Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTකථාවත්ථුප්පකරණං
Sinhala BJTකථාවස්තුප්‍රකරණය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTපඨමො වග්ගො
Sinhala BJTප්‍රථම වර්‍ගය
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJTපුග්ගලකථා
Sinhala BJTපුද්ගලකථා
Pali BJT1. සකවාදීපුච්ඡා: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.{1}
Sinhala BJT1. සකවාදීපුච්ඡා: සත්‍යාර්‍ත්‍ථ (=භූතාර්‍ත්‍ථ) පරමාර්‍ත්‍ථ (=ආත්මප්‍රත්‍යක්‍ෂ සඞ්ඛ්‍යාත උත්තමාර්‍ත්‍ථ) වශයෙන් පුද්ගලයෙක් (=ආත්මයෙක්,) උපලභ්‍යමාන වේ ද? (නුවණ එළවා දන්නා ලැබේ ද?)
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අප බුදුන් පිරිනිවි දෙවන සියවසෙහි ‘ථේරවාද’යෙන් බිඳීගිය ‘වජ්ජිපුත්තක’ නම් ඇදුරොලෙකැ, තත්ප්‍රභව වූ ‘සමමිතිය’ නම් ඇදුරොලෙකැ යි ඇදුරොල්හු දෙදෙනෙක් වූහ. ඔහු බුදුන් විසින් “අත්‍ථිපුග්ගලො අත්තහිතාය පටිපන්නෝ” යනාදීන් සම්මතසත්‍ය විසින් සඞ්කෙතවචනයෙන් වදාළ සූත්‍රප්‍රදේශයෙහි අර්‍ත්‍ථ වරදවා ගෙනැ භූතාර්‍ත්‍ථයෙන් පුද්ගලයෙක් සත්ත්‍වයෙක් ඇති’යි අභිනිවේශ කොට ජලචන්‍ද්‍රන්‍යායයෙන් විපරීතග්‍රාහ ඇති වූහ. සප්‍රත්‍යය – අප්‍රත්‍යාදී විසින් විභක්ත සප්තපඤ්චාශත් ස්කන්‍ධායතනධාතු ආදි ධර්‍මප්‍රභේදමාත්‍ර වත් මුත් යථාර්‍ත්‍ථයෙන් පුද්ගලයෙකු නැතියෙන් උන්ගේ ඡලවාදයට අවකාශ නො දෙනු සඳහා පළමු මැ තෙල “පුද්ගලකථා” ආරබ්ධ යි.]
Pali BJTපරවාදීපටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTපරවාදීපටිඤ්ඤා: එසේ යැ.
Pali BJTසකවාදීඅනුයොගො: යො සච්චිකට්ඨො පරමත්ථො{2} තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.{1}
Sinhala BJTසකවාදීඅනුයෝග: යම් (ස්කන්‍ධ – ආයතන – ධාතු – ඉන්‍ද්‍රිය විසින් ඇති සත්පනස් ප්‍රභේද වූ) සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ ද? (සත්පනස් ධර්‍මයන් කෙරෙහි රූපාදීන්ගේ රුප්පනාදී ආකාරයෙන් දක්නා සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථයෙක් ඇත් ද? තොප කියන පුද්ගලත් ඒ ආකාරයෙන් ලැබේ ද?)
Pali BJTපරවාදීපටික්ඛෙපො: නහෙවං වත්තබ්බෙ.
Sinhala BJTපරවාදීපටික්ඛේප: එසේ නො කියැයුතු යැ.
Pali BJTසකවාදීනිග්ගහො: ආජානාහි නිග්ගහං.
Sinhala BJTසකවාදීනිග්ගහ: නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනුලොමඨපනා: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනුලෝමඨපනා: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
Pali BJTඅනුලොමපාපනා: තෙන වත රෙ වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො{1} තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනුලොමපාපනා: භවත, එහෙයින් (තොප විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් එ පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
Pali BJTඅනුලොම ආරොපනා: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනුලෝම ආරෝපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් එ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යන යම් බසක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටිලොමඨපනා: නො චෙ පන වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටිලෝමඨපනා: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි ඉදින් නො කියැයුතු නම්, භවත, (තොප විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි නො ද කියැයුතු මැ යැ.
