(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රතිඝයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අරූපයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) ලෝකෝත්තරයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) (චක්‍ෂුරාදි) කිසිවිඥානයෙකින් දතයුත්තාහ, කිසිවිඥානයෙකින් නොදත යුත්තාහු යි.
550. (සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රව නො වෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනාස්‍රවයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රව ද වූවාහු ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහුය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යි.
551. (සප්තබෝධ්‍යඞ්ගයෝ) සංයෝජන නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති.
552. (සප්තබෝධ්‍යඞ්ගයෝ) සාලම්බනයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්ත නො වෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චෛතසික වෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසහභූහ.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තානුපරිවර්තීහ.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහ.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහ.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) බාහිරයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) උපාදා නො වෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුපාදින්නයෝ යි.
553. (සප්තබෝධ්‍යඞ්ගයෝ) උපාදානයෝ නො වෙති … ක්ලේශයෝ නො වෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති,
භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙති,
භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය අප්‍රීතික ය, බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ප්‍රීතිසහගත නො වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය සුඛසහගත ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය උපේක්‍ෂාසහගත නො වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) කාමාවචර නො වෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) රූපාවචරයෝ නො වෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අරූපාවචරයෝ නො වෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අපර්‍ය්‍යාපන්නයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුත්තරයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අරණයෝ යි.
පඤ්හපුච්ඡක යි.
බෝධ්‍යඞ්ගවිභඞ්ග නිමි.
11. මාර්‍ග විභඞ්ගය
554. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: හේ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටියැ, සම්‍යක්සංකල්පයැ, සම්‍යග්වචනයැ, සම්‍යක්කර්‍මාන්ත යැ, සම්‍යගාජීව යැ, සම්‍යග්ව්‍යායාම යැ, සම්‍යක්ස්මෘති යැ, සම්‍යක්සමාධි යි.
555. එහි සම්‍යග්දෘෂ්ටි කවරෙ යත්: දුඃඛසත්‍යයෙහි ඥාන යැ, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි ඥාන යි. මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
එහි සම්‍යක්සංකල්ප කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප යැ, අව්‍යාපාදසංකල්ප යැ, අවිහිංසාසංකල්ප යි. මේ ‘සම්‍යක්සංකල්ප’ යි කියනු ලැබේ.
එහි සම්‍යග්වචනය කවරෙ යත්: මුසවායෙන් වැළකීම යැ, පිසුණුබසින් වැළකීම යැ, පරොස්බසින් වැළකීම යැ, සිස්බසින් වැළකීම යි. මේ ‘සම්‍යග්වචන’ යි කියනු ලැබේ.
එහි සම්‍යක්කර්‍මාන්තය කවරෙ යත්: පණිවායෙන් වැළකීම යැ, අයිනාදනින් වැළකීම යැ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යි. මේ ‘සම්‍යක්කර්‍මාන්ත’ යි කියනු ලැබේ.
එහි සම්‍යගාජීවය කවරෙ යත්: මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම මිථ්‍යාජීවය හැරපියා සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරෙයි. මේ ‘සම්‍යගාජීව’ යි කියනු ලැබේ.
එහි සම්‍යග්ව්‍යායාමය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුසල්දහම් නූපදනා පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල්දහම් ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල්දහම් උපදනා පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නගාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහම් සිටීම පිණිස, නො නැසීම පිණිස, පුන පුනා වැඩීම පිණිස, විපුල බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්‍ණ වීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මේ ‘සම්‍යග්ව්‍යායාම’ යි කියනු ලැබේ.
එහි සම්‍යක්ස්මෘතිය කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම සෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස් දුරුකොට, කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ, වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට වේදනාවන්හි වේදනාව අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, (නීවරණාදී) ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට (නීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ. මේ ‘සම්‍යක්ස්මෘති’ යි කියනු ලැබේ.
එහි සම්‍යක්සමාධි කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් වැ මැ, අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ මැ, විතර්‍ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, අවිතර්‍ක වූ, අවිචාර වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේත්, ස්මෘතිමත් වූයේත්, සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි. නාම කයින් සුඛය ද විඳියි. යම් ධ්‍යානයක් හේතුකොටගෙන උපේක්‍ෂා ඇත්තේ යැ, ස්මෘතිමත් වූයේ යැ, සුඛවිහරණ ඇත්තේ යැ යි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ නැති කිරීමෙන් නො දුක් නො සුව වූ උපේක්‍ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ.
556. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වෙයි, හෙ මෙසේ යි: සම්‍යග්දෘෂ්ටි යැ, සම්‍යක් සංකල්ප යැ, සම්‍යග්වචන යැ, සම්‍යක්කර්‍මාන්ත යැ, සම්‍යගාජීව යැ, සම්‍යග්ව්‍යායාම යැ, සම්‍යක්ස්මෘති යැ, සම්‍යක්සමාධි යි.
එහි සම්‍යග්දෘෂ්ටි කවරෙ යත්: මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සංකල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්‍යක්කර්‍මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි.
සූත්‍රාන්තභාජනිය යි.
557. අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක්සමාධි යි.
එහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි. සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක්සමාධි යි.
එහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයෙක්, සම්‍යග්දෘෂ්ටියක්, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ සම්‍යග්දෘෂ්ටි යි කියනු ලැබේ.
