3. නිදාන සහිත නිර්දේශ සහිත වස්සූපනායිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත වස්සූපනායිකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
4. නිදාන සහිත නිර්දේශ සහිත පවාරණක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පවාරණක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
5. නිදාන සහිත නිර්දේශ සහිත චම්මක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙනෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චම්මක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
6. නිදාන සහිත නිර්දේශ සහිත භෙසජ්ජඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත භෙසජ්ජඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
7. නිදාන සහිත නිර්දේශ සහිත කඨිනක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කඨිනක්ඛන්‍ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති.
8. නිදාන සහිත නිර්දේශ සහිත චීවරක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චීවරක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - නිසඟි පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
9. නිදාන සහිත නිර්දේශ සහිත චම්පෙය්‍යක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චම්පෙය්‍යක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
10. නිදාන සහිත නිර්දේශ සහිත කෝසම්බකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කෝසම්බකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
11. නිදාන සහිත නිර්දේශ සහිත කම්මක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කම්මක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
12. නිදාන සහිත නිර්දේශ සහිත පාරිවාසිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පාරිවාසිකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
13. නිදාන සහිත නිර්දේශ සහිත සමුච්චයක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සමුච්චයක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
14. නිදාන සහිත නිර්දේශ සහිත සමථක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සමථක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ට පදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
15. නිදාන සහිත නිර්දේශ සහිත ඛුද්දකවත්‍ථුකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත ඛුද්දකවත්‍ථුකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
16. නිදාන සහිත නිර්දේශ සහිත සේනාසනක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සේනාසනක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
17. නිදාන සහිත නිර්දේශ සහිත සඞ්ඝභේදකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සඞ්ඝභේදකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති) ඇවැත් දෙකෙකි.
18. නිදාන සහිත නිර්දේශ සහිත වත්තක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත වත්තක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
19. නිදාන සහිත නිර්දේශ සහිත පාතිමොක්ඛඨපනක්ඛන්‍ධකය පුළුවුස්මි. උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පාතිමොක්ඛඨපනක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
20. නිදාන සහිත නිර්දේශ සහිත භික්බුනීක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත භික්බුනීක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
21. නිදාන සහිත නිර්දේශ සහිත පඤ්චසතිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පඤ්චසතිකක්ඛන්‍ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති.
22. නිදාන සහිත නිර්දේශ සහිත සත්තසතිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සත්තසතිකක්ඛන්‍ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති යි.
පළමුවන ඛන්‍ධකපුච්ඡා නිමි.
එහි නාමාවලිය:
උපසම්පදා යැ උපෝසථ යැ වස්සුපනායික යැ පවාරණ යැ චම්ම යැ භේසජ්ජ යැ කඨින යැ චම්පෙය්‍යය සමග චීවර යැ.
කෝසම්බක යැ කම්ම යැ පාරිවාසික යැ සමුච්චය යැ සමථ යැ ඛුද්දකවත්‍ථුක යැ සේනාසන යැ සඞ්ඝභේදක යැ වත්ත යැ පාතිමොක්ඛඨපන යැ භික්ඛුණී යැ පඤ්චසතික යැ සත්තසතිකයෙනැ යි ඛන්‍ධකපුච්ඡා යි.
ඒකෝත්තරිකය
ඒකකය
1. ආපත්තිකර ධර්‍මයෝ (ෂට් සමුත්‍ථානයෝ) දතයුත්තාහ. අන්‍යත්තිකර ධර්‍මයෝ (සප්ත ශමථයෝ) දතයුත්තාහ.
ආපත්තීහු දතයුත්තාහ, අන්‍යත්තීහු දතයුත්තාහ.
ලහුකාපත්තීහු දතයුත්තාහ, ගරුකාපත්තීහු දතයුත්තාහ.
සාවසේසාපත්තීහු දතයුත්තාහ, අනවසේසාපත්තීහු දතයුත්තාහ.
දුට්ඨුල්ලාපත්තීහු දතයුත්තාහ, අදුට්ඨුල්ලාපත්තීහු දතයුත්තාහ.
සප්‍රතිකර්‍මාපත්තීහු දතයුත්තාහ, අප්‍රතිකර්‍මාපත්තීහු දතයුත්තාහ.
දේසනාගාමිනී ආපත්තීහු දතයුත්තාහ. අදේසනාගාමිනී ආපත්තීහු දතයුත්තාහ.
අන්තරායකර ආපත්තීහු දතයුත්තාහ, අනන්තරායකර ආපත්තීහු දතයුත්තාහ.
