Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 3701-3800 න් 4019

1. වහන්ස, කඨින ඇතිරීමෙහි අනුසස් කෙතෙක් ද?
උපාලි, කඨින ඇතිරීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙකැ යත්: (අරම්වැසි මහණුන් නො විචාරා ගම් වදනා) අනාමන්තචාර යැ. (තුන්සිවුරින් එකක් තබා යන) අසමාදානචාර යැ, (නො කැප බසින් කැඳවා දෙන) ගණනභෝජන යැ, කැමැති තාක් (නො ඉටු, නො විකැප වූ) චීවර පරිභෝග යැ, ඒ කඨින අතුළ වෙහෙරැ යම් චීවරොත්පාදයෙක් ඇද්ද, එය ඒ කඨින අතුළ මහණුන් අයත් වන්නේ යැ යන පස යි. උපාලි, මේ වනාහි කඨින ඇතිරීමෙහි පඤ්ච ආනිසංසයෝ යි.
2. වහන්ස, මුළා සිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා නැති වැ නිදි වදනාහට ආදීනව කෙතෙක් ද?
උපාලි, මුළාසිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා නැති වැ නිදි වදනාහට මේ ආදීනව පසෙකි. කවර පසෙකැ යත්: දුකසේ නිදයි. දුකසේ පුබුදියි, ලාමක සිහින දකියි, දෙවියෝ නො රකිති, සුකුරු මිදේ, උපාලි, මොහු වනාහි මුළාසිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා නැති වැ නිදි වදනාහට පඤ්ච ආදීනවයෝ යි.
උපාලි, එළැඹ සිටි සිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ, නිදි වදනාහට මේ ආනිසංස පසෙකි. කවර පසෙක යත්: සුවසේ නිදයි, සුවසේ පුබුදියි, ලාමක සිහින නො දකියි, දෙවියෝ රකිති, සුකුරු නො මිදේ. උපාලි, මොහු වනාහි එළඹැසිටි සිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ නිදි වදනාහට පඤ්ච ආනිසංසයෝ යි.
3. වහන්ස, අවන්‍ද්‍ය (නො වැන්දයුතු) පුද්ගලයෝ කෙතෙක් ද?
උපාලි, මේ අවන්‍ද්‍යයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: ඇතුළු ගමට පිවිසියේ අවන්‍ද්‍ය යැ. වීථියට ගියේ. අවන්‍ද්‍ය යැ, අඳුරෙහි හුන්නේ අවන්‍ද්‍ය යැ, (කෘත්‍යය නිරත බැවින්) වඳනා බව නො දන්නේ අවන්‍ද්‍ය යැ, නිදාගත වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
4. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකt යත්: හුළුකැන් වළඳන සමයෙහි අවන්‍ද්‍ය යැ, භක්තාශ්‍රයෙහි අවන්‍ද්‍ය යැ, වෛරීපුද්ගල අවන්‍ද්‍ය යැ, අන්‍යවිහිත වූයේ අවන්‍ද්‍ය යැ, නග්න වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
5. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: (අවුළු ඈ) කමින් සිටියේ අවන්‍ද්‍ය යැ, (අහර) බුදිමින් සිටියේ අවන්‍ද්‍ය යැ, වස් පවත්මින් සිටියේ අවන්‍ද්‍ය යැ, සුළුදියටනු කරමින් සිටියේ අවන්‍ද්‍ය යැ, උඛෙව්නීකම් කරනලද්දේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
6. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: පළමු උපසපන් වූවහු විසින් පසු වැ උපසපන් වූයේ අවන්‍ද්‍ය යැ, අනුපසම්පන්න වූයේ අවන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධතර අධර්‍මවාදී වූයේ අවන්‍ද්‍ය යැ, මාගම අවන්‍ද්‍ය යැ, පණ්ඩක අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
7. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: පිරිවෙස් පුරන්නේ අවන්‍ද්‍ය යැ, මූලායපටිකස්සන කර්‍මයට නිසි වූයේ අවන්‍ද්‍ය යැ. මානතට නිසි වූයේ අවන්‍ද්‍ය යැ, මානත් පුරන්නේ අවන්‍ද්‍ය යැ, අබ්හානකර්‍මයට නිසි වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
8. වහන්ස, වන්‍ද්‍ය (වැන්ද යුතු) පුද්ගලයෝ කෙතෙක් ද?
