එහි ‘සම්මාවාචා’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සතර වාග් දුෂ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් නො කිරීමෙක් නො පැමිණීමෙක් ආචාරසීමාව නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යග්වචනයෙක් වේ ද, මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාකම්මන්ත’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තුන් කායදුශ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යක් කර්‍මානත්යෙක් වේ ද, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාආජීව’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් මිථ්‍යා ආජීවයෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යගාජීවයෙක් වේ ද, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා වායාම’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසති’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා සති’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ.
286. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද ඉතිරි ව සිටි ක්ලේශයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: ඉතිරි ව සිටි අකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශල මූලයෝ ද, ඉතිරි ව සිටි සාස්‍රව වූ කුශලධර්‍මයෝ ද, කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද, අවශේෂ වූ ක්ලේශයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපාදා’ යි කියනු ලැබේ. ඉතිරි ව සිටි ධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
287. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද ඉතිරි ව සිටි ක්ලේශයෝ ද ඉතිරි ව සිටි අකුශලධර්‍මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද, ඉතිරි ව සිටි සාස්‍රව වූ කුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද ඉතිරි ව සිටි කෙලෙසුන්ගේ ද ඉතිරි ව සිටි අකුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමිය පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුඃඛප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය, … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
288. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ ද, අවශේෂ අකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂ වූ සාස්‍රව කුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කසුල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුන් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද, අවශේෂ ක්ලේශයන්ගේ ද, අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි. සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
289. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද, අවශේෂ ක්ලේශයෝ ද, අවශේෂ අකුශලධර්‍මයෝ ද,සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද අවශේෂ වූ සාස්‍රවකුශල ධර්‍මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද අවශේෂ වූ සාස්‍රව කුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
290. සතර සත්‍යයෝ ය: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධය, දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදා යි.
එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: ඉතිරි ව සිටි කෙලෙස්හු ද ඉතිරි ව සිටි අකුසල්දහම්හු ද ආස්‍රව සහිත වූ තුන් කුසල්මුල්හු ද ඉතිරි ව සිටි සාස්‍රව වූ කුසල්දහම්හු ද කුසල්අකුසල් දහමුන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කම්විවා වූ යම් කිරියදහම් කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි.
එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද මේ ‘සම්මාසංකප්ප’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසති’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චිත්තයාගේ සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂ වූ ධර්‍මයෝ දුක්ඛනිරෝධගාමිනීපටිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
291. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ ද අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද අවශේෂ වූ සාස්‍රව කුශල ධර්‍මයෝ ද යන් මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද අවශේෂ වූ සාස්‍රව වූ කුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ ය කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ග වෙයි: සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
292. සතර සත්‍යයෝ ය: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධ ය, දුක්ඛනිරෝධගාමිනීපටිපදා යි.
එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂ ක්ලේශයෝ ද අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද සාස්‍රව වූ අවශේෂ කුශලධර්‍මයෝ ද කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. … අවික්‍ෂේපය වේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ.
293. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද සාස්‍රව වූ අවශේෂ කුශල ධර්‍මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද සාස්‍රව වූ අවශේෂ කුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ ය කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ.
අහිධම්මභාජනිය යි.
294. සතර ආර්‍ය්‍යසත්‍යයෝ වෙති: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි.
295. චතුරාර්‍ය්‍යසත්‍යයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද, … කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:
සමුදයසත්‍යය අකුශලය ය, මාර්‍ගසත්‍යය කුශල ය, නිරෝධසත්‍යය අව්‍යාකෘත ය, දුඃඛසත්‍යය කුශල ද වන්නේ ය, අකුශල ද වන්නේ ය. අව්‍යාකෘත ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය. නිරෝධසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු ය. දුඃඛසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, අදුඃඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද අදුඃඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. නිරෝධසත්‍යය නො ම විපාක වූ නවිපාකස්වභාවධර්‍මය. දුඃඛසත්‍යය විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්‍ම ද වන්නේ ය, නො ම විපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නේ යි.