ලෝකවද්‍ය ආපත්තීහු දතයුත්තාහ, ප්‍රඥප්තිවද්‍ය ආපත්තීහු දතයුත්තාහ.
ක්‍රියායෙන් නගින (පරිජි වැනි) ඇවැත්හු දතයුත්තාහ. අක්‍රියායෙන් නගින ඇවැත්හු දතයුත්තාහ. ක්‍රියාක්‍රියායෙන් නගින ඇවැත්හු දතයුත්තාහ.
පළමු නගින ඇවැත්හු දතයුත්තාහ. (පිරිවෙස් ආදියෙන්) පසු වැ නගින ඇවැත්හු දතයුත්තාහ.
පූර්‍වාපත්තීන්ට අතර නගින (පිරිවෙස් මානත් පුරණ කල්හි පැමිණෙන සඟවෙසෙස්) ඇවැත්හු දතයුත්තාහ. පසු වැ නගින ඇවැතුන්ට අතර පැමිණෙන ඇවැත්හු දතයුත්තාහ.
දෙසන ලද ගිණීමට පැමිණි ඇවැත්හු දතයුත්තාහ, දෙසන ලද ගිණීමට නො පැමිණි ඇවැත්හු දතයුත්තාහ.
පඤ්ඤත්තිය දතයුතු යැ, අනුපඤ්ඤත්ති දතයුතු ය, අනුප්පන්න පඤ්ඤත්ති දතයුතු යුතු යැ.
සබ්බත්‍ථ පඤ්ඤත්ති දතයුතු යැ, පදෙස පඤ්ඤත්ති දතයුතු යැ.
සාධාරණ පඤ්ඤත්ති දතයුතු යැ, අසාධාරණ පඤ්ඤත්ති දතයුතු යැ.
ඒකතෝ පඤ්ඤත්ති දතයුතු යැ, උභතෝ පඤ්ඤත්ති දතයුතු යැ.
මහත් වරද ඇති ඇවැත්හු දතයුත්තාහ, නො මහත් වරද ඇති ඇවැත්හු දතයුත්තාහ.
ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත්හු දතයුත්තාහ, ගෘහීප්‍රතිසංයුක්ත නොවූ ඇවැත්හු දතයුත්තාහ.
නියතාපත්තීහු දතයුත්තාහ, අනියතාපත්තීහු දතයුත්තාහ.
(සුදින්නස්ථවිරාදි) ආදි කම්මික පුද්ගල දතයුතු යැ, (මක්කටී සමණාදී) අනුප්පඤ්ඤත්තිකාරක පුද්ගල දතයුතු යැ.
කිසිවිටෙක ඇවැතට පැමිණෙන අධිච්චාපත්තික පුද්ගල දතයුතු යැ, එක්වන් ඇවැතට පැමිණෙන අභිණ්හාපත්තික පුද්ගල දතයුතු යැ.
චෝදක පුද්ගල දතයුතු යැ. චුදිතක පුද්ගල දතයුතු යැ.
(අභූත වස්තුවෙන් චෝදනා කරණ) අධර්‍ම චෝදක පුද්ගල දතයුතු යැ, අධර්‍ම චුදිතක පුද්ගල දතයුතු යැ.
ධර්‍මචොදක පුද්ගල දතයුතු යැ, ධර්‍මචූදිතක පුද්ගල දතයුතු යැ.
(මිච්ඡත්ත-සම්මත්ත විසින්) නියත පුද්ගල දතයුතු යැ, අනියත පුද්ගල දතයුතු යැ.
ඇවැත් අවදනට සුදුසු පුද්ගල දතයුතු යැ, ඇවැත් අවදනට නො නිසි පුද්ගල දතයුතු යැ.
උකෙව්නීකම් කළ පුද්ගල දතයුතු යැ, (තජ්ජනියාදී සෙසු සිවුවැදෑරුම් කම් කළ) උකෙව්නීකම් නො කළ පුද්ගල දතයුතු යැ.
නාසිතක පුද්ගල දතයුතු යැ, අනාසිතක පුද්ගල දතයුතු යැ.
සමානසංවාසක පුද්ගල දතයුතු යැ, අසමානසංවාසක පුද්ගල දතයුතු යැ.
පාමොක් තැබීම දතයුතු යි.
ඒකකය නිමි.