උපාලි, මේ වන්‍ද්‍යපුද්ගලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පසුව උපසපන් වූවහු විසින් පළමු උපසපන් වූයේ වන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධකර ධර්‍මවාදී වූයේ වන්‍ද්‍ය යැ, ඇදුරු තෙර වන්‍ද්‍ය යැ, වත්තෙර වන්‍ද්‍ය යැ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති ලෝකයෙහි තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුහු වන්‍ද්‍යයහ. උපාලි, මොහු පස්දෙන වන්‍ද්‍යයෝ යි.
9. වහන්ස, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් කෙතෙක් දහම් ස්වකීය සන්තානයෙහි එළවා පා වැන්දයුතු ද?
උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් දහම් පසක් සිත්සතන්හි එළවා පා වැන්දයුතු යැ. කවර පසෙක යත්: උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් උතුරුසඟ එකස් කොට ඇඳිලි බැඳගෙණ දෙඅත්ලෙන් දෙපත්ල පිරිමදිමින් ප්‍රේමයත් ආදරයත් එළවා පා වැන්දයුතු, උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් මෙ පස්දහම් සිත්සතන්හි උපයා පා වැන්දයුතු.
තුදුස්වන කඨිනත්‍ථාර වර්‍ග යි.
එහි නාමාවලිය:
කඨිනත්‍ථාර යැ, නිද්දා යැ, අන්තරඝර යැ, යාගුපාන යැ, ඛාදන යැ, පුරේඋපසම්පන්න යැ, පාරිවාසික යැ, අවන්‍දිය යැ, වන්‍දිතබ්බක යි.
උපාලිපඤ්චකය නිමි.
ඒ වර්‍ගයන්ගේ නාමාවලිය:
අනිස්සිතය සමග කම්ම යැ, වෙහෙරෙදිට්ඨාවිකම්මය සමග චෝදන (අන්තාදාන) යැ, ධුතඞ්ග යැ, මුසාවාද යැ. භික්ඛුනීඕවාද යැ,
උබ්බාහිකා යැ, අධිකරණවූපසම යැ, සඞ්ඝභේදක දෙක යැ, ආවාසික යැ, කඨිනත්‍ථාරය දැයි තුදුස්වර්‍ගයෝ සුප්‍රකාශිතයහ.
සමුට්ඨානය
සතර පරිජි
1. ඇවැතෙක් ඇත, අචිත්තක වැ අවදී, සචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත සචිත්තක වැ අවදී, අචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත, අචිත්තක වැ අවදී, අචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත, සචිත්තක වැ අවදී, සචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත, කුසල්සිත් ඇති වැ අවදී, කුසල්සිත් ඇතිවැ නැඟෙයි, ඇවැතෙක් ඇත, කුසල්සිත් ඇති වැ අවදී, අකුසල් සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, කුසල් සිත් ඇති වැ අවදී, අව්‍යාකෘත සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, අකුසල්සිත් ඇති වැ අවදී, කුසල් සිත් ඇති වැ නැගෙයි, ඇවතෙක් ඇත, කුසල් සිත් ඇති වැ අවදී, අකුසල් සිත් ඇති වැ නැගෙයි, ඇවැතෙක් ඇත, අකුසල් සිත් ඇති වැ අවදී, අව්‍යාකෘත සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, අව්‍යාකෘත සිත් ඇති වැ අවදී, කුසල් සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, අව්‍යාකෘත සිත් ඇති වැ අවදී, අකුසල් සිත් ඇති වැ නැගෙයි, ඇවැතෙක් ඇත, අව්‍යාකෘතසිත් ඇතිවැ අවදී, අව්‍යාකෘත සිත් ඇති වැ නැඟෙයි.
