Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 1901-2000 න් 4234

එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ විඥානප්‍රත්‍යයෙන් නාම යයි කියනු ලැබේ. එහි නාමප්‍රත්‍යයෙන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ද විඥාන යි කියනු ලැබේ.
නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය යනු: එහි නාම කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනා ස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යයි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද නාම යයි කියනු ලැබේ. … එහෙයින් “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.
385. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූපය වෙයි, ෂෂ්ඨාතයනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් …තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥාන ප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි, මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් ‘නාමරූප’ යි කියනු ලැබේ. නාමරූප ප්‍රත්‍යයෙන් ද විඥාන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ නාමරූප යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූපප්‍රත්‍යයෙන් ද විඥාන යි කියනු ලැබේ.
නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘නාමරූප’ යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යි කියනු ලැබේ. එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූපය කවර යත්: නාමයෙක් ඇත. රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්:වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ ‘නාම’ යයි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූප යයි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතන යයි කියනු ලැබේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
386. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ද විඥාන වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූපවෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන්වේදනාව වෙයි,වේදනාප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් දවේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් … අදර්‍ශනයෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙනුදු අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යා’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යයි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාර’ යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාමරූප’ යි කියනු ලැබේ. නාමරූප ප්‍රත්‍යයෙනුදු විඥාන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති, එහි නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘නාමරූප’ යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙනුද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමරූපප්‍රත්‍යයෙනුදු විඥාන’ යි කියනු ලැබේ.
නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: සතර මහාභූතයෝ ද යම් රූපයකුත් නිසා මනෝවිඥානධාතුව පවතී ද (එදැ යි) මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘නාමරූප’ යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන කවරෙ යත්: චක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය මනායතන යි. මේ ‘නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන’ යි කියනු ලැබේ. එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාම කවර යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූප’ යි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් පහසෙක් පහස්නා අයුරෙක් මොනොවට පහස්නා අයුරෙක් මොනොවට පහස්නා ලද බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය’ යි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.
එහි ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ වූ සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ සාත සුඛ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
අන්‍යෝන්‍යචතුෂ්ක යි.
387. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, … සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිතව උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
388. එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. …
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් (අරමුණෙහි නිෂ්චයෙක්) අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් ‘භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
389. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුසල්සිත උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන ය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මෙ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
390. එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ. … එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
391. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද … උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්‍යා කවර යත්: … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
392. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දොම්නස් සහගියා වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ අකුසල්සිත උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ දොම්නස් සහගියා වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ (අකුසල්සිත) සංස්කාර සහිත ව (උපදනේ වේ ද,) එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රතිඝය වෙයි, ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ. …
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රතිඝ කවරෙ යත්: චිත්තයාගේ යම් ආඝාතයෙක් බලවත් ආඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්දේවෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ විපන්න බවෙක් චිත්තප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීත බවෙක් විපරීතාකාරයෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘වේදනා ප්‍රත්‍යයෙන් ප්‍රතිඝ’ යි කියනු ලැබේ.
එහි ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් අරමුණෙහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
393. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ විචිකිත්සා සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයන් විචිකිත්සාව වෙයි, චිචිකිත්සාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ. …
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ සිත්පහසින් උපන් නො දුක් නොසුව වූ යම් වේදයිතයෙක් සිත්පහසින් උපන් නො දුක් නො සුව වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් විචිකිත්සා කවර යත්: යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනෛකාන්තග්‍රාහයෙක් (අරමුණෙන්) බැහැර යෑමෙක් (අරමුණ) අවට හැසිරීමෙක් (අරමුණට) නො බැසගැන්මෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් විචිකිත්සා’ යි කියනු ලැබේ.
එහි විචිකිත්සාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: විචිකිත්සාව තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘විචිකිත්සාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
394. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ ඖද්ධත්‍ය සම්ප්‍රයුක්ත වූ අකුසල්සිතෙක් උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය වෙයි, ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශල වූ මූලයෙක් වේ ද මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛ වූ යම් වේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛ වූ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය කවරෙ යත්: චිත්තයාගේ යම් ඖද්ධත්‍යයෙක් අව්‍යුපශමයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ.
