Pali BJTසියා සෙක්ඛා, සියා අසෙක්ඛා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ශෛක්‍ෂ ද වන්නා හ, අශෛක්‍ෂ ද වන්නාහු ය.
Pali BJTඅප්පමාණා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රමාණයෝ ය.
Pali BJTඅප්පමාණාරම්මණා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.
Pali BJTපණීතා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ප්‍රණීතයෝ ය.
Pali BJTසියා සම්මත්තනියතා, සියා අනියතා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTන මග්ගාරම්මණා, සියා මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) මාර්‍ගාලම්බන නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ. මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නොකියයුතු ද වන්නාහු ය.
Pali BJTසියා උප්පන්නා, සියා අනුප්පන්නා, සියා උප්පාදිනො.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
Pali BJTසියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අතීත ද වන්නා හ, අනාගත ද වන්නා හ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
Pali BJTන වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අතීතාලම්බනහ යි ද, අනාගතාලම්බනහ යි ද, ප්‍රත්‍යුත්පන්නාලබ්බනහ යි ද නො කියයුතු වන්නාහු ය.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
Pali BJTබහිද්ධාරම්මණා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) බාහ්‍යාලම්බනයෝ ය.
Pali BJTඅනිදස්සනාප්පටිඝා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
Pali BJT566. සම්මාදිට්ඨි හෙතු. සත්ත මග්ගඞ්ගා න හෙතු.
Sinhala BJT566. සම්‍යග්දාෂ්ටිය හේතු වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු නො වෙත්.
Pali BJTසහෙතුකා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සහේතුකයෝ ය.
Pali BJTහෙතුසම්පයුත්තා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTසම්මාදිට්ඨි හෙතු චෙව සහෙතුකා ච. සත්ත මග්ගඞ්ගා න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති. සහෙතුකාචෙ’ව න ච හෙතු.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටිය හේතු ද වූ ම සහේතුක වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු ද වූවාහු ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
Pali BJTසම්මාදිට්ඨි හෙතු චෙ’ව හෙතුසම්පයුත්තා ච, සත්ත මග්ගඞ්ගා න වත්තබ්බා හෙතු චෙ’ව හෙතුසම්පයුත්තා’ති, හෙතුසම්පයුත්තාචෙ’ව න ච හෙතු.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටිය හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
Pali BJTසත්ත මග්ගඞ්ගා න හෙතු සහෙතුකා. සම්මාදිට්ඨි න වත්තබ්බා න හෙතු සහෙතුකාති’පි න හෙතු අහෙතුකාති’පි.
Sinhala BJTසප්තමාර්‍ගාඞ්ගයෝ හේතු නොවෙති. සහේතුක වෙත්. සම්‍යග්දෘෂ්ටිය හේතු නො වූ සහේතුකහ යි ද හේතු නො වූ අහේතුකහ යි ද නො කියයුතුයි.
Pali BJT567. සප්පච්චයා.
Sinhala BJT567. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සප්‍රත්‍යයෝ ය.
Pali BJTසඞ්ඛතා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සඞ්ඛතයෝ ය.
Pali BJTඅනිදස්සනා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනිදර්‍ශනයෝ ය.
Pali BJTඅප්පටිඝා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රතිඝයෝ ය.
Pali BJTඅරූපා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අරූපයෝ ය.
Pali BJTලොකුත්තරා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ලෝකෝත්තරයෝ ය.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කිසි විඥානයකින් දතයුත්තාහ, කිසි විඥානයකින් නො දත යුත්තාහු ය.
Pali BJTනො ආසවා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රවයෝ නො වෙති.
Pali BJTඅනාසවා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනාස්‍රවයෝ ය.
Pali BJTආසවවිප්පයුත්තා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙ’ව සාසවාති’පි සාසවා චෙ’ව නො ච ආසවාති’පි.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද, සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙ’ව ආසවසම්පයුත්තාති’පි ආසවසම්පයුත්තාචෙ’ව නො ච ආසවාති’පි.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTආසවවිප්පයුත්තා, අනාසවා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රවයෝ යි.
Pali BJT568. නො සංයොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
Sinhala BJT568. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙත්.
Pali BJT569. සාරම්මණා.
Sinhala BJT569. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සාලම්බනයෝ ය.
Pali BJTනො චිත්තා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තයෝ නො වෙති.
Pali BJTචෙතසිකා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චෛතසිකයෝ ය.
Pali BJTචිත්තසම්පයුත්තා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.
Pali BJTචිත්තසමුට්ඨානා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසහභුනො.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසහභූහ.
Pali BJTචිත්තානුපරිවත්තිනො.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තානුපරිවර්තීහු ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු වෙති.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙත්.
Pali BJTබාහිරා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) බාහිරයයෝ ය.
Pali BJTනො උපාදා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උපාදා නො වෙති.
Pali BJTඅනුපාදින්නා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුපාදින්නයෝ යි.
Pali BJT570. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ- න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT570. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උපාදානයෝ නොවෙති. ... (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ක්ලේශයෝ නො වෙති. ... (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
Pali BJTන භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
Pali BJTසම්මාසඞ්කප්පො අවිතක්කො. සත්ත මග්ගඞ්ගා සියා සවිතක්කා, සියා අවිතක්කා.
Sinhala BJTසම්‍යක්සංකල්පය අවිතර්‍ක ය. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
Pali BJTසම්මාසඞ්කප්පො සවිචාරො. සත්ත මග්ගඞ්ගා සියා සවිචාරා, සියා අවිචාරා.
Sinhala BJTසම්‍යක්සංකල්පය සවිචාරය. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
Pali BJTසම්මාසඞ්කප්පො සප්පීතිකො. සත්ත මග්ගඞ්ගා සියා සප්පීතිකා, සියා අප්පීතිකා.
Sinhala BJTසම්‍යක්සංකල්පය සප්‍රීතිකය. සප්තමාර්‍ගාඞ්ගයෝ සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
Pali BJTසම්මාසඞ්කප්පො පීතිසහගතො. සත්ත මග්ගඞ්ගා සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJTසම්‍යක්සංකල්පය ප්‍රීතිසහගත ය. සප්තමාර්‍ගාඞ්ගයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, නො ද ප්‍රීතිසහගත ද වන්නාහු ය.
