Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13501-13600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඑකමග්ග කථා නිට්ඨිතා
Sinhala BJTඒකමග්ග කථා නිමි.
Pali BJT18. 6.
Sinhala BJT18. 6.
Pali BJTඣානසඞ්කන්ති කථා.
Sinhala BJTඣානසඞ්කන්ති කථා
Pali BJT1. ස. පු: ඣානා ඣානං සඞ්කමතීති.
Sinhala BJT1. ස. පු: ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨමා ඣානං තතියං ඣානං සඞ්කමතීති.
Sinhala BJTස. අනු: ප්‍රථමධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: ඣානා ඣානං සඞ්කමතී’ති.
Sinhala BJT2. ස. පු: ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද,
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියා ඣානං චතුත්ථං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJTස. අනු: ද්වීතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: පඨමා ඣානා දුතියං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJT3. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යා පඨමස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව දුතියස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ප්‍රථමධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ ද්විතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: පඨමා ඣානා දුතියං ඣානං සඞ්කමති,{1} න වත්තබ්බං “යා පඨමස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව දුතියස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT4. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද? ප්‍රථමධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ ද්විතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වෙති” යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියං ඣානං අනාවට්ටෙන්තස්ස උප්පජ්ජති -පෙ- අප්පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ද්විතීයධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු දුතියං ඣානං ආවට්ටෙන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ද්විතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො ... ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි දුතියං ඣානං ආවට්ටෙන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජති.
Sinhala BJTස. ඨ: ඉදින් ද්විතීය ධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “පඨමා ඣානා දුතියං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJTස. පා: භවත, “ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කෙරෙතී” නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: පඨමා ඣානා දුතියං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJT5. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨමං ඣානං කාමෙ ආදීනවතො මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රථමධ්‍යානය කාමයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියං ඣානං කාමෙ ආදීනවතො මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ද්විතීයධ්‍යානය කාමයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[වෛතුල්‍යවාදීහු අප බුදුහු තුසී දෙව්ලොව උපන්නාහු එහි මැ වසන්නාහු වත් මුත් මිනිස්ලොවට නො එන්නාහ’ යි ද, නිර්මිතරූපමාත්‍රය මෙලොව දක්වන්නාහ’යි ද ලබ්ධි ගත්හ. උන්ගේ වාද බිඳුනට ‘මනුස්සලෝකකථා’ එයි.]
Pali BJT6. ස. පු: පඨමං ඣානං සවිතක්කං සවිචාරන්ති.
Sinhala BJT6. ස. පු: ප්‍රථමධ්‍යානය සවිතර්‍ක සවිචාර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියං ඣානං සවිතක්කං සවිචාරන්ති.
Sinhala BJTස. පු: ද්විතීයධ්‍යානය සවිතර්‍කසවිචාර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පඨමා ඣානා දුතියං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව පඨමං ඣානං තං දුතියං ඣානන්ති.
Sinhala BJTස. අනු: ඒ ප්‍රථමධ්‍යානයෙන් මැ ඒ ද්විතීයධ්‍යාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: දුතියා ඣානා තතියං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJT7. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යා දුතියස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා{1} -පෙ- පණිධි, සා’ව තතියස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ද්විතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ තෘතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: දුතියා ඣානා තතියං ඣානං සඞ්කමති,{1} න වත්තබ්බං “යා දුතියස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව තතියස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT8. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද, ද්විතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇත් නම්, එ මැ තෘතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තතියං ඣානං අනාවට්ටෙන්තස්ස{2} උප්පජ්ජති -පෙ- අප්පණිදහන්තස්ස{3} උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: තෘතීයධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද … ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු තතියං ඣානං ආවට්ටෙන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: තෘතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො … ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි තතියං ඣානං ආවට්ටෙන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජති.
Sinhala BJTස. ඨ: ඉදින් තෘතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම්, ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ දුතියා ඣානා තතියං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJTස. පා: භවත, ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT9. ස. පු: දුතියා ඣානා තතියං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJT9. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියං ඣානං විතක්කවිචාරෙ ආදීනවතො මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තතියං ඣානං විතක්කවිචාරෙ ආදීනවතො මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: දුතියං ඣානං සප්පීතිකන්ති.
