රූපස්කන්‍ධය මධ්‍යම යැ. සතර ස්කන්‍ධයෝ හීන ද වන්නාහ, මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය.
රූපස්කන්‍ධය අනියත යැ. සතර ස්කන්‍ධයෝ මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය අනාලම්බන යැ, සතර ස්කන්‍ධයෝ මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ. මාර්‍ගාලම්බනහ යි ද, මාර්‍ග හේතුකහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නො කිය යුතු වන්නාහු යැ.
(පඤ්චස්කන්‍ධයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු යැ.
(පඤ්චස්කන්‍ධයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය අනාලම්බන යැ. සතර ස්කන්‍ධයෝ අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ. අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු යැ.
(පඤ්චස්කන්‍ධයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය අනාලම්බන යැ. සතර ස්කන්‍ධයෝ අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ. අධ්‍යාත්මාලම්බනහ යි ද, බාහිරාලම්බනහ යි ද, අධ්‍යාත්ම බාහිරාලම්බනහ යි ද නො කියයුතු වන්නාහු යැ.
සතර ස්කන්‍ධයෝ අනිදර්‍ශන අප්‍රතිඝයෝ යැ, රූපස්කන්‍ධය සනිදර්‍ශන සප්‍රතිඝ ද වන්නේ යැ, අනිදර්‍ශන සප්‍රතිඝ ද වන්නේ යැ, අනිදර්‍ශන අප්‍රතිඝ ද වන්නේ යි.
210. සතර ස්කන්‍ධයෝ හේතු නො වෙති. සංස්කාරස්කන්‍ධය හේතු ද වන්නේ යැ න හේතු ද වන්නේ යි.
රූපස්කන්‍ධය අහේතුක යැ. සතර ස්කන්‍ධයෝ සහේතුක ද වන්නාහ, අහේතුක ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය හේතු විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ හේතු සම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතු විප්‍රයුක්ත ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය හේතු ද වූයේ මැ සහේතුක යි ද සහේතුක ද වූයේ මැ නො ද හේතු යි ද නො කියයුත්තේ යැ, තුන් ස්කන්‍ධයෝ හේතු ද වූයේ මැ සහේතුක යි ද නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු මැ නො ද හේතු ද වන්නාහ, සහේතුක ද වූවාහු මැ නො ද හේතුහ යි ද නො කියයුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය හේතු ද වූයේ මැ සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූයේ මැ නො ද හේතු ද වන්නේ යැ, හේතු ද වූයේ මැ සහේතුක යි ද සහේතුක ද වූයේ මැ නො ද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
රූපස්කන්‍ධය හේතු ද වූයේ මැ හේතු සම්ප්‍රයුක්ත යි ද හේතු සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද හේතු යි ද නො කිය යුත්තේ යැ, තුන් ස්කන්‍ධයෝ හේතු ද වූවාහු මැ හේතු සම්ප්‍රයුක්තහ යි ද නො කිය යුත්තාහ, හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද හේතු ද වන්නාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද හේතුහ යි ද නො කියයුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය හේතු ද වූයේ මැ හේතු සම්ප්‍රයුක්ත ද වන්නේ යැ, හේතු සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද හේතු ද වන්නේ යැ, හේතු ද වූයේ මැ හේතු සම්ප්‍රයුක්ත යි ද හේතු සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද හේතු යි ද නො කියයුත්තේ යි.
රූපස්කන්‍ධය හේතු නො වූයේ අහේතුක යැ, තුන් ස්කන්‍ධයෝ හේතු නො වූ සහේතුක ද වන්නාහ, හේතු නො වූ අහේතුක ද වන්නාහ. සංස්කාරස්කන්‍ධය හේතු නො වූ සහේතුක ද වන්නේ යැ, හේතු නො වූ අහේතුක ද වන්නේ යැ, හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ වන්නේ යි.
211. (පඤ්චස්කන්‍ධයෝ) සප්‍රත්‍යයෝ යි. සංඛතයෝ යි.