Pali BJTසම්මාසඞ්කප්පො සුඛසහගතො. සත්ත මග්ගඞ්ගා සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJTසම්‍යක්සංකල්පය සුඛසහගත ය. සප්තමාර්‍ගාඞ්ගයෝ සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
Pali BJTසම්මාසඞ්කප්පො න උපෙක්ඛාසහගතො. සත්ත මග්ගඞ්ගා සියා උපෙක්ඛාසහගතා, සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTසම්‍යක්සංකල්පය උපේක්‍ෂාසහගත නො වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ උපේක්‍ෂා සහගත ද වන්නාහ. නො ද උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
Pali BJTන කාමාවචරා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කාමාවචරයෝ නො වෙති.
Pali BJTන රූපාවචරා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) රූපාවචරයෝ නො වෙති.
Pali BJTන අරූපාවචරා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අරූපාවචරයෝ නො වෙත්.
Pali BJTඅපරියාපන්නා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අපර්‍ය්‍යාපන්නයෝ ය.
Pali BJTසියා නිය්යානිකා, සියා අනිය්යානිකා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
Pali BJTසියා නියතා, සියා අනියතා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTඅනුත්තරා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුත්තරයෝ ය.
Pali BJTඅරණාති.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අරණයෝ යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTමග්ගවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTමාර්‍ගවිභඞ්ග නිමි.
Pali BJT12. ඣානවිභඞ්ගො.
Sinhala BJT12. ධ්‍යාන විභඞ්ගය
Pali BJT571. ඉධ භික්ඛු පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ පුබ්බරත්තා’පර රත්තං ජාගරියානුයොගමනුයුත්තො සාතච්චං නෙපක්කං බොධිපක්ඛියානං{1} ධම්මානං භාවනානුයොගමනුයුත්තො. සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හෙති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ{2} සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. සො විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං අප්පසද්දං අප්පනිග්ඝොසං විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පං. සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. ව්යාපාදපදොසං පහාය අව්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, ව්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති. ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති. සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්ක විචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං{3} උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙ’ව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා{4} පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJT571. මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් යුක්ත වූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාස කෙරෙයි. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලු වූයේ ශික්‍ෂාපදයන්හි සමාදන් ව හික්මෙයි. ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති ව, භෝජනයෙහි මාත්‍රඥ ව පූර්‍වරාත්‍ර - අපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ වීර්‍ය්‍යයෙන් හා ප්‍රඥායෙන් යුක්ත ව, බෝධිපාක්‍ෂිකධර්‍මයන් වැඩීමෙහි යෙදුණේ වෙසෙයි. හෙතෙම ඉදිරියට යෑමෙහි හා නැවැත්මෙහි සම්‍යග්ඥානයෙන් යුක්තව කරන්නේ වෙයි. ඉදිරිබැල්මෙහි හා විදිසාවන් බැල්මෙහි ද, අවයව හැකිලීමෙහි හා දිගුකිරීමෙහි ද, සඟළ පාසිවුරු දැරීමෙහි ද, භෝජනයෙහි, පානයෙහි, කෑමෙහි, රසවිඳීමෙහි ද, මලමූකිරීමෙහි ද, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, තූෂ්ණීම්භාවයෙහි ද සම්‍යග්ඥානයෙන් යුක්තව කරන්නේ වෙයි. හෙතෙම අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කඳුරැලි ය, ගිරිගුහා ය, සොහොන ය, වනපත්‍ථ ය, අභ්‍යවකාශ ය, පිදුරුබිස්ස ය, යන ශබ්ද රහිත, නිර්ඝෝෂ රහිත වූ, ජනවාත රහිත වූ, මිනිසුන්ගේ රහස්‍යකරණයට ස්ථාන වූ, විවේකයට අනුරූප වූ, විවේකසේනසුනක් භජනය කෙරෙයි. හෙතෙම අරණ්‍යසෙනාසනයට ගියේ හෝ වෘක්‍ෂමූලසේනාසනයට ගියේ හෝ, ශුන්‍යාගාරයට ගියේ හෝ, පලක් බැඳ කය ඍජුව තබා, සිහිය කර්‍මස්ථානයට අභිමුඛකොට එළවා හිඳියි. හෙතෙම ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව හැර පියා, පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුක්ත ව වෙසෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රදෝෂය දුරුකොට, ව්‍යාපාද රහිත සිත් ඇති ව සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි. ව්‍යාපාද ප්‍රදෝෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැර පියා පහව ගිය ථීනමිද්ධ ඇති ව, ආලෝක සංඥා ඇති ව, සිහි ඇති ව, සම්‍යග්ඥාන ඇති ව වෙසෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය හැර පියා උඩඟු නො වූයේ, අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇතිව වෙසෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව හැර පියා තරණයකළ විචිකිත්සා ඇති ව, කුශලධර්‍මයන්හි සැක රහිතව වෙසෙයි, විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි. හෙතෙම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්ච නීවරණයන් හැර පියා කාමයන්ගෙන් වෙන් ව ම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත වූ විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන් සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, අවිතර්‍ක වූ, අවිචාර වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතියගේ ද ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇත්තේ ද, සිහි ඇත්තේ ද, සම්‍යග්ඥාන ඇති ව නාමකයින් සුඛය ද විඳියි, යම් ධ්‍යානයක් හේතුකොටගෙන (බුද්ධාදී) ආර්‍ය්‍යයෝ ඒ ධ්‍යානසමඞ්ගීපුද්ගලයා ‘උපේක්‍ෂා ඇත්තේ ය, ස්මෘති ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ’ යි කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. (කායික) සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමු වැ සොම්නස් දොම්නසුන්ගේ ප්‍රහාණයෙන්, දුක් නො වූ, සුඛ නො වූ, උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවාලීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරලීමෙන්, නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත’ යි භාවනාකොට ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි භාවනා කොට විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණාඤ්චායතනය ඉක්මවා ‘නත්‍ථි කිඤ්චි’ යි භාවනා කොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ යි.
Pali BJTමාතිකා.
Sinhala BJTමාතෘකා යි.
