Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 1-100 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTධම්මසඞ්ගණිප්පකරණං
Sinhala BJTධම්මසඞ්ගණීප්‍රකරණය
Pali BJTමාතිකා
Sinhala BJTමාතෘකා
Pali BJTඅභිධම්මමාතිකා
Sinhala BJTඅභිධර්‍මමාතෘකා
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. කුසලා ධම්මා, 989, 1383{*} අකුසලා ධම්මා, 990, 1384 අව්යාකතා ධම්මා. 991, 1385
Sinhala BJT1. කුශලධර්‍මයෝ යැ, අකුශලධර්‍මයෝ යැ, අව්‍යාකෘතධර්‍මයෝ යි.
Pali BJT2. සුඛාය වෙදනාය සම්පයුත්තා ධම්මා, 992, 1386 දුක්ඛාය වෙදනාය සම්පයුත්තා ධම්මා, 993, 1387 අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා ධම්මා. 994, 1388
Sinhala BJT2. සුඛවේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යැ, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යැ, අදුඃඛඅසුඛ වේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යි.
Pali BJT3. විපාකා ධම්මා, 995, 1389 විපාකධම්මධම්මා, 996, 1390 නෙවවිපාකනවිපාකධම්මධම්මා. 997, 1391
Sinhala BJT3. විපාක ධර්‍මයෝ යැ, විපාක ස්වභාවධර්‍මයෝය යැ, නොමැවිපාක වූ විපාකස්වභාව නො වූ ධර්‍මයෝ යි.
Pali BJT4. උපාදින්නුපාදානියා{1} ධම්මා, 998, 1392 අනුපාදින්නුපාදානියා{2} ධම්මා, 999, 1393 අනුපාදින්නඅනුපාදානියා ධම්මා. 1000, 1394
Sinhala BJT4. උපාදින්නඋපාදානීයධර්‍මයෝ යැ, අනුපාදින්නඋපාදානීයධර්‍මයෝ යැ, අනුපාදින්නඅනුපාදානීයධර්‍මයෝ යි.
Pali BJT5. සඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා ධම්මා, 1001, 1395 අසඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා ධම්මා, 1002, 1396 අසඞ්කිලිට්ඨ අසඞ්කිලෙසිකා ධම්මා. 1003, 1397
Sinhala BJT5. සඞ්කිලිට්ඨසඞ්කිලේසික ධර්‍මයෝ යැ, අසඞ්කිලිට්ඨසඞ්කිලේසික ධර්‍මයෝ යැ, අසඞ්කිලිට්ඨඅසඞ්කිලේසික ධර්‍මයෝ යි.
Pali BJT6. සවිතක්කසවිචාරා ධම්මා, 1004, 1398 අවිතක්කවිචාරමත්තා ධම්මා, 1005, 1399 අවිතක්ක අවිචාරා ධම්මා. 1006, 1400
Sinhala BJT6. සවිතර්‍කසවිචාරධර්‍මයෝ යැ, අවිතර්‍කවිචාරමාත්‍රධර්‍මයෝ යැ, අවිතර්‍කඅවිචාරධර්‍මයෝ යි.
Pali BJT7. පීතිසහගතා ධම්මා, 1007, 1401 සුඛසහගතා ධම්මා, 1008, 1402 උපෙක්ඛාසහගතා{3} ධම්මා. 1009, 1403
Sinhala BJT7. ප්‍රීතිසහගතධර්‍මයෝ යැ, සුඛසහගතධර්‍මයෝ යැ, උපේක්‍ෂාසහගත ධර්‍මයෝ යි.
Pali BJT8. දස්සනෙන පහාතබ්බා ධම්මා, 1010, 1404 භාවනාය පහාතබ්බා ධම්මා, 1014, 1405 නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා ධම්මා. 1015, 1406
Sinhala BJT8. දර්‍ශනයෙන් (සෝවාන් මගින්) ප්‍රහාතව්‍යධර්‍මයෝ යැ, භාවනායෙන් (ශේෂමාර්‍ගත්‍රයෙන්) ප්‍රහාතව්‍යධර්‍මයෝ යැ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.
