1. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ තෙමේ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථාවෙහි දක්‍ෂයෙක් නො වෙයි, පාළියෙහි දක්‍ෂයෙක් නො වෙයි, භාෂාන්තර ව්‍යවහාරයෙහි දක්‍ෂයෙක් නො වෙයි, බ්‍යඤ්ජනයෙහි දක්‍ෂයෙක් නො වෙයි. පෙරැ පසු කථාවෙහි දක්‍ෂයෙක් නො වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථාවෙහි දක්‍ෂයෙක් වෙයි, පෙළ දහමෙහි දක්‍ෂයෙක් වෙයි. භාෂාන්තර ව්‍යවහාරයෙහි දක්‍ෂයෙක් වෙයි, අක්‍ෂරොව්චාරණ ලෙඛනයෙහි දක්‍ෂයෙක් වෙයි, පෙරැ පසු කථාවෙහි දක්‍ෂයෙක් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතුයි. කවර පසෙකින යත්: කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වෙයි, ගුණමකු වූයේ මකු බැවින් මඩනා ලද්දේ වෙයි, යුගග්‍රාහ ඇත්තේ යුගග්‍රාහයෙන් මඩනා ලද්දේ වෙයි, ඊර්‍ෂ්‍යා ඇත්තේ ඊර්‍ෂ්‍යාවෙන් මඩනා ලද්දේ වෙයි, බැහැර ලීමට දුෂ්කර වූ දැඩි වැ අල්වා ගැනීම් ඇත්තා වූ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: නො කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් නො මඩනා ලද්දේ වෙයි, ගුණමකු නො වූයේ මකු බැවින් නො මඩනා ලද්දේ වෙයි, යුගග්‍රාහ නැත්තේ යුගග්‍රාහයෙන් නො මඩනා ලද්දේ වෙයි, ඊර්‍ෂ්‍යා නැත්තේ ඊර්‍ෂ්‍යාවෙන් නො මඩනා ලද්දේ වෙයි, සුවසේ බැහැරලීම් ඇත්තේ දැඩි වැ අල්වාගැණුම් නැත්තේ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: කිපෙයි, ව්‍යාපාදයට (පියවි බව හැරීමට) පැමිණෙයි, තදබවට පැමිණෙයි, ක්‍රෝධය දනවයි, අනුශාසනාව නුහුරට ගන්නේ නො ඉවසන්නෙක් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තදබවට නො පැමිණෙයි, ක්‍රෝධය නො දනවයි, අනුශාසනාව නුහුරට නො ගන්නේ ඉවසන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: සිහි කොට නො දෙන්නේ (චෝදකචූදිතයන්ගේ කථාව) මුළා කෙරෙයි, අවසර ඉල්වා නො කියන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නො කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් නො කරවන්නේ වෙයි, ලබ්ධිය වූ පරිද්දෙන් ප්‍රකාශ නො කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: (චෝදක-චුදිතයන්ගේ කථාව) මුළා නො කරවන්නේ සිහි කොට දෙන්නේ වෙයි, අවසර ඉල්වා කියන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් කරවන්නේ වෙයි, ලබ්ධිය වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ලජ්ජා නැත්තේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, ලජ්ජා ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතුයි, කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, විනයයෙහි අදක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, විනයයෙහි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
7. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සඞ්ඛ්‍යාවට යේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙකැයි සඞ්ඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: සූත්‍රය නො දනී, සූත්‍රානුලෝමය නො දනී, විනය නො දනී, විනයානුලෝමය නො දනී. කරුණු නොකරුණු දෙක්හි දක්‍ෂ නොවේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: සූත්‍රය දනී, සූත්‍රානුලෝමය දනී, විනය දනී, විනයානුලෝමය දනී. කරුණු නොකරුණු දෙක්හි දක්‍ෂ ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙක් මැයි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: ධර්‍මය නො දනී, ධර්‍මානුලොමය නො දනී, විනය නො දනී. විනයානුලෝමය නො දනී, පූර්‍වාපරකථාවන්හි අදක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: ධර්‍මය දනී, ධර්‍මානුලොමය දනී, විනය දනී, විනයානුලෝමය දනී, පූර්‍වාපර කථාවන්හි දක්‍ෂ ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
9. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ, කවර පසෙකින යත්: වස්තුව (කළ වරද) නො දනී, නිදානය (පැණවූ තැන) නො දනී. ප්‍රඥප්තිය නො දනී, පෙරැළිපදය නො දනී, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: වස්තුව දනී, නිදානය දනී, ප්‍රඥප්තිය දනී, පෙරැළිපදය දනී, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
10. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: ආපත්තිය නො දනී, ආපත්ති සමුට්ඨානය නො දනී, ආපත්ති ප්‍රයෝගය නො දනී, ආපත්ති ව්‍යුපශමය නො දනී, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: ආපත්තිය දනී, ආපත්ති සමුට්ඨානය දනී, ආපත්තිප්‍රයෝගය දනී, ආපත්ති ව්‍යුපශමය දනී, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: අධිකරණය නො දනී, අධිකරණ සමුට්ඨානය නො දනී, අධිකරණ ප්‍රයෝගය නො දනී, අධිකරණ ව්‍යුපශමය නො දනී, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණප්‍රයෝගය දනියි, අධිකරණව්‍යුපශමය දනියි, අධිකරණවිනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
නවවන උබ්බාහිකවර්‍ගය නිමි.