Pali BJT572. ‘ඉධා’ති ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං බ්රහ්මචරියෙ ඉමස්මිං සත්ථුසාසනෙ. තෙන වුච්චති ඉධාති.
Sinhala BJT572. ‘ඉධ’ යනු: මේ දෘෂ්ටියෙහි, මේ ක්‍ෂාන්තියෙහි, මේ රුචියෙහි, මේ ග්‍රහණයෙහි, මේ ධර්‍මයෙහි, මේ විනයයෙහි, මේ ධර්‍මවිනයයෙහි, මේ ප්‍රවචනයෙහි, මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි, මේ ශාස්තෘශාසනයෙහි, එයින් කියනු ලැබෙයි ‘ඉධ’ යි.
Pali BJT573. ‘භික්ඛූ’ති සමඤ්ඤාය භික්ඛු, පටිඤ්ඤාය භික්ඛු, භික්ඛතී’ති භික්ඛු, භික්ඛකො’ති භික්ඛු, භික්ඛාචරියං අජ්ඣූපගතො’ති භික්ඛු, භින්නපටධරො’ති භික්ඛු, භින්දති පාපකෙ අකුසලෙ ධම්මෙ’ති භික්ඛු, භින්නත්තා පාපකානං අකුසලානං ධම්මානං භික්ඛු, ඔධිසො කිලෙසානං පහානා භික්ඛු, අනොධිසො කිලෙසානං පහානා භික්ඛු, සෙක්ඛො භික්ඛු, අසෙක්ඛො භික්ඛු, නෙවසෙක්ඛො නා සෙක්ඛො භික්ඛු, අග්ගො භික්ඛූ භද්රො භික්ඛු, මණ්ඩො භික්ඛු, සාරො භික්ඛු, සමග්ගෙන සඞ්ඝෙන ඤත්තිචතුත්ථෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන උපසම්පන්නො{1} භික්ඛු.
Sinhala BJT573. ‘භික්ඛු’ යනු: ව්‍යවහාරයෙන් භික්‍ෂු ය, ප්‍රතිඥායෙන් භික්‍ෂු ය, භික්‍ෂාටනය කෙරේනු යි භික්‍ෂු ය, භික්‍ෂාටනය කරනුයේ නු යි භික්‍ෂු ය, භික්‍ෂාචර්‍ය්‍යාවට පැමිණියේ නු යි භික්‍ෂු ය, භින්න වූ වස්ත්‍ර දරනුයේ නු යි භික්‍ෂු ය, ලාමක අකුශලධර්‍මයන් බිඳී නු යි භික්‍ෂු ය, ලාමක අකුශලධර්‍මයන් බිඳහළ හෙයින් භික්‍ෂු ය, අවධි වශයෙන් ක්ලේශයන්ගේ ප්‍රහාණයෙන් භික්‍ෂු ය, අනවධි (සීමාරහිත) වශයෙන් ක්ලේශයන්ගේ ප්‍රහාණයෙන් භික්‍ෂු ය, ශෛක්‍ෂ භික්‍ෂු ය, අශෛක්‍ෂ භික්‍ෂු ය, නො ම ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ ද නො වූ භික්‍ෂු ය, (සීලසමාධිප්‍රඥාවිමුක්තියෙන්) අග්‍රවූයේ භික්‍ෂු ය, භද්‍ර භික්‍ෂු ය, මණ්ඩ (ප්‍රසන්න) භික්‍ෂු ය, සාර භික්‍ෂු ය, සමගසඞ්ඝයා විසින් අකෝප්‍ය වූ ස්ථානාර්‍හ වූ ඤත්තිචතුත්‍ථ කර්‍මයෙන් උපසම්පන්න වූයේ භික්‍ෂු යි.
Pali BJT574. ‘පාතිමොක්ඛ’න්ති සීලං පතිට්ඨා ආදි චරණං සඤ්ඤමො සංවරො මුඛං පමුඛං{2} කුසලානං ධම්මානං සමාපත්තියා. සංවරො’ති කායිකො අවීතික්කමො, වාචසිකො අවීතික්කමො, කායිකවාචසිකො අවීතික්කමො. සංවුතො’ති ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො{3} උපපන්නො සමුපපන්නො{4} සමන්නාගතො. තෙන වුච්චති පාතිමොක්ඛසංවරසංවුතොති.
Sinhala BJT574. ‘පාතිමොක්ඛ’ යනු: ශීල ය කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා ය, ආදි ය, චරණ (පාද) ය, සංයම ය, සංවර ය, ද්වාර ය, ප්‍රමුඛ යි. ‘සංවර’ යනු: කායිකඅව්‍යතික්‍රම ය, වාචසිකඅව්‍යතික්‍රම ය, කායිකවාචසිකඅව්‍යතික්‍රම යි. ‘සංවුත’ යනු: මේ පාතිමොක්ඛසංවරයෙන් උපේත, සමුපේත, උපගත, සමුපගත, උපපන්න, සමුපපන්න, සමන්නාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘පාතිමොක්ඛසංවරසංවුතො’ යි.
Pali BJT575. ‘විහරතී’ති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති විහරතී’ති.
Sinhala BJT575. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යපනය කෙරෙයි, හැසිරෙයි, වාසය කෙරේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT576. ‘ආචාර ගොචර සම්පන්නො’ති අත්ථි ආචාරො, අත්ථි අනාචාරො. තත්ථ කතමො අනාචාරො: කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායිකවාචසිකො වීතික්කමො, අයං වුච්චති අනාචාරො. සබ්බම්පි දුස්සීල්යං අනාචාරො: ඉධෙකච්චො වෙළුදානෙන වා පත්තදානෙන වා පුප්ඵදානෙන වා ඵලදානෙන වා සිනානදානෙන වා දන්තකට්ඨදානෙන වා චාටුකම්යතාය වා මුග්ගසුප්පතාය වා පාරිභට්ටතාය වා ජඞ්ඝපෙසනියෙන වා, අඤ්ඤතරඤ්ඤතරෙන වා බුද්ධපතිකුට්ඨෙන මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චති අනාචාරො. තත්ථ කතමො ආචාරො: කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො, අයං වුච්චති ආචාරො, සබ්බොපි සීලසංවරො ආචාරො. ඉධෙකච්චො න වෙළුදානෙන න පත්තදානෙන න පුප්ඵදානෙන න ඵලදානෙන න සිනානදානෙන න දන්තකට්ඨදානෙන න චාටුකම්යතාය න මුග්ගසුප්පතාය න පාරිභට්ටතාය න ජඞ්ඝපෙසනියෙන{5} න අඤ්ඤතරඤ්ඤතරෙන බුද්ධපතිකුට්ඨෙන මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චති ආචාරො.