Pali BJT9. දස්සනෙන පහාතබ්බහෙතුකා ධම්මා, 1016, 1407 භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා, 1017, 1408 නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා. 1018, 1409
Sinhala BJT9. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යැ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යැ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.
Pali BJT10. ආචයගාමිනො ධම්මා, 1019, 1410 අපචයගාමිනො ධම්මා, 1020, 1411 නෙවාචයගාමිනො න අපචයගාමිනො ධම්මා 1021, 1412
Sinhala BJT10. ආචයගාමී (ප්‍රතිසන්‍ධි ච්‍යුති ගති ප්‍රවෘත්තීන්ට පමුණුවන) ධර්‍මයෝ යැ, අපචයගාමී (නිවනට පමුණුවන) ධර්‍මයෝ යැ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ධර්‍මයෝ යි.
Pali BJT11. සෙඛා{1} ධම්මා, 1022, 1413 අසෙඛා ධම්මා, 1023, 1414 නෙව සෙඛා නාසෙඛා ධම්මා. 1024, 1415
Sinhala BJT11. ශෛක්‍ෂධර්‍මයෝ යැ, අශෛක්‍ෂධර්‍මයෝ යැ, නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ යි.
Pali BJT12. පරිත්තා ධම්මා, 1025, 1416 මහග්ගතා ධම්මා, 1026, 1417 අප්පමාණා ධම්මා. 1227, 1418.
Sinhala BJT12. පරිත්ත (කාමාවචර) ධර්‍මයෝ යැ, මහද්ගත (රූපාරූප) ධර්‍මයෝ යැ. අප්‍රමාණ (ලෝකෝත්තර) ධර්‍මයෝ යි.
Pali BJT13. පරිත්තාරම්මණා ධම්මා, 1028, 1419 මහග්ගතාරම්මණා ධම්මා, 1029, 1420 අප්පමාණාරම්මණා ධම්මා. 1030, 1421.
Sinhala BJT13. පරිත්තාලම්බනධර්‍මයෝ යැ, මහද්ගතාලම්බනධර්‍මයෝ යැ, අප්‍රමාණලම්බනධර්‍මයෝ යි.
Pali BJT14. හීනා ධම්මා, 1031, 1422 මජ්ඣිමා ධම්මා, 1032, 1423 පණීතා ධම්මා. 1033, 1424
Sinhala BJT14. හීන (ලාමකඅකුශල) ධර්‍මයෝ යැ, මධ්‍යම (අවශේෂත්‍රෛභූමික) ධර්‍මයෝ යැ. ප්‍රණීත (ලෝකෝත්තර) ධර්‍මයෝ යි.
Pali BJT15. මිච්ඡත්තනියතා ධම්මා, 1034, 1425 සම්මත්තනියතා{2} ධම්මා, 1035, 1426 අනියතා ධම්මා. 1036, 1427
Sinhala BJT15. මිථ්‍යාත්‍වනියත (මිථ්‍යාස්වභාව) ධර්‍මයෝ යැ, සම්‍යක්ත්‍වනියතධර්‍මයෝ යැ, අනියතධර්‍මයෝ යි.
Pali BJT16. මග්ගාරම්මණා ධම්මා, 1037, 1428 මග්ගහෙතුකා ධම්මා, 1038, 1428 මග්ගාධිපතිනො ධම්මා. 1038, 1428
Sinhala BJT16. මාර්‍ගාලම්බනධර්‍මයෝ යැ, මාර්‍ගහේතුකධර්‍මයෝ යැ, මාර්‍ගාධිපතිධර්‍මයෝ යි.
Pali BJT17. උප්පන්නා ධම්මා, 1040, 1429 අනුප්පන්නා ධම්මා, 1041, 1429 උප්පාදිනො{3} ධම්මා. 1042, 1429
Sinhala BJT17. උත්පන්නධර්‍මයෝ යැ, අනුත්පන්නධර්‍මයෝ යැ, උත්පාදී (අවශ්‍යයෙන් උපදනා) ධර්‍මයෝ යි.
