Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 2401-2500 න් 4234

එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... සම්‍යක්සමාධියක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග් ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
මෙසේ මේ වීමංසායෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, එහෙයින් ‘භාවෙති’ යි කියනු ලැබේ.
සුත්තන්තභාජනිය යි.
514. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි, විරියසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ... චිත්තසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ... වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි.
515. කිසෙයින් මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ඡන්‍දසමාධියෙන් හා සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.
එහි ‘ඡන්‍ද’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශල වූ ධර්‍මච්ඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ග පර්‍ය්‍යාපන්න වූ සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ ඡන්‍දයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ ‘ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිෂ්පත්තියක් සමෘද්ධියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
516. කිසෙයින් මහණ වීර්‍ය්‍යසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි වීර්‍ය්‍යසසමාධියෙන් හා සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි.
එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද මේ ‘විරිය’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විරියයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියයක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශ ය ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප යි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
517. කිසෙයින් මහණ චිත්තසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චිත්තසමාධියෙන් හා සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි.
එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යයාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
මෙසේ මේ චිත්තයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්ති ආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්‍රතිලාභයෙක් ප්‍රාප්තියක් සම්ප්‍රාප්තියක් (ප්‍රතිලාභ) ස්පර්‍ශයෙක් සාක්‍ෂාත් කිරීමෙක් පැමිණීමෙක් වේ ද, (එය යි.)
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශ ය, වේදනා ය, ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේපය යි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙ යි, වඩයි, බහුල කෙරෙයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
518. කිසෙයින් මහණ වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි.
එහි ‘වීමංසා’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වීමංසා’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සිටීමෙක් ... සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
මෙසේ මේ වීමංසායෙන් ද මෙ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියක් … පැමිණීමෙක් වේ ද එය යි.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශ ය වේදනා ය … ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
519. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: ඡන්‍දිද්ධිපාද ය, විරියිද්ධිපාද ය, චිත්තිද්ධිපාද ය, වීමංසිද්ධිපාද යි.
520. එහි ‘ඡන්‍දිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපාදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවක් කුශල වූ ධර්‍මච්ඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍දිද්ධිපාද’ යි කියනු ලැබෙයි: අවශේෂධර්‍මයෝ ඡන්‍දිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.
521. එහි ‘ විරියිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘විරියිද්ධිපාද’ යි කියනු ලැබෙයි: අවශේෂධර්‍මයෝ විරියිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.
522. එහි ‘චිත්තිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්තිද්ධිපාද’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ චිත්තිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.
523. එහි ‘විමංසිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විමංසිද්ධිපාද’ යි කියනු ලැබෙයි: අවශේෂ ධර්‍මයෝ විමංසිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.
අභිධර්‍මභාජනිය යි.
524. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යසමාධියෙන් ... චිත්ත සමාධියෙන් ... වීමංසාසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි.
සතර ඍද්ධිපාදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යයාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
525. (සතර ඍද්ධිපාදයෝ) කුශලයෝ මැ යි.
(සතර ඍද්ධිපාදයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ ද වන්නාහ, අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයෝ ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) විපාක ස්වභාවධර්‍මයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අනුපාදින්නඅනුපාදානියයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අසංක්ලිෂ්ටඅසාක්ලේශිකයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍ක අවිචාර ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) අපචයගාමීහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ශෛක්‍ෂයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) ප්‍රණීතයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) සම්‍යක්ත්‍වනියතයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) මාර්‍ගාලම්බන නො වෙති, මාර්‍ගහේතුක වෙති, මාර්‍ගාධිපති නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහු යයි නො කියයුත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) බාහිරාලම්බනයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
526. වීමංසිද්ධිපාදය හේතු ය. තුන් ඍද්ධිපාදයෝ හේතුහු නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) සහේතුකයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) හේතු සම්ප්‍රයුක්තයෝ ය.
වීමංසිද්ධිපාදය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. තුන් ඍද්ධිපාදයෝ හේතු ද වූවාහු ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
වීමංසිද්ධිපාදය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. තුන් ඍද්ධිපාදයෝ හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ. හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු ද වෙත්.
තුන් ඍද්ධිපාදයෝ හේතු නො වූ සහේතුකයෝ ය. වීමංසිද්ධිපාදය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ යි.
527. (සතර ඍද්ධිපාදයෝ) සප්‍රත්‍යයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) සඞ්ඛතයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අනිදර්‍ශනයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අප්‍රතිඝයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අරූපීහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ලෝකෝත්තරයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දත යුත්තාහු ය.
528. (සතර ඍද්ධිපාදයෝ) ආස්‍රව නො වන්නාහ.
(සතර ඍද්ධිපාදයෝ) අනාස්‍රවයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රව ද වූවාහු ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යි.
529. (සතර ඍද්ධිපාදයෝ) සංයෝජනයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) ග්‍රන්‍ථයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදායෝ) ඕඝයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) යෝගයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) නීවරණයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) පරාමර්‍ශයෝ නො වෙති. ...
530. (සතර ඍද්ධිපාදයෝ) ආලම්බන සහිතයෝ ය.
තුන් ඍද්ධිපාදයෝ චිත්ත නො වෙති. චිත්තිද්ධිපාදය චිත්ත ය.
තුන් ඍද්ධිපාදයෝ චෛතසිකයෝ ය. චිත්තිද්ධිපාදය අචෛතසික ය.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසම්ප්‍රයුක්තයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තේ ය.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුත්තේ ය.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසමුත්‍ථානයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තසමුත්‍ථාන නො වේ.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසහභූ වෙති. චිත්තිද්ධිපාදය චිත්තසහභූ නො වේ.
තුන් ඍද්ධිපාදයෝ චිත්තානුපරිවර්තීහ. චිත්තිද්ධිපාදය චිත්තානුපරිවර්තී නො වේ.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෙන් ය. චිත්තිද්ධිපාදය චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන නො වේ.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති. චිත්තිද්ධිපාදය චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වේ.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙති. චිත්තිද්ධිපාදය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වේ.
තුන් ඍද්ධිපාදයෝ බාහිරයෝ ය. චිත්තිද්ධිපාදය ආධ්‍යාත්මික ය.
(සතර ඍද්ධිපාදයෝ) උපාදා නො වෙත්.