සමුදයසත්‍යය අනුපාදින්නනෝපාදානිය වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් අනුපාදින්න අනුපාදානිය වෙති. දුඃඛසත්‍යය උපාදින්නෝපාදානිය ද වන්නේ ය, අනුපාදින්නෝපාදානිය ද වන්නේ ය.
සමුදයසත්‍යය සංක්ලිෂ්ටසාංක්ලේශික ය. සත්‍යයෝ දෙදෙනෙක් අසංක්ලිෂ්ට අසාංක්ලේශිකයෝ ය. දුඃඛසත්‍යය සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නේ ය, අසංක්ලිෂ්ට සාංක්ලේශික ද වන්නේ යි.
සමුදයසත්‍යය සවිතර්‍කසවිචාර ය. නිරෝධසත්‍යය අවිතර්‍කඅවිචාර ය. මාර්‍ග සත්‍යය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍ක අවිචාර ද වන්නේ යි. දුඃඛසත්‍යය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය, අවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය. නිරෝධසත්‍යය ප්‍රීතිසහගත යි ද සුඛසහගත යි ද උපේක්‍ෂාසහගත යි ද නො කියයුතු වන්නේ යි. දුඃඛසත්‍යය ප්‍රීතිසහගත ද වන්නේ ය, සුඛසහගත ද වන්නේ ය, උපේක්‍ෂාසහගත ද වන්නේ ය, ප්‍රීතිසහගත යි ද සුඛසහගත යි ද උපේක්‍ෂා සහගත යි ද නො කියයුතු ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය. සමුදයසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ යි. දුඃඛසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහ. සමුදයසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ යි. දුඃඛසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ යි.
සමුදයසත්‍යය ආචයගාමී ය. මාර්‍ගසත්‍යය අපචයගාමී ය. නිරෝධසත්‍යය නො ම ආචයගාමී නො ද අපචයගාමී ය. දුඃඛසත්‍යය ආචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ යි.
මාර්‍ගසත්‍යය ශෛක්‍ෂ ය. සත්‍යයෝ තිදෙනෙක් නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වන්නාහු ය.
සමුදයසත්‍යය පරිත්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් අප්‍රමාණයෝ ය. දුඃඛසත්‍යය පරිත්ත ද වන්නේ ය, මහද්ගත ද වන්නේ යි.
නිරෝධසත්‍යය අනාලම්බන ය. මාර්‍ගසත්‍යය අප්‍රමාණාලම්බන ය. සමුදයසත්‍යය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන නො වන්නේ ය, පරිත්තාලම්බන යි ද මහද්ගතාලම්බන යි ද නො කියයුතු ද වන්නේ ය. දුඃඛසත්‍යය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන ද වන්නේ ය, පරිත්තාලම්බන යි දමහද්ගතාලම්බන යි ද අප්‍රමාණාලම්බන යි ද නො කියයුතු වන්නේ ය.
සමුදයසත්‍යය හීන ය. සත්‍යයෝ දෙදෙනෙක් ප්‍රණීතයෝ ය. දුඃඛසත්‍යය හීන ද වන්නේ ය, මධ්‍යම ද වන්නේ යි.
නිරෝධසත්‍යය අනියත ය. මාර්‍ගසත්‍යය සම්‍යක්ත්‍වනියත ය. සත්‍යයෝ දෙ දෙනෙක් මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
නිරෝධසත්‍යය අනාලම්බන ය. සමුදයසත්‍යය මාර්‍ගාලම්බන යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිති යි ද නො කියයුත්තේ ය. මාර්‍ගසත්‍යය මාර්‍ගාලම්බන නො වූයේ මාර්‍ග හේතුක ය, මාර්‍ගාධිපති ද වන්නේ ය, මාර්‍ගාධිපති නො කියයුතු වන්නේ ය. දුඃඛසත්‍යය මාර්‍ගාලම්බන වූයේ මාර්‍ගහේතුක ද වන්නේ ය, මාර්‍ගාධිපති ද වන්නේ ය, මාර්‍ගාලම්බන යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහු යයි නො කියයුත්තාහ. නිරෝධසත්‍යය උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදී යයි ද නො කියයුත්තේ ය. දුඃඛසත්‍යය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහ, නිරෝධසත්‍යය අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියුත්තේ යි.
