Pali BJTස. අනු: නත්ථි බුද්ධස්ස භගවතො මුදිතා -පෙ- උපෙක්ඛා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘මෘදුතා …උපේක්‍ෂා’ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අත්ථි බුද්ධස්ස භගවතො මෙත්තා’ති.
Sinhala BJT3. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘මෛත්‍රී’ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි බුද්ධස්ස භගවතො කරුණාති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මාර්‍ගඵල මැ සඞ්ඝ නම් වෙති. මාර්‍ගඵලයෝ කිසිවක් නොවළඳතී. එයින් “සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අත්ථි බුද්ධස්ස භගවතො මුදිතා -පෙ- උපෙක්ඛා’ති.
Sinhala BJT4. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘මෘදුතා … උපේක්‍ෂා’ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි බුද්ධස්ස භගවතො කරුණා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: නත්ථි බුද්ධස්ස භගවතො කරුණා’ති.
Sinhala BJT5. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “භගවා අකාරුණිකො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත්හු අකාරුණික වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු භගවා කාරුණිකො ලොකහිතො ලොකානුකම්පකො ලොකත්ථචරො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත්හු කාරුණික වූවාහු ලොවට හිත වූවාහු ලොවට අනුකම්පා ඇත්තාහු ලොවට වැඩ කරන්නාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි භගවා කාරුණිකො ලොකහිතො ලොකානුකම්පකො ලොකත්ථචරො,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවත්හු කාරුණික වූවාහු ලොවට හිත වූවාහු ලොවට අනුකම්පා ඇත්තාහු ලොවට වැඩ කරන්නාහු නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘නත්ථි බුද්ධස්ස භගවතො කරුණා’ති
Sinhala BJTස. පා: භවත, ‘භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: නත්ථි බුද්ධස්ස භගවතො කරුණා’ති.
Sinhala BJT6. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා මහාකරුණාසමාපත්තිං සමාපජ්ජී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත්හු මහකුලුණු සමවත් සමවන්හු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි භගවා මහාකරුණාසමාපත්තිං සමාපජ්ජි,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවත්හු මහකුලුණු සමවත් සමවන්හු නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ, ‘නත්ථි බුද්ධස්ස භගවතො කරුණා’ති.
Sinhala BJTස. පා: භවත, භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ප. පු: අත්ථි බුද්ධස්ස භගවතො කරුණා’ති.
Sinhala BJT7. ප. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: භගවා සරාගො’ති.
Sinhala BJTප. අනු: බුදුහු සරාග වෙත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. පා: තෙන හි ‘නත්ථි බුද්ධස්ස භගවතො කරුණා’ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන්ට කරුණා නැති’.
Pali BJTකරුණාකථා නිට්ඨිතා.
Sinhala BJTකරුණා කථා නිමි.
Pali BJT18. 4.
Sinhala BJT18. 4.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“මාර්‍ගඵලයෝ මැ සඞ්ඝ නම් වෙති. මාර්‍ගඵලයනට කිසිවක් දිය නො හැක්ක. පිළිගන්නට ද නො හැක්ක. ඉන් කිසි උපකාරයෙක් මාර්‍ගඵලයනට නැත. එයින් මාර්‍ගඵලයනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා’ එයි.]
Pali BJTගන්ධජාතකථා.
Sinhala BJTගන්‍ධජාත කථා
Pali BJT1. ස. පු: බුද්ධස්ස භගවතො උච්චාරපස්සාවො අතිවිය අඤ්ඤෙ ගන්ධජාතෙ අධිගණ්හාතී’ති{1}.
Sinhala BJT1. ස. පු: භාග්‍යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්‍ය ගන්‍ධජාතයන් මැඩගෙන සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: භගවා ගන්ධභොජී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ සුවඳදැය මැ වළඳනසේක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු භගවා ඔදනකුම්මාසං භුඤ්ජතී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ බත් කොමු වළඳනසේක් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි භගවා ඔදනකුම්මාසං භුඤ්ජති,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ බත් කොමු වළඳන සේක් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “බුද්ධස්ස භගවතො උච්චාරපස්සාවො අතිවිය අඤ්ඤො ගන්ධජාතෙ අධිගණ්හාතී’ති.
