Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 1501-1600 න් 4234

සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීයහ ද ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු යි.
301-303. සමුදයසත්‍යය ඕඝයෙකි, … යෝගයෙකි, … නීවරණයෙකි, සත්‍යයෝ දෙදෙනෙක් නීවරණයෝ නො වෙති. දුඃඛසත්‍යය නීවරණ ද වන්නේ ය, නීවරණ නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් නීවරණිය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අනීවරණිය වෙත්.
සමුදයසත්‍යය නීවරණසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් නීවරණවිප්‍රයුක්ත යෝ ය. දුඃඛසත්‍යය නීවරණසම්ප්‍රයුක්ත ද වන්නේ ය, නීවරණවිප්‍රයුක්ත ද වන්නෝ යි.
සමුදයසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණිය ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණියහ යි ද නීවරණිය ද වූවාහු ම නො ද නීවරණහ යි ද නො කිය යුත්තාහ. දුඃඛසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණිය ද වන්නේ ය, නීවරණිය ද වූයේ ම නො ද නීවරණ ද වන්නේ යි.
සමුදයසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත ද වන්නේ ය. සත්‍යයෝ දෙදෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තහ යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු න නො ද නීවරණහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණ සම්ප්‍රයුක්ත ද වන්නේ ය, නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද නීවරණ ද වන්නේ ය, නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද නීවරණ යි ද නො කියයුතු වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් නීවරණවිප්‍රයුක්ත වූ අනීවරණිය වෙති. සමුදයසත්‍යය නීවරණවිප්‍රයුක්තනීවරණිය යයි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණිය යි ද නො කියයුත්තේ ය. දුඃඛසත්‍යය නීවරණවිප්‍රයුක්තනීවරණිය ද වන්නේ ය. නීවරණවිප්‍රයුක්තනීවරණිය යි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණිය යි ද නො කියයුතු වන්නේ යි.
304. සත්‍යයෝ තිදෙනෙක් පරාමර්‍ශයෝ නො වෙති. දුඃඛසත්‍යය පරාමර්‍ශ ද වන්නේ ය, පරාමර්‍ශ නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් පරාමෘෂ්ටයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අපරාමෘෂ්ටයෝ යි.
සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තයෝ ය. සමුදයසත්‍යය පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය. දුඃඛසත්‍යය පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශසම්ප්‍රයුක්ත යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
සමුදයසත්‍යය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ට යි නො කියයුත්තේ ය. පරාමෘෂ්ට ද වූයේ ම නො ද පරාමර්‍ශයෙක් වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශද වූවාහු ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ටයෙක් ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නො ද පරාමර්‍ශයෙක් ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුකත්පරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ටහ යි ද පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටහ යි ද නො කියයුතු වන්නාහු යි.
305. සත්‍යයෝ දෙදෙනෙක් සාලම්බනයෝ ය. නිරෝධසත්‍යය අනාලම්බන ය. දුඃඛසත්‍යය සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් චිත්තයෝ නො වෙති. දුඃඛසත්‍යය චිත්ත ද වන්නේ ය, නො ද චිත්ත ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් චෛතසිකයෝ ය. නිරෝධසත්‍යය අචෛතසික ය. දුඃඛසත්‍යය චෛතසික ද වන්නේ ය, අචෛතසතික ද වන්නේ යි
සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසම්ප්‍රයුක්තයෝ ය. නිරෝධසත්‍යය චිත්තවිප්‍රයුක්ත ය, දුඃඛසත්‍යය චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තවිප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුතු ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටයෝ ය. නිරෝධසත්‍යය චිත්තවිසංසෘෂ්ට ය. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුතු වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසමුත්‍ථානයෝ ය. නිරෝධසත්‍යය චිත්තසමුත්‍ථාන නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසමුත්‍ථාන ද වන්නේ ය. චිත්තසමුත්‍ථාන නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසහභූ වන්නාහ. නිරෝධසත්‍යය චිත්තසහභූ නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසහභූ ද වන්නේ ය. චිත්ත සහභූ නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් චිත්තානුපරිවර්තීහ. නිරෝධසත්‍යය චිත්තානුපරිවර්තී නො වෙයි. දුඃඛසත්‍යය චිත්තානුපරිවර්තී ද වන්නේ ය, චිත්තානුපරිවර්තී නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය. නිරෝධසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහ. නිරෝධසත්‍යය චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහ. නිරෝධසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො ද වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් බාහිරයෝ ය. දුඃඛසත්‍යය ආධ්‍යාත්මික ද වන්නේ ය, බාහිර ද වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් උපාදා නො වෙති. දුඃඛසත්‍යය උපාදා ද වන්නේ ය. උපාදා නො ද වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් අනුපාදින්නයෝ ය. දුඃඛසත්‍යය උපාදින්න ද වන්නේ ය, අනුපාදින්න ද වන්නේ යි.