එහි නාමාවලිය:
න අත්‍ථකුසල යැ කොධන යැ කුප්පති යැ පසාරෙතා යැ ඡන්‍දාගති යැ එසේ මැ අකුසල යැ.
සුත්ත යැ ධම්ම යැ වත්‍ථු යැ ආපත්ති යැ අධිකරණ යැ යන සියල්ල දෙක දෙක බැගින් වදාරණ ලදි. කණ්හසුක්ක වශයෙන් දනිවු.
10. අධිකරණවූපසම වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ආපත්තිය නො දනියි, ආපත්ති සමුට්ඨානය නො දනියි, ආපත්ති ප්‍රයෝගය නො දනියි, ආපත්ති ව්‍යුපශමය නො දනියි, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ආපත්තිය දනියි, ආපත්ති සමුට්ඨානය දනියි, ආපත්ති ප්‍රයෝගය දනියි, ආපත්ති ව්‍යුපශමය දනියි, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ, කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණ ප්‍රයෝගය නො දනියි අධිකරණ ව්‍යුපශමය නො දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණ ප්‍රයෝගය දනියි, අධිකරණ ව්‍යුපශමය දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වෙයි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ලජ්ජා නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, ලජ්ජා ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, අල්පශ්‍රැතයෙක් ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, බහුශ්‍රැතයෙක් ද වේ. උපාලි, මේ අඞ්ගපසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඳප්තිය නො දනියි, පෙරැළි පදය නො දනියි, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, පෙරැළි පදය දනියි, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, විනයෙහි අදක්‍ෂත් වේ. උපාලි, මේ අඞ්ගපසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, විනයෙහි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, පුද්ගලගරුක වූයේ සඞ්ඝගරුක නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, සඞ්ඝ ගරුක වූයේ පුද්ගල ගරුක නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ තෙමේ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ආමිෂ ගරුක වූයේ සද්ධර්‍ම ගරුක නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, සද්ධර්‍ම ගරුක වූයේ ආමිෂ ගරුක නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
9. වහන්ස, කෙතෙක් අයුරින් සඞ්ඝයා බිඳේ ද?
උපාලි, පස් අයුරකින් සඞ්ඝයා බිඳේ. කවර පසෙකින යත්: කර්‍මයෙන් යැ උපදේශයෙන් යැ (අටළොස් භේදකර වස්තු) වැවහැර කරමින් යැ, අනුශ්‍රාවණයෙන් යැ, සලාකග්‍රාහයෙන් යැ, උපාලි, මේ පස් අයුරින් සඞ්ඝයා බිඳේ.
10. වහන්ස, සඞ්ඝරාජි යැ සඞ්ඝරාජි යැ යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් සඞ්ඝරාජිය වේ ද? සඞ්ඝභේදය නො වේ ද? කොපමණකින් සඞ්ඝරාජියත් සඞ්ඝභේදයත් වේ ද?