සතර ස්කන්‍ධයෝ අනිදර්‍ශනයෝ යැ. රූපස්කන්‍ධය සනිදර්‍ශන ද වන්නේ ය, අනිදර්‍ශන ද වන්නේ යි.
සතර ස්කන්‍ධයෝ අප්‍රතිඝයෝ යැ, රූපස්කන්‍ධය සප්‍රතිඝ ද වන්නේ යැ, අප්‍රතිඝ ද වන්නේ යි.
රූපස්කන්‍ධය රූප යැ, සතර ස්කන්‍ධයෝ අරූපයෝ යි.
රූපස්කන්‍ධය ලෞකික යැ, සතර ස්කන්‍ධයෝ ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු යැ.
(පඤ්චස්කන්‍ධයෝ) කිසි විඥානයකින් දතයුත්තාහ, කිසි විඥානයකින් නො දත යුත්තාහු යැ.
212. සතර ස්කන්‍ධයෝ ආස්‍රව නො වන්නාහ, සංස්කාරස්කන්‍ධය ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව නො ද වන්නේ යි.
රූපස්කන්‍ධය සාස්‍රව යැ සතර ස්කන්‍ධයෝ ආස්‍රව ද වන්නාහ, අනාස්‍රව ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය ආස්‍රව විප්‍රයුක්ත යැ, සතර ස්කන්‍ධයෝ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රව විප්‍රයුක්ත ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය ආස්‍රව ද වූයේ මැ සාස්‍රව ද වේ යයි නො කියයුත්තේ යැ, සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව වූයේ යි. තුන් ස්කන්‍ධයෝ ආස්‍රව ද වූවාහු මැ සාස්‍රව ද වූහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු මැ නො ද ආස්‍රව ද වන්නාහ, සාස්‍රව ද වූවාහු මැ නො ද ආස්‍රව වූහ යි නො කියයුත්තාහ, සංස්කාරස්කන්‍ධය ආස්‍රව ද වූයේ මැ සාස්‍රව ද වන්නේ යැ, සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව වන්නේ ය, ආස්‍රව ද වූයේ මැ සාස්‍රව යි ද සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව යි ද නො කිය යුත්තේ යි.
රූපස්කන්‍ධය ආස්‍රව වූයේ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත යි ද, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ආස්‍රව යයි ද නො කියැ යුතු. තුන් ස්කන්‍ධයෝ ආස්‍රව ද වූවාහු මැ ආස්‍රව සම්ප්‍රයුක්තාහ යි නො කියයුත්තාහ. ආස්‍රව සම්ප්‍රයුක්ත වූවාහු මැ නො ද ආස්‍රව වන්නාහ, ආස්‍රව සම්ප්‍රයුක්ත වූවාහු මැ නො ද ආස්‍රවයෝ යයි නො කියැයුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය ආස්‍රව ද වූයේ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වන්නේය. ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ආස්‍රව වන්නේය. ආස්‍රව ද වූයේ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත යී ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ආස්‍රවයෙකැයි ද නො කියයුතු වන්නේ යි.
රූපස්කන්‍ධය ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ය, සතර ස්කන්‍ධයෝ ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ද වන්නාහ, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව ද වන්නාහ, ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රවහ යි ද, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රවහ යි ද නො කිය යුත්තාහු ය.
213. සතර ස්කන්‍ධයෝ සංයෝජන නො වන්නාහ. සංස්කාරස්කන්‍ධය සංයෝජන ද වන්නේ යැ, සංයෝජන නො ද වන්නේ යි.
