එහි සද්දධාතු කවර යත්: යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ …තෙල සද්දධාතු නමුදු වේ. මේ සද්දධාතු යි කියනු ලැබේ.
එහි සෝතවිඤ්ඤාණධාතු කවර යත්: කන ද ශබ්දය ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ ශ්‍රෝත්‍රවිඥානධාතුයෙක් උපදී ද, මේ සෝතවිඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
එහි ඝානධාතු කවර යත්: යම් නැහැයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදයෙක් වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඝානධාතු යි කියනු ලැබේ.
එහි ගන්‍ධධාතු කවර යත්: යම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ … තෙල ගන්‍ධධාතු නමුදු වේ. මේ ගන්‍ධධාතු යි කියනු ලැබේ.
එහි ඝානවිඤ්ඤාණධාතු කවර යත්: නැහැය ද ගන්‍ධය ද නිසා සිතෙක් මනසෙක් මානසයෙක්, සිතෙක් භවාඞ්ගසිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ ඝ්‍රාණවිඥානධාතුයෙක් උපදී ද, මේ ඝාන විඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
එහි ජිව්හාධාතු කවර යත්: යම් දිවෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදයෙක් වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ජිව්හාධාතු යි කියනු ලැබේ.
එහි රසධාතු කවර යත්: යම් රසයෙක් සතර මහාභූතයෙන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ … තෙල රසධාතු නමුදු වේ. මේ රසධාතු යි කියනු ලැබේ.
එහි ජිව්හාවිඤ්ඤාණධාතු කවර යත්: දිව ද රස ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංගසිතෙක්, මනසෙක් මන සංඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ ජිහ්වාවිඥානධාතුයෙක් උපදී ද, මේ ජිව්හා විඤ්ඤාණධාතු කියනු ලැබේ.
එහි කායධාතු කවර යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදයෙක් වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායධාතු යි කියනු ලැබේ.
එහි ඵොට්ඨබ්බධාතු කවර යත්: පෘථිවිධාතු … තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඵොට්ඨබ්බධාතු යි කියනු ලැබේ.
එහි කායවිඤ්ඤාණධාතු කවර යත්: කය ද ස්පර්‍ශය ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංගසිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ කායවිඥානධාතුයෙක් උපදී ද, මේ කායවිඤ්ඤාණ ධාතුය යි කියනු ලැබේ.
එහි මනෝධාතු කවර යත්: චක්‍ෂුර්විඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් උපදී ද, ශ්‍රෝත්‍රවිඥානධාතූහු … ඝ්‍රාණවිඥානධාතූහු … ජිහ්වාවිඥානධාතූහු … කායවිඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් (උපදී ද) යලි සියලු දහමුන් හෝ උපදනා කල්හි ප්‍රථම සමන්නාහාරය වූ චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් උපදී ද, මේ මනෝධාතු යි කියනු ලැබේ.
එහි ධම්මධාතු කවර යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් වේ ද, අසංඛතධාතුව දැ යි.
එහි වේදනාස්කන්‍ධය කවර යත්: එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. … මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. … මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. මේ වේදනාස්කන්‍ධය යි කියනු ලැබේ.
එහි සංඥාස්කන්‍ධය කවර යත්: එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති … මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. … මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. මේ සංඥාස්කන්‍ධ යි කියනු ලැබේ.
එහි සංස්කාරස්කන්‍ධය කවර යත්: එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. … මෙසේ බහු ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. මේ සංස්කාරස්කන්‍ධ යි කියනු ලැබේ.
එහි අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ රූපය කවර යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ය … කවලීකාරාහාර යි. මේ අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ රූපය යි කියනු ලැබේ.
එහි අසංඛ්‍යාතධාතු කවර යත්: රාගක්‍ෂය ය, දෝෂක්‍ෂය ය, මෝහක්‍ෂය යි. මේ අසංඛතධාතු යි කියනු ලැබේ. මේ ධම්මධාතු යි කියනු ලැබේ.