Sinhala BJT576. ‘ආචාරගෝචරසම්පන්න’ යනු: ආචාරයෙක් ඇත, අනාචාරයෙක් ඇති. එහි අනාචාරය කවරෙ යත්: කායිකව්‍යතික්‍රම ය, වාචසිකව්‍යතික්‍රම ය, කායිකවාචසිකව්‍යතික්‍රම යි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. හැම දුශ්ශිල්‍යය අනාචාර යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන් හෝ, පත්‍රදානයෙන් හෝ, පුෂ්පදානයෙන් හෝ, ඵලදානයෙන් හෝ, නහනු දීමෙන් හෝ, දැහැටිදඬු දීමෙන් හෝ, චාටුබස් කීමෙන් හෝ මුද්ගසූපය වැනි බොරු මුසු කථායෙන් හෝ, (දරුවන් නැලවීම් ආදි) පාරිභට්ටතායෙන් හෝ, (ගෙන්ගෙට) හසුන්පත් ගෙන යෑමෙන් හෝ, බුදුන් විසින් පිළිකුල් කරන ලද එක්තරාමිථ්‍යාජීවයෙකින් ජීවිකාව කෙරෙයි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. එහි ආචාර කවරෙ යත්: කායික අව්‍යතික්‍රම ය, වාචසික අව්‍යතික්‍රම ය, කායිකවාචසික අව්‍යතික්‍රම යි. මේ ‘ආචාර’ යි කියනු ලැබේ. හැම ශීලසංවරය ‘ආචාර’ යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන්, පත්‍රදානයෙන්, පුෂ්පදානයෙන්, ඵලදානයෙන්, නහනු දීමෙන්, දැහැටිදඬු දීමෙන්, චාටුකම්‍යතායෙන්, මුද්ගසූප්‍යතායෙන්, පාරිභට්ටතායෙන්, ජඞ්ඝපෙසනියයෙන් යන බුදුන් විසින් පිළිකුල් කරන ලද අන්‍යතරාන්‍යතර මිථ්‍යාජීවයෙකින් ජීවිකාව නො කෙරේ. මේ ‘ආචාර’ යි කියනු ලැබේ.
Pali BJT‘ගොචරො’ති අත්ථි ගොචරො, අත්ථි අගොචරො. තත්ථ කතමො අගොචරො: ඉධෙකච්චො වෙසියගොචරො වා හොති. විධවාගොචරො වා, ථුල්ලකුමාරීගොචරො වා, පණ්ඩකගොචරො වා, භික්ඛුනීගොචරො වා, පානාගාරගොචරො වා, සංසට්ඨො විහරති රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන. යානි වා පන තානි කුලානි අස්සද්ධානි අප්පසන්නානි අනොපානභූතානි අක්කොසක පරිභාසකානි අනත්ථකාමානි අහිතකාමානි අඵාසුකකාමානි අයොගක්ඛෙමකාමානි භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති, අයං වුච්චති අගොචරො.
Sinhala BJT‘ගෝචර’ යනු: ගෝචරයෙක් ඇත, අගෝචරයෙක් ඇති. එහි අගෝචර කවරෙ යත්: මෙ සස්නෙහි කිසිවෙක් වේශ්‍යාවන් ගෝචර කොට ඇත්තේ හෝ, වැන්දඹුවන් ගෝචර කොට ඇත්තේ හෝ, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට ඇත්තේ හෝ, පණ්ඩකයන් ගෝචර කොට ඇත්තේ හෝ, භික්‍ෂුණීන් ගෝචර කොට ඇත්තේ හෝ, අවන්හල් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, රජුන් හා රජමහඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා අනනුලෝමික වූ සංසර්‍ගයෙන් සංසෘෂ්ට ව වෙසේ ද, යලි යම් ඒ කුලකෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහැලි නැත්තාහු ද, අප්‍රසන්න වූවාහු ද, ඕපානයක් (සතරමංසැල කැණිළිඳක්) වැනි නො වූවාහු ද, මහණ - මෙහෙණ - උවසු - උවැසියනට ආක්‍රෝශපරිභව කරන්නාහු, අවැඩ කැමැත්තාහු, අහිත කැමැත්තාහු, නො සුව කැමැත්තාහු, උපද්‍රව කැමැත්තාහු වෙත් ද, එබඳු කුලයන් සේවනභජනපර්‍ය්‍යුපාසන කෙරේ ද, මේ ‘අගෝචර’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ගොචරො: ඉධෙකච්චො න වෙසියගොචරො හොති. න විධවාගොචරො න ථුල්ලකුමාරීගොචරො න පණ්ඩකගොචරො න භික්ඛුනීගොචරො න පානාගාරගොචරො, අසංසට්ඨො විහරති රාජූ හි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන. යානි වා පන තානි කුලානි සද්ධානි පසන්නානි ඔපානභූතානි කාසාවපජ්ජොතානි ඉසිවාතපටිවාතානි අත්ථකාමානි හිතකාමානි ඵාසුකකාමානි යොගක්ඛෙමකාමානි භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. තථා රූපානි කුලානි සෙවති භජති පයිරුපාසති, අයං වුච්චති ගොචරො. ඉති ඉමිනා ච ආචාරෙන ඉමිනා ච ගොචරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති ආචාරගොචර සම්පන්නොති.
