Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13201-13300 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: නනු චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතාති.
Sinhala BJTස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා,
Sinhala BJTස. ඨ: ඉදින් සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද වී නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සඞ්ඝො දක්ඛිණං විසොධෙතී”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විසුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතී’ති.
Sinhala BJT3. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථි කෙචි සඞ්ඝස්ස දානං දත්වා දක්ඛිණං ආරාධෙන්තී’ති.
Sinhala BJTස. අනු: සඟනට දන් දී දක්‍ෂිණා ඵල සපයන කිසි කෙනෙක් ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි ‘අත්ථි කෙචි සඞ්ඝස්ස දානං දත්වා දක්ඛිණං ආරාධෙන්ති,
Sinhala BJTස. ඨ: ඉදින් සඟනට දන් දී දක්‍ෂිණා ඵල සපයන කිසි කෙනෙක් ඇත් නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සඞ්ඝො දක්ඛිණං විසොධෙතී”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණාවිශුද්ධිය කෙරෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: නනු අත්ථි කෙචි සඞ්ඝස්ස චීවරං දත්වා -පෙ- පිණ්ඩපාතං දත්වා -පෙ- සෙනාසනං දත්වා -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දත්වා -පෙ- ඛාදනීයං දත්වා -පෙ- භොජනීයං දත්වා -පෙ- පානීයං දත්වා දක්ඛිණං ආරාධෙන්තීති.
Sinhala BJTස. අනු: සඞ්ඝයාට සිවුරු දී ... පිඬුවා දී ... සෙනසුන් දී ... ගිලන්පසබෙහෙත්පිරිකර දී ... කැවිලි දී ... බොජුන් දී ... පැන් දී දක්‍ෂිණාඵල සපයන කිසි කෙනෙක් ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි කෙචි සඞ්ඝස්ස පානීයං දත්වා දක්ඛිණං ආරාධෙන්ති,
Sinhala BJTස. ඨ: ඉදින් සඟනට පානීය දී දක්‍ෂිණාඵල සපයන කිසි කෙනෙක් ඇත් නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “සඞ්ඝො දක්ඛිණං විසොධෙතී”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“කම්මුනා වත්තති ලෝකෝ - ලෝකය කර්‍ම හේතුවින් වැටෙයි” යන සූත්‍ර නිසා මෙ හැම කර්‍මවර්‍ත ක්ලේශවර්‍ත විපාකවර්‍ත කර්‍ම හෙයින් මැ වේ” යයි රාජගිරික සිදධාර්ත්‍ථික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සබ්බමිදං කම්මතෝති කථා’ එයි.]
Pali BJT4. ප. පු: සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති.
Sinhala BJT4. ප. පු: සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කරන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: මග්ගො විසොධෙති, ඵලං විසොධෙතීති.
Sinhala BJTප. අනු: මාර්‍ගය විශුද්ධ කරන්නේ වේ ද? ඵලය විශුද්ධ කරන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTන වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා නිට්ඨිතා.
Sinhala BJTන වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා නිමි.
Pali BJT17. 8.
Sinhala BJT17. 8.
Pali BJTන වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා.
Sinhala BJTන වත්තබ්බං සඞ්ඝො භුඤෝජතීති කථා
Pali BJT1. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝො භුඤ්ජති, පිවති, ඛාදති, සායතී’ති.
Sinhala BJT1. ස. පු: සඞ්ඝ තෙම භෝජන පාන ඛාදන සායන කෙරෙයි’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථි කෙචි සඞ්ඝභත්තානි කරොන්ති, උද්දෙසභත්තානි කරොන්ති, යාගුපානානි කරොන්තී’ති.
Sinhala BJTස. අනු: සඟබත් කරන උදෙස්බත් කරන යාගුපාන (හුළුකැන් බීම) කරන කිසි කෙනෙක් ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි කෙචි සඞ්ඝභත්තානි කරොන්ති, උද්දෙසභත්තානි කරොන්ති, යාගුපානානි කරොන්ති.
Sinhala BJTස. ඨ: ඉදින් සඟබත් කරන උදෙස්බත් කරන යාගුපාන කරන කිසි කෙනෙක් ඇත් නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සඞ්ඝො භුඤ්ජති, පිවති, ඛාදති, සායතී’ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ කියැයුතු මැ යි.
Pali BJT2. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝො භුඤ්ජති, පිවති ඛාදති, සායතී’ති.
