Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 15001-15038 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “රූපං අපරිනිප්ඵන්න”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘රූපය අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්නන්ති.
Sinhala BJT2. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු “යදනිච්චං තං දුක්ඛං? වුත්තං භගවතා, රූපං අනිච්චන්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ යැ’යි වදාරනලද නො? රූපය අනිත්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි “යදනිච්චං තං දුක්ඛං” වුත්තං භගවතා, රූපං අනිච්චං,
Sinhala BJTස. ඨ: ඉදින් “යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ”යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, රූපය අනිත්‍ය වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්න”න්ති.
Sinhala BJTස. පා: භවත, දුඃඛය මැ පරිනිෂ්පන්න වෙතියි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛායතනං -පෙ- ධම්මායතනං -පෙ- චක්ඛුධාතු -පෙ- ධම්මධාතු -පෙ- චක්ඛුන්ද්රියං -පෙ- අඤ්ඤාතාවින්ද්රියං අපරිනිප්ඵන්නන්ති.
Sinhala BJT3. ස. පු: වේදනා … සංඥා … සංස්කාරයෝ … විඥානය … චක්‍ෂුරායතන … ධර්‍මායතන … චක්‍ෂුර්ධාතු … ධර්‍මධාතු … චක්‍ෂුරින්‍ද්‍රිය … අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අපරිනිෂ්පන්න වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අතීතභවයෙහි ශ්‍රෝතාපන්නයකු මව්කුසැ වැස නික්මෙන්නා දැක ගර්‍භාශය්‍යායෙහි ධර්‍මාභිසමය (ලෝකෝත්තර ධර්‍මාවබෝධය) ඇතැ’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මාභිසමය කථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤාතාවින්ද්රියං න අනිච්චං -පෙ- න විපරිනාමධම්ම’න්ති.
Sinhala BJTස. අනු: අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය නො වේ ද … විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු අඤ්ඤාතාවින්ද්රියං අනිච්චං සඞ්ඛතං -පෙ- විපරිනාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අඤ්ඤාතාවින්ද්රියං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිනාමධම්මං,
Sinhala BJTස. ඨ: ඉදින් අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න, ක්‍ෂයධර්‍ම, ව්‍යයධර්‍ම, විරාගධර්‍ම, නිරෝධධර්‍ම, විපරිණාමධර්‍ම වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අඤ්ඤාතාවින්ද්රියං අපරිනිප්ඵන්න”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘අඤ්‍ඤාතාවින්‍ද්‍රිය, අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්නන්ති.
Sinhala BJT4. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු “යදනිච්චං තං දුක්ඛං වුත්තං භගවතා, අඤ්ඤාතාවින්ද්රියං අනිච්ච’න්ති.
Sinhala BJTස. අනු: ‘යමක් අනිත්‍ය නම් ඒ දුඃඛ වේ’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි “යදනිච්චං තං දුක්ඛං” වුත්තං භගවතා, අඤ්ඤාතාවින්ද්රියං අනිච්චං,
Sinhala BJTස. ඨ: ඉදින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ’යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්න”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘දුඃඛය මැ පරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJTඅපරිනිප්ඵන්න කථා නිට්ඨිතා.
Sinhala BJTඅපරිනිෂ්ඵන්න කථා නිමි.
Pali BJTතෙවීසතිමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTතෙවිසිවන වග නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඑකාධිප්පායෙන මෙථුනො ධම්මො පතිසෙවිතබ්බො, අරහන්තානං වණ්ණෙන අමනුස්සා මෙථුනං ධම්මං පතිසෙවන්ති. බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච්ඡති, ගබ්භසෙය්යං ඔක්කමති දුක්කරකාරිකං අකාසි අපරන්තපං අකාසි අඤ්ඤං සත්ථාරං උද්දීසි අත්ථි න රාගො රාගපතිරූපකො, අත්ථි න දොසො දොසපතිරූපකො අත්ථි න මොහො මොහපතිරූපකො, අත්ථි න කිලෙසො කිලෙසපතිරූපකො. රූපං අපරිනිප්ඵන්නං අඤ්ඤාතාවින්ද්රියං අපරිනිප්ඵන්නන්ති.
Sinhala BJTඒකාධිප්පාය කථා යැ අරහන්තවණ්ණ කථා යැ ඉස්සරියකාමකාරිතා කථා යැ පතිරූප කථා යැ අපරිනිප්ඵන්න කථා යි.
Pali BJT(1) “මහා නියාමො අනුසයා නිග්ගහො ඛුද්දකපඤ්චමො පරප්පවාදමද්දනො සුත්තමූලසමාහිතා උජ්ජොතනා සත්ථුසමයෙ”ති.
Sinhala BJT(1) “(මහත් කථාවස්තු ඇතුළත් කළ වර්‍ග ඇතියෙන්) මහාපණ්ණාසක යැ, (නියාම කථායෙන් ආරබ්ධ වර්‍ග ඇතියෙන් දෙවැනි) නියාම පණ්ණාසක යැ, (අනුසය කථායෙන් ආරබ්ධ වර්‍ග ඇතියෙන් තෙවෙනි) අනුසය පණ්ණාසක යැ, (නිග්ගහ කථායෙන් ආරබ්ධ වර්‍ග ඇතියෙන් සිව්වැනි) නිග්ගහ පණ්ණාසක යැ, (‘සාසනකථා’ ආදි කුඩා කථා ඇතුළත් කෙළෙන්) පස්වැනි වැ සිටුනා ඛුද්දක කාණ්ඩ යැ, යන මේහැම (එකෙන් එකෙන් වෙන වෙන) පරවාද මඩනේ වෙයි. (මොහු හැම සාධක වශයෙන්) සූත්‍රමූල ඇති වැ ශාස්තෘසමයෙහි බැබැළුම ඇත්තාහුයැ”.