උපාලි, මා විසින් ආගන්තුක භික්‍ෂූන්ට මේ ආගන්තුක වත පණවන ලදී. උපාලි, මෙසේ මා විසින් සිකපද මොනොවට පණවන ලද කල්හි ආගන්තුක භික්‍ෂූහු ආගන්තුක වතෙහි නො පවතිත් ද, උපාලි, මෙසේත් සඞ්ඝරාජිය වෙයි, සඞ්ඝභේදය නො වේ. උපාලි, මා විසින් ආවාසික භික්‍ෂූන්ට මේ ආවාසික වත පණවන ලදී. උපාලි, මෙසේ මා විසින් සිකපද මොනොවට පණවන ලද කල්හි ආවාසික භික්‍ෂූහු ආවාසික වතෙහි නො පවතිත් ද, උපාලි, මෙසේත් සඞ්ඝරාජිය වෙයි, සඞ්ඝභේදය නො වේ. උපාලි, මා විසින් භික්‍ෂූන්හට
බත්හලෙහි සග මහලු පිළිවෙළින් තෙර පිළිවෙළින් සුදුසු පිළිවෙළින් අග්‍රාසනය දීම අග්‍රෝදකය දීම අග්‍රපිණ්ඩය දීම යන මේ බත්හල පිළිබඳ වත පණවන ලදී. උපාලි, මා විසින් මෙසේ සිකපද මොනොවට පණවනලද කල්හි නවක භික්‍ෂූහු බත්හලෙහි ස්ථවිර භික්‍ෂූන්හට ථේරාසනය වළකත් ද, උපාලි, මෙසේත් සඞ්ඝරාජිය වෙයි, සඞ්ඝභේදය නො වේ. උපාලි, මා විසින් භික්‍ෂූන්හට සෙනස්නෙහි සගමහලු පිළිවෙළින් තෙර පිළිවෙළින් සුදුසු පිළිවෙළින් මේ සෙනසුන් වත පණවන ලදී. උපාලි, මා විසින් මෙසේ මොනොවට සිකපද පණවන ලද කල්හි නවක භික්‍ෂූහු ස්ථවිර භික්‍ෂූන්හට සෙනසුන වළකත් ද, උපාලි, මෙසේත් සඞ්ඝරාජිය වෙයි, සඞ්ඝභේදය නො වේ. උපාලි, මා විසින් භික්‍ෂූන්හට ඇතුළු සීමායෙහි තෙල එක් වැ කරණ පොහොය එක් වැ කරණ පවුරුණු එක් වැ කරණ සඞ්ඝකර්‍ම එක් වැ කරණ කුදුමහත් කර්‍ම පණවන ලදි. උපාලි, මා විසින් මෙසේ මොනොවට සිකපද පණවනලද කල්හි එම සීමාව තුළ ආවේණිභාවය (වෙන්වීම් බව) කොට ගණබන්‍ධනය කොට (පිරිස වෙන්කොට) වෙන් වැ පොහොය කරත් ද, වෙන් වැ පවුරුණු කරත් ද, වෙන් වැ සඞ්ඝකර්‍ම කරත් ද, වෙන් වැ කුදුමහත් විනයකර්‍ම කරත් ද, උපාලි, මෙසේ සඞ්ඝරාජියත් වෙයි, සඞ්ඝභේදයත් වේ.
දසවන අධිකරණ වූපසම වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
ආපත්ති යැ අධිකරණ යැ ඡන්‍දාගති යැ අප්පස්සුතය සමග වත්‍ථු යැ ආමිසය සමග අකුසල යැ පුග්ගල යැ භිජ්ජති යැ එසේ ම සඞ්ඝරාජි යැ සඞ්ඝභේද යැ යි.
11. සඞ්ඝභේදක වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි. ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ පිහිටුවා කර්‍ම කිරීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි දෘෂ්ටිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝ භේදකයෙක් වේ.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ පිහිටුවා අනුශ්‍රාවණයෙන් යැ. උපාලි මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැයි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තරවැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ, උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින පත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, ඉවසීම තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ ... ඉවසීම තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ ... ඉවසීම තර වැ පිහිටුවා බැවහර කරමින් යැ ... ඉවසීම තර වැ පිහිටුවා ඇස්වීමෙන් යා ... ඉවසීම තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, රුචිය තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ ... රුචිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ ... රුචිය තර වැ පිහිටුවා බැවහර කරමින් යැ ... රුචිය තර වැ පිහිටුවා ඇස්වීමෙන් යැ ... රුචිය තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
8. උපාලි, අනෙකුදු, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි.
හැඟීම තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ ... හැඟීම තරවැ පිහිටුවා උදෙසීමෙන් යැ, ... හැඟීම තර වැ පිහිටුවා බැවහර කරමින් යැ ... හැඟීම තර වැ පිහිටුවා ඇස්වීමෙන් යැ ... හැඟීම තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
එකොළොස්වන සඞ්ඝභේදක වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
දෘෂ්ටිය තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ, දෘෂ්ටිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ, දෘෂ්ටිය තර වැ පිහිටුවා බැවහර කරමින් යැ, දෘෂ්ටිය තර වැ පිහිටුවා ඇස්වීමෙන් ය, දෘෂ්ටිය තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. මේ පස්දෙන දෘෂ්ටි නිඃශ්‍රිතයහ. ඛන්ති, රුචි, සඤ්ඤා යන තුණ ඇසිරිකළ පස බැගින් නය ද වේ.