එහි මනෝවිඤ්ඤාණධාතු කවර යත්: චක්‍ෂුර්විඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව මනෝධාතුව උපදී. මනෝධාතූහු ද ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව (යම්) චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් උපදී ද, ශ්‍රෝත්‍රවිඥානධාතූහු … ඝ්‍රාණවිඥානධාතූහු … ජිහ්වාවිඥානධාතූහු … කායවිඥානධාතූහු … ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව මනෝධාතුව උපදී, මනෝධාතූහු ද ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව (යම්) චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝ විඥානධාතුයවෙක් (උපදී ද) මනස ද ධර්‍මයන් ද නිසා (යම්) චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපව වූ මනෝවිඥානධාතුයෙක් උපදී ද, මේ මනෝවිඥානධාතු යි කියනු ලැබේ.
අභිධර්‍මභාජනිය යි.
265. ධාතූහු අටළොස් දෙනෙකි: චක්ඛුධාතු ය, රූපාධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්‍ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණ ධාතු යි.
266. අටළොස් ධාතූන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද අකුශලයෝ කෙතෙක් ද අව්‍යාකෘතයෝ කෙතෙක් ද … සරණයෝ කෙතෙක් ද අරණයෝ කෙතෙක් ද යත්:
සොළොස් ධාතු කෙනෙක් අව්‍යාකෘතයහ, ධාතූහු දෙදෙන්ක කුශල වන්නාහ, අකුශල වන්නාහ, අව්‍යාකෘත වන්නාහු ය.
දශධාතු කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුතු වන්නාහ. ධාතූහු පස් දෙනෙක් උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තයහ. කායවිඥානධාතුව සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය. මනෝවිඥානධාතුව සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය. ධර්‍මධාතුව සුඛවේදනාව හා සම්ප්‍රයුක් වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
දශධාතු කෙනෙක් නො මැ විපාක වූ නො ද විපාකස්වභාවධර්‍මයහ. ධාතූහු පස් දෙනෙක් විපාකයහ. මනෝධාතු විපාක වන්නේ ය, නො මැ විපාක වූ නො ද විපාක ස්වභාවධර්‍ම වන්නේ ය. ධාතූහු දෙදෙනෙක් විපාක වන්නාහ, විපාකස්වභාවධර්‍ම වන්නාහ, නො මැ විපාක වූ නොද විපාකස්වභාවධර්‍ම වන්නාහු ය.
දශධාතු කෙනෙක් උපාදින්නෝපාදානියහ. ශබ්දධාතුව අනුපාදින්නෝපාදානිය ය. ධාතූහු පස් දෙනෙක් උපාදින්නෝපාදානිය වන්නාහ, අනුපාදින්නෝපාදානිය වාන්නාහ. ධාතූහු දෙදෙනෙක් උපාදින්නෝපාදානිය වන්නාහ, අනුපාදිනෝපාදානිය වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය වන්නාහු ය.
සොළොස් ධාතූහු අසංක්ලිෂ්ටසාංක්ලේශිකයහ. ධාතූහු දෙදෙනෙක් සංක්ලිෂ්ට සාංක්ලේශික වන්නාහ, අසංක්ලිෂ්ටසාංක්ලේශික වන්නාහ, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වන්නාහු ය.
පසළොස් ධාතු කෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතුව සවිතර්‍කසවිචාර ය. මනෝවිඤ්ඤාණධාතුව සවිතර්‍කසවිචාර වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර වන්නේ ය, අවිතර්‍කඅවිචාර වන්නේ ය. ධර්‍මධාතුව සවිතර්‍කසවිචාර වන්නේ ය, අවිතර්‍කවිචාර මාත්‍ර වන්නේ ය, අවිතර්‍කඅවිචාර වන්නේ ය, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වන්නේ යි.
දශධාතූහු ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කිය යුත්තාහ. ධාතූහු පස් දෙනෙක් උපේක්‍ෂාසහගතයහ. කායවිඥානධාතුව ප්‍රීතිසහගත නො වෙයි, සුඛසහගත වන්නේ ය, උපේක්‍ෂාසහගත නො වෙයි, සුඛසහගත යි නො කිය යුතු වන්නේ ය. ධාතූහු දෙදෙනෙක් ප්‍රීතිසහගත වන්නාහ, සුඛසහගත වන්නාහ, උපේක්‍ෂා සහගත වන්නාහ, ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු වන්නාහු ය.
සොළොස්ධාතූහු නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහ. ධාතූහු දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍ය වන්නාහු ය.
සොළොස් ධාතූහු නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහ. ධාතූහු දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක වන්නාහු ය.
