ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: රූපයාගේ රූපත්‍වය ඇත, රූපත්‍වය අසංස්කෘත නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය … අමෘතය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: රූපයාගේ රූපත්‍වය ඇත, රූපත්‍වය අසංස්කෘත නො? නිර්‍වාණය අසංස්කෘත නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: වේදනාවගේ වේදනාත්‍වය ඇත, වේදනාත්‍වය … සංඥාවගේ සංඥාත්‍වය ඇත, සංඥාත්‍වය … සංස්කාරයන්ගේ සංස්කාරත්‍වය ඇත, සංස්කාරත්‍වය … විඥානයන්ගේ විඥානත්‍වය ඇත, විඥානත්‍වය අසංස්කෘත නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය … අමෘත්‍ය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ......
8. ස. පු: රූපයාගේ රූපත්‍වය ඇත, රූපත්‍වය … විඥානයාගේ විඥානත්‍වය ඇත, විඥානත්‍වය … අසංස්කෘත නො? නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ සදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: අසංස්කෘතයෝ සදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ සදෙනෙක් … අන්තරිකාවෝ සදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ප. පු: ‘සර්‍වධර්‍මයන්ගේ තථතාව අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: සර්‍වධර්‍මයන්ගේ තථතාව රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: එකරුණින් ‘සර්‍වධර්‍මයන්ගේ තථතාව අසංස්කෘත වේ’
තථතා කථා නිමි.
19. 6.
කුසල කථා
[අනවද්‍ය ද කුශල යැ, ඉෂ්ටවිපාකපුණ්‍යය ද කුශල යැ, එහි ‘අනවද්‍ය’ යනු ක්ලේශවිප්‍රයුක්ත යන අර්‍ත්‍ථ යි. මේ අර්‍ත්‍ථය අකුසල් තබා හැම දහම් ඇසුරු කෙරෙයි. ‘ඉෂ්ටවිපාක’ යනු ඉෂ්ටඵල නිෂ්පාදක පුණ්‍යය යන අර්‍ත්‍ථ යි. මේ අර්‍ත්‍ථය කුශලත්‍රිකයෙහි එන ආදිපදය මැ ඇසුරු කෙරෙයි. මේ මාර්‍ගය නො ගෙන අනවද්‍යභාව මාත්‍රයෙක් මැ ‘නිවන කුශලැ’ යි ලබ්ධි ගත්තෝ ඇත. අන්‍ධකනිකාය වාසීන් සෙයිනි. උනට ඉෂ්ටවිපාකාර්‍ත්‍ථයෙන් නිර්‍වාණයාගේ කුශලභාව නැති සේ දක්වන්නට ‘කුශලකථා’ එයි.]
1. ස. පු: නිර්‍වාණධාතු කුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින්, අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත් නම්,
ස. පා: භවත ‘නිර්‍වාණධාතු කුසල වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අලෝභය කුශල වේ ද, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණධාතු කුශල වේ ද, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අද්වේෂය කුශල … අමෝහය කුශල … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා කුශල වේ ද, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණධාතු කුශල වේ ද, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: නිර්‍වාණධාතු කුසල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අලෝභය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: නිර්‍වාණධාතු කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අද්වේෂය කුශල … අමෝහය කුශල … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: ‘නිර්‍වාණධාතු කුශල වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නිර්‍වාණධාතු අනවද්‍ය නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පටි: ඉදින් නිර්‍වාණධාතු අනවද්‍ය වී නම්,
ප. පා: භවත, එකරුණින් ‘නිර්‍වාණධාතු කුශල වෙති’ යි කියැයුතු මැ යැ.
කුශල කථා නිමි.
19. 7.
අච්චන්තනියාම කථා
[“සතිං නිමුග්ගො නිමුග්ගො’ ච හොති - වරක් ගැලුණේ ගැලුණේ මැ වේ” යන සූත්‍රපාඨ නිසා පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’ යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අච්චන්තනියාමකථා’ එයි.]
1. ස. පු: පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාතෘඝාතක අත්‍යන්තනියත (ඒකාන්ත නියමයෙන් එසේ) වේ ද, පිතෘඝාතක … අරහන්තඝාතක … රුධිරොත්පාදක … සඞ්ඝභේදක අත්‍යන්තනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා උපදනේ වී නම්,
ස. පා: භවත ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා නූඋපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සකෘදාගාමි … අනාගාමි … අර්‍හන්මාර්‍ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කවර මාර්‍ගයෙකින් වේ ද?
ප. වි: අකුශල මාර්‍ගයෙනි.
ස. අනු: අකුශල මාර්‍ගය නෛර්‍ය්‍යාණික ක්‍ෂයගාමී බෝධගාමී අනාස්‍රව … අසාංක්ලේශික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අකුශල මාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික වී නම්,
ස. පා: භවත ‘අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා අකුශලමාර්‍ගයෙන් ප්‍රහීණ යැ’ යි නො කියැයුතු මැ යැ.