Pali BJTකථාවත්ථුප්පකරණෙ පඤ්චතිංසභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTකථාවස්තුප්‍රකරණයෙහි පන්තිස් බණවර නිමි.
Pali BJTකථාවත්ථුප්පකරණං සමත්තං.
Sinhala BJTකථාවස්තුප්‍රකරණය සමාප්ත යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘උපන් නො බෝකල් ඇති ශ්‍රෝතාපන්නයන්ගේ අර්‍හත්‍වප්‍රාප්තිය ද, සුප්පවාසා උවැසියගේ සත්වැසි ගර්‍භය ද දැක ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වත්‍රාප්ති ඇතැයි ද, ස්වප්නයෙහි ආකාශගමනාදිය දැක එහි ‘ධර්‍මාභිසමයත් අර්‍හත්ත්‍වප්‍රාප්තියත් ඇතැ’යි ද, උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘තිස්සෝපි කථා’ එයි.]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“අත්‍ථේසා භික්ඛවේ චේතනා, සා ච ඛො අබ්බොහාරිකා” යන වචන හෙයින් ස්වප්නගතයාගේ හැම චේතනා අව්‍යාකෘත වෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අබ්‍යාකත කථා’ එයි.]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘සර්‍වධර්‍මයෝ ක්‍ෂණිකයහ, මොහොතකුදු සිට ආසේවනප්‍රත්‍යය සෙවුනා කිසි දහමෙක් නැත. එහෙයින් කිසි ආසේවනප්‍රත්‍යතායෙක් නැත. ආසේවනප්‍රත්‍යය බැවින් උපන් කිසි ධර්‍මයෙක් නැතැ’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ආසේවනපච්චය කථා’ එයි.]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් සර්‍වසංස්කෘත ධර්‍මයෝ අනිත්‍ය වෙත්ද, එහෙයින් ඔහු හැම ඒකචිත්තක්‍ෂණික වෙත් මැ යැ. අනිත්‍යතා සංස්කාරධර්‍මය සමාන වුව ද එකෙක් වහා බිඳෙයි, එකෙක් වහා නො බිඳෙයි. මෙහි ලා කවර නියමයෙක් වේ දැ’යි පූර්‍වශෛල අපරශෛලනිකාය වාසීන් ගේ ලබ්ධියෙක් ඇද්ද උන් ගෙන ‘ඒකචිත්තක්ඛණික කථා’ එයි.]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[කාරුණ්‍යයෙන් ඒකාධිප්‍රාය ඇති වැ වේවයි, සසර දී එක්වම්හයි ස්ත්‍රිය හා සමග බුද්ධපූජාදිය කොට ප්‍රාර්‍ත්‍ථනා තැබීම් වශයෙන් ඒකාධිප්‍රාය ඇති වැ වේවයි, මෙසේ ස්ත්‍රීපුරුෂ දෙදෙනා මැ ඒකාධිප්‍රාය ඇති වැ මෛථුන ධර්‍ම සේවන කටයුතු යයි අන්‍ධක වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඒකාධිප්පාය කථා’ එයි.]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[සමෘද්ධ ඉරියව් ඇති සමෘද්ධ ආකල්ප ඇති පාපභික්‍ෂූන් දැක රහත්වෙසින් සිට අමනුෂ්‍යයෝ මෛථුනධර්‍මසේවන කෙරෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරහන්තවණ්ණ කථා’ එයි]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“බෝසත් ඡද්දන්තජාතකාදියෙහි පෙණෙන පරිදි ඓශ්චර්‍ය්‍යකාමකාරී බව (කර්‍මබලය නොව සිය කැමැත්තෙන් ක්‍රියා කිරීම) හේතුකොට ගෙන තිරිසන් ගත වෙයි, විනිපාතයට යෙයි, ගර්‍භශය්‍යාවට බැසගනී, දුෂ්කරක්‍රියා කෙළේ යැ. මෙරමා නො තවනු කෙළේ යැ. අන්‍යශාස්තෘවක්හු උදෙසී”යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉස්සරියකාමකාරිතා කථා’ එයි.]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෛත්‍රී කරුණා මෘදුතා සඳහා රාග නො වූ රාගප්‍රතිරූපකයෙක් ඇතැ යි ද, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය සඳහා ද්වේෂ නො වූ ද්වේෂප්‍රතිරූපකයෙක් ඇතැයි ද, හසිතොත්පාදය සඳහා මෝහ නො වූ මොහප්‍රතිරූපකයෙක් ඇතැ යි ද, දුර්‍මඞකු පුද්ගලයනට නිග්‍රහත්, ප්‍රියශීලි භික්‍ෂුනට අනුග්‍රහත්, පාපගර්‍හාත්, කල්‍යාණප්‍රශංසාත්, ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවන්ගේ වසලවාදයත්, භාග්‍යවතුන් වහන්සේගේ ඛෙළාසිකවාදයත් මෝඝපුරිසවාදයත් සඳහා ක්ලේශ නො වූ ක්ලේශප්‍රතිරූපකයෙක් ඇතැයි ද අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පතිරූප කථා’ එයි.]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“දුක්ඛමෙව හි සම්හොති” ආදි වචන නිසා දුඃඛය මැ පරිනිෂ්පන්න වෙයි. අවශේෂ ස්කන්‍ධායතනධාතුඉන්‍ද්‍රිය ධර්‍මයෝ අපරිනිෂ්පන්න වෙතියි සමහර උත්තරාපථකයන් හා හේතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරිනිෂ්ඵන්න කථා’ එයි.]