Pali BJT599. ‘විගතාභිජ්ඣෙන චෙතසා’ති තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං විගතාභිජ්ඣං හොති. තෙන වුච්චති ‘විගතාභිජ්ඣෙන චෙතසා’ති.
Sinhala BJT599. ‘විගතාභිජ්ඣෙන චේතසා’ යනු: එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත පහ වූ අභිධ්‍යා ඇත්තේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘විගතාභිජ්ඣෙන චේතසා’ යි.
Pali BJT600. ‘විහරතී’ති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT600. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT601. ‘අභිජ්ඣාය චිත්තං පරිසොධෙතී’ති තත්ථ කතමා අභිජ්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො අයං වුච්චති අභිජ්ඣා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය අභිජ්ඣාය සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති, තෙන වුච්චති ‘අභිජ්ඣාය චිත්තං පරිසොධෙතී’ති.
Sinhala BJT601. ‘අභිජ්ඣාය චිත්තං පරිසෝධෙති’ යනු: එහි අභිධ්‍යා කවර යත්: යම් රාගයෙක්, සංරාගයෙක් ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත මේ අභිධ්‍යාව කෙරෙන් ශෝධනය කෙරෙයි. විශෝධනය කෙරෙයි, පරිශෝධනය කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘අභිජ්ඣාය චිත්තං පරිසෝධෙති’ යි.
Pali BJT602. ‘ව්යාපාදපදොසං පහායා’ති අත්ථි ව්යාපාදො අත්ථි පදොසො. තත්ථ කතමො ව්යාපාදො: යො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති ව්යාපාදො.
Sinhala BJT602. ‘ව්‍යාපාදපදෝසං පහාය’ යනු: ව්‍යාපාදයෙක් ඇත, ප්‍රද්වේෂයෙක් ඇති. එහි ව්‍යාපාදය කවරෙ යත්: චිත්තයාගේ යම් ආඝාතයෙක්, ප්‍රතිඝාතයෙක්, ප්‍රතිඝයෙක්, ප්‍රතිවිරෝධයෙක්, කොපයෙක්, ප්‍රකෝපයෙක්, සම්ප්‍රකෝපයෙක්, ද්වේෂයෙක්, ප්‍රද්වේෂයෙක්, සම්ප්‍රද්වේෂයෙක්, චිත්තයාගේ ව්‍යාපත්තියෙක්, මනඃප්‍රද්වේෂයෙක්, ක්‍රෝධයෙක්, ක්‍රෝධාකාරයෙක්, කිපුණු බවෙක්, ද්වේෂයෙක්, දූෂ්‍යාකාරයෙක්, දූෂිත බවෙක්, ව්‍යාපතියෙක්, ව්‍යාපාද අයුරෙක්, ව්‍යාපන්න බවෙක්, විරෝධයෙක්, ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක්, නො පිරිපුන් වචන ඇති බවෙක්, චිත්තයාගේ නො සතුටු බවෙක් වේද, මේ ‘ව්‍යාපාද’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පදොසො: යො ව්යාපාදො සො පදොසො, යො පදොසො සො ව්යාපාදො, ඉති අයං ච ව්යාපාදො අයං ච පදොසො සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තීකතා. තෙන වුච්චති ‘ව්යාපාදපදොසං පහායා’ති.
Sinhala BJTඑහි ප්‍රද්වේෂය කවරෙ යත්: යම් ව්‍යාපාදයෙක් වේ ද, හේ ප්‍රද්වේෂ යි, යම් ප්‍රද්වේෂයෙක් වේද, හේ ව්‍යාපාද යි. මෙසේ මේ ව්‍යාපාදයත් මේ ප්‍රද්වේෂයත් ශාන්ත වෙයි, ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යාන්තිකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ව්‍යාපාදපදෝසං පහාය’ යි.
Pali BJT603. ‘අව්යාපන්නචිත්තො’ති තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. දං චිත්තං අව්යාපන්නං හොති. තෙන වුච්චති ‘අව්යාපන්නචිත්තො’ති විහරතී’ති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT603. ‘අව්‍යාපන්න චිත්තෝ’ යනු: එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත අව්‍යාපන්න වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අව්‍යාපන්න චිත්තෝ’ යි. ‘විහරති’ යනු ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT604. ‘ව්යාපාදපදොසා චිත්තං පරිසොධෙතී’ති අත්ථි ව්යාපාදො අත්ථි පදොසො. තත්ථ කතමො ව්යාපාදො: යො චිත්තස්ස ආඝාතො පටිඝාතො -පෙ- චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා. චිත්තස්ස, අයං වුච්චති ව්යාපාදො. තත්ථ කතමො පදොසො: යො ව්යාපාදො සො පදොසො, යො පදොසො සො ව්යාපාදො. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං, ඉදං චිත්තං ඉමම්හා ව්යාපාදපදොසා සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති. තෙන වුච්චති ‘ව්යාපාදපදොසා චිත්තං පරිසොධෙතී’ති.
Sinhala BJT604. ‘ව්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධෙති’ යනු: ව්‍යාපාදයෙක් ඇත, ප්‍රද්වේෂයෙක් ඇති. එහි ව්‍යාපාදය කවරෙ යත්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ... සැඬ බවෙක්, නො පිරිපුන් වචන ඇති බවෙක්, චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘ව්‍යාපාද’ යි කියනු ලැබේ. එහි ප්‍රද්වේෂය කවරෙ යත්: යමෙක් ව්‍යාපාද නම් හේ ප්‍රද්වේෂ ය. යමෙක් ප්‍රද්වේෂ නම් හේ ව්‍යාපාද යි. එහි චිත්තය කවරෙ යත්: යම් සිතෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය කෙරෙන් ශෝධනය කෙරෙයි, විශෝධනය කෙරෙයි, පරිශෝධනය කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘ව්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධෙති’ යි.
Pali BJT605. ‘ථීනමිද්ධං පහායා’ති අත්ථි ථීනං අත්ථි මිද්ධං. තත්ථ කතමං ථීනං: යා චිත්තස්ස අකල්යතා අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා ලීනං ලීයනා ලීයිතත්තං ථීනං ථීයනා ථියිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති, ථීනං. තත්ථ කතමං මිද්ධං: යා කායස්ස අකල්යතා අකම්මඤ්ඤතා ඔනාහො පරියොනාහො අන්තොසමොරොධො මිද්ධං සොප්පං{1} පචලායිකා සොප්පං{1} සුපනා සුපිතත්තං{2}, ඉදං වුච්චති මිද්ධං. ඉති ඉදං ච ථීනං ඉදං ච මිද්ධං සන්තා හොන්ති සමිතා වූපසන්තා -පෙ- සොසිතා විසොසිතා ව්යන්තීකතා. තෙන වුච්චති ‘ථීනමිද්ධං පහායා’ති.
Sinhala BJT605. ‘ථීනමිද්ධං පහාය’ යනු: ථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති. එහි ථීනය කවරෙ යත්: චිත්තයාගේ යම් ගිලන් බවෙක් අකර්‍මණ්‍ය බවෙක් හැකිළෙන අයුරෙක්, හැකිළෙන බවෙක්, ලීනයෙක්, ලීනාකාරයෙක්, හැකුළුණු බවෙක්, චිත්තයාගේ නො පැතිරීමෙක්, නො පැතිරෙන අයුරෙක්, නො පැතිරුණු බවෙක් වේ ද, මේ ‘ථීන’ යි කියනු ලැබේ. එහි මිද්ධය කවරෙ යත්: නාමකායයාගේ යම් ගිලන් බවෙක්, අකර්‍මණ්‍ය බවෙක්, බැඳීමෙක්, හාත්පසින් බැඳීමෙක්, ඇතුළත ඇවිරීමෙක්, පෙළීමෙක්, නිදීමෙක්, කපිනිද්‍රාවක්, ශයනයෙක්, ශයනාකාරයෙක්, ශයනය කළ බවෙක් වේ ද, මේ ‘මිද්ධ’ යි කියනු ලැබේ. මෙසේ මේ ථීනයත්, මේ මිද්ධයත් ශාන්ත වෙයි. ශමිත - ව්‍යුපශාන්ත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ථීනමිද්ධං පහාය’ යි.