රූපස්කන්‍ධය සංයෝජනීය යැ. සතර ස්කන්‍ධයෝ සංයෝජනීය ද වන්නාහ. අසංයෝජනිය ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය සංයෝජන විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නාහ, සංයෝජන විප්‍රයුක්ත ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය සංයෝජන ද වූ මැ සංයෝජනීය යි ද, සංයෝජනීය ද වූ මැ නො ද සංයෝජනැයි නො කිය යුත්තේ යැ. තුන් ස්කන්‍ධයෝ සංයෝජන ද වූ මැ සංයෝජනීයහ යි නො කිය යුත්තාහ, සංයෝජනීය ද වූවාහු මැ නො ද සංයෝජන ද වන්නාහ, සංයෝජනීය ද වූවාහු මැ නො ද සංයෝජන වූහ යි ද නො කිය යුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය සංයෝජන ද වූයේ මැ සංයෝජනීය ද වන්නේ යැ, සංයෝජනීය ද වූයේ මැ නො ද සංයෝජන ද වන්නේ ය, සංයෝජන වූ ම සංයෝජනීය යී ද, සංයෝජනීය ද වූ ම නො ද සංයෝජන යී ද නො කිය යුතු වන්නේ යි.
රූපස්කන්‍ධය සංයෝජන ද වූ ම සංයෝජන සම්ප්‍රයුක්තයෙකැයි ද, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජනයෙකැ යි ද නො කිය යුත්තේ ය. තුන් ස්කන්‍ධයෝ සංයෝජන ද වූ මැ සංයෝජන සම්ප්‍රයුක්තහ යි ද නො කිය යුත්තාහ, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජන ද වන්නාහ, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජනහ යි ද නො කිය යුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය සංයෝජන ද වූ මැ සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නේ ය. සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූ මැ සංයෝජන සම්ප්‍රයුක්තයෙකැයි ද, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජන යී ද නො කිය යුත්තේ යි.
රූපස්කන්‍ධය සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වෙයි. සතර ස්කන්‍ධයෝ සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය ද වන්නාහ, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය ද වන්නාහ, සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීයහ යි ද, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනීයහ යි ද නො කිය යුත්තාහු යැ.
214. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ නො වන්නාහ. සංස්කාරස්කන්‍ධය ග්‍රන්‍ථ ද වන්නේ යැ, ග්‍රන්‍ථ නො ද වන්නේ යි.
රූපස්කන්‍ධය ග්‍රන්‍ථනීය යැ. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථනීය ද වන්නාහ, අග්‍රන්‍ථනීය ද වන්නාහුයි.
රූපස්කන්‍ධය ග්‍රන්‍ථ විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්ත ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයයෙකැ යි ද ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථයි නො කිය යුතු වන්නේ යැ. තුන්ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයහයි නො කිය යුතු ද වන්නාහ. ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නාහ. ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථය හ යි ද නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූයේ මැ ග්‍රන්‍ථනීය ද වන්නේ යැ. ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නේ යැ. ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයයි ද ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථයී ද නො කියයුතු වන්නේ යැ.
රූපස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත යයි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථ ය යි ද නො කියයුතු යි. තුන්ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්තයහ යි ද නො කිය යුතු වන්නාහු ය. ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නාහුය. ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථයහ යි ද නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වන්නේ ය. ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නේ යැ. ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්තය යි ද ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථය යි ද නො කියයුතු වන්නේයි.
රූපස්කන්‍ධය ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වෙයි. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීයහ යි ද ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු යි.
215-216. සතර ස්කන්‍ධයෝ ඕඝයෝ නො වෙත්. ... යෝගයෝ නො වෙත්.
217. සතර ස්කන්‍ධයෝ නීවරණයෝ නො වෙත්. සංස්කාරස්කන්‍ධය නීවරණ වන්නේ යැ. නො ද නීවරණ වන්නේ යි.