12. දුතියසඞ්ඝභේදක වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කල්පස්ථායී නොවූ නිරිසත් නො වූ පිළියම් කළ හැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළ හැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැයි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ. උපාලි මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින් ද යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැයි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා බැවහර කරමින් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි, අපායෙහි නොඋපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදන සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැයි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්තවූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි, කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැයි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, ඉවසීම තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා බැවහර කරමින් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, රුචිය තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා බැවහර කිරීමෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ යි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි. හැඟීම තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා බැවහර කිරීමෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂු තෙමේ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
දොළොස්වන දුතිය සඞ්ඝභේදක වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
දෘෂ්ටිය තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ, උදෙසීමෙන් යැ, බැවහර කරමින් යැ. ඇස්වීමෙන් යැ, ලහ ගැන්වීමෙන් යැ යි. මේ පස් දෙන දෘෂ්ටිනිඃශ්‍රීතයහ. ඛන්ති, රුචි, සඤ්ඤා යන මේ ත්‍රිකය ද පස පස බැගින් නය ද වේ.
යට සඳහන් කෘෂ්ණ පක්‍ෂයෙහි සම විසිවැදරුම් යෙදීම යම්සේ ද එසේම ශුක්ල පක්‍ෂයෙහි සම විසිවැදරුම් කොට දැන ගනිවු.
13. ආවාසික වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද එසේ නරකයෙහි බහා තැබුයේ වෙයි. කවර පසෙකින් ද යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, සඟසතුවූවක් පෞද්ගලික පරිභෝගයෙන් පරිභෝග කෙරෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ නිරයෙහි උපදනේ වේ.
2. උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි බහා තැබුයේ වෙයි, කවර පසෙකිනැ යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, සඟසතු වූවක් පෞද්ගලික පරිභෝගයෙන් පරිභෝග නො කරයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි උපදනේ වේ.
3. වහන්ස, නො දැහැමි විනය පැණ විසඳීම්හු කෙතෙක් ද?
උපාලි, මේ නො දැහැමි විනය පැණ විසඳීම්හු පසෙකි. කවර පසෙකැ යත්: උපාලි, මේ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි කියයි, ධර්‍මය අධර්‍ම යැ යි කියයි, අවිනය විනය යැ යි කියයි, විනය අවිනය යැ යි කියයි, නො පණවන ලද්දක් පණවයි, පණවන ලද්දක් සිඳී. උපාලි, මේ නො දැහැමි විනය පැණ විසඳීම් පස යි.
4. උපාලි, මේ දැහැමි විනය පැණ විසඳීම්හු පසෙකි. කවර පසෙක යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය අධර්‍ම යැයි කියයි, ධර්‍මය ධර්‍ම යැ යි කියයි, අවිනය අවිනය යැ යි කියයි, විනය විනය යැ යි කියයි, නො පණවන ලද්දක් නො පණවයි, පණවන ලද්දක් නො සිඳී. උපාලි, මේ දැහැමි විනය පැණ විසඳීම් පස යි.
5. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ. කවර පසෙකින් ද යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, උදෙස්නා ලද්දවුන් නො උදෙස්නා ලද්දවුන් නො දනියි. උපාලි, මේ අඞ්ග පසින් යුක්තවූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ.
6. උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි උපදනේ වෙයි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, උදෙස්නා ලද්දවුන් හා නො උදෙස්නා ලද්දවුන් දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි උපදනේ වේ.
7. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ සෙනසුන් පණවන්නා ... භාණ්ඩාගාරිකයා ... සිවුරු පිළිගන්නා ... සිවුරු බෙදන්නා ... කැඳ බෙදන්නා ... පලතුරු බෙදන්නා ... කදු (කැවිලි) බෙදන්නා ... සුලු පිරිකර බෙදන්නා ... වැසිසළු බෙදන්නා ... පාත්‍ර ගන්වන්නා ... ආරාමිකයන් මෙහෙයවන්නා ... හෙරණුන් මෙහෙයවන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ හෙරණුන් මෙහෙයවන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ වෙයි. කවර පසෙකින් ද යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, මෙහෙයනු ලැබූවන් හා නො මෙහෙයනු ලැබුවන් නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ හෙරණුන් මෙහෙයවන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ.
8. උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ හෙරණුන් මෙහෙවරැ යොදන්නේ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි බහා තැබුයේ වෙයි. කවර පසෙකින් ද යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, මෙහෙයවනු ලැබූවන් හා නො මෙහෙයවනු ලැබූවන් දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ හෙරණුන් මෙහෙවරැ යොදන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි උපදනේ වේ.
තෙළෙස්වන ආවාසික වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
ආවාසික යැ, ඛ්‍යාකරණ යැ, භත්තුද්දෙසක යැ, සේනාසන යැ, භණ්ඩාගාරික යැ. චීවරගාහක යැ. චීවරභාජක යැ,
යාගුභාජක යැ, ඵලභාජක යැ, ඛජ්ජභාජක යැ, අප්පමත්තවිස්සජ්ජක යැ, සාටිකගාහක යැ, පත්තගාහක යැ, ආරාමිකසේසක යැ, සාමණේරපෙසක යැ යි.
14. කඨිනත්‍ථාර වර්‍ගය