Pali BJT606. ‘විගතථිනමිද්ධො’ති තස්ස ථීනමිද්ධස්ස චත්තත්තා වන්තත්තා මුත්තත්තා පහීනත්තා පටිනිස්සට්ඨත්තා පහීනපටිනිස්සට්ඨත්තා. තෙන වුච්චති ‘විගතථීනමිද්ධො’ති. ‘විහරතී’ති ඉරීයති -පෙ- විහරති. තෙන වුච්චති විහරතී’ති.
Sinhala BJT606. ‘විගතථීනමිද්ධො’ යනු: ඒ ථීනමිද්ධය හළ බැවින්, වමනය කළ බැවින්, මිදු බැවින්, පුහුන් බැවින්, බැහැර කළ බැවින්, පැහීමෙන්, බැහැර කළ බැවින්, එහෙයින් කියනු ලැබෙයි ‘විගතථීනමිද්ධො’ යි. ‘විහරති’ යනු: ඉරියවු පවත්ව යි ... වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT607. ‘ආලොකසඤ්ඤී’ති තත්ථ කතමා සඤ්ඤා: යා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං. අයං වුච්චති සඤ්ඤා. අයං සඤ්ඤා ආලොකා හොති විවටා පරිසුද්ධා පරියොදාතා. තෙන වුච්චති ‘ආලොකසඤ්ඤී’ති.
Sinhala BJT607. ‘ආලෝකසඤ්ඤී’ යනු: එහි සංඥා කවර යත්: යම් හැඳිනීමෙක් හඳුනන අයුරෙක්, හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘සංඥා’ යි කියනු ලැබේ. මේ සංඥාව සප්‍රභ - විවෘත - පරිශුද්ධ - පර්‍ය්‍යවදාත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ආලෝකසඤ්ඤී’ යි.
Pali BJT608. ‘සතො සම්පජානො’ති තත්ථ කතමා සති: යා සති අනුස්සති -පෙ- සම්මා සති, අයං වුච්චති සති. තත්ථ කතමං සම්පජඤ්ඤං: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සම්පජඤ්ඤං. ඉති ඉමාය ච සතියා ඉමිනා ච සම්පජඤ්ඤෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති ‘සතො සම්පජානො’ති.
Sinhala BJT608. ‘සතෝ සම්පජානෝ’ යනු: එහි සති කවර යත්: යම් ස්මෘතියෙක්, අනුස්මෘතියෙක් ... සම්‍යක් ස්මෘතියෙක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. එහි සම්පජඤ්ඤ කවරෙ යත්: යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මෙසේ මේ සතියෙන් ද, මේ සම්පජඤ්ඤයෙන් ද යුක්ත වෙයි ... සමන්‍වාගත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සතෝ සම්පජානෝ’ යි.
Pali BJT609. ‘ථීනමිද්ධා චිත්තං පරිසොධෙතී’ති අත්ථි ථීනං අත්ථි මිද්ධං. තත්ථ කතමං ථීනං: යං චිත්තස්ස අකල්යතා -පෙ- ථීයිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති, ථීනං. තත්ථ කතමං මිද්ධං: යා කායස්ස අකල්යතා -පෙ- සුපිතත්තං, ඉදං වුච්චති මිද්ධං. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමම්හා ථීනමිද්ධා සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති. තෙන වුච්චති ‘ථීනමිද්ධා චිත්තං පරිසොධෙතී’ති.
Sinhala BJT609. ‘ථීනමිද්ධා චිත්තං පරිසෝධෙති’ යනු: ථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති. එහි ථීනය කවරෙ යත්: චිත්තයාගේ යම් ගිලන් බවෙක් ... චිත්තයාගේ නො පැතුරුණු බවෙක් වේ ද, මේ ‘ථීන’ යි කියනු ලැබේ. එහි මිද්ධය කවරෙ යත්: නාමකායයාගේ යම් ගිලන් බවෙක් ... සුප්ත බවෙක් වේ ද, මේ ‘මිද්ධ’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ ථීනමිද්ධය කෙරෙන් ශුද්ධ කෙරෙයි, විශුද්ධ කෙරෙයි, පරිශුද්ධ කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘ථීනමිද්ධා චිත්තං පරිසෝධෙති’ යි.
Pali BJT610. ‘උද්ධච්චකුක්කුච්චං පහායා’ති අත්ථි උද්ධච්චං අත්ථි කුක්කුච්චං. තත්ථ කතමං උද්ධච්චං: යං චිත්තස්ස උද්ධච්චං අවුපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං වුච්චති උද්ධච්චං. තත්ථ කතමං කුක්කුච්චං: අකප්පියෙ කප්පියසඤ්ඤිතා කප්පියෙ අකප්පියසඤ්ඤිතා අවජ්ජෙ වජ්ජසඤ්ඤිතා වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා. යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච්චති කුක්කුච්චං. ඉති ඉදං ච උද්ධච්චං ඉදං ච කුක්කුච්චං සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තීකතා. තෙන වුච්චති ‘උද්ධච්ච කුක්කුච්චං පහායා’ති.
Sinhala BJT610. ‘උද්ධච්චකුක්කුච්චං පහාය’ යනු: උද්ධච්චයෙක් ඇත. කුක්කුච්චයෙක් ඇති. එහි උද්ධච්චය කවරෙ යත්: චිත්තයාගේ යම් ඖදධතයෙක්, අව්‍යුපශමයෙක්, චිත්තයාගේ වික්‍ෂේපයෙක්, චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘උද්ධච්ච’ යි කියනු ලැබේ. එහි කුක්කුච්චය කවරෙ යත්: අකැපයෙහි කැපය යන සංඥා ඇති බව ය, කැපයෙහි අකැපය යන සංඥා ඇති බව ය, නිවරදෙහි වරදය යන සංඥා ඇති බව ය, වරදෙහි නිවරදය යන සංඥා ඇති බව යි. මෙබඳු යම් කුකුසෙක්, කුකුස්නා අයුරෙක්, කුකුස් කළ බවෙක්, චිත්තයාගේ විපිළිසරයෙක්, සිත ඉරිතැළීමෙක් වේ ද, මේ ‘කුක්කුච්ච’ යි කියනු ලැබේ. මෙසේ මේ උද්ධච්චය ද, මේ කුක්කුච්චය ද ශාන්ත වෙයි. ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උද්ධච්චකුක්කුච්චං පහාය’ යි.
Pali BJT611. ‘අනුද්ධතො’ති තස්ස උද්ධච්චකුක්කුච්චස්ස චත්තත්තා වන්තත්තා මුත්තත්තා පහීනත්තා පටිනිස්සට්ඨත්තා පහීනපටිනිස්සට්ඨත්තා. තෙන වුච්චති ‘අනුද්ධතො’ති. විහරතීති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT611. ‘අනුද්ධතො’ යනු: ඒ උද්ධච්චකුක්කුච්චය හළ බැවින්, වමනය කළ බැවින්, මිදූ බැවින්, ප්‍රහීණ බැවින්, ප්‍රතිනිසෘෂ්ට බැවින්, ප්‍රහාණයෙන් බැහැර කළ බැවින්, එහෙයින් කියනු ලැබෙයි ‘අනුද්ධතො’ යි. ‘විහරති’ යනු ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT612. ‘අජ්ඣත්ත’න්ති යං අජ්ඣත්තං පච්චත්තං. ‘වූපසන්තචිත්තො’ති. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනො විඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං, ඉදං චිත්තං අජ්ඣත්තං සන්තං හොති සමිතං වූපසන්තං. තෙන වුච්චති, අජ්ඣත්තං වූපසන්තචිත්තො’ති.