2. පළමු පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: පළමු පරිජිය එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
3. දෙවන පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: දෙවන පරිජිය තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී, කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
4. තෙවන පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තෙවන පරිජිය තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී, කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
5. සිවුවන පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: සිවුවන පරිජිය තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟි, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
සතර පරිජි නිමි.
තෙළෙස් සඟවෙසෙස්
1. උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් නඟියි, වචනයෙන් නො නඟී.
2. මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟ වෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
3. මාගමකට තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මාගමකට තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
4. මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි ගුණ කියන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි ගුණ කියන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
5. මාගමුන් හා පිරිමින් අත හසුන් ගෙණ යනු එනු විසින් හැසිරීම් බවට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මාගමුන් හා පිරිමින් අතරැ හසුන් ගෙණ යනු එනු විසින් සංචරිත්තයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස සමුට්ඨාන සයෙන් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී, කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
6. තමා ඉල්වාගත් උපකරණයෙන් කුටියක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තමා ඉල්වාගත් උපකරණයෙන් කුටියක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස සමුට්ඨාන සයෙන් නඟියි: ...
7. මහත් විහාරයක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මහත් විහාරයක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස සමුට්ඨාන සයෙන් නඟියි: ...
8. මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයකින් නඟියි: ...
9. අන්‍යභාගීය අධිකරණයහුගේ කිසි දේශලේශමාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අන්‍යභාගීය අධිකරණයක්හුගේ කිසි දේශලේශමාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයකින් නඟියි: ...
10. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින සඞ්ඝභේදක මහණහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන්යළතෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින සඞ්ඝභේදක මහණහු පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
11. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ භේදානුවත්තක භික්‍ෂූන් පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ භේදානුවත්තක භික්‍ෂූන් පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
12. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ දුර්වච භික්‍ෂුහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ දුර්වච භික්‍ෂුහු පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නගියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
13. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ කුලදූෂක භික්‍ෂුහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ කුලදූෂක භික්‍ෂුහු පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
තෙළෙස් සඟවෙසෙස් නිමි.
සේඛියා
1. ... අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ දුකුළා ඇවැත කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ දුකුළා ඇවැත එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි.
සේඛියා නිමි.
සමුට්ඨානය
1. සතර පරිජි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: සතර පරිජි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නැඟිය හෙයි, වචනයෙන් නො නැඟිය හේ. වචනයෙන් ද සිතින් ද නැඟිය හෙයි, කයින් නො නැඟිය හේ. කයින් ද වචනයෙන් ද සිතින් ද නැගිය හේ.
2. තෙළෙස් සඟවෙසෙස් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තෙළෙස් සඟවෙසෙස් සමුට්ඨාන සයෙන් නඟියි: කිසිවිටෙක කයින් නැඟිය හෙයි: වචනයෙන් නොනැඟිය හෙයි, සිතින් නොනැඟිය හේ. කිසිවිටෙක වචනයෙන් නැඟිය හෙයි, කයින් නොනැඟිය හෙයි, සිතින් නොනැඟිය හේ. කිසි විටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙයි, සිතින් නොනැඟිය හේ.
[missing trans] කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙයි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හේ.
3. දෙ අනියතයෝ කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: දෙ අනියතයෝ තුන් සමුට්ඨානයෙකින් නඟිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙති, කයින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
4. තිස් නිසඟිපචිතීහු කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: තිස් නිසඟිපචිතීහු සමුට්ඨාන සයෙන් නඟිති: කිසිවිටෙක කයින් නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් නැඟිය හෙති, කයින් නො නැඟිය හෙති, සිතින් නොනැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙති, සිතින් නොනැඟිය හෙති, කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැගිය හෙති, කයින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
5. දෙයානු පචිතීහු කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: දෙයානු පචිතීහූ සමුට්ඨාන සයෙන් නඟිති: කිසිවිටෙක කයින් නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙති සිතින් නො නැගිය හෙත්, කිසිවිටෙක වචනයෙන් නැඟිය හෙති, කයින් නො නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙති. කයින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
6. සිවු පිළිදෙස්නීහු කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: සිවු පිළිදෙස්නීහු සිවු සමුට්ඨානයෙකින් නඟිති: කිසිවිටෙක කයින් නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
7. පන් සැත්තෑ සෙබියාවෝ කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: පන් සැත්තෑ සේඛියාවෝ තුන් සමුට්ඨානයෙකින් නඟිති, කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙති, කයින් නො නැඟිය හෙත්, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
සමුට්ඨානය නිමි.