එහි සම්‍යක්සංකල්පය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක්, විතර්‍කයෙක්, සංකල්පයෙක්, අර්‍පණායෙක්, බලවත් අර්‍පණායෙක්, අරමුණෙහි සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්‍යක්සංකල්ප’ යි කියනු ලැබේ.
එහි සම්‍යග්වචනය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චතුර්විධ වාග්දුශ්චරිතයෙන් වෙන්වීමෙක්, විරතියෙක්, පටිවිරතියෙක්, විරමණයෙක්, අක්‍රියායෙක්, අකරණයෙක්, නො පැමිණීමෙක්, සීමාඅනතික්‍රමණයෙක්, ප්‍රත්‍යය නැසීමෙක්, සම්‍යග්වචනයෙක් වේ ද, මේ ‘සම්‍යග්වචන’ යි කියනු ලැබේ.
[missing trans]
එහි සම්‍යගාජීවය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් මිථ්‍යාආජීවයෙන් වෙන් වීමෙක්, විරතියෙක්, පටිවිරතියෙක්, විරමණයෙක්, අක්‍රියායෙක්, අකරණයෙක්, නො පැමිණීමෙක්, සීමාඅනතික්‍රමණයෙක්, ප්‍රත්‍යය නැසීමෙක්, සම්‍යගාජීවයෙක්වේ ද, මේ ‘සම්‍යගාජීව’ යි කියනු ලැබේ.
එහි සම්‍යග්ව්‍යායාමය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්ව්‍යායාම’ යි කියනු ලැබේ.
එහි සම්‍යක්ස්මෘතිය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ස්මෘති’ යි කියනු ලැබේ.
එහි සම්‍යක්සමාධි කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්ථිතියක්, චිත්තයාගේ … සම්‍යග්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ. මේ ‘අෂ්ටාඞ්ගමාර්‍ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ අෂ්ටාඞ්ගමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
558. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සඞ්කල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
එහි පඤ්චාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල පංචාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
එහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මාර්‍ගාඞ්ග වූ යම් ප්‍රඥාවක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයෙක්, සම්‍යග්දෘෂ්ටියක්, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
එහි සම්‍යක්සංකල්පය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් ... සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්‍යක්සංකල්ප’ යි කියනු ලැබේ.
එහි සම්‍යග්ව්‍යායාමය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක්, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්ව්‍යායාම’ යි කියනු ලැබේ.
එහි සම්‍යක්ස්මෘතිය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක්, ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ස්මෘති’ යි කියනු ලැබේ.
එහි සම්‍යක්සමාධිය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චිත්තයාගේ ස්ථිතියක් ... සම්‍යක්සමාධියෙක්, සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ. මේ පඤ්චාඞ්ගිකමාර්‍ග යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ පඤ්චාඞ්ගිකමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
559. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
එහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ සම්‍යග්දෘෂ්ටියි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්සංකල්පය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්ව්‍යායායමය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යක්ස්මෘතිය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි සම්‍යක්සමාධිය කවර යත්: මෙ සස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චිත්තයාගේ යම් ස්මෘතියක් ... සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්දෘෂ්ටියි’ කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්සමාධිය හා සම්ප්‍රයුක්තයෝ යි.
560. අෂ්ටාඞ්ගිකමාර්‍ග වෙයි: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධියි.
එහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින් කාමයන්ගෙන් වෙන් ව මැ ... ශුන්‍යත වූ දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධි යි. ‘මේ අෂ්ටාඞ්ගිකමාර්‍ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ අෂ්ටාඞ්ගිකමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
561. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
එහි පඤ්චාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින් කාමයන්ගෙන් වෙන් ව මැ ... ශුන්‍යත වූ දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි. සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය යි. මේ ‘පඤ්චාඞ්ගිකමාර්‍ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ පඤ්චාඞ්ගිකමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
562. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
එහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාක ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්සංකල්පය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්ව්‍යායායමය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යක්ස්මෘතිය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි සම්‍යක්සමාධිය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ, විපාක ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චිත්තයාගේ සිටීමෙක්, මොනොවට සිටීමෙක්, අරමුණෙහි බැසගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්‍ෂේපයෙක්, නො විසුළ සිත ඇතිබවෙක්, ශමථයෙක්, සමාධීන්‍ද්‍රියයෙක්, සමාධිබලයෙක්, සම්‍යක්සමාධියෙක්, සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්සමාධිය හා සම්ප්‍රයුක්තයෝ යි.
අභිධර්‍මභාජනිය යි.
563. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, ඒ මෙසේ ය: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්වචන ය, සම්‍යක්කර්‍මාන්ත ය, සම්‍යගාජීව ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
564. අෂ්ටමාර්‍ගාඞ්ගයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, සරණයෝ කෙතෙක් ද, ... අරණයෝ කෙතෙක් ද යත්:
565. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහුය.
සම්‍යක්සංකල්පය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයේ වෙයි. සප්තමාර්‍ගඞ්ගයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුපාදින්නඅනුපාදානියයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
සම්‍යක්සංකල්පය අවිතර්‍කවිචාරමාත්‍ර වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
සම්‍යක්සංකල්පය ප්‍රීතිසහගත වෙයි, සුඛසහගත වෙයි, උපේක්‍ෂාසහගත නො වේ. සප්තමාර්‍ගාඞ්ගයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ශෛක්‍ෂ ද වන්නා හ, අශෛක්‍ෂ ද වන්නාහු ය.