රූපස්කන්‍ධය නීවරණය වෙයි. සතර ස්කන්‍ධයෝ නීවරණීය ද වන්නාහ. අනීවරණීය ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය නීවරණ විප්‍රයුක්ත වෙයි. සතර ස්කන්‍ධයෝ නීවරණ සම්ප්‍රයුක්ත ද වන්නාහ. නීවරණ විප්‍රයුක්ත ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය නීවරණ ද වූයේ මැ නීවරණීය යි ද නීවරණීය ද වූයේ මැ නො ද නීවරණ යයි ද නො කියයුතු වන්නේ යැ. තුන් ස්කන්‍ධයෝ නීවරණ ද වූ නීවරණීයහ යි නො කියයුතු වන්නාහ. නීවරණීය ද වූ නො ද නීවරණ වන්නාහ. නීවරණීය ද වූ මැ නො ද නීවරණහ යි නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය නීවරණ ද වූ ම නීවරණීය ද වන්නේ යැ. නීවරණීය ද වූ මැ නො ද කීවරණ වන්නේ යැ. නීවරණ ද වූ මැ නීවරණීය යි ද නීවරණීය ද වූ මැ නො ද නීවරණ යි ද නො කියයුතු වේ.
රූපස්කන්‍ධය නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්තය යි ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද නීවරණයි ද නො කියයුතු වෙයි. තුන් ස්කන්‍ධයෝ නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්තයහ යි ද නො කියයුතු වන්නාහ. නීවරණ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද නීවරණයහයි නො කියයුතු වන්නාහුයැ. සංස්කාරස්කන්‍ධය නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්ත ද වෙයි. නීවරණ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද නීවරණ වෙයි. නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්ත ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූ ම නො ද නීවරණ යිද නො කියයුතු වන්නේ යැ.
රූපස්කන්‍ධය නීවරණ විප්‍රයුක්ත නීවරණීය වේ. සතර ස්කන්‍ධයෝ නීවරණ විප්‍රයුක්ත නීවරණීය වන්නාහ. නීවරණ විප්‍රයුක්ත අනීවරණය වන්නාහ. නීවරණ විප්‍රයුක්ත නීවරණීයහ යි ද නීවරණ විප්‍රයුක්ත අනීවරණීයහ යි ද නො කිය යුතු වන්නාහු ය.
218. සතර ස්කන්‍ධයෝ පරාමාස නො වෙත්. සංස්කාරස්කන්‍ධය පරාමාස ද වන්නේ ය. නො ද පරාමාස වන්නේ ය.
රූපස්කන්‍ධය පරාමෘෂ්ට වෙයි. සතර ස්කන්‍ධයෝ පරාමෘෂ්ට ද වන්නාහ. අපරාමෘෂ්ට ද වන්නාහ.
රූපස්කන්‍ධය පරාමාස විප්‍රයුක්ත වූයේ වෙයි. තුන් ස්කන්‍ධයෝ පරාමාස සම්ප්‍රයුක්ත ද වන්නාහ. පරාමාස විප්‍රයුක්ත ද වන්නාහ. සංස්කාරස්න්‍ධය පරාමාස සම්ප්‍රයුක්ත ද වන්නේ ය. පරාමාස විප්‍රයුක්ත ද වන්නේ ය. පරාමාස සම්ප්‍රයුක්ත යි ද පරාමාස විප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
රූපස්කන්‍ධය පරාමාස ද වූ ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස යි ද නො කියයුතු වෙයි. තුන් ස්කන්‍ධයෝ පරාමාස ද වූ ම පරාමෘෂ්ටයහ යි නො කිය යුත්තාහ. පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස වන්නාහ. පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාසයහ යී නො කිය යුත්තාහ. සංස්කාරස්කන්‍ධය පරාමාස ද වූ ම පරාමෘෂ්ට ද වෙයි, පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස වන්නේ ය. පරාමාස ද වූ ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස යි ද නො කිය යුතු වන්නේ යි.
රූපස්කන්‍ධය පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට ද වෙයි. සතර ස්කන්‍ධයෝ පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට ද වන්නාහ. පරාමාස විප්‍රයුක්ත අපරාමෘෂ්ට ද වන්නාහු ය. පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට යී ද පරාමාස විප්‍රයුක්ත අපරාමෘෂ්ට යී ද නො කිය යුත්තේ යි.
