ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් අනියතයහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නියතය. එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් සඋත්තරයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනුත්තරයහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් සඋත්තර ද වන්නාහ, අනුත්තරද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් අරණයහ. දෝමනස්සින්‍ද්‍රිය සරණය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සරණ ද වන්නාහ, අරණද වන්නාහු යයි.
පඤ්හපුච්ඡක යි.
ඉන්‍ද්‍රියවිභඞ්ග නිමි.
6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය
347. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් (විපාක) විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් (උපප්‍රාප්ති) භවය වෙයි, (කර්‍ම) භවප්‍රත්‍යයෙන් ජාතිය වෙති, ජාතිප්‍රත්‍යයෙන් ජරා-මරණ ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද වෙත්. මෙසේ තෙල සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපදීම වේ.
348. එහි අවිද්‍යා කවර යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම යි. මේ අවිද්‍යා යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරහ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභිසංසස්කාර ය, කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි.
එහි පුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.
එහි අපුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: කාමාවචර අකුශලචේතනා යි. මේ අපුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.
එහි ආනඤ්ජාභිසංස්කාර කවරෙ යත්: අරූපාවචර කුශලචේතනා යි. මේ ආනඤ්ජාභිසංස්කාර යි කියනු ලැබේ.
එහි කායසංස්කාර කවරෙ යත්: කායසඤ්චේතනාව කායසංස්කාර ය, වාක්සඤ්චේතනාව වාක්සංස්කාර ය, මනස්සඤ්චේතනාව චිත්තසංස්කාර යි. මොහු අවිද්‍යාප්‍රත්‍යයෙන් උපදනා සංස්කාරහ යි කියනු ලැබෙත්.
349. එහි සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා විඥානය කවරෙ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මේ සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා ‘විඥාන’ යි කියනු ලැබේ.
350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.
එහි නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.
එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.
351. එහි නාමරූපප්‍රත්‍යයෙන් උපදනා ෂඩායතන කවරෙ යත්: චක්ඛායතන ය, සෝතායතන ය, ඝානායතන ය, ජිව්හායතන ය, කායාතන ය, මනායතන යි. මේ නාමරූපප්‍රත්‍යයෙන් උපදනා ෂඩායතන යි කියනු ලැබේ.
352. එහි ෂඩායතනප්‍රත්‍යයෙන් උපදනා ස්පර්‍ශය කවරෙ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස , කායසම්ඵස්ස ය, මනෝසම්ඵස්ස යි. මේ ෂඩායතනප්‍රත්‍යයෙන් උපදනා ස්පර්‍ශ යි කියනු ලැබේ.
353. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා වේදනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා වේදනා යි කියනු ලැබේ.
354. එහි වේදනාප්‍රත්‍යයෙන් උපදනා තෘෂ්ණා කවර යත්: රූපතෘෂ්ණා ය, ශබ්දතෘෂ්ණා ය, ගන්‍ධතෘෂ්ණා ය, රසතෘෂ්ණාය, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ය, ධර්‍මතෘෂ්ණා යි. මේ වේදනාප්‍රත්‍යයෙන් උපදනා තෘෂ්ණා යි කියනු ලැබේ.
355. එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපදනා උපාදාන කවරෙ යත්: කාමොපාදාන ය, දෘෂ්ට්‍යුපාදාන ය, ශීලව්‍රතොපාදාන ය, ආත්මවාදෝපාදාන යි. මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපදනා උපාදාන යි කියනු ලැබේ.
356. එහි උපාදානප්‍රත්‍යයෙන් උපදනා භවය කවරෙ යත්: භවය ද්විප්‍රකාරයෙන් වෙයි: කර්‍මභවයෙක් ඇත, උපප්‍රාප්තිභවයෙක් ඇති.
එහි කර්‍මභව කවරෙ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ඣාභිසංස්කාර යි. මේ කර්‍මභව යි කියනු ලැබේ. හැම භවගාමීකර්‍මය කර්‍මභව වේ.
එහි උපප්‍රාප්තිභව කවරෙ යත්: කාමභව ය, රූපභව ය, අරූපභව ය, සංඥාභව ය, අසංඥාභව ය, නෛවසංඥානාසංඥා භව ය, ඒකවෝකාරභව ය, චතුවෝකාරභව ය, පඤ්චවෝකාරභව යි, මේ උපප්‍රාප්තිභව යි කියනු ලැබේ. මේ උපාදානප්‍රත්‍යයෙන් උපදනා භව යි කියනු ලැබේ.
357. එහි භවප්‍රත්‍යයෙන් උපදනා ජාති කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙයෙහි යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතණ විසින්) මොනොවට ඉපැද්මෙක් අවක්‍රාන්තියෙක් වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යි කියනු ලැබේ.
358. එහි ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති.
එහි ජරා කවර යත්: ඒ ඒ සත්ත්‍වනිකායෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමෙක් දිරනඅයුරෙක් ඛණ්ඩිත බවෙක් පැසුණු බවෙක් රැලිනැඟුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මිහි කිරීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ.
එහි මරණ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් ච්‍යුතියෙක් ච්‍යුත වන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යුසඞ්ඛ්‍යාත මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහා තැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය දැ යි මේ ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ යි කියනු ලැබේ.
359. එහි ශෝක කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ ශෝකයෙක් ශෝකාකාරයෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් සිත දවන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ ද, මේ ‘ශෝක’ යි කියනු ලැබේ.