එහි ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය කවර යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂත්‍යප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. එහෙයින් කියනු ලැබෙයි. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
අකුශලනිර්දේශ යි.
395. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර වූ කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන ය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ දුඃඛරාශිහුගේ සමුදය වේ.
396. එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය, අද්වේෂ ය, අමෝහ යි.
එහි අලෝභය කවරෙ යත්: යම් අලෝභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යාවක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අලෝභ’ යි කියනු ලැබේ.
එහි අද්වේෂය කවරෙ යත්: යම් අද්වේෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් අව්‍යාපන්න බවෙක් අද්වේෂ සඞ්ඛ්‍යාත කුශල මූලයෙක් වේ ද, මේ අද්වේෂ යි කියනු ලැබේ.
එහි අමෝහ කවරෙ යත්: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අමෝහ’ යි කියනු ලැබේ. මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.
එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: … විඥානප්‍රත්‍යයෙන් නාම කවරෙ යත්: … නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: … ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: … ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: …
එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් හැදැහීමෙක් හදහන අයුරෙක් (අරමුණෙහි) බැසැගැනීමෙක් අධිකප්‍රසාදයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.
එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යී කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යී කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
397. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, … සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව (උපදනේ වේ ද), එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ යි.
එහි අලෝභ කවරෙ යත්: යම් අලෝභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යාවක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අලෝභ’ යි කියනු ලැබේ.
එහි අදෝෂය කවරෙ යත්: යම් අදෝෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් අව්‍යාපන්න බවෙක් අදෝෂ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අදෝෂ’ යි කියනු ලැබේ. මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබෙත්.
එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය’ යි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොතී’ යි.
398. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්‍ෂා සහගත වූ ඥාන සම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව (උපදනේ වේ ද,) එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ ය අමෝහ යි … මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබෙත්.
එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ ය කියනු ලැබේ. …
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන්වේදනා කවරෙ යත්: යම් චෛතසිකවූ නො ම සාතවූ අසාත නො වූ චේතෝසම්ඵස්සජ අදුක්ඛමසුඛ වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ අදුක්ඛමසුඛවේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන්වේදනා යි කියනු ලැබේ. ... එහෙයින් කියනු ලැබේ, ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොතී’ යි.
399. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්‍ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි ශබ්දාලමබ්න වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සසංස්කාර ව (උපදනේ වේ ද,) එසමයෙහි කුශලමූල ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ යි. … මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබේ.
එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
400. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝස ය අමෝහ ය … මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.
එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
401. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට … පඨවිකසිණ සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. ... එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
402-403. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද … දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ ධර්‍මයන්ගේ සමුදය වේ.
එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝස ය අමෝහ යි.
එහි අලෝභ කවරෙ යත්: … අදෝෂ … එහි අමෝහ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘අමෝහ’ යි කියනු ලැබේ. මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.
එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. …
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික සාතයෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් හැදැහීමෙක් හදහන අයුරෙක් (අරමුණෙහි) බැසගැන්මෙක් අධිකප්‍රසාදයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.
එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. …
‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යනු මෙසේ මේ ධර්‍මයන්ගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, පහළවීම වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යි.
කුශලනිර්දේශ යි.
404. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්‍ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක් නො සුව වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය, සංස්කාර ස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ.
එහි භවප්‍රත්‍යයෙන් ජාති කවර යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් වේ ද, මේ ‘භවප්‍රත්‍යයෙන් ජාති’ යි කියනු ලැබේ.
එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරාවක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ ධර්‍මයන්ගේ යම් දිරීමෙක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ ධර්‍මයන්ගේ ක්‍ෂය වීමෙක් ගෙවීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මේ ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ’ යි කියනු ලැබේ.
‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි ප්‍රාදුර්‍භාවය වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
405. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාම ප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
406. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
407. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වේ. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමය වේ. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශ වේ. වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
408. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂා සහගත ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද, … ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂා සහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද, … රසාලම්බන වූ උපේක්‍ෂා සහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද, … ස්පර්‍ශාලම්බන වූ සුඛසහගත වූ කාය විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය’ යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.