Sinhala BJT10. ස. පු: ද්විතීයධ්‍යාන සප්‍රීතික වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“තුසීපුර වැඩවාස කරන භාග්‍යවත් බුදුහු දහම් දෙසන පිණිස නිර්මිත බුදුන් මිනිස්ලොවට එවූසේක. ආයුෂ්මත් අනඳ තෙරණුවන් විසින් ඔබගේ දහම් පිළිගෙන මිනිස්ලොව දෙසනලදි. භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලද නො වේ” යයි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මදේසනාකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තතියං ඣානං සප්පීතිකන්ති.
Sinhala BJTස. අනු: තෘතීයධ්‍යාන සප්‍රීතික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: දුතියා ඣානා තතියං ඣානං සඞ්කමතීති.
Sinhala BJT11. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව දුතියං ඣානං තං තතියං ඣානන්ති
Sinhala BJTස. අනු: ඒ ද්විතීයධ්‍යාන මැ තෘතීයධ්‍යාන වේ ද,
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: තතියා ඣානා චතුත්ථං ඣානං සඞ්කමතී’ති
Sinhala BJT12. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යා තතියස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව චතුත්ථස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: තෘතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ චතුර්‍ත්‍ථධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: තතියා ඣානා චතුත්ථං ඣානං සඞ්කමති, න වත්තබ්බං “යා තතියස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව චතුත්ථස්ස ඣානස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT13. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද, ‘තෘතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ චතුර්‍ත්‍ථධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වෙතී’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුත්ථං ඣානං අනාවට්ටෙන්තස්ස උප්පජ්ජති -පෙ- අප්පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද … ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු චතුත්ථං ඣානං ආවට්ටෙන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො … ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි චතුත්ථං ඣානං ආවට්ටෙන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජති.
Sinhala BJTස. ඨ: ඉදින් චතුර්‍ත්‍ථධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “තතියා ඣානා චතුත්ථං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJTස. පා: භවත, ‘තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT14. ස. පු: තතියා ඣානා චතුථං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJT14. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තතියං ඣානං පීතිං ආදීනවතො මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: තෘතීයධ්‍යානය ප්‍රීතිය ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුත්ථ ඣානං පීතිං ආදීනවතො මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය ප්‍රීතිය ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: තතියං ඣානං සුඛසහගතන්ති.
Sinhala BJT15. ස. පු: තෘතීයධ්‍යානය සුඛසහගත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“ප්‍රිය වස්තූන්ගේ විපත්හි සරාගපුද්ගලයන්ගේ රාග වශයෙන් කරුණාප්‍රතිරූපක ප්‍රවෘත්ති දැක රාගය මැ කරුණා නම් වෙයි. එ ද භාග්‍යවතුන් වහන්සේට නැත. එයින් භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ” යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කරුණාකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුත්ථං ඣානං සුඛසහගතන්ති.
Sinhala BJTස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය සුඛසහගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT16. ස. පු: තතියා ඣානා චතුත්ථං ඣානං සඞ්කමතී’ති.
Sinhala BJT16. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව තතියං ඣානං තං චතුත්ථං ඣානන්ති.
Sinhala BJTස. අනු: ඒ තෘතීයධ්‍යාන මැ ඒ චතුර්‍ත්‍ථධ්‍යාන වේ ද,
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ප. පු: න වත්තබ්බං “ඣානා ඣානං සඞ්කමතී’ති.
Sinhala BJT17. ප. පු: ‘ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි [පඨමං ඣානං] -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරතී’ති. අත්ථෙව සුත්තන්තා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ (ප්‍රථමධ්‍යානය) … චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කෙරෙයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි”ඣානා ඣානං සඞ්කමතී’ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කෙරෙයි.
Pali BJTඣානසඞ්කන්ති කථා නිට්ඨිතා.
Sinhala BJTධ්‍යානසඞ්ක්‍රාන්ති කථා නිමි.
Pali BJT18. 7.
Sinhala BJT18. 7.