ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපැත්මට පරතෝඝෝෂ යැ යෝනිසෝමනස්කාර යැ යි ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත් නම්,
ස. පා: භවත, ‘ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යක්ප්‍රඥා නැතියාහට ධර්‍මාභිසමය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ධම්මාභිසමය කථා නිමි.
22. 5-7.
තිස්සෝපි කථා
[‘උපන් නො බෝකල් ඇති ශ්‍රෝතාපන්නයන්ගේ අර්‍හත්‍වප්‍රාප්තිය ද, සුප්පවාසා උවැසියගේ සත්වැසි ගර්‍භය ද දැක ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වත්‍රාප්ති ඇතැයි ද, ස්වප්නයෙහි ආකාශගමනාදිය දැක එහි ‘ධර්‍මාභිසමයත් අර්‍හත්ත්‍වප්‍රාප්තියත් ඇතැ’යි ද, උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘තිස්සෝපි කථා’ එයි.]
1. ස. පු: ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිදාසිටියාහට පමාවූවහුට මුළාසී ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට රහත්බව ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ස්වප්නගතයාහට ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය ඇද්ද?
ප. පු එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ස්වප්නගතයාහට අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
තිස්සෝපි කථා නිමි.
22. 8.
අබ්‍යාකත කථා
[“අත්‍ථේසා භික්ඛවේ චේතනා, සා ච ඛො අබ්බොහාරිකා” යන වචන හෙයින් ස්වප්නගතයාගේ හැම චේතනා අව්‍යාකෘත වෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අබ්‍යාකත කථා’ එයි.]
1. ස. පු: ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්වප්නයෙන් ප්‍රාණඝාත කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ස්වප්නයෙන් ප්‍රාණඝාත කරන්නේ වී නම්?
ස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්වප්නයෙන් අයිනාදන් ගන්නේ වේ ද? … මුසවා බණන්නේ වේ ද … පිසුනුබස් කියන්නේ වේ ද … පරොස්බස් බණන්නේ වේ ද … පලප් බණන්නේ වේ ද … ගෘහසන්‍ධි සිඳුනේ වේ ද … ගම් වොලොගෙන යන්නේ වේ ද … එක් ගෙයක් වොලොගන්නේ වේ ද … කඬපලාසොරකමට මහමග සිටුනේ වේ ද … පරඹුවන් කරා යන්නේ වේ ද … ගම් නසනකම් කරනුයේ වේ ද … නියම්ගම් නසන කම් කරනුයේ වේ ද … ස්වප්නයෙන් මෛථුනධර්‍ම සේවන කරන්නේ වේ ද … ස්වප්න ගතයාහට අසුචි (ශුක්‍ර) මිදෙන්නේ වේ ද … ස්වප්නයෙන් දන් දෙන්නේ වේ ද … සිවුරු දෙන්නේ වේ ද … පිඬුවා දෙන්නේ වේ ද … සෙනසුන් දෙන්නේ වේ ද … ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද … ඛාද්‍ය දෙන්නේ වේ ද … බොජුන් දෙන්නේ වේ ද … පැන් දෙන්නේ වේ ද … සෑ වඳනේ වේ ද … සෑයෙහි මාලා නගන්නේ වේ ද … ගන්‍ධ නගන්නේ වේ ද … විලෙවුන් නඟන්නේ වේ ද … සෑය පැදකුණු කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ස්වප්නයෙන් චෛත්‍යය ප්‍රදක්‍ෂිණා කරන්නේ වී නම්,
ස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: “ස්වප්නගතයාගේ සිත අව්‍යවහාරක යැ” යි භාග්‍යවතුන් විසින් වදාරනලද නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් ‘ස්වප්නගතයාගේ සිත අව්‍යවහාරක යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද වී නම්,
ප. පා: එකරුණින් භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’ යි කියැයුතු මැ යැ.
අව්‍යාකෘත කථා නිමි.
22. 9.
ආසේවනපච්චය කථා
[‘සර්‍වධර්‍මයෝ ක්‍ෂණිකයහ, මොහොතකුදු සිට ආසේවනප්‍රත්‍යය සෙවුනා කිසි දහමෙක් නැත. එහෙයින් කිසි ආසේවනප්‍රත්‍යතායෙක් නැත. ආසේවනප්‍රත්‍යය බැවින් උපන් කිසි ධර්‍මයෙක් නැතැ’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ආසේවනපච්චය කථා’ එයි.]
1. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද නො: “මහණෙනි, ප්‍රාණඝාතකර්‍මය ආසේවන කරනලද්දේ භාවිත කරනලද්දේ බහුල කරනලද්දේ නිරෑ පිණිස පවත්නේ යැ. තිරිසන් යොන් පිණිස පවත්නේ යැ. ප්‍රේතවිෂය පිණිස පවත්නේ යි. ප්‍රාණඝාතයාගේ හැමට ලඝු වූ යම් විපාකයෙක් ඇද්ද, හේ මනුෂ්‍ය වූවහුට අල්පායු පිණිස පවත්නේ වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
2. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, අදත්තාදානකර්‍මය ආසේවන කරනලද්දේ පුරුදු කරනලද්දේ පුනපුනා වඩනලද්දේ නිරය පිණිස පවත්නේ යැ. තිරිසන්යෝනි පිණිස පවත්නේ යැ. ප්‍රේතවිෂය පිණිස පවත්නේ යි. අදත්තාදානකර්‍මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට භොගව්‍යසන පිණිස පවත්නේ වෙයි … කාමමිථ්‍යාචාරකර්‍මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට සතුරුවෙර පිණිස වැටෙන්නේ වෙයි … මෘෂාවාදකර්‍මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අභූතාඛ්‍යාන (බොරු චෝදනා) පිණිස වැටෙන්නේ වෙයි … පිශුනවචන කර්‍මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට මිතුරන් කෙරෙන් බිඳුනා පිණිස පවත්නේ වෙයි … පරුෂවචනයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අමනාපශබ්ද පිණිස පවත්නේ වෙයි …
සම්ඵප්‍රලාපයාගේ හැමට ලඝු විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අනාදෙය (නො පිළිගතයුතු) වචන පිණිස පවත්නේ වෙයි. මහණෙනි, රහමෙරපනු ආසේවන කරනලද්දේ ... සුරාමේරයපානකර්‍මයාගේ යම් හැමට ලඝු විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට උමතුව පිණිස වැටෙන්නේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
3. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද නො: “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි ආසේවන කරනලද්දී භාවිත කරන ලද්දී බහුල කරනලද්දී නිරය පිණිස වැටෙන්නී තිරිසන්යෝනට වැටෙන්නී ප්‍රේතවිෂයට වැටෙන්නී වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
4. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මිථ්‍යාසංකල්ප … මහණෙනි, මිථ්‍යාසමාධි ආසේවන කරනලද්දේ භාවනා කරනලද්දේ … ප්‍රේතවිෂයට වැටෙන්නේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
5. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය ආසේවන කරනලද්දී භාවනා කරන ලද්දී බහුල කරනලද්දී අමෘතයෙහි ඇතුළු වෙයි. අමෘතය පිහිට කොට ඇත්තී වෙයි. අමෘතය කෙළවර කොට ඇත්තී වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
6. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, “සම්‍යක් සංකල්ප ආසේවන කරනලද්දේ වඩන ලද්දේ පුනපුනා වඩනලද්දේ … මහණෙනි, සම්‍යක්සමාධි ආසේවන කරනලද්දේ වඩනලද්දේ පුනපුනා වඩනලද්දේ අමෘතයෙහි ඇතුළු වූයේ වෙයි. අමෘතපරායණ වූයේ අමෘතපර්‍ය්‍යවසාන වූයේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
ආසේවනපච්චය කථා නිමි.
22. 10.
ක්‍ෂණික කථා
[යම් හෙයෙකින් සර්‍වසංස්කෘත ධර්‍මයෝ අනිත්‍ය වෙත්ද, එහෙයින් ඔහු හැම ඒකචිත්තක්‍ෂණික වෙත් මැ යැ. අනිත්‍යතා සංස්කාරධර්‍මය සමාන වුව ද එකෙක් වහා බිඳෙයි, එකෙක් වහා නො බිඳෙයි. මෙහි ලා කවර නියමයෙක් වේ දැ’යි පූර්‍වශෛල අපරශෛලනිකාය වාසීන් ගේ ලබ්ධියෙක් ඇද්ද උන් ගෙන ‘ඒකචිත්තක්ඛණික කථා’ එයි.]
1. ස. පු: සර්‍වධර්‍මයෝ ඒකචිත්තක්‍ෂණික වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චිත්තයෙහි මහාපෘථිවිය පිහිටා ද, මහා සමුද්‍රය පිහිටා ද, සිනේරුපර්‍වතරාජයා පිහිටා ද, අබ්ධාතු පිහිටා ද, තේජස් පිහිටා ද, වායු පිහිටා ද, තෘණකාෂ්ටවනස්පතීහු පිහිටත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: හැම ධර්‍මයෝ ඒකචිත්තක්‍ෂණික වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරායතනය චක්‍ෂුර්විඥානය හා සමග සහජාත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: චක්‍ෂුරායතනය චක්‍ෂුර්විඥානය හා සමග සහජාත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ තෙල වදාළාහු නො: “ඇවැත්නි, අධ්‍යාත්මික චක්‍ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට (හමුවට) නො එත් ද, තදනුරූප (එයින් උපන්) මනසිකාරයත් නො වේ ද, ඒ තාක් තදනුරූප (එයින් උපන්) විඥානයාගේ ප්‍රාදුර්‍භාවය නො වේ මැ යි. ඇවැත්නි, අධ්‍යාත්මික චක්‍ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරයත් නො වේ ද, ඒ තාක් තදනුරූප විඥානයාගේ ප්‍රාදුර්‍භාවය නො මැ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මික චක්‍ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරත් වේ ද, මෙසේ තදනුරූපවිඥානයාගේ ප්‍රාදුර්‍භාවය වේ” ය යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘චක්‍ෂුරායතනය චක්‍ෂුර්විඥානය හා සහජාත වෙති’යි නො කියැයුතු යැ.
4. ස. පු: සර්‍වධර්‍මයෝ ඒකචිත්තක්‍ෂණික වෙත් ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රායතනය … ඝ්‍රාණායතනය … ජිහ්වායතනය … කායායතනය කායවිඥානය හා සහජාත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කායායතනය කායවිඥානය හා සහජාත වේ ද?