. ‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම’ යනු: මේ විඤ්ඤාණඤ්චායතනය ඉක්මගියේ වෙයි, වෙසෙසින් ඉක්මගියේ, මැනැවින් ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම’ යි.
672. ‘නත්‍ථි කිඤ්චි’ යනු: එ ම විඥානය වඩයි, වෙසෙසින් වඩයි, අතුරුදහන් කෙරෙයි, ‘කිසිවක් නැතැ’ යි බලයි. එහෙයින් කියනු ලැබෙයි ‘නත්‍ථි කිඤ්චි’ යි.
673. ‘ආකිඤ්චඤ්ඤායතනං’ යනු: ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛසිකධර්‍මයෝ යි.
674. ‘උපසම්පජ්ජ’ යනු: ආකිඤ්ඤචඤ්ඤායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, පැහැස්මෙක්, පසක්කිරීමෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
675. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
676. ‘සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම’ යනු: මේ ආකිඤ්චත්තායතනය ඉක්මගියේ වෙයි, වෙසෙසින් ඉක්මගියේ, මැනැවින් ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම’ යි.
677. ‘නේවසඤ්ඤීනාසඤ්ඤී’ යනු: එ ම ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත වශයෙන් මෙනෙහි කෙරෙයි, සංස්කාරාවශේෂ සමාපත්තිය වඩයි, එහෙයින් කියනු ලැබෙයි ‘නේවසඤ්ඤීනාසඤ්ඤී’ යි.
678. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනං’ යනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛසික ධර්‍මයෝ යි.
679. ‘උපසම්පජ්ජ’ යනු: නේවසඤ්ඤානාඤ්ඤායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක් පැමිණීමෙක් වේ ද එය යි.
680. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
සූත්‍රාන්තභාජනිය යි.
681. ධ්‍යානයෝ සතර දෙනෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
682. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තයාගේ ඒකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
683. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
684. එහි තෘතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවිකසිණ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝ යි.
685. එහි චතුර්‍ත්‍ථධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවිකසිණ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
686. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍කය, විචාරය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
687. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම, අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම, අවිතර්‍ක වූ, විචාර මාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවිකසිණ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චතුරඞ්ගධ්‍යානය වෙයි: විචාරය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
688. මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
689. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවිකසිණ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
690. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවිකසිණ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
691. මෙ සස්නෙහි මහණ යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
692. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
693. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති, ලැසි වූ අභිඥා ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
694. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛ ප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
695. එහි තෘතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝ යි.
696. එහි චතුර්‍ත්‍ථධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
697. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීතිය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.