Pali BJTප. අනු: සබ්බෙ ධම්මා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති.
Sinhala BJTප. අනු: හැම දහම්හු නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තාහු වෙත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. පා: තෙන හි එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා”ති.
Sinhala BJTප. පා: එකරුණින් හැම දහම්හු ඒකචිත්තක්‍ෂණික වෙති.
Pali BJTඛණික කථා නිට්ඨිතා.
Sinhala BJTක්‍ෂණික කථා නිමි.
Pali BJTද්වාවීසතිමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTද්වාවිංශද්වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT“අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය පරිනිබ්බානං, අරහා කුසලං චිත්තො පරිනිබ්බායති, අරහා අනෙඤ්ජෙ ඨිතො පරිනිබ්බායති, අත්ථි ගබ්භසෙය්යාය ධම්මාභිසමයො, අත්ථි ගබ්භසෙය්යාය අරහත්තප්පත්ති, අත්ථි සුපිනගතස්ස ධම්මාභිසමයො, අත්ථි සුපිනගතස්ස අරහත්තප්පත්ති, සබ්බං සුපිනගතස්ස චිත්තං අබ්යාකතං, නත්ථි කාචි ආසෙවනපච්චයතා, එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා.
Sinhala BJTපරිනිබ්බානකථා යැ කුසලචිත්තකථා යැ ආනෙඤ්‍ජ කථා යැ ධම්මාභිසමයකථා යැ තිස්සො’පි කථා යැ අබ්‍යාකතකථා යැ ආසේවනපච්චය කථා යැ ඛණිකකථා යි.
Pali BJTතෙවීසතිමො වග්ගො
Sinhala BJTතෙවිසිවන වග
Pali BJT23. 1.
Sinhala BJT23. 1.
Pali BJTඑකාධිප්පාය කථා.
Sinhala BJTඒකාධිප්පාය කථා
Pali BJT1. ස. පු: එකාධිප්පායෙන{1} මෙථුනො ධම්මො පතිසෙවිතබ්බො’ති.
Sinhala BJT1. ස. පු: එකාධිප්‍රායයෙන් මෛථුනධර්‍ම සේවන කටයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: එකාධිප්පායෙන අස්සමණෙන{2} හොතබ්බං අභික්ඛුනා හොතබ්බං ජින්නමූලෙන{3} හොතබ්බං පාරාජිකෙන හොතබ්බන්ති.
Sinhala BJTස. අනු: එකාධිප්‍රායයෙන් අශ්‍රමණ වියයුතු වේ ද, අභික්‍ෂු වියයුතු වේ ද, ඡින්‍නමූල වියයුතු වේ ද, පාරාජික වියයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: එකාධිප්පායෙන මෙථුනො ධම්මො පතිසෙවිතබ්බො’ති.
Sinhala BJT2. ස. පු: එකාධිප්‍රායයෙන් මෛථුනධර්‍ම සේවන කටයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: එකාධිප්පායෙන පාණො හන්තබ්බො -පෙ- අදින්නං ආදියිතබ්බං -පෙ- මුසා භණිතබ්බා -පෙ- පිසුණං භණිතබ්බං -පෙ- ඵරුසං භණිතබ්බං -පෙ- සම්ඵං පලපිතබ්බං -පෙ- සන්ධි ඡෙදිතබ්බො{4} -පෙ- නිල්ලොපං කාතබ්බං -පෙ- එකාගාරිකං කාතබ්බං -පෙ- පරිපන්ථෙ ඨාතබ්බං -පෙ- පරදාරො ගන්තබ්බො -පෙ- ගාමඝාතො{5} කාතබ්බො -පෙ- නිගමඝාතො{6} කාතබ්බො’ති.
Sinhala BJTස. අනු: එකාධිප්‍රායයෙන් ප්‍රාණඝාත කළයුතු වේ ද, … අයිනාදන් කළයුතු වේ ද, මුසවා බිණියයුතු වේ ද, පිසුණුබස් බිණියයුතු වේ ද, … පරොස්බස් බිණියයුතු වේ ද … පලප් බිණියයුතු වේ ද … සන්‍ධිච්ඡේද කළයුතු වේ ද … මහාවිලෝප කළයුතු වේ ද, ඒකාගාරික කම් කළයුතු වේ ද … (කඩපලා සොරකම් පිණිස) මහමඟ සිටියයුතු වේ ද … පරඹුවන් කරා යායුතු වේ ද … ගම් පැහැරීම් කළයුතු වේ ද … නියම්ගම්පැහැරීම් කළයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඑකාධිප්පායකථා නිට්ඨිතා.
Sinhala BJTඒකාධිප්පාය කථා නිමි.
Pali BJT23. 2.
Sinhala BJT23. 2.
Pali BJTඅරහන්තවණ්ණ කථා.
