ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිපට්ඨාන අළුත් කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. අනු: සම්‍යක්ප්‍රධාන … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ග අළුත් කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පළමු අකුශලය පසුව කුශල කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පළමු සාස්‍රවය … සාංක්ලේශිකය පසු වැ අසාංක්ලේශික කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: තථාගතයන්ගේ සස්න යළි අළුත් කරන්නට ලැබේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිපට්ඨාන යළි අළුත් කරන්නට ලැබෙද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සම්‍යක්ප්‍රධාන … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ගයෝ යළි අළුත් කරන්නට ලැබෙද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අකුශලය පසු වැ කුශල කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පළමු සාස්‍රවය … සාංක්ලේශිකය පසු වැ අසාංක්ලේශික කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
සාසන කථා නිමි.
21. 2.
අවිවිත්තකථා
[යම් පුද්ගලයක්හට යම් ධර්‍මයෙක් ප්‍රත්‍යුත්පන්න වේ ද, හේ ඒ ධර්‍මයෙන් පමණක් අවිවික්ත (යුක්ත) නම් වෙයි යනු ස්වසමයෙහි නිශ්චය වෙයි. පෘථග්ජන පුද්ගල විසින් ත්‍රෛධාතුකධර්‍ම අපරිඥාත (පිරිසිඳ නොදත්) හෙයින් ඒකක්‍ෂණයෙහි මැ හැම ත්‍රෛධාතුකධර්‍මයන්ගෙන් අවිවික්තයයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අවිවිත්ත කථා’ එයි.]
1. ස. පු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුක ධර්‍මයෙන් අවිවික්ත (යුක්ත) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුක ස්පර්‍ශයෙන් … ත්‍රෛධාතුක වේදනායෙන් … සංඥායෙන් … චේතනායෙන් … චිත්තයෙන් … ශ්‍රද්ධායෙන් … වීර්‍ය්‍යයෙන් … ස්මෘතියෙන් ... සමාධියෙන් …ත්‍රෛධාතුක ප්‍රඥායෙන් (එක්වර) අවිවික්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුකධර්‍මයෙන් අවිවික්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: යම් කලෙක පෘථග්ජන පුද්ගල සිවුරු දේ ද, එකල්හි ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරේ ද … ආකාසානඤ්චායතනය උපයා වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් කලෙකැ පෘථග්ජන පුද්ගල පිඬුවා දේ ද … සෙනසුන් දේ ද … ගිලන්පස බෙහෙසත් පිරිකර දේ ද, එකල්හි චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරේ ද … නේවසඤ්ඤා නාසඤ්ඤායතන උපයා වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ප. පු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුකධර්‍මයෙන් අවිවික්ත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: පෘථග්ජන පුද්ගල විසින් රූපධාතුඅරූපධාතුග කර්‍මය පරිඥාත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් “පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුක ධර්‍මයෙන් අවිවික්ත” වෙයි.
අවිවික්ත කථා නිමි.
21. 3.
සඤ්ඤෝජන කථා
[‘රහත්හු හැම බුද්ධවිෂය නො දනිති. එහෙයින් ඔබ විසින් අවිද්‍යාවිචිකිත්සා ප්‍රහාණය නො කරනලද වනැ’ යි හැඟුමින් කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇතැයි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සංයෝජනකථා’ එයි.]
1. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කිසි සත්කායදෘෂ්ටියක් නො පියා … විචිකිත්සාවක් නො පියා … ශීලව්‍රතපරාමර්‍ශයක් නො පියා … රාගයක් නො පියා … ද්වේෂයක් නො පියා … මොහයක් නො පියා … අනපත්‍රපාවක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත් රාග ඇතියේ ද්වේෂ ඇතියේ මෝහ ඇතියේ මාන ඇතියේ මකු වූයේ පළාස ඇතියේ උපායාස ඇතියේ කෙලෙස් ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත් රාග නැතියේ ද්වේෂ නැතියේ මෝහ නැතියේ මාන නැතියේ මකුබව නැතියේ පළාස නැතියේ උපායාස නැතියේ ක්ලේශ නැතියේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත් රාග නැතියේ … ක්ලේශ නැතියේ වී නම්,
ස. පා: භවත, ‘කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත් හැම බුද්ධවිෂය දන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: එකරුණින්, “කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇත”.
සංයෝජන කථා නිමි.
21. 4.
ඉද්ධි කථා
[ඍද්ධිය කිසි තැනෙක සමෘද්ධ වෙයි. කිසි තැනෙකැ සමඍද්ධ නො වෙයි. අනිත්‍යාදිය නිත්‍යාදිය කිරීම ඒකාන්තයෙන් සිද්ධ නො වයි. සභාගසන්තති පෙරළා විසභාග සන්තති කරණය හෝ සභාගසන්තති චිරකල් පවත්වාලීම හො යම් කෙනකුන් සඳහා කරනු ලැබේ නම් ඔවුන්ගේ පුණ්‍යාදි කාරණ නිසා ‘භික්‍ෂූන් සඳහා පැන් කිරි ගී බවට පෙරැළිම සෙයින් ද, මහාධාතු නිධානයෙහි පහන් ආදිය චිරසන්තාන ප්‍රවර්‍තනය සෙයින් ද සමෘද්ධ වෙයි යනු ස්වසමයෙහි සනිටුහනි. යම් හෙයකින් ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවෝ රජුගේ ප්‍රාසාදය රන්වෙවයි ඉටුහු ද එහෙයින් ‘අධිප්පාය (අදහස ඉටුවන) ඍද්ධි ඇතැ’ යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධිගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘ඉද්ධි කථා’ එයි.]
1. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘වෘක්‍ෂයෝ නිත්‍යපර්‍ණ ඇති වෙත්ව’ යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ‘වෘක්‍ෂයෝ නිත්‍යපුෂ්ප ඇති වෙත්ව’යි … වෘක්‍ෂයෝ නිත්‍යඵල ඇති වෙත්වයි … නිත්‍යජ්‍යොත්සනා (සඳරැස්) ඇති වෙවයි … නිත්‍ය ක්‍ෂේම ඇති වෙවයි … නිත්‍යසුභික්‍ෂ වෙවයි … නිත්‍ය ස්වස්ති වෙව’යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
__[need trans]__
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ‘උපන් වේදනා … සංඥා … චේතනා … චිත්ත ... ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා නහමක් නිරුද්ධ වෙව’යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපය නිත්‍ය වෙව’ යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා … සංඥා … සංස්කාරයෝ … විඥානය නිත්‍ය වෙව’යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජාතිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් උපදිත්වයි අධිප්‍රායඍද්ධි ඇද්ද … ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් දිරත්වයි … ව්‍යාධිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් ව්‍යාධි ඇති වෙත්වයි … මරණස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් මියෙත්වයි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: ‘බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇතැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවෝ මගධේශ්වර සේනිය බිම්බිසාර රජුගේ පහය රන් වේවයි ඉටුහු නො, පහය ස්වර්‍ණත් වී නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවෝ මගධේශ්වර සේනිය බිම්බිසාර රජුගේ ‘පහය රන් වේව’යි ඉටු සේක් වී නම්, පහයත් රන් වී නම්,
ප. පා: භවත, එකරුණින් බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇත.
(මෙහි රජුගේ පුණ්‍යමහිමයෙන් ද පහය රන් වූ හෙයින් සාධකය නො යෙදේ.)
ඉද්ධි කථා නිමි.
21. 5.
බුද්ධ කථා
[ඒ ඒ කාලයෙහි ශරීර ආයු ප්‍රභා ප්‍රමාණ නානාත්‍වය මිස සෙසු බුදුදහමින් බුදුවරුන්ගේ බුදුවරුන් කෙරෙන් හීනාතිරෙක බවෙක් නම් නැත. බුදුවරුන් කෙරෙහි අවශේෂයෙන් හීනාතිරෙකතා ඇතැයි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘බුද්ධ කථා’ එයි.]
1. ස. පු: බුදුවරුන්ගේ බුදුවරුන් කෙරෙන් හීනාතිරෙකතා ඇද් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිපට්ඨාන හෙයින් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...