1240. එහි විචිකිත්සා කවර යත්:
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පාදයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. මෙබඳු වූ යම් සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද, මේ ‘විචිකිත්සා’ යයි කියනු ලැබේ.
1241. එහි ථීනය කවරැ යත්:
චිත්තයාගේ යම් අකල්‍යතායෙක් අකර්‍මණ්‍යතායෙක් අවලීනයෙක් (පසුබැසීමෙක්) මොනවට එල්බ සිටීමෙක් හැකිළීමෙක් හැකුළුණු අයුරෙක් හැකුළුණු බවෙක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් නො පතළ බවෙක් ඇද්ද, මේ ‘ථීන’ යයි කියනු ලැබේ.
1242. එහි ඖද්ධත්‍ය කවරේ යත්:
චිත්තයාගේ යම් උඩඟු බවෙක් අව්‍යූපශමයෙක් චිත්තයාගේ වික්ශේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් ඇද්ද, මේ ‘ඖද්ධත්‍ය’ යයි කියනු ලැබේ.
1243. එහි අහ්‍රීක කවරේ යත්:
ජුගුප්සා කටයුතු යම් කාය දුෂ්චරිතාදියක් ජුගුප්සා නො කෙරේ ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීම ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අහ්‍රීක’ යයි කියනු ලැබේ.
1244. එහි අනපත්‍රපා කවරේ යත්:
බිය විය යුතු කාය දුෂ්චරිතාදී හේතුයෙන් යම් නො බිය වීමෙක් ඇද්ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් නො බිය වීමෙක් ඇද්ද, මේ ‘අනපත්‍රපා’ යයි කියනු ලැබේ.
මේ ධර්‍මයෝ ක්ලේශයෝ යි.
1245. ක්ලේශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ ක්ලේශධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍ම කෙනෙක් ඇද්ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ, සියලු රූපය ද අසඞ්ඛතධාතු ද යන මොහු ක්ලේශ නො වූ ධර්‍මයෝ යි.
1246. සාංක්ලේශිකධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සාංක්ලේශිකධර්‍මයෝ යි.
1247. අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අසාංක්ලේශික ධර්‍මයෝ යි.
1248. සංක්ලිෂ්ටධර්‍මයෝ කවරහ යත්:
ලෝභ දෝස මෝහ යන තුන් අකුශල මූලයෝ යැ, එය හා එක් වැ සිටි ක්ලේශයෝ යැ, එය හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු සංක්ලිෂ්ටධර්‍මයෝ යි.
1249. අසංක්ලිෂ්ටධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලඅව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ..... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අසංක්ලිෂ්ටයෝ යි.
1250. ක්ලේශසම්ප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
ඒ ක්ලේශධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ යැ..... විඥානස්කන්‍ධ යැ යන මොහු ක්ලේශසම්ප්‍රයුක්තධර්‍මයෝ යි.
1251. ක්ලේශවිප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
ඒ ක්ලේශධර්‍මයන් කෙරෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ යැ.... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු ක්ලේශවිප්‍රයුක්තධර්‍මයෝ යි.
1252. ක්ලේශ වූ ද සාංක්ලේශික වූ ධර්‍මයෝ කවරහ යත්:
එ මැ ක්ලේශයෝ ක්ලේශයෝත් සාංක්ලේශිකයෝත් වෙති.
1253. සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ක්ලේශධර්‍මයන් විසින් සාංක්ලේශික වූවාහු ද ඒ ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘතධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
1254. ක්ලේශ වූ ද සංක්ලිෂ්ට වූ ද ධර්‍මයෝ කවරහ යත්:
එ මැ ක්ලේශයෝ ක්ලේශයෝ ද සංක්ලිෂ්ටයෝ ද වෙති.
1255. සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ ක්ලේශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් සංක්ලිෂ්ට වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
1256. කවර ධර්‍මයෝ ක්ලේශ වූවාහු ද ක්ලේශසම්ප්‍රයුක්ත වූවාහු ද වෙති යත්:
ලෝභය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අහිරිකය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අහිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.
ලෝභය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය විච්කිච්චාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.
ලෝභය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝතප්පය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.
ලෝභය අනෝතප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝතප්පය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය අනෝතප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දිට්ඨිය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය දිට්ඨිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මේ ධර්‍මයෝ ක්ලේශයෝත් ක්ලේශසම්ප්‍රයුක්තෝත් වෙත්.
1257. කවර ධර්‍මයෝ ක්ලේශසම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වෙති යත්:
ඒ ක්ලේශධර්‍මයන් සමඟ යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ … විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ක්ලේශසම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වෙත්.
1258. කවර ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික වෙති යත්:
ඒ ක්ලේශධර්‍මයන් කෙරෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශල අව්‍යාකෘතධර්‍මයෝ යැ, රූපස්කන්‍ධය යැ ... විඥානස්කන්‍ධය යැ යන මේ ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත ද සාංක්ලේශික ද වෙත්.
1259. කවර ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන් මේ ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික්යෝ යි.
ක්ලේශ ගොච්ඡක යි.
1260. ඒ කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:
සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ යැ
1261. එහි සක්කාදිට්ඨි කවර යත්:
මෙලොව අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුනේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂ ධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුනේ රූපය ආත්ම හෙයින් දකී. රූපවත් වූ ආත්මය හෝ දකී. ආත්මයෙහි හෝ රූපය දකී. රූපයෙහි හෝ ආත්මය දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විනඥානය ආත්ම හෙයින් දකී. ආත්මය විනඥානවත් කොට හෝ දකී. ආත්මයෙහි විනඥානය ඇතැයි හෝ දකී. විනඥානයෙහි හෝ ආත්මය ඇතැයි දකී. මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්සංයෝඡනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙන් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සක්කායදිට්ඨි’ යයි කියනු ලැබේ.
1262. එහි විචිකිච්ඡා කවර යත්:
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි. සංඝයා කෙරෙහි සැක කෙරෙයි. ශික්‍ෂායෙහි සැක කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි. පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමූත්පාදයෙහි සැක කෙරෙයි. මෙබඳු යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්වේධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහකයෙක් ආසර්‍පණයෙක් පරිසර්‍පණයෙක් අපර්‍ය්‍යවගාහනයෙක් චිත්තයාගේ දැඩි බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද මේ ‘විචිකිච්ඡා’ යයි කියනු ලැබේ.
1263. එහි සීලබ්බතපරාමාස කවරෙ යත්:
මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ ව්‍රතයෙන් ශුද්ධි යැ ශීලව්‍රතයෙන් ශුද්ධි යැ යි මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ‘සීලබ්බතපරාමාස’ යයි කියනු ලැබේ. මේ තුන් සංයෝජනයෝ යැ තදේකස්ථ ක්ලේශයෝද තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.
1264. කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නොවෙති යත්:
ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශලාකුශලාව්‍යාකෘතධර්‍මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වෙත්.
1265. භාවනායෙන් ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ යත්:
අවශිෂ්ට වූ ලෝභ යැ ද්වේෂ යැ මෝහය යැ තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.
1266. භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුසලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වන ධර්‍මයෝ යි.
1267. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ යැ
1268. එහි සක්කායදිට්ඨි කවර යත්:
මෙලො වැ අශ්‍රැතවත් පෘථග්ජන ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සක්කායදිට්ඨි’ යයි කියනු ලැබේ.
1269. එහි විචිකිච්ඡා කවර යත්:
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි විචිකිච්ඡා කෙරෙයි ... වීත්තයාගේ දැඩි බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද මේ ‘විචිකිච්ඡා’ යැයි කියනු ලැබේ.
1270. එහි සීලබ්බතපරාමාස කවර යත්:
මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සීලබ්බතපරාමාස’ යැයි කියනු ලැබේ.
මේ තුන් සංයෝජයෝ ද තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු දර්‍ශනායන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.
සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යෙයෝ යැ තදේකස්ථ වූ ලෝභ යැ ද්වේෂ යැ මෝහ යැ යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුහු යැ තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.
1271. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවර යත්:
ඒ ධර්‍මයන් තබා අවශේෂ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.
1272. භාවනායෙන් ප්‍රහාතව්‍යයහේතු ඇති ධර්‍මයෝ කවර යත්:
සෙසු ලෝභ යැ ද්වේෂ යැ මෝහ යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයහේතු වෙති. තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යය හේතු ඇති ධර්‍මයෝ යි.
1273. භාවනායෙන් ප්‍රහාතව්‍යයහේතු නැති ධර්‍මයෝ කවර යත්:
ඒ ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශල - අව්‍යාකෘතධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැති ධර්‍මයෝ යි.
1274. සවිතර්‍කධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අපරියාපන්න වූ සවිතර්‍කභූමියෙහි විතර්‍කය තබා ඒ විතර්‍කය හා සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ සවිතර්‍කයෝ යි.
1275. අවිතර්‍කධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න අවිතර්‍කභූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ විතර්‍කය ද හැම රූ ද අසඞ්ඛතධාතු ද යන මොහු අවිතර්‍කධර්‍මයෝ යි.
1276. සවිචාරධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අපරියාපන්න සවිචාරභූමියෙහි විචාරය තබා තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සවිචාර ධර්‍මයෝ යි.
1277. අවිචාරධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න අවිචාරභූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ විචාරය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අවිචාරධර්‍මයෝ යි.
1278. සප්‍රීතිකධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අපරියාපන්න සප්‍රීතිකභූමියෙහි ප්‍රීතිය තබා තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සප්‍රීතික ධර්‍මයෝ යි.
1279. අප්‍රීතිකධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න අප්‍රීතිකභූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ ප්‍රීතිය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අප්‍රීතික ධර්‍මයෝ යි.
1280. ප්‍රීතිසහගතධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අපරියාපන්න ප්‍රීතිභූමියෙහි ප්‍රීතිය තබා තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු ප්‍රීතිසහගත ධර්‍මයෝ යි.
1281. ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න ප්‍රීති නො වූ භූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ ප්‍රීතිය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ යි.
1282. සුඛසහගතධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අපරියාපන්න සුඛභූමියෙහි සුවය තබා තත්සම්ප්‍රයුක්ත සංඥාස්කන්‍ධ, සංස්කාරස්කන්‍ධ, විඥානස්කන්‍ධ යන මොහු සුඛසහගත ධර්‍මයෝ යි.
1283. සුඛසහගත නො වූ ධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න සුඛ නො වූ භූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන සුවය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු සුඛසහගත නො වූ ධර්‍මයෝ යි.
1284. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න උපේක්‍ෂා භූමියෙහි උපේක්‍ෂාව තබා තත්සම්ප්‍රයුක්ත සංඥාස්කන්‍ධ, සංස්කාරස්කන්‍ධ, විඥානස්කන්‍ධ යන මොහු උපේක්‍ෂා සහගත ධර්‍මයෝ යි.
1285. උපේක්‍ෂාසහගත නො වූ ධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න උපේක්‍ෂා නො වූ භූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ උපේක්‍ෂාව ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු උපේක්‍ෂා සහගත නො වූ ධර්‍මයෝ යි.
1286. කාමාවචර ධර්‍මයෝ කවර යත්: