ස. අනු: සම්‍යක්ප්‍රධාන හෙයින් වේ ද ... ඍද්ධිපාද හෙයින් ... ඉන්‍ද්‍රිය හෙයින් … බල හෙයින් … බෝධ්‍යඞ්ග හෙයින් ... වශීභාව හෙයින් … සර්‍වඥඥානදර්‍ශන හෙයින් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
බුද්ධ කථා නිමි.
21. 6.
සබ්බදිසා කථා
[‘හැම දික්හි බුදුවරු සිටිති’ යි මහාසාංඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සබ්බදිසා කථා’ එයි.]
1. ස. පු: හැම දික්හි බුදුවරු සිටිත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පෙරදිග බුදුහු සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පෙරදිගැ බුදුහු සිටිත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ බුදුහු කිනම්හ. කවර ජාති ඇතියහ. කවර ගෝත්‍ර ඇතියහ. ඒ බුදුන්ගේ මාපියෝ කිනම්හ. ඒ බුදුන්ගේ ශ්‍රාවකයුගය කිනම් ඇතියේ යැ. ඒ බුදුන්ගේ උපස්ථායක කවරෙ යැ. ඒ බුදුහු කෙබඳු සිවුරු දරත් ද, කෙබඳු පාත්‍ර ධරත් ද, කවර ගමෙක හෝ නියම්ගමෙක හෝ නුවරෙක හෝ රටෙක හෝ ජනපදයෙක හෝ සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දකුණුදිගැ ... පැළදිගැ … උතුරුදිගැ … යටදිගැ බුදුහු සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: යට දෙස බුදුහු සිටිත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ බුදුහු කිනම්හ … කිනම් දනවියෙකැ හෝ සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: උඩ දෙස බුදුහු සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: උඩ දෙස බුදුහු සිටිත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සිවුමහරදයෙහි සිටිත් ද, … තව්තිසැ සිටිත් ද, ... යාම දෙව්ලොවැ සිටිත් ද, … තුසීපුර සිටිත් ද, ... නිර්‍මාණරති දෙව්ලොවැ සිටිත් ද, පරනිර්මිත වශවර්ති දෙව්ලොවැ සිටිත් ද ... බඹලොවැ සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
සබ්බදිසා කථා නිමි.
21. 7.
ධම්ම කථා
[රූපාදිය රූපාදි ස්වභාවයෙන් නියත වෙයි. ස්වභාවය නො පියයි. එහෙයින් ‘හැම ධර්‍මයෝ නියතයහ’ යි අන්‍ධක නිකායවාසීන් - සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘ධම්ම කථා’ එයි.]
1. ස. පු: හැම දහම්හු නියත වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මිථ්‍යාත්‍ව වශයෙන් නියත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනියත රාශියෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනියත රාශියෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනියත රාශියෙක් ඇත් නම්,
ස. පා: භවත ‘හැම දහම්හු නියත වෙති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: හැම දහම්හු නියත වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින්: මිථ්‍යාත්‍වනියතරාශි යැ සම්‍යකත්‍වනියතරාශි යැ අනියතරාශි යැ යි තුන් රාශියෙක් වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: මිථ්‍යාත්‍වනියතරාශි යැ සම්‍යක්ත්‍වනියතරාශි යැ අනියතරාශි යැ යි තුන්රාශියෙක් වදාරන ලද වී නම්,
ස. පා: භවත ‘හැම ධර්‍මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: රූපය රූපස්වභාවයෙන් නියත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මිථ්‍යාත්‍වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සම්‍යක්ත්‍වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: වේදනා … සංඥා … සංස්කාර … විඥානය විඥාන ස්වභාවයෙන් නියත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මිථ්‍යාත්‍ව වශයෙන් නියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සම්‍යක්ත්‍ව වශයෙන් නියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: “රූපය රූප ස්වභාවයෙන් නියත වෙයි … වේදනා සංඥා ... සංස්කාරයෝ … විඥානය විඥාන ස්වභාවයෙන් නියත වේ” යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රූප වේ ද, වේදනා වේ ද, සංඥා වේ ද, සංස්කාර වෙත් ද, විඥාන වේ ද; වේදනා … සංඥා … සංස්කාර … විඥාන … රූප වේ ද? වේදනා වේ ද? සංඥා වේ ද? සංස්කාර වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් රූපය රූපස්වභාවයෙන් නියත වෙයි. වේදනා … සංඥා ... සංස්කාර … විඥානය විඥාන ස්වරූපයෙන් නියත වේ.
ධම්ම කථා නිමි.
21. 8.
කම්ම කථා
[දිට්ඨධම්මවේදනීයාදි කර්‍ම දිට්ඨධම්මවෙදනාදීන් නියත වන හෙයින හැම කර්‍මයෝ (විපාක විසින්) නියතයහ’යි ලබ්ධි ගත්තාහු ඇත. අන්‍ධකනිකායවාසීන් හා ඇතැම් උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘කම්ම කථා’ එයි.]
1. ස. පු: හැම කර්‍මයෝ විපාක විසින් නියත වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මිථ්‍යාත්‍ව වශයෙන් නියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සම්‍යක්ත්‍ව වශයෙන් නියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනියත රාශියෙක් නැත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනියත රාශියෙක් ඇත්තේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනියතරාශියෙක් ඇත් නම්,
ස. පා: භවත ‘හැම කර්‍මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: හැම කර්‍මයෝ නියත වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මිථ්‍යාත්‍වනියතරාශි යැ, සම්‍යක්ත්‍වනියත රාශි යැ, අනියතරාශි යැ’යි තුන් රාශියෙක් වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: ‘මිථ්‍යාත්‍ව නියතරාශි යැ, සම්‍යක්ත්‍වනියත රාශි යැ, අනියත රාශි යැ’යි තුන් රාශියෙක් වදාරනලද වී නම්,
ස. පා: භවත ‘හැම කර්‍මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: දිට්ඨධම්මවේදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීයත්‍වයෙන් නියත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මිථ්‍යාත්‍වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සම්‍යක්ත්‍වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: උපපජ්ජවෙදනීය කර්‍මය … අපරාපරියවේදනීය කර්‍මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මිථ්‍යාත්‍වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සම්‍යක්ත්‍වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: දිට්ඨධම්මවේදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීය ස්වභාවයෙන් නියත වෙයි, උපපජ්ජවෙදනීය කර්‍මය … අපරාපරියවේදනීය කර්‍මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වෙතී” යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: දිට්ඨධම්මවේදනීය කර්‍මය උපපජ්ජවෙදනීය වේ ද? අපරාපරියවේදනීය වේ ද, … උපපජ්ජවෙදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීය වේ ද, අපරාපරියවේදනීය වේ ද, … අපරාපරියවේදනීය කර්‍මය දිට්ඨධම්මමවෙදනීය වේ ද, උපපජ්ජවෙදනීය වේ ද?