Pali BJTපටිලොමපාපනා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටිලොමපාපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද,
Pali BJTපටිලොම ආරොපනා: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTපටිලෝම ආරෝපනා: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යම් බසක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTඅනුලොම පඤ්චකං.
Sinhala BJTඅනුලෝම පඤ්චක යි.
Pali BJT2. පරවාදීපුච්ඡා: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති{2}
Sinhala BJT2. පරවාදීපුච්ඡා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTසකවාදීපටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTසකවාදීපටිඤ්ඤා: එසේ යැ (නො දන්නා ලැබේ)
Pali BJTපරවාදිඅනුයොගො: යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති?
Sinhala BJTපරවාදීඅනුයෝග: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් නො දන්නා ලැබෙ ද?
Pali BJTස. පටික්ඛෙපො: නහෙවං වත්තබ්බෙ.
Sinhala BJTසකවාදීපටික්ඛෙප: එසේ නො කියැයුතු යැ. (සම්මති – පරමාර්‍ත්‍ථ සත්‍ය දෙක මිශ්‍ර කොට ඇසූයෙන් මෙසේ ප්‍රතික්‍ෂිප්ත යි.)
Pali BJTපරවාදීපටිකම්මං: ආජානාහි පටිකම්මං.
Sinhala BJTපරවාදීපටිකම්ම: මේ ප්‍රතික්‍රියාව පිළිගනුව.
Pali BJTඅනුලොමඨපනා: හඤ්චි පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනුලෝමඨපනා: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
Pali BJTඅනුලොමපාපනා: තෙන වත රෙ වත්තබ්බෙ සො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනුලොමපාපනා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි කියැයුතු මැ යැ.
Pali BJTඅනුලොම ආරොපනා: යං තත්ථ වදෙසි: ‘වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනුලෝම ආරෝපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ය යි කියැයුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යන යම් බසක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටිලොමඨපනා: නො චෙ පන වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටිලෝමඨපනා: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් ඇද්ද එයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි ඉදින් නො කියැයුතු වේ නම්,
Pali BJTපටිලොමපාපනා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටිලොමපාපනා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යැ,
Pali BJTපටිලොම ආරොපනා: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTපටිලෝම ආරෝපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබෙ යැ යි ද යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො ද කියැ යුතු යැ යි ද එහි ලා යම් බසක් කියෙහි නම් එ (තොපගේ) මිථ්‍යායෙකි.
Pali BJTපටිකම්මචතුක්කං
Sinhala BJTපටිකම්ම චතුක්ක යි.
Pali BJT3. ප. නි: ත්වං චෙ පන මඤ්ඤසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති, තෙන තව තත්ථ හෙතාය පටිඤ්ඤාය හෙවං පටිජානන්තං හෙවං නිග්ගහෙතබ්බෙ. අථ තං නිග්ගණ්හාම. සුනිග්ගහීතො ච හොසි.
Sinhala BJT3. ප. නි: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් නො දන්නා ලැබේ යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැයි නො කියැ යුතු යැයි ද (යනුවෙන්) ඉදින් භවත් හඟනේ නම් එ හෙයින් ඒ ප්‍රතිඥායෙන් එ සේ ප්‍රතිඥා කරන භවත් මෙසේ නිග්‍රහ කටයුතු වෙයි. එ බැවින් මෙසේ භවත්හු (මතුයෙහි එන සැටියෙන්) නිග්‍රහ කරම්හ. තවද (අප විසින්) මැනැවින් නිග්‍රහ කරන ලද්දේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගෙලො නූපලබ්භති සච්චිකට්ඨ පරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එ හෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබෙ යැ යි කිය යුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් පුද්ගලයෙක් නො දන්නා ලැබේ යැ යි කියැ යුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යන යම් බසක් එහි ලා කියෙහි නම් ඒ භවත්හු ගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති,
Sinhala BJTපටි. ඨ: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යි.