306. සමුදයසත්‍යය උපාදාන වෙයි. සත්‍යයෝ දෙ දෙනෙක් උපාදානයෝ නො වෙති. දුඃඛසත්‍යය උපාදාන ද වන්නේ ය, උපාදාන නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් උපාදානිය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අනුපාදානිය වෙත්.
සත්‍යයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් උපාදාන සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සමුදයසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානිය ද වෙයි. සත්‍යයෝ දෙ දෙනෙක් උපාදාන ද වූවාහු ම උපාදානිය වෙතී ද උපාදානිය ද වූවාහු ම නො ද උපාදාන වෙතී ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානිය ද වන්නේ ය, උපාදානිය ද වූයේ ම නො ද උපාදාන ද වන්නේ යි.
සමුදයසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද උපාදාන යි න නො කියයුතු වන්නේ ය. සත්‍යයෝ දෙ දෙනෙක් උපාදාන ද වූවාහු ම උපාදානසම්ප්‍රයුක්තහ යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද උපාදානහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද උපාදාන ද වන්නේ ය. උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද උපාදාන යි ද නො කියයුතු වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඋපාදානිය යි ද උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය යි ද නො කියයුතු වන්නාහු යි.
307. සමුදයසත්‍යය ක්ලේශයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශයෝ නො වෙති. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වන්නේ ය, ක්ලේශයෙක් නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් සාංක්ලේශිකයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අසාංක්ලේශිකයෝ යි.
සමුදයසත්‍යය සංක්ලිෂ්ට ය. සත්‍යයෝ දෙ දෙනෙක් අසංක්ලිෂ්ටයෝ ය, දුඃඛස්‍යය සංක්ලිෂ්ට ද වන්නේ ය, අසංක්ලිෂ්ට ද වන්නේ යි.
සමුදයසත්‍යය ක්ලේශසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙ දෙනෙක් ක්ලේශවිප්‍රයුක්තයෝ ය. දුඃඛසත්‍යය ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය. ක්ලේශවිප්‍රයුක්ත ද වන්නේ යි.
සමුදයසතය්‍ය ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශ ද වූවාහු ම සාංක්ලේශිකහ යි ද සාංක්ලේශික ද වූවාහු ම නො ද ක්ලේශහයි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වන්නේ ය. සාංක්ලේශික ද වූයේ ම නො ද ක්ලේශයෙක් ද වන්නේ යි.
සමුදයසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශ ද වූවාහු ම සංක්ලිෂ්ටහ යි ද වූවාහු ම නො ද ක්ලේශහ යි ද නො කිය යුත්තාහ. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වන්නේ ය, සංක්ලිෂ්ට ද වූයේ ම නො ද ක්ලේශයෙක් ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූයේ ම නො ද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සමුදයසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශ ද වූවාහු ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ක්ලේශයෙක් ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකයෝ ය. සමුදයසත්‍යය ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකයෙකැ යි ද ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකයෙකැ යි ද නො කියයුත්තේ ය. දුඃඛසත්‍යය ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික ද වන්නේ ය, ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික යි ද ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශික යි ද නො කියයුතු වන්නේ යි.
308. සත්‍යයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. සත්‍යයෝ දෙ දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
සත්‍යයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. සත්‍යයෝ දෙ දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
සත්‍යයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො වෙති. සත්‍යයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
සත්‍යයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො වෙති. සත්‍යයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
සමුදයසත්‍යය සවිතර්‍ක ය. නිරෝධසත්‍යය අවිතර්‍ක ය. සත්‍යයෝ දෙදෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
සමුදයසත්‍යය සවිචාර ය. නිරෝධසත්‍යය අවිචාර ය. සත්‍යයෝ දෙ දෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු යි.
නිරෝධසත්‍යය අප්‍රීතික ය. සත්‍යයෝ තිදෙනෙක් සප්‍රීතික ද වන්නා හ, අප්‍රීතික ද වන්නාහු යි.
නිරෝධසත්‍යය ප්‍රීතිසහගත නො වෙයි. සත්‍යයෝ තිදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු යි.
නිරෝධසත්‍යය සුඛසහගත නො වෙයි. සත්‍යයෝ තිදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු යි.
නිරෝධසත්‍යය උපේක්‍ෂාසහගත නො වෙයි. සත්‍යයෝ තිදෙනෙක් උපේක්‍ෂා සහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු යි.