Sinhala BJTස. පා: භවත, ‘භාග්‍යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්‍ය ගන්‍ධජාතයන් මැඩගෙන සිටුනේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: බුද්ධස්ස භගවතො උච්චාරපස්සාවො අතිවිය අඤ්ඤෙ ගන්ධජාතෙ අධිගණ්හාතී’ති.
Sinhala BJT2. ස. පු: භාග්‍යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්‍ය ගන්‍ධජාතයන් මැඩගෙන සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කෙචි බුද්ධස්ස භගවතො උච්චාරපස්සාවං නහායන්ති.{2} විලිම්පෙන්ති{3} උච්ඡාදෙන්ති.{4} පෙළාය පටිසාමෙන්ති. කරණ්ඩාය නික්ඛිපෙන්ති.{5} ආපණෙ පසාරෙන්ති.{6} තෙන ච ගන්ධෙන ගන්ධකරණීයං කරොන්තී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුන්ගේ මලමූ ස්නානය කරන, විලෙවුන් කොට ගන්නා, උච්ඡාදන කරන, මඤ්ජූසායෙහි ගෝපනය කරන, කරඬුයෙහි බහාලන, අවන්හල්හි සුවඳ දෑ සේ එළවා තබන කිසි කෙනෙක් ඇද්ද? ඒ ගඳිනුදු ගඳකරණී කෙරෙත් ද? නො කියැයුතු මැ යැ
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTගන්ධජාත කථා නිට්ඨිතා.
Sinhala BJTගන්‍ධජාත කථා නිමි.
Pali BJT18. 5.
Sinhala BJT18. 5.
Pali BJTඑකමග්ග කථා
Sinhala BJTඒකමග්ග කථා
Pali BJT1. ස. පු: එකෙන අරියමග්ගෙන චත්තාරි සාමඤ්ඤඵලානි සච්ඡිකරොතී’ති.
Sinhala BJT1. ස. පු: එක් ආර්‍ය්‍යමාර්‍ගයෙන් සතර ශ්‍රාමණ්‍යඵලයන් පසක් කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුන්නං ඵස්සානං -පෙ- චතුන්නං සඤ්ඤානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්ර්‍පශයන් සතර දෙනකුන්ගේ සංඥාවන් සතර දෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: එකෙන අරියමග්ගෙන චත්තාරි සාමඤ්ඤඵලානි සච්ඡිකරොතී’ති.
Sinhala BJT2. ස. පු: එක් අරිමඟින් සතර ශ්‍රාමණ්‍යඵලයන් පසක් කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිමග්ගෙනාති.{1}
Sinhala BJTස. අනු: සෝවන් මඟින් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සකදාගාමි -පෙ- අනාගාමිමග්ගෙනාති.
Sinhala BJTස. අනු: සෙදගැමි … අනගැමිමඟින් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: කතමෙන මග්ගෙනාති.
Sinhala BJTස. අනු: කවර මඟෙකින් (පසක් කරන්නේ) වේ ද?
Pali BJTප. වි: අරහත්තමග්ගෙනා’ති.
Sinhala BJTප. වි: රහත්මඟිනි.
Pali BJTස. අනු: අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං ජහතී’ති.
Sinhala BJTස. අනු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශ දුරු කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං ජහතී’ති.
Sinhala BJT3. ස. පු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශ දුරු කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තිණ්ණං සඤ්ඤොජනානං පහානං සොතාපත්තිඵලං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: ‘තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණය සෝවත්ඵල යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද නො?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“භාග්‍යවත් බුදුහු කිසිවක් නො වළඳති. ලෝකානුවර්‍තන පිණිස වළඳනුවන් සෙයින් තමන් දක්වති. දානය නිරූපකාර හෙයින් උන්වහන්සේ කෙරෙහි පුදන ලද්දේ මහත්ඵල නො වෙයි.” යනුවෙන් මහා පුණ්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා’ එයි.]
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි තිණ්ණං සඤ්ඤොජනානං පහානං සොතාපත්තිඵලං වුත්තං භගවතා,
Sinhala BJTස. ඨ: ඉදින් ‘තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණය සෝවත්ඵල වෙතී’ භාග්‍යවතුන් විසින් වදාරනලද වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං ජහතීති.
Sinhala BJTස. පා: භවත, ‘රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශය දුරු කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං ජහතී’ති.
Sinhala BJT4. ස. පු: රහත්මඟින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්‍යාපාද හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. පු: අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං ජහතී’ති.