Sinhala BJTඅරහන්තවණ්ණ කථා
Pali BJT1. ස. පු: අරහන්තානං වණ්ණෙන අමනුස්සා මෙථුනං ධම්මං පතිසෙවන්තී’ති.
Sinhala BJT1. ස. පු: රහත්වනින් (රහත් වෙසින්) අමනුෂ්‍යයෝ මෛථුනධර්‍මසේවන කෙරෙත්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහන්තානං වණ්ණෙන අමනුස්සා පාණං හනන්තී -පෙ- අදින්නං ආදියන්ති -පෙ- මුසා භණන්ති -පෙ- පිසුණං භණන්ති -පෙ- ඵරුසං භණන්ති -පෙ- සම්ඵං පලපන්ති -පෙ- සන්ධිං ඡින්දන්ති -පෙ- නිල්ලොපං හරන්ති -පෙ- එකාගාරිකං කරොන්ති -පෙ- පරිපන්ථෙ තිට්ඨන්ති -පෙ- පරදාරං ගච්ඡන්ති -පෙ- ගාමඝාතං කරොන්ති -පෙ- නිගමඝාතං කරොන්තී’ති.
Sinhala BJTස. අනු: රහත්වතින් අමනුෂ්‍යයෝ ප්‍රාණඝාත කෙරෙත් ද … අයිනාදන් කෙරෙත් ද … මුසවා බෙණෙත් ද පිසුනුබස් බෙණෙත් ද … පරොස්බස් බෙණෙත් ද … පලප් බෙණෙත් ද … සන්‍ධිච්ඡේද කෙරෙත් ද … තිල්ලෝපහරණ (මහාවිලෝප) කෙරෙත් ද … එක් ගෙයක් පැහැරගන්නා කම් කෙරෙත් ද … කඩපලාසොරකම් කෙරෙත් ද … විරඹු සොරකම් කෙරෙත් ද … ගම්පහරනා කම් කෙරෙත් ද … නියම්ගම්පහරනා කම් කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTඅරහන්තවණ්ණකථා නිට්ඨිතා.
Sinhala BJTඅරහන්තවණ්ණ කථා නිමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[රහත්හු සර්‍වඥවිෂයයෙහි නො පුහුන් සංයෝජන ඇති වැ මැ පිරිනිවෙති. එහෙයින් කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරිනිබ්බාන කථා’ එයි.]
Pali BJT23. 3.
Sinhala BJT23. 3.
Pali BJTඉස්සරියකාමකාරිතා{1} කථා.
Sinhala BJTඉස්සරියකාමකාරිතා කථා
Pali BJT1. ස. පු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච්ඡතී’ති.
Sinhala BJT1. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා (අදහස ඉටුකිරීමට සිය කැමැත්තෙන් ක්‍රියා කිරීම්) හේතුවින් විනිපාතයට (නිරයට වුවත්) යන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු නිරයං ගච්ඡති -පෙ- සඤ්ජීවං ගච්ඡති -පෙ- කාලසුත්තං ගච්ඡති -පෙ- තාපනං ගච්ඡති. -පෙ- පතාපනං{2} ගච්ඡති -පෙ- සඞ්ඝාතං ගච්ඡති -පෙ- රොරුවං ගච්ඡති -පෙ- අවීචිං ගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් නිරයට යන්නේ වේ ද … සඤ්‍ජවමහනිරයට යන්නේ වේ ද … කාලසූත්‍රමහනිරයට යන්නේ වේ ද … තාපමහනිරයට යන්නේ වේ ද … ප්‍රතාපමහනිරයට යන්නේ වේ ද ... සඞ්ඝාත මහනිරයට යන්නේ වේ ද … රෞරව මහනිරයට යන්නේ වේ ද … අවීචිමහනිරයට යන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච්ඡතී’ති.
Sinhala BJT2. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච්ඡතී’ති. අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථි.
Sinhala BJTප. පටි: නැත.
Pali BJTස. ඨ: හඤ්චි බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච්ඡතී’ති නත්ථෙව සුත්තන්තො,
Sinhala BJTස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “බොධිසත්තො ඉස්සරියාමකාරිතා හෙතු විනිපාතං ගච්ඡතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු ගබ්භසෙය්යං ඔක්කමතී’ති.
Sinhala BJT3. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට (ගැබහොවීමට) වදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.{3}
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු නිරයං උපපජ්ජෙය්ය -පෙ- තිරච්ඡානයොනිං උප්පජ්ජෙය්යා’ති.
Sinhala BJTස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් නිරයෙහි උපදනේ වේ ද … තිරිසන්යොන්හි උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු ගබ්භසෙය්යං ඔක්කමතී’ති.
Sinhala BJT4. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තො ඉද්ධිමාති.
Sinhala BJTස. අනු: බෝසත් ඍද්ධිමත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: බොධිසත්තො ඉද්ධිමාති.
