නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
අපචයගාමීහු ය.
ශෛක්‍ෂයෝ ය.
අප්‍රමාණයෝ ය.
අප්‍රමාණාලම්බනයෝ ය.
ප්‍රණීතයෝ ය.
සම්‍යක්ත්‍වනියතයෝ ය.
මාර්‍ගාලම්බනයෝ නො වෙති, මාර්‍ගහේතුකයහ, මාර්‍ගාධිපති ද වන්නාහ, ‘මාර්‍ගාධිපති’ යි නො කියයුතු ද වන්නාහු ය.
උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහුයි නො කියයුත්තාහුය.
අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
බාහිරාලම්බනයෝ ය.
අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
502. (සතර සම්‍යක්ප්‍රධානයෝ) හේතූහු නො වෙති.
සහේතුකයෝ ය.
හේතුසම්ප්‍රයුක්තයෝ ය.
හේතු ද වූම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙති.
හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහු වෙති.
හේතු නො වූ සහේතුකයෝ යි.
503. (සතර සම්‍යක්ප්‍රධානයෝ) සප්‍රත්‍යයෝ ය.
සඞ්ඛතයෝ ය.
අනිදර්‍ශනයෝ ය.
අප්‍රතිඝයෝ ය.
අරූපයෝ ය.
ලෝකෝත්තරයෝ ය.
කිසිවිඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දතයුත්තාහු ය.
504. (සතර සම්‍යක්ප්‍රධානයෝ) ආස්‍රවයෝ නො වෙති.
අනාස්‍රවයෝ ය.
ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නොද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රවයෝ යි.
505. (සතර සම්‍යක්ප්‍රධානයෝ) සංයෝජනයෝ නො වෙති. … ග්‍රන්‍ථයෝ නො වෙති. … ඕඝයෝ නො වෙති. … යෝගයෝ නො වෙති. … නීවරණයෝ නො වෙති. … පරාමර්‍ශයෝ නො වෙත්.
506. (සතර සම්‍යක්ප්‍රධානයෝ) සාලම්බනයෝ ය.
චිත්තයෝ නො වෙති.
චෛතසිකයෝ ය.
චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
චිත්තසංසෘෂ්ටයෝ ය.
චිත්තසමුත්‍ථානයෝ ය.
චිත්තසහභූහු ය.
චිත්තානුපරිවර්තීහු ය.
චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
චිත්තසංසකෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති.
චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙති.
බාහිරයෝ ය.
උපාදා නො වෙති.
අනුපාදින්නයෝ යි.
507. (සතර සම්‍යක් ප්‍රධානයෝ) උපාදානයෝ නො වෙති. ... ක්ලේශයෝ නො වෙත්. …
508. (සතර සම්‍යක්ප්‍රධානයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
කාමාවචර නො වෙති.
රූපාවචර නො වෙති.
අරූපාවචර නො වෙත්.
අපර්‍ය්‍යාපන්නයහ.
නෛර්‍ය්‍යාණිකයහ.
නියතයෝ ය.
අනුත්තරයෝ ය.
අරණයෝ යි.
පඤ්හපුච්ඡක යි.
සම්‍යක්ප්‍රධානවිභඞ්ග නිමි.
9. ඍද්ධිපාද විභඞ්ගය
509. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ කත්තුකම්‍යතා ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.
510. කිසෙයින් මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ තෙම කුසලච්ඡන්‍දය අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘ඡන්‍දසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධාන්වීර්‍ය්‍යය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නභාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ වීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධාන්වීර්‍ය්‍යය කෙරේ. මොහු ‘පධාන සඞ්ඛාර’ යි කියනු ලැබේ.
මෙසේ මේ ඡන්‍දසමාධිය ද මේ පධානසඞ්ඛාරයෝ ද එක්රැස් කොට හකුළුවා ගෙන ‘ඡන්‍දසමාධිපධානසඞ්ඛාර’ යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
එහි ‘ඡන්‍දය’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශල වූ ධර්‍මච්ඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් (අරමුණෙහි) බැසගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යයාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිර බවෙක් ධෛර්‍ය්‍යයෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ ධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්‍ය්‍යයෙන්‍ද්‍රියයෙක් විර්‍ය්‍යයබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
මෙසේ මේ ඡන්‍දයෙන් ද මේ සමාධියෙන් ද මේ ප්‍රධානසංස්කාරයෙන් ද යුක්ත වූයේ මොනොවට යුක්ත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත’ යි කියනු ලැබේ.
‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්තිආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්‍රතිලාභයෙක් ප්‍රාප්තියක් සම්ප්‍රාප්තියක් ප්‍රතිලාභස්පර්‍ශයෙක් සාක්‍ෂාත්කිරීමෙක් පැමිණීමෙක් වේ ද, එය යි.
‘ඉද්ධිපාදො’ යනු: එ අයුරින් වූවහුගේ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
511. කිසෙයින් මහණ වීර්‍ය්‍යසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ වීර්‍ය්‍යය අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘වීර්‍ය්‍යසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. ... උපන් කුශලධර්‍මයන්ගේ, සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණවීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි. ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මොහු ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ වීර්‍ය්‍ය සමාධිය ද මේ ප්‍රධානසංස්කාරයෝ ද වෙති. ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා ‘විරිය සමාධිපධානසඞ්ඛාර’ යි සඞ්ඛ්‍යාවට යේ.
එහි ‘වීර්‍ය්‍ය’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘වීර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් වේද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග් ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
මෙසේ මේ විරියයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබේ. ‘විරියසමාධිපධානසඞ්බාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්ති ආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්‍රතිලාභයෙක් ප්‍රාප්තියක් සම්ප්‍රාප්තියක් ප්‍රතිලාභස්පර්‍ශයෙක් සාක්‍ෂාත් කිරීමෙක් පැමිණීමෙක් වේ ද (එයයි.)
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
512. කිසෙයින් මහණ චිත්තසමාධියෙන් හා ප්‍රධානසංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ තෙම චිත්තය අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘චිත්තසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල්දහම් නො ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ... උපන් කුසල්දහම් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මොහු ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ චිත්තසමාධිය ද මේ පධානසඞ්බාරයෝ ද යන ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා ‘චිත්තසමාධිපධානසඞ්ඛාර’ යි ම සඞ්ඛ්‍යාවට යේ.
එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් ... සම්‍යග් ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
මෙසේ මේ චිත්තයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබේ: ‘චිත්තසමාධිපධානසඞ්ඛාර සමන්නාගතො’ යි.
‘ඉද්ධි යනු’: ඒ ධර්‍මයන්ගේ යම් නිෂ්පත්තියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ වේදනාස්කන්‍ධ ... විඥානස්කන්‍ධ යි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
513. කිසෙයින් මහණ වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන් වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ වීමංසාව අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘වීමංසාසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල් දහම් නො ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි. ... උපන් කුසල්දහම් සිටීම පිණිස නො නැසීම පිණිස නැවත නැවත ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණත්‍වය පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍ය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. මොහු ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
මෙසේ මේ වීමංසාසමාධිය ද මේ පධානසඞ්ඛාරයෝ ද යන ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා ‘වීමංසාසමාධිපධානසඞ්ඛාර’ යි ම සඞ්ඛ්‍යාවට යේ.
එහි ‘වීමංසා’ කවර යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘වීමංසා’ යි කියනු ලැබේ.