219. රූපස්කන්‍ධය අනාලම්බන යැ. සතර ස්කන්‍ධයෝ ආලම්බන සහිතයෝ යි.
විඥානස්කන්‍ධය චිත්ත වෙයි, සතර ස්ක්නධයෝ චිත්තයෝ නො වෙත්.
තුන් ස්කන්‍ධයෝ චෛතසිකයෝ යැ, ස්කන්‍ධයෝ දෙදෙනෙක් අචෛතසිකයෝ යි.
තුන් ස්කන්‍ධයෝ චිත්ත සම්ප්‍රයුක්තයෝ යැ, රූපස්කන්‍ධය චිත්ත විප්‍රයුක්ත යැ, විඥානස්කන්‍ධය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද, චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කිය යුත්තේ යි.
තුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ටයෝ යැ, රූපස්කන්‍ධය චිත්ත විසංසෘෂ්ට යැ, විඥානස්කන්‍ධය චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කිය යුත්තේ යි.
තුන් ස්කන්‍ධයෝ චිත්තය සමුත්‍ථාන කොට ඇත්තාහු යැ, විඥානස්කන්‍ධය චිත්ත සමුත්‍ථාන නො වූයේ යැ, රූපස්කන්‍ධය චිත්ත සමුත්‍ථාන ද වන්නේ යැ, ච්ත්ත සමුත්‍ථාන නො ද වන්නේ ය.
තුන් ස්කන්‍ධයෝ චිත්තය හා උපන්නාහු යැ, විඥානස්කන්‍ධය චිත්ත සහභූ නො වූයේ යැ. රූපස්කන්‍ධය චිත්ත සහභූ ද වන්නේ යැ, චිත්ත සහභූ නො ද වන්නේ යි.
තුන් ස්කන්‍ධයෝ සිත අනුව පවත්නාහු යැ, විඥානස්කන්‍ධය සිත අනුව නො පවත්නේ යැ, රූපස්කන්‍ධය සිත අනුව පවත්නේ ද වන්නේ යැ, සිත අනුව නො පවත්නේ ද වන්නේ යි.
තුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ට සමුත්‍ථානයහ, ස්කන්‍ධයෝ දෙදෙනෙක් චිත්ත සංසෘෂ්ට සමුත්‍ථාන නො වෙත්.
තුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ට සමුත්‍ථාන සහභූහ. ස්කන්‍ධයෝ දෙදෙනෙක් චිත්ත සංසෘෂ්ට සමුත්‍ථාන සහභූ නො වෙත්.
තුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ට සමුත්‍ථානුපරිවර්තීහ. ස්කන්‍ධයෝ දෙදෙනෙක් චිත්ත සංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී නො වෙත්.
විඥානස්කන්‍ධය ආධ්‍යාත්මික ය. ස්කන්‍ධයෝ තිදෙනෙක් බාහිරයෝ යැ. රූපස්කන්‍ධය ආධ්‍යාත්මික ද වන්නේ යැ බාහිර ද වන්නේ යි.
සතර ස්කන්‍ධයෝ උපාදා නො වෙති, රූපස්කන්‍ධය උපාදා ද වන්නේ යැ, උපාදා නො ද වන්නේ යි.
(පඤ්චස්කන්‍ධයෝ) උපාදින්න ද වෙති අනුපාදින්න ද වෙත්.
220. සතර ස්කන්‍ධයෝ උපාදාන නො වෙති, සංස්කාරස්කන්‍ධය උපාදාන ද වන්නේ යැ, නො ද උපාදාන වන්නේ යි.
රූපස්කන්‍ධය උපාදානිය වෙයි, සතර ස්කන්‍ධයෝ උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය උපාදාන විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ උපාදාන සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදාන විප්‍රයුක්ත ද වන්නාහු යැ.