Sinhala BJTඑහි ‘ගෝචර’ කවරෙ යත්: මෙහි එකෙක් වේශ්‍යාවන් ගෝචර (යායුතුතැන්) කොට නැත්තේ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට නැත්තේ, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට නැත්තේ, පණ්ඩකයන් ගෝචර කොට නැත්තේ, භික්‍ෂුණීන් ගෝචර කොට නැත්තේ, සුරාගාරයන් ගෝචර කොට නැත්තේ වේ ද, රජුන් හා රජමහඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා අනනුලෝමික වූ සංසර්‍ගයෙන් අසංසෘෂ්ට ව වෙසේ ද, යලි යම් ඒ කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහැලි ඇත්තාහු, ප්‍රසන්න වූවාහු, ඕපානයක් වැනි වූවාහු, (මහණමෙහෙණන් හන් පෙරැවි) කහවත්හි ප්‍රභායෙන් එකාලොක වෙත් ද, (ගෙට වදන නික්මෙන මහණ මෙහෙණ සඞ්ඛ්‍යාත) ඍෂීන්ගේ චීවරවාතයෙන් පරිවාත වෙද්ද, භික්‍ෂුණී උපාසක උපාසිකාවනට වැඩ කැමැත්තාහු, හිත කැමැත්තාහු, සුව කැමැත්තාහු, නිර්‍භය කැමැත්තාහු වෙත් ද, එබඳු කුලයන් සේවනභජනපර්‍ය්‍යුපාසන කෙරේ ද, මේ ‘ගෝචර’ යි කියනු ලැබේ. මෙසේ මේ ආචාරයෙන් ද, මේ ගෝචරයෙන් ද උපේත වූයේ ... සමන්‍වාගත වේ. එහෙයින් කියනු ලැබෙයි. ‘ආචාරගෝචරසම්පන්නෝ’ යි.
Pali BJT577. ‘අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී’ති තත්ථ කතමෙ අණුමත්තා වජ්ජා: යානි තානි වජ්ජානි අප්පමත්තකානි ඔරමත්තකානි ලහුසානි{1} ලහුසම්මතානි{2} සංයමකරණීයානි සංවරකරණීයානි චිත්තුප්පාදකරණීයානි මනසිකාරපටිබද්ධානි, ඉමෙ වුච්චන්ති අණුමත්තා වජ්ජා. ඉති ඉමෙසු අණුමත්තෙසු වජ්ජෙසු වජ්ජදස්සාවී ච හොති භයදස්සාවී ච ආදීනවදස්සාවී ච නිස්සරණදස්සාවී ච. තෙන වුච්චති අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවීති.
Sinhala BJT577. ‘අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී’ යනු: එහි අනුමාත්‍රවද්‍යයෝ කවරහ යත්: යම් ඒ වද්‍ය කෙනෙක් අල්පමාත්‍ර වූවාහු ද, ස්වල්පමාත්‍ර වූවාහු ද, ලඝු වූවාහු ද, ලඝු යයි සම්මත වූවාහු ද, සංයම කළ යුතු වූවාහු ද, සංවර කළ යුතු වූවාහු ද, චිත්තෝත්පාදමාත්‍රයෙන් පිළියම් කළයුතු වූවාහු ද, ආවර්ජිතමාත්‍රයෙන් පිළියම් කළයුතු වූවාහු ද, මොහු අණුමාත්‍ර වද්‍යයෝ යි කියනු ලැබෙත්. මෙසේ මේ අනුමාත්‍රවද්‍යයන්හි වරද වශයෙන් දක්නාසුලු වූයේත්, භය වශයෙන් දක්නාසුලු වූයේත්, ආදීනව වශයෙන් දක්නාසුලු වූයේත්, නිස්සරණය දක්නාසුලු වූයේත් වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අණුමත්තෙසු වජ්ජෙසු භය දස්සාවී’ යි.
Pali BJT578. ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසූ’ති තත්ථ කතමා සික්ඛා: චතස්සො සික්ඛා: භික්ඛූනං භික්ඛූසික්ඛා, භික්ඛුනීනං භික්ඛුනීසික්ඛා, උපාසකානං උපාසකසික්ඛා, උපාසිකානං උපාසිකාසික්ඛා. ඉමා වුච්චන්ති සික්ඛායො. ඉති ඉමාසු සික්ඛාසු සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං සමාදාය වත්තති. තෙන වුච්චති සමාදාය සික්ඛති සික්ඛාපදෙසූති.
Sinhala BJT578. ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ යනු: එහි ශික්‍ෂා කවර යත්: ශික්‍ෂා සතරෙකි: භික්‍ෂූන්ට භික්‍ෂුශික්‍ෂා ය, භික්‍ෂූණීන්ට භික්‍ෂුණීශික්‍ෂා ය, උපාසකයන්ට උපාසකශික්‍ෂා ය, උපාසිකාවන්ට උපාසිකාශික්‍ෂා යි. මොහු ‘ශික්‍ෂා’ යි කියනු ලැබෙත්. මෙසේ මේ ශික්‍ෂාවන්හි සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට සමාදන් ව පවතියි. එහෙයින් කියනු ලැබෙයි ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ යි.
Pali BJT579. ‘ඉන්ද්රියෙසු ගුත්තද්වාරො’ති අත්ථි ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, අත්ථි අගුත්තද්වාරතා. තත්ථ කතමා ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා: ඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මා විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ න සංවරං ආපජ්ජති. යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං අගුත්ති අගොපනා අනාරක්ඛා{1} අසංවරො, අයං වුච්චති ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා. තත්ථ කතමා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා: ඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති. නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං සංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං ගුත්ති ගොපනා ආරක්ඛා{1} සංවරො, අයං වුච්චති ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා. ඉමාය ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය උපෙතො හොති සමුපෙතො -පෙ- සමන්නාගතො. තෙන වුච්චති ඉන්ද්රියෙසු ගුත්තද්වාරොති.
Sinhala BJT579. ‘ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො’ යනු: ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතායෙක් ඇත. අගුත්තද්වාරතායෙක් ඇති. එහි ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් චක්‍ෂුර්විඥානයෙන් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රිය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... ජිහ්වායෙන් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ වෙයි, ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි, මනින්‍ද්‍රියය නො රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. මේ ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ යම් අගුප්තියෙක්, අගෝපනයෙක්, අනාරක්‍ෂායෙක්, අසංවරයෙක් වේ ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා’ යි කියනු ලැබේ. එහි ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති නො ගන්නේ වෙයි, ආකාර විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වාසය කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් ධර්‍මයක් දැන නිමිති නො ගන්නේ වෙයි, ආකාර විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, මනින්‍ද්‍රියය රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මේ ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ යම් ගුප්තියෙක් ගෝපනයෙක් ආරක්‍ෂායෙක් සංවරයෙක් වේ ද මේ ‘ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා’ යි කියනු ලැබේ. මේ ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතායෙන් උපේත වූයේ සමුපේත වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො’ යි.