Sinhala BJT5. ස. පු: බෝසත් ඍද්ධිමත් වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[රහත්හු ස්මෘතිවිපුලතාවට පැමිණියාහු පිරිනිවෙන්නාහු දු ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් යුක්ත වැ මැ පිරිනිවෙති. එහෙයින් රහත්හු ‘කුශලචිත්ත ඇති වැ පිරිනිවෙති’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කුසලචිත්ත කථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තෙන{1} ඡන්දිද්ධිපාදො භාවිතො -පෙ- විරියිද්ධිපාදො -පෙ- චිත්තිද්ධිපාදො -පෙ- වීමංසිද්ධිපාදො භාවිතො’ති.
Sinhala BJTස. අනු: බෝසතුන් විසින් ඡන්‍දිද්ධිපාද වඩනලද වේ ද … වීරියිද්ධිපාද වඩනලද වේ ද … චිත්තිද්ධිපාද වඩනලද වේ ද … වීමංසිද්ධිපාද වඩනලද වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු ගබ්භසෙය්යං ඔක්කමතී’ති.
Sinhala BJT6. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු ගබ්භසෙය්යං ඔක්කමතී’ති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ’ යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථි.
Sinhala BJTප. පටි: නැත.
Pali BJTස. ඨ: හඤ්චි ‘බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු ගබ්භසෙය්යං ඔක්කමතී’ති නත්ථෙව සුත්තන්තො,
Sinhala BJTස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු ගබ්භසෙය්යං ඔක්කමතී”ති.
Sinhala BJTස. පා: භවත, “බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ”යයි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු දුක්කරකාරිකං ආකාසී’ති.
Sinhala BJT7. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු සස්සතො ලොකොති පච්චාගච්ඡි{2} අසස්සතො ලොකොති -පෙ- අන්තවා ලොකොති -පෙ- අනන්තවා ලොකොති -පෙ- තං ජීවං තං සරීරන්ති -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති -පෙ- හොති තථාගතො පරම්මරණාති -පෙ- න හොති තථාගතො පරම්මරණාති -පෙ- හොති න ච හොති තථාගතො පරම්මරණාති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති පච්චාගච්ඡිති.
Sinhala BJTස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ‘ලෝකය ශාශ්වත යැ’යි හැදහී ද, ‘ලෝකය අශාශ්වත යැ’යි … ‘ලෝකය අන්තවත් යැ’යි … ‘ලෝකය අනන්තවත් යැ’යි … ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි … ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි … ‘සත්ත්‍ව මරණින් මතු වේ’ යයි, ‘සත්ත්‍ව මරණින් මතු නො වේ’ යයි … ‘සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’යයි ‘සත්ත්‍ව මරණින් මතු නො මැ වන්නේත් නො ද නො වන්නේත් වේ’ යයි හැදැහී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු දුක්කරකාරිකං අකාසි’ති.
Sinhala BJT8. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු දුක්කරකාරිකං අකාසී’ති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථි.
Sinhala BJTප. පටි: නැත.
Pali BJTස. ඨ: ‘හඤ්චි බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු දුක්කරකාරිකං අකාසී’ති නත්ථෙව සුත්තන්තො,
Sinhala BJTස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු දුක්කරකාරිකං අකාසී’ති.
Sinhala BJTස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT9. ස. පු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු අපරන්තපං අකාසි, අඤ්ඤං සත්ථාරං උද්දීසී’ති.
Sinhala BJT9. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් මෙරමා නො තවනු කෙළේ ද, අන්‍යශාස්තෘවක්හු උදෙසී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු සස්සතො ලොකොති පච්චාගච්ඡි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති පච්චාගච්ඡි’ති.
Sinhala BJTස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ‘ලෝකය ශාශ්වත යැ’යි ඇදැහී ද … ‘සත්ත්‍ව මරණින් මතු නො මැ වන්නේත් නො ද වන්නේත් වේ’යයි ඇදැහී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු අඤ්ඤං සත්ථාරං උද්දිසී’ති.
Sinhala BJT10. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු අඤ්ඤං සත්ථාරං උද්දිසී’ති අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී’යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“බුදුහු චතුර්‍ත්‍ථධ්‍යානයෙහි සිට පිරිනිවන් පෑහ’ යනු සලකා රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ආනෙඤ්‍ජ කථා’ එයි.]
Pali BJTප. පටි: නත්ථි.
Sinhala BJTප. පටි: නැත.
Pali BJTස. ඨ: ‘හඤ්චි බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු අඤ්ඤං සත්ථාරං උද්දීසී’ති නත්ථෙව සුත්තන්තො,
Sinhala BJTස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී’යයි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු අඤ්ඤං සත්ථාරං උද්දීසී’ති.
Sinhala BJTස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී’යයි නො කියැයුතු මැ යැ.
