632. ඒ රසායතනරූපය කවරෙ යත්:
යම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය ඇඹුලැ මිහිරැ තිත්ත ය කුළු ය ලුණු ය කර ය ලපිල (-දිවුල් ඈ කසටැඹුල) ය කසට ය මිහිරි ය නොමිහිරි ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ දිවින් වින්දේ හෝ විඳී හෝ විඳුනේ හෝ විඳි නම් හෝ, තෙලෙ රස නුමුදු වෙයි, තෙලෙ රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ ඒ රසායතන රූප යි.
633. ඒ රසායතනරූපය කවරෙ යත්:
යම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මූලරස ය ස්කන්‍ධරස ය ත්‍වග්රස ය පත්‍රරස ය පුෂ්පරස ය අම්බිල ය මධුර ය තික්ත ය කටුක ය ලවණ ය ක්‍ෂාර ය ලපිල ය කසාව ය ස්වාදු ය අස්වාදු ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ දිව ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ රස නමුදු වෙයි, තෙලෙ රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ ඒ රසායතනරූප යි.
634. ඒ රසායතනරූපය කවරෙ යත්:
යම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය ඇඹුලැ මිහිරැ ය තිත්ත ය කුළුරස ය ලුණුරස ය කරරස ය ලපිලරස ය කසටරස ය මිහිරි ය නොමිහිරි ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් යම් රසයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ දිවෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ රස නුමුදු වෙයි, තෙලෙ රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ ඒ රසායතනරූප යි.
635. ඒ රසායතනරූපය කවරෙ යත්:
යම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය ඇඹුලැ මිහිරි ය තිත්ත ය කටුක ය ලුණු ය කර ය ලපිලරස ය කසට ය මිහිරි ය නොමිහිරි ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක් හෝ ඇද්ද, යම් රසයක් අරමුණු කොට දිව නිසා ජිව්හාසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් රසයක් අරමුණු කොට දිව නිසා ජිව්හාසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ජිහ්වාවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසාලම්බන වූ ජිව්හාසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසාලම්බන වූ ජිව්හාසම්ඵස්සජ වේදනාව .. සංඥාව .. චේතනාව .. ජිහ්වාවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ, තෙලෙ රස නමුදු වෙයි, තෙලෙ රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ ඒ රසායතන රූප යි.
636. ඒ ඉත්‍ථින්‍ද්‍රිය රූපය කවරෙ යත්:
යම් කරුණෙකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රිසටහන ස්ත්‍රීසලකුණ ස්ත්‍රීක්‍රියා ස්ත්‍රීආකල්පය ස්ත්‍රීත්‍වය ස්ත්‍රීභාවය වේ ද, මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රියරූප යි.
637. ඒ පුරිසින්‍ද්‍රියරූපය කවරෙ යත්:
යම් කරුණෙකින් පුරුසයාගේ පුරුෂසටහන පුරුෂසලකුණ පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂත්‍වය පුරුෂභාවය වේ ද, මේ ඒ පුරුෂේන්‍ද්‍රියරූපයි.
638. ඒ ජිවිතින්‍ද්‍රියරූපය කවරෙ යත්:
ඒ රූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනෙයක් ඉරීයනයෙක් පැවැත්මෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජිවිතෙන්‍ද්‍රියරූප යි.
639. ඒ කායවිඤ්ඤප්තිරූපය කවරෙ යත්:
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු ව බලන්නහුගේ හෝ හාත්පස බලන්නහුගේ හෝ සන්‍ධි හකුළුවන්නහුගේ හෝ දිගහරින්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥාපනයෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ කායවිඥප්තිරූප යි.
640. ඒ වචීවිඤ්ඤප්තිරූපය කවරෙ යත්:
කුසල් සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝොෂකර්‍මයෙක් වාක්සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යයි කියනු ලැබේ. ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්තිරූප යි.
641. ඒ ආකාසධාතුරූපය කවරෙ යත්:
යම් ආකාශයෙක් ආකාශගතයෙක් (නො ගැටියැ හැකි) අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතර මහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ ඒ ආකාශධාතුරූප යි.
642. ඒ රූපයාගේ ලහුතාරූපය කවරෙ යත්:
රූපයාගේ යම් ලඝුත්‍වාකාරයෙක් යුහු වැ පරිවර්‍තන වන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ ලඝුත්‍ව රූප යි.