Sinhala BJT2. ස. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “ගණභොජනං පරම්පරභොජනං අතිරිත්තභොජනං අනතිරිත්තභොජන”න්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින්: “ගණභෝජන යැ පරම්පරභෝජන යැ අතිරික්තභෝජන යැ අනතරික්තභොජන යැ” යනු වදාරනලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි වුත්තං භගවතා ගණභොජනං පරම්පරභොජනං අතිරිත්තභොජනං අනතිරිත්තභොජනං,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: “ගණභෝජන යැ පරම්පරභෝජන යැ අතිරික්තභෝජන යැ අනතරික්තභොජන යැ” යනු වදාරන ලද වී නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සඞ්ඝො භුඤ්ජති, පිවති, ඛාදති, සායතී”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් “සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී” කියැයුතු මැ යි.
Pali BJT3. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝො භුඤ්ජති, පිවති ඛාදති සායතී’ති.
Sinhala BJT3. ස. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අට්ඨපානානි වුත්තානි භගවතා: ‘අම්බපානං ජම්බුපානං චොචපානං මොචපානං මධුපානං මුද්දිකපානං සාලුකපානං ඵාරුසකපානන්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් (සඟුන් උදෙසා,) අඹපනු යැ දඹපනු යැ ඇටකෙසෙල්පනු යැ මස්කෙසෙල්පනු යැ දැමිදිරසපනු යැ මිදිරසපනු යැ උපුල්පනු යැ බොරළුදමුනුපනු යැ යන අෂ්ටපානයෝ වදාරනලද්දාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අට්ඨපානානි වුත්තානි භගවතා: ‘අම්බපානං ජම්බුපානං චොචපානං මොචපානං මධුපානං මුද්දිකපානං සාලුකපානං ඵාරුසකපානං,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: (සඟුන් උදෙසා) අඹපනු යැ දඹපනු යැ ඇටකෙසෙල්පනු යැ මස්කෙසෙල්පනු යැ දැමිදිරසපනු යැ මිදිරසපනු යැ උපුල්පනු යැ බොරළුදමුපනු යැ යන අෂ්ටපානයෝ වදාරනලද්දාහු වී නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘සඞ්ඝො භුඤ්ජති පිවති ඛාදති සායතී’ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ යි කියැයුතු මැ යි.
Pali BJT4. ස. පු: සඞ්ඝො භුඤ්ජති පිවති ඛාදති සායතී’ති.
Sinhala BJT4. ප. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කරන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: මග්ගො භුඤ්ජති පිවති ඛාදති සායති, ඵලං භුඤ්ජති පිවති ඛාදති සායතී’ති.
Sinhala BJTප. අනු: මාර්‍ගය භෝජන පාන ඛාදන සායන කෙරේ ද? ඵලය භෝජන පාන ඛාදන සායන කෙරේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTන වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා නිට්ඨිතා.
Sinhala BJTන වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා නිමි.
Pali BJT17. 9.
Sinhala BJT17. 9.
Pali BJTන වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා.
Sinhala BJTන වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා
Pali BJT1. ස. පු: න වත්තබ්බං “සඞ්ඝස්ස දින්නං මහප්ඵල”න්ති.
Sinhala BJT1. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු සඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති.
Sinhala BJTස. අනු: සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, අඤ්ජලිකරණයට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සඞ්ඝො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස,
Sinhala BJTස. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වී නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “සඞ්ඝස්ස දින්නං මහප්ඵල”න්ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වේ මැ යැ.
Pali BJT2. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝස්ස දින්නං මහප්ඵල’න්ති.
Sinhala BJT2. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා’ති.
Sinhala BJTස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා,
Sinhala BJTස. ඨ: ඉදින් ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සඞ්ඝස්ස දින්නං මහප්ඵල”න්ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ කියැයුතු මැ යි.
Pali BJT3. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝස්ස දින්නං මහප්ඵල’න්ති.
Sinhala BJT3. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘දුඃඛය ඉන්‍ද්‍රියබද්ධ යැ අතින්‍ද්‍රියබද්ධයැයි ද්විවිධ යි. ඉන්‍ද්‍රියබද්ධය දුකට වස්තු බැවින් දුඃඛ වෙයි. අතින්‍ද්‍රියබද්ධය උදයව්‍යප්‍රතිපීඩනාර්‍ත්‍ථයෙන් ‘යමෙක් අනිත්‍ය වී නම් ඒ දුකැයි’ සඞ්ගෘහීත බැවින් දුඃඛ වෙයි. මේ වෙනස නො ගෙන ‘යම් දුඃඛයක්හුගේ පරිඥා පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍ය වාස කරන්නේ නම්, ඒ ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වෙයි. අනෙකක් දුඃඛ නො වේ’ යයි හේතුවාදින් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉන්‍ද්‍රියබද්ධකථා’ එයි.]