Pali BJT580. ‘භොජනෙ මත්තඤ්ඤූ’ති අත්ථි භොජනෙ මත්තඤ්ඤුතා, අත්ථි අමත්තඤ්ඤුතා. තත්ථ කතමා භොජනෙ අමත්තඤ්ඤුතා: ඉධෙකච්චො අප්පටිසඞ්ඛා අයොනිසො ආහාරං ආහාරෙති දවාය මදාය මණ්ඩනාය විභූසනාය{1} යා තත්ථ අසන්තුට්ඨිතා අමත්තඤ්ඤුතා අප්පටිසංඞ්ඛා භොජනෙ, අයං වුච්චති භොජනෙ අමත්තඤ්ඤුතා. තත්ථ කතමා භොජනෙ මත්තඤ්ඤුතා: ඉධෙකච්චො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. යා තත්ථ සන්තුට්ඨිතා මත්තඤ්ඤුතා පටිසඞ්ඛා භොජනෙ, අයං වුච්චති භොජනෙ මත්තඤ්ඤුතා. ඉමාය භොජනෙ මත්තඤ්ඤුතාය උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති භොජනෙ මත්තඤ්ඤූති.
Sinhala BJT580. ‘භෝජනෙ මත්තඤ්ඤූ’ යනු: භෝජනයෙහි මාත්‍රඥතායෙක් ඇත, භෝජනයෙහි අමාත්‍රඥතායෙක් ඇති. එහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට නුනුවණින් කෙලි පිණිස, මද පිණිස, අලඞ්කාර පිණිස, සැරහුම් පිණිස ආහාර ගනී. ඒ භෝජනයෙහි යම් අසන්තුෂ්ට බවෙක්, අමාත්‍රඥ බවෙක්, ප්‍රත්‍යවේක්‍ෂා රහිත බවෙක් වේ ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යි කියනු ලැබේ. එහි භෝජනයෙහි මාත්‍රඥතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් අහර වළඳයි: කෙළි පිණිස නො ම වළඳයි, මද පිණිස, අලඞ්කාර පිණිස, සැරසුම් පිණිස නො ම වළඳයි. යම්තාක් මේ කය පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වේදනා නැසීම පිණිස, බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි. මෙසේ පැරණි බඩගිනි වේදනා නසමි, අළුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේ ය, අනවද්‍යභාවය ද, සැපවිහරණය ද වන්නේ යි. ඒ භෝජනයෙහි යම් සන්තුෂ්ට බවෙක් මාත්‍රඥ බවෙක් ප්‍රත්‍යවේක්‍ෂායෙක් වේ ද, මේ ‘භෝජනයෙහි මාත්‍රඥතා’ යි කියනු ලැබේ. මේ භෝජනයෙහි මාත්‍රඥතායෙන් යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ.
Pali BJT581. කථඤ්ච භික්ඛු පුබ්බරත්තාපරරත්තං ජාගරියානුයොගමනුයුත්තො හොති: ඉධ භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා මජ්ඣිමං යාමං{1} දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො වුට්ඨානසඤ්ඤං මනසි කරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. එවං භික්ඛු පුබ්බරත්තාපරරත්තං ජාගරියානුයොගමනුයුත්තො.
Sinhala BJT581. කිසෙයින් මහණ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ වේ ද යත්: මෙ සස්නෙහි මහණ දහවල්හි සක්මනින් ද, හිඳීමෙන් ද නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි පෙරයම සක්මනින් ද, හිඳීමෙන් ද ආවරණීයධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා, සිහිනුවණ ඇතියේ, උත්‍ථානසංඥාව මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කෙරෙයි. රෑ අලුයම නැගීසිට චඞ්ක්‍රමණයෙන්, නිෂද්‍යායෙන්, ආවරණීයධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. මෙසේ මහණ ‘පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ’ වේ.
Pali BJT582. ‘සාතච්ච’න්ති යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො.
Sinhala BJT582. ‘සාතච්චං’ යනු: යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද එය යි.
Pali BJT583. ‘නෙපක්ක’න්ති යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්ම විචයො සම්මාදිට්ඨි.
Sinhala BJT583. ‘නෙපක්කං’ යනු: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි.
Pali BJT584. බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො’ති: තත්ථ කතමෙ බොධිපක්ඛියා ධම්මා: සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො විරියසම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, ඉමෙ වුච්චන්ති බොධිපක්ඛියා ධම්මා. ඉති ඉමෙ{2} බොධිපක්ඛියෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති. තෙන වුච්චති බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො’ති.
Sinhala BJT584. ‘බෝධිපක්ඛියානං ධම්මානං භාවනානුයෝගමනුයුත්තො’ යනු: එහි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ කවරහ යත්: සප්තබෝධ්‍යඞ්ගයෝ ය: ස්මෘතිසම්බොධ්‍යඞ්ග ය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග ය, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග ය, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග ය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග ය, සමාධිසම්බොධ්‍යඞ්ග ය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි. මොහු ‘බෝධිපාක්‍ෂිකධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ බෝධිපාක්‍ෂිකධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි. එහෙයින් කියනු ලැබෙයි: ‘බෝධිපක්ඛියානං ධම්මානං භාවනානුයෝගමනුයුත්තො’ යි.
Pali BJT585. කථඤ්ච භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සංඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති: ඉධ භික්ඛුසතො සම්පජානො අභික්කමති, සතො සම්පජානො පටික්කමති, සතො සම්පජානො ආලොකෙති, සතො සම්පජානො විලොකෙති, සතො සම්පජානො සම්මිඤ්ජෙති{3} සතො සම්පජානො පසාරෙති, සතො සම්පජානකාරී හොති සංඝාටිපත්තචීවරධාරණෙ, සතො සම්පජානකාරී හොති අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ, සතො සම්පජානකාරී හොති උච්චාරපස්සාවකම්මෙ, සතො සම්පජානකාරී හොති ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ.
Sinhala BJT585. කිසෙයින් මහණ ඉදිරියට යෑමෙහි, නැවැත්මෙහි සම්පජානකාරී වේ ද, ඉදිරිය බැලීමෙහි, හාත්පස බැලීමෙහි සම්පජානකාරී වේ ද, අත්පා හැකිළීමෙහි, දිගු කිරීමෙහි සම්පජානකාරී වේ ද, සඟල - පා - සිවුරු දැරීමෙහි සම්පජානකාරී වේ ද, භෝජනයෙහි, පානයෙහි, කෑමෙහි, රසවිඳීමෙහි සම්පජානකාරී වේ ද, මල - මූ කිරීමෙහි සම්පජානකාරී වේ ද, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සම්පජානකාරී වේ ද යත්: මෙ සස්නෙහි මහණ සිහි ඇති ව, නුවණ ඇති ව ඉදිරියට යෙයි, සිහි ඇති ව, නුවණ ඇති ව පෙරළා එයි, සිහිනුවණ ඇති ව ඉදිරිය බලයි, සිහිනුවණ ඇති ව හාත්පස බලයි, සිහිනුවණ ඇති ව අත්පා හකුළ යි, සිහිනුවණ ඇති ව අත්පා දිගු කෙරෙ යි, සඟල - පා - සිවුරු දැරීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වෙයි. වැළඳීමෙහි, පීමෙහි, කෑමෙහි, රසවිඳීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. මල - මූ කිරීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වේ.
Pali BJT‘සතො’ති{4} තත්ථ කතමා සති: යා සති අනුස්සති -පෙ- සම්මාසති, අයං වුච්චති සති.
Sinhala BJT‘සතෝ’ යනු: එහි සති කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ.
Pali BJT‘සම්පජානො’ති තත්ථ කතමං සම්පජඤ්ඤං: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සම්පජඤ්ඤං. ඉති ඉමාය ච සතියා ඉමිනා ච සම්පජඤ්ඤෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො. එවං භික්ඛු සතො සම්පජානො අභික්කමති සතො සම්පජානො පටික්කමති, සතො සම්පජානො ආලොකෙති. සතො සම්පජානො විලොකෙති, සතො සම්පජානො සම්මිඤ්ජෙති{1} සතො සම්පජානො පසාරෙති, සතො සම්පජානකාරී හොති සංඝාටිපත්තචීවරධාරණෙ, සතො සම්පජානකාරී හොති අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ, සතො සම්පජානකාරී හොති උච්චාරපස්සාව කම්මෙ, සතො සම්පජානකාරී හොති ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ.
Sinhala BJT‘සම්පජානෝ’ යනු: එහි ‘සම්පජඤ්ඤ’ කවරෙ යත්: යම් ප්‍රඥාවක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයෙක්, සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මෙසේ මේ සතියෙන් ද, සම්පජඤ්ඤයෙන් ද උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. මෙ සෙයින් මහණ සිහි නුවණ ඇතියේ ඉදිරියට යෙයි, සිහි නුවණ ඇතියේ පෙරළා එයි. සිහි නුවණ ඇතියේ ඉදිරිය බලයි. සිහි නුවණ ඇතියේ හාත්පස බලයි, සිහි නුවණ ඇතියේ අත්පා හකුළයි, සිහි නුවණ ඇතියේ අත්පා දිගු කෙරෙයි, සඟල - පා - සිවුරු දැරීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වෙයි, වැළඳීමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි, මල - මූ කිරීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වේ.
Pali BJT586. ‘විවිත්ත’න්ති සන්තිකෙ චෙ’පි සෙනාසනං හොති. තං ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි, තෙන තං විවිත්තං. දූරෙ චෙ’පි සෙනාසනං හොති, තං ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි, තෙන තං විවිත්තං.
Sinhala BJT586. ‘විවිත්තං’ යනු: සමීපයෙහි සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්‍ණ වේ නම් එ කරුණින් එය විවික්ත ය. දුරෙහි වූ සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්‍ණ වේ නම් එ කරුණින් එය විවික්ත යි.
Pali BJT587. ‘සෙනාසන’න්ති මඤ්චො’පි සෙනාසනං, පීඨම්පි සෙනාසනං භිසි’පි සෙනාසනං, භිසි’පි සෙනාසනං, බිම්බොහනම්පි සෙනාසනං, විහාරො’පි සෙනාසනං අඩ්ඪයොගො’පි සෙනාසනං, පාසාදො’පි සෙනාසනං, අට්ටො’පි සෙනාසනං, මාලො’පි සෙනාසනං, ලෙනම්පි සෙනාසනං, ගුහා’පි සෙනාසනං, රුක්ඛමූලම්පි සෙනාසනං, වෙළුගුම්බො’පි සෙනාසනං, යත්ථ වා පන භික්ඛූ පටික්කමන්ති සබ්බමෙතං සෙනාසනං.
Sinhala BJT587. ‘සේනාසනං’ යනු: ඇඳ ද සෙනසුනෙක, පුටුව ද සෙනසුනෙක, බිස්ස ද සෙනසුනෙක, බිම්බෝහනය ද සෙනසුනෙක, විහාරය ද සෙනසුනෙක, ගුරුළුවක් සෙවෙනි ඇති ගෙය ද සෙනසුනෙක, පහය ද සෙනසුනෙක, අටල්ල ද සෙනසුනෙක, මහල ද සෙනසුනෙක, ලෙන ද සෙනසුනෙක, ගුහාව ද සෙනසුනෙක, රුක්මුල ද සෙනසුනෙක, හුණුලැහැබ ද සෙනසුනෙකි. තවද යම් තැනෙක භික්‍ෂූහු රැස්වෙත් නම් එ හැම සෙනසුනි.
Pali BJT588. ‘භජතී’ති{2} ඉමං විවිත්තං සෙනාසනං භජති සම්භජති සෙවති නිසෙවති සංසෙවති, තෙන වුච්චති විවිත්තං සෙනාසනං භජතී’ති.
Sinhala BJT588. ‘භජති’ යනු: මේ විවික්තසේනාසනය භජනය කෙරෙයි, සම්භජනය කෙරෙයි, සේවනය කෙරෙයි, නිසේවනය කෙරෙයි, සංසේවනය කෙරේ. එයින් කියනු ලැබෙයි ‘විවිත්තං සේනාසනං භජති’ යි.