සොළොස් ධාතූහු නො ම ආචයගාමී වූ නො ද අපචයගාමී වෙති. ධාතූහු දෙදෙනෙක් ආචයගාමී වන්නාහ, අපචයගාමී වන්නාහ, නො මැ ආචයගාමී වූ නොද අපචයගාමී වන්නාහු ය.
සොළොස් ධාතූහු නො මැ ශෛක්‍ෂ වූ නොද අශෛක්‍ෂයහ. ධාතූහු දෙදෙනෙක් ශෛක්‍ෂ වන්නාහ, අශෛක්‍ෂ වන්නාහ, නො මැ ශෛක්‍ෂ නොද අශෛක්‍ෂ වන්නාහු ය.
සොළොස් ධාතූහු පරිත්තයහ. ධාතූහු දෙදෙනෙක් පරිත්ත වන්නාහ, මහද්ගත වන්නාහ, අප්‍රමාණ වන්නාහු ය.
දශධාතු කෙනෙක් අනාලම්බනයහ. ධාතූහු සදෙනෙක් පරිත්තාලම්බනයහ. ධාතූහු දෙදෙනෙක් පරිත්තාලම්බන වන්නාහ, මහද්ගතාලම්බන වන්නාහ, අප්‍රමාණාලම්බන වන්නාහ, පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කිය යුතු වන්නාහු ය.
සොළොස් ධාතූහු මධ්‍යමයෝ ය. ධාතූහු දෙදෙනෙක් හීන වන්නාහ, මධ්‍යම වන්නාහ, ප්‍රණීත වන්නාහු ය.
සොළොස් ධාතූහු අනියතයහ. ධාතූහු දෙදෙනෙක් මිථ්‍යාත්‍වනියත වන්නාහ, සම්‍යක්ත්‍වනියත වන්නාහ, අනියත වන්නාහු ය.
දශධාතූහු අනාලම්බනයහ. ධාතූහු සදෙනෙක් මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුත්තාහ. ධාතූහු දෙදෙනෙක් මාර්‍ගාලම්බන වන්නාහ, මාර්‍ග හේතුක වන්නාහ, මාර්‍ගාධිපති වන්නාහ, මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු වන්නාහු ය.
දශධාතූහු උත්පන්න වන්නාහ, උත්පාදී වන්නාහ, අනුත්පන්නහ යි නො කියයුතු වන්නාහ. ශබ්දධාතුව උත්පන්න වන්නේ ය, අනුත්පන්න වන්නේ ය, උත්පාදිනී යි නො කියයුතු ය. ධාතූහු සදෙනෙක් උත්පන්න වන්නාහ, අනුත්පන්න වන්නාහ, උත්පාදී වන්නාහ. ධර්‍මධාතුව උත්පන්න වන්නේ ය, අනුත්පන්න වන්නේ ය, උත්පාදිනී වන්නේ ය, උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදිනී යි ද නො කියයුතු වන්නේ යි.
සතළොස් ධාතූහු අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය. ධර්‍මධාතුව අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්න ද වන්නේ ය, අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියයුතු ද වන්නේ යි.
ධාතු දශයෙක් අනාලම්බන ය. ධාතු සයෙක් ප්‍රත්‍යුත්පන්නාලම්බන ය. ධාතූහු දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහු ය, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුතු ද වන්නාහු යි.
අටළොස් ධාතූහු අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු යි.
ධාතු දශයෙක් අනාලම්බන ය. ධාතු සයෙක් අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය. ධාතූහු දෙදෙනෙක් අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහු ය, අධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු ද වන්නාහු යි.
රූපධාතුව සනිදර්‍ශනසප්‍රතිඝ ය. ධාතූහු නව දෙනෙක් අනිදර්‍ශන සප්‍රතිඝයෝ ය. ධාතූහු අටදෙනෙක් අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
267. ධාතූහු සතළොස් දෙනෙක් හේතු නො වෙති. ධර්‍මධාතු හේතු ද වෙයි, නො ද හේතු වේ.
සොළොස් ධාතූහු අහේතුකයෝ ය. ධාතූහු දෙදෙනෙක් සහේතුකයෝ ද වෙති. අහේතුකයෝ ද වෙත්.
