Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 501-600 න් 4019

6. නො නෑ මෙහෙණක ලවා සිවුරක් ගෙත්තම් කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක ලවා සිවුරක් ගෙත්තම් කරවී යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
7. මෙහෙණක හා කතිකා කොට එක් අදන්මඟකට බට මහණහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණන් හා කතිකා කොට එක් අදන්මඟකට බැස්සාහු ය. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
8. මෙහෙණක හා කතිකා කොට එක් නැවකට නඟින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණන් හා කතිකා කොට එක් නැවකට නැංගාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නගියි: ...
9. දැන දැන මෙහෙණක විසින් නිපදවන ලද බොජුන් වළඳන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: දෙව්දත් මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: දෙව්දත් මහණ දැන දැන මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වැළඳී ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
10. එකලාවූයේ එකලා මෙහෙණක හා රහසිගත වැ හිඳින්නහු පිළිබඳ පචිති සිකපදය කො තැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ එකලා වූයේ එකලා මෙහෙණක හා රහසිගත වැ හිනැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
තෙවන ඕවාදවර්‍ග යි.
1. ආවස්ථපිණ්ඩය එක් දිනකට වඩා වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පුන පුනා වැස ආවස්ථපිණ්ඩය වැළඳුහ ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
2. ගණභෝජනයෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: දෙව්දත්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: දෙව්දත් පිරිස් සහිතවැ කුලයන්හි විනව විනවා අනුභව කෙළේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
3. පරම්පර භෝජනයෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පැවරූ තැන තබා අන්තැනෙකැ වැළඳූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතරෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
4. දෙතුන් පයක් පුරා පු පිළිගෙන ඊට වඩා පිළිගන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පමණ නො දැන පිළිගත්හ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
5. වළඳා නිමවූ පැවරුවහු විසින් අයිරිත් නො කළ කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: වළඳා නිමවූ පැවරූ බොහෝ මහණහු, අන් තැනෙක්හි වැළඳුහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
6. වළඳා නිමවූ පැවරූ මහණක්හු අයිරිත් නො කළ කෑ යුතු දෙයින් හෝ බුදියයුතු දෙයින් හෝ එළවා පවරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
“කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් වළඳා නිමි පැවරූ මහණක්හු අයිරිත් නොකළ කෑයුතු දෙයින් බුදිය යුතු දෙයින් එළවා පැවරීයැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
7. විකාලයෙහි කෑයුතු දෙයක් හෝ බුදියයුතු දෙයක් හෝ වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු විකාලයෙහි බොජුන් වැළඳුහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි … එළකලෝම සමුට්ඨානයෙහි යැ.
8. පිළිගෙණ රැයක් ඉක්මවූ කෑ යුතු හෝ බුදිය යුතු හෝ දෙයක් වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් බෙලට්ඨසීස තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් බෙලට්ඨසීස තෙරණුවෝ පිළිගෙණ රැයක් ඉක්ම වූ බොජුනක් වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි … එළකලෝම සමුට්ඨානයෙහි යැ.
9. පිණි බොජුන් තමා පිණිස විනවා බුදින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිණි බොජුන් තමන් පිණිස විනවා වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නගී. …
10. නො පිළිගත් යම් අහරක් පරගලා කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් නො පිළිගත් අහරක් වැළඳීයැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
සිවුවන භෝජන වර්‍ග යි.
1. නග්න තවුසකුට හෝ පරිබ්‍රාජකයකුට හෝ පරිබ්‍රාජිකාවකට හෝ කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ සියතින් දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එක්තරා පිරිවැජියකට එකෙකියි හඟිමින් දෙ කැවුමක් දුන්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
2. මහණක්හට “ඇවත, එව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු” යි ඒ මහණහට (කිසි අහරක්) දෙවා හෝ නො දෙවා හෝ පිටත් කොට යවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර “ඇවත, එව ගමට පිඬු පිණිස පිවිසෙන්නෙමු” යි, (කැඳවා ගෙණ) ඒ මහණහට කිසිවක් නො දෙවා නඟා යැවිය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සැවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
3. මෙවුන්දම් රාගයෙන් යුත් පුමිතිරි දෙදෙනා ඇති යහන් ගෙහි ඇතුළට වැද හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර පුමිතිරි දෙදෙනා ඇති යහන් ගෙය තුළට වැද හිනැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
4. මාගමක හා රහස්හි පිළිසන් අස්නෙක හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්; ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාගමක හා රහස්හි පිළිසන් අස්නෙක හුන්නේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
5. එකලා වූයේ එකලා වූ මාගමක හා හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දි පණවන ලදී.