Pali BJTපටි. ආ. යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති ඉදං තෙ මිච්ඡා.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් නො දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබෙ යැ යි නො කියැයුතු යැ යි ද යන යම් බසක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTනිග්ගහ චතුක්කං.
Sinhala BJTනිග්ගහ චතුක්ක යි.
Pali BJT4. ප. උ: එසෙ චෙ දුන්නිග්ගහිතෙ හෙවමෙවං තත්ථ දක්ඛ: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති. නො ච මයං තයා තත්ථ හෙතාය පටිඤ්ඤාය හෙවං පටිජානන්තා හෙවං නිග්ගහෙතබ්බා. අථ මං නිග්ගණ්හාසි, දුන්නිග්ගහිතා ච හොම.
Sinhala BJT4. ප. උ: ඉදින් තෙල වැරැදි පේ කළ නිග්‍රහයෙක් වේ නම් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යැ යි ද, ‘යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ ය යි නො කියයුතු යැ’යි (යනුවෙන් අනුලෝම පඤ්චකයෙහි ලා) අපට කළ නිග්‍රහයෙහි දීත් එ පරිදි මැ දක්නේ මැනැවැ. එහි ලා තෙල ප්‍රතිඥායෙන් මෙසේ ප්‍රතිඥා කරන අපි භවත්හු විසින් මෙසේ නිග්‍රහ කටයුත්තමෝ නො වම්හ. එයින් අපට මෙසේ (මතු සඳහන් වන පරිදි) නිග්‍රහ කරන්නෙහි නම් වැරැදි සේ නිග්‍රහ කරන ලද්දමෝ වම්හ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වෙ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් දන්නා ලැබේ යයි කියයුතු යැයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් එය භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො ච පන වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. ඨ: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ය යි නො කියයුතු යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති ඉදං තෙ මිච්ඡා.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් දන්නා ලැබේ යැ යි කියයුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් මෙය භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTඋපනයනචකුක්කං.
Sinhala BJTඋපනය චතුක්ක යී.
Pali BJT5. ප. නිග: න හෙවං නිග්ගහෙතබ්බෙ, තෙන හි යං නිග්ගණ්හාසි.
Sinhala BJT5. ප. නිග: මෙසේ මම නිග්‍රහ කටයුතුයෙම් නො වෙමි. ඒ දුර්නිග්‍රහ හේතුවින් යම් හෙයකින් නිගන්නෙහි.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො, තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති{1} සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වෙ ද එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් එය භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උප්පලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. ඨ: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උප්පලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති ඉදං තෙ මිච්ඡා.
Sinhala BJTපටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකැ”යි යම් නිග්‍රහයක් කෙරෙහි ද එසේ නිග්‍රහ නො කළයුතු යැ.
Pali BJTනිගමනං: තෙන හි යෙ කතෙ නිග්ගහෙ සෙ නිග්ගහෙ දුක්කටෙ. සුකතෙ පටිකම්මෙ. සුකත පටිපාදනා’ති
Sinhala BJTනිගමන: එහෙයින් යම් නිග්‍රහයෙක් කරන ලද ද එය දුෂ්කෘත යැ. අප විසින් කළ ප්‍රතික්‍රියාව සුකෘත යැ. කථාමාර්‍ග ප්‍රතිපාදනය සුකෘත යි.
Pali BJTනිගමන{1} චතුක්කං.
Sinhala BJTනිගමන චතුක්ක යි.
Pali BJTපඨමො නිග්ගහො.
Sinhala BJTප්‍රථම නිග්‍රහ යි.
Pali BJT6. ප. පු: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති?
Sinhala BJT6. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබෙ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ (නො දන්නා ලැබේ)
Pali BJTප. අනු: යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති?