643. ඒ රූපයාගේ මුදුතාරූපය කවරෙ යත්:
රූපයාගේ යම මෘදුත්‍වයෙක් මාර්‍දවයෙක් (-සිනිඳු බවෙක්) නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ මෘදුත්‍වරූප යි.
644. ඒ රූපයාගේ කම්මඤ්ඤතා රූපය කවරෙ යත්:
රූපයාගේ යම් කර්‍මණ්‍ය බවෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍යභාවයෙක් වේ ද, මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යතාරූප යි.
645. ඒ රූපයාගේ උපචයරූපය කවරෙ යත්:
(අඩෙකොළොස් රූපායතන සඞ්ඛ්‍යාත) ආයතනයන්ගේ යම් නිපැද්මෙක් වේ ද, හේ රූපයාගේ උපචය නමි. මේ ඒ රූපයාගේ උපචයරූප යි.
646. ඒ රූපයාගේ සන්තතිරූපය කවරෙ යත්:
රූපයාගේ යම් වැඩීමෙක් වේ ද, ඒ රූපයාගේ සන්තති නමි. මේ ඒ රූපයාගේ සන්තතිරූප යි.
647. ඒ රූපයාගේ ජරතාරූපය කවරෙ යත්:
රූපයාගේ ජරාවක් ජීර්‍ණාකාරයෙක් (දන්තාදිය) කැඩුණු බවෙක් (කේශයන්ගේ) පලිත බවෙක් රැළි වැටුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන් මිහිකිරීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ ජරතාරූප යි.
648. ඒ රූපයාගේ අනිච්චතා රූපය කවරෙ යත්:
රූපයාගේ යම් ක්‍ෂය වීමෙක් විනාශයෙක් බිඳීමෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ අනිත්‍යතා රූප යි.
649. ඒ කවලීකාරාහාරරූපය කවරෙ යත්:
ඕදන ය කුල්මාස ය හත්වට ය මාළු මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් ජන පදයෙක් හි ඒ ඒ සත්ත්‍වයන් විසින් මුවින් කෑ යුතු දතින් විකිය යුතු ගෙලෙන් ගිලිය යුතු කුස පුරාලන යම් ඔජාවෙකින් සත්ත්‍වයෝ යැපෙත් නම්, එබඳු වූ අන්‍ය වූත් යම් රූපයෙක් ඇද්ද, මේ ඒ කවලීකාරාහාර රූප යි. මේ ඒ උපාදාරූප යි.
උපාදාභාජනීය යි.
රූපකාණ්ඩයෙහි පළමුවැනි බණවර යි.
650. ඒ උපාදා නො වූ රූපය කවරෙ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ උපාදා නො වූ රූප යි.
651. ඒ ඵොට්ඨබ්බායතනය කවරෙ යත්:
තද වූ මොළොක් වූ සිලුටු වූ රළු වූ සුවපහස් වූ දුක්පහස් වූ බර වූ නොබර වූ (කර්‍කශත්‍වලක්‍ෂණ) පෘථිවිධාතු ය උෂ්ණත්‍ව ලක්‍ෂණ වූ තේජෝ ධාතු ය (විස්තම්බ්භනලක්‍ෂණ වූ) වායෝධාතු යි. අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ස්ප්‍රෂ්ටව්‍යයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ කයින් පැහැසී හෝ පහසා හෝ පහස්නේ හෝ පහසා නම් හෝ, තෙලෙ (පඨවි - තේජෝ - වායෝධාතුව) ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙලෙ ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
652. ඒ ඵොට්ඨබ්බායතනරූපය කවරෙ යත්:
කර්‍කශ වූ මෘදු වූ සිලුටු වූ පරුෂ වූ සුවපහස් වූ දුක්පහස් වූ බර වූ නො බර වූ පෘථිවිධාතු ය තෙජොධාතු ය වායෝධාතු යි. අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ කය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙලෙ ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
653. ඒ ඵොට්ඨබ්බායතන රූපය කවරෙ යත්:
තද වූ මොළොක් වූ සිලුටු වූ රළු වූ සුවපහස් වූ දුක්පහස් වූ බර වූ නොබර වූ පෘථිවිධාතු ය තෙජොධාතු ය වායෝධාතු යි. අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ කයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙලෙ ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ ඵොට්ඨබ්බායතනරූප යි.