සමුදයසත්‍යය කාමාවචර ය. සත්‍යයෝ දෙ දෙනෙක් කාමාවචර නො වෙති. දුඃඛසත්‍යය කාමාවාචර ද වන්නේ ය, කාමාවාචර නො ද වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් රූපාවචර නො වෙති. දුඃඛසත්‍යය රූපාවචර ද වන්නේ ය, රූපාවචර නො ද වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් අරූපාවචර නො වෙති. දුඃඛසත්‍යය අරූපාවචර ද වන්නේ ය, අරූපාවචර නො ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්නයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අපර්‍ය්‍යාපන්නයෝ යි.
මාර්‍ගසත්‍යය නෛර්‍ය්‍යාණික ය. සත්‍යයෝ තිදෙනෙක් අනෛර්‍ය්‍යාණිකයෝ යි.
මාර්‍ගසත්‍යය නියත ය. නිරෝධසත්‍යය අනියත ය. සත්‍යයෝ දෙදෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
සත්‍යයෝ දෙ දෙනෙක් ස උත්තරයෝ ය. සත්‍යයෝ දෙ දෙනෙක් අනුත්තරයෝ යි.
සමුදයසත්‍යය සරණ ය. සත්‍යයෝ දෙ දෙනෙක් අරණයෝ ය. දුඃඛසත්‍යය සරණ ද වන්නේ ය. අරණ ද වන්නේ ය යි.
පඤ්හපුච්ඡක යි.
සත්‍යවිභඞ්ග නිමි.
5. ඉන්‍ද්‍රියවිභඞ්ගය
309. ඉන්‍ද්‍රියයෝ දෙවිසි දෙනෙකි: චක්ඛුන්‍ද්‍රිය ය, සෝතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය ය, පුරිසින්‍ද්‍රිය ය, සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය ය, සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය ය. අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි.
310. එහි චක්ඛුන්‍ද්‍රිය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද … තෙල ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ චක්ඛුන්‍ද්‍රිය යි කියනු ලැබේ.
311-314. එහි සෝතින්‍ද්‍රිය කවරෙ යත්: … ඝානින්‍ද්‍රිය … ජිව්හින්‍ද්‍රිය … කායින්‍ද්‍රිය කවරෙ යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායින්‍ද්‍රිය යි කියනු ලැබේ.
315. එහි මනින්‍ද්‍රිය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි. ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරෙයකින් මනින්‍ද්‍රිය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
චතුස්ප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති.
පඤ්චප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: සුඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
ෂට් ප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥානය යි. මෙසේ ෂට් ප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.
සප්තප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥාන ය මනෝධාතු ය මනෝවිඥානධාතු යි. මෙසේ සප්තප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.
අෂ්ටප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.
නවප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥාන ය, මනෝ ධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.
දශප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ. (විස්තරය විඥානස්කන්‍ධය මෙනි) … මෙසේ බහුප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ. මේ මනින්‍ද්‍රිය යි කියනු ලැබේ.
316. එහි ජීවිතින්‍ද්‍රිය කවරෙ යත්: ද්විප්‍රකාරයෙකින් ජීවිතින්‍ද්‍රිය වෙයි: රූප ජීවිතේන්‍ද්‍රියයෙක් ඇත, අරූපජීවිතෙන්‍ද්‍රියයෙක් ඇත.
එහි රූපජීවිතේන්‍ද්‍රිය කවරෙ යත්: ඒ රූපී ධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යැපීමෙක් යැපෙන අයුරෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ රූපජීවිතේන්‍ද්‍රිය යි කියනු ලැබේ.
එහි අරූපජීවිතෙන්‍ද්‍රිය කවරෙ යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යැපීමෙක් යැපෙන අයුරෙක් ඉරියව් පැවැත්මකේ වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ අරූපජීවිතෙන්‍ද්‍රිය යි කියනු ලැබේ. මේ ජීවිතේන්‍ද්‍රිය යි කියනු ලැබේ.
317. එහි ස්ත්‍රීන්‍ද්‍රිය කවරෙ යත්: ස්ත්‍රිය පිළිබඳ වූ යම් ස්ත්‍රීලිඞ්ගයෙක් ස්ත්‍රීනිමිත්තයෙක් ස්ත්‍රීක්‍රියායෙක් ස්ත්‍රීආකල්පයෙක් ස්ත්‍රීත්‍වයෙක් ස්ත්‍රීභාවයෙක් වේ ද, මේ ස්ත්‍රීන්‍ද්‍රිය යි කියනු ලැබේ.