Sinhala BJT612. ‘අජ්ඣත්තං’ යනු: යම් අධ්‍යාත්මයෙක්, ප්‍රත්‍යාත්මයෙක් වේ ද, එය යි. ‘වූපසන්තචිත්තෝ’ යනු: එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත අධ්‍යාත්මයෙහි ශාන්ත වෙයි, ශමිත - ව්‍යුපශාන්ත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අජ්ඣත්තං වූපසන්තචිත්තෝ’ යි.
Pali BJT613. ‘උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙතී’ති අත්ථි උද්ධච්චං අත්ථි කුක්කුච්චං. තත්ථ කතමං උද්ධච්චං: යං චිත්තස්ස උද්ධච්චං අවුප සමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං වුච්චති උද්ධච්චං. තත්ථ කතමං කුක්කුච්චං: අකප්පියෙ කප්පියසඤ්ඤිතා -පෙ- වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා. යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච්චති කුක්කුච්චං තත්ථ කතමං චිත්තං: -පෙ- ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමමභා උද්ධච්චකුක්කුච්චා සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති. තෙන වුච්චති ‘උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙතී’ති.
Sinhala BJT613. ‘උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධෙති’ යනු: ඖද්ධත්‍යයෙක් ඇත, කෞකෘත්‍යයෙක් ඇති. එහි ඖද්ධත්‍යය කවරෙ යත්: චිත්තයාගේ යම් නො සන්හුන් බවෙක් අව්‍යුපශමයෙක්, චිත්තයාගේ විසිරීමෙක්, චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ. එහි කෞකෘත්‍ය කවරෙ යත්: අකැපයෙහි කැපය යන සංඥා ඇති බව ය ... වරදෙහි නිවරද ය යන සංඥා ඇති බව යි. මෙ බඳු යම් කෞකෘත්‍යයෙක්, කුකුස් අයුරෙක්, කුකුස් කළ බවෙක්, චිත්තයාගේ විපිළිසරයෙක්, සිත හිරිගැසීමෙක් වේ ද, මේ ‘කෞකෘත්‍ය’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: ... මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත මේ ඖද්ධත්‍යකෞකෘත්‍යය කෙරෙන් ශුද්ධ කෙරෙයි, විශුද්ධ කෙරෙයි, පරිශුද්ධ කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධෙති’ යි.
Pali BJT614. ‘විචිකිච්ඡං පහායා’ති තතත්ථ කතමා විචිකිච්ඡා: යා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්විධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති විචිකිච්ඡා. අයං විචිකිච්ඡා සන්තා හොති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තීකතා. තෙන වුච්චති ‘විචිකිච්ඡං පහායා’ති.
Sinhala BJT614. ‘විචිකිච්ඡං පහාය’ යනු: එහි විචිකිත්සා කවර යත්: යම් සැකයෙක්, සැක අයුරෙක්, සැක කළ බවෙක්, විමතියෙක්, විචිකිත්සායෙක්, ද්වෙළ්හකයෙක්, ද්විධාපථයෙක්, ශංසයෙක්, අනෛකාන්තග්‍රාහයෙක්, පැකිළීමෙක්, හාත්පසින් පැකිළීමෙක්, නො බැස ගැන්මෙක්, චිත්තයාගේ තද බවෙක්, සිත හිරිගැසීමෙක් වේ ද, මේ ‘විචිකිත්සා’ යි කියනු ලැබේ. මේ විචිකිත්සාව ශාන්ත වෙයි, ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘විචිකිච්ඡං පහාය’ යි.
Pali BJT615. ‘තිණ්ණවිචිකිච්ඡො’ති ඉමං විචිකිච්ඡං තිණ්ණො හොති උත්තිණ්ණො නිත්තිණ්ණො පාරං ගතො පාරමනුප්පත්තො. තෙන වුච්චති ‘තිණ්ණවිචිකිච්ඡො’ති. ‘විහරතී’ති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT615. ‘තිණ්ණවිචිකිච්ඡො’ යනු: මේ චිකිත්සාව තරණය කළේ වෙයි. එතෙර වූයේ උවදුරු මැඩගෙන තරණය කෙළේ, පරතෙරට ගියේ, පරතෙරට පැමිණියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘තිණ්ණවිචිකිච්ඡො’ යි. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT616. ‘අකථංකථී කුසලෙසු ධම්මෙසු’ති ඉමාය විචිකිච්ඡාය කුසලෙසු ධම්මෙසු න කඞ්ඛති න විචිකිච්ඡති. අකථංකථී හොති. නික්කථඞ්කථො{1} විගතකථඞ්කථො{2}. තෙන වුච්චති අකථංකථී කුසලෙසු ධම්මෙසූති.
Sinhala BJT616. ‘අකථංකථී කුසලෙසු ධම්මේසු’ යනු: මේ විචිකිත්සායෙන් නිරවද්‍ය ධර්‍මයන්හි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, සැක නැත්තේ වෙයි, නික්මගිය කථංකථා (සැක) ඇත්තේ, පහව ගිය කථංකථා ඇත්තේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අකථංකථී කුසලෙසු ධම්මේසු’ යි.
Pali BJT617. ‘විචිකිච්ඡාය චිත්තං පරිසොධෙතී’ති තත්ථ කතමා විචිකිච්ඡා: යා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං -පෙ- ථම්භිතත්තං{3} චිත්තස්ස මනොවිලෙඛො අයං වුච්චති විචිකිච්ඡා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය විචිකිච්ඡාය සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති. තෙන වුච්චති ‘විචිකිච්ඡාය චිත්තං පරිසොධෙතී’ති.
Sinhala BJT617. ‘විචිකිච්ඡාය චිත්තං පරිසෝධෙති’ යනු: එහි විචිකිත්සා කවර යත්: යම් සැකයෙක්, සැක අයුරෙක්, සැක කළ බවෙක් ... චිත්තයාගේ තද බවෙක්, සිත හිරිගැසීමෙක් වේ ද, මේ ‘විචිකිත්සා’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ විචිකිත්සාව කෙරෙන් ශුද්ධ කෙරෙයි, විශුද්ධ කෙරෙයි, පරිශුද්ධ කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘විචිකිච්ඡාය චිත්තං පරිසෝධෙති’ යි.
Pali BJT618. ‘ඉමෙ පඤ්චනීවරණෙ පහායා’ති ඉමෙ පඤ්චනීවරණා සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තීකතා. තෙන වුච්චති ‘ඉමෙ පඤ්චනීවරණෙ පහායා’ති.
Sinhala BJT618. ‘ඉමෙ පඤ්චනීවරණෙ පහාය’ යනු: මේ පඤ්චනීවරණයෝ සන්හිඳුනාහු වෙති. ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘ඉමෙ පඤ්චනීවරණෙ පහාය’ යි.
Pali BJT619. ‘චෙතසො උපක්කිලෙසෙ’ති ඉමෙ පඤ්චනීවරණා චිත්තස්ස උපක්කිලෙසා.
Sinhala BJT619. ‘චෙතසො උපක්කිලේසෙ’ යනු: මේ පඤ්චනීවරණයෝ චිත්තයට උපක්ලේශයෝ යි.
Pali BJT620. ‘පඤ්ඤාය දුබ්බලීකරණෙ’ති ඉමෙහි පඤ්චහි නීවරණෙහි අනුප්පන්නා චෙව පඤ්ඤා න උප්පජ්ජති උප්පන්නා ච පඤ්ඤා නිරුජ්ඣති. තෙන වුච්චති ‘පඤ්ඤාය දුබ්බලීකරණෙ’ති.