654. ඒ ඵොට්ඨබ්බායතනරූපය කවරෙ යත්:
තද වූ මොළොක් වූ සිලුටු වූ රළු වූ සුවපහස් වූ දුක් පහස් වූ බර වූ නොබර වූ පෘථිවිධාතු ය තෙජොධාතු ය වායෝධාතු යි. යම් ස්ප්‍රෂ්ටව්‍යයක් අරමුණු කොට කය නිසා කායසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ස්ප්‍රෂ්ටව්‍යයක් අරමුණු කොට කය නිසා කායසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … කායවිඥානය උපනේ හෝ උපදි හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ කායසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍ර්ෂ්ටව්‍යාලම්බන වූ කායසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … කායවිඥානය උපනේ හෝ උපදි හෝ උපදනේ හෝ උපදි නම් හෝ තෙලෙ ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙලෙ ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
655. එ ආපෝධාතුරූපය කවරෙ යත්:
යම් අපායෙක් අපාගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් (පෘතුවිධාත්‍වාදී) භූතරූපයාගේ බන්‍ධභාවයෙක් වේ ද, මේ ඒ ආපෝධාතුරූප යයි. මේ ඒ උපාදා නො වූ රූප යි.
656. ඒ උපාදින්නරූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය පුරුෂේන්‍ද්‍රිය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය අකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්න රූප යි.
657. ඒ අනුපාදින්නරූපය කවරෙ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපායගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මසමුත්‍ථාන නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය අකාශධාතු ය රූපයාගේ උපචය ය රූපායගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නරූප යි.
658. ඒ උපාදින්නුපාදානියරූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නුපාදානියරූප යි.
659. ඒ අනුපාදින්නුපාදානියරූපය කවරෙ යත්:
ශබ්දායතන ය කායාවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මසමුත්‍ථාන නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යි. මේ ඒ අනුපාදින්නුපාදානිය රූප යි.
660. ඒ සනිද්ස්සනරූපය කවරෙ යත්:
රූපායතන යි. මේ ඒ සනිදර්‍ශනරූප යි.
661. ඒ අනිදස්සනරූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ අනිදර්‍ශනරූප යි.
662. ඒ සප්පටිඝරූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය ශ්‍රෝතායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සප්‍රතිඝරූප යි.
663. ඒ අප්පටිඝරූපය කවරෙ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය … කවලීකාරාහාර යි. මේ ඒ අප්‍රතිඝරූප යි.
664. ඒ ඉන්‍ද්‍රියරූපය කවරෙ යත්:
චක්‍ෂුරින්‍ද්‍රිය ය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය ඝ්‍රාණේන්‍ද්‍රිය ය ජිහ්වේන්‍ද්‍රිය ය කායේන්‍ද්‍රිය ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රියරූප යි.
665. ඒ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
රූපායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ රූප යි.
666. ඒ මහාභූතරූපය කවරෙ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ මහාභූතරූප යි.
667. ඒ මහාභූත නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ මහාභූත නො වූ රූප යි.
668. ඒ විඥප්තිරූපය කවරෙ යත්:
කායවිඥප්ති ය, වාග්විඥප්ති යි. මේ ඒ විඥප්තිරූප යි.
669. විඥප්ති නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ විඥප්ති නො වූ රූප යි.
670. ඒ චිත්තසමුට්ඨානරූපය කවරෙ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපලඝුත්ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යත්‍ව ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ චිත්තසමුත්‍ථානරූප යි.
671. ඒ චිත්තසමුට්ඨාන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද චිත්තජ නො වූ චිත්තහේතුක නො වූ චිත්තසමුත්‍ථාන නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපලඝුත්ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යත්‍ව ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ චිත්තසමුත්‍ථාන නො වූ රූප යි.
672. ඒ චිත්තසහභූරූපය කවරෙ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ චිත්ත සහභූරූප යි.
673. ඒ චිත්තසහභූ නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චිත්තසහභූ නො වූ රූප යි.
674. ඒ චිත්තානුපරිවර්ති රූපය කවරෙ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ චිත්තානුපරිවර්ති රූප යි.
675. ඒ චිත්තානුපරිවර්ති නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චිත්තානුපරිවර්ති නො වූ රූප යි.
676. ඒ අජ්ඣත්තිකරූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූප යි.
677. ඒ බාහිරරූපය කවරෙ යත්:
රූපායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ බාහ්‍යරූප යි.
678. ඒ ඕළාරිකරූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඖදාරික රූප යි.
679. ඒ සුඛුමරූපය කවරෙ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය … කවලීකාරාහාර යි. මේ ඒ සූක්‍ෂමරූප යි.
680. ඒ දූරේරූපය කවරෙ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය … කවලීකාරාහාර යි. මේ ඒ දූරේරූප යි.