නිරෝධසත්‍යය අනාලම්බන ය. මාර්‍ගසත්‍යය අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුත්තේ ය. සත්‍යයෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නා හ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුතු වන්නාහු යි.
නිරෝධසත්‍යය බාහිර ය. සත්‍යයෝ තිදෙනෙක් අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු යි.
නිරෝධසත්‍යය අනාලම්බන ය. මාර්‍ගසත්‍යය බාහිරාලම්බන ය. සමුදයසත්‍යය අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය. දුඃඛසත්‍යය අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් අනිදර්‍ශනඅප්‍රතිඝයෝ ය. දුඃඛසත්‍යය සනිදර්‍ශනසප්‍රතිඝ ද වන්නේ ය. අනිදර්‍ශනසප්‍රතිඝ ද වන්නේ ය, අනිදර්‍ශනඅප්‍රතිඝ ද වන්නේ යි.
296. සමුදයසත්‍යය හේතු වෙයි. නිරෝධසත්‍යය හේතු නො වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් හේතු ද වන්නාහ, නො ද හේතු ද වන්නාහු යි.
සත්‍යයෝ දෙදෙනෙක් සහේතුකයෝ ය. නිරෝධසත්‍යය අහේතුක ය. දුඃඛසත්‍යය සහේතුක ද වන්නේ ය, අහේතුක ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් හේතුසම්ප්‍රයුක්තයෝ ය. නිරෝධසත්‍යය හේතුවිප්‍රයුක්ත ය. දුඃඛසත්‍යය හේතුසම්ප්‍රයුක්ත ද වන්නේ ය, හේතුවිප්‍රයුක්ත ද වන්නේ යි.
සමුදයසත්‍යය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. නිරෝධසත්‍යය හේතු ද වූයේ ම සහේතුක යි ද සහේතුක ද වූයේ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ ය. මාර්‍ග සත්‍යය හේතු ද වූයේ ම සහේතුක ද වන්නේ ය. සහේතුක ද වූයේ ම නො ද හේතු ද වන්නේ ය. දුඃඛසත්‍යය හේතු ද වූයේ ම සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූයේ ම නො ද හේතු වන්නේ ය, හේතු ද වූයේ ම සහේතුක යි ද සහේතුක ද වූයේ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
සමුදයසත්‍යය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. නිරෝධසත්‍යය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ ය. මාර්‍ගසත්‍යය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වන්නේ ය. හේතු සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද හේතු ද වන්නේ ය. දුඃඛසත්‍යය හේතු ද වූයේ ම හේතු සම්ප්‍රයුක්ත ද වන්නේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද හේතු ද වන්නේ ය, හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
නිරෝධසත්‍යය හේතු නො වූ අහේතුක වෙයි. සමුදයසත්‍යය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි නො කියයුතු ය. මාර්‍ගසත්‍යය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කිය යුතු වන්නේ ය. දුඃඛසත්‍යය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ අහේතුක ද වන්නේ ය, හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුතු වන්නේ යි.
297. සත්‍යයෝ තිදෙනෙක් සප්‍රත්‍යයෝ ය. නිරෝධසත්‍යය අප්‍රත්‍යය යි.
සත්‍යයෝ තිදෙනෙක් සංඛතයෝ ය. නිරෝධසත්‍යය අසංඛත යි.
සත්‍යයෝ තිදෙනෙක් අනිදර්‍ශනයෝ ය. දුඃඛසත්‍යය සනිදර්‍ශන ද වන්නේ ය, අනිදර්‍ශන ද වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් අප්‍රතිඝයෝ ය. දුඃඛසත්‍යය සප්‍රතිඝ ද වන්නේ ය, අප්‍රතිඝ ද වන්නේ යි.