Pali BJTඉස්සරියකාමකාරිතා කථා නිට්ඨිතා.
Sinhala BJTඉස්සරියකාමකාරිතා කථා නිමි.
Pali BJT23. 4.
Sinhala BJT23. 4.
Pali BJTපතිරූප කථා.
Sinhala BJTපතිරූප කථා
Pali BJT1. ස. පු: අත්ථ න රාගො රාගපතිරූපකොති.
Sinhala BJT1. ස. පු: රාග නො වූ රාගප්‍රතිරූපකයෙක් ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි න ඵස්සො ඵස්සපතිරූපකො, අත්ථ න වෙදනා වෙදනාපතිරූපකා, අත්ථි න සඤ්ඤා සඤ්ඤාපතිරූපකා, අත්ථි න චෙතනා චෙතනාපතිරූපකා, අත්ථි න චිත්තං චිත්තපතිරූපකං, අත්ථි න සද්ධා සද්ධාපතිරූපකා, අත්ථි න විරියං විරියපතිරූපකං, අත්ථි න සති සතිපතිරූපකා, අත්ථි න සමාධි සමාධිපතිරුපකො, අත්ථි න පඤ්ඤා පඤ්ඤාපති රූපකා’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශ නො වූ ස්පර්‍ශප්‍රතිරූපකයෙක් ඇත් ද, වේදනා නො වූ වේදනා ප්‍රතිරූපකයෙක් ඇත් ද, සංඥා නො වූ සංඥාප්‍රතිරූපකයෙක් ඇත් ද, චේතනා නො වූ චේතනාප්‍රතිරූපකයෙක් ඇත් ද, චිත්ත නො වූ චිත්තප්‍රතිරූපකයෙක් ඇත් ද, ශ්‍රද්ධා නො වූ ශ්‍රද්ධාප්‍රතිරූපකයෙක් ඇත් ද, වීර්‍ය්‍ය නො වූ වීර්‍ය්‍යප්‍රතිරූපකයෙක් ඇත් ද, ස්මෘති නො වූ ස්මෘතිප්‍රතිරූපකයෙක් ඇත් ද, සමාධි නො වූ සමාධිප්‍රතිරූපකයෙක් ඇත් ද, ප්‍රඥා නො වූ ප්‍රඥාප්‍රතිරූපකයෙක් ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අත්ථි න දොසො දොසපතිරූපකො -පෙ- අත්ථි න මොහො මොහපතිරූපකො -පෙ- අත්ථි න කිලෙසො කිලෙසපතිරූපකො’ති.
Sinhala BJT2. ස. පු: ද්වේෂ නො වූ ද්වේෂප්‍රතිරූපකයෙක් ඇත් ද ... මෝහ නො වූ මොහප්‍රතිරූපකයෙක් ඇත් ද ... ක්ලේශ නො වූ ක්ලේශප්‍රතිරූපකයෙක් ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි න ඵස්සො ඵස්සපතිරූපකො -පෙ- අත්ථි න පඤ්ඤා පඤ්ඤාපතිරූපකා’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශ නො වූ ස්පර්‍ශප්‍රතිරූපකයෙක් ඇත් ද … ප්‍රඥා නො වූ ප්‍රඥාප්‍රතිරූපකයෙක් ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTපතිරූප කථා නිට්ඨිතා.
Sinhala BJTපතිරූප කථා නිමි.
Pali BJT23. 5.
Sinhala BJT23. 5.
Pali BJTඅපරිනිප්ඵන්න කථා.
Sinhala BJTඅපරිනිප්ඵන්න කථා
Pali BJT1. ස. පු: රූපං අපරිනිප්ඵන්නන්ති.
Sinhala BJT1. ස. පු: රූපය අපරිනිෂ්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං න අනිච්චං, න සඞ්ඛතං, න පටිච්චසමුප්පන්නං, න ඛයධම්මං, න වයධම්මං, න විරාගධම්මං, න නිරොධධම්මං, න විපරිනාමධම්මන්ති.
Sinhala BJTස. අනු: රූපය අනිත්‍ය නො, සංස්කෘත නො, ප්‍රතීත්‍යසමුත්පන්න නො, ක්‍ෂයස්වභාව ඇත්තේ නො, ව්‍යයස්වභාව ඇත්තේ නො, විරාගස්වභාව ඇත්තේ නො, නිරෝධස්වභාව ඇත්තේ නො, විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු රූපං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිනාමධම්මන්ති.
Sinhala BJTස. අනු: රූපය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න නො? ක්‍ෂයස්වභාව, ව්‍යයස්වභාව, විරාගස්වභාව, නිරෝධස්වභාව, විපරිණාමස්වභාව ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි රූපං අනිච්චං සඞ්ඛතං -පෙ- විපරිනාමධම්මං,
Sinhala BJTස. ඨ: ඉදින් රූපය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,