Sinhala BJT620. ‘පඤ්ඤාය දුබ්බලීකරණෙ’ යනු: මේ පඤ්චනීවරණයන් කරණකොට ගෙන නූපන්නා වූ ද ප්‍රඥාව නූපදියි. උපන්නාවූද ප්‍රඥාව නිරුද්ධ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පඤ්ඤාය දුබ්බලීකරණෙ’ යි.
Pali BJT621. ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහී’ති: තත්ථ කතමෙ කාමා: ඡන්දො කාමො රාගො කාමො ඡන්දරාගො කාමො සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො, - ඉමෙ වුච්චන්ති කාමා. තත්ථ කතමෙ අකුසලා ධම්මා: කාමච්ඡන්දො ව්යාපාදො ථීනං මිද්ධං උද්ධච්චං කුක්කුච්චං විචිකිච්ඡා ඉමෙ වුච්චන්ති අකුසලා ධම්මා, ඉති ඉමෙහි ච කාමෙහි ඉමෙහි ච අකුසලෙහි ධම්මෙහි විවිත්තො හොති තෙන වුච්චති ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහී’ති:
Sinhala BJT621. ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේහි’ යනු: එහි කාම කවරෙ යත්: ඡන්‍දය කාම ය, රාගය කාම ය, ඡන්‍දරාගය කාම ය, සංකල්පය කාම ය, රාගය කාම ය, සංකල්පරාගය කාම යි. මොහු ‘කාමයෝ’ යි කියනු ලැබෙත්. එහි අකුශලධර්‍මයෝ කවරහ යත්: කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ස්ත්‍යානමිද්ධ ය, ඖද්ධත්‍ය ය, කෞකෘත්‍ය ය, විචිකිත්සා යි. මොහු ‘අකුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ කාමයන් කෙරෙන් ද, මේ අකුශලධර්‍මයන් කෙරෙන් ද, වෙන් වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේහි’ යි.
Pali BJT622. ‘සවිතක්කං සවිචාර’න්ති අත්ථි විතක්කො අත්ථි විචාරො. තත්ථ කතමො විතක්කො: යො තක්කො විචක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මාසඞ්කප්පො, අයං වුච්චති විතක්කො. තත්ථ කතමො විචාරො: යො චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා. අයං වුච්චති විචාරො. ඉති ඉමිනා ච විතක්කෙන ඉමිනා ච විචාරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති ‘සවිතක්කං සවිචාර’න්ති.
Sinhala BJT622. ‘සවිතක්කං සවිචාරං’ යනු: විතර්‍කයෙක් ඇත, විචාරයෙක් ඇති. එහි විතර්‍ක කවරෙ යත්: යම් තර්‍කයෙක්, විතර්‍කයෙක්, සංකල්පයෙක්, අර්‍පණයෙක්, ව්‍යර්‍පණයෙක්, සිත අරමුණට නැගීමෙක්, සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘විතර්‍ක’ යි කියනු ලැබේ. එහි විචාරය කවරෙ යත්: යම් චාරයෙක්, විචාරයෙක්, අනුවිචාරයෙක්, උපවිචාරයෙක්, සිත අරමුණෙහි ගළපන බවෙක්, අනුව බලන බවෙක් වේ ද, මේ ‘විචාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විතර්‍කයෙන් ද, මේ විචාරයෙන් ද, යුක්ත වූයේ වෙයි ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සවිතක්කං සවිචාරං’ යි.
Pali BJT623. ‘විවෙකජ’න්ති විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, තෙ ඉමම්හි විවෙකෙ ජාතා හොන්ති සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා. තෙන වුච්චති ‘විවෙකජ’න්ති.
Sinhala BJT623. ‘විවේකජං’ යනු: විතර්‍කය, විචාරය, ප්‍රීතිය, සුඛය, චිත්තයාගේ ඒකාග්‍රතා යි. ඔහු මේ විවේකයෙහි හටගත්තාහු වෙති. ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, පහළ වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘විවේකජං’ යි.
Pali BJT624. ‘පීතිසුඛ’න්ති: අත්ථි පීති, අත්ථි සුඛං. තත්ථ කතමා පීති: යා පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්ගං අත්තමනතා චිත්තස්ස, අයං වුච්චති පීති. තත්ථ කතමං සුඛං: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච්චති සුඛං ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං. තෙන වුච්චති ‘පීතිසුඛ’න්ති.
Sinhala BJT624. ‘පීතිසුඛං’ යනු: ප්‍රීතියක් ඇත, සුඛයෙක් ඇති. එහි ප්‍රීතිය කවර යත්: යම් ප්‍රීතියක්, තරුණප්‍රීතියක්, ආමොදනයෙක්, ප්‍රමෝදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක්, සතුටක්, ඔදවැඩි බවෙක්, චිත්තයාගේ සියමනබවෙක් වේ ද, මේ ‘ප්‍රීති’ යි කියනු ලැබේ. එහි සුඛය කවරෙ යත්: යම් චෛතසික වූ මිහිරෙක්, චෛතසික වූ සුඛයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘සුඛය’ යි කියනු ලැබේ. මේ සුඛය, මේ ප්‍රීතිය සහගියේ වෙයි, සහජාත වූයේ, සංසෘෂ්ට වූයේ, සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පීතිසුඛං’ යි.
Pali BJT625. ‘පඨම’න්ති ගණනානුපුබ්බතා{1} පඨමං, ඉදං පඨමං සමාජ්ජතීති පඨමං.
Sinhala BJT625. ‘පඨමං’ යනු: ගණනානුපූර්‍වතායෙන් පඨම ය, මේ ධ්‍යානයට පළමුකොට සමවදී නු යි පඨම යි.
Pali BJT626. ‘ඣාන’න්ති විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා.
Sinhala BJT626. ‘ඣානං’ යනු: විතර්‍කය, විචාරය, ප්‍රීතිය, සුඛය, චිත්තෛකාග්‍රතා යි.
Pali BJT627. ‘උපසම්පජ්ජා’ති යො පඨමස්ස ඣානස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා{2} සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT627. ‘උපසම්පජ්ජ’ යනු: ප්‍රථමධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත් කිරීමෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
Pali BJT628. ‘විහරතී’ති ඉරීයති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT628. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT629. ‘විතක්කවිචාරානං වූපසමා’ති අත්ථි විතක්කො අත්ථි විචාරො. තත්ථ කතමො විචක්කො: යො තක්කො විතක්කො -පෙ- සම්මාසඞ්කප්පො. අයං වුච්චති විතක්කො. තත්ථ කතමො විචාරො: යො චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා, අයං වුච්චති විචාරො. ඉති අයඤ්ච විතක්කො අයඤ්ච විචාරො සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා බ්යන්තීකතා. තෙන වුච්චති ‘විතක්කවිචාරානං වූපසමා’ති.
Sinhala BJT629. ‘විතක්කවිචාරානං වූපසමා’ යනු: විතර්‍කයෙක් ඇත, විචාරයෙක් ඇති. එහි විතර්‍ක කවරෙ යත්: යම් තර්‍කයෙක්, විතර්‍කයෙක් ... සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘විතර්‍ක’ යි කියනු ලැබේ. එහි විචාර කවරෙ යත්: යම් චාරයෙක්, විචාරයෙක්, අනුවිචාරයෙක්, උපවිචාරයෙක්, සිත අරමුණෙහි ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ ‘විචාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විතර්‍කය ද, මේ විචාරය ද සන්හිඳුනාහු වෙති. සන්හිඳුවන ලද්දාහු, වෙසෙසින් සන්හිඳිනාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, වෙසෙසින් අර්පිත වූවාහු, වියලන ලද්දාහු, වෙසෙසින් වියලන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘විතක්කවිචාරානං වූපසමා’ යි.