එහි නාමාවලිය:
අචිත්තක යැ කුසල යැ සමුට්ඨාන යැ සර්‍වප්‍රකාරයෙන් ධර්‍මය වූ පරිද්දෙන් න්‍යාය වූ පරිද්දෙන් සමුට්ඨානය දැන ගණිවු.
දුතියගාථාසඞ්ගණිකය
1. කයින් හටගන්නා ඇවැත්හු කෙතෙකැ, වචනයෙන් හටගන්නා ඇවැත්හු කෙතෙක් (නියම) කරණ ලදහු ද, ඇවැත් වසන්නහුට ඇවැත්හු කෙතෙකැ, කායසංසර්‍ග හේතුවෙන් වන ඇවැත්හු කෙතෙක යත්:
2. කායික ආපත්තීහු සදෙනෙකි, වාචසිකාපත්තීහු සදෙනෙකැයි (නියම) කරණ ලදහ. ඇවැත් වසන්නහුට ඇවැත් තුණෙකි, සංසර්‍ග හේතුවෙන් වන ඇවැත් පසෙකි.
3. අරුණු නැඟීමෙහි සිදුවන ඇවැත් කෙතෙකැ, තුන් යළක් සමනුභාසනකම් කිරීමෙන් පසු සිදුවන ඇවැත් කෙතෙකැ, මෙහි අෂ්ට වස්තුක ශික්‍ෂා කෙතෙකැ, කොපමණකින් ශික්‍ෂාපදයන්ගේ සර්‍වසඞ්ග්‍රහය වේ යැ යත්:
4. අරුණු නැඟීමෙහි (නිසඟි පචිති, සඟ වෙසෙස්, දුකුළා විසින්) ඇවැත් තුණෙකි. යාවතතියකාපත්ති (භික්‍ෂු - භික්‍ෂුණී භේදයෙන්) දෙකෙකි. අෂ්ට වස්තුකාපත්ති මේ ශාසනයෙහි (භික්‍ෂුණීන්ට පමණක් වූ) එකෙකි, එක් නිදානෝද්දේසයෙන් සියලු සිකපදයන් ගේ හා සියලු පාමොක් උදෙසීම්හුගේ සඞ්ග්‍රහය වේ.
5. යම් ඒ විනය මූලයෝ බුදුරදුන් විසින් පණවන ලදහු ද ඔහු කෙතෙකැ, විනයගරුකාපත්තීහු කෙතෙක් වදාරණ ලදහු ද, ඡාදනක දුට්ඨුල්ලාපත්තීහු කෙතෙකැ යත්:
6. බුදුරජුන් විසින් යම් විනය මූල කෙනෙක් පණවන ලදහු ද, ඔහු (කාය වාක් විසින්) දෙදෙනෙක. විනය ගරුකාපත්තීහු (පරිජි-සඟවෙසෙස් විසින්) දෙදෙනෙකැ යි වදාරණ ලදහ. ඡාදනක් දුට්ඨුල්ලාපත්තීහු (පරිජි - සඟ වෙසෙස් විසින්) දෙදෙනෙකි.
7. අන් ගමකට යාමෙන් වන ඇවැත් කෙතෙකැ, නදියෙකින් තෙරට යාමෙන් වන ඇවැත් කෙතෙකැ, කෙතෙක් මාංසයන්හි ථුලැසි ද, කෙතෙක් මාංසයන්හි දුකුළා ද යත්:
8. අන් ගමකට යාමෙන් සිදුවන (දුකුළා-පචිති-ථුලැසි-සඟවෙසෙසැ යි) ඇවැත් සතරෙකැ. නදියෙහි පරතෙරට යාමෙන් සතරෙකැ. එක මැ මිනිස් මසෙහි ථුලැසි වෙයි. (ඇත්, අස්, බලු, දිවි, සප්, සිහ, වග, කළු හිස් වලස් හා කරබාන වලස් යන) නව මසෙහි දුකුළා ඇවැත් වේ.