සොළොස් ධාතූහු හේතුවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් හේතුසම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතුවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළොස් ධාතූහු හේතු ද වූ ම සහේතුක යි ද සහේතුක ද වූ ම නොද හේතු යි ද නො කියයුතු වන්නාහු ය. මනෝවිඥානධාතුව හේතු ද වූ ම සහේතුකයෙකැ යි නො කිය යුතු වෙයි, සහේතුක ද වූ ම නොද හේතු වන්නේ ය. සහේතුක ද වූ ම නොද හේතු යි නො කියයුතු ද වන්නේ ය. ධර්‍මධාතුව හේතු ද වූ ම සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූ ම නොද හේතු වන්නේ ය, හේතු ද වූ ම සහේතුක යි ද සහේතුක ද වූ ම නොද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතු යි ද නො කියයුතු වන්නාහ. මනෝවිඥානධාතුව හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතු වන්නේ ය. හේතු සම්ප්‍රයුක්ත ද වූ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ ය. ධර්‍ම ධාතුව හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෙක් ද වන්නේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතු වන්නේ ය, හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෙකැ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතුයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු හේතු නො වූ අහේතුකයෝ ය. මනෝවිඥානධාතුව හේතු නො වූ සහේතුකයෙක් ද වන්නේ ය, හේතු නො වූ අහේතුකයෙක් ද වන්නේ ය. ධර්‍මධාතුව හේතු නො වූ සහේතුකයෙක් ද වන්නේ ය, හේතු නො වූ අහේතුකයෙක් ද වන්නේ ය, හේතු නො වූ සහේතුකයෙකැ යි ද හේතු නො වූ අහේතුකයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
268. සතළොස් ධාතූහු සප්‍රත්‍යයෝ ය. ධර්‍මධාතුව සප්‍රත්‍ය ද වන්නේ ය, අප්‍රත්‍ය ද වන්නේ යි.
සතළොස් ධාතූහු සංඛතයෝ ය. ධර්‍මධාතුව සංඛත ද වන්නේ ය, අසංඛත ද වන්නේ යි.
රූපධාතුව සනිදර්‍ශනය ය. සතළොස් ධාතූහු අනිදර්‍ශනයෝ යි.
ධාතු දශයෙක් සප්‍රතිඝ ය. ධාතු අටෙක් අප්‍රතිඝ යි.
ධාතු දශයෙක් රූපී ය. ධාතු සතෙක් අරූපී ය. ධර්‍මධාතුව රූපී ද වන්නේ ය, අරූපී ද වන්නේ යි.
ධාතු සොළොසෙක් ලෞකික ය. ධාතූහු දෙදෙනෙක් ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු යි.
අටළොස් ධාතූහු (චක්‍ෂුර්විඥානාදි) කිසිවකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දතයුත්තාහු යි.
269. සතළොස් ධාතූහු ආස්‍රව නො වෙති. ධර්‍මධාතුව ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව නොද වන්නේ යි.
සොළොස් ධාතූහු සාස්‍රවයෝ ය. ධාතූහු දෙදෙනෙක් සාස්‍රව ද වන්නාහු, අනාස්‍රව ද වන්නාහු ය.
සොළොස් ධාතූහු ආස්‍රවවිප්‍රයුක්තයෝ ය, ධාතූහු දෙදෙනෙක් ආස්‍රව සම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළොස් ධාතූහු ආස්‍රව ද වූ ම සාස්‍රවයෝ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූ ම නොද ආස්‍රවයෝ වෙති. මනෝවිඥානධාතුව ආස්‍රව ද වූයේ ම සාස්‍රවයෙකැ යි නො කියයුතු ය, සාස්‍රව ද වූ ම නොද අස්‍රවයෙක් වන්නේ ය, සාස්‍රව ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි නො කිය යුතු වන්නේ ය. ධර්‍මධාතුව ආස්‍රවයෙක් ද වූයේ ම සාස්‍රව ද වන්නේ ය, සාස්‍රව ද වූයේ ම නොද ආස්‍රවයෙක් වන්නේ ය. ආස්‍රවයෙක් ද වූ ම සාස්‍රව යි ද සාස්‍රව ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්ත යි ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ම නොද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව ආස්‍රව ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රවයෙක් වන්නේ ය, ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ ය. ධාතූහු දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්ත සාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවහ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවහ යි ද නො කියයුතු වන්නාහු යි.
270. සතළොස් ධාතූහු සංයෝජනයෝ නො වෙති. ධර්‍මධාතුව සංයෝජන ද වන්නේ ය, සංයෝජන නොද වන්නේ යි.