Pali BJT589. ‘අරඤ්ඤ’න්ති නික්ඛමිත්වා බහිඉන්දඛීලා සබ්බමෙතං අරඤ්ඤං.
Sinhala BJT589. ‘අරඤ්ඤං’ යනු: ඉන්‍ද්‍රඛීලයෙන් පිටත නික්ම තෙල සියල්ල අරණ්‍ය යි.
Pali BJT590. රුක්ඛමූල’න්ති රුක්ඛමූලඤ්ඤෙ’ව රුක්ඛමූලං. පබ්බතොයෙව පබ්බතො. කන්දරායෙව කන්දරා. ගිරිගුහායෙව ගිරිගුහා. සුසානංයෙව සුසානං. අබ්භොකාසොයෙව අබ්භොකාසො. පලාලපුඤ්ජො එව පලාලපුඤ්ජො.
Sinhala BJT590. ‘රුක්ඛමූලං’ යනු: වෘක්‍ෂමූලය ම ‘රුක්ඛමුල’ යි. පබ්බතය ම පර්‍වත යි. කන්‍දරා ම කඳුරැලි යි. ගිරිගුහා ම ගිරිගුහා යි. සුසානය ම සොහොන යි. අබ්භෝකාසය ම අභ්‍යවකාශ යි. පලාලපුඤ්ජය ම පලාලපුඤ්ජ යි.
Pali BJT591. ‘වනපත්ථ’න්ති දූරානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්ථ’න්ති වනසණ්ඩානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්ථ’න්ති භිංසනකානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්ථ’න්ති සලොමහංසානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්ථ’න්ති පරියන්තානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්ථ’න්ති න මනුස්සුපචාරානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්ථ’න්ති දුරභිසම්භවානමෙතං සෙනාසනානං අධිවචනං.
Sinhala BJT591. ‘වනපත්‍ථං’ යනු: තෙල දුරැ වූ සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල වනලැහැබ් සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල බිහිසුණු සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: ලොමුදහගැනුම් සහිත සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල වනකෙළවර වූ සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල මිනිසුන්ගේ හැසිරීම් නැති සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල නො ලත් විවේකසුව ඇතියන් විසින් නො විසිය හැකි සෙනසුනට නමෙකි.
Pali BJT592. ‘අප්පසද්ද’න්ති සන්තිකෙ චෙ’පි සෙනාසනං හොති තං ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි, තෙන තං අප්පසද්දං. දූරෙ චෙපි සෙනාසනං හොති තඤ්ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි, තෙන තං අප්පසද්දං.
Sinhala BJT592. ‘අප්පසද්දං’ යනු: සමීපයෙහි සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්‍ණ වේ නම් එ කරුණින් එය අල්පශබ්ද ය, දුරැ සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීරණ වේ නම් එ කරුණින් එය අල්පශබ්ද යි.
Pali BJT593. ‘අප්පනිග්ඝොස’න්ති යදෙව තං අප්පසද්දං තදෙව ත අප්පනිග්ඝොසං, යදෙවතං අප්පනිග්ඝොසං තදෙව තං විජනවාතං, යදෙව තං විජනවාතං තදෙව තං මනුස්සරාහසෙය්යකං, යදෙව තං මනුස්සරාහසෙය්යකං තදෙව තං පටිසල්ලානසාරුප්පං.
Sinhala BJT593. ‘අප්පනිග්ඝෝසං’ යනු: යමෙක් ම අල්පශබ්ද වේ නම් එ ම අල්පනිර්ඝෝෂ යි, යමෙක් ම අල්පනිර්ඝෝෂ නම් එ ම විජනවාත යි. යමෙක් ම විජනවාත නම් එ ම මනුස්ස රාහසෙය්‍යක යි, යමෙක් ම මනුෂ්‍යරාහසෙය්‍යක නම් එ ම ප්‍රතිසංලීනයට සුදුසුයි.
Pali BJT594. අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතොවා’ති අරඤ්ඤගතො වා හොති රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා.
Sinhala BJT594. ‘අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා’ යනු: අරණ්‍යයකට ගියේ හෝ, වෘක්‍ෂමූලයකට ගියේ හෝ, ශුන්‍යාගාරකට ගියේ හෝ වේ.
Pali BJT595. නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා’ති නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා.
Sinhala BJT595. ‘නිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා’ යනු: පලක් බැඳ හුන්නේ වේ.
Pali BJT596. ‘උජුං කායං පනිධායා’ති උජුකො හොති කායො ඨිතො පණිහිතො.
Sinhala BJT596. ‘උජුං කායං පණිධාය’ යනු: කය ඍජුව සිටියේ පිහිටුවන ලද්දේ වේ.
Pali BJT597. ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ති තත්ථ කතමා සති: යා සති අනුස්සති -පෙ- සම්මාසති, අයං වුච්චති සති. අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා. තෙන වුච්චති ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ති.
Sinhala BJT597. ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ ‘සතිය’ නාසිකාග්‍රයෙහි හෝ මුඛනිමිත්තෙහි හෝ එළඹ සිටියා මැනැවින් එළඹ සිටියා වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ යි.
Pali BJT598. ‘අභිජ්ඣං ලොකෙ පහායා’ති තත්ථ කතමා අභිජ්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති අභිජ්ඣා. තත්ථ කතමො ලොකො: පඤ්චුපාදානක්ඛන්ධා ලොකො, අයං වුච්චති ලොකො. අයං අභිජ්ඣා ඉමම්හි ලොකෙ සන්තා හොති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා ව්යප්පිතා සොසිතා විසොසිතා ව්යන්තීකතා, තෙන වුච්චති ‘අභිජ්ඣං ලොකෙ පහායා’ති.
Sinhala BJT598. ‘අභිජ්ඣං ලෝකේ පහාය’ යනු: එහි අභිධ්‍යා කවර යත්: යම් රාගයෙක් සංරාගයෙක් ... චිත්තයාගේ සංරාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ. එහි ලෝකය කවරෙ යත්: පඤ්චෝපාදානස්කන්‍ධයෝ ලෝක යි. මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මේ අභිධ්‍යාව මේ උපාදානස්කන්‍ධලෝකයෙහි ශාන්ත - ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අභිජ්ඣං ලෝකේ පහාය’ යි.