9. රාත්‍රියෙහි වචනයෙන් වන ඇවැත් කෙතෙකැ, දහවල්හි වචනයෙන් වන ඇවැත් කෙතෙකැ, දෙන්නහුට ඇවැත් කෙතෙකැ, පිළිගන්නහුට ඇවැත් කෙතෙකැ යත්:
10. රාත්‍රියෙහි වචනයෙන් වන ඇවැත් (පචිති - දුකුළා විසින්) දෙකෙකැ. දහවල්හි වාචසිකාපත්තීහු (පචිති - දුකුළා විසින්) දෙදෙනෙකැ. දෙන්නහුට (පරිජි - ථුලැසි - පචිති) ඇවැත්හු තිදෙනෙකැ. පිළිගැන්මෙහි (සඟවෙසෙස් - පරිජි - නිසඟිපචිති හා ථුලැසි යි) ඇවැත්හු සිවු දෙනෙකි.
11. දේසනාගාමිනී ඇවැත් කෙතෙකැ, ප්‍රතිකර්‍ම සහිතයැ යි නියම කරණ ලද ඇවැත් කෙතෙකැ, මේ ශාසනයෙහි කෙතෙක් ඇවැත් ප්‍රතිකර්‍ම රහිත යැ යි සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් විසින් වදාරණ ලද ද යත්:
12. දේසනාගාමිනී (දෙසීමෙන් පිරිසිදු වන) ඇවැත් පසෙකැ, ප්‍රතිකර්‍ම රහිත ය යි නියම කරණ ලද පරිජිය හැර සෙසු ඇවැත් සයෙකැ, හිරුගොත් බුදුරදුන් විසින් විසින් මෙ සසුන්හි එක ම පරිජි ඇවැත පිළියම් රහිත යැ යි වදාරණ ලදී.
13. විනය ගරුකාපත්තීහු කෙතෙක් වදාරණ ලදහු ද, කායික හා වාචසික ශික්‍ෂා කෙතෙකැ, විකාලයෙහි ධාන්‍යරස කෙතෙකැ, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් සම්මුති කෙතෙකැ යත්:
14. විනයගරුකාපත්තීහු (පරිජි - සඟවෙසෙස් විසින්) දෙදෙනෙකැ යි වදාරණ ලදහ. (සියලු ශික්‍ෂාවෝ) කායවාචසික වෙති, විකාලයෙහි එක මැ (ලෝණසෝවීරක) ධාන්‍යරසය වටියි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් එක් මැ (භික්ඛුනෝවාදක) සම්මුතිය වේ.
15. කායික වූ පාරාජිකා කෙතෙකැ, සංවාසභූමි කෙතෙකැ, කෙතෙක් දෙනකුන්හට රාත්‍රිච්ජෙදය වේ ද, ද්වඩ්ගුලප්‍රඥප්ති කෙතෙකැ යත්:
16. කායික වූ පාරාජිකාපත්ති දෙකෙකැ, සංවාසභූමි දෙකෙකැ, (පාරිවාසිකයාහට ද මානත්තචාරිකයාහට ද යන) දෙදෙනකුන්හට රාත්‍රිච්ඡේදය වෙයි, ද්වඞ්ගුල ප්‍රඥප්ති දෙකෙකි.