318. එහි පුරුෂේන්‍ද්‍රිය කවරෙ යත්: පුරුෂයා පිළිබඳ යම් පුරුෂලිඞ්ගයෙක් පුරුෂනිමිත්තයෙක් පුරුෂකෘත්‍යයෙක් පුරුෂාකල්පයෙක් පුරුෂත්‍වයෙක් පුරුෂභාවයෙක් වේ ද, මේ පුරුෂේන්‍ද්‍රිය යි කියනු ලැබේ.
319. එහි සුඛින්‍ද්‍රිය කවරෙ යත්: යම් කායික වූ මිහිරෙක් කායිකසුඛයෙක් කාය සංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.
320. එහි දුක්ඛින්‍ද්‍රිය කවරෙ යත්: යම් කායික වූ නො මිහිරෙක් කායික වූ දුඃඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් නො මිහිරි වූ දුක් වූ වේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් නො මිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද, මේ දුක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.
321. එහි සෝමනස්සින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ.
322. එහි දෝමනස්සින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ.
323. එහි උපෙක්ඛින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ වේදනායෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වේදනායෙක් වේ ද, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.
324. එහි සද්ධින්‍ද්‍රිය කවරෙ යත්: යම් හැදහීමෙක් හදහන අයුරෙක් (ගුණයෙහි) බැස ගැනීමෙක් අධිකප්‍රසාදයෙක් ශ්‍රද්ධාවක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
325. එහි විරියින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින් නික්මීමෙක්) පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ථාමයෙක් (කුශලසන්තානය) ධැරීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ (කුශල) ඡන්‍ද ඇති බවෙක් නො තැබූ (වීර්‍ය්‍ය) ධුර ඇති බවෙක් වීර්‍ය්‍ය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් වේ ද, මේ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යි කියනු ලැබේ.
326. එහි සතින්‍ද්‍රිය කවරෙ යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් ස්මෘති සංඛ්‍යාත සරණතායෙක් ධරන බවෙක් (අරමුණෙහි) බැසගැනීමෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
327. එහි සමාධින්‍ද්‍රිය කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද, මේ සමාධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
328. එහි පඤ්ඤින්‍ද්‍රිය කවරෙ යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ.
329. එහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කවරෙ යත්: නො දත් නො දුටු නො පැමිණි (නුවණින්) ප්‍රකට නො කළ ප්‍රත්‍යක්‍ෂ නො කළ ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කරනු පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
330. එහි අඤ්ඤින්‍ද්‍රිය කවරෙ යත්: දන්නා ලද දක්නා ලද පැමිණි ප්‍රකට කළ ප්‍රත්‍යක්‍ෂ කළ ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කරනු පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ අඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ.
331. එහි අඤ්ඤාතාවින්‍ද්‍රිය කවරෙ යත්: දැනසිටි දක්නා ලද අධිගමය කළ ප්‍රකට කළ ප්‍රත්‍යක්‍ෂ කළ ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කරනු පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ අඤ්ඤාතාවින්‍ද්‍රිය යි කියනු ලැබේ.
අභිධර්‍මභාජනිය යි.
332. ඉන්‍ද්‍රියයෝ දෙ විස්සෙකි: චක්ඛුන්‍ද්‍රිය ය, සෝතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය ය, පුරිසින්‍ද්‍රිය ය, සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය ය, සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි.
333. දෙවිසි ඉන්‍ද්‍රියයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද අකුශලයෝ කෙතෙක් ද අව්‍යාකෘතයෝ කෙතෙක් ද … සරණයෝ කෙතෙක් ද අරණයෝ කෙතෙක් ද යත්:
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් අව්‍යාකෘත වෙති, දෝමනස්සින්‍ද්‍රියය අකුශල ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය කුශල ය. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් කුශලයෝ ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් කුශල ද වන්නාහ, අකුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දොළොස් දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය. ජීවිතේන්‍ද්‍රියය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු ද වන්නේ යි.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් නො ම විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූවාහු ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් විපාකයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් විපාකස්වභාව ධර්‍මයෝ ය. අඤ්ඤින්‍ද්‍රියය විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්‍ම ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහ, නො ම විපාක වූ නො ද විපාකස්වභාවධර්‍ම ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානිය වෙති. දෝමනස්සින්‍ද්‍රියය අනුපාදින්නෝපාදානිය ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනුපාදින්නඅනුපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් අසංක්ලිෂ්ටසාංක්ලේශික වෙති. දෝමනස්සින්‍ද්‍රියය සංක්ලිෂ්ටසාංක්ලේශික ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අසංක්ලිෂ්ටඅසාංක්ලේශික වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ට අසාංක්ලේශික ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ට අසාංක්ලේශික ද වන්නාහු යි.