ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික සෝමනස්ස ඇද්ද, ලෞකික සෝමනස්සින්‍ද්‍රිය නැද්ද, ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතින්‍ද්‍රිය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික මනස් ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය නැද්ද, ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතින්‍ද්‍රිය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: ලෝකෝත්තර ශ්‍රද්ධා ඇද්ද, ලෝකෝත්තර ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: ලෝකෝත්තර වීර්‍ය්‍යය ඇද්ද, … ලෝකෝත්තර ප්‍රඥා ඇද්ද, ලෝකෝත්තර ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ශ්‍රද්ධා ඇද්ද, ලෝකෝත්තර ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: ලෞකික වීර්‍ය්‍ය ඇද්ද, … ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ප්‍රඥා ඇද්ද, ලෝකෝත්තර ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: ලෞකික පඤෙචන්‍ද්‍රියයෝ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මම් බුදු ඇසින් ලොව බලනුයෙම් අල්පරජස්ක මහාරජස්ක තීක්‍ෂෙණන්‍ද්‍රිය මෘද්වින්‍ද්‍රිය ස්වාකාර ද්වාකාර සුවිඥාප්‍ය දුර්විඥාප්‍ය සත්ත්‍වයන් පරලෝකවද්‍යයෙහි භය දක්මින් වෙසෙන ඇතැම් සත්ත්‍වයන් දිටිමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් “ලෞකික පඤ්චේන්‍ද්‍රියයෝ ඇත.”.
ඉන්‍ද්‍රිය කථා නිමි.
එකුන්විසිවැනි වග නිමි.
එහි උද්දානය:
අතීත කිලෙසජහනකථා යැ අනාගත කිලෙසජහනකථා යැ පච්චුපන්න කිලෙසජහනකථා යැ සුඤ්ඤතාකථා යැ සාමඤ්ඤඵලකථා යැ ප්‍රාප්තිකථා යැ තථතාකථා යැ කුසලකථා යැ අච්චන්තනියාමකථා යැ ඉන්‍ද්‍රියකථා යි.
විංශද් වර්‍ගය
20. 1.
අසඤ්චිච්චකථා
[ආනන්තර්‍ය්‍යවස්තු ගරු බැරි වෙයි. එහෙයින් චේතනා නො කොට නමුදු ආනන්තර්‍ය්‍යවස්තු විකෝපන කල කල්හි ආනන්තරික වෙති’යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අසඤ්චිච්චකථා’ එයි.]
1. ස. පු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නො දැන (පර) පණ නසා පාණාතිපාතී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නො දැන නුදුන්දැය ගෙන … මුසවා බැණ මුසාවාදී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: නො දැන පණ නසා පාණාතිපාතී නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: නො දැන අදින්නාදාන කොට … මුසවා බැණ මුසාවාදී නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දැන මව දිවියෙන් ගළවා ආනන්තරික නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පු: “නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. වි: නැති.
ස. අනු: “දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් “දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වෙති”යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වී නම්,
ස. පා: භවත “නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ” යයි නො කියැයුතු මැ යැ.
6. ප. පු: “මාතෘඝාතක ආනන්තරික වෙති” යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මව දිවියෙන් ගළවන ලද නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් මව දිවියෙන් ගළවන ලද වී නම්,
ප. පා: භවත එකරුණින් “මාතෘඝාතක ආනන්තරික වෙති” යි කියැයුතු මැ යැ.
7. ප. පු: “පිතෘඝාතක ආනන්තරික වෙති” යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: පියා දිවියෙන් ගළවන ලද නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් පියා දිවියෙන් ගළවනලද වී නම්,
ප. පා: භවත එකරුණින් “පිතෘඝාතක ආනන්තරික වෙති” යි කියැයුතු මැ යැ.
8. ප. පු: ‘අරහන්තඝාතක ආනන්තරික වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රහත් දිවියෙන් ගළවනලද නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් රහත් දිවියෙන් ගළවනලද වී නම්,
ප. පා: භවත එකරුණින් “අරහන්තඝාතක ආනන්තරික වෙති” යි කියැයුතු මැ යැ.
9. ප. පු: ‘ලෝහිතුප්පාදක ආනන්තරික වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: තථාගතයන් වහන්සේගේ ලෙහෙ උපදවන ලද නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් තථාගතයන් වහන්සේගේ ලෙහෙ උපදවන ලද වී නම්,
ප. පා: භවත එකරුණින් ‘ලෝහිතුප්පාදක ආනන්තරික වෙති’ යි කියැයුතු මැ යැ.
10. ස. පු: සඞ්ඝභේදක ආනන්තරික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: හැම සඞ්ඝභෙදකයෝ ආනන්තරික වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: හැම සඞ්ඝභෙදකයෝ ආනන්තරික වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “උපාලිය, අපායසංවර්‍තනික වූ නිරයසංවර්‍තනික වූ කල්පස්ථ වූ චිකිත්සා රහිත වූ සඞ්ඝභේදකයෙක් ඇත. උපාලිය, අපායසංවර්‍තනික නො වූ නිරය - සංවර්‍තනික නො වූ කල්පස්ථ නො වූ චිකිත්සා රහිත නො වූ සඞ්ඝභේදකයෙක් ඇතැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් “ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වෙති” යි නො කියැයුතු යැ.
13. ප. පු: “ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වෙති” යි නො කියැයුතු වේ ද?