Sinhala BJTප. අනු: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කිය යුතු යැ. (සම්ම්තසත්‍ය විසින් ප්‍රතික්‍ෂේප නො කට හෙන හෙයිනි.)
Pali BJTප. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTප. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබෙ යයි කිය යුතු ය.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබෙ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කීයෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. ඨ: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු නම්, භවත, එහෙයින් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යැ.
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු මැ වේ නම්,
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති. මිච්ඡා.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපච්චනීක පඤ්චකං.
Sinhala BJTපච්චනීක පඤ්චක යි.
Pali BJT7. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT7. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. අනු: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියයුතු යැ.
Pali BJTස. පටිකම්ම: ආජානාහි පටිකම්මං.
Sinhala BJTස. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු ය යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටිකම්මචතුක්කං.
Sinhala BJTපටිකම්ම චතුක්ක යි.
Pali BJT8. ස. නි: ත්වං චෙ පන මඤ්ඤසි: ‘වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති, තෙන තව තත්ථ හෙතාය පටිඤ්ඤාය හෙවං පටිජානන්තං හෙවං නිග්ගහෙතබ්බෙ, අථ තං නිග්ගණ්හාම. සුනිග්ගහිතො ච හොසි.
Sinhala BJT8. ස. නි: ඉදින් භවත් “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු” යයි ද හඟනේ නම්, ඒ හැඟීමෙන් භවත්හුගේ එහි එන තෙල ප්‍රතිඥායෙන් මෙසේ පිළින කරන භවත් මෙසේ නිග්‍රහ කටයුතු වෙයි. දැන් තොප නිගනුම්හ. මනා කොට නිගන්නා ලද්දේ ද වෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබෙ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ඒ හේතුවින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද එයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු මැ වෙයි.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි ‘වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ ‘යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: ‘වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති ඉදං තෙ මිච්ඡා.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTනිග්ගහ චතුක්කං.
Sinhala BJTනිග්ගහ චතුක්ක යි.
Pali BJT9. ස. උ: එසෙ චෙ දුන්නිග්ගහිතෙ හෙවමෙවං තත්ථ දක්ඛ: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භතී සච්චිකට්ඨපරමත්ථෙනා’ති. නො ච මයං තයා තත්ථ හෙතාය පටිඤ්ඤාය හෙවං පටිජානන්තා හෙවං නිග්ගහෙතබ්බා. අථ මං නිග්ගණ්හාසි, දුන්නිග්ගහිතා ච හොම.
Sinhala BJT9. ස. උ: ඉදින් මේ වැරදිසේ කළ නිග්‍රහයෙක් වේ නම් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද (යනුවෙන් පච්චනීකපඤ්චකයෙහි දී) අපට කළ නිග්‍රහයෙහිත් එපරිදි මැ සලකන්නේ යැ. එහි ලා මේ ප්‍රතිඥායෙන් මෙසේ පිළින කරන අපි භවත්හු විසින් නිග්‍රහ කටයුත්තමෝ නො වම්හ. එබැවින් අපට මෙසේ (මතු සඳහන් වන පරිදි) නිග්‍රහ කරන්නෙහි නම් වැරැදිසේ නිග්‍රහ කරන ලද්දමෝ වම්හ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන.
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එ හෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, භවත්හු විසින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති ඉදං තෙ මිච්ඡා.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTඋපනයන චතුක්කං
Sinhala BJTඋපනයන චතුක්ක යි.
Pali BJT10. ස. නිග: න හෙවං නිග්ගහෙතබ්බෙ, තෙන හි යං නිග්ගණ්හාසි.
Sinhala BJT10. ස. නිග: මෙසේ මම නිග්‍රහ කටයුතුයෙම් නො වෙමි, ඒ දුර්නිග්‍රහ හේතුවින් යම් හෙයෙකින් නිගන්නෙහි.
Pali BJTඅනු. ඨ. හඤ්චි පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එ හෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු මැ වෙයි.