සොළොස් ධාතූහු සංයෝජනිය වන්නාහ. ධාතූහු දෙදෙනෙක් සංයෝජනිය ද වන්නාහ, අසංයෝජනිය ද වන්නාහු යි.
සොළොස් ධාතූහු සංයෝජනවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළොස් ධාතූහු සංයෝජන ද වූ ම සංයෝජනියහ යි නො කියයුත්තාහ, සංයෝජනිය ද වූවාහු ම නොද සංයෝජනය වෙති. මනෝවිඥානධාතුව සංයෝජන ද වූ ම සංයෝජනියයෙකැ යි නො කියයුතු ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජනය යි නො කියයුතු ද වන්නේ ය. ධර්‍ම ධාතුව සංයෝජන ද වූ ම සංයෝජනිය ද වන්නේ ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූ ම සංයෝජනිය යි ද සංයෝජනිය ද වූ ම නොද සංයෝජන යි ද නො කියයුතු ද වන්නේ යි.
සොළොස් ධාතූහු සංයෝජන වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තහ යි ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව සංයෝජන ද වූ ම සංයෝජනසම්ප්‍රයුක්ත යි නො කියයුතු ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන යි නො කියයුතු ද වන්නේ ය. ධර්‍මධාතුව සංයෝජන ද වූ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූ ම සංයෝජන සම්ප්‍රයුක්ත යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන යි ද නො කියයුතු ද වන්නේ යි.
සොළොස් ධාතූහු සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්ත සංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියහ යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
271. සතළොස් ධාතූහු ග්‍රන්‍ථයෝ නො වෙති. ධර්‍මධාතුව ග්‍රන්‍ථ ද වන්නේ ය, ග්‍රන්‍ථ නොද වන්නේ යි.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථනීයයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් ග්‍රන්‍ථනීය ද වන්නාහ, අග්‍රන්‍ථනීය ද වන්නාහු යි.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථවිප්‍රයුක්තයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයහ යි නො කියයුත්තාහ, ග්‍රන්‍ථනීය ද වූවාහු මැ නොද ග්‍රන්‍ථයෝ වෙති. මනෝවිඥානධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ මැ ග්‍රන්‍ථනීය යි නො කියයුතු ය. ග්‍රන්‍ථනීය ද වූයේ මැ නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය. ග්‍රන්‍ථනීය ද වූ ම නොද ග්‍රන්‍ථයෙකැ යි නො කියයුත්තේ ය. ධර්‍මධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ මැ ග්‍රන්‍ථනීය ද වන්නේ ය. ග්‍රන්‍ථනීය ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය. ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථනීය යි ද ග්‍රන්‍ථනීය ද වූ ම නොද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයහ යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ග්‍රන්‍ථයහ යි ද නො කියයුත්තාහු ය. මනෝවිඥානධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තය යි නො කියයුත්තේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ ම නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය, ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත යි ද ගන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීය වෙති. ධාතූහු දෙදෙනෙක් ග්‍රන්‍ථ විප්‍රයුක්තග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීයහ යි ද ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු ය.
272-274. සතළොස් ධාතූහු ඕඝයෝ නො වෙති. … යෝගයෝ නො වෙති … නීවරණයෝ නො වෙති. ධර්‍මධාතුව නීවරණ ද වන්නේ ය, නීවරණ නොද වන්නේ යි.
සොළොස් ධාතූහු නීවරණිය වෙති. ධාතූහු දෙදෙනෙක් නීවරණිය ද වන්නාහ, අනීවරණිය ද වන්නාහු යි.
සොළොස් ධාතූහු නීවරණවිප්‍රයුක්තයහ. ධාතූහු දෙදෙනෙක් නීවරණසම්ප්‍රයුක්ත ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළොස් ධාතූහු නීවරණ ද වූ ම නීවරණියහ යි නො කියයුත්තාහ, නීවරණිය ද වූවාහු ම නොද නීවරණ වෙති. මනෝවිඥානධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණිය යි නො කියයුතු ය, නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙක් වන්නේ ය, නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණිය ද වන්නේ ය, නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙක් වන්නේ ය, නීවරණයෙක් ද වූයේ ම නීවරණිය යි ද නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තයහ යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද නීවරණහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත යි නො කියයුත්තේ ය, නීවරණ සම්ප්‍රයුක්ත ද වූ ම නොද නීවරණයෙක් වන්නේ ය, නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණයෙකැ යි නො කිය යුතු වන්නේ ය. ධර්‍මධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත යි ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණයෙක් ද වන්නේ ය, නීවරණයෙක් ද වූයේ ම නීවරණ සම්ප්‍රයුක්ත යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු නීවරණවිප්‍රයුක්තනීවරණිය වෙති. ධාතූහු දෙදෙනෙක් නීවරණ විප්‍රයුක්තනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්තඅනීවරණිය ද වන්නාහ, නීවරණ විප්‍රයුක්තනීවරණියහ යි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණියහ යි ද නො කියයුතු වන්නාහු යි.