සත්‍යයෝ තිදෙනෙක් අරූපයෝ ය. දුඃඛසත්‍යය රූප ද වන්නේ ය, අරූප ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් ලෞකිකයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් ලෝකෝත්තරයෝ යි.
චතුස්සත්‍යයෝ කිසිවිඥානයෙකින් දතයුත්තාහ. කිසිවිඥානයෙකින් නො දත යුත්තාහු යි.
298. සමුදයසත්‍යය ආස්‍රවයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රවයෝ නො වෙති. දුඃඛසත්‍යය ආස්‍රවයෙක් ද වන්නේ ය, නො ද ආස්‍රවයෙක් ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රව සහිතයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අනාස්‍රවයෝ යි.
සමුදයසත්‍යය ආස්‍රවසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තයෝ ය. දුඃඛසත්‍යය ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නේ යි.
සමුදයසත්‍යය ආස්‍රවයෙක් ද වූයේ ම සාස්‍රව ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ආස්‍රවයෙක් ද වූයේ ම සාස්‍රව ද වන්නේ ය, සාස්‍රව ද වූයේ ම නො ද ආස්‍රව ද වන්නේ යි.
සමුදයසත්‍යය ආස්‍රව ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙක් ද වන්නේ ය. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ආස්‍රව ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්ත යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රවයෝ ය. සමුදයසත්‍යය ආස්‍රව විප්‍රයුක්තසාස්‍රවයෙකැ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවයෙකැ යි ද නො කියයුත්තේ ය, දුඃඛසත්‍යය ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෙක් ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෙකැ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
299. සමුදයසත්‍යය සංයෝජනයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජන නො වන්නාහ. දුඃඛසත්‍යය සංයෝජන ද වන්නේ ය, නො ද සංයෝජන ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජනියයෝ වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අසංයෝජනියයෝ වෙත්.
සමුදයසත්‍යය සංයෝජනසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තයෝ ය. දුඃඛසත්‍යය සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනවිප්‍රයුක්ත ද වන්නේ යි.
සමුදයසත්‍යය සංයෝජන ද වූයේ ම සංයෝජනිය ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනිය වෙතී ද සංයෝජනිය ද වූවාහු ම නො ද සංයෝජන වෙතී ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය සංයෝජන ද වූයේ ම සංයෝජනියයෙක් ද වන්නේ ය, සංයෝජනිය ද වූයේ ම නො ද සංයෝජනයෙක් ද වන්නේ යි.
සමුදයසත්‍යය සංයෝජනයෙක් ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තහ යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය සංයෝජනයෙක් ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජනයෙක් ද වන්නේ ය, සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත යි ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජන යි ද නො කියයුතු වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියයෝ ය. සමුදයසත්‍යය සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කිය යුත්තේ ය. දුඃඛසත්‍යය සංයෝජනවිප්‍රයුක්ත සංයෝජනිය ද වන්නේ ය, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කියයුතු වන්නේ යි.
300. සමුදයසත්‍යය ග්‍රන්‍ථයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථයෝ නො වෙති. දුඃඛසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වන්නේ ය, නො ද ග්‍රන්‍ථයෙක් ද වන්නේ යි.
සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථනීය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අග්‍රන්‍ථනීය වෙත්.
සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සමුදයසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථනීය ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනීය වෙති යි ද ග්‍රන්‍ථනීය ද වූවාහු ම නොද ග්‍රන්‍ථ වෙති යි ද නො කිය යුත්තාහ. දුඃඛසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථනීය ද වන්නේ ය, ග්‍රන්‍ථනීය ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙක් ද වන්නේ යි.
සමුදයසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වෙයි, ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ ය. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තහ යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ග්‍රන්‍ථහ යි ද, නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙක් ද වන්නේ ය, ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.