360. එහි පරිදේව කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ (යම්) නම කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කී බවෙක් වේ ද, මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.
361. එහි දුඃඛ කවරෙ යත්: යම් කායික වූ නො සුවයෙක් කායික වූ දුකෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ.
362. එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ නො සුවයෙක් චෛතසික වූ දුකෙක් සිත්පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් සිත්පහසින් උපන් නො සුව වූ දුක වූ වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ.
363. එහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යරව්‍යසනයෙකින් සමන්‍වාගත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ආයාසයෙක් බලවත් ආයාසයෙක් ආයාසයට පැමිණි බවෙක් උපායාසයට පැමිණි බවෙක් වේ ද, මේ ‘උපායාස’ යි කියනු ලැබේ.
364. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ අමිශ්‍ර වූ නොහොත් සියලු දුඃඛරාශිහුගේ එක්වීම වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
සූත්‍රාන්තභාජනිය යි.
365. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ පහළවීම වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
ප්‍රත්‍යයචතුෂ්ක යි.
366. අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමය හේතු කොට ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනා හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරය හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමය හේතු කොට ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යා හේතුකොට ඇති සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥාන හේතු කොට ඇති නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූප හේතුකොට ඇති ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව හේතුකොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතු කොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතුකොට ඇති නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූප හේතුකොට ඇති ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව හේතුකොට ඇති උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
හේතුචතුෂ්ක යි.
367. අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනා වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමය විඥාන සම්ප්‍රයුක්ත ය, නාමරූපප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන සම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ කේවල වූ දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමය විඥාන සම්ප්‍රයුක්ත වූයේ වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි, ෂෂ්ඨායතනය නාම සම්ප්‍රයුක්ත වූයේ වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනා සම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
සම්ප්‍රයුක්තචතුෂ්ක යි.
368. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානයප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු නාමය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූප වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨාතයතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛස්ඛන්‍ධයාගේ සමුදය වේ.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙනුදු නාමරූප වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
අන්‍යෝන්‍යචතුෂ්ක යි.
369. සංස්කාරප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … විඥානප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … නාමප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … ස්පර්‍ශප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … වේදනාප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … තෘෂ්ණාප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … උපාදානප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
මාතෘකා යි.
370. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ මිථ්‍යාදෘෂ්ටිය හා ඒකෝත්පාදාදි ප්‍රකාරයෙන් යුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්රැස උපදනේ වේ.
371. එහි අවිද්‍යා කවර යත්: යම් සිව්සස් නො දැනීමෙක් නො දැකීමෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනොවට නො ගැනීමෙක් හාත්පසින් නො බැසගැනීමෙක් සමව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍ය (අපවිත්‍ර) බවෙක් බාල්‍යයෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යාඅනුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාර යයි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් චිත්තයෙක් (පණ්ඩර) භවාඞ්ගචිත්තයෙක් මනසඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් (උපදනා) නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥා ස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යයි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් පණ්ඩරයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යයි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් (ඇලීමෙක්) නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා යයි කියනු ලැබේ.
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විරූපදෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටි සංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසැගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුත්සිත මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන යි කියනු ලැබේ.
එහි උපාදානප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: උපාදානය තබා වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්න්‍ධය විඥානස්කන්‍ධය යන මේ උපාදානප්‍රත්‍යයෙන් භව යයි කියනු ලැබේ.
එහි භවප්‍රත්‍යයෙන් ජාති කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් පහළවීමෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යයි කියනු ලැබේ.
එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති.
එහි ජරා කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් දිරීමෙක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ.
එහි මරණ කවරෙ යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ක්‍ෂය වීමෙක් ව්‍යය වීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද යන මේ ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යි කියනු ලැබේ.
‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සඞ්ගතිය වෙයි. සමාගමය වෙයි. සමවධානය වෙයි. ප්‍රාදුර්‍භාවය වෙයි. එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
372. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යාවයි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥානයි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය යන මේ විඥානප්‍රත්‍යයෙන් නාම යි කියනු ලැබේ.
‘නාමපච්වයා ඵස්සො’ යි එහි නාමය කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය විඥානස්කන්‍ධය යන මේ නාම යි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාම ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යි කියනු ලැබේ. … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
373. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිජ්ජා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.
එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැදීම ය, ශ්‍රෝත්‍රායතනයාගේ ඉපැදීම ය, ඝ්‍රාණායතනයාගේ ඉපැදීම ය, ජිහ්වායතනයාගේ ඉපැදීම ය, කායායතනයාගේ ඉපැදීම ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තය හේතු කොට ඇති චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් නාමරූප යි කියනු ලැබේ.
‘නාමරූපපච්චයා ඡට්ඨායතනං’ යන මෙහි නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යයි කියනු ලැබේ.
එහි රූපය කවරෙ යත්: යම් රූපයෙක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යි කියනු ලැබේ … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
374. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත. රූපයෙක් ඇති.
එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.
එහි රූපය කවරෙ යත්: චක්ඛායතනයාගේ ඉපැත්මෙක් … කායායතනයාගේ ඉපැත්මෙක් වේ ද, අන්‍යවූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුට්ඨාන වූ යම් රූපයෙක් වේ ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් නාමරූප යි කියනු ලැබේ.
නාමරූපච්චයා සළායතනං යනු නාමයෙක් ඇත රූපයෙක් ඇති.
එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි මේ නාම යි කියනු ලැබේ.