17. තමාහට පැහැරැ කෙතෙක් ඇවැත් අවදී ද, සඞ්ඝතෙමේ කරුණු කීයකින් බිඳේ ද, මෙහි ප්‍රථමාපත්තීහු කෙතෙක් ද, ඥත්තිකරණ කෙතෙක් ද යත්:
18. තමාහට පැහැරැ අවදනා ඇවැත් (පචිති හා දුකුළා විසින්) දෙකෙකැ, කර්‍මයෙන් ද සලාකයෙන් දැ යි දෙ කරුණෙන් සඞ්ඝයා බිඳෙයි, මෙහි ප්‍රථමාපත්තීහු (භික්‍ෂු භික්‍ෂුණීන් වශයෙන්) දෙදෙනෙකැ, ඥප්තිකරණ (කර්‍මය-කර්‍මපාදක යැ යි) දෙකෙකි.
19. ප්‍රාණඝාතයෙහි ආපත්ති කෙතෙකැ, වචනයෙන් අවදනා පරිජි කෙතෙකැ, අසභ්‍යභාෂණ කෙතෙක් වදාරණ ලද ද, සඤ්චරිත්තය කරණ කොට ඇවැත් කඳු කෙතෙක් වේ යැ යත්:
20. ප්‍රාණඝාතයෙහි (පරිජි-ථුලැසි-පචිති) ඇවැත් තිදෙනෙකි. වචනයෙන් අවදනා පරිජි දහම් (වජ්ජපටිච්ඡාදක-උක්ඛිත්තානුවත්තක-අට්ඨවත්‍ථුක ය යි) තුණෙකි. අසභ්‍යභාෂණයෝ (සඟවෙසෙස්-ථුලැසි හා දුකුළා යි) ඇවැත්හු තිදෙනෙක් වදාරණ ලදහ. සඤ්චරිත්තය කරණ කොට (සඟවෙසෙස්-ථුලැසි හා දුකුළා යි) ඇවැත් කඳු තුණෙකි.
21. කෙතෙක් පුද්ගලයෝ උපසපන් නො කටයුත්තෝ ද, කර්‍මයන්ගේ සඞ්ග්‍රහයෝ කෙතෙක් ද, නාසිතකයෝ කෙතෙක් වදාරණ ලදහු ද, කී දෙනකුන්හට එක් අනුසාවනයෙක් වේ ද යත්:
22. උපසපන් නො කටයුතු පුද්ගලයෝ (අද්ධානහීන, අඞ්ගහීන, වත්‍ථුවිපන්න යි) තිදෙනෙක් වෙති, කර්‍මයන්ගේ සඩ්ග්‍රහයෝ (ඤත්තිකප්පන, විප්පකතපච්චත්ත හා අතීතකරණ විසින්) තිදෙනෙකි. නාසිතකයෝ (ලිඞ්ග-සංවාස හා දණ්ඩකම්ම විසින්) තිදෙනෙක් වදාරණ ලදහ. තිදෙනකුන්හට එක් අනුසාවනයෙක් වේ.
23. අදත්තාදානයෙහි ඇවැත් කෙතෙකැ, මෙවුන්දම් හේතුයෙන් ඇවැත් කෙතෙකැ, (වෘක්‍ෂාදිය) සිඳින්නහුට ඇවැත් කෙතෙකැ, විස දැමීම් ආදි හේතුයෙන් ඇවැත් කෙතෙකැ යත්:
24. අදත්තාදානයෙහි (පරිජි, ථුලැසි, දුකුළා යි) ඇවැත්හු තිදෙනෙකැ. මෙවුන්දම් පසයෙන් (පරිජි, ථුලැසි, දුකුළා, පචිති යි) ඇවැත්හු සිවු දෙනෙකි. සිඳින්නහුට (පරිජි, පචිති, ථුලැසි යි) ඇවැත්හු තිදෙනෙකි. විස දැමීම් ආදි හේතුයෙන් (පරිජි ථුලැසි, පචිති, සඟවෙසෙස්, දුකුළා යි) ඇවැත්හු පස් දෙනෙකි.