Sinhala BJTස. පු: රහත්මඟින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්‍යාපාද හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු කාමරාගබ්යාපාදානං තනුභාවං සකදාගාමිඵලං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: ‘කාමරාගව්‍යාපාදයන්ගේ තුනු බව සෙදගැමිඵල යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි කාමරාගබ්යාපාදානං තනුභාවං සකදාගාමිඵලං වුත්තං භගවතා.
Sinhala BJTස. ඨ: ඉදින් කාමරාගව්‍යාපාදයන්ගේ තනුභාවය සෙදගැමිඵලය’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං ජහතී’ති.
Sinhala BJTස. පා: භවත, “රහත්මගින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්‍යාපාද හැරපියතී” යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං ජහතී’ති.
Sinhala BJT5. ස. පු: රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං ජහතී’ති.
Sinhala BJTස. අනු: රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: නනු කාමරාගබ්යාපාදානං අනවසෙසප්පහානං අනාගාමිඵලං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: ‘කාමරාගව්‍යාපාදයන්ගේ නිරවශේෂප්‍රහාණය අනගැමිඵල යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි කාමරාගබ්යාපාදානං අනවසෙසප්පහානං අනාගාමිඵලං වුත්තං භගවතා.
Sinhala BJTස. ඨ: ඉදින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ නිරවශේෂ ප්‍රහාණය අනගැමිඵල යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරනලද වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං ජහතී’ති.
Sinhala BJTස. පා: භවත, “රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය හැරපියතී” නො කියැයුතු මැ යැ.
Pali BJT6. ප. පු: න වත්තබ්බං එකෙන අරියමග්ගෙන චත්තාරි සාමඤ්ඤඵලානි සච්ඡිකරොතී’ති.
Sinhala BJT6. ප. පු: ‘එක් ආර්‍ය්‍යමාර්‍ගයෙකින් සතර ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: භගවතා සොතාපත්තිමග්ගො භාවිතො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් සෝවත් මග භාවිත වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“ඉදින් ප්‍රතිග්‍රාහක කෙරෙන් දක්‍ෂිණාවිශුද්ධි වේ නම්, මහත්ඵල වේ නම්, ‘දායකයා විසින් දන් දෙන ලද යැ, ප්‍රතිග්‍රාහකයා විසින් ඵල නිපයන ලදැ’ යි අනෙකෙක් අනෙකක්හුගේ දානඵල නිපයනු වන්නේ සුඛදුඃඛ පරකෘත බවට පැමිණෙන්නේ යැ. අනෙකෙක් කර්‍ම කරන්නේ යැ. අනෙකෙක් විපාක විඳුනේ යි. එහෙයින් දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ” යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘දක්ඛිණාවිසුද්ධිකථා’ එයි.]
Pali BJTප. අනු: භගවා සොතාපන්නො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවත්හු ශ්‍රෝතාපන්න වෙත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. අනු: භගවතා සකදාගාමු -පෙ- අනාගාමිමග්ගො භාවිතො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් සෙදගැමිමග ... අනගැමිමග භාවිත වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: භගවා අනාගාමී’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවත්හු අනගැමි වෙත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: භගවා එකෙන අරියමග්ගෙන චත්තාරි සාමඤ්ඤඵලානි සච්ඡිකරොති, සාවකා චතූහි අරියමග්ගෙහි චත්තාරිසාමඤ්ඤඵලානි සච්ඡිකරොන්තී’ති.
Sinhala BJT7. ස. පු: ‘භාග්‍යවතුන් වහන්සේ එක් ආර්‍ය්‍යමාර්‍ගයෙකින් සතර ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කරන්නාහු වෙත් ද, ශ්‍රාවකයෝ සතරමාර්‍ගයෙන් සතර ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කරන්නාහු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාවකා බුද්ධස්ස භගවතො අදිට්ඨං දක්ඛන්ති{1} අනධිගතං අධිගච්ඡන්ති, අසච්ඡිකතං සච්ඡිකරොන්තී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රාවකයෝ භාග්‍යවත් බුදුන් නො දක්නාලද්ද දක්නාහු වෙත් ද, අනධිගතය අධිගම කරන්නාහු වෙත් ද, අසාක්‍ෂාත්කෘතය සාක්‍ෂාත් කරන්නාහු වෙත් ද?