රූපස්කන්‍ධය උපාදාන ද වූයේ ම උපාදානිය යි නො කිය යුත්තේ ය, උපාදානිය ද වූයේ ම නො ද උපාදාන වෙයි. ස්කන්‍ධයෝ තිදෙනෙක් උපාදාන ද වූවාහු මැ උපාදානිය ද වෙතී නො කිය යුත්තාහ, උපාදානිය ද වූවාහු මැ නො ද උපාදාන වන්නාහ, උපාදානිය ද වූවාහු මැ නො ද උපාදාන වෙතී නො කිය යුත්තාහ. සංස්කාරස්කන්‍ධය උපාදාන ද වූයේ මැ උපාදානිය ද වන්නේ ය, උපාදානිය ද වූයේ මැ නො ද උපාදාන වන්නේ ය, උපාදාන ද වූ ම උපාදානිය යි ද උපාදානිය ද වූ මැ නො ද උපාදාන යි ද නො කිය යුතු වන්නේ යි.
රූපස්කන්‍ධය උපාදාන ද වූයේ මැ උපාදාන සම්ප්‍රයුක්ත යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදාන යි ද නො කිය යුත්තේ ය. ස්කන්‍ධයෝ තිදෙනෙක් උපාදාන ද වූ මැ උපාදාන සම්ප්‍රයුක්තයෝ යි නො කිය යුත්තාහ, උපාදාන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදාන වන්නාහ, උපාදාන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදානැ යි නො කිය යුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය උපාදාන ද වූ මැ උපාදාන සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදාන සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද උපාදාන වන්නේ යැ, උපාදාන ද වූ මැ උපාදාන සම්ප්‍රයුක්තයෙකැ යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූ ම නො ද උපාදානයෙකැ යි ද නො කිය යුතු වන්නේ යි.
රූපස්කන්‍ධය උපාදාන විප්‍රයුක්ත උපාදානිය වෙයි, සතර ස්කන්‍ධයෝ උපාදාන විප්‍රයුක්ත උපාදානිය වන්නාහ, උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය ද වන්නාහ, උපාදාන විප්‍රයුක්ත උපාදානිය යි ද උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය යි ද නො කිය යුතු වන්නාහු යැ.
221. සතර ස්කන්‍ධයෝ ක්ලේශයෝ නො වෙති, සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වන්නේ ය, නො ද ක්ලේශ ද වන්නේ යි.
රූපස්කන්‍ධය සාංක්ලේශික ය, සතර ස්කන්‍ධයෝ සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු ය.
රූපස්කන්‍ධය අසංක්ලිෂ්ට ය, සතර ස්කන්‍ධයෝ සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු ය.
රූපස්කන්‍ධය ක්ලේශ විප්‍රයුක්ත ය, සතර ස්කන්‍ධයෝ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ක්ලේශ විප්‍රයුක්ත ද වන්නාහු ය.
රූපස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සාංක්ලේශික යි නො කියයුත්තේ යැ, සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ වූයේ යැ. ස්කන්‍ධයෝ තිදෙනෙක් ක්ලේශ ද වූ මැ සාංක්ලේශිකහ යි නො කියයුත්තාහ, සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ වන්නාහ, සාංක්ලේශික ද වූවාහු මැ නො ද ක්ලේශ වූහ යි නො කියයුත්තාහ, සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සාංක්ලේශික ද වන්නේ යැ, සාංක්ලේශික ද වූයේ නො ද ක්ලේශ වන්නේ යැ, ක්ලේශ ද වූයේ මැ සාංක්ලේශික යි ද සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
රූපස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූයේ මැ නො ද ක්ලේශ යි ද නො කියයුත්තේ යැ, ස්කන්‍ධයෝ තිදෙනෙක් ක්ලේශ ද වූවාහු මැ සංක්ලිෂ්ට වූහ යි නො කියයුත්තාහ, සංක්ලිෂ්ට ද වූවාහු මැ නො ද ක්ලේශ වන්නාහ, සංක්ලිෂ්ට ද වූවාහු මැ නො ද ක්ලේශයෝ යි නො කියයුත්තාහ, සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සංක්ලිෂ්ට ද වන්නේ යැ සංක්ලිෂ්ට ද වූයේ මැ නො ද ක්ලේශ වන්නේ යැ, ක්ලේශ ද වූයේ මැ සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූයේ මැ නො ද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
රූපස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත යි ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ක්ලේශ යි ද නො කියයුත්තේ යැ, ස්කන්‍ධයෝ තිදෙනෙක් ක්ලේශ ද වූවාහු මැ ක්ලේශ සම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වන්නාහ, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද ක්ලේශයෝ යි නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වන්නේ යැ, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වන්නේ යැ, ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත යි ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
රූපස්කන්‍ධය ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික යැ, සතර ස්කන්‍ධයෝ ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික ද වන්නාහ, ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික ද වන්නාහ, ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික යි ද ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික යි ද නො කියයුතු වන්නාහු යි.
