එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.
ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් කායිකසාතයෙක් කායිකසුඛයෙක් කායසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් කායසම්ඵස්සජ සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
409. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ විපාක වූ මනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි සංස්කාර කවරෙ යත්: යම චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සජ වූ උපේක්‍ෂාවේදයිතයෙක්, චේතෝසම්ඵස්සජ අදුක්ඛමසුඛ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
410. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ධර්‍මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
411. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ධර්‍මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
412. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ධර්‍මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
413. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥාන ධාතුව සඞ්ඛාර සහිත ව උපදනේ වේ ද … සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (විපාකමනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ … උපේක්‍ෂාසහගත වූ (විපාකමනෝවිඥාන ධාතුව) සඞ්ඛාර සහිත ව … උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … උපේක්‍ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …
එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් ශ්‍රද්ධාවක් හදහන අයුරෙක් අරමුණෙහි බැසගැනීමෙක් අභිප්‍රසාදයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.
එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනා ස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
414. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … පඨවිකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. එ ම රූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම … විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
415. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගෙන් සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට … පෘථිවිකෘත්ස්න සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ද ප්‍රහාණයෙන් … විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
416. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද … සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් … නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ සිව් වැනි දැහැනට පැමිණ වෙසේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ අරූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් … විපාක වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන සහගත වූ සිව් වැනි දැහැනට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
417. ආව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මය කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් භාවිත බැවින් කාමයන්ගෙන් වෙන් ව ම … විපාක වූ දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාද ප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ ධර්‍මයන්ගේ සමුදය වේ.
එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් සිතක් මනසෙක් මානසයෙක් … තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …
එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් හැදහීමෙක් හදහන අයුරෙක් බැසගැනීමෙක් වෙසෙසින් පැහැදීමෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.
එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් (අරමුණෙහි) නිශ්චයයෙක් නිශ්චයාකාරයෙක් එහි නිශ්චිත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමොක්ඛප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යනු: මෙසේ මේ ධර්‍මයන්ගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමෝධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එයින් කියනු ලැබෙයි: ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යි.
කුශලවිපාකසඞ්ඛාරමූලකය නිමි.
418. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාකචක්‍ෂූර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතනලද බවක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. එයින් කියනු ලැබෙයි. ... ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
419. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගත වූ විපාකශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද … ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගත වූ ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද … රසාලම්බන වූ උපේක්‍ෂාසහගත වූ ජිහ්වාවිඥානය උපදනේ වේ ද … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ දුඃඛසහගත වූ කායවිඥානය උපදනේ වේ , එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ, මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි සංස්කාරය කවරෙ යත්: … මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව කවරෙ යත්: යම් කායිකඅසාතයෙක් කායිකදුඃඛයෙක් කායසම්ඵස්සජ වූ අසාතදුඃඛවේදයිතයෙක් කායසම්ඵස්සජ වූ අසාතදුඃඛවේදනායෙක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
420. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
421. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාමකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
අකුසලවිපාකසඞ්ඛාරමූලකය නිමි.
422. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ ක්‍රියාමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමොක්සය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුවක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව කවර යත්: චෛතසික වූ යම් නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය කවරෙ යත්: චිත්තයාගේ යම් නිශ්චයෙක් නිශ්චයාකාරයෙක් ඒ අරමුණෙහි නිශ්චිත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
423. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සෝමනස්සසහගත වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
424. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි. යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
425. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගියා වූ ඥානසම්ප්‍රයුක්ත වූ ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
426. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත වූ ක්‍රියාමනෝවිඥානධාතුව සඞ්ඛාර සහිත ව උපදනේ වේ ද … සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත වූ … සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත වූ (ක්‍රියාමනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව … උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත වූ … උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත වූ (ක්‍රියාමනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව … උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත වූ .. රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත වූ (ක්‍රියාමනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
427. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම …පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
428. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් … ද්විතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට … පඨවිකසිණපඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
429. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති අරූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් … නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
430. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
431. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
432. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
ක්‍රියාසංස්කාරමූලකය නිමි.
අව්‍යාකෘතනිර්දේශ යි.
433. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
434. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද … සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … සොම්නස් සහගත වූ ඥානවිප්‍රතයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව … උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ … උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව … උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
435. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
436. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍ක විචාරයන් සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට පඨවිකසිණ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
437. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ සුඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
438. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ ධර්‍මයන්ගේ සමුදය වේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … මෙසේ මේ ධර්‍මයන්ගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමෝධානය වෙයි, පහළවීම වේ. එහෙයින් කියනු ලැබෙයි ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යි.
439. එහි අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
440. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද, … ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද, … රසාලම්බන වූ උපේක්‍ෂාසහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ සුඛසහගත කායවිඥාන උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
441. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
442. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
443. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … මෙසේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
444. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
445. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත විපාකමනෝවිඥාන ධාතුව සංස්කාර සහිත ව උපදනේ වේ ද … සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත (විපාකමනෝවිඥානධාතුව) සංස්කාර සහිත ව … උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත … උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත (විපාකමනෝවිඥානධාතුව) සංස්කාර සහිත ව … උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත … රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත මනෝවිඥානධාතුව සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
446. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … පඨවිකසිණප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම … විපාක වූ පඨවිකසිණප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
447. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට පඨවිකසිණ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ද ප්‍රහාණයෙන් … විපාක වූ පඨවිකසිණපඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
448. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ සුඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ සුඛයාගේ ද ප්‍රහාණයෙන් … විපාක චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
449. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් භාවිත බැවින් කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ ධර්‍මයන්ගේ සමුදය වේ.
එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යනු: මෙසේ මේ ධර්‍මයන්ගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමෝධානය වෙයි, පහළවීම වේ. එයින් කියනු ලැබෙයි ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යි.
කුශලවිපාකමූලකය නිමි.
කුසලමූලක විපාකනිර්දේශ යි.
450. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්‍ෂාසහගතවිපාකචක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
451. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විපාක වූ ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගත ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද, … ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද, … රසාලම්බන වූ උපේක්‍ෂාසහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද, … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ දුඃඛසහගත කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ.
එහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවරෙ යත්: යම් අසාතයෙක් කායික දුඃඛයෙක් කායසම්ඵස්සයෙන් උපන් අසාත - දුඃඛවේදයිතයෙක් කායසම්ඵස්සයෙන් උපන් අසාත - දුඃඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
452. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි. … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
453. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි. … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අකුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුවක් වේ ද, මේ ‘සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුවක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.