Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 4001-4019 න් 4019

3. වත්‍ථු යැ සඞ්ඝ යැ පුග්ගල යැ අකාලෙ න සාවන යැ අතිබුද්දකා යැ අතිමහන්තා යැ ඛණ්ඩ නිමිත්ත යැ ඡායා නිමිත්ත යැ.
4. බහි යැ නදී යැ සමුද්දෙ යැ ජාතස්සරෙ යැ භින්‍දති යැ සීමා යැ අජ්ඣොත්‍ථරති යැ චතුවග්ගික යැ පඤ්චවග්ගික යැ.
5. දසවග්ග යැ වීසතිවගග යැ අනාහට යැ ආහට යැ කම්මපත්තපුග්ගල යැ. ඡන්‍දාරහපුග්ගල යැ කම්මාරහ පුග්ගල යැ.
6. පඤ්චඨානික අපලෝකන යැ නවඨානික ඤත්ති යැ සත්තඨානික ඤත්තිදුතිය යැ සත්තඨාතික ඤත්තිචතුත්‍ථ යැ.
7. සුට්ඨු යැ ඵාසු යැ දුම්මඞ්කු යැ පෙසල යැ ආසව යැ වෙර යැ වජ්ජ යැ භය යැ අකුසල යැ ගිහීනං (අනුකම්පා) යැ.
8. පාපිච්ඡයා යැ අප්පසන්නානං යැ පසන්නානං යැ ධම්මඨපනා යැ පාතිමෝක්ඛද්දෙසය සමග විනයානුග්ගහ යැ.
9. පාතිමෝක්ඛට්ඨපනා යැ පවාරණට්ඨපනා යැ තජ්ජනීය යැ නියස්ස යැ පබ්බාජනීය යැ පටිසාරණීය යැ යි.
10. උක්ඛේපන යැ පරිවාස යැ මූලායපටිකස්සන යැ මානත්ත යැ අබ්භාන යැ ඔසාරණ යැ නිස්සාරණ යැ එසේ ම උපසම්පදා යැ.
11. අපලෝකන යැ ඤත්ති යැ ඤත්තිදුතිය යැ ඤත්තිචතුත්‍ථ යැ අපඤ්ඤත්ත යැ අනුපඤ්ඤත්ත යැ සම්මුඛාවිනය යැ සතිවිනය යැ.
12. අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ යෙභූය්‍යසිකා යැ තිණවත්‍ථාරක යැ වස්තු යැ විපත්ති යැ ආපත්ති යැ පුග්ගලය සමග නිදාන යැ.
13. ඛන්‍ධ යැ සමුට්ඨාන යැ අධිකරණ යැ සමථ යැ සඞ්ඝහ යැ නාම යැ එසේ ම ආපත්ති යැ යි.
පරිවාරපාළි නිමි.
1. මහාප්‍රාඥ වූ ශ්‍රැතධාරී විචක්‍ෂණ වූ දීප නම් මහාස්ථවිර තෙමේ ඒ ඒ තන්හි පෙර ඇදුරන් ගිය මඟ ද විචාරා,
2. උගන්නා අතවැසියනට සුව එළවන මදධ්‍යම වූ සංජ්ඣාය මාර්‍ගයෙන් සිතා විස්තර සඞ්ක්‍ෂේපය නො ගෙණ මේ පරිවාරපාළිය ලියැවී.
3. පරිවාර යැ යි යමක් කියන ලද ද ඔහුගේ ලක්‍ෂණ සහිත වූ පදසිද්ධි සඞ්ඛ්‍යාත වස්තුව සද්ධර්‍මයෙහි අර්‍ත්‍ථය අර්‍ත්‍ථය සමග ද පුහඳප්තියෙහි පාළිය පාළිය සමග ද නය වශයෙන්
4. මහසයුර දඹදිව පිරිවරා සිටියා සේ ප්‍රතිපත්ති ශාසනය පිරිවරා සිටියේ යැ. පරිවාරය නො දන්නේ ධර්‍මවිනිශ්චය කුමකින් කරන්නේ ද,
5. විපත්ති විසින් ද වස්තු විසින් ද ප්‍රඥප්ති විසින් ද අනුප්‍රඳප්ති විසින් ද පුද්ගල විසින් ද ඒකතෝ පඤ්ඤත්ති විසින් ද උභතෝ පඤ්ඤත්ති විසින් ද ලෝකවද්‍ය විසින් ද ප්‍රඥප්තාවද්‍ය විසින් ද,
6. යමක්හට විමති උපදී ද එය පරිවාරයෙන් සිඳේ. මහසෙන් මැද සක්විත්තා මෙන් ද සිවුපාවුන් මැද කේශරසිංහරාජයා මෙන් ද,
7. රශ්මීන් පිරිවරන ලද හිරු මෙන් ද තාරකා සමූහයා විසින් පිරිවරන ලද සඳ මෙන් ද බඹ පිරිස් මැද (හාරිත) මහබඹහු මෙන් ද ශ්‍රාවක ගණයා මැද ලෝකස්වාමීහු මෙන් ද සද්ධර්‍ම සඞ්ඛ්‍යාත විනය පරිවාරයෙන් හොබනේ යි.