Pali BJT18. අතීතා ධම්මා, 1043, 1430 අනාගතා ධම්මා, 1044, 1430 පච්චුප්පන්නා ධම්මා. 1045, 1430
Sinhala BJT18. අතීතධර්‍මයෝ යැ, අනාගතධර්‍මයෝ යැ, ප්‍රත්‍යුත්පන්නධර්‍මයෝ යි.
Pali BJT19. අතීතාරම්මණා ධම්මා, 1046, 1431 අනාගතාරම්මණා ධම්මා, 1047, 1432 පච්චුප්පන්නාරම්මණා ධම්මා. 1048, 1433
Sinhala BJT19. අතීතාලම්බනධර්‍මයෝ යැ, අනාගතාලම්බනධර්‍මයෝ යැ, ප්‍රත්‍යුත්පන්නතාලම්බනධර්‍මයෝ යි.
Pali BJT20. අජ්ඣත්තා ධම්මා, 1049, 1434 බහිද්ධා ධම්මා, 1050, 1434 අජ්ඣත්තබහිද්ධා ධම්මා. 1051, 1434
Sinhala BJT20. අධ්‍යාත්මධර්‍මයෝ යැ, බාහ්‍යධර්‍මයෝ යැ, අධ්‍යාත්මබාහ්‍යධර්‍මයෝ යි.
Pali BJT21. අජ්ඣත්තාරම්මණා ධම්මා, 1052, 1435 බහිද්ධාරම්මණා ධම්මා, 1053, 1436 අජ්ඣත්තබහිද්ධාරම්මණා ධම්මා. 1054, 1436
Sinhala BJT21. අධ්‍යාත්මාලම්බනධර්‍මයෝ යැ, බාහ්‍යාලම්බනධර්‍මයෝ යැ, අධ්‍යාත්මබාහ්‍යාලම්බනධර්‍මයෝ යි.
Pali BJT22. සනිදස්සනසප්පටිඝා ධම්මා, 1055, 1437 අනිදස්සනසප්පටිඝා ධම්මා, 1056, 1438 අනිදස්සනඅප්පටිඝා ධම්මා. 1057, 1439
Sinhala BJT22. සනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ යැ, අනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ යැ, අනිදර්‍ශනඅප්‍රතිඝධර්‍මයෝ යි.
Pali BJTතිකමාතකා.
Sinhala BJTත්‍රිකමාතෘකා යි.
Pali BJT1. හෙතුධම්මා,{1} 1058, 1440 නහෙතුධම්මා, 1077, 1441
Sinhala BJT1. හේතු නම් වූ ධර්‍මයෝ යැ, හේතු නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. සහෙතුකා ධම්මා, 1078, 1442 අහෙතුකා ධම්මා, 1079, 1443
Sinhala BJT2. (සම්ප්‍රයුක්ත) හේතු සහිත වූ ධර්‍මයෝ යැ, හේතු නැති ධර්‍මයෝ යැ,
Pali BJT3. හෙතුසම්පයුත්තා ධම්මා, 1080, 1444 හෙතුවිප්පයුත්තා ධම්මා, 1081, 1445
Sinhala BJT3. (ඒකෝත්පාදාදි වශයෙන්) හේතු සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, හේතු විප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. හෙතු චෙව ධම්මා සහෙතුකා ච, 1082, 1446 සහෙතුකා චෙව ධම්මා න ච හෙතු, 1083, 1447
Sinhala BJT4. හේතු ද වූ සම්ප්‍රයුක්ත හේතු සහිත ද වූ ධර්‍මයෝ යැ, සහේතුක වූ ද හේතු නො වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT5. හෙතු චෙව ධම්මා හෙතුසම්පයුත්තා ච, 1084, 1448 හෙතුසම්පයුත්තා චෙව ධම්මා න ච හෙතු, 1085, 1449
Sinhala BJT5. හේතු වූ ද හේතු සම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, හේතු සම්ප්‍රයුක්ත වූ ද හේතු නො වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT6. නහෙතු{2} ඛො පන ධම්මා සහෙතුකාපි, 1086, 1450 අහෙතුකාපි 1087, 1451
Sinhala BJT6. යළි හේතු නො වූ සහේතුක ද වූ ධර්‍මයෝ යැ, (හේතු නො වූ) අහේතුක ද වූ ධර්‍මයෝ යි.
Pali BJTහෙතුගොච්ඡකං.
Sinhala BJTහේතුගොච්ඡකය යි.
Pali BJT1. සප්පච්චයා ධම්මා, 1088, 1452 අප්පච්චයා ධම්මා. 1089, 1453
Sinhala BJT1. සප්‍රත්‍යය වූ ධර්‍මයෝ යැ, අප්‍රත්‍යය වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. සඞ්ඛතා ධම්මා, 1090, 1454 අසඞ්ඛතා ධම්මා, 1091, 1455
Sinhala BJT2. සඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් සකස් කළ) ධර්‍මයෝ යැ, අසඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් සකස් නො කළ) ධර්‍මයෝ යැ,
Pali BJT3. සනිදස්සනා ධම්මා, 1092, 1456 අනිදස්සනා ධම්මා, 1093, 1457
Sinhala BJT3. නිදර්‍ශන (දැක්ක යුතු බව) සහිත වූ ධර්‍මයෝ යැ, අනිදර්‍ශන වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. සප්පටිඝා ධම්මා, 1094, 1458 අප්පටිඝා ධම්මා, 1095, 1459
Sinhala BJT4. සප්‍රතිඝ (ගැටීම් සහිත) වූ ධර්‍මයෝ යැ, අප්‍රතිඝ වූ ධර්‍මයෝ යැ,
Pali BJT5. රූපිනො ධම්මා, 1096, 1460 අරූපිනො ධම්මා, 1097, 1461
Sinhala BJT5. රූපී වූ ධර්‍මයෝ යැ, අරූපී වූ ධර්‍මයෝ යැ,
Pali BJT6. ලොකියා ධම්මා, 1098, 1462 ලොකුත්තරා ධම්මා, 1099, 1463
Sinhala BJT6. ලෞකික (ලෝකයෙහි ඇතුළත්) වූ ධර්‍මයෝ යැ, ලෝකෝත්තර වූ ධර්‍මයෝ යැ,
Pali BJT7. කෙනචි විඤ්ඤෙය්යා ධම්මා, 1100, 1463 කෙනචි නවිඤ්ඤෙය්යා ධම්මා. 1100, 1463
Sinhala BJT7. කිසි විඥානයකින් දතයුතු වූ ධර්‍මයෝ යැ, කිසි විඥානයකින් නො දතයුතු වූ ධර්‍මයෝ යි.
Pali BJTචුල්ලන්තරදුකං.{1}
Sinhala BJTචුල්ලන්තරදුකය යි.
Pali BJT1. ආසවා ධම්මා, 1101, 1464 නොආසවා ධම්මා, 1106, 1465
Sinhala BJT1. ආස්‍රව වූ ධර්‍මයෝ යැ, ආස්‍රව නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. සාසවා ධම්මා, 1107, 1466 අනාසවා ධම්මා, 1108, 1467
Sinhala BJT2. ආස්‍රව සහිත වූ ධර්‍මයෝ යැ, ආස්‍රව රහිත වූ ධර්‍මයෝ යැ,
Pali BJT3. ආසවසම්පයුත්තා ධම්මා, 1109, 1468 ආසවවිප්පයුත්තා ධම්මා, 1110, 1469
Sinhala BJT3. ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, ආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. ආසවා චෙව ධම්මා සාසවා ච, 1111, 1470 සාසවා චෙව ධම්මා නො ච ආසවා, 1112, 1471
Sinhala BJT4. ආස්‍රව වූ ද ආස්‍රව සහිත වූ ද ධර්‍මයෝ යැ, ආස්‍රව සහිත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT5. ආසවා චෙව ධම්මා ආසවසම්පයුත්තා ච, 1113, 1472 ආසවසම්පයුත්තා චෙව ධම්මා නො ච ආසවා, 1114, 1473
Sinhala BJT5. ආස්‍රව වූ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, (ඛ) ආසවසම්පයුත්තා චෙව ධම්මා නො ච ආසවා.
Pali BJT6. ආසවවිප්පයුත්තා ඛො පන ධම්මා සාසවාපි, 1115, 1474 අනාසවාපි. 1116, 1475
Sinhala BJT6. යළි ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව ද වූ ධර්‍මයෝ යැ, (ආස්‍රව විප්‍රයුක්ත වූ) අනාස්‍රව ද වූ ධර්‍මයෝ යි.
Pali BJTආසවගොච්ඡකං.
Sinhala BJTආස්‍රවගොච්ඡකය යි.
Pali BJT1. සඤ්ඤොජනා ධම්මා, 1117, 1476 නොසඤ්ඤොජනා ධම්මා, 1128, 1477
Sinhala BJT1. සංයෝජන (පුඟුල්හු සසරැ බඳනා) වූ ධර්‍මයෝ යැ, සංයෝජන නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. සඤ්ඤොජනියා ධම්මා, 1129, 1478 අසඤ්ඤොජනියා ධම්මා, 1130, 1479
Sinhala BJT2. සංයෝජනීය (සංයෝජනයන්ට හිත) වූ ධර්‍මයෝ යැ, සංයෝජනීය නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT3. සඤ්ඤොජනසම්පයුත්තා ධම්මා, 1131, 1480 සඤ්ඤොජනවිප්පයුත්තා ධම්මා, 1132, 1481
Sinhala BJT3. සංයෝජනසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. සඤ්ඤොජනා චෙව ධම්මා සඤ්ඤොජනියා ච, 1133, 1482 සඤ්ඤොජනියා චෙව ධම්මා නො ච සඤ්ඤොජනා, 1134, 1483
Sinhala BJT4. සංයෝජන වූ ද සංයෝජනීය වූ ද ධර්‍මයෝ යැ, සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT5. සඤ්ඤොජනා චෙව ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා ච, 1135, 1484 සඤ්ඤොජනසම්පයුත්තා චෙව ධම්මා නො ච සඤ්ඤොජනා, 1136, 1485
Sinhala BJT5. සංයෝජන වූ ද සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, සංයෝජන සම්ප්‍රයුක්ත වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT6. සඤ්ඤොජනවිප්පයුත්තා ඛො පන ධම්මා සඤ්ඤොජනියාපි, 1137, 1486 අසඤ්ඤොජනියාපි. 1138, 1487
Sinhala BJT6. යළි සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය ද වූ ධර්‍මයෝ යැ, (සංයෝජන විප්‍රයුක්ත වූ) අසංයෝජනිය ද වූ ධර්‍මයෝ යි.
Pali BJTසඤ්ඤොජනගොච්ඡකං.
Sinhala BJTසංයෝජනගොච්ඡකය යි.
Pali BJT1. ගන්ථා ධම්මා, 1139, 1488 නොගන්ථා ධම්මා, 1144, 1489
Sinhala BJT1. ග්‍රන්‍ථ (ච්‍යුතිප්‍රතිසන්‍ධි විසින් සසර ගැටලන) වූ ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. ගන්ථනීයා ධම්මා, 1145, 1490 අගන්ථනීයා ධම්මා, 1146, 1491
Sinhala BJT2. ග්‍රන්‍ථනීය (අරමුණු කිරීම් වශයෙන් ග්‍රන්‍ථයන් විසින් ගෙතිය යුතු) වූ ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT3. ගන්ථසම්පයුත්තා ධම්මා, 1147, 1492 ගන්ථවිප්පයුත්තා ධම්මා, 1148, 1493
Sinhala BJT3. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. ගන්ථා චෙව ධම්මා ගන්ථනීයා ච, 1149, 1494 ගන්ථනීයා චෙව ධම්මා නො ච ගන්ථා, 1150, 1495
Sinhala BJT4. ග්‍රන්‍ථ වූ ද ග්‍රන්‍ථනීය වූ ද ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්‍රන්‍ථ වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT5. ගන්ථා චෙව ධම්මා ගන්ථසම්පයුත්තා ච, 1151, 1496 ගන්ථසම්පයුත්තා චෙව ධම්මා නො ච ගන්ථා, 1152, 1497
Sinhala BJT5. ග්‍රන්‍ථ වූ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූ ද නො ද ග්‍රන්‍ථ වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT6. ගන්ථවිප්පයුත්තා ඛො පන ධම්මා ගන්ථනීයාපි, 1153, 1498 අගන්ථනීයාපි. 1154, 1499
Sinhala BJT6. යළි ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ යැ, (ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ) ග්‍රන්‍ථනීය ද නො වූ ධර්‍මයෝ යි.
Pali BJTගන්ථගොච්ඡකං.
Sinhala BJTග්‍රන්‍ථගොච්ඡකය යි.
Pali BJT1. ඔඝා ධම්මා, 1155, 1500 නොඔඝා ධම්මා,
Sinhala BJT1. ඕඝ (පුඟුල්හු සසරැ ගලනා) වූ ධර්‍මයෝ යැ, ඕඝ නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. ඔඝනීයා ධම්මා, අනොඝනීයා ධම්මා,
Sinhala BJT2. ඕඝනීය (ඕඝයෙන් ඉක්මියයුතු) වූ ධර්‍මයෝ යැ, ඕඝනීය නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT3. ඔඝසම්පයුත්තා ධම්මා, ඔඝවිප්පයුත්තා ධම්මා,
Sinhala BJT3. ඕඝසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, ඕඝවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. ඔඝා චෙව ධම්මා ඔඝනීයා ච, ඔඝනීයා චෙව ධම්මා නො ච ඔඝා,
Sinhala BJT4. ඕඝ වූ ද ඕඝනීය වූ ද ධර්‍මයෝ යැ, ඕඝනීය වූ ද ඕඝ නො වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT5. ඔඝා චෙව ධම්මා ඔඝසම්පයුත්තා ච, ඔඝසම්පයුත්තා චෙව ධම්මා නො ච ඔඝා,
Sinhala BJT5. ඕඝ වූ ද ඕඝසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, ඕඝ සම්ප්‍රයුක්ත වූ ද නො ද ඕඝ වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT6. ඔඝවිප්පයුත්තා ඛො පන ධම්මා ඔඝනීයාපි, අනොඝනීයා පි
Sinhala BJT6. යළි ඕඝ විප්‍රයුක්ත වූ ඕඝනීය ද වූ ධර්‍මයෝ යැ, (ඕඝ විප්‍රයුක්ත වූ) ඕඝනීය ද නො වූ ධර්‍මයෝ යි.
Pali BJTඔඝගොච්ඡකං.
Sinhala BJTඕඝගොච්ඡකය යි.
Pali BJT1. යොගා ධම්මා, 1156, 1501 නොයොගා ධම්මා,
Sinhala BJT1. යෝග (පුඟුල්හු සසරැ යොදන) වූ ධර්‍මයෝ යැ, යෝග නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. යොගනීයා ධම්මා, අයොගනීයා ධම්මා,
Sinhala BJT2. යෝගනීය ධර්‍මයෝ යැ, අයෝගනීය ධර්‍මයෝ යැ,
Pali BJT3. යොගසම්පයුත්තා ධම්මා, යොගවිප්පයුත්තා ධම්මා,
Sinhala BJT3. යෝගසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, යෝගවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. යොගා චෙව ධම්මා යොගනීයා ච, යොගනීයා චෙව ධම්මා නො ච යොගා,
Sinhala BJT4. යෝග වූ ද යෝගනීය වූ ද ධර්‍මයෝ යැ, යෝගනීය වූ ද යෝග නො වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT5. යොගා චෙව ධම්මා යොගසම්පයුත්තා ච, යොගසම්පයුත්තා චෙව ධම්මා නො ච යොගා,
Sinhala BJT5. යෝග වූ ද යෝගසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, යෝග සම්ප්‍රයුක්ත වූ ද නො ද යෝග වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT6. යොගවිප්පයුත්තා ඛො පන ධම්මා යොගනීයාපි, අයොගනීයාපි.