Pali BJT630. ‘අජ්ඣත්ත’න්ති යං අජ්ඣත්තං පච්චත්තං.
Sinhala BJT630. ‘අජ්ඣත්තං’ යනු: යම් අධ්‍යාත්මයෙක්, ප්‍රත්‍යාත්මයෙක් වේ ද, එය යි.
Pali BJT631. ‘සම්පසාදන’න්ති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො.
Sinhala BJT631. ‘සම්පසාදනං’ යනු: යම් හැදැහීමෙක්, හදහන අයුරෙක්, අරමුණෙහි බැසගැන්මෙක්, අභිප්‍රසාදයෙක් වේ ද, එය යි.
Pali BJT632. ‘චෙතසො එකොදිභාව’න්ති යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි.
Sinhala BJT632. ‘චෙතසො ඒකෝදිභාවං’ යනු: චිත්තයාගේ යම් සිටීමෙක් ... සම්‍යක් සමාධියෙක් වේ ද, එයයි.
Pali BJT633. ‘අවිතක්කං අවිචාර’න්ති අත්ථි විතක්කො, අත්ථි විචාරො. තත්ථ කතමො විතක්කො: යො තක්කො විතක්කො -පෙ- සම්මාසඞ්කප්පො අයං වුච්චති විතක්කො. තත්ථ කතමො විචාරො: යො චාරො -පෙ- අනුපෙක්ඛනතා. අයං වුච්චති විචාරො. ඉති අයඤ්ච විතක්කො අයඤ්ච විචාරො සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තීකතා. තෙන වුච්චති ‘අවිතක්කං අවිචාර’න්ති.
Sinhala BJT633. ‘අවිතක්කං අවිචාරං’ යනු: විතර්‍කයෙක් ඇත, විචාරයෙක් ඇති. එහි විතර්‍ක කවරෙ යත්: යම් තර්‍කයෙක්, විතර්‍කයෙක් ... සම්‍යක්සඞ්කල්පයෙක් වේ ද, මේ ‘විතර්‍ක’ යි කියනු ලැබේ. එහි විචාර කවරෙ යත්: යම් චාරයෙක් ... අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ ‘විචාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විතර්‍කය ද, මේ විචාරය ද ශාන්ත වූවාහු වෙති, ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘අවිතක්කං අවිචාරං’ යි.
Pali BJT634. ‘සමාධිජ’න්ති සම්පසාදො පීතිසුඛං, තෙ ඉමම්හි සමාධිම්හි ජාතා හොන්ති සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා. තෙන වුච්චති ‘සමාධිජ’න්ති.
Sinhala BJT634. ‘සමාධිජං’ යනු: සම්ප්‍රසාද ය, ප්‍රීතිය හා සුඛය (යන) ඒ ධර්‍මයෝ මේ සමාධියෙහි හටගත්තාහු වෙති, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘සමාධිජං’ යි.
Pali BJT635. ‘ පීතිසුඛ’න්ති අත්ථි පීති, අත්ථි සුඛං. තත්ථ කතමා පීති -පෙ- අයං වුච්චති පීති. තත්ථ කතමං සුඛං -පෙ- ඉදං වුච්චති සුඛං. ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං. තෙන වුච්චති ‘පීතිසුඛ’න්ති.
Sinhala BJT635. ‘පීතිසුඛං’ යනු: ප්‍රීතියක් ඇත, සුඛයෙක් ඇති. එහි ප්‍රීති කවර යත් ... මේ ‘ප්‍රීති’ යි කියනු ලැබේ. එහි සුඛ කවර යත් ... මේ ‘සුඛ’ යි කියනු ලැබේ. මේ සුඛය මේ ප්‍රීතිය සහගියා වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ප්‍රීතිසුඛං’ යි.
Pali BJT636. ‘දුතිය’න්ති ගණනානුපුබ්බතා දුතියං. ඉදං දුතියං සමාපජ්ජතීති දුතියං.
Sinhala BJT636. ‘දුතියං’ යනු: ගණනානුපූර්‍වතායෙන් ද්විතීය ය. මේ ධ්‍යානයට දෙ වැනිව සමවදී නු යි ද්විතීය යි.
Pali BJT637. ‘ඣාන’න්ති සම්පසාදො පීතිසුඛං චිත්තස්ස එකග්ගතා.
Sinhala BJT637. ‘ඣානං’ යනු: සම්ප්‍රසාද ය, ප්‍රීතිය හා සුඛය, චිත්තෛකාග්‍රතා යි.
Pali BJT638. ‘උපසම්පජ්ජා’ති යො දුතියස්ස ඣානස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT638. ‘උපසම්පජ්ජ’ යනු: ද්විතීයධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියාවක්, පැමිණීමෙක් වේ ද, එයයි.
Pali BJT639. ‘විහරතී’ති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT639. ‘විහරති’ යනු ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT640. ‘පීතියා ච විරාගා’ති තත්ථ කතමා පීති: යා පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්ගං අත්තමනතා චිත්තස්ස. අයං වුච්චති පීති. අයං පීති සන්තා හොති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තී කතා. තෙන වුච්චති ‘පීතියා ච විරාගා’ති.
Sinhala BJT640. ‘පීතියා ච විරාගා’ යනු: එහි ප්‍රීති කවර යත්: යම් ප්‍රීතියක්, ප්‍රමෝද බවෙක්, ආමොදනයෙක්, ප්‍රමෝදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක්, සන්තෝෂයෙක්, ඔදවැඩි බවෙක්, චිත්තයාගේ සියමනබවෙක් වේ ද, මේ ‘ප්‍රීති’ යි කියනු ලැබේ. මේ ප්‍රීතිය ශාන්ත - ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘පීතියා ව විරාගා’ යි.
Pali BJT641. ‘උපෙක්ඛකො’ති තත්ථ කතමා උපෙක්ඛා: යා උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස, අයං වුච්චති උපෙක්ඛා. ඉමාය උපෙක්ඛාය උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති ‘උපෙක්ඛකො’ති.
Sinhala BJT641. ‘උපෙක්ඛකො’ යනු: එහි උපේක්‍ෂා කවර යත්: යම් උපේක්‍ෂාවක්, උපේක්‍ෂා අයුරෙක්, අධ්‍යුපේක්‍ෂණයෙක්, චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. මේ උපේක්‍ෂායෙන් යුක්ත වූයේ වෙයි ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛකො’ යි.
Pali BJT642. ‘විහරතී’ති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT642. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT643. ‘සතො ච සම්පජානො’ති තත්ථ කතමා සති: යා සති අනුස්සති -පෙ- සම්මාසති, අයං වුච්චති සති. තත්ථ කතමං සම්පජඤ්ඤං: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සම්පජඤ්ඤං. ඉති ඉමාය ච සතියා ඉමිනා ච සම්පජඤ්ඤෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති ‘සතො ච සම්පජානො’ති.
Sinhala BJT643. ‘සතෝ ච සම්පජානෝ’ යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. එහි සම්පජඤ්ඤ කවරෙ යත්: යම් ප්‍රඥාවක් දන්නා අයුරෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයයෙක්, සම්‍යග්දෘෂ්ටියක්, වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මෙසේ මේ සතියෙන් ද, මේ සම්පජඤ්ඤයෙන් ද යුක්ත වූයේ වෙයි ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සතෝ ච සම්පජානෝ’ යි.
Pali BJT644. ‘සුඛං ච කායෙන පටිසංවෙදෙතී’ති තත්ථ කතමං සුඛං: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච්චති සුඛං. තත්ථ කතමො කායො: සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති කායො. ඉදං සුඛං ඉමිනා කායෙන පටිසංවෙදෙති. තෙන වුච්චති ‘සුඛං ච කායෙන පටිසංවෙදෙතී’ති.
Sinhala BJT644. ‘සුඛං ච කායේන පටිසංවේදේති’ යනු: එහි ‘සුඛ’ කවරෙ යත්: යම් චෛතසික වු මිහිරෙක්, චෛතසික වූ සුවයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන් මිහිරි වූ සුව වූ වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘සුඛ’ යි කියනු ලැබේ. එහි කාය කවරෙ යත්: සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘කාය’ යි කියනු ලැබේ. මේ සුඛය මේ කයින් විඳියි. එහෙයින් කියනු ලැබෙයි ‘සුඛං ච කායේන පටිසංවේදේති’ යි.
Pali BJT645. ‘යං තං අරියා ආචික්ඛන්තී’ති තත්ථ කතමෙ අරියා: අරියා වුච්චන්ති බුද්ධා ච බුද්ධසාවකා ච, තෙ ඉමං ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤාපෙන්ති පට්ඨපෙන්ති විචරන්ති විභජන්ති උත්තානීකරොන්ති පකාසෙන්ති. තෙන වුච්චති ‘යං තං අරියා ආචික්ඛන්තී’ති.
Sinhala BJT645. ‘යං තං අරියා ආචික්ඛන්ති’ යනු: එහි ආර්‍ය්‍යයෝ කවරහ යත්: බුදුවරු ද, බුද්ධශ්‍රාවකයෝ ද, ‘ආර්‍ය්‍යයෝ’ යි කියනු ලැබෙත්. ඔහු මේ පුද්ගලයා උදෙසති, දෙසති, පනවති, පිහිටුවති, ප්‍රකට කෙරෙති, විභාග කෙරෙති, නො ගැඹුරු කෙරෙති, ප්‍රකාශ කෙරෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘යං තං අරියා ආචික්ඛන්ති’ යි.
Pali BJT646. ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තත්ථ කතමා උපෙක්ඛා: යා උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස, අයං වුච්චති උපෙක්ඛා. තත්ථ කතමා සති: යා සති අනුස්සති -පෙ- සම්මාසති, අයං වුච්චති සති. තත්ථ කතමං සුඛං: යා චෙතසිකං සාතං -පෙ- ඉදං වුච්චති සුඛං. ඉති ඉමාය ච උපෙක්ඛාය ඉමාය ච සතියා ඉමිනා ච සුඛෙන සමන්නාගතො ඉරීයති වත්තති පාලෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති.
Sinhala BJT646. ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ යනු: එහි උපේක්‍ෂා කවර යත්: යම් උපේක්‍ෂායෙක්, උපේක්‍ෂාකාරයෙක්, අධ්‍යුපේක්‍ෂණයෙක්, චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි සති කවර යත්: යම් ස්මෘතියෙක්, අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. එහි සුඛය කවරෙ යත්: යම් චෛතසික වූ සාතයෙක් ... මේ ‘සුඛ’ යි කියනු ලැබේ. මෙසේ මේ උපේක්‍ෂායෙන් ද, මේ ස්මෘතියෙන් ද, මේ සුඛයෙන් ද, සමන්‍වාගත වූයේ, ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ යි.
Pali BJT647. ‘තතිය’න්ති ගණනානුපුබ්බතා{1} තතියං, ඉදං තතියං සමාපජ්ජතී’ති තතියං.
Sinhala BJT647. ‘තතියං’ යනු: ගණනානුපූර්‍වතායෙන් තෘතීය යි. මේ ධ්‍යානයට තුන්වැනි ව සමවදී නු යි තෘතීය යි.
Pali BJT648. ‘ඣාන’න්ති උපෙක්ඛාසතිසම්පජඤ්ඤං සුඛං චිත්තස්ස එකග්ගතා.
Sinhala BJT648. ‘ඣානං’ යනු: උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිසම්ප්‍රජන්‍ය ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි.
Pali BJT649. ‘උපසම්පජ්ජා’ති යො තතියස්ස ඣානස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT649. ‘උපසම්පජ්ජ’ යනු: තෘතීයධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
Pali BJT650. ‘විහරතී’ති -පෙ- තෙන වුච්චති විහරතී’ති.
Sinhala BJT650. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT651. ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ති අත්ථි සුඛං, අත්ථි දුක්ඛං. තත්ථ කතමං සුඛං: යං කායිකං සාතං කායිකං සුඛං කායසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං කායසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච්චති සුඛං. තත්ථ කතමං දුක්ඛං: යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දුක්ඛං. ඉති ඉදඤ්ච සුඛං ඉදඤ්ච දුක්ඛං සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තීකතා. තෙන වුච්චති ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ති.
Sinhala BJT651. ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ යනු: සුඛයෙක් ඇත, දුඃඛයෙක් ඇති. එහි ‘සුඛ’ කවරෙ යත්: යම් කායික වූ මිහිරෙක්, කායික වූ සුවයෙක්, කායසම්ඵස්සයෙන් උපන් මිහිරි වූ, සුව වූ වේදයිතයෙක්, කායසම්ඵස්සයෙන් උපන් මිහිරි වූ, සුව වූ වේදනාවක් වේ ද, මේ ‘සුඛ’ යි කියනු ලැබේ. එහි දුඃඛ කවරෙ යත්: යම් කායික වූ අමිහිරෙක්, කායික වූ දුකෙක්, කායසම්ඵස්සයෙන් උපන් අමිහිරි වූ, දුක් වූ වේදයිතයෙක්, කායසම්ඵස්සයෙන් උපන් අමිහිරි වූ, දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ. මෙසේ මේ සුඛය ද, මේ දුඃඛය ද සන්හිඳුනාහු වෙති. ශමිත වූවාහු, ව්‍යුපශාන්ත වූවාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, වෙසෙසින් අර්පිත වූවාහු, වියළන ලද්දාහු, වෙසෙසින් වියළන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ යි.
Pali BJT652. ‘පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා’ති අත්ථි සොමනස්සං, අත්ථි දොමනස්සං. තත්ථ කතමං සොමනස්සං: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච්චති සොමනස්සං. තත්ථ කතමං දොමනස්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දොමනස්සං. ඉති ඉදං ච සොමනස්සං ඉදං ච දොමනස්සං පුබ්බෙව සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තීකතා. තෙන වුච්චති ‘පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා’ති.
Sinhala BJT652. ‘පුබ්බේව සෝමනස්ස දොමනස්සානං අත්‍ථඞ්ගමා’ යනු: සෝමනස්සයෙක් ඇත, දොමනස්සයෙක් ඇති. එහි සෝමනස්ස කවරෙ යත්: යම් චෛතසික වූ මිහිරෙක්, චෛතසික වූ සුවයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, මිහිරි වු, සුව වූ, වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, මිහිරි වු, සුව වූ, වේදනායෙක් වේ ද, මේ ‘සෝමනස්ස’ යි කියනු ලැබේ. එහි දෝමනස්ස කවරෙ යත්: යම් චෛතසික වූ අමිහිරෙක්, චෛතසික වූ දුකෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, අමිහිරි වු, දුක් වූ, වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, අමිහිරි වු, දුක් වූ, වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ සෝමනස්සය ද, මේ දෝමනස්සය ද, පෙර ම සන්හිඳුනාහු වෙති. ශමිත වූවාහු, ව්‍යුපශාන්ත වූවාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, වෙසෙසින් අර්පිත වූවාහු, වියළන ලද්දාහු, වෙසෙසින් වියළන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්‍ථඞ්ගමා’ යි.
Pali BJT653. ‘අදුක්ඛමසුඛ’න්ති යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා. තෙන වුච්චති ‘අදුක්ඛමසුඛ’න්ති.