25. මෙහෙණ ඔවා වගෙහි පචිති ඇවැත හා සමග දුකුළා ඇවැත් ප්‍රකාශිත ද, මෙහි කෙතෙක් නවකාපත්ති වදාරණ ලද ද, කී දෙනකුන්හට චීවර හේතුයෙන් ඇවැත් වේ යැ යත්:
26. මෙහෙණ ඔවා වගෙහි පචිතිය සහිත දුකුළා ඇවැත්හු (ප්‍රකාශ) කරණ ලදහ. මෙහි නවකාපත්තීහු සිවු දෙනෙක. (භික්‍ෂු, භික්‍ෂුණි දෙපස හමුයෙහි උපසපන් මෙහෙණහට සිවුරු දෙන) දෙදෙනකුන්හට සිවුරු දීම් හේතුයෙන් (පචිති, දුකුළා) ඇවැත් වේ.
27. භික්‍ෂුණීන්ට වදාරණ ලද පාටිදේසනීයාපත්තීහු කෙතෙක් ද, අමු ධාන්‍ය (විනවා ගෙණ) වළඳන මෙහෙණහට පචිති ඇවැත සමග දුකුළා ඇවැත්හු කෙතෙක් ද යත්:
28. භික්‍ෂුණීන්හට වදාරණ ලද පාටිදේසනීය සිකපදයෝ අටදෙනෙකි (හැල් වී ආදී) අමු ධාන්‍යයන් විනවා වැලඳීමෙන් පචිති ඇවැත සමග දුකුළා වේ යයි ප්‍රකාශ කරණ ලදි.
29. යන්නහුට ඇවැත්හු කෙතෙක් ද, සිටියහුට ඇවැත්හු කෙතෙක් ද, හුන්නහුට ඇවැත්හු කෙතෙක් ද, හොත්තනුට ඇවැත්හු කෙතෙක් ද යත්:
30. යන්නහුට (දුකුළා, පචිති, ථුලැසි, සඟවෙසෙස්) ඇවැත්හු සිවු දෙනෙකි. සිටියහුට ද එපමණෙකි. හුන්නහුට ඇවැත්හු සිවු දෙනෙකි. හොත්තහුට ද එපමණෙකි.
31. සියල්ල නානාවස්තු ඇති කෙතෙක් පචිති ඇවැතුන්ට පෙරපසු නො ව එකවර අවදනේ ද යත්:
32. (තෙල්, මී, සකුරු, ගිතෙල්, වෙඬරු යන පස් බෙහෙත් නඟා තබා සත් දින ඉක්මවීමෙන්) සියල්ල නානාවස්තුක වූ පචිති ඇවැත් පස් දෙනකුන්ට පෙර පසු නො වැ එක්වර ම අවදනේ ය.
33. සියල්ල නානාවස්තු ඇති කෙතෙක් පචිති ඇවැතුන්ට පෙර පෙසු නො ව එකවර අවදනේ ද යත්:
34. (දී, මී, කිරි, තෙල්, ගිතෙල්, වෙඬරු, සකුරු, දියමස්, ගොඩමස් යන පිනී බොජුන් එකවර වළඳන මහණ) සියල්ල නානාවස්තුක වූ පචිති ඇවැත් නව දෙනකුන්ට පෙර පසු නො වැ එකවර ම අවදනේ යි.
35. සියල්ල නානාවස්තුක වූ කෙතෙක් පචිති ඇවැතුන් කෙතෙක් බසින් දෙසන්නේ දැ යි බුදුරජුන් විසින් වදාරණ ලද ද යත්:
36. සියල්ල නානාවස්තුක වූ (පස් බෙහෙත් පිළිබඳ) පචිති පසක් එක් ම වචනයෙන් දෙසන්නේ යැ යි බුදුරජුන් විසින් වදාරණ ලදි.
37. සියල්ල නානාවස්තුක වූ කෙතෙක් පචිති කෙතෙක් බසින් දෙසන්නේ දැ යි බුදුරජුන් විසින් වදාරණ ලද ද යත්:
38. සියල්ල නානාවස්තුක වූ පචිති ඇවැත් නවයක් එක් ම වචනයෙන් දෙසන්නේ යැ යි බුදුරජුන් විසින් වදාරණ ලදි.
39. සියල්ල නානවස්තුක වූ කෙතෙක් පචිති කුමක් කීර්‍තනය කොට දෙසන්නේ දැ යි බුදුරජුන් විසින් වදාරණ ලද ද යත්: