Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 3001-3100 න් 3932

1192. කවර ධර්‍මයෝ චිත්ත වෙති යත්:
චක්‍ෂුර්විඥාන යැ ශ්‍රෝත්‍රවිඥාන යැ ඝ්‍රාණවිඥාන යැ ජිහ්වාවිඥාන යැ කායවිඥාන යැ මනෝධාතු යැ මනෝවිඥානධාතු යි. මේ ධර්‍මයෝ චිත්තයෝ යි.
1193. චිත්ත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු චිත්ත නො වූ ධර්‍මයෝ යි.
1194. කවර ධර්‍මයෝ චෛතසික වෙති යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ චෛතසිකයෝ යි.
1195. කවර ධර්‍මයෝ අචෛතසික වෙති යත්:
චිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අචෛතසිකයෝ යි.
1196. කවර ධර්‍මයෝ චිත්තසම්ප්‍රයුක්ත වෙති යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ චිත්ත සම්ප්‍රයුක්තයෝ යි.
1197. කවර ධර්‍මයෝ චිත්තවිප්‍රයුක්ත වෙති යත්:
හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තවිප්‍රයුක්තයෝ යැ. චිත්තය චිත්තය හා සම්ප්‍රයුක්ත යැ යි ද ච්ත්තයෙන් විප්‍රයුක්ත යැයි ද නො කියැ යුතු යැ.
1198. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ට වෙති යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටයෝ යි.
1199. කවර ධර්‍මයෝ චිත්තවිසංසෘෂ්ට වෙති යත්:
හැම රූප දඅසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තවිසංසෘෂ්ටයෝ යැ. චිත්තය සිත හා සංසෘෂ්ට යයි ද සිත හා විසංසෘෂ්ට යයි ද නො කියැ යුතු යැ.
1200. චිත්තසමුට්ඨාන ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යළි චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් අන්‍ය රූපයෙක්ත් ඇද්ද, රූපායතන යැ ශබ්දායතන යැ ගන්‍ධායතන යැ රසායතන යැ ස්පෘෂ්ටව්‍යායතන යැ ආකාශධාතු යැ අබ්ධාතු යැ රූපයාගේ ලඝුතා යැ රූපයාගේ මෘදුතා යැ රූපයාගේ කර්‍මණ්‍යතා යැ රූපයාගේ උපචය යැ රූපයාගේ සන්තති යැ කවලීකාරාහාර යැ යන මේ ධර්‍මයෝ චිත්තසමුත්‍ථානයෝ යි.
1201. කවර ධර්‍මයෝ චිත්තසමුත්‍ථාන නො වෙති යත්:
චිත්තය ද අවශේෂරූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්ත සමුත්‍ථාන නො වූවාහු වෙත්.
1202. කවර ධර්‍මයෝ චිත්තසහභූ වෙති යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යන මේ ධර්‍මයෝ චිත්ත සහභූ (සිත හා එක් ව උපදනාහු) වෙත්.
1203. කවර ධර්‍මයෝ චිත්තසහභූ නො වෙති යත්:
චිත්තය ද අවශේෂ රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ සිත හා එක් වැ නූපදනාහු වෙත්.
1204. කවර ධර්‍මයෝ චිත්තානුපරිවර්ති වෙති යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යන මේ ධර්‍මයෝ චිත්තානුපරිවර්තීහු වෙත්.
1205. කවර ධර්‍මයෝ චිත්තානුපරිවර්ති නො වෙති යත්:
චිත්තය ද අවශේෂ රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තානුපරිවර්ති නො වෙත්.
1206. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වෙති යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ යි.
1207. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වෙති යත්:
චිත්තය ද හැම රූප ද අසඞ්ඛත ධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වෙත්.
1208. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙත්.
1209. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති යත්:
චිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙත්.
1210. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙති යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙත්.
1211. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙති යත්:
චිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙත්.
1212. ආධ්‍යාත්මික ධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... මනායතන යැ යන මේ ධර්‍මයෝ ආධ්‍යාත්මිකයෝ යි.
1213. බාහ්‍ය ධර්‍මයෝ කවරහ යත්:
රූපායතන යැ ... ධර්‍මායතන යැ යන මේ ධර්‍මයෝ බාහ්‍යයෝ යි.
1214. උපාදා ධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... කවලීකාරාහාර යැ යන මොහු උපාදා (භූතයන් පවත්නා) ධර්‍මයෝ යි.
1215. උපාදා නො වූ ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ සතර මහාභූතයෝ යැ අසඞ්ඛතධාතු යැ යන මොහු උපාදා නො වූ (භූතයන් නො නිසා පවත්නා) ධර්‍මයෝ යි.