222. රූපස්කන්‍ධය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයේ යැ, සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
රූපස්කන්‍ධය භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයේ යැ, සතර ස්කන්‍ධයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
රූපස්කන්‍ධය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක නො වෙයි, සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යෙහ්තුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක නො ද වන්නාහු ය.
රූපස්කන්‍ධය භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක නො වෙයි, සතර ස්කන්‍ධයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක නො ද වන්නාහු ය.
රූපස්කන්‍ධය අවිතර්‍ක යැ, සතර ස්කන්‍ධයෝ සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
රූපස්කන්‍ධය අවිචාර යැ, සතර ස්කන්‍ධයෝ සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු යි.
රූපස්කන්‍ධය අප්‍රීතික යැ සතර ස්කන්‍ධයෝ සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු යි.
රූපස්කන්‍ධය ප්‍රීතිසහගත නො වෙයි, සතර ස්කන්‍ධයෝ ප්‍රීති සහගත ද වන්නාහ, ප්‍රීති සහගත නො ද වන්නාහු යි.
ස්කන්‍ධයෝ දෙදෙනෙක් සුඛ සහගත නො වෙති, ස්කන්‍ධයෝ තිදෙනෙක් සුඛ සහගත ද වන්නාහ, සුඛ සහගත නො ද වන්නාහු ය.
ස්කන්‍ධයෝ දෙදෙනෙක් උපේක්‍ෂාසහගත නො වන්නාහ, ස්කන්‍ධයෝ තිදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු යි.
රූපස්කන්‍ධය කාමාවචර යැ, සතර ස්කන්‍ධයෝ කාමාවචර ද වන්නාහ, කාමාචර නො ද වන්නාහු යි.
රූපස්කන්‍ධය රූපාවචර නො වෙයි, සතර ස්කන්‍ධයෝ රූපාවචර ද වන්නාහ, රූපාවචර නො ද වන්නාහු යි.
රූපස්කන්‍ධය අරූපාවචර නො වෙයි, සතර ස්කන්‍ධයෝ අරූපාවචර ද වන්නාහ, අරූපාවචර නො ද වන්නාහු යි.
රූපස්කන්‍ධය පර්‍ය්‍යාපන්න යැ, සතර ස්කන්‍ධයෝ පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු යි.
රූපස්කන්‍ධය අනෛර්‍ය්‍යාණික යැ, සතර ස්කන්‍ධයෝ නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු යි.
රූපස්කන්‍ධය අනියත යැ, සතර ස්කන්‍ධයෝ නියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
රූපස්කන්‍ධය සඋත්තර යැ, සතර ස්කන්‍ධයෝ සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු යි.
රූපස්කන්‍ධය අරණ ය, සතර ස්කන්‍ධයෝ සරණ ද වන්නාහ, අරණ ද වන්නාහු යි.
පඤ්හ පුච්ඡක යි.
ස්කන්‍ධවිභඞ්ගය නිමියේ යි.
2. ආයතන විභඞ්ගය