එහි නාමාවලිය:
1. ආපත්තිකර යැ අනාපත්තිකර යැ ආපත්ති යැ අනාපත්ති යැ ලහුක යැ ගරුක යැ සාවසේස යැ අනවසේස යැ දුට්ඨුල්ල යැ අදුට්ඨුල්ල යැ සප්පටිකම්ම යැ අප්පටිකම්ම යැ දේසනාගාමිනී යැ අදෙසාගාමිනී යැ. අන්තරායක යැ අනන්තරායක යැ සාවජ්ජ අනවජ්ජ පඤ්ඤත්ති යැ,
2. කිරියසමුට්ඨිත යැ අකිරියසමුට්ඨිත යැ කිරියාකිරිය සමුට්ඨිත යැ පුබ්බා පරාපත්ති යැ අන්තරාපත්ති යැ දේසිතගණනුපග යැ දේසිත න ගණනුපග යැ පඤ්ඤත්ති යැ අනුපඤ්ඤත්ති යැ. අනුප්පන්න-සබ්බත්‍ථ-පදෙස-සාධාරණ-අසාධාරණ ඒකතෝ-උභතෝ පඤ්ඤත්ති යැ.
3. ථුල්ල අථුල්ල වජ්ජ යැ ගිහී-න ගිහී පටිසඤ්ඤුත්ත යැ නියත යැ අනියත යැ ආදිකර-අනාදිකර යැ අධිච්චාපත්තිකර යැ අභිණ්හාපත්තිකර යැ චෝදක යැ චූදිත යැ අධම්ම-ධම්මචෝදක යැ අධම්ම-ධම්මචුදිතක යැ නියත-අනියත පුග්ගල යැ භබ්බාභබ්බාපත්තික යැ උක්ඛිත්ත යැ අනුක්ඛිත්ත යැ නාසිතක යැ අනාසිතක යැ සමානඅසමාන සංවාසක යැ ඨපනක යැ යි ඒකකයෙහි තෙල උද්දාන යි.
දුකය
1. සංඥා විමෝක්‍ෂ ඇවැත් ඇත, සංඥා විමෝක්‍ෂ නොවූ ඇවැත් ඇති.
ලබ්ධසමාපත්තිකයාහට ආපත්තියෙක් ඇත, අලබ්ධසමාපත්තිකයාහට ආපත්තියෙක් ඇති.
සද්ධර්‍ම ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇත, අසද්ධර්‍ම ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇති.
ස්වපරිෂ්කාර ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇත, පරපරිෂ්කාර ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇති.
ස්වපුද්ගල ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇත, පරපුද්ගල ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇති.
සත්‍යය කියමින් ගරු ඇවැතට පැමිණීමෙක් ඇත, සත්‍යය කියමින් ලුහු ඇවැතට පැමිණීමෙක් ඇති.
මුසා බෙණෙමින් ගරු ඇවැතට පැමිණීමෙක් ඇත, මුසා බෙණෙමින් ලහු ඇවැතට පැමිණීමෙක් ඇති.
අහස්ගත නො වැ භූමිගත වැ ඇවැතට පැමිණීමෙක් ඇත, භූමිගත නො වැ අහස්ගත වැ ඇවැතට පැමිණීමෙක් ඇති.
පිවිසෙමින් නො වැ නික්මෙමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නික්මෙමින් නො වැ පිවිසෙමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
ගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො ගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
සමාදන් වෙමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො සමාදන් වෙමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
කරමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො කරමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
දෙමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නොදෙමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
දෙසමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො දෙසමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
පිළිගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො පිළිගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
පරිභෝගයෙන් ඇවැතට පැමිණීමෙක් ඇත, අපරිභෝගයෙන් ඇවැතට පැමිණීමෙක් ඇති.
දහවල් නො වැ රාත්‍රියෙහි ඇවැතට පැමිණීමෙක් ඇත, රාත්‍රියෙහි නො වැ දහවල්හි ඇවැතට පැමිණීමෙක් ඇති.
අරුණ නැඟීමෙහි ඇවැතට පැමිණීමෙක් ඇත, අරුණ නො නැඟීමෙහි ඇවැතට පැමිණීමෙක් ඇති.
සිඳිමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො සිඳිමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
පිළිසන් කරමින් ඇවැතට පැමිණීමෙක් ඇත, පිළිසන් නො කරමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
දරමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො දරමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
2. චාතුද්දසී යැ, පණ්ණරසී යැයි පොහෝ දෙකෙකි.
චාතුද්දසී යැ පණ්ණරසී යැ යි පවාරණ දෙකෙකි.
අපලෝකන කර්‍ම යැ ඤත්තිකර්‍ම යැයි කර්‍ම දෙකෙකැ. ඤත්තිදුතිය කර්‍ම යැ ඤත්තිචතුත්‍ථ කර්‍ම යැ යි අන්‍යවූ ද කර්‍ම දෙකෙකි.