1216. උපාදින්නධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යම් කර්‍මයාගේ කෘතත්‍වාත් රූපයෙක් ඇද්ද ඒ ද යන මේ ධර්‍මයෝ උපාදින්නයෝ යි.
1217. අනුපාදින්න ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ නො මැ කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍ම විපාක වූ යම් ක්‍රියා ධර්‍ම කෙනෙකුත් ඇද්ද, කර්‍මයාගේ කෘතත්‍වාත් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අනුපාදින්නයෝ යි.
මහන්තර දුක යි.
1218. උපාදානධර්‍මයෝ කවරයහ යත්:
උපාදානයෝ සතර දෙනෙකි: කාමූපාදාන යැ, දිට්ඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදාන යි.
1219. එහි කාමූපාදාන කවරේ යත්:
පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් ඇද්ද, මේ කාමූපාදාන යයි කියනු ලැබේ.
1220. එහි දිට්ඨූපාදාන කවරේ යත්:
දුන් දැය ඵලවිපාක නැත, යාගයෙහි ඵලවිපාක නැත, හෝමයෙහි ඵලවිපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, ලොවැ යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ නැතැ’ යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ දිට්ඨූපාදාන යයි කියනු ලැබේ. සීලබ්බතූපාදානය ද අත්තවාදූපාදානය ද තබා හැම මිථ්‍යාදෘෂ්ටි දිට්ඨූපාදාන නමි.
1221. එහි සීලබ්බතූපාදාන කවරේ යත්:
මේ සස්නෙන් බැහැර මහණ බමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ, ව්‍රතයෙන් ශුද්ධි යැ, ශීලව්‍රතයෙන් ශුද්ධි යැ’යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දෘඪග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ සීලබ්බතූපාදාන නමි.
1222. එහි අත්තවාදූපාදාන කවරේ යත්:
මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම හෙයින් දකී, ආත්මය රූපවත් යයි හෝ දකී, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී, රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී, වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම හෙයින් දකී, ආත්මය විඥානවත් යයි හෝ දකී, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ දකී, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දකී, මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ආත්මවාදෝපාදාන යයි කියනු ලැබේ.
මේ ධර්‍මයෝ උපාදානයෝ යි.
1223.උපාදාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ උපාදානධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ සෙසු කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ. වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදාන නො වෙත්.
1224. කවර ධර්‍මයෝ උපාදානිය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානිය වෙත්.
1225. කවර ධර්‍මයෝ අනුපාදානිය වෙති යත්:
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අනුපාදානිය ධර්‍මයෝ වෙත්.
1226. කවර ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වෙත් ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත වෙත්.
1227. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදාන ධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වෙත් ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වෙත්.
1228. කවර ධර්‍මයෝ උපාදාන ද උපාදානිය ද වෙති යත්:
ඒ උපාදානයෝ මැ උපාදාන ද උපාදානිය ද වෙත්.
1229. කවර ධර්‍මයෝ උපාදානිය ද නො ද උපාදාන ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් විසින් උපාදානිය වෙත් ද ඒ ධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර වූ සෙසු සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානිය ද නො ද උපාදාන ද වෙත්.
1230. කවර ධර්‍මයෝ උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙති යත්:
දිට්ඨූපාදානය කාමූපපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. කාමූපපාදානය දිට්ඨූපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. සීලබ්බතූපාදානය කාමූපපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. කාමූපපාදානය සීලබ්බතූපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. අත්තවාදූපාදානය කාමූපපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. කාමූපපාදානය අත්තවාදූපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. මේ ධර්‍මයෝ උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙත්.
1231. කවර ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත ද නො ද උපාදාන ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත ද නො ද උපාදාන ද වෙත්.
1232. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු වෙත් ද කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත උපාදානිය වෙත්.
1233. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය වෙති යත්:
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය වෙත්.
උපාදානගොච්ඡක යි.
නික්‍ෂේපකාණ්ඩයෙහි දෙවැනි බණවර නිමි.
1234. කවර ධර්‍මයෝ ක්ලේශ වෙති යත්:
ක්ලේශ වස්තූහු දස දෙනෙකි. ලෝභ යැ, ද්වේෂ යැ, මෝහ යැ, මාන යැ, දෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ස්ත්‍යාන යැ, මිද්ධ යැ, අහ්‍රීක යැ, අනපත්‍රපා යි.