275. සතළොස් ධාතූහු පරාමර්‍ශයෝ නො වෙති. ධර්‍මධාතුව පරාමර්‍ශ ද වන්නේ ය, පරාමර්‍ශ නොද වන්නේ යි.
සොළොස් ධාතූහු පරාමෘෂ්ටයෝ ය. ධාතූහු දෙදෙනෙක් පරාමෘෂ්ට ද වන්නාහ, අපරාමෘෂ්ට ද වන්නාහු යි.
සොළොස් ධාතූහු පරාමර්‍ශවිප්‍රයුක්තයෝ ය. මනෝවිඥානධාතුව පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය. ධර්‍මධාතුව පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශසම්ප්‍රයුක්ත යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත යි ද නො කිය යුතු වන්නේ යි.
සොළොස් ධාතූහු පරාමර්‍ශ ද වූවාහු ම පරාමෘෂ්ටහ යි නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නොද පරාමර්‍ශයෝ වෙත්. මනෝවිඥානධාතුව පරාමර්‍ශයෙක් ද වූයේ ම පරාමෘෂ්ට යි නො කියයුත්තේ ය, පරාමෘෂ්ට ද වූ ම නොද පරාමර්‍ශයෙක් වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොද පරාමර්‍ශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව පරාමර්‍ශයෙක් ද වූයේ ම පරාමෘෂ්ට ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොද පරාමර්‍ශයෙක් වන්නේ ය. පරාමර්‍ශයෙක් ද වූයේ ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ටද වූයේ ම නොද පරාමර්‍ශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ටයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ට යි ද පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට යි ද නො කියයුතු වන්නාහු යි.
276. ධාතූහු දශ දෙනෙක් අනාලම්බනයෝ ය. ධාතූහු සත් දෙනෙක් සාලම්බනයෝ ය. ධර්‍මධාතුව සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
ධාතූහු සත් දෙනෙක් චිත්තයෝ ය. ධාතූහු එකොළොස් දෙනෙක් චිත්තයෝ නො වෙත්.
සතළොස් ධාතු කෙනෙක් අචෛතසිකයෝ ය. ධර්‍මධාතුව චෛතසික ද වන්නේ ය, අචෛතසික ද වන්නේ යි.
ධාතූහු දශ දෙනෙක් චිත්තවිප්‍රයුක්තයෝ ය. ධර්‍මධාතුව චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තවිප්‍රයුක්ත ද වන්නේ ය. ධාතූහු සත් දෙනෙක් චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තාහු යි.
ධාතූහු දශ දෙනෙක් චිත්තය හා විසංසෘෂ්ටයෝ ය. ධර්‍මධාතුව චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය. ධාතූහු සත් දෙනෙක් චිත්තය හා සංසෘෂ්ටහ යි ද චිත්තය හා විසංසෘෂ්ටහ යි ද නො කියයුත්තාහු ය.
ධාතූහු දොළොස් දෙනෙක් චිත්තසමුත්‍ථානයෝ නො වෙති. ධාතූහු සදෙනෙක් චිත්තසමුත්‍ථාන ද වන්නාහ, චිත්තසමුත්‍ථාන නොද වන්නාහු ය.
සතළොස් ධාතූහු චිත්තසහභූ නො වෙති. ධර්‍මධාතුව චිත්තසහභූ ද වන්නේ ය, චිත්තසහභූ නොද වන්නේ යි.
සතළොස් ධාතූහු චිත්තානුපරිවර්තීහු නො වෙති. ධර්‍මධාතුව චිත්තානුපරිවර්තී ද වන්නේ ය. චිත්තානුපරිවර්තී නොද වන්නේ යි.