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “සඞ්ඝෙ ගොතමි, දෙහි, සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි, සඞ්ඝො චා”ති.{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “ගෝතමිය, සඟනට දෙව, තොප විසින් සඟුන් කෙරෙහි දුන් කල්හි මම ද පුදනලදුයෙම් වෙමි. සඞ්ඝයා ද පුදන ලද වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි සඞ්ඝස්ස දින්නං මහප්ඵල’න්ති.
Sinhala BJTස. පා: එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වෙයි.
Pali BJT4. ස. පු: න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති.
Sinhala BJT4. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැ යුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු සක්කො දෙවානමින්දො භගවන්තං එතදවොච:
Sinhala BJTස. අනු: සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල කීයේ නො?
Pali BJT“යජමානානං{1} මනුස්සානං පුඤ්ඤපෙඛාන{2} පාණිනං තරොතං ඔපධිකං{3} පුඤ්ඤං කත්ථ දින්නං මහප්ඵලන්ති.
Sinhala BJT“යාග කරන මිනිසුන් විසින්, පින් ලබනු කැමැති ප්‍රාණීන් විසින්, උපධිසම්පත් පිණිස පින් කරනුවන් විසින් කොහි දෙනලද්ද මහත්ඵල වේ දැ? යි.
Pali BJTචත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා එස සඞ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො.
Sinhala BJTමඟට පිළිපන්නාහු සතර දෙනෙක, ඵලයෙහි සිටියාහු සතර දෙනෙක, තෙල සඞ්ඝ තෙම, ඍජු වූයේ ප්‍රඥාශීල දෙකින් සමාහිත වෙයි.
Pali BJTයජමානානං{1} මනුස්සානං පුඤ්ඤපෙඛාන{2} පාණිනං කරොතං ඔපධිකං{3} පුඤ්ඤං සඞ්ඝෙ දින්නං මහප්ඵලන්ති.{a}
Sinhala BJTයාග කරන මිනිසුන් විසින්, පින් කැමැති ප්‍රාණීන් විසින්, උපධි සම්පත් පිණිස පවත්නා පින් කරනුවන් විසින් සඟුන් කෙරෙහි දුන් දැය මහත්ඵල වෙයි.
Pali BJTඑසො හි සඞ්ඝො විපුලො මහග්ගතො එසප්පමෙය්යො උදධීව සාගරො එතෙ හි සෙට්ඨා නරවීර සාවකා පභඞ්කරා ධම්මමුදීරයන්ති.{4}
Sinhala BJTතෙල සඞ්ඝ තෙමේ විපුල වූයේ මහද්ගත වූයේ වෙයි. තෙල සඞ්ඝ තෙමේ උද්ධ සඞ්ඛ්‍යාත සාගරය සෙයින් අප්‍රමේය වෙයි. නරවීර ශ්‍රාවක වූ ලොව නැණින් එළි කරන තෙල ශ්‍රේෂ්ඨ සඟහු දහම වදාරති.
Pali BJTතෙසං සුදින්නං සුහුතං සුයිට්ඨං යෙ සඞ්ඝමුද්දිස්ස දදන්ති දානං සා දක්ඛිණා සඞ්ඝගතා පතිට්ඨිතා මහප්ඵලා ලොකවිදූන{5} වණ්ණිතා.
Sinhala BJTයම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් මොනොවට දෙන ලදි, මොනොවට පුදන ලදි, මොනොවට යාග කරන ලදී. සඞ්ඝගත වැ පිහිටි ඒ දක්‍ෂිණාව මහත්ඵල යයි බුදුන් විසින් වර්‍ණනා කරන ලදු.
Pali BJTඑතාදිසං යඤ්ඤමනුස්සරන්තා යෙ වෙදජාතා විහරන්ති ලොකෙ විනෙය්ය මච්ඡෙරමලං සමූලං{6} අනින්දිතා සග්ගමුපෙන්ති ඨාන”න්ති.
Sinhala BJTමේ බඳු යාග සිහි කරන යම් කෙනෙක් උපන් තුෂ්ටි ඇති වැ ලෝකයෙහි වාස කෙරෙත් ද, ඔහු මසුරුමල සමූල කොට උදුරාපියා අනින්‍දිත වැ ස්වර්‍ගභූමියට පැමිණෙති” යි
Pali BJTඅත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති.
Sinhala BJTස. පා: එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වෙයි.
Pali BJTන වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා නිට්ඨිතා.
Sinhala BJTන වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා නිමි.
Pali BJT17. 10.
Sinhala BJT17. 10.
Pali BJTන වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා.
Sinhala BJTන වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා
Pali BJT1. ස. පු: න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති.
Sinhala BJT1. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා ද්විපදානං{1}. අග්ගො, ද්විපදානං සෙට්ඨො, ද්විපදානං පමොක්ඛො, ද්විපදානං උත්තමො, ද්විපාදානං පරරො, අසමො අසමසමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ දෙපා ඇතියන් කෙරෙන් අග්‍ර නො? දෙපා ඇතියන් කෙරෙන් ශ්‍රේෂ්ඨ නො? දෙපා ඇතියන් කෙරෙන් ප්‍රමුඛ නො? දෙපා ඇතියන් කෙරෙන් උත්තම නො? දෙපා ඇතියන් කෙරෙන් ප්‍රවර නො? අසම අසමසම අප්‍රතිසම අප්‍රතිභාග අප්‍රතිපුද්ගල නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි භගවා ද්විපදානං{1}. අග්ගො, ද්විපදානං සෙට්ඨො, ද්විපදානං පමොක්ඛො, ද්විපදානං උත්තමො, ද්විපදානං පවරො, අසමො අසමසමෙං අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ දෙපා ඇතියන් කෙරෙන් අග්‍ර වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ශ්‍රේෂ්ඨ වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ප්‍රමුඛ වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් උත්තම වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ප්‍රවර වූ නම්, අසම අසමසම අප්‍රතිසම අප්‍රතිභාග අප්‍රතිපුද්ගල වූ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “බුද්ධස්ස දින්නං මහප්ඵල”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘එකරුණින් බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ කියයුතු මැ යැ.
Pali BJT2. ස. පු: න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති.
Sinhala BJT2. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි{2} බුද්ධෙන සමසමො සීලෙන සමාධිනා පඤ්ඤායා’ති.
Sinhala BJTස. අනු: ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් බුදුරදුන් හා සමසම කිසිවෙක් ඇද්ද?
Pali BJTප. වි: නත්ථි.
Sinhala BJTප. වි: නැත.
Pali BJTස. ඨ: හඤ්චි නත්ථි කොචි{2} බුද්ධෙන සමසමො සීලෙන සමාධිනා පඤ්ඤාය,
Sinhala BJTස. ඨ: ඉදින් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් බුදුරදුන් හා සමසම කිසිවෙක් නැත් නම්,
Pali BJTස. පා: තෙන වන රෙ වත්තබ්බෙ “බුද්ධස්ස දින්නං මහප්ඵල”න්ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: න වත්තබ්බං’බුද්ධස්ස දින්නං මහප්ඵල’න්ති.
Sinhala BJT3. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ආර්‍ය්‍යමාර්‍ගය දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැයි කියනලද සෙයින් ආර්‍ය්‍යමාර්‍ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛයහ’යි හේතුවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඨපෙත්‍වා අරියමග්ගන්ති කථා’ එයි.]
Pali BJT“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන{1} බුද්ධෙන සෙට්ඨො ච සමො ච විජ්ජති යමාහුනෙය්යානං අග්ගතං ගතො පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසින”න්ති.
Sinhala BJT“විපුලඵල ඉලියන පුණ්‍යාතීර්‍ට ජනයනත යම සර්‍වඥ කෙනෙක් අන්නපානප්‍රතිග්‍රහණයට අර්‍හ වූවෝ ප්‍රතිග්‍රාහකයන් අතුරෙහි අග්‍රභාවයත ගියෝ ද, මෙලොව වේවයි තදන්‍යලෝකයෙක වේවයි ඒ සර්‍වඥයනට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් හෝ ඔබට සම කෙනෙක් හෝ නැතැ” යි
Pali BJTඅත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි “බුද්ධස්ස දින්නං මහප්ඵල”න්ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වේ.