1235. එහි ලෝභ කවරේ යත්:
යම් රාගයෙක් බලවත් රාගයෙක් අරමුණෙහි සත්ත්‍වයන්ගේ පැමිණවීමෙක් ඇවිරීමෙක් (භවයෙහි) ඇලීමෙක් නන්‍දි සඞ්ඛ්‍යාත රාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් බැසගෙන සිටීමෙක් ගිජු වීමෙක් හාත්පසින් ගිජු වීමෙක් ඇලීමෙක් පඞ්කයෙක් භවයට ඇදීමෙක් වඤ්චායෙක් (සසරවට සත්‍වයන්) ඉපැදවීමෙක් (සත්ත්‍වයන් දුක හා සමග යොදමින්) ඉපදවීමෙක් (සසරවට) හිවීමෙක් ජාලිනියක් (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) නදියක් විසත්තිකායෙක් විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) දෙවැන්නක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (ඒ ඒ අරමුණෙහි ඇලෙන හෙයින්) වනයෙක් බලවත් වූ ගහනයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂායෙක් ප්‍රතිබන්‍ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක් රූපෙයහි ආශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරන හෙයින්)ජල්පායෙක් ප්‍රකර්‍ෂජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් පුනපුනා අරමුණෙහි ලොල්වීමෙක් ලෝලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නගුට සලන බවෙක් මිහිරි අරමුණු කැමති වන බවෙක් අධර්‍මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡාදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (උපදනා කුශල වාරය ගන්නා) පර්‍ය්‍යුත්‍ථානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමති වන හෙයින්) විවිධ විප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ගර්දුල(බලු බැඳුම)යෙක් තෘෂ්ණා සමුද්‍රයෙක් දැඩි ලෝභයෙක් ලෝභ අකුසල මූලයෙක් ඇද්ද, මේ ‘ලෝභ’ ය යි කියනු ලැබේ.
1236. එහි ද්වේෂ කවරේ යත්:
මට අවැඩ කළැයි කෝප උපදී. මට අවැඩ කෙරෙයි කෝප උපදී. මට අවැඩ කරන්නේ වනැයි කෝප උපදී. මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කළැයි ... අවැඩ කෙරෙයි ... අවැඩ කරන්නේ යයි කෝප උපදී. මාගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කළැයි ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ යයි කෝප උපදී. යළි අස්ථානයෙහි හෝ කෝප උපදී. මෙබඳු චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් සිත පෙරළීමෙක් චිත්තයාගේ ප්‍රද්වේෂයෙක් ක්‍රෝධකේ ක්‍රෝධාකාරයෙක් ක්‍රෝධ කරන බවෙක් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තියෙක් ව්‍යාපත්ති ආකාරයෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක් අපරිපූර්‍ණ වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් ඇද්ද, මේ ‘ද්වේෂ’ යයි කියනු ලැබේ.
1237. එහි මෝහ කවරේ යත්:
දුඃඛය නො දැනීම, දුඃඛසමුදය නො දැනීම, දුඃඛනිරෝධය නො දැනීම, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නො දැනීම, පූර්‍වාන්තය නො දැනීම, අපරාන්තය නො දැනීම, පූර්‍වාන්තාපරාන්තය නො දැනීම, ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන් නො දැනීම යන මෙබඳු වූ යම් නො දැනීමෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංගාහනායෙක් දුර්මේධායෙක් බාල්‍යයෙක් අසම්ප්‍රජන්‍යයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් ඇද්ද, මේ ‘මෝහ’ යයි කියනු ලැබේ.
1238. එහි මාන කවරේ යත්:
‘මම ශ්‍රේෂ්ඨ වෙමි’යි මාන යැ, ‘මම සදෘශ වෙමි’යි මාන යැ, ‘මම හීන වෙමි’යි මාන යැ, මෙබඳු වූ යම් මානෙයක් මාන ආකාරෙයක් මානිත බෙවක් උන්නතියෙක් නඟාතැබීමෙක් (මාන සඞ්ඛ්‍යාත)ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් (චිත්තයාගේ) කේතුකාම්‍යතායෙක් ඇද්ද, මේ ‘මාන’ යයි කියනු ලැබේ.
1239. එහි දෘෂ්ටි කවරේ යත්:
‘ලෝකය ශාශ්වත’ යයි හෝ ‘ලෝකය අශාශ්වත’ යයි හෝ ‘ලෝකය අන්තවත්’ යයි හෝ ‘ලෝකය අනන්තවත්’ යයි හෝ ‘ඒ මැ ජීව යැ යි ඒ මැ ශරීර යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි හෝ ‘සත්ත්‍වයා මරණින් මතු වෙයි’ හෝ ‘සත්ත්‍වයා මරණින් මතු නො වෙයි’ හෝ ‘සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ’ යයි හෝ ‘සත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වේ’ යයි හෝ මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (දෘඪ) ග්‍රාහයෙක් පිහිටාගැන්මෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ටි’ යයි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටි මැ දෘෂ්ටි වේ.