Sinhala BJT653. ‘අදුක්ඛමසුඛං’ යනු: යම් චෛතසික වූ, නො ම සාත වූ, අසාත නො වූ, චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක්, නො සුව වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක්, නො සුව වේදනායෙක් වේ ද, එය යි. එහෙයින් කියනු ලැබෙයි ‘අදුක්ඛමසුඛං’ යි.
Pali BJT654. ‘උපෙක්ඛාසතිපාරිසුද්ධි’න්ති තත්ථ කතමා උපෙක්ඛා: යා උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස, අයං වුච්චති උපෙක්ඛා. තත්ථ කතමා සති: යා සතිඅනුස්සති -පෙ- සම්මාසති. අයං වුච්චති සති. අයං සති ඉමාය උපෙක්ඛාය විවටා හොති පරිසුද්ධා පරියොදාතා. තෙ වුච්චති ‘උපෙක්ඛාසතිපාරිසුද්ධි’න්ති.
Sinhala BJT654. ‘උපෙක්ඛාසතිපාරිසුද්ධිං’ යනු: එහි උපේක්‍ෂා කවර යත්: යම් උපේක්‍ෂායෙක්, උපේක්‍ෂාකාරයෙක්, අධ්‍යුපේක්‍ෂණයෙක්, චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියෙක්, අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ ස්මෘතිය මේ උපේක්‍ෂායෙක් විවෘත වූවා පරිශුද්ධ වූවා පර්‍ය්‍යවදාත වූවා වෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛා සති පාරිසුද්ධිං’ යි.
Pali BJT655. ‘චතුත්ථ’න්ති ගණනානුපුබ්බතා{1} චතුත්ථං. ඉදං චතුත්ථං සමාපජ්ජතීති චතුත්ථං.
Sinhala BJT655. ‘චතුත්‍ථං’ යනු: ගණනානුපූර්‍වතායෙන් චතුර්‍ත්‍ථ ය. මේ ධ්‍යානයට සතරවැනි ව සමවදී නු යි චතුර්‍ත්‍ථ යි.
Pali BJT656. ‘ඣාන’න්ති උපෙක්ඛා සති චිත්තස්ස එකග්ගතා.
Sinhala BJT656. ‘ඣානං’ යනු: උපේක්‍ෂායෙන් උපන් ස්මෘති ය, චිත්තයාගේ ඒකාග්‍රතා යි.
Pali BJT657. ‘උපසම්පජ්ජා’ති, යො චතුත්ථස්ස ඣානස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT657. ‘උපසම්පජ්ජ’ යනු: චතුර්‍ත්‍ථධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
Pali BJT658. ‘විහරතී’ති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT658. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT659. ‘සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා’ති. තත්ථ කතමා රූපසඤ්ඤා: රූපාවචරසමාපත්තිං සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්ම{2}සුඛවිහාරිස්ස වා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, ඉමා වුච්චන්ති රූපසඤ්ඤායො. ඉමා රූපසඤ්ඤායො අතික්කන්තො හොති වීතික්කන්තො සමතික්කන්තො. තෙන වුච්චති ‘සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා’ති.
Sinhala BJT659. ‘සබ්බසො රූපසඤ්ඤාණං සමතික්කමා’ යනු: එහි ‘රූපසංඥා’ කවර යත්: රූපාවචරසමාපත්තියට සමවන්හුගේ හෝ පැමිණියහුගේ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මොහු ‘රූපසංඥා’ යි කියනු ලැබෙත්. මේ රූපසංඥාවන් ඉක්මගියේ වෙයි, වෙසෙසින් ඉක්මගියේ, මොනවට ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො රූපසඤ්ඤාණං සමතික්කමා’ යි.
Pali BJT660. ‘පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා’ති තත්ථ කතමා පටිඝසඤ්ඤා: රූපසඤ්ඤා සද්දසඤ්ඤා ගන්ධසඤ්ඤා රසසඤ්ඤා ඵොට්ඨබ්බසඤ්ඤා. ඉමා වුච්චන්ති පටිඝසඤ්ඤායො. ඉමා පටිඝසඤ්ඤායො සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තී කතා, තෙන වුච්චති පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමාති.
Sinhala BJT660. ‘පටිඝසඤ්ඤාණං අත්‍ථඞ්ගමා’ යනු: එහි ‘ප්‍රතිඝසංඥා’ කවර යත්: රූපසංඥා ය, ශබ්දසංඥා ය, ගන්‍ධසංඥා ය, රසසංඥා ය, ස්පර්‍ශසංඥා යි. මොහු ‘ප්‍රතිඝසංඥා’ යි කියනු ලැබෙත්. මේ ප්‍රතිඝසංඥාවෝ සන්හිඳුණාහු වෙති, සන්හිඳුවන ලද්දාහු වෙසෙසින් සන්හිඳුණාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, ව්‍යර්පිත වූවාහු, වියළන ලද්දාහු, වෙසෙසින් වියළන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘පටිඝසඤ්ඤාණං අත්‍ථඞ්ගමා’ යි.
Pali BJT661. ‘නානත්තසඤ්ඤානං අමනසිකාරා’ති. තත්ථ කතමා නානත්තසඤ්ඤා: අසමාපන්නස්ස මනොධාතුසමඞ්ගිස්ස වා මනොවිඤ්ඤාණධාතු සමඞ්ගිස්ස වා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, ඉමා වුච්චන්ති නානත්තසඤ්ඤායො. ඉමා නානත්තසඤ්ඤායො න මනසිකරොති. තෙන වුච්චති ‘නානත්තසඤ්ඤානං අමනසිකාරා’ති.
Sinhala BJT661. ‘නානත්තසඤ්ඤාණං අමනසිකාරා’ යනු: එහි ‘නානත්‍වසංඥා’ කවර යත්: මනෝධාතුසමඞ්ගී වූ හෝ මනෝවිඥානධාතුසමඞ්ගී වූ හෝ අසමාපන්නයාගේ සංඥායෙක් හඳුනන අයුරෙක්, හැඳිනගත් බවෙක් වේ ද, මොහු ‘නානත්‍වසංඥා’ යි කියනු ලැබෙත්. මේ නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කෙරෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘නානත්තසඤ්ඤාණං අමනසිකාරා’ යි.
Pali BJT662. ‘අනන්තො ආකාසො’ති තත්ථ කතමො ආකාසො: යො ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම්ඵුට්ඨං චතුහි මහාභූතෙහි, අයං වුච්චති ආකාසො. තස්මිං ආකාසෙ චිත්තං ඨපෙති සණ්ඨපෙති අනන්තං ඵරති. ‘තෙන වුච්චති අනන්තො ආකාසො’ති.
Sinhala BJT662. ‘අනන්තො ආකාසො’ යනු: එහි ආකාශය කවරෙ යත්: යම් ආකාශයෙක්, ආකාශගතයෙක්, (නො ගැටෙන හෙයින්) අඝයෙක්, අඝතයෙක්, විවරයෙක්, විවරගතයෙක්, සතර මහාභූතයන් විසින් නො පහස්නා ලද්දෙක් වේ ද, මේ ‘ආකාශ’ යි කියනු ලැබේ. ඒ ආකාශයෙහි සිත තබයි, මොනොවට තබයි, අනන්ත ව පතුරයි. එහෙයින් කියනු ලැබෙයි ‘අනන්තො ආකාසො’ යි.
Pali BJT663. ‘ආකාසානඤ්චායතන’න්ති ආකාසානඤ්චායතනං සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා.
Sinhala BJT663. ‘ආකාසානඤ්චායතනං’ යනු: අකාසානඤ්චායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ ඉහාත්මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛතසික ධර්‍මයෝ යි.
Pali BJT664. ‘උපසම්පජ්ජා’ති යො ආකාසානඤ්චායතනස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT664. ‘උපසම්පජ්ජ’ යනු: ආකාසානඤ්චායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
Pali BJT665. ‘විහරතී’ති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT665. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT666. ‘සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්මා’ති, ඉමං ආකාසානඤ්චායතනං අතික්කන්තො හොති වීතික්කන්තො සමතික්කන්තො. ‘තෙන වුච්චති සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්මා’ති.
Sinhala BJT666. ‘සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම’ යනු: මේ ආකාසානඤ්චායතනය ඉක්මගියේ වෙයි. වෙසෙසින් ඉක්මගියේ, මොනොවට ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම’ යි.
Pali BJT667. ‘අනන්තං විඤ්ඤාණ’න්ති තං යෙව ආකාසං විඤ්ඤාණෙන ඵුට්ඨං මනසිකරොති අනන්තං ඵරති. තෙන වුච්චති ‘අනන්තං විඤ්ඤාණ’න්ති.
Sinhala BJT667. ‘අනන්ත විඤ්ඤාණං’ යනු: විඥානයෙන් පහස්නා ලද එම ආකාශය මෙනෙහි කෙරෙයි. අනන්ත යි පතුරයි. එහෙයින් කියනු ලැබෙයි ‘අනන්ත විඤ්ඤාණං’ යි.
Pali BJT668. ‘විඤ්ඤාණඤ්චායතන’න්ති විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා.
Sinhala BJT668. ‘විඤ්ඤාණඤ්චායතනං’ යනු: විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛසිකධර්‍මයෝ යි.
Pali BJT669. ‘උපසම්පජ්ජා’ති යො විඤ්ඤාණඤ්චායතනස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT669. ‘උපසම්පජ්ජ’ යනු: විඤ්ඤාණඤ්චායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, පැහැස්මෙක්, පසක්කිරීමෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
Pali BJT670. ‘විහරතී’ති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT670. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT671. ‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්මා’ති ඉමං විඤ්ඤාණඤ්චායතනං අතික්කන්තො හොති වීතික්කන්තො සමතික්කන්තො. තෙන වුච්චති ‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්මා’ති.
Sinhala BJT671. ‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම’ යනු: මේ විඤ්ඤාණඤ්චායතනය ඉක්මගියේ වෙයි, වෙසෙසින් ඉක්මගියේ, මැනැවින් ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම’ යි.
Pali BJT672. ‘නත්ථි කිංචී’ති තං යෙව විඤ්ඤාණං භාවෙති විභාවෙති අන්තරධාපෙති නත්ථි කිඤ්චීති පස්සති. තෙන වුච්චති ‘නත්ථි කිඤ්චී’ති.
Sinhala BJT672. ‘නත්‍ථි කිඤ්චි’ යනු: එ ම විඥානය වඩයි, වෙසෙසින් වඩයි, අතුරුදහන් කෙරෙයි, ‘කිසිවක් නැතැ’ යි බලයි. එහෙයින් කියනු ලැබෙයි ‘නත්‍ථි කිඤ්චි’ යි.
Pali BJT673. ‘ආකිඤ්චඤ්ඤායතන’න්ති ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා.
Sinhala BJT673. ‘ආකිඤ්චඤ්ඤායතනං’ යනු: ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛසිකධර්‍මයෝ යි.
Pali BJT674. ‘උපසම්පජ්ජා’ති යො ආකිඤ්චඤ්ඤායතනස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT674. ‘උපසම්පජ්ජ’ යනු: ආකිඤ්ඤචඤ්ඤායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, පැහැස්මෙක්, පසක්කිරීමෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
Pali BJT675. ‘විහරතී’ති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT675. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT676. ‘සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මා’ති ඉමං ආකිඤ්චඤ්ඤායතනං අතික්කන්තො හොති වීතික්කන්තො සමතික්කන්තො. තෙන වුච්චති ‘සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මා’ති.
Sinhala BJT676. ‘සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම’ යනු: මේ ආකිඤ්චත්තායතනය ඉක්මගියේ වෙයි, වෙසෙසින් ඉක්මගියේ, මැනැවින් ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම’ යි.
Pali BJT677. ‘නෙවසඤ්ඤීනාසඤ්ඤී’ති තං යෙව ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසිකරොති සඞ්ඛාරාවසෙසසමාපත්තිං භාවෙති. තෙන වුච්චති ‘නෙවසඤ්ඤීනාසඤ්ඤී’ති.
Sinhala BJT677. ‘නේවසඤ්ඤීනාසඤ්ඤී’ යනු: එ ම ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත වශයෙන් මෙනෙහි කෙරෙයි, සංස්කාරාවශේෂ සමාපත්තිය වඩයි, එහෙයින් කියනු ලැබෙයි ‘නේවසඤ්ඤීනාසඤ්ඤී’ යි.
Pali BJT678. ‘නෙවසඤ්ඤා නාසඤ්ඤායතන’න්ති නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා.
Sinhala BJT678. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනං’ යනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛසික ධර්‍මයෝ යි.
Pali BJT679. ‘උපසම්පජ්ජා’ති යො නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT679. ‘උපසම්පජ්ජ’ යනු: නේවසඤ්ඤානාඤ්ඤායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක් පැමිණීමෙක් වේ ද එය යි.
Pali BJT680. ‘විහරතී’ති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT680. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනිය යි.
Pali BJT681. චත්තාරි ඣානානි: පඨමං ඣානං{1} දුතියං ඣානං තතියං ඣානං චතුත්ථං ඣානං.
Sinhala BJT681. ධ්‍යානයෝ සතර දෙනෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
Pali BJT682. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඨමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT682. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තයාගේ ඒකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT683. තත්ථ කතමං දුතියං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ තිවඞ්ගිකං ඣානං හොති පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති දුතියං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT683. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT684. තත්ථ කතමං තතියං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති සුඛං චිත්තස්ස එකග්ගතා ඉදං වුච්චති තතියං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT684. එහි තෘතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවිකසිණ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT685. තත්ථ කතමං චතුත්ථං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති චතුත්ථං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT685. එහි චතුර්‍ත්‍ථධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවිකසිණ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT686. ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඨමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT686. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍කය, විචාරය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT687. ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි අවිතක්කං විචාරමත්තං{2} විවෙකජං පීති සුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ චතුරඞ්ගිකං ඣානං හොති. විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති දුතියං ඣානං. අවසෙසා ධම්මා ඣාන සම්පයුත්තා.
Sinhala BJT687. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම, අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම, අවිතර්‍ක වූ, විචාර මාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවිකසිණ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චතුරඞ්ගධ්‍යානය වෙයි: විචාරය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT688. ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ තිවඞ්ගිකං ඣානං හොති පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති තතියං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT688. මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT689. ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති. සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති චතුත්ථං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT689. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවිකසිණ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT690. ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති. සුඛස්ස ච පහානා -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඤ්චමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT690. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවිකසිණ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT691. ඉධ භික්ඛු යස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහගතං. සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති චතුත්ථං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT691. මෙ සස්නෙහි මහණ යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT692. චත්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්ථං ඣානං.
Sinhala BJT692. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
Pali BJT693. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං. දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති. විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඨමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT693. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති, ලැසි වූ අභිඥා ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT694. තත්ථ කතමං දුතියං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ තිවඞ්ගිකං ඣානං හොති පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති දුතියං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT694. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛ ප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT695. තත්ථ කතමං තතියං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං. දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති. සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති තතියං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT695. එහි තෘතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT696. තත්ථ කතමං චතුත්ථං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං. දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති චතුත්ථං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT696. එහි චතුර්‍ත්‍ථධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.