අපලෝකන කර්‍මය පිළිබඳ වස්තු යැ, ඤත්ති කර්‍මය පිළිබඳ වස්තු යැ යි කර්‍ම වස්තු දෙකෙකැ. ඤත්ති දුතිය කර්‍මය පිළිබඳ වස්තු යැ, ඤත්තිචතුත්‍ථ කර්‍මය පිළිබඳ වස්තු යැයි අන්‍යවූ ද කර්‍ම වස්තු දෙකෙකි.
අපලෝකන කර්‍මය පිළිබඳ දෝෂ යැ, ඤත්ති කර්‍මය පිළිබඳ දෝෂ යැ යි කර්‍ම දෝෂ දෙකෙකැ. ඤත්තිදුතිය කර්‍මය පිළිබඳ දෝෂ යැ, ඤත්තිචතුත්‍ථ කර්‍මය පිළිබඳ දෝෂ යැ යි අන්‍යවූ ද කර්‍ම දෝෂ දෙකෙකි.
අපලෝකන කර්‍මය පිළිබඳ සම්පත්ති යැ, ඤත්ති කර්‍මය පිළිබඳ සම්පත්ති යැ යි කර්‍ම සම්පත්ති දෙකෙකැ. ඤත්තිදුතිය කර්‍මය පිළිබඳ සම්පත්ති යැ, ඤත්තිචතුත්‍ථ කර්‍මය පිළිබඳ සම්පත්ති යැයි අන්‍යවූ ද කර්‍ම සම්පත්ති දෙකෙකි.
තෙමේ හෝ තමා නානාසංවාසකයකු කෙරේ ද, සමග සඞ්ඝ තෙමේ හෝ ඔහුට (ඇවැත) නො දැක්මෙහි හෝ (ඇවැතට) පිළියම් නොකිරීමෙහි හෝ (ලාමක දෘෂ්ටිය) බැහැරැ නො කිරීමෙහි හෝ උකෙවුනීකම් කෙරේදැයි නානාසංවාසක භූමීහු දෙදෙනෙකි.
තෙමේ හෝ තමා සමාන සංවාසකයකු කෙරේ ද, සමග සඞ්ඝ තෙමේ හෝ (ඇවැත) දැක්මෙහි හෝ (ඇවැතට) පිළියම් කිරීමෙහි හෝ (ලාමක දෘෂ්ටිය) බැහැරැ ලීමෙහි හෝ උකෙවුනීකම් කළ ඔහු ඇතුළත්කර ගණී දැයි සමාන සංවාසක භූමීහු දෙදෙනෙකි.
භික්‍ෂූන් පිළිබඳ වූ ද භික්‍ෂූණීන් පිළිබඳ වූ දැයි පරිජි දෙකෙකි. ... සඟවෙසෙස් දෙකෙකි. ... ථුලැසි දෙකෙකි ... . පචිති දෙකෙකි. ... පිළිදෙස්නී දෙකෙකි. ... දුකුළා දෙකෙකි. භික්‍ෂූන් පිළිබඳවූ ද භික්‍ෂූණීන් පිළිබඳවූ ද දුබැසි දෙකෙකි,
ඇවැත් සතෙකි. ඇවැත් කඳු සතෙකි.
කර්‍මයෙන් හෝ ලභ ගැන්මෙන් හෝ යන දෙඅයුරින් සඞ්ඝ තෙමේ බිඳේ.
3. අද්ධානහීන (උනුවිසිවස් ඇති) යැ, අඞ්ගහීන යැ යන පුඟුල්හු දෙදෙන උපසපන් නො කටයුත්තාහ, වස්තුවිපන්න යැ, කරණ දුෂ්කෘතක යැයි අන්‍යවූ පුඟුල් හු දෙදෙන ද උපසපන් නොකටයුත්තාහ, පිරිපුන් පා සිවුරු නැත්තේ ද, පිරිපුන් වැ (උපසපුව) නො යදනේ දැයි අන්‍ය වූ පුද්ගලයෝ දෙදෙන ද උපසපන් නො කටයුත්තාහ.
අලජ්ජියා, ද අඥානයා දැයි දෙ පුඟුලන් ඇසුරු කොට නො විසිය යුතු යැ.
අලජ්ජියාහට ද, ලජ්ජි නමුදු නො යදනහුට දැයි දෙදෙනාහට නිස නො දිය යුතු.
බාලයාහට ද, ඇයැදුම් ඇති ලජ්ජියාහට දැයි දෙදෙනාහට නිස දිය යුතු.
බුදුහු ද, පසේබුදුහු දැයි දෙපුඟුල්හු ඇවැත් අවදනට නො නිස්සහ.