Sinhala BJT6. යළි යෝගවිප්‍රයුක්ත වූ යෝගනීය ද වූ ධර්‍මයෝ යැ, (යෝග විප්‍රයුක්ත වූ) අයෝගනීය ද වූ ධර්‍මයෝ යි.
Pali BJTයොගගොච්ඡකං.
Sinhala BJTයෝගගොච්ඡකය යි.
Pali BJT1. නීවරණා ධම්මා, 1157, 1502 නොනීවරණා ධම්මා, 1168, 1503
Sinhala BJT1. නීවරණ (සිත හාත්පසින් බැඳගන්නා) වූ ධර්‍මයෝ යැ, නීවරණ නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. නීවරණියා ධම්මා, 1169, 1504 අනීවරණියා ධම්මා, 1170, 1505
Sinhala BJT2. නීවරණිය (නීවරණයන්ට හිත) වූ ධර්‍මයෝ යැ, අනීවරණිය වූ ධර්‍මයෝ යැ,
Pali BJT3. නීවරණසම්පයුත්තා ධම්මා, 1171, 1506 නීවරණවිප්පයුත්තා ධම්මා. 1172, 1507
Sinhala BJT3. නීවරණසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, නීවරණවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. නීවරණා චෙව ධම්මා නීවරණියා ච, 1173, 1508 නීවරණියා චෙව ධම්මා නො ච නීවරණා, 1174, 1509
Sinhala BJT4. නීවරණ වූ ද නීවරණිය වූ ද ධර්‍මයෝ යැ, නීවරණිය වූ ද නො ද නීවරණ වූ ධර්‍මයෝ යැ,
Pali BJT5. නීවරණා චෙව ධම්මා නීවරණසම්පයුත්තා ච, 1175, 1510 නීවරණසම්පයුත්තා චෙව ධම්මා නො ච නීවරණා, 1176, 1511
Sinhala BJT5. නීවරණ වූ ද නීවරණසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, නීවරණ සම්ප්‍රයුක්ත වූ ද නො ද නීවරණ වූ ද ධර්‍මයෝ යැ,
Pali BJT6. නීවරණවිප්පයුත්තා ඛො පන ධම්මා නීවරණියාපි, 1177, 1512 අනීවරණියාපි. 1178, 1513
Sinhala BJT6. යළි නීවරණවිප්‍රයුක්ත වූ නීවරණිය ද වූ ධර්‍මයෝ යැ, (නීවරණ විප්‍රයුක්ත වූ) අනීවරණිය ද වූ ධර්‍මයෝ යි.
Pali BJTනීවරණගොච්ඡකං.
Sinhala BJTනීවරණගොච්ඡකය යි.
Pali BJT1. පරාමාසා ධම්මා, 1179, 1514 නොපරාමාසා ධම්මා, 1181, 1515
Sinhala BJT1. පරාමර්‍ශ (නිත්‍යාදි වශයෙන් වරදවා ගන්නා) ධර්‍මයෝ යැ, පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. පරාමට්ඨා ධම්මා, 1182, 1516 අපරාමට්ඨා ධම්මා, 1183, 1517
Sinhala BJT2. පරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු කළ) ධර්‍මයෝ යැ, අපරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු නො කළ) ධර්‍මයෝ යැ,
Pali BJT3. පරාමාසසම්පයුත්තා ධම්මා, 1184, 1518 පරාමාසවිප්පයුත්තා ධම්මා, 1185, 1519
Sinhala BJT3. පරාමාසසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, පරාමාසවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. පරාමාසා චෙව ධම්මා පරාමට්ඨා ච, 1186, 1520 පරාමට්ඨා චෙව ධම්මා නො ච පරාමාසා, 1187, 1521
Sinhala BJT4. පරාමර්‍ශ වූ ද පරාමාෂ්ට වූ ද ධර්‍මයෝ යැ, පරාමාෂ්ට වූ ද නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ යැ,
Pali BJT5. පරාමාසවිප්පයුත්තා ඛො පන ධම්මා පරාමට්ඨාපි, 1188, 1522 අපරාමට්ඨාපි 1189, 1523
Sinhala BJT5. යළි පරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමාෂ්ට ද වූ ධර්‍මයෝ යැ, (පරාමර්‍ශ විප්‍රයුක්ත වූ) අපරාමාෂ්ට ද වූ ධර්‍මයෝ යි.
Pali BJTපරාමාසගොච්ඡකං
Sinhala BJTපරාමාසගොච්ඡකය යි.
Pali BJT1. සාරම්මණා ධම්මා, 1190, 1524 අනාරම්මණා ධම්මා, 1191, 1525
Sinhala BJT1. සාරම්මණ (ආලම්බන සහිත) වූ ධර්‍මයෝ යැ, අනාරම්මණ (ආලම්බන රහිත) නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. චිත්තා ධම්මා, 1192, 1526 නොචිත්තා ධම්මා, 1193, 1527
Sinhala BJT2. චිත්ත ධර්‍මයෝ යැ, චිත්ත නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT3. චෙතසිකා ධම්මා, 1194, 1528 අචෙතසිකා ධම්මා, 1195, 1529
Sinhala BJT3. චෛතසික (සිත්හි යෙදුණු) ධර්‍මයෝ යැ, චෛතසික නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. චිත්තසම්පයුත්තා ධම්මා, 1196, 1530 චිත්තවිප්පයුත්තා ධම්මා, 1197, 1531
Sinhala BJT4. චිත්තසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT5. චිත්තසංසට්ඨා ධම්මා, 1198, 1532 චිත්තවිසංසට්ඨා ධම්මා, 1199, 1533
Sinhala BJT5. චිත්තසංසෘෂ්ට (සිත හා මිශ්‍ර) වූ ධර්‍මයෝ යැ, චිත්තවිසංසෘෂ්ට (සිත හා මිශ්‍ර නො වූ) වූ ධර්‍මයෝ යැ,
Pali BJT6. චිත්තසමුට්ඨානා ධම්මා, 1200, 1534 නොචිත්තසමුට්ඨානා ධම්මා, 1201, 1535
Sinhala BJT6. චිත්තසමුට්ඨාන (සිතින් හටගන්නා) වූ ධර්‍මයෝ යැ, චිත්තසමුට්ඨාන නො වූ ධර්‍මයෝ යැ.
Pali BJT7. චිත්තසහභුනො ධම්මා, 1202, 1536 නොචිත්තසහභුනො ධම්මා, 1203, 1537
Sinhala BJT7. චිත්තසහභූ (සිත හා එක් ව උපදනා) ධර්‍මයෝ යැ, චිත්තසහභූ නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT8. චිත්තානුපරිවත්තිනො ධම්මා, 1204, 1538 නොචිත්තානුපරිවත්තිනො ධම්මා, 1205, 1539
Sinhala BJT8. චිත්තානුපරිවර්තී (සිත අනුව පෙරළෙන සුලු) ධර්‍මයෝ යැ, චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT9. චිත්තසංසට්ඨසමුට්ඨානා ධම්මා, 1206, 1540 නොචිත්තසංසට්ඨසමුට්ඨානා ධම්මා, 1207, 1541
Sinhala BJT9. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වූ ධර්‍මයෝ යැ, චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යැ,