Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 14101-14200 න් 15036

6. ස. පු: ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින්, ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි උපදනේ වේ නම්,
ස. පා: භවත ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි නූපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සකෘදාගාමී මාර්‍ගයෙන් … අනාගාමි මාර්‍ගයෙන් ... අර්‍හන්මාර්‍ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: කවර මාර්‍ගයෙකින් වේ ද?
ප. වි: අකුශලමාර්‍ගයෙනි.
ස. අනු: අකුශලමාර්‍ගය නෛර්‍ය්‍යාණික, ක්‍ෂයගාමී, බෝධගාමී, අනාස්‍රව … අසංක්ලේශිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික වී නම්,
ස. පා: භවත ‘ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි අකුශලමාර්‍ගයෙන් ප්‍රහීණ වෙති’ යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: උච්ඡේදදෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් උච්ඡේද දෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි උපදනේ වී නම්,
ස. පා: භවත “පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ”යි නො කියැයුතු මැ යැ.
11. ස. පු: උච්ඡේදදෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි නූපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සකෘදාගාමි මාර්‍ගයෙන් … අනාගාමි මාර්‍ගයෙන් අර්‍හන්මාර්‍ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: කවර මාර්‍ගයෙකින් වේ ද?
ප. වි: අකුශල මාර්‍ගයෙනි.
ස. අනු: අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික වේ ද?
ස. පා: භවත, ‘උච්ඡේදදෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි අකුශලමාර්‍ගයෙන් ප්‍රහීණ වෙති’ යි නො කියැයුතු මැ යැ.
14. ප. පු: ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් (නියත මිථ්‍යාදෘෂ්ටියෙන්) සමන්‍වාගත වෙයි. හෙ වරක් භවයෙහි ගැලුණේ ගැලුණේ මැ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇත’.
15. ස. පු: භාග්‍යවතුන් විසින් වදාරනලද: “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් සමන්‍වාගත වූයේ වෙයි. හෙ වරක් භවයෙහි ගැලුණේ ගැලුණේ මැ වෙයි” යනු කරුණු කොට එකරුණින් “පෘථග්ජනහට අත්‍යන්තනියාමතා” ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද: “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශ්‍රද්ධාදීන් විසින් නැඟී ගැලෙනුයේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: හැම කල්හි නැඟී ගැලෙනුයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
16. ස. පු: භාග්‍යවතුන් විසින් “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් එකාන්තකෘෂ්ණ අකුශලධර්‍මයෙන් සමන්‍වාගත වෙයි. හෙ වරක් භවයෙහි ගැලුණේ ගැලුණේ මැ වෙයි වදාරන ලදැ” යි කරුණු කොට එකරුණින් “පෘථග්ජනහට අත්‍යන්තනියාමතා” ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින්, “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශ්‍රද්ධාදීන් නැඟී සිටියේ වෙයි. (සෝවන් පුඟුල්) නැඟී ගමන මාර්‍ගය බලනුයේ වෙයි. (සෙදගැමි පුඟුල් ක්ලේශතනුභාවයෙන්) නැඟී (අනගැමි බවට අභිමුඛ වැ යන්නේ වෙයි. (අනගැමි පුඟුල්) නැඟී ප්‍රතිෂ්ඨාවට පැමිණියේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: හැම කල්හි නැඟී ප්‍රතිෂ්ඨාප්‍රාප්ත වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
අච්චන්තනියාම කථා නිමි.
ඉන්‍ද්‍රිය කථා
[ලෞකික ශ්‍රද්ධා ශ්‍රද්ධා මැ වෙයි. ඉන්‍ද්‍රිය නො වෙයි. එසේ මැ වීර්‍ය්‍ය ස්මෘති සමාධි ප්‍රඥාවෝත් වීර්‍ය්‍යාදීන් මැ මිස ඉන්‍ද්‍රිය නො වෙති’ යි හේතුවාද මහිංසාසකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉන්‍ද්‍රියකථා’ එයි.]
1. ස. පු: ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ශ්‍රද්ධා නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ලෞකික වීර්‍ය්‍යෙන්‍ද්‍රිය … ස්මෘතීන්‍ද්‍රිය … සමාධීන්‍ද්‍රිය … ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ප්‍රඥා නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ලෞකික වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ලෞකික සෞමනස්‍ය ඇද්ද, ලෞකික සෞමනස්‍යෙන්‍ද්‍රිය ඇද්ද, ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ප. පු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය නැද්ද?